නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

21 August 2011

ආයෙමත් පැරදුනා මං ........

මේක හීනයක්ද?? නෑ නෑ.. මේ ඇත්ත..
මොනාද මට මේ ඇහෙන්නෙ???
තිත්ත වුනත් ඇත්ත මේකයි....
මට ඇහුන ඇත්ත මේකයි .....
ඔයාගෙම හොදටයි කියන්නෙ මං
තවත් හිතන්නෙපා එයා ගැන...
ඕනෙ නෑ රිද්දන්න ඔයාට මට
හිතන්නෙපා තවත් එයා ගැන....
මං දන්නවා ඔය හිතේ එයාට තියන ආදරේ
වැඩක් වෙන්නෙ නෑ ඔයාට එයාගෙන්.....
ඔයාට ඕනෙ ඔයාට ආදරේ කෙනෙක්
අමතක කරන්න ඔයා එයාව.....
පිච්චෙන්නෙපා ඔහොම හිතින් හිත හිත
කියන්නම් මං කවුරුත් නොකියපු ඇත්තක්...
එයාට ආදරේ කරන එයත් ආදරේ කරන
වෙන කෙනෙක් ඉන්නවා එයාගේ ජීවිතේ.....
දෙයියනේ.........මේකයි ඇත්ත එහෙනම්...
මං ආයෙත් පැරදුනා....
අහිමි ආදරේකින්..... ආයෙමත් මං පිච්චුනා....

Post Comment

25 comments:

  1. කොහොමද හිතූ ඒක පරාජයක් වෙන්නෙ...
    ඔයා වැරැද්දක් නොකර කාට හරි බොක්කෙම්ම ලව් කළා..
    ඒ මී හරකට පිනක් නැතුව ඔයාව දාල ගියා...එච්චරයි...
    නැතුව ඔයා පැරදුනා නෙවෙයි..
    ජීවිතේට තවත් එක අත්දැකීමක්...
    ලස්සන අනාගතේකට පුංචි අත්වැලක්....
    එහෙම නැතුව හිතන්න එපා ඔය විදිහට...

    ReplyDelete
  2. ඕවා මොනවද හිතුවක්කාරී, නැට්ට පිටින් අලි මැරෙන්නේ... මට හිතුණා හිතුවක්කාර කමට ඉන්නකොට ඔහොම වෙයි කියල... හි හි හි... ලස්සනට ලියල තියෙනවා... දේව්දාස් ගෙන ලකුණු 10 ක්...

    දේව්දාස්...

    ReplyDelete
  3. /මං ආයෙත් පැරදුනා..../ කිව්වෙ...
    එක පාරකින් හැදෙන්න බැරි හැටි... කොහේද හිතුවක්කාරයි නේ...

    ReplyDelete
  4. වෙනස්ම කවි සිතුවිල්ලක්.
    එයා ආදරේ එයාට ආදරේ කෙනෙක් ඉන්නවා නම්. ඔයාට තියෙන්නේ එයාගෙන් ඈත් වෙන එක. මොකද තව තවත් එයා ගැනම හිතාගෙන ඉන්න එක තව දුරටත් වැඩක් නෑ. නිකන් දුක් ගොඩක් හිතේ පුරෝ ගන්න එක විතරයි වෙන්නේ.

    ReplyDelete
  5. ආයෙමත් පරදින්න එපා අක්කා අලුත් ජිවිතයක් පටන් ගමු

    ReplyDelete
  6. ආදරෙකියන්නේ මොකද්ද කියල හරිහැටි නොදන්නා කෙනෙකුට ආදරේ කරාම මෙහෙම වෙනවා. අනෙක තමයි තමන් ආදරෙකරන කෙනා තමන්ට ආදරේද නැත්ද කියල දන්නේ නැතුව ආදරෙකරමත් මෙහෙම වෙනවා. කොහොම උනත් කවුරුඋනත් ආදරේනාමයෙන් රවට්ටනවානම් එක වැරදි වැඩක්. මෙහෙම කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් අද ලෝකේ ඉන්නවා ඇත්ත සැබආදරේ අදුර ගන්න අමාරුයි. ලස්සනට ලියල තියනවා. .අලුතෙන් අපහු හරියට පටන්ගන්න ජිවිතේ ජය...

    ReplyDelete
  7. @තරූගේ ලෝකය-හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඔව්.. අවංක ආදරේට හැමදාම උරුම දුක විතරයිනෙ..:) ස්තූතියි තරූ...

    @දේව්දාස්-හිතුවක්කරි වුනත් මටත් තියෙන්නෙ මනුස්ස හිතක් නොවැ..:)
    ස්තූතියි දේව්....!!!!

    @ප්‍රසංග-ඔව් අයියා.. හිත ඉතින් එහෙම තමා :(

    @මධුරංග අයියා-හ්ම්ම්ම්ම්ම්ම් ඔව්.. ටිකක් වෙනස් විදියට ලියවුනේ.. ඒ තරම් දෙයක් නෑ වගේ..
    ඇත්ත අයියේ.. අපි කොච්චර ඇත්ත දන්නවා වුනත් ඕක තේරුම් ගත්තත් හිත පිළිගනෙ නෑනෙ සමහර වෙලාවට..:)

    @කඩේ හාමිනේ- ස්තූතියි නංගියෝ...:) මං වෙනස් වෙලා විතරයි.. මේක නිකන් ලියවුනු සිතුවිල්ලක්..

    @N N K-ඔව් ඔයාගෙ කතාවනම් හරියටම හරි යාලූ :)සැබෑ ආදරේ අදුරගන්න අමාරුයි තමයි...ඒක හරිම අමාරු දෙයක්.. ස්තූථියි හුගාක් ඔයාට..දිගටම රැදෙන්න...:)

    ReplyDelete
  8. ආදරේ..මේ තරම් හිත් සතුටු කරන හැඟීමක්ම..ඊටත් වැඩිය හිත රිද්දන හැටි..
    ලස්සනයි..[ලියපු විදිය...ලියපු දේ නම් කාටවත් එන්න එපා :)]

    ReplyDelete
  9. ස්තූතියි ආගන්තුකයා......
    ඔව්.. වෙලාවකට මුළු ලෝකෙම සනසන ආදරේම තමයි ජීවිත විනාස කරලා දාන ගින්නක් වෙන්නෙත්... මෙහෙම දේවල් කාටවත්ම වෙන්න එපා කියලා තමයි මාත් හිතන්නෙ..:)

    ReplyDelete
  10. හ්ම්ම්... ඔයා පැරදුනේ නෑ නංගා, ඔයා දිනුවා. ආදරේ කරලා ආයේ ඒ ආදරේ ලැබුනේ නැති වුනාට ඒක පැරදීමක් නෙවෙයි. ඔයා කෙනෙක්ට මුලු හිතින්ම ආදරේ කරපු එකම දිනුමක්,. මොකද එහෙම කට්ටිය හරිම අඩුයි මේ ලෝකේ..

    ReplyDelete
  11. ආදරෙන් පැරදෙනවා කියන්නෙ තමන් ආදරේ කරන කෙනාගෙ ආදරේ තමන්ට හිමි වෙලා..ඒත් ඒ කෙනා ආපස්සට දෙන ආදරේට සරිලන තරම් වටිනා කමක් අපිට දෙන්න බැරි වුණොත් හිතුවක්කාරියේ...එහෙම නැත්තම් තමන්ට අදරේ කරන කෙනෙක්ගෙ ආදරේට අපහාසයක් කළොත්....

    ඒත් කෙනෙක්ට මුලු හිතින්ම ආදරේ කරලා...ඒ ආදරේ අහිමි වුණාම ඒක පැරදීමක් නෙවෙයි..නොලැබීමක් විතරයි...එහෙම බැලුවහම අපේ දීවිතේ ඉට වඩා නොලැබුණු දේවල් කොයිතරම්ද...

    ReplyDelete
  12. @ප්‍රාර්ථනා අක්කා- ඔව් අක්කා.. අපි කාටහරි අවංකව ආදරේ කරලා පැරදුනත් කමක් නෑ කියලා හිතනවා දැන්. :) ඒක දිනුමක් කියලා හිතා ගන්නවා.. එතකොට හරි..

    @මකුළු පැංචි- හ්ම්... ඇත්ත පැංචියෝ... ජීවිතේ මොනතරම් දේවල් අහිමි ව්එනවද... මේකත් තවත් එක අහිමි වීමක් කියලා තමයි හිතන්න වෙන්නෙ..අවංකව ආදරේ කලාම ජීවිතේට දුක ළං වෙනවා වැඩියිනෙ කොහොමත්.
    ස්තූතියි මේ පැත්තට හිතුවක්කාරි බලන්න ආවට..:)

    ReplyDelete
  13. විදවන්න එපා, විදින්න....
    දැනෙන්න ලියලා තිනවා....
    ජිවිතේ ඉදිරි ගමන හැන හිතන්න..

    ReplyDelete
  14. නියමෙටම ලියල තියනව.... මට නම් ආදරේ එපාම වෙලා තියෙන්නෙ...සික්

    ReplyDelete
  15. @රහස් පරීක්ෂකයා- ස්තූතියි..!! මට දැනුනු විදියට ලිව්වා. :)
    ඔව් ආදරේ විඳවන්න නෙවෙයි විඳින්නයි ඕනෙ. ඒත් වෙන්නෙ අද ගොඩාක්ම විඳවීම තමා.

    @කම්මැළියා- ස්තූතියි...!!ආදරේ හැමෝටම එකම විදියට විඳින්න වෙන්නෙ නෑ... ජීවිතේ අපිට ලැබෙන විදියට බාරගන්න වෙනවා..

    ReplyDelete
  16. හ්ම්ම්ම් ජීවිතේ හැටි ඔහොමයි..සමහර වෙලාවට අපි කොච්චර ආදරේ කරත් අනිත් කෙනාට ඒක තේරුම් ගන්න බැරි වෙන වෙලාවලුත් තියනවනේ..ඒක ඔයාගේ වැ‍රැද්දක් නෙවේ..අනිත් කෙනාගෙ තියන නොලැබීම..

    ReplyDelete
  17. ඔව් අයියා.. එහෙම කියන්න තමා ව්එන්නෙ.. ඒක මගේ නොලැබීම වෙන්නත් පුළුවන් ඉතින්.. :)

    ReplyDelete
  18. අමතක කරන්න ච්යාව.වැඩක් ‍වෙන්කෙ නැ ඔයාට ච්යාගෙන්.අන්තිමේ ඹයාට දුක විතරයි.මන් දන්නවා ඔයාගෙ දුක.මට කරන්න පුලුවක් හැම දෙයක්ම මන් කරනවා.නමුත් ඹයාට කරන්න තියෙන හොදම දේ තමයි හිත හදාගන්න ච්ක..........

    ReplyDelete
  19. කරන්න බැරිමත් ඒකමයි... හිත හදාගන්න බෑ..

    ReplyDelete
  20. එහෙම හිතන්න එපා නංගී..එයාට ඔයා ඔච්චරම ආදරේ කරද්දිත් එයාට ඔයාව තේරුම් ගන්න බැරිනම් ඉතින් ඒ එයාගෙ නොලැබීමම තමයි..මේ අපි වගේ නැව ගිලුනත් බෑං චූං කියලා සතුටින් ඉන්න..

    ReplyDelete
  21. ශ්ම්ම්ම්ම්ම්ම්.... ඔව්... ආදරේ කරන්න ලබාගන්නම ඕනෙ නෑනෙ... කාගේ ලැබීමද නොලැබීමද මංදා.. මම කාලයට භාර දීලා බලන් ඉන්නවා :) ස්තූතියි අයියා...

    ReplyDelete
  22. ජුරියත් ඔබ.... පැමිණිලිත් කළ.... කොහොම වග උත්තර බදින්නද? ආදරේ දැනෙනවා විතරයි කියන්නට මට බෑ......

    ReplyDelete
  23. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ඇත්ත... කියන්න තේරෙන්නෙ නෑ...:(

    ReplyDelete
  24. kawuda danne wasanawatada kiyala?

    ReplyDelete
  25. වාසනාවන්ත??? හ්ම්ම්.. අනේ මංදා...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....