නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

27 July 2011

අපි නැතිව අපි............


අපි අපිට අයිති නැතුව ඇති
නෑ...මට ඔයාව ලබාගන්න
පිං මදි ඇති....
ඒත් එක දෙයක් මං දන්නවා...
මේ ලෝකෙ වෙන කවුරුත්ම
මම ආදරේ කළ තරම්
ඔයාට ආදරේ වෙන්නෙ නෑ...
මලක් වගේ ඔය හිත ළග පිපිලා ඉන්න
මට වාසනාවක් නැතිව ඇති...
ඒත් එක දෙයක් කියන්නම් ජීවිතේටම..
මේ තරම් ආදරයක් ඔය හිත ළග
අතරමං වෙලා ඉදිද්දි....
ඔය හිත කොහොමද වෙනතක බැඳෙන්නෙ...
ජීවිතේ කවදා හරි දවසක
ඔයාට තේරෙයි රත්තරං
මං තරම් ඔය හිත ගැන දන්න,
ඔය හිතට ආදරේ කරන,
හිතක් මේ ලෝකෙ නෑ කියලා.....


Post Comment

6 comments:

  1. කාලෙකට පස්සේ හිතූ ඇවිලා නේ ඇති යන්තන් හිතූ ආවනේ. මොකෝ මේ දුක හිතෙන කතාවක් පෝස්ට් එකක දාලා තියෙන්නේ ? මේක කතාවක් විදිහටම විතරක් කියවන්නම්. ඇත්ත කතාවක් නම් නෙමෙයි නේ ??? එහෙම වෙන්න එපා කියලා පතන්නම්.

    ReplyDelete
  2. අහ්....මගේ මුල්ම පෝස්ට් එකේ ඉදන් කමෙන්ට්ස් දැම්මෙ ඔයානෙ.. මට අමතක නෑ...ඔව්..හුගක් දවසකින් ආවා...කතාවක් විදියට කියවන්න...ඒකට කමක් නෑ..මම කොහොමත් ඉතින් දුක තමා වැඩිපුර ලියන්නෙ..ස්තූතියි අයියා මෙහෙට ආවට.:)

    ReplyDelete
  3. මම අද තමයි මේ පැත්තේ ආවේ...
    කදුලු කතාව වුනත් ලස්සනට ලියලා නොවැ..

    ReplyDelete
  4. අහ්...ස්තූතියි ගොඩාක්...මේ පැත්තට පිළිගන්නවා සාදරෙන්...!!!

    ReplyDelete
  5. හ්ම්ම්,,, දුකම තුරුලු කරගෙන,
    මියෙන්නෙමි මම ඔබේ මතකය ලඟ...

    ReplyDelete
  6. ම්ම්ම්ම්ම්ම්ම්...ලස්සනයි....!!!
    ස්තූතියි අදහසට :)
    දුකම තුරුලු කරන් මැරෙන්න තමයි හිතෙන්නෙ...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....