නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

07 July 2011

මම හිතුවක්කාරී.................

ගෑණු ළමයෙක් වෙලා මම,කොයිතරම් නිදහසේ ඉන්න ඕනෙ කියලා කිවුවත්.....
නිදහස වෙනුවෙන් කථා කළත්.....
මගේ ගෑණුකමට නීති රීති වැටෙනවට

හිත යටින් මම ආස කළා.....
හුගාක් හවස් වෙලා ගෙදර ආවොත් මට බනිනවට.....
වෙන කොල්ලෙක් මගේ දිහා බැලුවොත්
ඒකාට රවලා බලනවට...
යන්න හදද්දි පරිස්සමට ගිහින් එන්න කියනවට.....
මගේ හිත යටින් තියන අහි0සක ගැහැණුකම
ආසයි......ආදරෙයි...
එහෙම කරන්නෙ තරහකට නෙවෙයි......
ඇත්තටම ගොඩාක් ආදරේට.....
මම දන්නවා.......
ඔව් මහ ගොඩාක් ආදරේට ........

Post Comment

4 comments:

  1. ජීවිතය ආදරේ ඕනා. ඒ උනාට ඒ ආදරේම එක වෙලාවකට අපේ නිදහස නැති කරලා දානවා. සීමා පවුරු දානවා. එතකොට නම් දුකක්


    ප.ලි. - බිංදුව ටයිප් කිරීම සදහා \n හෝ /n පාවිච්චි කරන්න.(කන්වර්ටර් එකක් පාවිච්චි කරනවා නම්)

    ReplyDelete
  2. හ්ම්ම්......ඒත් සමහර නීති වලට මම ආදරෙයි....නිදහසට බාධාවක් නොවී ආදරේ කරන්න..... ආදරේ විදින්න පුලුවන්.....

    ReplyDelete
  3. ඒත් හිතුවක්කාරියේ... සමහර විට ඒ මහා ගොඩාක් ආදරේ නිසා අපි දාන පුංචි පුංචි නීති නිසා අපිට ඒ මහා ආදරේම නැති වෙලා යන්නත් පුළුවන්...

    දේව්දාස්...

    ReplyDelete
  4. ම්ම්ම්ම්ම්ම්...... ඔව් ඇත්ත දේව්.... ඒක හරි. සමහර විට අනිත් කෙනාට එපා වෙන තරම්.. වදයක් ව්න තරම් නීත් රීති දැම්මොත් එහෙම වෙයි.....වෙන්න පුළුවන්. මොකද කොච්චර ආදරේ වුනත් හැමෝම එකම විදියට දරාගන්නෙ නෑනෙ...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....