නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

08 July 2011

සත්තයි....ගරු කරමි......

එකම ගැහැනු හිතක් පතාගෙන...
එකම ගැහැණියක් මත්තේම
මියැදෙන්නට තරම් සෙනෙහස ආදරේ පාන පිරිමින්ට
මම කවදත් ගරු කරමි.......
එවැනි පිරිමියෙකු මෝඩයෙක් ලෙස
කිසිවකු දකිනවාට අකමැත්තෙමි.....
මන්ද,
එකම ගැහැනු හිතක්  පතා සිටිය හැක්කේත්
එකම ගැහැණියකට පණ මෙන් ආදරය කළ හැක්කේත්
ශ්‍රේශ්ඨ පිරිමියෙකුට පමණක්ම නිසාවෙන්........

Post Comment

17 comments:

  1. ඔය අදහසට මම ගොඩක් ගරු කරනවා....

    ReplyDelete
  2. මේ අදහසම මාත් එකගයි. සමහරු මෙහෙම පිරිමි ගැන හිතන්නේ නිවට පිරිමි කියලා. නමුත් එහෙම ආදරයක් වෙනුවෙන් ජීවිත කාලය පුරාම එක හිතකින් ඉන්නපුලුවන් බෝසත් පිරිමින්ට විතරයි.

    ReplyDelete
  3. ඔව්..... මාත් එහෙමයි... එහෙම අය ගොඩාක් දුර්ලභයි....ඒත්...මම එහෙම අයට ගොඩාක් ගරු කරනවා...

    ReplyDelete
  4. එහෙම ඉන්න පුලුවන් හොඳ හදවතක් තියෙන කෙනෙකුට විතරයි. ඒත් ඉතින් එහෙම වුනාම දැනෙන දුක ගොඩක් වැඩියි.

    ReplyDelete
  5. ඔව්..ඒක ඇත්ත.එහෙම දුක දරාගෙනනැකම ගැහැණියකට ආදරේ කරන්නෙ හොද හදවතක් තියන,ශ්‍රේශ්ඨ පිරිමි.....
    දකින දකින ගැහැණු පස්සෙ නොගිහින් කෙනෙක් වෙනුවෙන්ම ආදරේ දෙන අය දුර්ලභයි....ස්තූතියි අදහසට සහෝ.....:)

    ReplyDelete
  6. මම කියන්න ගිය අදහස හරියට කියවිලා නෑ. දුක වැඩියි කියල මම අදහස් කලේ නොලැබුන කෙනෙක්ට ජීවිතේම ආදරේ කරන එක. එහෙම නැතුව තමන්ට ලැබුන කෙනාට ජීවිතේම ආදරේ කරන්න බැරි නම් ඒ මිනිහගෙන් කොහොමත් වැඩක් නෑ සහෝදරී.

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්....අදහසට එකගයි සහෝ....
    නොලැබුනු කෙනෙක්ට ආදරේ කරන එක මහා දුකක් තමා...

    ReplyDelete
  8. ඇත්තටම මෙහෙම අය ඉන්නවා ගැහැණු පිරිමි දෙපාර්ෂයෙම..
    ඒ අය එයාලගෙ හැම හීනයක්ම;හැම බලාපොරොත්තුවක්ම තමන්ගෙ හිතේ හිර කරගෙන අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් ලෝකෙට පේන්න හිනා වෙලා සංතෝසෙන් ඉන්නවා.
    හැබැයි මෙහෙම අය කොන්ද පන නැති නිවට මිනිස්සු විදිහට දකින සමාජයක් තියෙන්නෙ..
    එයාලගෙ හිත් සනසනව වෙනුවට විහිළුවකට ගන්න එකනම් ඇත්තටම දුකක්..
    කොහොම උනත් හිතූ ඔයාගෙ අදහසට මම ගොඩාක් ගරැ කරනවා..
    බොහොම ස්තූතියි...!

    ReplyDelete
  9. ම්ම්ම්ම්ම්....හුගාක් ස්තූතියි අදහසට!!!!!! :)

    ReplyDelete
  10. මිනිහෙක්ට එක හදවතක් තියෙන්නෙ ඇයි කියලා කවදාවත් හිතුණද?....
    ඒ අපිට අපේ හදවත වෙන කාටහරි දෙන්න පුලුවන් එකම එක පාරක් විතරයි නිසා...දවසින් දවස,දකින දකින කෙනාට හදවත උගස් කරන මිනිස්සු බහුතරයක් ඉන්න අද කාලෙ ඔහොම අයත් නැතිවෙලා ගිහින් නැහැ....ඔයාගෙ ශ්‍රේෂ්ඨ අදහසට මෙන්න මම හිස නමල ආචාර කරනවා හිතු....

    ReplyDelete
  11. ඔව්... එහෙම අය අඩු වුනත්.....සුලභ නොවුනත්....එහෙම අය ඉන්නවා කියලා මම දැන් දන්නවා...දැනට මට එහෙම අය කීපදෙනෙක් මුණගැහිලා තියෙන නිසා මං විශ්වාස කරනවා.... ඒ වගේම එහෙම අයට මම හුගාක් ගරු කරනවා..:)

    ReplyDelete
  12. හිතුවක්කාරී ඔහොම කිව්වත්, ඔය විදියට හිතන්නේ කී දෙනාද... එක ආදරයක් වෙනුවෙන් ජීවත් වෙන එක තරම් උතුම් දෙයක් තවත් නැතුව ඇති... මොකද ඒක ඒ තරමටම අමාරු, උතුම් දෙයක් නිසා...

    දේව්දාස්...

    ReplyDelete
  13. ඒක ඇත්ත දේව්.. එහෙම අය අද නැති තරම්.. හරිම අඩුයි.... හුගාක් උතුම් දෙයක් නිසාම.. එහෙම අය නෑ...

    ReplyDelete
  14. අනිවා...අක්කි හරි...ඒත් එහෙම අය හරිම අඩුයි...හැබැයි නැත්ෙත නෑ....

    ReplyDelete
  15. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඔව් මල්ලියෝ.. ඒකනෙ.

    ReplyDelete
  16. ඔයා හරියටම හරි නංගියෝ. මගේ කතාව දැං ඔයා දන්නවනේ....

    ReplyDelete
  17. ම්ම්ම්ම්ම්ම්ම්.... ඔව් අයියා... :) ඒ අවංක කමට ගරු කරනවා

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....