නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

07 July 2011

ඔය දෑතින් අල්ලා.........

ඔය අත් දෙකෙන් අල්ලගත්තෙ
සුලැගිලි පටලවගෙන
පොඩි දුරක් ගිහින්.....
ආපහු හැරිලා එන්න නෙවෙයි රත්තරං......
ඔයත් එක්කම 

මේ මග තව ගොඩාක් දුර යන්නයි...... කටු අකුල්,ගල් බොරළු ඇනිලා
මගේ පුංචි කකුල් රිදුනට කමක් නෑ.......
ඔයා ඉන්නෙ මාත් එක්කනම්... 
මට ඒක දුකක් නෙවෙයි,සතුටක්....
සත්තයි......

ඔය අතින් අල්ලගෙන.... 
මේ මුලු සංසාරේ පුරාම
මම ඔයා එක්ක එන්නම්.......
ආදරේ මහ ගොඩාක් අරගෙන....

Post Comment

7 comments:

  1. ලස්සන සිතුවිල්ලක් කවියට නඟලා. ගොඩක් ලස්සනයි.

    ප.ලි.- ඔයා සින්ඩි වල රෙජිස්ටර් උනේ නෑ නේද? ඒවා වලත් දාන්න.
    ලංකා බ්ලොගර්
    සින්ඩිය
    හත්මාලුව
    සිංහල බ්ලොග් සංසදය
    සීගිරි බ්ලොග් සිංඩිය

    ReplyDelete
  2. word verification අයින් කරන්න.

    ඩැශ්බෝර්ඩ් > සෙටින්ග්ස් > කමෙන්ට් >

    වර්ඩ් වෙරිෆිකේශන් වල තියෙන ටික් එක නෝ කරන්න

    ReplyDelete
  3. අහ්හ්....මම මේ බ්ලොග්කරණයට අලුත්.....ස්තූතියි......

    ReplyDelete
  4. හිතූගේ සිතුවිලි.....
    ලස්සනයි හිතූ................

    ReplyDelete
  5. ස්තුති කියන්න ඕනේ නෑ. මට කරන්න පුලුවන් උදව්වක් තියෙනවා නම් මම ඒක කරනවා. එච්චරයි. :)

    අර සින්ඩි වල රෙජිස්ටර් උනාම ඔයා ලියන ලිපි කියවන්න ගොඩ දෙනෙක් ඒවි. ඒ වගේම කමෙන්ටුත් තියේවි. එතකොට ලියන්න සතුටුත් හිතේවි.

    මටත් කමෙන්ට් එකක් දකින්න තියෙනවනම් ඊට වඩා සතුටක් නෑ.

    ReplyDelete
  6. අහ්..එහෙමද???? හා...මම ඒ ගැන බලන්නම්..... :)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....