නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

10 July 2011

ඉර හඳ තරු මදි මට...........

මේ ලෝකේ...ඉර හඳ තරු.....
මේ මොනා තිබ්බත්.....
මට එළියක් නෑ ඔයා නැතිව.....
ඔයාගෙ හිනාව , දිළිසෙන තරු ඇස් තමයි
මගේ ලෝකෙ එළිය කරන්නෙ....
ඔයා නැති මගේ මුළු ලෝකෙම
අඳුරුයි රත්තරං.....
හඳ නැති අමාවක අහසක් වගේ........
මගේ මුළු ලෝකෙම පාළුයි.........
ඉතින් මේ අහිංසක හිතුවක්කාරිගෙ
පුංචි ලෝකෙ
අදුරු කරන්නෙපා.....
හැමදාම මගේ ළගින් ඉන්න.....
මගේ පුංචි ලෝකෙ එළිය කරන්න......
මහ ගොඩාරියක් මට ආදරේ දෙන්න.....
සත්තයි මට මුළු ජීවිතේටම ඒ ඇති..........

Post Comment

7 comments:

  1. අහිංසකිගේ ලෝකේ අදුරු කරලා ඒයැයිට දුක් දෙන්න එපා. පව් නේ.

    ReplyDelete
  2. අදහසත් ලස්සනයි, කවියත් ලස්සනයි සහෝදරී.

    ReplyDelete
  3. @මධුර0ග-හ්ම්ම්ම්ම්ම්ම්ම්..... ඔව් නේ.....අහි0සකී පවු....ඒත් අනුකම්පාව නෙවෙයි වටින්නෙ...එයැයිට.....ආදරේ....

    @Kasun-ස්තූතියි සහෝ.....අගය කීරීම සතුටක් මට...:)

    ReplyDelete
  4. ඔයා එයා ගේ ආදරෙත්.. එක්ක පිබිදෙන්න..ඉර,හද,තරු අපට තියන්න..නැත්තම් අපි පව් නේ.. :)
    අදහස ලස්සනයි... :)

    ReplyDelete
  5. හි හි.....ම්ම්ම්......මට එයා හිටියාම ඇති...ඔයාල ඉර හඳ තරු ඔක්කොම ගන්න....:p
    ස්තූතියි අදහසට අක්කා....:)

    ReplyDelete
  6. ඔව් මාත් කියන්නේ එයැයිට ආදරේ දෙන්න කියලා. අනුකම්පාව ඕනැන්නේ නෑ.

    ReplyDelete
  7. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...:)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....