නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

27 August 2011

තටු සිඳුනු සමනළි - 3 වන කොටස

 හුග දවසක ඉදන් හැමෝම මගෙන් කාතාවෙ ඉතුරු ටික දන්නෙ කවද්ද කවද්ද කියලා අහ අහ හිටියෙ. පහු ගිය දවස් ටිකෙ මගේ කොම්පියුටරේ පිස්සු නටපු නිසාත්, විභාග කීපයක් නිසාත් ටිකක් හිර වෙලා හිටියෙ. ඔන්න අද 3 වෙනි කොටස දැම්මා. කියවලා බලලා හොඳ නරක කියන්නකෝ...

1 වන කොටස බලපු නැති අයට මෙන්න- තටු සිඳුනු සමනළී 1
2 වන කොටස බලපු නැති අයට මෙන්න- තටු සිඳුනු සමනළී 2


අද 3 වන කොටස......


-----------------------------------------------------------------------------
"ඔබ නැතිව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හිමි හිමිහිට..."

අම්මාගෙ පුංචි රේඩියෝවෙ යන වික්ටර් රත්නායකයන්ගෙ සිංදුව  මට යන්තමට වගේ කාමරේට ඇහුනේ physics යාන්ත්‍ර විද්‍යාව ගාණක් හද හද ඉද්දියි.

හිත නොදැනුවත්වම ගියේ අහිංසකයා ළගටයි.දෙන එය මොනා කරන්වා ඇත්ද, එයා එදා ගියේ කාගෙ පංති ද, ඇයි මගේ හිත එයා ගැන වද වෙන්නෙ. ඔය වගේ දාහක් ප්‍රශ්න එක්ක මගේ හිත පැටළුනා.

"දෙයියනේ...මොනාද මං මේ හිත හිත ඉන්නෙ.අවුරුදු ගාණක් යස අගේට ඉඳලා එකසැරේම කොහෙන්ද පාත් වුනු කොල්ලෙක් නිසා මගේ හිත මෙහෙම පිස්සු වැටුණේ ඇයි?"
මං මගේ හිතින්ම අහගත්තා.

හිත එක අරමුණක තියාගන්න බැරි ගතියක් දැනෙන්න පටන් අරන්."මේ සිංදු ගැනයි, අහිංසකයා ගැනයි වැඩක් නෑ... විභාගේ පාස් වෙන්න පාඩම් කරන්න වෙනවා."

මං මගේ හිතටම තරවටු කරගෙන ආයෙමත් වැඩ කරන්න පටන් ගත්තා විතරයි.. මගේ මොබයිල් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

" ඒ ගමන කවුද මන්දා... චික්... මේ ගණන් ටිකනම් හදන්න වෙන්නෙ නෑ."

" හෙලෝ මධූ...මොකෝ කරන්නෙ??"
හසී බෙරිහන් දුන්නෙ ෆෝන් එකෙන්.

" හෙලෝ හසී... මොකෝ මේ කෑගහන්නෙ. මං මේ physics ගණන් වගයක් හද හද හිටියේ??"

" කෑ ගැහුවේ නෑ බං. මොන ගණන් ද??? පංතියේ ඒවාද??"

"ඔව් ඔව්. හසී.. අනිද්දා පංතිනෙ"

" අහ්.. උඹ අනිද්දා physics පංතියේ ගණන් හදන්නෙ. හෙට පංතියේ ගණන් ටික හැදුවද??"

" මල කෙළියයි...!! මට දැන් නෙ මතක් වුනේ..combined ගණන් ටික."

"ඔව් ඉතින්. උඹට ඒ පංතියේ සර් උගන්නන ඒවා මතක නෑනෙ. වෙන මගුල් නෙ මතක."

" අනේ නිකා ඉන්න හසී.. මට ඒක අමතක වුනා. මං දැන් කරන්නම්.."

" හරි හරි. මං මේ කතා කලේ හෙට බස් හෝල්ට් එකට එන වෙලාව අහගන්නත් එක්ක.කීයටද එන්නෙ??12.45 ට??"

" හරි අපි ඒ වෙලාවට එමු. එහෙනම් මම හෝල්ට් එකට එන්නම් 12.45 වෙද්දි. හරී??"

" හරි මධූ. එහෙනම් හෙට හම්බෙමු. මං තියන්නම්. බුදු සරණයි!!!"

"බුදු සරණයි හසී"


හසී කතා කලේ හොද වෙලාවට. නැත්තම් මට ඇත්තටම ඒ ගණන් ටික හදන්න අමතක වෙනවා.ඔක්මණට ගණන් ටික හදලා දන්න ඕනෙ. හදාලා දාලම නිදා ගන්නවා.
-------------------------------------------------------------------------------
 පහුවදා උදේ පන්දරම මම අහැරුනේ පුදුම සතුටකින්. අලුත් බලාපොරොත්තුවක් හිතේ තියගෙන වගේ.. හිත පුරාම පැතුරුණු මටත් නොදැනුණු, මොකක්දෝ මන්දා අමුතුම හැගීමකින් හිත පිරිලා.

මම උදේ පාන්දරම කාමරේ ජනේලෙත්  ඇරගෙන එළිය බලන් හිටියා. උදේම එළියෙන් එන සීතල හුළගට මම හුගාක් ආස කලා.හිතටත් අමුතුම සැහැල්ලුවක් ඒ හුළගෙන් දැනෙනවා.මිදුලේ සේපාලිකා ගහේ මල් බිම පුරාම වැටිලා. සුදු පාටින් හිම වගේ.ඒ මල් සුවද තවමත් හීනියට දැනෙනවා.

" උදේ පාන්දරම ජනේලෙකුත් ඇරගෙන මොකද ළමයෝ මේ කරන්නෙ??"

" නෑ අම්මා මං මේ හුළං ටිකක් වදින්නයි ඇරියේ"

" උදේ පාන්දර ඔය සීතල හුලං හොද නෑ... හච්චින් යවන්නකෝ සීතලේ ජනෙල් ඇරන් දගලලා."

" අයියෝ නෑ අම්මා.. එහෙම වෙන්නෙ නෑ.."

" හරි හරි.. අන්න තේ හදලා කුස්සියේ.. ගිහින් මූණ කට හෝදගෙන තේ බොන්න. තේක සීතල වෙයි."
අම්මා මට තේ බොන්න කියලා කුස්සියට යන්න ගියා. මමත් ඒ පස්සෙන්ම කුස්සියට ගියේ තේ බීලා උදේ පාන්දරින්ම නා ගන්න හිතා ගෙන.උදේම නෑවාම දවසම සැහැල්ලුයි..

මම උදේම නාලා, ඉතුරු ගණන් ටිකත් හදලා,පොත් ටික ලෑස්ති කලා. කෑම කාලා,හිමින් සැරේ පංති යන්න ලෑස්ති වුනා.12.45 වෙද්දි බස් හෝල්ට් එකට යන්න ඕනෙනෙ.මම ආසම මට තියන ලස්සනම රෝස පාට ටී ෂර්ට් එකයි, ලා නිල් පාට ඩෙනිම් කලිසමයි ඇදගත්තා.ඒකටම ගැළපෙන්න රෝස පාට කරාබු දෙකක් දාගත්තා.සුපුරුදු පෝනි ටේල් එක දාලා කොණ්ඩෙ පීරලා කණ්ණාඩියෙන් හැඩ බැලුවා වටයක් කැරකිලා.

" නරක ම නෑ කෙල්ලෙ. ඔය ඉන්නෙ කැත නැතිව. ඔය මැදැයි." මං මටම කියාගෙන ඕඩිකොලොන්ග් බෝතලෙන් චුට්ටක් අරගෙන ගාගත්තේ  ඕඩිකොලොන්ග් වල එන ඒ සෞම්‍ය සුවදට මම හුගාක් ආස කල නිසායි.

 වෙලාව 12.30යි.. දැන් ගියාම 12.45 වෙද්දි හංදියේ බස් හෝල්ට් එක ළගට යන්න පුලුවන්.මම් අවසාන වතාවටටහ් කණ්නාඩියට විරිත්තලා.. එළියට ආවෙ යන්න ලෑස්ති වෙලා.

" අම්මා... මං යන්න හදන්නෙ."

"සල්ලි ගත්තද බස් එකට යන්න.ඔය මේසෙ උඩින් තිබ්බා."

"ඔව් අම්මා ගත්තා. මං ගිහින් එන්නම් අම්මා."
අම්මට දණ ගහලා වැදලා මං පාරට ආවෙ හංදියට යන්න බස් එකක් අල්ලගන්නයි. අපේ පාරෙ ඉතින් කොච්ච්ර බස් තිබ්බත් අපිට ඕනෙ වෙලාවට ගමනක් යන්න ගියාම බස් එකක් නෑනෙ.

වෙලාවට CTB එකක් ආවා. සීසන් එක තියන නිසා සංතෝසේ බෑ.. ඒකට නැගගෙන මම හංදියේ බස් හෝල්ට් එක ළගට එද්දිත් හසී ඇවිත්.

" ආව් අප්පා. කෙල්ලගෙ හැඩ. මූනත් නිකන් පෙම් පාටක් ගහලා.මෙච්චර වෙලා මේකප් දැම්ම නේද?? පරක්කු වුනේ??"

 " ඔන්න ඔන්න ඉතින් පටන්ගත්තා ආවා විතරයි.නෑ කෙල්ලෙ. මේ බස් නෑනෙ.ඒකයි.කෝ නිශා?"

" නිශා එයි. දැන් මගලු.අද කෞෂිත් එනවා කිව්වා. අපේ පංතියට අලුතින්."

" කවුද?? මේ අපේ O/L ගණන් පංති ආව කෞෂි??"

" ඔව් ඔව්. එයා තමයි.. අහ් අර කියන කොටම එන්නෙ. දෙන්නම."

" හානේ මධූ.. කොහොමද?? මමත් අද ඉඳන් එනවා මේ පංතියට."

" ෂා... නියමයිනෙ කෞෂි.. කොච්ච්ර හොදයිද..නේද නිශා??"

" ඔව් ඒකතමයි. හොදයි. "

" අන්න අර බස් එකේ යන්ද අපි?? නැත්තම් අදත් පරක්කු වෙයි"

හසී කිව්වෙ ඈතින් එන බස් එකක් පෙන්නලා. අපි හතර දෙනාම ඉක්මණට ගිහින් බස් එක නැවැත්තුව ගමන් නැගගත්තා.අපි කොහුවලින් බැහැලා ටික දුරක් යද්දිම වගේ කවුද පිරිමි ළමයෙක් "කෞෂී.. කෞෂී" කියලා කතා කරනවා ඇහුනා.

කෞෂීත් එක්කම අපිත්  හැරිලා බැලුවා.

" ඈ... මේ අර අහිංසකයගේ යාළුවා නේද?? "

නිශා ගත් කටටම බෙරිහන් දුන්නා. මටත් ඇති වුනු එකම කුතුහලය කෞෂි කොහොමද මෙයාව දන්නෙ කියලා. ඒ කියන්නෙ කෞෂි අහිංසකයවත් දන්නවද දන්නෙ නෑ...

" අහ් මේ ඉන්නෙ තාරුක. මගේ යාළුවෙක්ගෙ හොදම යලුවෙක්. "

කෞෂි අපිට අහිංසකයගෙ යාළුවාව අදුන්වලා දුන්නා.අපිත් හෙන තැන්පත්, අහිංසක , හැදිච්ච ගෑණු ළම්යි විදියට හිනා වුනා.

" මේ ඉන්නෙ මගේ යාළුවෝ ටික. මේ මධූ. මේ හසී.. මේ නිශා.."

" අහ් මේ ගොල්ලොන්ව මම දැකලා තියනවා පංතියේදි. අපි ඉතින් ගෑණු ළමයින්ට කොළ ගුලි එහෙම ගහලා ටිකක් දැකලම අදුරනවා කට්ටියව"

කෞෂි එක එක එක්කෙනා ගානේ අපිව තාරුකට අදුන්වලා දුන්නා. තාරුකත් බොහොම ගෞරවයෙන් අපිට හිනා වෙලා කතා කලා.

"තාරුක තනියමද පංති එන්නෙ??? කෝ යාළුවෝ??"      

කෞෂි ඇහුවෙ මගේ හිතේ නලිය නලිය තිබුනු ප්‍රශ්නෙමයි..

" නෑ.. නෑ. දසුන් ඉන්නවා වෙන්දට. හැමදාම අපි දෙන්න නෙ පංති එන්නෙ. ඒත් අද ඌ නෑ.. මං තනියම."

මගේ හිත මොහොතකට නතර වුනා වගේ. "දසුන්" මම හිතින් කියවගත්තා ඒ නම. ඒ කියන්නෙ අහිංසකයගෙ නම දසුන්...

" අන්න උඹෙ ප්‍රිය දසුන අද නෑලූ..."

 කතාව තේරුනු හසී මගේ කනට කරල කෙඳිරුවා.

" ඒකතමයි. ඇයි දන්නෙ නෑ අද එයා නැත්තෙ."

" අහ් ඕන්නම් අහල බලමු. තාරුකගෙන්"

" පිස්සුද බං??? මොලේ අමාරුවද??"

"උඹට බැරි නම් මං අහන්නම්කෝ..ඉන්නවකෝ"
මේ වෙද්දි තාරුකත් කෞෂිත් බර කතාවක. අපි තුන්දෙනා ඉස්සරහින් ගියේ.. තාරුකයි කෞෂියි පිටිපස්සෙන් ආවෙ.

" මේ තාරුක.. ඇයි අද ඔයාගෙ යාළුවා නැත්තෙ?? මේ අපේ මධූගෙ අහසට කළු වළාකුළු ඇවිත් අඳුරු වෙලා. වහින්න වගේ.."
මම වහාම හසීව කෙනිත්තුවා.    
"ඌයියීය්යා........."

" අහ් ඌට සනීප නෑ... උණ හැදිලා"

තාරුක කිව්වෙ හිනා වෙවී මගේ දිහා බලාගෙන. මට හසී එක්ක පුදුම තරහක් ආවෙ. ඒත් අනේ අහිංසකයා.... පවු.. එයාට උණ හැදිලා.. මගේ හිත මහා දුකකින් ඇවිළුනා.

" මොන කරන්නද?? ලබ්න සතියෙ එන්නෙ නැතෑ... අපි පංතියට යන්. උඹ නිකන් මූන කළු කරගත්තෙ හරියට මිනිහා ලෙඩ වුනු ගෑණි  වගේනෙ.යන් යන් පංතියට"

මම හසී එක්කම පංතියට ගියා. ඒත් මගේ හිත මහා දුකකින් පිරුනා..."ඒත් කමක් නෑ.. එයා ගැන විස්තරයක් දැනගන්නවත් පුළුවන් නෙ දැන්..." එහෙම හිතාගෙන මන් හිත හදාගත්තා.

එයිනෙ ලබන සතියෙ.. බලමුකෝ.. අනේ.. එයාට ඉක්මණට හොද වෙන්න ඕනෙ....



4 වෙනි කොටසට...

Post Comment

26 comments:

  1. අපූරුවට කතාව ගලපගෙන යනව හිතූ... ඉතිරි කොටස් ටිකත් ඉක්මනට ඕනා! කුතුහලය උපරිමයි

    ReplyDelete
  2. ලබන සතියේ එනකන් ඉන්න බෑ... ඉක්මනට ඉතුරු ටිකත් දැම්මනම් තමයි හරි... :D

    ReplyDelete
  3. @විසිතුරු- ස්තූතියි යාලු... ඔව් පුළුවන් ඉක්මණට ඉතුරු ටිකත් ලියන්නම්කෝ.... හි හි... කුතුහලය දිගටම තියෙයි....

    @MaRLan-ලබන සතිය වෙනකම් ඉන්න වෙනවා...;) මොනා කරන්නද ඉතින්...
    ස්තූතියි මෙහාට ආවට..:)

    ReplyDelete
  4. නියමයි... කොටස් කියක් විතර තිනවද ඔක්කොම?

    ReplyDelete
  5. සිරාවටම කතාව යනවා..හරිම ලස්සනයි
    මේ ලබන සතිය වෙනකම් නම් ඉන්න බැහැ..ඉක්මනටම දාන්න :)

    ReplyDelete
  6. ලියමු ඉතුරු කොටසත්..හැබැයි ඔච්චර කල් ඇරියොත් නම් වැඩේ එපා වෙනවා..සීරියස් එකක් පටාන් ගත්තම ඉක්මනට දාන්න ඕනෙනෙ :)
    ඒලෙවල් මොන අවුරුද්දෙද?

    ReplyDelete
  7. කොටස් තුනම කියෙව්වෙ අද... හරිම ලස්සනයි...

    ReplyDelete
  8. හිතුවක්කාරියේ දේව්දාස් කලින් පොස්ට් දෙකට දාපු කමෙන්ට්ස් වැටිලා නෑ නේ... ඔන්න මේකවත් වැටෙයි කියල හිතන් දානවා... ChammA කිව්වා වගේ ලබන සතිය වෙනකන් ඉන්න බෑ... ඉක්මනින් දාන්න ඉතුරු ටික... ලස්සනයි කතාව...

    දේව්දාස්...

    ReplyDelete
  9. තමන් කැමති කෙනා ලඟ නැති උනාම දැනෙන්නේ වෙනස්ම පාලුවක්...

    ReplyDelete
  10. @රහස් පරීක්ෂකයා- ස්තූතියි..!!!කොටස් 10කින් වගෙ ඉවර කරන්නඉ ඉන්නෙ. එච්ච්ර වෙන එහෙකුත් නා සමහර විට.

    @ChammA-ස්තූතියි සහෝ... අහ් ඉක්මණටම දාන්නම්. වෙලාව තියන හැටියට ලියලා දන්නම්.. අනිවා.:)

    @සාටර්- ඉක්අණටම ලියන්නම්. ඔව් කල් ගියා වැඩි වුනා. විභාග වගයකට හිර වුනානෙ. ඒකයි.
    මම ඒ ලෙවල් කලේද?? මම නම් 2009

    @මන්තරකාරී-ස්තූතියි හුගාක් අක්කි..!!!

    @දේව්දාස්- අහ් මේ කමෙන්ට් එක වැටුනා. මේ තියෙන්නෙ.:p
    ස්තූතියි... මං ඉක්මණින් ලියලා දන්නම් කතාව.

    @නිම්ශා- ඔව් ඒක ඇත්ත . ඒ පාළුව විස්තර කරන්න ආමාරුයි..:)

    ReplyDelete
  11. නියමයි යාළුවා... ඔයා ලස්සනට කතාව ලියනවා...

    ReplyDelete
  12. ස්තූතියි යාලූ.... හුගාක්. දිගටම ඉන්න.. ඔයාලගෙ අදහස අඩු පාඩු හොද නරක, මට ගොඩක් වටිනවා

    ReplyDelete
  13. අනේ මන්දා.. මට ටිකක් අවුල් වගේ, කෞශි ආපු එක... එයා නිසා මොකක් හරි අවුලක් ගියොත් ඔන්න මම නොකිව්වයි කියන්න එපා හොඳේ... :)
    ලස්සනට ලියලා නංගියෝ.. නියමයි... මාත් බලන් ඉන්නෙ මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  14. හි හික්... අක්කි බය වෙන්නෙපා... කෞෂි ගෙන් නරකක් වෙන එකක් නෑ...;)
    ස්තූථියි අක්කියෝ.... බලමු බලමු මොකො වෙන්නෙ කියලා...

    ReplyDelete
  15. මාරයි..සිරාවටම ලියල තියෙනවා..මේ ඔයාගේ කතාව නේද? ;)
    ඉතුරු ටිකත් දාන්න ඉක්මනටම..බලන ඉන්න බැරියෝ..:D
    ජය වේවා!!!

    ReplyDelete
  16. ස්තූතියි ගිනි කුරුල්ලෝ..... හික්ස්ස්... ඒ මොකෝ මගේ කතාවද ඇහුවේ??? ;)
    ඉක්මණටම දාන්නම්කෝ... ජය..!!!

    ReplyDelete
  17. අහ්හ් එහෙනම් දේව්දාස් ගේ අතින් මොනවා හරි වැරද්දක් වෙන්න ඇති... සමාවෙන්න හිතුවක්කාරී... දේව්දාස් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දානවා...

    දේව්දාස්...

    ReplyDelete
  18. අයියෝ..... දේව්... සමාව ඉල්ලන්නෙපා... ඒවා හරී.. ඕක මොකක්ද... :)

    ReplyDelete
  19. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නනෝ.මම හොඳටම බය වුනා දසුන් කියන්නේ කෞශිගෙ කොල්ලා කියලා.වෙලාවට එහෙම වුනෙ නැත්තේ. නැත්නම් මේ කතාව මෙතනින්ම ඉවරයි නේ..:))

    ReplyDelete
  20. හික්ස්ස්... වෙලාවට එහෙම නෑ අක්කි... දසුන් ගැන හෝඩුවාවක් හොයාගන්න පුළුවන් කෞෂිගෙන් නෙ.. ඉතින් කතාවට කෞෂි ඔත්තුකාරියක් ;)
    දිගටම ලියන්නම්කෝ.. ස්තූතියි මේ පැත්තට ආවට අක්කි..:)

    ReplyDelete
  21. ඉක්මනටම කතාවේ ඉතුරු හරියත් ලියන්න.
    ලස්සනට ගලාගෙන යන කතාවක්. කම්බයින්ඩ් ගණන් කරන්නේ නතුව පිසික්ස් කරන්නේ මොකෑ. ඉස්සෙල්ලා කම්බයින්ස් පස්සේ පිසික්ස් !!! (ඉස්සෙල්ලා ඩ්‍රින්ක් පස්සේ තින්ක් එහෙම නෙමේ.)

    මොකෝ ඔයාලා පෝනි ටේල් ගට ගහන්නේ ? දන්නේ නති නිසයි අහන්නේ. "පෝනි ටේල්" හික්ස් :)

    ReplyDelete
  22. ඉතුරු ටිකත් ඉක්මණටම ලියනවා අයියා. අහ් කම්බයින්ඩ් ඉතින් අමාරුයිනෙ. පිසික්ස් සාපේක්ෂව ලේසියිනෙ ඊට වඩා. ඉතින් කවුරුත් කැමති එහෙමනෙ.. ලේසි ඒවාටනෙ..;)

    හික්ස්ස්...... "පෝනි ටේල් ගැටගහන්නෙ ඉතින් හුරතලේටනෙ..;) හික්ස්ස්ස්... ආසාවට වගේ..." ;)
    අයියාටත් තියන ප්‍රශ්න..:p

    ReplyDelete
  23. හිතුවක්කාරීව බලන්න මුලින්ම ආවේ අද. කතාව නියමයි. ආදරේ කරන කෙනාට දුකක් කරදරයක් කියලා දැනගනත් එයාගේ දුක සැප බලන්න අවසරයක් නැති උනාම හිතට දැනෙන හැගීම ගැන කියන්න තේරෙන්නේ නැ. ඔය අහින්සකයාව හැමදාම ලෙඩ ඇදේ නම් තියන්න එපා

    ReplyDelete
  24. ස්තූතියි මාව බලන්න ආවට.. හුගාක් ස්තූතියි දිරිගැන්වීමට..:)
    ඔව් ඒක ඇත්ත... එතකොට හිත පිච්චෙනවා..නෑ.. අහිංසකයා ලෙඩ ඇඳේ ඉන්නෙ නෑ...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....