නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

07 July 2011

හිතා ගන්න බෑ.....ජීවිතේ ගැන.....

ජීවිතේ කියන්නෙ හරිම පුදුමයක්.......
මිනිස්සු ජීවිත වලට හරිම ඉක්මනට එකතු වෙනවා.....ඒ වගේම හරිම ඉක්මනට ඈත් වෙනවා....
බැදීම් ඇති කරගන්න ලේසියි.....ඒත් ඒවා පවත්වගෙන යන්නයි අමාරු......
කෙනෙක්ව තේරුම් ගන්න...සිතුවිලි අදුරගන්න...සිතුවිලි ගළපගන්න....ලේසියෙන් බෑ.....ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනෙ....කාලයක් ඉවසන්න ඕනෙ.....උත්සාහ කරන්න ඕනෙ.... එහෙම නැතිව බැදීම් පවත්වගන්න අමාරුයි.....අයිති කරගන්න බැරි හීන වෙනුවෙන්....බලාපොරොත්තු ගොඩ ගැහුවට වැඩක් නෑ........ජීවිතේ කියන්නෙ...හීනම නෙවෙයි,බලාපොරොත්තුම නෙවෙයි කියනෙකයි මගේ අදහස....ඒත් ජීවත් වෙන්න හීන ඕනෙ...බලාපොරොත්තු ඕනෙ....ඒවා අපේ ජීවිත වල ඉලක්ක වලට යන්න හොද උත්ප්‍රේරක......
ප්‍රශ්න හමුවෙදි පලා යන කාඩ්බෝඩ් වීරයෝවගේ මිනිස්සු වැඩක් නෑ.....ප්‍රශ්න එද්දි ජීවිතේ තව තවත් හයියෙන් වැළදගන්න මිනිස්සු තමයි සැබෑ වීරයෝ .එහෙම අයව තමයි අදහන්න ඕනෙ......
ජීවිතේ ගැන ලියන්න..කතා කරන්න... හුගාක් ලේසියි....ඒත් ජීවිතේට මූණ දෙන්න තමයි අමාරු.....
ඉස්සරහටත් බලමු.....හිතූවක්කාරිට ජීවිතේ ගැන හිතෙන හැටි අකුරු කරන්නම්...........

         

Post Comment

3 comments:

  1. "ජීවිතේ ගැන ලියන්න..කතා කරන්න හුගාක් ලේසියි....ඒත් ජීවිතේට මූණ දෙන්න තමයි අමාරු "
    ඒ කතාව ඇත්ත... ඒත් දිගටම ජීවිතේ ගැන අකුරු කරන්න. ඔබට ජය!

    ReplyDelete
  2. බඳීම් ඇති කරගන්න ලේසි උනාට ඒ බැඳීම් නැති කරගන්න ලේසි නෑ. එහෙම නැති උනත් අන්තිමේදි අපිට ඉතුරු වෙන්නේ දුකම තමා !!!

    ඒක වෙන්න ඇති අර ගීයකත් තියෙන්නේ

    "එද සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ"

    කියලා කියන්නේ

    ReplyDelete
  3. @විසිතුරු-ස්තූතියි.....මට සුභ පැතුවට....මට දැනෙන දේවල් එහෙම්ම ලියන්නම්....හරි වැරදි..ඔයාල කියන්න....

    @මධූ-ඔව්....මම ඒ සින්දුවට ගොඩාක් ආදරෙයි.......

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....