නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

29 July 2011

තටු සිඳුනු සමනළී.....1 වෙනි කොටස

ඉර පායලා ගිනි ගහන අව්වෙ වාහන තදබදේ නම් අඩුවක් නෑ.කොහොමටත් කලබල කාරී,ජනගහණය අධික නගරයක් විදියට නුගේගොඩ නගරය සලකන නිසා,නුගේගොඩට යන එන අයට මේක අමුත්තක් නෑ.සෙනසුරාදා දවසක් නිසා දේදුනු පාටින් ඇඳුම් ඇදගත්තු කොල්ලො කෙල්ලොන්ගෙන් පාර පිරිලා.තැන තැන කිචි බිචි ගගා මුකුළු කරන ජෝඩු එහෙමත් ඔය අතරෙ හිටියා.

මමයි,නිශායි,හසීයි මේ අරුමෝසම් ලෝකෙට අලුතෙන් ගොඩ බැස්සා වගේ,හිමින් හිමින් පාර දිගේ ඇවිදන් ගියා.එදා තමයි අපේ සංයුක්ත ගණිතයට පංතියකට යන පළවෙනි දවස.තුන් දෙනාම ඉතින් පළවෙනියටම  උසස් පෙළට අද තමයි පංති යන්න පටන් ගත්තෙ.හසී මගේ හොදම යාලුවෙක්.මම පුංචිම කාලෙ ඉදන් දන්නවා.ඒත් ඉස්කෝලෙ හතේ පංතියෙ ඉදන් තමයි හසී මගේ ළගම ළග යාළුවෙක් උනේ.සහෝදරියක් තරම් ළං උනේ.නිසා නම් අඳුරගත්තෙ හසී හින්දා.නිශා හසීගෙ හොදම යාලුවෙක්.තුන් දෙනාම ගියේ එකම ඉස්කෝලෙට.තුන් දෙනාම සාමාන්‍ය පෙළ විභාගෙ ඉහලින්ම සමත්. පොඩි කාලෙ ඉදන් ගණන් හදන්න තිබ්බ ආසාව හින්දයි,සාමාන්‍ය පෙළ විභාගෙ ඉහළින්ම සමත් හින්දායි,උසස් පෙළට සංයුක්ත ගණිතය කරන්න තෝරගත්තෙ.


“අපි හොදටම පරක්කුයි හසී..බලන්නකෝ වෙලාව.දෙකට පංතිය පටන්ගන්නෙ.”
නිශා කෑ ගහන්න ගත්තා. 


“දෙයියනේ…….!!ඔව්මයි..කොහෙද මේ බස් එක ආව නෙවෙයි බඩ ගෑවානෙ.”


 හසී එහෙම කිව්වෙ තරහින් වගේ.අපි ආව බස් එක ඇත්තටම ආවෙ හුගාක් හිමින් නිසයි.


“ඉක්මණට යමු.තවත් පරක්කු වෙන්නෙ නැතිව..”මමත් එහෙම කියාගෙනම ඉක්මණ් ගමනින් යන්න පටන් ගත්තා.
අපි යනද්දිත් පන්තිය පිරෙන්න ළමයි ඇවිත්. ඉඳගන්න ඉඩක්වත් නෑ. සර් අපිට ඉසරහම තැනක් පෙන්නලා ඉඳගන්න කිව්වා.අපිත් ඉතින් පණ බයේ ගැඩි ගැහි වාඩි වුනා.


“අම්මෝ…බයේ බෑ..අනිත් දවසෙනම් කළින් ඇවිත් පිටිපස්සෙන් වාඩිවෙමු”


 හසී ඇස් දෙකත් ලොකු කරන් කිව්ව විදියට ඇත්තටම මට හිනා ගියා.


“ඔව් ඔව් මේකිට ඉස්සරහා හිටියාම කොල්ලො බලන්න බෑනෙ.ඒකයි ඔය” 
නිශා කෑ ගැහුවා.
 “අනේ මේ…මට ඕනෙ කොල්ලෙක් නෑ…කොල්ලො බලන්නද පංති ආවෙ..මම ආවෙ ඉගනගන්න.”


හසී ත් අතෑරියෙ නෑ..නිශාට ගෝරනාඩු කලා.


“ කෝ අනේ මේ සර්??”
සර් එළියට ගිහින්.ළමයි කෑ ගහනවා..දගලනවා..ඔය අතරෙ පංතිය පුරාම කොළ ගුලි උඩින් යනවා.ඩෙස් උඩ බංකු උඩ වැටෙනවා.පිරිමි ළමයි ගෑණු ළමයින්ට කොළ ගුලි වලින් ගහනවා.ඔය අතරේ මගේ ඔළුවටත් කොළ ගුලියක් වැදුනා. ඒත් එක්කම මට ඒ කොළ ගුලිය ආව දිහා බැලුනා..


දෙයියනේ….!!! ඒ මූණ අහිංසක ඇස්, මගේ හිත මොහොතකට නැවතුනා වගේ මට දැනුනෙ. අවුල් වුන කොණ්ඩෙ.ඒ මූණට ගෙනත් තිබ්බෙ අමුතුම ලස්සනක්.මගෙ දිහා බලලා හුරතලේට වගේ හිනා වුනා.. මාව අතරමං වුනා..
 “අහිංසක මූණක් නම් තියනවා.ඒත් දගයෙක් වගේ..කොළ ගුලි ගහලා,තව හිනා වෙන්නත් එනවා.පිස්සු කොල්ලෙක්” මගේ හිත මටම කියාගත්තා. ඒත් එක්කම සර් ඇවිත්.


“කොහෙද බං ඔය බෙල්ල කඩාගෙන බලන්නෙ.මෙහෙ සර් ඇවිත්” හසීගෙ කෑගැහිල්ලෙන් මාව ගැස්සුනා. 


“හා හා…මෙයා මේ බෙල්ල කරකව කරකව කොල්ලො බලනවා.” නිශා ත් මට විහිළු කළා.
 “අනේ යන්න නිසා යන්න.මම මේ කොළ ගුලියක් ගැහුව හින්දයි බැලුවෙ.” මම නිදහසට කරුණු කිව්වා.


ඊටපස්සෙ පංතියෙ වැඩ පටන් අරගෙන කරගෙන ගියා..නිසාත් මාත් හසීත් උනන්දුවෙන් ඉගනගන්න මහන්සි වුනා.ඒත් මගේ හිතට මොකක්දෝ මංදා අමුත්තක් දැනුනා..ඒක පංතියෙ පළවෙනි දවස හින්දානම් නෙවෙයි කියලා මට හිතුනෙ.

පංති ඉවර වෙලා යන්න එළියට එනකොට මට මහා ලෝබ කමක් ඇති වුනා.ඒ වෙන මොකටවත් නෙවෙයි.ඒ සුදු මූණ ආයෙමත් එක සැරයක් බලාගන්න. එහෙම හිතාගෙන මම ඇස් දෙක කැරකෙව්වා පංතිය වටේම. ලේසි නෑ..ළමයි හාර පන්සීයක් අස්සෙ මගේ හිත නැවතුනු ඒ ඇස් හොයන්න..මම තවත් විපරම් කළා..එකසැරේම ඒ ඇස් ළග මගේ ඇස් නැවතුනා..ඔව්.. ආයෙමත් ඒ හුරතල් හිනාවත් එක්ක මගේ දිහාම බලාගෙන එයා පංතියෙ දොර ළග.මම බිම බලාගෙන හිමින් සැරේ එතනින් එළියට ආවා..හසී යි නිශා යි මටත් ඉස්සෙල්ලා එළියට ගිහින්.

“හරි නරකයි..දෙන්නත් එක්ක මාව දාල ගියා නේ??”මම නෝක්කාඩු කිව්වා. 



“අපි දාලා ගියේ නෑ..ඔයා තමා වටපිට බල බල පරක්කු වුනේ..” හසී කිව්වා.


මගේ වරද හින්දා මාත් කරබාගත්තා..අපි තුන් දෙනා එහෙම්ම රොටරියෙන් එළියට ආවෙ..අපේ පළවෙනි උසස් පෙළ පංතිය සතුටු දායක මට්ටමක තිබුනු නිසා.ඒ සතුටට අමතරව තවත් අමුතු අහිංසක සතුටක් මගේ හිතේ කොනක හැංගිලා තිබ්බා..

එදා හවස මම ගෙදර ඇවිත් මගේ දින පොතේ කුරුටු ගෑවා.ඒ කුරුටු ගාපු කවිය අද වෙද්දි මගේ ජිවිතේ හුගාක් වෙනස් කරයි කියලා හිතුවේ නෑ එදා මම.



ඔය මූණ දැක්කහම..
මගේ හිත මේ තරම් තිගැස්සෙන්නෙ ඇයිද මන්දා....
ඔයාගෙ අහිංසකම හිනාවට
මගේ හිතේ හැම දුකක්ම අමතක වෙනවා....
සත්තයි......

මට මොහොතකට හුස්ම ගන්නත් අමතක උනා....
මම හිතුවා මගේ හුස්ම නවතිවී කියලා.......
ඔව්…ඔයා කොහෙන්දෝ ඉඳන් ඇවිත්
මට මාවත් අමතක කළා……


එදා ඉදන් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙන්න ගත්තෙ..හරිම ඉක්මනට…… 





<<< ප.ලි:-මේ මම ලියපු පළවෙනිම කතාව...මේක ලිව්වෙ කම්මැලිකම්ට.. සහ ආසාවට.. අඩුපාඩුනම් හුගාක් ඇති...ඔයාල කියවලා බලලා...වැරදි අඩුපාඩු තියෙනවනම් කියන්න...ඉතුරු ටික ලියන්න  ඒ අදහස් වටීවි මට ගොඩාක්..>>>>




2 වෙනි කොටසට...

Post Comment

23 comments:

  1. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න. දෙබස් ටික වෙන් වෙන් කරලා ලිව්වනම් තමා වඩා හොද.
    අම්මෝ මේ අය පරක්කු වෙලා ඇවිදිනුත් හව කොල්ලොත් දිහා බලනවා. :)

    ReplyDelete
  2. මම බුකියෙනුත් කතාව කියෙව්වානෙ! බලන් හිටියෙ කවදද බ්ලොග් එකේ දාන්නෙ කියලා.. ඔයා ලියන විදිය මරු!
    ඉතිරි කොටස කියවන්න ඕං අපි බලන් ඉන්නවා!

    ReplyDelete
  3. කී පාරක් කියෙවුවත් කියවන පළවෙනි පාර වගේම රසවත්....ඒ කාලය මොනතරම් නම් සුන්දරයිද....හිතින් හැමදාම දකින ඒ අතීතයට අමුතු පණක් හම්බෙන්නෙ මෙහෙම කථා වලින්...දෙවෙනි කොටසත් ඉක්මනටම දාන්න....ජය!!

    ReplyDelete
  4. මදුරංග අය්යා කිව්වා වගේ දෙබස් ටික වෙන් කරලා ලිව්වා නම් තව හොදයි.. :)
    උසස් පෙළ + සංයුක්ත ගණිතය + රොටරි එක , මටත් ඔය ගැන නම් සුන්දර මතකයන් ගොඩක් තියෙනවා :)
    දිගටම ලියන්න :) :)

    ReplyDelete
  5. @මධුරංග අයියා- බ්ලොග්කරණයට අලුත් වුනු මට පටන්ගත්ත දා ඉදන් දෙන ගුරුහරුකම් වලට ගොඩාක් ස්තූතියි...!!!!
    හි හි...කොල්ලො බැලුවම නෙවෙයිනෙ අයියා...බලන්න වෙලා..:ප්

    @විසිතුරු-හුගාක් ස්තූතියි...!!!උපරිම හොද විදියට ලියන්න උත්සාහ කරනවා...:)සාර්ථක වෙයිද දන්නෙ නෑ....

    @වවුලා-ගොඩාක් ස්තූතියි..!!!දිරිමත් කලාට මාව..ලොකු ශක්තියක් වෙයි ඔය වචන ටික...:)

    @chamma-ස්තූතියි අදහසට..:) ම්ම්ම්..... එහෙනම් වෙලාවක ඔයාගෙ සුන්දර මතක ගැනත් සටහනක් දාන්න...:)

    ReplyDelete
  6. ෂා අපි ගෙවපු සුන්දරම කාලෙ. රොටරිය සක්යාව කවද කෙහොම අමතක කරන්නද?

    ReplyDelete
  7. ඇත්ත කතාවක් කියලයි හිතුවේ...ඔන්න අලුත් හිතුවක්කාරියෙකුත් ගොඩ වෙලා..එල එලැ..ලියන්න දිගටම...සුබම සුබ පැතුම්...

    ReplyDelete
  8. @ChAnDiKa-ස්තූතියි අයියා..ඒකනම් ඇත්ත..... අමතක කරන්න බැරි තරම් මතකයන් තියෙනවා..

    @නිම්ෂා- ඇත්ත කතාවක් කියලා දැනුනාද?? ම්ම්ම්ම්ම්ම්.... වෙන්නත් පුළුවන්..:ප් ඔව් මම බ්ලොග්කරණයටනම් අලුත්....ඒත් හිතුවක්කාරි නම් පරණයි..
    හුගාක් ස්තූතියි ඔයාට.....!!!!

    ReplyDelete
  9. ම්ම්ම් ... ලස්සන කතාවක් ... කියවනකොට හිතෙන්නෙ අත්තම සිදුවීමක් කියලයි ..

    ReplyDelete
  10. හ්ම්ම්... හරිම ලස්සන කථාවක් නංගා. ඔය වගේ ආදර කථා කීයක් නම් ඒ පන්ති කාමර වල සැඟවිලා ඇත්ද? ආදරවන්තයෝ කී දෙනෙක් නම් ඒ ආදරේ නිසාම ඒ පන්තියෙම තමන්ගේ කඳුළු හලලා ඇත්ද? හරිම ලස්සනයි නංගා..

    ReplyDelete
  11. ස්තූතියි අක්කියෝ.....ඔව් හුගාක් ආදර කතා තියෙන්න ඇති...හුගාක්...:) ඒ තරම් ම කඳුළුත් ගලලා ඇති...ස්තූතියි අක්කියෝ... මෙහෙට ආවට...:)

    ReplyDelete
  12. හිටු හිටු අනිකත් කියවලා එතනම දාන්නම්/./

    ReplyDelete
  13. හා හා.. ස්තූතියි රත්ගමයා.. කොහෙද ඉතින් බොලාගෙ කතා තරම් අපේ ඒවා කුප්ප නැතිවැති..

    ReplyDelete
  14. මෙයාලත් පන්ති යන්නෙ කොල්ලන්ව බලන්න නේ...

    ReplyDelete
  15. ඔන්න කෙල්ලොන්ගෙ ඇත්ත... හරියට පන්ති ආවම නම් ඉන්නෙ කොල්ලෙක් දැක්කාම සෙංගමාලෙ හැදෙනව වගේ... හැක හැක...

    මදුරඔග කියල තියෙන දේට තව ටිකක් එකතු කරන්නම්... දෙබස් වෙන් කරල ලියන්න අනික චේද කඩන්න ඕනෙ රචනාවක් වගේ නෙවෙයි.. එක කරුනක් ගැන කියල ඉවරනම් එක පේලියක් හරි කමක් නෑ චේදය වෙන කරන්න... මම මහ කෙරුමෙක් නෙවෙයි මම ලියද්දි අනුගමනය කරනණ ක්‍රමයක්... ඒක සාර්ථකයි කියල හිතුන නිසයි කිවුවෙ... ඒකෙන් කියවන කෙනාටත් නොදැනිම කතාව ගාලාගෙන යන්න ඉඩක් තියෙනවා... කතාවෙ ගලා යෑම තමයි වැදගත්.. තැනින් තැනට පනිනවට වඩා... ඔයාගෙ කතාව ගලාගෙන යනවා... අර මම කියපු විදියට කරුනෙන් කරුන චේද වෙන කලොත් කියවන අයට ලේසියි...

    ඔය ලියල තියෙන මාතෘකාවට කතා ලක්ෂයක් ලියන්න පුලුවන් එකට එකක් වෙනස්.. ඕලෙවල් වලින් ඒ ලෙවල් වලට එනව කියන්නෙ මාර ෆ්‍රී එකක්... පලවෙනි දවසෙම ඒ ලෙවල් වලට එන කොල්ලො කෙල්ලො 50% කගෙවත් හිතේ ඔහොම අදහසක් ඇත් වෙනවා ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... දිගටම ලියන්න

    ජය...

    ReplyDelete
  16. @ප්‍රසංග- හි හි... කොල්ලො බලන්න පංති ගියා නෙවෙයි.. ගියාම ඉතින් බැලෙනවනෙ... ස්තූතියි මේ පැත්තට ආවට...:)

    @ පොඩි මෑන්-සෙංගමාලෙ හැදිලා නෑ තාම..වයසෙ වැරද්ද නේ...;)
    අහ්.. ඔව් හුගාක් ස්තූතියි ඔයාගෙ උපදෙස් වලට...:) බොහොම ආදරෙන් භාරගන්නවා.. මම හුගාක් දන්නෙ නෑ..මේක නිකන් උත්සාහයක් විතරයි... ඔයාලගෙ මග පෙන්වීමට ස්තූතියි..!!
    ඔයාගෙ කතාව එක්ක බලද්දි මේක නිකන්ම නිකන් හිච්චන් කතවක්.. :p ගොඩාක් ස්තූතියි සහෝ...

    ReplyDelete
  17. බලද්දී කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් ලස්සන කොල්ලෝ දිහා බලනව වගේ... අහිංසක කොලු පැටියා පවු

    ReplyDelete
  18. හික්ස්ස්ස්ස්..... කොල්ලො තමයි ඉතින් වද දීලා උන් දිහා බලව ගන්නෙ...:p හික් හික්

    ReplyDelete
  19. ලස්සන කතාවක් වගේ....
    මම මේ ඔයාගේ බ්ලොග් එක මුල ඉදන් කිය්වගෙන යන ගමන්............:)

    ReplyDelete
  20. ස්තූතියි සුදූ.....:)
    කොටස් ඔක්කොම දැනට 6ක් ඇති.. කියවගෙන එන්නකෝ...

    ReplyDelete
  21. ඔන්න මාත් කියවන්න පටන්ගත්තා...ආරම්භය නම් හොදයි වගේ..කියවලාම බලන්නම්කෝ... :)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....