නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

14 August 2011

තටු සිඳුනු සමනළී.... 2 වෙනි කොටස

පලවෙනි කොටස කියෙව්වෙ නැත්තම් මෙන්න කියවන්න..

 එතැන් සිට.....




“කොහොම හරි එක පාරින්ම විභාගෙ පාස් වෙයන් මගෙ දුවේ.. ඔය විඳින දුක එක සැරයයිනෙ එතකොට..”


“ඔව් අම්මා. කොහොමහරි එක සැරෙන්ම ගොඩ යන්නයි මාත් බලන්නෙ. අමාරුයි තමා. ඒත් උත්සාහ කරනවා පුළුවන් තරමක්.බැරි ව්එන එකක් නෑ..”


“බුදු සරණයි මගෙ දුවට!!!!”

උදේ පාන්දර ඉස්කෝලෙ යන්න කලින් බුදු පහන පත්තු කරලා අම්මට වඳින්න යද්දි අම්මා කියපුවා මට හදිස්සියෙම මේ වෙලාවෙ මතක් වුනා.අපේ පංති භාර මිස් තමා භෞතික විද්යාව උගන්වන්නෙ.මිස් දෙමවුපියොන්ගෙ දුක් මහන්සිය ගැන මතක් කරලා , විභාගෙ පාස් වෙන එක කොයිතරම් වැදගත්ද කියල මතක් කරලා දේශනයක් දෙද්දි මට ඉබේටම වගේ මතක් වුනේ අම්මාවයි.සමහර වෙලාවට මිස් කියන කතා වලින් පුදුම හයියක් එනවා හිතට ඉගනගන්න.

“ඒයි මධූ …… උඹ දවල් හීන බලනවද???”

ශමල්කාගෙ කෑගැහිල්ල නිසා මම ගෙදරින් මිදිලා ආයෙමත් ඉස්කෝලෙට ආවා.

“නෑ ශමල්කා. මං මේ කල්පනා කලේ අපි මේ A/L විභාගෙ කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ නේ??සෑහෙන්න මහන්සි වෙන්න වෙයි”

“අහ් ඒකට මේ මිස් බණ කියන වෙලේ දවල් හීන බලලා හරියනව්ද බං?? අපි හොඳට වැඩ කරමු.”

ශමල්කා එහෙම කිව්වෙ ඇත්තටම හිතට හයියක් අරන්.මටත් ඒ වචන ටික හයියක් වුනා.මම දිග හුස්මක් අරන් පොත් ටික අස් කරලා බෑග් එකට දාගත්තෙ ඉස්කෝලෙ ඇරෙන්න බෙල් එක වදින මොහොතෙමයි.මුළු පංතියම එකම කළබලයක්.ගෙදර දුවනවට වඩා ටියුෂන් පංතියට දුවන්නයි හැමෝගෙම කළබලේ තිබ්බෙ.

“මධූ… දුවන්න ලෑස්තිවෙලා ඉන්න.බස් එකට නැගලා සීට් එකක් අල්ලගන්න ඕනෙ.”

හසී අපේ පංතිය දොරකඩට ඇවිත් කෑගැහුවා.

පොඩි කාලෙ ඉඳන් එකටම හිටපු,දුක සැප බෙදගත්ත දන්න කියන ළගින්ම හිටපු හොඳම යාළුවො ටික ඔක්කොම එහා පංතියෙ තමයි ඉගනගත්තෙ.ඔක්කොමලා සංයුක්ත ගණිතය කළත් අපිට පංති දෙකක ඉගනගන්න වුනේ මගේ අවාසනාවකට කියලයි අදටත් මං විශ්වස කරන්නෙ.පොඩි කාල් ඉඳන්ම එකට උන්නු දන්න කියන යළුවො ටික ළගින් නැති අඩුව ඒ තරමට මට දැනුනු අවස්ථා තිබුන නිසා.ගාථා ගායනා කරලා,ඉස්කෝලෙ අරෙන බෙල් එක වැදුනා විතරයි කඩි ගුලක් ඇවිස්සුන වගේ පොදි කන ළමයි අතරේ මාත් හනි හනිකට පංතියෙන් පැනගත්තෙ බස් එකට දුවන්න.ඒ වෙනකොටත් මගේ අතිජාත යාළුවො සෙට් එකම මටත් කළින් පංති වලින් පැනගෙන ඉවරයි. හංසි,හසී,නිශා,දිලූ, තමාෂි තරගෙට වගේ දිව්වා.

ඒත් අපි බස් එකට යන මොහොත වෙද්දිත් ඔක්කොම සීට් පිරිල ඉවරයි. අපිට වඩා ඉක්මණට ආපු ළමයි ඒවගෙ වාඩි වෙලා.සුපුරුදු පරිදි එදත් අපි හිටගෙන.


“ ඉඳගෙන යනවා වගේද මෙහෙම හිටගෙන පැද්දි පැද්දි ,හුළං වැදි වැදි යද්දි. කොච්ච්ර ජොලිද…”    

හංසි කවදත් වගේ සුපුරුදු කටකාරකම ඉස්සරහ දැම්මා.දිලූ සහ තමාෂි නුගේගොඩ පංති තිබෙන දිනවලට අපේ බස් එකේ යන්න එන එක කොහොමත් විනෝදෙන් යන අපිට තවත් විනෝදජනක වුනා.

“ ඒක නෙවෙයි හසී…කොහොමද combined maths class එක??”

“හම්මා…… කියලා වැඩක් නෑ… නියමායි..”

“ෂුවර් එකට මේකි පැනගෙන යන්නෙ කවුරුහරි ඇති බලන්න.” තමාෂි පටන්ගත්තෙ හොඳකට නෙවෙයි කියල මට හිතුනා.


“අනේ… අපිටනම් කවුරුත් නෑ බලන්න.. ඔය සමහරුන්ටනම් ඉතින් ගිය දවසෙම පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදිලාලු”

නිශා ඇස් කරකව කරකව කිව්ව විදියට හැමෝගෙම කුතුහලය ඇවිස්සුනා කියලා මූණු බැලුවහම පෙනුනා.නිශා මේ වටින් ගොඩින් කියන්න එන්නෙ එදා මං කොළ ගුලි ගහපු අහිංසකයා ගැන උනන්දු වුන එක ගැනවත්ද.. එහෙම වුනොත්නම් ඉඳලා හමාරයි. මුංගෙ කටවල් ගැන නොදන්නවයැ මම.

“කාටද බං ඒ?? පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදුනෙ?? මේ අපේ… ම…ධූ… ටවත් ද??”
හරි..හිතුවා වගේම හරි.. දන් ඉතින් ඉඳලා ඉවරයි.

“ මොනා…. මට?? මටනම් එහෙම විශේෂයක් නෑ… පංතිය හොඳයි.. නියම සර්.. හොදට උගන්වනවා”
වෙලාවෙ හැටියට මාත් කටට ආව එකක් කියගත්තා. ඒත් හසීගෙන් බේරුමක් වුනේ නෑ.අන්තිමට මට එදා සිද්ධ වුනු සිද්ධිය කියන්නම වුනා.

“එහෙනම් ඒකත් ජස සිරි මංගලම් කිව්වාලු”

“ ඔන්න ඔන්න ඕකනෙ බැරි මොකක්හරි කියන්න.ඕගොල්ලො හිතන්නෙම අනිත් පැත්ත. මං කිව්වෙ ඒ පිරිමි ළමයා හරිම අහිංසක පාටයි කියලනෙ.”

“හා හා අපි බලමුකෝ… ඉස්සරහට.. අපිත් ඉන්නවනෙ නංගී…දවසක පෙන්නන්නකෝ අපිටත් ඔය අහිංසක කොලු පැටියාව”

තමාෂි මගේ කනෙන් අදින ගමන් කිව්වා.

“ඒයි තමාෂි බහින්නෙ නැද්ද ??? නුගේගොඩත් පහුවෙනවා මුන්ගෙ කතා අහන්න ගිහින්…”

දිලූයි තමාෂියි අපෙන් සමු අරන් බහින්න සූදානම් වුනේ නුගේගොඩින්. බස් එක නුගේගොඩින් පහුවෙනවාත් එක්කම ,දෙයියනේ …අහිංසකයා…. මේ එයා නේද??? ඔව් එයාමයි…මේ එයාමයි…..ඒ කියන්නෙ එයාට අද පංතියක්.. රොටරිය පැත්තටනෙ යන්නෙ.

“හසී… බලන්න.. අර අර.. අර බෝයි… “

“මොකාද බං කෝ??? කෝ??”

“අර කොළ ගුලි ගහපු අහිංසක බෝයි අනේ…”

“ඈ…ඔව් නේන්නම්… ඒකා නේන්නම්….හම්මා…. කෙල්ලගෙ ලක් එක බලාපල්ලකෝ…දැන් ඉස්කෝලෙත් දැනගත්ත නේ… නියමයි. අපි බලමුකෝ මේ සෙනසුරාදට..”මගේ ඉහේ මලක් පිපුනා වගේ..හිත පුරාම අමුතු සතුටක්… කියගන්න තේරෙන්නෙ නෑ….බලමුකෝ..මේ සෙනසුරාදට එයිනෙ… සෙනසුරාදට තව දවස් දෙකයිනෙ………








3 වෙනි කොටසට

Post Comment

15 comments:

  1. ඒ සිරා බන්...මරුවට ලියලා...ඉක්මනට අනිත් එක දාපියෝ........

    ReplyDelete
  2. මධූ !! ඒ කොල්ලව යාළුවන්ට නම් පෙන්නන්න එපා. යාලුවන්ට ඊර්ෂ්‍යා හිතේවි.

    ලස්සන කතාවක්. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.
    මට හිතෙන්නේ මේ කෙල්ලට හරි යාවි. විභාගේ පාස් වෙලා කැම්පස් යාවි !!!!

    ReplyDelete
  3. @රත්ගමයා- අහ් සිරාවටද??? හික් හික්.. එහෙනම් කමක් නෑ... රත්ගමයගෙනුත් හොඳක් අහගත්තා එහෙනම් මම.ස්තූතියි!!!!

    @මධුරංග අයියා-නෑ.. නෑ අයියා.. මධූ ගෙ යාළුවො පිස්සු වුනාට උන්ගෙ හිත හොඳයි...
    ඉතුරු ටිකත් ලියන්වා... හීන හැමෝටම තියනවා අයියා. කොහොම කළත් සිතු දේ නිම වේ..නොසිතු දෙයක් වේ ලුනෙ.. බලමු... මොකෝ වෙන්නෙ කියලා..හැබැයි අයියාට එහෙම හිතුනෙ නම් මොකද මංදා..හොඳ මිනිස්සුන්ට වරදිනවා වැඩියි :)

    ReplyDelete
  4. මාත් හැබැයි රොටරියට යනවා..මේ ටිකේ පොඩ්ඩක් පරිස්සම් වෙන්ටෝන :)

    ReplyDelete
  5. හි හි... ඔයා පරිස්සම් වෙන්න හදන්නෙ කාගෙන්ද?? රොටරියට ගියාට හැමෝටම මෙහෙම වෙන්නෙ නැතෝ.....:p

    ReplyDelete
  6. හ්ම්ම්ම්... බලමුකො සෙනසුරාද මක්කැයි වෙන්නෙ කියල...

    ReplyDelete
  7. ඔය තියෙන්නෙ ලෙසටම.... 95% ගොඩ...

    පොඩි කාලෙ ඉදලම එකට හිටපු... කියල තියෙන චේදෙ ගාථා ගායනා කරල කියන තැනින් කැඩුවනම් නියමයි...

    කතාව යනව යන්න ඕනෙ විදියට ලෙසටම... ඔන්න මටත් දැන් 3වෙනි කොටස කියවන්න ඕනෙ... පෝස්ට් එක දිග මදිද මන්දා...

    ReplyDelete
  8. හොඳ ට ලියලා තියෙනවා. 3 වෙනි කොටසත් කියමුකො බලන්න....

    "හොඳ මිනිස්සුන්ට වරදිනවා වැඩියි" ඒක නම් ඇත්ත.

    ReplyDelete
  9. කියන්ට බෑ නෙ දැන් හැදෙන කෙල්ලො ගැන විස්වාස කොරන්ට අමාරුයි..

    ReplyDelete
  10. @ප්‍රසංග-හ්ම්ම්ම්ම්ම් බලමුකෝ...;)

    @පොඩි මෑන්- ඔව් දිග මදි බවනම් කීපදෙනෙක් ම කිව්වා.. ඊළග එක දිගට ලියන්නම්.. ස්තූතියි හුගාක්.. උපදෙස් වටිනවා..:)

    @මහී- ස්තූතියි යාලූ... 3වෙනි කොටසත් දාන්නම්කෝ... ඔව් හොද මිනිස්සුන්ට වරදිනවා වැඩියි කියලා මං හිතනවා.. අර හිත හොද ගෑණි හැමදාම බඩින් කියනවානෙ කතාවටත්. ස්තූතියි ...!!!

    @සාටර්- කෙල්ලො විතරක්ද??? ඇයි කොල්ලො.. විස්වාස කරන්න අමාරුයි...

    ReplyDelete
  11. ඔන්න හිතුවක්කාරිව බලන්න ආපු මුල්ම වතාවෙම අහන්න ලැබුනේ මංගල කාරනාවක්නේ....
    කතාව ඉක්මනටම අහන්න ඉතුරු ටිකත් දාමු නේද ඉක්මනටම

    ReplyDelete
  12. එක ඇහිපිල්ලමයි..කතාව ඉවරයි...ලස්සන කතාවක් ඔච්චර චුට්ටකින් ඉවර කරන්න එපා.....දිගටම ඉක්මනට ලියන්න හොදේ..

    ReplyDelete
  13. @දේවා ගේ අඩවිය- අහ් ස්තූතියි මේ පැත්තට ආවට... :) සාදරයෙන් පිළිගන්නවා.. ඉතුරු ටිකත් ඉක්මණටම දාන්නම්...

    @නිම්ශා- හ්ම්ම්ම්ම්ම් .... ගොඩක් අය කිව්වා.. අනිත් දවසෙ ටිකක් දිගට දාන්නම්..ගොඩාක් දිග වුනොත් කියවන්න කම්මැළි වෙයි කියලයි ටිකක් දැම්මෙ. :) ස්තූතියි ඔයාටත්..:)

    ReplyDelete
  14. ගොඩාක් ලස්සනට ලියලා තියෙනවා හිතූ,, අනිත් කොටසත් ඉක්මනටම ලියන්න,, :)

    ReplyDelete
  15. ස්තූතියි ශානි...!!!! අනිත් කොටසත් ඉක්මනටම ලියන්නම්..:)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....