නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

07 August 2011

අලුත් ජීවිතයක් ගැන හීනයක්.........

ජීවිතේ සිද්ධ වෙන සමහර දේවල් නිසා මිනිස්සුන්ට ජීවිත එපා වෙන අවස්ථා තියනවා.සමහර වෙලාවට හිතෙනවා ඇයි මෙහෙම දේවල් අපිටම වෙන්නෙ කියලා.මේ දුක් ඔක්කොම අපිටම විතරද කියලා හිතෙනවා.මටත් එහෙම හිතුනු හිතෙන වෙලාවල් හුගාක් තියනවා.ඕන දුකක් ඉවසන්න පුළුවන් තමන්ට තමන් ගැන දැනෙන දුක තරම් ඉවසගන්න අමාරු දුකක් තවත් නෑ කියලයි මං හිතන්නෙ.

පුංචි කාලෙ ඉඳන් මාව දන්න අඳුරන ගොඩාක් අය කියන දෙයක් තමයි මං ඕනාවට වඩා හිතනවා වැඩියි කියන එක.මටත් ඒක අද වෙද්දි නෙවෙයි,හුගාක් ඉස්සර ඉඳන් දැනුනු දෙයක්.ඒ වගේම තමා පුංචි කාල ඉඳන්ම මම පොඩි දේටත් අඬන නිසා හුගාක් තැන් වලදි,හුගාක් අයට මාව ඇඬීම නිසා මතක හිටපු චරිතයක් උනා.ඉස්කෝලෙදි,නෑදෑයො අතරදි,යාළුවො අතරදි මගේ ඇඬිල්ල නිසා අමතක නොවන අවස්ථා ඇති කළා.අදටත් මගේ ජීවිතේ ලොකුම දුර්වල කමක් විදියට,හදාගන්න බැරි දුර්වල කමක් විදියට මම දකින ලොකුම දේ තමා මේ පොඩි දේටත් ඇඬෙන එක.මම හුගාක් උත්සාහ කලා,උත්සාහ කරනවා හිත හයිය කරගන්න.ජීවිතේ හම්බෙන පුංචි පුංචි බාධක ළගදිත් නොදරුවෙක් වගේ අඬන්නෙ නැතිව ඒවට මූණ දෙන්න හිත හයිය කරගන්න මම කැමතියි.ඒත් දෙයියනේ මං කොච්චර උත්සාහ කලත්,කොයිතරම් එහෙම ඉන්න හැදුවත් මට ඒක අද වෙනකම් කරන්න බැරි වුනා.ඒ නිසාම මම ජීවිතේ හුගාක් තැන් වලදි පැරදුනා කියලා මට හිතෙනවා.පොඩි දේටත් හිත රිද්දගන්න එක,පුංචිම දේකටත් කලබල වෙලා දුක් වෙන එක,දුක කියන එක බලෙන්ම ජීවිතේට එල්ල ගන්න එක මටම මහ පුදුම වදයක් වෙලා දැන්.නමුත් මම නිතරම හිනා වෙලා ඉන්න කෙනෙක්. එහෙම හිනා වෙලා ඉන්න ආස කෙනෙක් . ඒත් සමහර සමහර පුංචි දේවල් වලදි හුගාක් දුක් වෙනවා. ඕනාවටත් වඩා.

      සමහර මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ,එදිනෙදා ජීවත් වෙන්න ආශ්‍රය කරන්න ගියාම මේක තදින්ම දැනෙනවා.හුගාක් මිනිස්සුන්ගෙ හැසිරීම් නිසා හිත රිදෙනවා වැඩියි.මිනිස්සු කියන්නෙ හුගාක් වෙලාවට ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී ජාතියක්.ඉතින් සමාජෙ ජීවත් වෙද්දි මිනිස්සු එක්ක වැඩ කරද්දි ,ඒ දේවල්වලට මූණ දෙන්න හිත හයිය වෙන්න ඕනෙ.හිතෙ එකක් තියාගෙන මූණට වෙනෙකක් කතා කරන,වචන වලින් මිනිස්සු මරන්න හදන,පට්ට පල් බොරු ගොතල කියන,ළගම ඉන්න ,එකට බත් එක බෙදාගෙන කන තමන්ගෙ යාලුවා පාගගෙන උඩට එන්න දගලන ,අවස්ථාවාදී කපටි මිනිස්සු ඉන්න මෙහෙම ලෝකෙක, මේ තරම් බොළඳ වෙලා බෑ කියලා මට හිතිලා තියෙන්නෙ.

ජීවිතේ සමහර තැන් වලදි මං බොළද උනා වැඩියි කියලා අද වෙද්දි මට හිතෙනවා.ඒ නිසා මට අහිමි වුනු දේවල් තිබ්බා.මීට වඩා දරාගෙන හිත හයිය කරගෙන ජීවිතේට මූණ දෙන්න තිබුනනම් කියලා හිතෙනවා.දුක බදාගෙන දුක මත්තෙම හැපී හැපී මගේ ජීවිතේ එක තැන පල් වුනා වැඩියි කියලා හිතෙනවා.කුණු තියන තැන් වලට එකතු වෙන්නෙ කුණු වගේ.දුක තියෙන්න තියෙන්න එකතු වෙන්නෙම දුක්.ඒත් මං දැන් පරක්කු වැඩියි.අතීතය වෙනස් කරන්න අමාරුයි.ඒත් අනාගතේ වෙනස් කරගන්න ආසයි.ඒත් කොච්චර වෙනස් වෙන්න උත්සාහ කළත් ඒක මේ කියන තරම් ලේසි නෑ.මම හුගාක් මහන්සි උනා.ඒත් තවමත් බැරි උනා.

පුංචි ප්‍රශ්නෙකදි,කරදරයකදි,දුකකදි බිමටම ඇදගෙන වැටෙන්නෙ නැතිව උපේක්ෂාවෙන් දරාගන්න මටත් තිබ්බනම්...පුංචිම දේකටත් මගේ ඇස් වලට කඳුළු නො එනවනම්....මගේ හිත නොරිදෙනවනම්.සාමන්‍ය විදියට ඒ දේවල් දරාගෙන ජීවිතේට මූණ දෙන්න තිබ්බනම්.....ඉස්සරහටවත් මට එහෙම ඉන්න තියෙනවනම්... මට වෙනස් වෙන්න තිබ්බානම්. එදිනෙදා වෙන දේවල් එක්ක මට දැන් එහෙම හිතෙනවා. අනේ ..... මට වෙනස් වෙන්න තිබ්බානම්...

Post Comment

14 comments:

  1. දැන් මේ එක බ්ලොග් එකක තියෙන දෙයක් දැකල කතාවක් කියල පොඩි ඩිමෝ එකක් දීල ආව විතරයි... තවත් කෙනෙක්ට මෙන්න මෙහෙම කරන අරම කරන්න මෙහෙම බලන්න අමතක කරන්න මෝඩ වෙන්න එපා අරය වගේ කරන්න... එහෙම කියල කෙනෙක්ගෙ ආකල්ප වෙනස් කරන්නනම් බෑ... සමහර දේවලට දුක හිතනව වගේම අපි සමහර දේවල් වලට සතුටුත් හිතනව නේද... පුංචි දේකටත් ඔයාට හිනා වෙන්න පුලුවන් අනිවාර්යෙන්ම... එහෙම නේද... එහෙනම් දුක හිතෙන දේවල් ගැන විතරක් හිත හිත හුක් වෙන්නෙ ඇයි... සතුටු උන දේවල් ගැන හිතල සතුටුත් වෙන්න.. ඒත් මමනම් ජීවිතේ ගැන බලනෙ මෙන්න මේ කතාවෙ තියෙන විදියට... අර කතාවම මෙතනත් දාන්නම්

    ඔන්න එක මිනිහෙක්ට අශ්වයෙක් ඉදියලු මේ මිනිහගෙ ජීවන වෘතිය රැදිල තිබුනෙ මේ අස්වය මත... දවසක් අස්වය පැනල ගියාලු...
    මිනිස්සු කිවුවලු
    "අපරාඩ්දෙ ඇයි උඹ ස්තාලෙ වැහුවෙ නැත්තෙ"
    "උඹ මහ මෝඩයෙක් ඇයි උඹ එකම අස්වය බලාගත්තෙ නැත්තෙ"

    මිනිහ කිවුවලු....

    "ඒක වෙන්න තිබුන දෙයක් ඒක උනා එච්චරයි.."

    දවස් දෙකකට පස්සෙ ඒ අශවය ගෙදර ආවලු තවත් වල් අශ්වයො දෙන්නෙක් එක්ක..

    මිනිස්සු කිවුවලු..
    "උඹ මාර වාසනාවන්තයෙක්.."
    "ස්තාල ඇරල තිබුන එක හොදට ගියා නේද"

    මිනිහ කිවුවලු..
    "නෑ ඒක වෙන්න තිබුන දෙයක් ඒක උනා එච්චර්යි"

    ආයෙ දවසක වල් අශ්වයො පුරුදු කරන්න ගිහින් මිනිහගෙ පුතාගෙ කකුල කැඩුනලු

    මිනිස්ස්සු කිවුවලු
    "උඹ මහ මෝඩයෙක් ඇයි පුතාව ඔය වැඩේට ඇරියෙ උඹට යන තිබුනනෙ"
    "උඹ පෙරේත කමට වල් අශ්වයො තියාගත්තා ඒකනෙ මේ ඔක්කොම"
    "උබේ අශවය තියාගෙන් උන් යැවුවනම් මේ මොනවත් නෑනෙ"

    මිනිහ කිවුවලු
    "නෑ ඒක වෙන්න තිබුන දෙයක් උනා එච්චරයි"

    ටික කලෙකින් මේ වල් අශ්වයොත් පුරුදු කරල වැඩට අරගෙන මිනිහගෙ හේන හොදටම සරු වෙලා ඒ අස් වැන්නෙන් මිනිහ පොහොසතෙක් උනාලු...

    මිනිස්සු කිවුවලු.
    "උබේ උත්සහය නිසා තමයි මෙහෙම උනේ උබ හරි වාසනාවත්තයි"
    "වල් අශ්වයො පුරුදු කරපු නිසයි මේ ඔක්කොම නැත්නම් මුකුත් නෑ"
    "එදා ඉතාලෙ ඇරල තිබුන නිසයි වල් අශ්වයො ආවේ ඒකයි වාසනාව"

    මිනිහ කිවුවලු..
    "නෑ ඒක වෙන්න තිබුන දෙයක්.. උනා එච්චරයි.."

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්...... වටින කතාවක් සහෝ... වෙනස් වෙන එකයි අමාරුම දේ...පුංචි දේටත් හිනා වුනාට..පුංචි දේටත් ඇඬෙනෙක මහ වදයක්නෙ..ස්තූතියි මෙහාට ආවට..ඔයාගෙ වටින වචන වලට ස්තූතියි...!!!

    ReplyDelete
  3. ඔයාගේ කතාවට මාත් එකඟ වෙනවා. කුණු තියෙන තැන්වාට කුණු එකතු වෙනවා වගේ දුක තියෙන තැන් වලට එකතු වෙන්නේ දුකම තමයි.

    මට කියන්න තියෙන්නේ හැම දෙයක් ගනම ඕනවට වඩා හිතන්න යන්න එපා. ඒක ඔයාගේ ශරීර සෞඛ්‍යට හොද නෑ. එහම කිව්වට මාත් සමහර දේවල් ගන ඕනවට වඩා හිතනවා. නමුත් හැමවෙලේම උත්සහ කරන්නේ ඒක අඩු කරගන්න. සමහර ප්‍රශ්න වලදි නම් ඒක අඩු කරගෙන තියෙනවා.

    ReplyDelete
  4. පුංචි කාලෙ ඉඳන් මාව දන්න අඳුරන ගොඩාක් අය කියන දෙයක් තමයි මං ඕනාවට වඩා හිතනවා වැඩියි කියන එක.මටත් ඒක අද වෙද්දි නෙවෙයි,හුගාක් ඉස්සර ඉඳන් දැනුනු දෙයක්.ඒ වගේම තමා පුංචි කාල ඉඳන්ම මම පොඩි දේටත් අඬන නිසා මටත් හුගක් අය කියලා තියෙනවා.....
    අපේ ‍ජිවිතේ කොතරම් කදුඑ ගැලුවත් අපිට දෙන ඒ කදුලුම තමා අපේ ජිවිතේට සතු‍ට ගෙනත් දෙන්නේ....

    දුෂ්කරය කියා ....
    හැර යා යුතු ද ජිවිතය.....
    කටු පොකුරු සිප ගනිම්...
    හෙට මලක් වනු පිණිස....

    අදහස ලස්සනයි හිතු....

    ReplyDelete
  5. @මධුරංග අයියා-හ්ම්ම්ම්ම්ම්.... ඔව් අයියා. හැමදේම ඕනාවට වඩා හිතන එක තමා ඔක්කොමටම මුල කියලා මටත් හිතිලා තියෙන්නෙ. මාත් එහෙම නොහිතා ඉන්නයි උත්සාහ කරන්නෙ...:)

    @හංසනී-ඇත්ත යාලු.... අපිට කඳුළු සතුටත් ගේනවා... දුකක් නැත්තම් සතුටකුත් නෑ තමා... ස්තූතියි මෙහාට ආවට...:)

    ReplyDelete
  6. ඔයා ලියලා තියෙන්නේ මගේ කථාවමද කියල හිතෙනව නංගා. මටත් යාළුවෙක් පොඩි ඩෙයක් කිව්වත් ඇති ඇඬෙන්න, ඒ වගේම පාරේ හිඟන්නෙක්, වයසක අම්මා කෙනෙක්, අසරණ සතෙක් දැක්කත් මට ගොඩාක් දුක හිතෙනවා. මාත් කොච්චර හිතුවත් හිත හයිය කරගන්නව කියලා එහෙම කරන්න බෑ.ඔයා වගේම මාත් අඬන නිසා ප්‍රසිද්ධ වුන චරිතයක්. ඇඬෙනකොට මට තැනක් නොතැනක් නෑ. බස් එකේ වුනත් ඇඬුනොත් ඒක නවත්තගන්නත් මට බෑ.
    ඒත් නංග අපේ ඒ දුර්වලකම ප්‍රයෝජනේට ගන්න ගොඩාක් අය බලාගෙන ඉන්නව කියන දේ අමතක කරන්න එපා. ඒ නිසා ශක්තිමත් වෙන්න. පුළුවන් තරම් හිත හයිය කරගන්න බලන්න.

    ReplyDelete
  7. ම්ම්ම්ම්ම්........ ඒක ඇත්ත අක්කා.. එහෙනම් ඔයත් මං වගේමයි. ඔව්. අපේ ඒ දුර්වල කම නිසා හුගාක් අය ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා තමා. ඇත්ත. ස්තූතියි අක්කියෝ... මං මේ උත්සාහ කරන්නෙ හිත හයිය කරගෙන ජීවත් වෙන්න තමයි...:)

    ReplyDelete
  8. පොඩි මැන් ගේ කතාවට එකගයි. නමුත් උනදේ උනාවේ, මෙ මගේ ලැබිම, මේක මගේ දයිවය ඔය විදිහට ගොඩක් දෙවල් අපි අපිවම රවට්ට ගන්න කියන කතාත් තියන්වා.
    අපි කටත් දුර්වලකම් ඔනැ තරම් තියන්ව. සමහරු ඒ දෙවල් හන්ගගෙන ජිවිතේට , සමාජේට මුන දෙනවා. එ අයගේ ගමන උත්සහයෙන් යනවා. අපි අපේ දුර්වලකම් හදාගන්න ඔනේ එහෙම නැත්නම් හන්ගගෙන ජිවිතේට සමජෙට මුන දිලා අපේ ගමන යන්න දිරිය ගන්න ඔනේ. එත් අපේ දුර්වලකම් ගැන ඔනවට වඩා හිතල මනසික ලෙඩෙක් වෙන්න එපා. හොදම දේ දිරිය ගන්න .
    ඉදියට යන්න ලොකේ දකින්න. මේ ලොකේ දුශ්ට කම් නපුරු කම් වගෙම ගොඩක් සුන්දර දෙවලුත් තියන්වා කියල අමතක කරන්න එපා. එ දෙවල් විදින්න. ඔයාට හිනාවෙන්න පුලුවන්නම් දුකෙදිත් හිනාවෙන්න. අඩන්න ලොකෙට පෙන්න නෙමේ, තනියම දුක නැතිවෙන්කන්. එ දුක එතනින් ඉවර කරන්න.ජිවිතේ ගොඩනගන්න දිරිය ගන්න. දවසක ඉතිරි වෙන්නේ එච්චරයි.

    වර්තමානේ අපි කරන දේ අනගතේ ලාභ හො පාඩු විදිහට ලැබේවි. කවුරුත් කැමති නැ නේ පාඩු විදින්න . එ නිසා ජිවිතෙට දිරිය ගන්න ඒ අනාගතේ වෙනුවෙන්. සුබ අනාගතයක්.

    ReplyDelete
  9. ඔව්... ඔයා කියන එක හරියටම හරි පූසෝ.... ඇත්ත. මටට්ය් ඕනෙ.. මගේ දුර්වලකම් නැති කරගෙන කොහොමහරි හිත හයිය කරගෙන අනාගතේට මූණ දෙන්නයි... ඒත් එහෙම දිරිය ගන්න හරිම අමාරුයි... :( මම උත්සාහ කරනවා... ස්තූතියි මෙ පැත්තට ඇවිත් දිරිමත් කරල, හයියක් වුනාට. ගොඩාක් ස්තූතියි....!!!

    ReplyDelete
  10. මමත් ටිකක් ඔය වගේ චරිතයක්. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ, මං තරම් බොළඳ කවුරුත් මේ ලෝකේ නැතුව ඇති කියලා. ඒත් බලද්දි ඊට වඩා අය ඉන්නවා. මං ප්‍රසිද්දියේ අඬන කෙනෙක් නෙවෙයි. ඒත් පොඩි දේටත් හිත රිදවගෙන, තනි වෙලා, ඇති තරම් කඳුලු හලනවා. මමත් පුළුවන් තරම් උත්සහ කරනව ඒක වෙනස් කරගන්න...
    අපේ ඒ දුර්වලකම ප්‍රයෝජනේට ගන්න ගොඩාක් අය බලාගෙන ඉන්නවා. ප්‍රර්ථනාගේ ඒ අදහස ට මාත් එකඟයි. මේ පුදුමාකාර ලෝකේ හරි හැටි ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අන්න ඒක හරියට තේරුම් අරගෙන ජීවත් වුනොත් තමයි....
    දුක් කඳුලුවලින් නොසැලී ඉදිරියට යන්න, ඔබට ජය...

    ReplyDelete
  11. මට මෙක ඉයේ කියන්න අමතක උන. අලුතෙන් පටන් ගන්න තැනක් කියන්න ද? ඔයා මේ බ්ලොග් එකෙන් ම පටන් ගන්න. බලන්න මෙක දිහා. බලන්න මෙකෙ නමේ ඉදන් වෙනස් කරන්න. බලන හැම තැනකම කදුලු. පටන් ගන්න මෙතනින් ම. කදුලු වලට දැන් යන්න කියන්න. සතුට, ජිවිතය ලාගා කරගන්න. ඔයා ජිවිතේ කදුලම දකින්න හදනවා. එක වෙනස් කරන්න. මේ දෙට උත්තරෙ තියෙන්නේ ඔයා ලග.

    ReplyDelete
  12. @මහී- ඔව්. අපි හිතන්නෙ අපි විතර්ය් මෙහෙම කියලා. ඒත් එහෙම නෑ... අපි වගේම මෙහෙම දුර්වල කම් තියන අය තව ගොඩාක් ඉන්නවා.. ඒක මට තේරුනෙත් බ්ලොග් එකෙන්, බුකියෙන් සහ සමහර එදිනෙදා අවස්ථාවලදියි. ඔව් මම උත්සාහ කරනවා.. ඔයාලගෙ අදහ්ස්, උපදෙස් මට ගොඩාක් වටී. ස්තූතියි..!!! අපි නොසැලී ඉස්සරාට යන්න බලමු. හුගාක් ස්තූතියි...!!!

    @පූසා- ඔව් ඒක ඇත්ත. හොද අදහසක් තමා ඒකනම්.. මම වෙන්ස් වෙන්න ඕනෙ .. ඇත්ත.. ඒක කරන්න පුළුවන් මටමයි.. ඔයාලට පුළුවන් මට ඒකට උදව්වක් කරන්න විතරයි.. මේ වගේ... හුගාක් ස්තූතියි...!!! මේ විදියට ජීවිතේ වෙනස් කරගන්න උදව් කරනවට..:)

    ReplyDelete
  13. හිතූගේ කතාව කියවනකොට මට මතක් වුණේ "පිච්චමල" නවකතාවෙ ඉන්න රාහුල හාමුදුරුවො ගැන...තමුන්ට වෙන හැම දෙයක්ම නිහඬව උපේක්ෂාවෙන් විඳගන්න පුලුවන් වෙච්චි එහෙම චරිත සමාජෙ නැතුව නෙවෙයි....නමුත් අපි තවමත් ඒ තත්වයට පත් වෙලා නැහැ කියලයි මට හිතෙන්නෙ....මොකද අපි තවමත් නොයෙක් දේවල් එක්ක බැඳීම් ඇතිකරගෙන ඉන්නෙ...ඉතින් ඒ බැඳීම් නිසා උපදින හැඟීම් සමහර වෙලාවට අපිටත් නොදැනිම අපිව පාලනය කරනවා.....

    වෙනස් වෙන්න හිතන එක ඇත්තටම හොඳයි....වෙන කාගෙවත් කුණුකන්දල් හින්දා තමන් නොසැලී ඉන්න පුලුවන් තත්වයක් හදාගන්න ඕනෙ තමයි.නමුත් ඒකට විසඳුම කිසිම හැඟීමක් නොපෙන්වන රොබෝ කෙනෙක් වීම නෙවෙයි...

    ඔයා පොඩි දේකටත් අඬන්නෙ,දුක්වෙන්නෙ ඔයා හරිම සංවේදී කෙනෙක් හින්දා.ඒක ලැජ්ජවෙන්න ඕනෙ කාරණයක් නෙවෙයි.කඳුලෙන්,හිනාවෙන් අපි අපේ හැඟීම ලෝකයට පෙන්නනවා.ඉතින් අපි අපේ හැඟීම් එලියට නොපෙන්වා හිරකරගෙන හිටියොත් අපේ මානසික මට්ටමටත් ඒක බලපාන්න පුලුවන්.ඒ හින්දා හිතට දැනෙන දේ ලෝකෙට පෙන්නන්න බයවෙන්න එපා....

    ඔයා ගොඩක් අඬලා චුට්ටක් හිනාවෙන්න ඕනෙ කෙනෙක් නෙවෙයි හිතූ...ගොඩක් හිනාවෙලා චුට්ටක් අඬන්න ඕනෙ කෙනෙක්....

    ඉතින්........

    "ජීවිතය ඔබට අඬන්න හේතු සියයක් දෙනවිට,ඔබ....ජීවිතයට හිනාවෙන්න හේතු දහසක් දෙන්න....."

    ReplyDelete
  14. ඒකනම් ඇත්ත සහෝ. බැඳිම් ඇති කරගෙන බැඳිලා ඉද්දි එහෙම උපේක්ශාවෙන් විදදරාගන්න අමාරුයි..
    ඔව් මටත් එහෙම දුක සතුට හිතේ තෙරපගෙන ඉන්න අමාරුයි.ඔව් මම උත්සාහ කරනවා ටිකක් අඩලා ගොඩාක් හිනා වෙන්න.:)

    හරිම වටින අදහස සහෝ.. හුගාක් ස්තූතියි... ඔයාලා මගේ ජීවිතේට ලොකු හයියක්..:)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....