නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

16 August 2011

දිනේ.... දිනේ... සුදු අයියාගේ උපන් දිනේ.......!!!!

ළගකදි  විභාගෙකුත් තියනවා. මේ හදිස්සියෙන්ම ඇවිත් පෝස්ට් එකක් දාන්න හිතුවෙ විශේෂ හේතුවක් නිසා.මේක ලියන්න ඕනෙ හෙට.ඒත් හෙට මට ලියන්න වෙන්නෙ නැති නිසා අදම ලියන්න හිතුවා.



   හෙට මගේ සුදු අයියගෙ උපන් දිනේ.22 වෙනි උපන් දිනේ.දැන් බලනව ඇතිනෙ කවුද මේ සුදු අයියා කියලා.සුදු අයියා කිව්වට මොකද මෙයාට. සුදු නම් නෑ මෙයා. හැබැයි කියන්නෙ එයා සුදුයි කියලා.මගේම අයියා තරම් හුගාක් ළගයි මට.ඒකනෙ මෙහෙම පෝස්ට් එකක් දන්න හිතුවෙත්.

ඉතින් මේ සුදුයි කියන අයියාව මං දන්නෙ ඉස්කෝලෙ යන කාලේ ඉඳන්මයි. ඉස්කෝලෙ 8 පන්තියෙ ඉඳන් දන්නවා. දන්නවා කිව්වට නමින් විතරයි. මගේ හොඳම යාළුවාගෙ වෑන් එකෙ තමයි ඒ කාලෙ සුදු අයියාත් ගියේ.අපේ ගෙවල් පැත්තට කිට්ටුව තමයි මෙයත් හිටියෙ.ඒ දවස් වල මෙයා මහ ආඩම්බරයි. ටිකක් ඔළුවෙන් තමයි හිටියේ. මෙයා ගියේ කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට. ඒ  වගේම මොළකාරයෙක්.ඉන්නෙ නිකන් 10ටවත් ගනින්න බෑ වගේ. පෙනුමත් හරිම අහිංසකයි.ඒ කාලෙ ගෑණූ ළමයින්ගෙන් එහෙමත් ඉල්ලුමක් තිබ්බා මෙයාට.(මම නම් වැඩිය ගනන් ගත්තෙ නෑ එදා ඉඳන්ම).ඉතින් මගේ යාළුවගෙ වෑන් එකේ ගිය හින්දා මම සුදු අයියාව දන්නෙ.ඒ හැරුනාම මම වෙනම මෙයාව දැනගෙන හිටියෙ නෑ..

සුදු අයියාගෙ ඒ කාලෙ ඉඳන් තිබ්බ අඩම්බරකම නිසා මටත් මෙයාව වැඩිය අල්ලන්නෙ නෑ.ආඩම්බරකම කියන්නෙ ඉතින් අයියගෙ වැඩි කතා නෑ.හිනා නෑ.ටිකක් අමුතුයි කියලයි හිතුනෙ.ඒ නිසා බැන බැන   හිටියේ මාර ගනන් කියලා.ඔන්න ඊටපස්සෙ සෑහෙන කාලෙකට පස්සෙ.ඉස්කෝලේ කාලෙන් පස්සෙ. ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ වගේ මට සුදු අයියාව හම්බුනා ෆේස්බුක් එකෙන්.මෙයා ඉතින් සෑහෙන්න වෙනස් වෙලා. මහත් වෙලා,ලස්සන වෙලා, තවත් සුදු වෙලා. ඔන්න ඉතින් ඉස්සර ආඩ්ම්බරකම එහෙම්ම තියෙනවා.. කතා කළත් වැඩිය නෑ. ටිකයි. අවශ්‍යම දේ විතරයි.හැබැයි අවංකවම කියන්න ඕනෙ සුදු අයියගෙ බොරු සෝභන නෑ..ඒක හරියටම දැනගත්තෙ ළගින්ම ආශ්‍රය කරද්දියි.

ඔහොම කාලයක් යද්දි සුදු අයියා පුදුම ෆිට් වුනා. දැන් නම් මම කලින් කිව්ව වගේ මගේම  අයියා වගේම තමා.එදා මෙදා තුර මට හුගාක් උදව් කලා.දුකේදිත් සැපේදිත් මගෙම අයියා වගේ එක විදියටම ළගින්ම හිටියා.ඉගනීම සම්බන්ධ ප්‍රශ්න වලදි, වගේම ජීවිතේ මට මූණ දෙන්න සිද්ධ වුනු සමහර ප්‍රශ්න වලදි මට ලොකු ශක්තියක් වුනා.අදටත් එයාගෙම නංගියෙකුට වගේ මට හුගාක් උදව් කරනවා.කොච්චර දුකින් ඉන්න වෙලාවක වුනත් මං,  අයියා මොකාක් හරි පිස්සුවක් කියවලා හිනා ගස්සනවා.පුළුවන් ගොඩාක් වෙලාවට කෝල් එකක් දීලා හරි මං හොදින් ඉන්නවද, වැඩ කරනවද,ඉගනගන්න වැඩ කොහොමද එහෙම හොයලා බලනවා.

හැබැයි හොදම වැඩේ කියන්නෙ , මගේ අයියා කොච්චර හොදද කියන්නෙ,  මෙයාට මගේ උපන් දිනේ අමතක වුනා.හැබැයි ඒකට සෑහෙන්න බැනුම් අහගත්තා. මට තරහත් ගියා.දුකත් හිතුනා.ඊටප්ස්සෙ ඉතින් මොනා කරන්නද, අයියට සමාව දෙන්න නංගි කෙනෙකුට බැරි කමක් නෑනෙ. මාත් ඉතිං ඒකට සමාව දුන්නා. හැබැයි ඔන්න සුදු අයියාගෙ නංගිට නම් එයාගෙ උපන් දිනේ අමතක වුනේ නෑ....හැමෝටම කලින් අයියට විෂ් කරන්න ඉන්නෙ මං.

ඔන්න ඉතින් සුදු අයියේ.... ඔයාට මේ ලබන උපන් දිනේ සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා ඔයාගෙ නංගියා මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා... ඉදිරියට තියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙලා, විභාග ඔක්කොම පාස් වෙලා,හැම බාධකයක්ම  බිඳගෙන ඉස්සරහට යන්න ශක්තිය ලැබිලා,ඔයාගෙ අනාගතේ සතුටින් ඉතිරෙන්න කියලා සුභ පතනවා....

සුදු අයියට සුභම සුභම සුභ උපන් දිනයක් වේවා.........!!!!!!!

Post Comment

33 comments:

  1. මේ අයියට මාත් සුබ පැතුව කියන්න ඈ...

    ReplyDelete
  2. සුදු අයීයේ සුබ උපන්දිනක් ඇ. අහ් .. මට මල්ලි නේ.. සුදු මල්ලි සුබ උපන්දිනක්.... සුබ අනාගතේකට ආසිරි.. (ආසිරි කව්ද අහන්න එපා.මන් දන්නේත් නැ)

    ReplyDelete
  3. ඔයාගේ සුදු අයියට සුභම සුභ උපන් දිනයක් !!!!

    ReplyDelete
  4. දියත් එකෙම්ම අයියට සුබ පැතුව කියන්න ඇ.

    ReplyDelete
  5. සුදු අයියට සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
  6. ඔයාගේ සුදු අයියට සුභම සුභ උපන් දිනයක් වේවා...........

    ReplyDelete
  7. සුදු අයියට අපිත් ජයෙන් ජයම වෙච්ච සුභ උපන්දිනයක් කියල කිවුවා එහෙනම් ඔන්න....

    ReplyDelete
  8. ඔන්න මගෙනුත් සුභ පැතුම්.. හැපි බර්ත් ඩේ සුද්දෝ....
    …මෙවා සුද්දට පෙන්නන්න හරිද නංගි... :ඩි

    ReplyDelete
  9. සුදු අයියට මෙව්ව එක්ක වේව මචන්...හික් හික්
    අනේ වෑන් එකේ සුදු අයියේ...නංගිව බලා ගනින් කොල්ලො..හැක් හැක්

    ReplyDelete
  10. හිතුවක්කාරි නංගිගේ සුදු අයියට (මට නම් සුදු මල්ලි) සුබම සුබ උපන්දිනයක් වේවා !!!!

    ගණිත ගැටළුව
    සුදු අයියට 22ක් නම් සුදු නංගිගේ (හිතුවක්කාරි) වයස කීයද ?

    සුදු අයියා =22 ------------------> 1
    සුදු නංගි < 22 ------------------>2

    1 හා 2 විසදිමෙන් ...

    සුදු නංගිගේ වයස සෙවිය හැක. හික්ස් :)

    ReplyDelete
  11. සුදු අයියට මාත් ඔන්න සුභ පැතුවා :)

    @ මධුරංග අයියා - හි හි..ඒක නම් පට්ට ;)

    ReplyDelete
  12. මාත් එයාට සුබම සුබ මෙව්වා එකක් කියලා ප්‍රාර්ථනා කරනවා..

    @මදූ- මචං දත්ත මදි බං..හැබෑටම මොකටද බං උඹට හිතුවක්කාරිගෙ වයස???? කුකුසක් මතු විය. :-? කොහොම උනත් බං උඹට වැඩිය බාලයි. ඒක නිසා පුරස්ණයක් නැති වෙයි. :ඵ්

    උඹට ගැලපෙන විදියට මේ සමීකරනෙ හැදුවොත්
    මදූගෙ වයස (x) > සුදු අයියාගෙ වයස (22)
    සුදු අයියාගෙ වයස (22)> හිතුවක්කාරිගෙ වයස (y)

    එබැවින්,
    මදූගෙ වයස (x) > සුදු අයියාගෙ වයස (22)> හිතුවක්කාරිගෙ වයස (y)

    පිළිතුර; x > y
    ඔන්න කොල්ලා මම ආසන්න වශයෙන් පිළිතුරක් හැදුවා. :D

    @හිතුවක්කාරි- දෙන්නකො දත්තයක් වයස හොයලා දෙන්න.මේ මදුවට වයස දැනගන්න ඕනලු..කොහොම උනත් ඔය මදුවගෙන් වහං වෙලා හිටු.කියන්න බෑ ඕකව. හික්ස්....

    ReplyDelete
  13. ඔන්න හිතුවක්කාරිගෙ සුදු අයියා බබාට (මට නම් සුදු මල්ලි) සුබම සුබ උපන්දිනයක් වේවා!!!
    හ්ම්ම්ම්....
    /"ඒ කාලෙ ගෑණූ ළමයින්ගෙන් එහෙමත් ඉල්ලුමක් තිබ්බා මෙයාට"/
    ඉතිං හිතුවක්කාරි කියන්නෙ ජයග්‍රාහිකාවද?????

    @මධු
    සුදු නංගි > 18 ------------------>3
    (ඉස්කෝලේ කාලෙන් පස්සෙ සුදු අයියා FB එකෙන් හමුවූ නිසා)
    සුදු නංගි = 19 / 20 / 21 හික්ස්...

    ReplyDelete
  14. සීතලයා මාව ඩෙවල් දාලා !!!!

    ReplyDelete
  15. උසස්පෙල කරන කොල්ලන් වෑන් වල ගමන් නොකරන බව උපකල්පනය කරමු
    එම නිසා හිතුවක්කාරි 8 වසරේදී සුදු අයියා 10 හෝ 11 වසරේ විය යුතුය (මම හිතන්නේ 10)
    ඒ ආකාරයට ගත් කල හිතුවක්කාරී සහ සුදු අයියා අතර වයස පරතරය අවුරුදු 2ක් හෝ 3ක් විය යුතුය
    ඒ නිසා සුදු අයියාට වයස 22නම් හිකුවක්කාරීගේ වයස 22-2 හෝ 22-3 විය යුතුය
    ඒ ආකාරයට හිතුවක්කාරීගේ වයස අවුරුදු 20ක් හෝ 19 ලෙස ගත හැකිය (මගේ පිලිතුර 19)

    ReplyDelete
  16. ඉහත කමෙන්ටුවේ හිකුවක්කාරී යන්න හිතුවක්කාරී ලෙස නිවැරදි විය යුතුය :D

    ReplyDelete
  17. 3න්....

    (x - 19) (x - 20) (x - 21) = 0
    එම නිසා..
    x = 19 හෝ x = 20 හෝ x = 21 වේ.
    හිතුවක්කාරි උසස් පෙළ විභාගේ සමත් වී ඇතැයි උපකල්පනය කරමු.
    එම නිසා,
    x = 19 විය නොහැක.

    ReplyDelete
  18. @කම්මැළියා- අහ් ගොඩාක් ස්තූතියි....!!!! සුදු අයියට කියන්නම් මම.

    @පිස්සු පූසා-ස්තූතියි පූසා අයියේ.:)

    @ශානි-ගොඩාක් ස්තූතියි යාලූ...:)

    @දියසේන-ස්තූතියි හුගාක්....!!!

    @කිඩෝ-හුගාක් ස්තූතියි ඔයාටත්...:)

    @තරූගේ ලෝකය-ස්තූතියි තරූ...!!! :)

    @වවුලා-අහ් හා.. ඔයාටත් ස්තූතියි සහෝදරයා...:)

    @Local එලියොට්-තැන්ක් යූ එලියොට් අයියා.. අනිවා.. සුදු අයියාට පෙන්නන්නම් මේක :)

    @රත්ගමයා-හා හා ස්තූතියි මතෝ... සුදු අයියා ඔයා වගේ නෙවෙයි. හරිම හොදයි.(කුප්ප නෑ :p)

    @මධුරංග-හුගාක් ස්තූතියි අයියා. හා හා.. කට්ටිය සමීකරණෙ විසඳලා හිතුවක්කාරිගෙ වයස හොයමුකො බලන්න.හී..හී.. :)

    @chamma-අහ් ස්තූතියි යාළුවා..!!!!ඔව් මධුරංග අයියාටත් හිතෙන්නෙ මරු සමීකරණ තමයි.

    @සීතල අයියා- අහ් ස්තූතියි සුභ පැතුම් වලට. අහ් දත්තයක් දෙන්නම් .ඔන්න < මම උසස පෙළ කරලා ඉවරයි> ;) මධුරංග අයියා හරි හොදයි.. වහං වෙන්න තරම් භයානක නෑ නේ හික්ස්ස්...



    @

    ReplyDelete
  19. @ප්‍රසංග- අලේ...ස්තූතියි අයියේ. මං සුදු අයියා බබාට කියන්නම් ඔයා සුභ පැතුවා කියලා. ;) හික් හික්.. ජයග්‍රාහිකාවක් කිව්වෙ??? :p හෆ්ෆෝයි... එහෙම නැතෝ... මං සුදු අයියගෙ සුදු නංගියා හික්ස්ස්...

    @කිඩෝ-පිළිතුර වැරදියි :( මම දත්තයක් දුන්නා.. ආයෙත් බලන්නකෝ..;)

    @මධුරංග අයියා- නිවැරදි පිළිතුරට ආසන්නයි වගේ...;)

    ReplyDelete
  20. නංගිගේ වයස අවුරුදු 20යි !!!!!
    මම හරි මම් හිතන්නේ. 21 නම් වෙන්නම බෑ.

    ReplyDelete
  21. ඒ මොකද අයියේ 21 නම් වෙන්නම බෑ කිව්වෙ??? :O

    ReplyDelete
  22. ඔයාගෙ සුදු අයියට අපිත් සුබ පැතුව කියන්න..අනේ උපන්දින අමතක වෙන එකනම් වැඩිය ගණන් ගන්න එපා නංගි..ගොඩක් කොල්ලො ඔය වගේ ඒවා කොච්චර මතක තියගත්තත් ඒ වෙලාවට අමතක වෙනවා..ඒ කියන්නේ එයාලව අමතක උනා කියන 1ම නෙවෙයි හොදේ..

    ReplyDelete
  23. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් ......

    ReplyDelete
  24. @කිඩෝ- වැරදියි... මට 21 යි.... :) :) හැබැයි එච්චර පේන්නෙ නෑලු ;)

    @විශ්ව- අහ් ස්තූතියි සහෝ..හ්ම්ම්ම්ම්ම් ඔව් ඔව්.. සුදු අයියාත් ඕකම කිව්වා... :) කොල්ලොන්ට කොහොමත් අමතක වෙනවනෙ ඕවා.;)

    @පන්සල් හංදිය- අනේ හුගාක් ස්තූතියි...!!! මේ පැත්තට ආවටත් ස්තූතියි...!!!

    ReplyDelete
  25. ඔන්න සුදු අයියට මගේ ගානෙත් සුභ උපන්දිනයක් පැතුවා... :)
    අපිට කේක් ඕනේ හොඳේ..

    ReplyDelete
  26. අහ් ස්තූතියි අක්කියෝ.... :) මටවත් කේක් දුන්නෙ නෑ තාම.. :( හම්බුනොත් ඔයාලටත් දෙන්නම්කෝ...:p

    ReplyDelete
  27. පරක්කු වුණත් කමක් නෑ. ඔන්න මාත් සුබ පැතුවා කියන්න සුදු අයියට............

    ReplyDelete
  28. අහ් හුගාක් ස්තූතියි....!!! මං කියන්නම්...:)

    ReplyDelete
  29. හරි හරි හිතුවක්කාරිට 21 යි එහෙනම්..... ඔන්න මාත් සුබ පැතුවා සුදු අයියට.

    ReplyDelete
  30. හික්ස්ස්ස්ස්ස්.. ස්තූතියි...!!! ඇයි විසිතුරුටත් 21යි ද??? ;)

    ReplyDelete
  31. එතකොට මම කළුද සුදුද . . ? හෑ
    කොහොමේන් හරි කමක් නැහැ සුබ උපන්දිනයක් වේවා කිව්වා කියන්න නඟා.. :D

    ReplyDelete
  32. හි හි...ඔයා කළු ද සුදුද බලන්න මම දැකලා නෑ නොවැ...:p
    ස්තූතියි දග අයියා...;)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....