නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

11 August 2011

දුම් වැටියයි....... ඔහුයි.......


එයාට තිබ්බෙ හිත හිරි වැටෙන
හිනාවක්....
නෑ ඒක ඉනාවක්.....
කවදාවත් පිළිවලකට නොපීරපු කොණ්ඩෙ
මූණට ගෙනත් තිබ්බෙ
අමුතුම එළියක්...
නෑ ඒක මායාවක්......
තරු කැට වගේ ඇස් දෙක
දැක්කහම පේනවා අවංකකම
තියන උජාරුවක්...
නෑ ඒක ආභරණයක්.....
වැඩි කතාවක් බහක් නෑ
ලොකුකම් සෝභන නෑ
ටිකක් එක විදියක්....
නෑ ඒක ආඩම්බරයක්.....
ඔක්කොම හොදයි එක දෙයක් නරකටලු
එල්ලගෙනලු අතේ බැඳගෙනලු හිතින්
අතාරින්න බැරි යාළුවෙක්....
නෑ ඒක දුම් වැටියක්.......

Post Comment

29 comments:

  1. එහෙනම් ඒ ලස්සන හිනාව කාලයක් යනකොට කලුපාට එකක් වෙයි.
    ඒ වගේම කාලයක් යනකොට කහින්නත් ගනීවී.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ඔව් ඒකනම් ඇත්ත... :(

    ReplyDelete
  3. දුම්වැටියක් ගැන වුනත් ලස්සනට ලියල තියනව.....

    ReplyDelete
  4. හිනාව විතරක් නෙමෙයි.තියෙන හැම ලස්සනක්ම නැති වෙයි...

    ReplyDelete
  5. @කම්මැලියා- ස්තූතියි.... මේක කෙනෙක් ගැන ලිව්වෙ... දුම් වැටිය යාළුවෙක් කරගත්ත...

    @සීතල අයියා-හ්ම්ම්ම්ම්.... වෙන්නැති... දුම්බොන අය නාස්ති වෙනවනෙ...

    ReplyDelete
  6. ඔහුට විතරක් නොවේ.... ලඟ පාත ඉන්න යාලුවන්ටත් විඳවන්න වෙන.... මහා පාපයක්....

    ReplyDelete
  7. මමත් ආසම නැති දේ තමයි දුම් වැටිය කියන්නේ. හුස්ම ගන්න බෑ ඒ වගේ කෙනෙක් ඉන්න පැත්ත පලාතකවත්..
    ලස්සනයි නංගා,

    ReplyDelete
  8. @නදුන් උයන- ඔව් ඔව්... ළග පාත ඉන්න අයත් එක්කම් නාස්ති වෙන්න වෙන්නෙ...:(

    @ප්‍රාර්ථනා- ඔව් අක්කා.. මාත් පොඩ්ඩක්වත්ම ආස නෑ....:( එහෙම කෙනෙක් ළගට ගඳයි නෙ...මොකට මිනිස්සු මේවට පුරුදු වෙලාද මංදා..
    ස්තූතියි අක්කා...:)

    ReplyDelete
  9. මමත් දුම් බොන්න පොඩ්ඩක්වත් කැමති නෑ...
    හැබැයි අනිත් එව්වනම් බොනවා ;)

    ReplyDelete
  10. අහ්....... දුම්බීමයි ඒකයි දෙකම හොද දේවල් නෙවෙයිනෙ.. ඕනම දේකට ඕනාවට වඩා ඕනෙ නෑනෙ.. ඇබ්බැහි වීම තමා නරකම...

    ReplyDelete
  11. උඩ ඉදන් කියවනකොට හිතට ආපු අදහස නෙවෙයි අන්තිමට තියෙන්නෙ...
    ගොඩක් ලොකු ආදර්ශයක් තියනවා..
    ලස්සනයි හිතූ

    ReplyDelete
  12. ස්තූතියි තරූ...... :) ඔව්වොක්කොම හොඳයි එක දෙයක් නරකයි....ඒකයි අදහස් කලෙ. ස්තූතියි ගොඩ කාලෙකින් වුනත් මෙහෙට ආවට...

    ReplyDelete
  13. මයි කාර් මයි පැට්ට්‍රල්.... ඔන්න කාරෙකින් කවුරුවත් හප්පල නෑ හොදේ...

    ReplyDelete
  14. අනේ අම්මපා මෙකිටත් හිතෙන දේවල්.කොහොම උනත් ආදර්ශේ වටිනවා කාටත්.දඩබ්බරයා නම් ඔයි කිසිම දේකට සම්බන්ධ නැහැ!

    ReplyDelete
  15. @පොඩි මෑන්-කවුරුත් හප්පලා නැද්ද...??? ඒ වුනත් පොඩි පොඩි මාර්ග නීති උල්ලංඝනය කරලා ඇති. හික්ස්ස්...:D

    @දඬබ්බරයා- හි හි....ඔව් මට මේ ඕක හිතුනෙ හේතුවක් නිසා. ඒ ගැනත් ලියන්නම්කෝ දවසක. දඬබ්බරයා හරි හොඳයිනෙ එහෙනම්...දිගටම ඔහොම ඉන්න...:)

    ReplyDelete
  16. දැන් ඉන්න ගොඩක් කොල්ලෝ මෝඩ නෑ..මම දන්න එවුන් ගොඩක් සිගරට් බොන්නේ නෑ..ටිකක් විතර ඒ ගැන සතු‍ටුයි..නිකන් බොරුවටනේ සල්ලි දීල ලෙඩ වෙන්නේ..

    ReplyDelete
  17. හ්ම්ම්ම්ම්ම්ම්..... ඔව් හුගාක් අය එහෙම නැහැ තමයි. ඒත් මට හුගාක් අය හමුවුනා බොහොම හොඳ පිරිමි ළමයි සිගරට් වලට ඇබ්බැහි වුනු. ඒ ගැන දුකයි..

    ReplyDelete
  18. මම දන්නෑ බ්ලොග් අවකාශේ ගොඩ දෙනෙක් සිගරට් බොන්නැත්තෙ ඇයි කියන එකනම්.මමනම් බොනවා.ඒ වගෙම මට ඕනිනෑ කියල හිතුනම බොන්නැතුව ඉන්නවා ඕනි කියල හිතුනොත් බොනවා.
    මමනම් වරදක් දකින්නෑ.ඔච්චර ඒ ගැන හිතන්නෙ ඇයි කියන එක මට තේරෙන්නෙ නෑ.
    අනික දුම් බීල මැරෙනවා කියන එක ගැනනම් මගෙ හිතේ කිසිම පැහැදීමක් නෑ.
    මොකද සමහර අය පිළිකාවලින් මැරෙන්නෙ දුම් බීම නිසා නෙවී.ඕනි තරම් දුම් බොන අය ඔය යහතින් ජීවත් වෙලා ඉන්නෙ.
    මේ කියන්නෙ සුදු අයිය ගැන වෙන්ටැ නේද?

    ReplyDelete
  19. @wildlife-අහ් අනේ නෑ.... මේකනම් සුදු අයියා ගැන ලියපු එකක් නෙවෙයි :)මේක මේ හිතට ආව සිතුවිල්ලක්. මෙහෙම අය මට මුණගැහිලා තියනවා. දුම් බීම නොබීම තමන්ගෙ කැමැත්තනෙ. ඒත් ඒ නිසා නිකන් නාස්ති වෙනවනෙ. ඒක තම්න්ටම හිතුනු දවසකට, තේරුම් ගත්ත දවසකට සදාකාලිකවම නවත්වයි... :)

    ReplyDelete
  20. ෂහ් ලස්සනට පද ටික ගලපලා තියනවා .....
    ඕක තමා දැන් කාලේ කොල්ලන්ගෙ තියන වැරැද්ද ......

    ReplyDelete
  21. @පන්සල් හංදිය- අහ් ස්තූතියි....!!!!! :)
    ඔව් හැමෝම එහෙමත් නෑ... ඒත් ගොඩක් අය මේකට ඇබ්බැහි වෙලා...අපරාදේ...:(

    ReplyDelete
  22. --- දුම්බීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය යන කුඩා අකුරින් මුද්‍රිත නිවේදනය වෙනුවට සිගරට් ඉරීමෙන් වැළඳෙන පිළිකා හා හදවත් රෝග නිරූපණය වන චිත්‍ර සටහන් සිගරට් පැකට්වල සටහන් කිරීමේ නීතිය බලාත්මක කිරීමට දුම්කොළ හා මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික අධිකාරිය පියවර ගෙන ඇති බවට වර්තාවේ.----
    http://www.thambapanne.net/?p=2150

    ReplyDelete
  23. හික්ස්ස්ස්ස්ස්ස්ස්.... ඕවා කළාට බොන එකා බොනවමයි හෆ්ෆා...

    ReplyDelete
  24. නමුත් මම හිතන්නෙ අකුරු පෙළකට වඩා පින්තූර වලින් සෑහෙන බලපෑමක් කරන්න පුළුවන්....

    ReplyDelete
  25. ඔව්... ඒක ඇත්ත.. එහෙම පුළුවන් වුනොත්.. ලොකු දෙයක්..:)

    ReplyDelete
  26. කොල්ලෝ වර්ග 4 ක් ඉන්නවා,
    1-හොරෙන් දුම් බොනවා.
    2-හොරෙන් බොනවා,බොන බව තමන්ගේ කෙල්ලට කියන්නේ නැහැ.
    3-හංගන්න කියල දෙයක් නෑ,බොනවා නම් බොනවා නැත්තම් නෑ.
    4-ආසය් බයය්.

    උන්ව බඳින කෙල්ලෝ 4 වර්ගයක් ඉන්නවා,
    1-1-බොරු සෝබන කාරියෝ..
    2-2-හරියට ආදරේ කරන්න දන්නේ නැති කෙල්ලෝ...
    3-3-හොඳ තේරුම් ගැනීමක් තියෙන හිතට ලං වෙච්ච කෙල්ලෝ.
    4-4-ගෘහ මූලිකයා වෙන්න හිතන කෙල්ලෝ...

    lol

    ReplyDelete
  27. හ්ම්ම්ම්ම්ම්ම්...... :D 3 වෙනි වර්ගය හොදා ඔක්කොමටම වඩා. ඒත් ඉතින් ඕක මේ බොන්නම ඕනෙද හෆ්ෆා..:/

    ReplyDelete
  28. waa waaa maxsa.....lassana hithuwak kara kaviyak....

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....