නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

08 June 2011

කාලය කොයි තරම් නපුරුද.....

 උදේට ඉර පායනවා..හවසට ඒ ඉර බැහැගෙන යනවා....ලෝකෙටම කළුවර ඉතුරු කරලා....
කාලය ගත වෙනවා පුදුම ඉක්මනට... 
ඒත්..... 
මම තවමත් එතනමයි......
ඔව්... ඔයා එනකම් බලාගෙන ඉන්න මම හැමදාම එතනමයි....
ඔයා එනකම් ජීවිතේ නැවතිලා....මටම පුදුමයි.....
ඔයා නැති ජීවිතයක්.......
ඇස් දෙක රිදෙනකම් මම බලන් හිටියා.....
අනේ.... ඔයා හුගාක් දුර ගිහින්....
ඔව්.....හුගාක්.......
         
           සදා කල් මගේ ජීවිතෙන්..
           පළා ගිය සැනසුම් සුසුම්.....
           අතරමැද තුංමංසලේ........
           තවම වැළපෙමි මම ඔහේ........

Post Comment

6 comments:

  1. අම්මෝ කාලය කියන්නේ පුදුම නපුරෙක්. අපි ආදරේ කරන කෙනාව අපෙන් ඈත් කරන්නත් පුලුවන්. ඒ වගේම අපි ආදරේ කරන අයව ගෙනල්ලා දෙන්නත් පුලුවන්.
    ආහ්.. අපේ සමහර ප්‍රශ්න විසදලා දෙන්නත් එයාට පුලුවන්

    ReplyDelete
  2. ඔව් ඒකනම් ඇත්ත....කාලය ගොඩක් දේවල් ජීවිත වලට අහිමි කරනවා.....

    ReplyDelete
  3. කාලය මායාවක් හිතූ....වෙලාවකට යාළුවෙක්,වෙලාවකට සතුරෙක්....එක වෙලාවකට හා පැටියෙක් වගේ අහිංසකයි,එක වෙලාවකට ව්‍යාග්‍රයෙක් වගේ රෞද්‍රයි.....කාලය ජීවිතේට සතුට වගේම දුකත් අරන් එනවා....දුක අරන් ආවත් ඒ දුක එයාම අපෙන් ඈතට අරගෙනත් යනවා....කාලය අපිට කොහොම සැලකුවත් එහෙම කරන්නෙ සමහර වෙලාවට අපේම හොඳට......

    ReplyDelete
  4. ම්ම්ම්ම්..... ඔව්... මාත් එහෙම හිතනවා.... සමහර දේවල් ගැන හිතද්දි ඒත්..කාලය නපුරුයි කියලා හිතෙන්නෙ...හැමදේම හොදට වෙන්නෙ කියලා හිතලා බලන් ඉන්නයි තියෙන්නෙ...:)

    ReplyDelete
  5. හිත කොහෙ හරි සොදුරු තැනෙක
    නතර වුනාම අපිට අපිවත් නැති වෙනවා
    ඒත් ඒ ‍මතකයන් අපේ හිත
    තව තවත් ලස්සන කරනවද මංදා
    නැත්නම් මෙච්චරම ලස්සනට ලියන්නේ කොහොමද

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්... ඔව් "හිත නතර වුනු තැනින් හිත අපසු ගන්න බැරි"
    එහෙම තමයි.. සොදුරු දේවල් ළගදි හිතත් සොදුරු ව්එනවා

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....