නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

08 June 2011

මට මා පවා අද නැති වී ගිහින්.......

මේ පු0චි හිතට ල0 වෙන්න
හුග දෙනෙක් මග බලන කොට
ම0 පෙරුම් පිරුවෙ පු0චි හිතත්
අරන් ඔය හිතට ළ0 වෙන්න.......

කල්ප කාලයක් තිස්සෙ ඔය ඇස්
මට මුණගැහෙනකොට
මට හිතුනෙම ස0සාර
පුරුද්ද වෙන්නැති කියලා....

ඇසට ඇස හමුවුන වෙලාවක
දරන්න බැරි කප්පරක් ආදරේ
ඔය දෙපා ළග විසිරිලා යද්දි....
මට මගේ මුළු ලෝකෙම නැති වුනා......
                                                                                 

Post Comment

4 comments:

  1. මටත් එකම එක කෙල්ලෙක් දැක්කම හිතුනා සංසාරේ කවදහරි දැකලා තියෙනවා කියලා. :)

    ප.ලි. - මිස් පෝස්ට් දානකොට පැය 6ක්වත් ගැප් එක තියලා ලියන්න. එතකොට කියවන්න එන්න ලේසියි. :)

    ReplyDelete
  2. අහ්...... ස0සාරේ දැකල තියනවා කියල හිතුනා නම්..මේක බරපතල කතන්දරයක් වෙනවා...sure...

    ම්ම්ම්ම්...මම වැඩිය දන්නේ නෑ... මම මේ බ්ලොග් කලාවට අලුත්...කියල දෙනවට ගොඩක් ස්තූතියි.....:)

    ReplyDelete
  3. හැගීමක් කියන්නේ අපේම වෙච්ච මතකයක් ද ..? මං මේක ගැන තවත් හොයනවා. ඇත්තටම මතකයකට වඩා දෙයක් හැගීමක තියෙනවද කොහෙද. ඒ හිතින් තමන්ගේම කරගත් හැගීමක වේදනා කාරී මතකයක් ලස්සනට ලියලා

    කම්මැලි කමේ බ්ලොග් අවකාසේ සැරිසරද්දි දැකල අද තමයි මං මේක කියෙව්වේ. කොමන්ට් එකක් දාන්න කියලා තිබුන නිසා කොමන්ට් එකක් නොදාත් බෑනේ :)))))))))))))))))))))

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්.. ඔව් මතකයකට, වුනු දේකට හිතට එන සිතුවිල්ලක් හැගීමක් වෙන්න පුළුවන්... හ්ම්ම්ම්ම්... ඔව්. හුගාක් මතක මගේ ජීවිතේ වේදනාකාරී.

    හික්ස්ස්ස්... හා හා. ස්තූතියි කියවලා කමෙන්ට් කලාට අයියා...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....