නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

02 August 2011

ආදරේ....අහස තරම්....



මම ඔයාට මහ ගොඩාරියක් ආදරෙයි කියලා
මුළු ලෝකෙටම පේන්න
ලස්සනට ලියන්න
හීනයක් තිබුනා මට.......
අච්චරක්ද මෙච්චරක්ද කොච්චරක්ද
කියලා මනින්න බැරි අහස පුරාම
ඔයාට මගේ හිතේ තියන ආදරේ
අකුරු කරන්න
මග බලන් හිටියා මං.....
වළාකුළු එක්ක යාළු වෙලා
සුළගට කවි කියලා
ඉරටයි හඳටයි අරාධනා කරලා
මගේ ආදරේ නිල් අහස පුරාම ලියන්න
මං පෙරනිමිති බැලුවා.....
අනේ.........
මගේ හීන බොද වුනා....
බලාපොරොත්තු සුන් වුනා...
මගේ ආදරේ අහස පුරා අකුරු කරන්න උන්නු මට
ඔයාගෙ ආදරේ හිමි නොවන දුක
ලියන්න වුනා.........
මම මේ ඇස් වල කඳුළු හංගගෙන
මගේ (අ)හිමි ආදරේ කවි කලා....
ඉන්න තැනකින් අහස බලන්න
රත්තරං.....
මේ ආදරේ ඔයාට......

Post Comment

14 comments:

  1. අහිමි ආදරෙරිකට අඬලා වැඩක් නෑ යාලු. ඔයාට ඒ ආදරේ ලැබෙයි නම් ඒන ඉර හඳ වගේ ලැබෙනවා. ඒත් නොලැබෙන ආදරයක් නම්....

    ඒ නිසා අපි උපේක්ෂාවෙන් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... එදා ඉදන් මං කරන්නෙ බලන් ඉන්න එක තමා අයියා...:) ඇත්ත දෙයක් ලැබෙන්න තියන්වනම් ඒක ලැබෙනවාමයි.... මාත් පිළිගන්නවා :)

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්,,, මාත් ඔය විදිහට බලාගෙන ඉන්නවා...
    අපි දැකපු සිහින ඇස් ඉස්සරහම බොඳ වෙලා යද්දි දැනෙන දුක කියාගන්න බෑ......

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්..... ඔව් සහෝ.... ඒක ඇත්ත... කාලයට ඉඩ දීලා බලන් ඉන්න එක හැර කරන්න ව්න දෙයක් නෑනෙ..:) ස්තූතියි මේ පැත්තට ආවට..

    ReplyDelete
  5. දුක් වෙන්න එපා... ඔයාගේ ආදරේ ඔයාව දාලා ගිහින්ද....?

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... දුක් නොවී ඉන්න කවුරුත් ආසයි.. මාත් ආසයි..ඒත් අමාරුයි... ස්තූතියි..:)

    ReplyDelete
  7. මගේ ආදරේ අහස පුරා අකුරු කරන්න උන්නු මට
    ඔයාගෙ ආදරේ හිමි නොවන දුක
    ලියන්න වුනා.........
    මම මේ ඇස් වල කඳුළු හංගගෙන
    මගේ (අ)හිමි ආදරේ කවි කලා....
    ඉන්න තැනකින් අහස බලන්න
    රත්තරං.....
    මේ ආදරේ ඔයාට......
    ලස්සනයි හිතු....දුක සැප දෙකම උපෙක්ෂාවේන් බාර ගමු...
    ලැබෙන්න තියනවනම් ඒක කොහේ හිටියත් අපිට ඒ දේ ලැබෙනවා...බුදු දහමේ කියලා තියෙන්නේ එහෙමයි හිතු...ඒක තමා ඇත්ත.....

    ReplyDelete
  8. ඔව් හංසනී...!!!! ඒකනම් ඇත්ත... මාත් ඔයාගෙ කතාවට එකගයි... ලැබෙන්න තියනවනම් දෙයක් අපිට ඒක ලෝකෙ කොහේ තිබ්බත් ලැබෙනවාමයි....:) ඔව් බලන් ඉන්නාව ඇර වෙන කරන්න දෙයක් නෑ...:) බලන් ඉමු.. ස්තූතියි මෙහාට ආවට...:)

    ReplyDelete
  9. සිරාවටම... ලැබෙන්න තියෙනවා නම් ඒ දේ ලැබෙනවාමයි

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... මාත් එහෙම හිතනවා..... :) ස්තූතියි මෙහෙට ආවට. හොඩ කාලෙකින්..

    ReplyDelete
  11. තර්කයේ සියුම් තැන ස්පර්ශ කලත්
    ලෞකික ලෝකයෙන් වෙන් කල නොහැකි
    පරමාදර්ශි ප්‍රේමය වු කලී කුමන බලවේග ආවත්,
    සංවේදි මිනිසුන් වසන තාක් පරාජය නොවන,
    මිලිනව නොයන්නා වු සදා සුපුෂ්පිත සුගන්ධවත් පුෂ්පයකි.

    පරමාදර්ශි ප්‍රේමයට ජය.....

    ReplyDelete
  12. හම්මෝ... ටිකක් බර වැඩිද මන්දා හිතුවක්කාරිට...;)
    ස්තූථියි.... හුගාක්.. පරමාදර්ශී ප්‍රේමය හැමදාම දිනන්නෙත් නෑ...

    ReplyDelete
  13. පරමාදර්ශි ප්‍රේමය දිනන් නැත්නම් ,
    ඒක ඇතිවෙලා නෑ කියලා කියන්න බැරිද?
    ඒ කියන්නේ එ ප්‍රෙමය පරමාදර්ශි නෑ...
    (තර්කයක් පමණි, හිතුවක්කාරිට කියනා දෙයක් නොවේ )

    ReplyDelete
  14. අනේ මංදා... පරමාදර්ශී ප්‍රේමය දිනවා ඇති... ඒත්.. ප්‍රේමය කොහොම ගත්තත් ගින්නක්... පිච්චෙන්නයි තියෙන්නෙ.. මං දන්නෙ එච්චරයි.. අවංක ඇත්ත ආදරේ කරන අය දුකින් ඉන්නෙ හැමදාමත්...
    මං දන්නෙ එච්චරයි..

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....