නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

10 July 2011

ඉස්සර දවස්.....

අද නිවාඩු දවසෙ මම නිකමට කම්මැළි කමේ ඉන්නකොට මතක් උනා අපේ ඉස්සර කාලේ.ඉස්සර කාලේ කිව්වෙ මේ O/L විභාගෙ කරන කාලේ..ඉස්කෝලෙ  11 පන්තියෙ කාලේ..මගේ ජීවිතේ මම ආසම,සුන්දරම කාලේ තමා ඒ....පුදුම සැහැල්ලුවකින්,සතුටකින් හිටිය කාලයක්.
මට හිටියා හොදම හොදම යාළුවො 5 දෙනෙක්.මාත් එක්ක අපි ඔක්කොම 6 යි. හොදම යාළුවො කිව්වෙ අපි 6 දෙනාම 7 වසරේ ඉදන් එකම පන්තියෙ    ඉගනගත්තෙ...එතනිනුත් මගේ ළගින්ම මගේ සහෝදරියො වගේ හිටපු යාළුවො දෙන්නෙක් හිටියා...එක්කෙනෙක් අපේ ගෙවල් ළග....අනිත් කෙනා දුර ...ඒත් අපි පුදුම ළගයි හිත් වලින්..අපේ අදහස් වලින්. ඉතින් ඕන ප්‍රශ්නෙකදි,දුකකදි,සතුටකදි,බාල්දියකදි,කොක්කකදි,සපත්තුවකදි, ළගින්ම ඉන්නෙ මේ යාළුවො ටික තමා.

 හැබැයි අපි අනිත් අයට වඩා ටිකක් වෙනස්.... අපිට අසාධාරණේ පේන්න බෑ.....බොරු සෝබන,ලොකුකම් දාන,පණ්ඩිතකම් පෙන්නන අයව අපිට වැඩිය අල්ලන්නෙ නෑ....ඒ වගේම කේළම් කියන, ඊර්ශ්‍යා කරන අයව පේන්නත් බෑ....ඕන වෙලාවක හිනා වෙලා, සන්තෝසෙන්, ජොලියෙ ඉන්න, කාටවත්ම කරදරයක් නැතිව ඉන්න තමයි අපි කැමති.....එහෙමයි කියලා ඒ කාලෙ අපි ඉගනගන්න වැඩ අතපසු කලේ නම් නෑ.....අපි 6 දෙනාම වගේ පන්තියෙ හොදට වැඩ කලා.... සමහර අවස්ථා වල  අපි වැඩිම ළකුණු ගත්තා...මුල්ම 10 දෙනා අතර හිටියා ,හුගාක් අවස්ථා වලදි...ඔය අතරේ අපේ යාළුවො දෙන්නෙක්ට විතර ප්‍රේම පළහිලව් එහෙමත් තිබ්බා... (දෙයියනේ කියලා මටනම් ඒ කාලේ එහෙම උවමනාවක්වත්,පළහිලව්වක්වත් තිබුනේ නෑ....).

ඔය ඔක්කොම කරන අතරේ,ඉස්කෝලේ අවුරුදු උත්සවද,ස0ගීත වැඩසටහන් ද,කලා උළෙලවල් ද, අන0 මන0 ඔක්කොම භාහිර වැඩ වලටත් අපි උපරිම සහයෝගය දුන්නා...හවස ඉස්කෝලෙම තිබ්බ පන්ති වලටත් හිටියා....ටිකක් විසේ තිබ්බට අපිට කවදාවත් ලොකුම ලොකු බරපතළ චෝදනා නම් ආවෙ නෑ කිසිම කෙනෙක්ගෙන්.  ( ඔය මිස් කෙනෙක් නැති වෙලාවට සින්දුවක් දෙකක් කියලා දණ ගහලා බැනුම් අහලා තියන්වා හැරෙන්න).

වෙරළු ගෙඩියක් හම්බුනත් 6 දෙනාම බෙදාගෙන කාලා තමා පුරුද්ද තිබ්බෙ, අපේ හිත් කොච්චර අහි0සකද කියලා හිතෙනවා අද සමහර මිනිස්සුන්ගෙ හැසිරීම් දැක්කහම....අපි හැමදාම බැලුවෙ අපිත් එක්ක වටේ පිටේ ඉන්න අනිත් හැමෝටම උදව් කරගෙන , එයාලවත් අරගෙන  අපේ අරමුණු වලට යන්නයි... අදටත් ඒක එහෙම්මයි....මට මතකයි ඉස්සර අපිට උගන්වපු මිස් කෙනෙක් හැම වෙලේම කිව්වා "වැටුණු කෙනෙක්ව නැගිට්ටවනවා තරම් පුණ්‍යකර්මයක් තවත් නෑ  " කියලා. ඇත්තටම් අපි අපිට පුළුවන් හැම මොහොතකම එහෙම කලා.... මම හිතන්නෙ ඒ දේවල් වලට අපිට ආපහු ලැබුනා...මිනිස්සු හොද දේවල් කලොත් ඒවා ආපිට ලැබෙනවලුනෙ....නරක කලොත් ඒකත් එහෙම්මලු.

ඒ කාලෙ  පුදුම සුන්දරයි.... ලොකු ලොකු හීන මාළිගා තිබ්බෙ නෑ....අහස අල්ලන්න හිතුවෙ නෑ......ඒ නිසාමද කොහෙද අපි සන්තෝසෙන් හිටියෙ ඉස්සර..අදට වඩා...අදටත් අපි ඔක්කොම එකතු උනාම කතා කරනවා ඒ ලස්සන කාලෙ ගැන. මිනිස්සු කවදත් කැමති තම්න් සතුටින් හිටපු අවස්ථා වලටනේ.... මාත් එහෙමයි මම හිතන්නෙ...අපි හොදට O/L විභාගෙත් කලා..... ඉහලින්ම පාස් උනා.... යාළු කම නැති උනේ නෑ... අදටත් ඒ යාළුකම් එහෙම්මයි... මම ගොඩාක් සතුටු වෙන්නෙ මට ඒ තරම් හොද යාළුවො ටිකක ඉන්න එක ගැනයි....මගේ ජීවිතේ හුගාක් අමාරු,විදගන්න දුශ්කරයි කියලා මම හිතපු තැන් වලදි මාත් එක්ක ඒ යාළුවො හිටියා. 
අදටත් මම හුගාක් ආදරේ ගරු කරන්නේ ඒකයි ඒ යාළුවන්ට.....

අපේ යාලූ කම ජීවිත කාලෙ පුරාවටම තියේවි.... කොයිතරම් අලුත් අය ජීවිතේට ආවත්.... මට ඒ පරණ බැඳිම් ගොඩාක් වටිනවා.....මම ඒ යාළු කමට මගේ සහෝදර බැදීමට මැරෙනකම් ම ආදරෙ‍යී......

         ඇහැළ මල පිපුණු ඒ සොදුරු සිත් ගිමන් හල
          බාලිකාවන්ගේ කිචි බිචිය
          මුළු සිත් සතන් පුරවාවී........
         අපි නැතත් හෙටත්
          තවත් කවුරුන් හෝ හිදීවී............

Post Comment

12 comments:

  1. සෑහෙන දවසකට පස්සෙ මගේ ජීවිතෙත් ඔයාගෙ වගේම මම ආසම කාලය වුනු O/L කාලෙට අරං ගිහින් ඒ ලස්සන සුන්දර කාලෙ ආයිත් එක මොහොතක් හරි මාව ජීවත් කෙරෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි හිතූ.......

    ReplyDelete
  2. හ්ම්ම්ම්......ස්තූතියි සහෝ...අදහස් මට හරි වටිනවා.....
    සුන්දර දේවල් මතක් කරන්න කවුරුත් ආසයි නෙ...:)

    ReplyDelete
  3. ගොඩක් අයගේ ජීවිතයේ සුන්දරම කාලය තමයි පාසල් කාලය කියලා කියන්නේ. මගෙත් එහෙම්මමයි.මටත් සුන්දර පාසල් කාලයක් තිබුනා.

    මේ දේවල් වලින් තේරුම් ගන්න පුලුවන් ඔයාටත් හොද පාසල් කාලයක් තිබ්බා කියලා. ඒ කාලේ වෙච්ච සුන්දර දේවලුත් පුලුවන් නම් ලියන්න. අපි කියවන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. පාසල් කාලේ තමයි සුන්දරම කාලේ කෙනෙක් ජීවිතේටම ගත කරන,.. දඟ වැඩ කරන්න, හිනාවෙන්න අඬන්න, ඒ හැමදේකටම අවංක මිතුදමක් ලැබෙන්නේ පාසල් කාලේ විතරයි,,

    ReplyDelete
  5. ඇත්තටම මටත් පාසල් ජීවිතේ සුන්දරම කාලය තමයි 10,11 වසර.... මටත් අතීතය මතක් වුණා! ලස්සනයි

    ReplyDelete
  6. මදුරංග අයියා කිව්වා වගේ ඒ ලස්සන කාලය ගැනත් ලියන්න

    ReplyDelete
  7. මම නම් ඉස්කෝලෙ කාලෙන් ආසම කාලෙ 4 වසර. 4 වසරෙ පන්තියේ සර්නුත් ඒකට ලොකු හේතුවක්. වැඩියෙන්ම සෙල්ලම් කලේ ඒ කාලෙ තමයි.

    ReplyDelete
  8. @මධුර0ග අයියා-හ්ම්ම්.......ලියන්න දේවල් තියනවා...ඒත් පටන් ගන්න තැනක් හිතා ගන්න බැරිව හිටියෙ. ස්තූතියි ඔයාගෙ අදහසට. මම ලියන්නම්.

    @ප්‍රාර්ථනා-ඔව් හුගාක් සුන්දර කාලයක් තමා පාසල් කාලෙ.. ස්තූතියි මෙහාට ආවට.

    @විසිතුරු-මොහොතකට හරි ඔයාගෙ සුන්දර අතීතෙට මට ඔයාව ආපහු අරන් යන්න ලැබීම සතුටක්....මම දිගටම ලියන්න උතසාහ කරන්නම්...ස්තූතියි අදහස් වලට.

    @ කසුන්- අනේ.....4 වසර....චූටිම චූටි කාලෙ...සෙල්ලමට හිත තියන කාලෙ....ඒකත් හොදයි....හැමෝම කැමති එකම කාලපරිච්ඦේද වලට නෙවෙයිනෙ ජීවිතේ...ස්තූතියි අදහසට...:)

    ReplyDelete
  9. අක්කට වගේම මටත් ඉන්නවා යාලුවෝ 7 දෙනෙක්.O/L කාලෙ අපිත් අක්කලා වගේම පිස්සු නැ‍ටුවා,මිස්ලත් අපිව හොඳට අඳුරනවා.දැන් උසස් පෙල කරන්න ආවම අපි පන්ති වලට බෙදුනා ඒත් තාමත් එකට ඉන්නවා.ඉස්සරහටත් එහෙමම වේවි

    ReplyDelete
  10. හ්ම්ම්....සන්තෝසයි අහන්න..හැමදාමත් ඒ යාළුකම බැඳිම තියාගන්න.. අලුතෙන් ජීවිතවලට කොයිතරම් අය එකතු උනත්, පරණ බැඳීම් හරි වටිනවා කියලා මම හිතන්නෙ.හැමදාමත් ඒ යාළු කම තියෙන්න කියලා මම න0ගිට ප්‍රාර්ථනා කරනවා....ස්තූතියි අදහසට :)

    ReplyDelete
  11. මමත් ගියා ආයිමත් පාසල් කාලයට... 10, 11 තරම් ලස්සන කාලයක් ජීවිතේ තවත් නෑ. හැම වෙලාවෙම ලගින් නැතත්, තැන් තැන්වල විසිරිලා හිටියත් ඒ යාලුවෝ තවමත් ජීවිතේ ඉන්නවා. පාසල් කාලය අපිව දාලා ගිහින්. ඒත් ඉතිරි කරලා ගිය මතක බොහොමයි...

    ReplyDelete
  12. ඔව් මන්තරකාරී. ඒ කාලෙ හරිම සුන්දරයි තමා...මතක ගොඩාක් තියන කාලයක්...ස්තූතියි මේ පැත්තට ආවට...:)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....