නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

29 August 2011

නුඹටත් කෙනෙක් හිදීවී......

ඉස්සර ඉඳන්ම හුගාක් ආස කරපු සිංදුවක් මම මේ අද ,හුග කාලෙකට පස්සෙ ඇහුවා. ඇත්තටම් ඒ පද වැලට, සංගීතයට වගේම ගායනා කරන ගායකයටත් මං හුගාක් කැමතියි. ඉතින් හිතුනා මට පෝස්ට් එකක් දාන්න ඒ සිංදුව ගැන ලියන්න. ඒ සිංදුව හා සමීප සිදුවීම් කීපයකුත් පහු ගිය දවස් ටිකේ සිද්ධ වුනු නිසා ලියන්න හිතුනා..ඒ සිංදුව තමයි සුනිල් එදිරිසිංහ මහත්මයගෙ "හිඳීවී කොතැනක හෝ හිමි කාරයා උපන් නුඹේ නමින්" සිංදුව. මේ සිංදුව අහපු නැති කෙනෙක් නැතු ඇති. ඒ වගේම මේ සිංදුවට් ආදරේ අය හුගාක් ඇති.සරළ පද වැලක් තියන ලස්සනම ලස්සන සිංදුවක්.






හිඳීවී කොතැනක හෝ හිමිකාරයා   උපන් නුඹේ නමින්          
වඩීවී කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින්


ගගකට සයුරක් මුණගැසේවී
සයුරට වෙරළක් මග හිඳීවී
නියගට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳී වී දවසක සොයාන ඒවී


අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටක ලගා වී විඳි අඳුර නිවාවී






ජීවිතේ කියන්නෙ අපි පතන දේම ලැබෙන එක නෙවෙයි කියන එක අපි හැමෝම දන්නවනෙ. ඒක අපි කොයිතරම් අකමැති වුනත් හැමෝටම තේරෙන ඇත්තක්.ආදරේ වුනත් එහෙමයි. අපි ආදරේ කළාට කෙනෙක්ට අපිට ඒ කෙනා ආදරේ නැති වෙන්න පුළුවන්. අපිට කෙනෙක් ආදරේ කළාට අපි ඒ කෙනාට ආදරේ නැති වෙන්න පුළූවන්. අපි පතන අපි හොයන අපි ආදරේ කරන දේවල්ම අපිට ලැබෙනවනම් මේ ලෝකේ "දුක " කියලා දෙයක් නැති වෙන්න තිබ්බා.


මම විශ්වාස කරන දෙයක් තමයි අපි කොයිතරම් හීන මැවුවත්, මොන තරම් බලාපොරොත්තු තියාගත්තත් හැම දෙයක්ම  සිද්ධ වෙන්න කෙනෙක්ගෙ දෛවය කියන එකත් ඒකට බලපානවා කියන එක.අපි කොච්ච්ර කී දෙනෙක්ට ආදරේ කළත් අපිට අවසානෙ ලැබෙන්නෙ, අන්තිමට සිද්ධ වෙන්නෙ අපි නොහිතන දෙයක් වෙන්න පුළුවන්.හුගාක් දෙනෙක් ආදරෙන් පැරදිලා දුක් විදිනවා. තම්න් ආදරේ කරපු කෙනා දාල ගිහින්, නැත්තම් ආදරේ කරන කෙනා තමන්ට ආදරේ නෑ...වගේ දේවල් නිසා අනාගතේ ගැන, ආදරේ ගැන කළකිරිලා ඉන්න පුළුවන්. එහෙම කෙනෙක්ට ආදරේ ගැන, තමන්ගෙ ආදරේ හිමි කාරයා ගැන ලස්සනට කියලා දෙන සිංදුවක් විදියට මේක දැනෙනවා.


"මේ ලෝකෙ කොහේ හරි ඔයාට අයිති, ඔයාගෙ හිමි කාරයා ඉන්නවා. එයා මේ අහස යට කොහේහරි හුස්ම ගන්නවා.දවසක වෙලාව ආවහම ඔයාව හොයාගෙන එයි. එදාට ඔයාටත් හිතෙයි මේ ලෝකෙ කොහෙහරි මං වෙනුවෙන් හුස්ම ගන්න , හුස්ම වැටෙන පපුවක් තිබුණා කියලා. වැඩිකාලයක් නෑ... එයා එයි ... ජීවිතේ හොඳම හොඳ අය එන්න ටිකක් පරක්කු වෙනවලු. ඒ එනකම් හිත හදාගෙන ඉන්න.මෙච්ච්ර කල් ඉවසුවා වගේ මේ ටිකත් ඉවසන්න. හිත හ්දාගෙන බලාගෙන ඉන්න"


"මේ ගලන හැම ගගක්ම කව්දාහරි කොතනින් හරි මුහුදට වැටෙනවා. ඒක ස්ථීරයි. හැම ගගක්ම තනියම ගලලා මුහුදට වැටෙනවමයි. එතකන් ගල් බොරළු, කදු පල්ලම් උඩින් තනිවම ගලන්න වෙනවා. නවතින්නෙ නෑ... ගග ගලනවා. මුහුද හම්බෙනකම් ම... රළ කොයිතරම් චණ්ඩ වුනත්, මොන තරම් වේගෙන් ආවත් වෙරළක් මග බලාගෙන ඉන්නවා රළ එනකම්...වෙරළට බෑ රළ මගහරින්න... දන්නවද??? පායන කාලෙට පායනවා. වැහි වළාකුලක් වත් පේන්න නැති වෙයි. ගිණී කාෂ්ඨක පොළොව ඉරි තැළෙයි..ගස් වැල් මැළවෙයි.. ඉවසන්න බැරි තරම් කට්ට අව්වට මල් පරවෙලා යයි. ඒත් හැමදාම නියගෙ තියෙන්නෙ නෑ..දවසක් එනවා මුළු අහසම කළු වළකුළු වලින් පිරිලා, කාෂ්ඨක පොළොව සීතල වෙන්න වැහි පොද වැටෙන, දව්සක් එනවා.වේලිලා ගිය ගස් වැල් වල මල් පිපෙන ලස්සන කාලයක් එනවා.ඒ වගේ තමයි ඔයාගෙ ජීවිතේත්. ජීවිතේ හැමදාම නරක කාලෙ නෑ.. දවසක් එනවා ඔයාගෙ හිත සතුටෙන් ඉතිරෙන. ඔයා වෙනුවෙන් කෙනෙක් ඉඳීවී. එයා හොයාගෙන ඒවී.."


"කටු අකුල් වලත් ඉඳලා ඉඳලා අලුත් ලස්සනම ලස්සන මල් පිපෙනවා.පළාතක්ම එළිය කරන්න පුළුවන් එහෙම  කලාතුරකින් පිපෙන මලකට. ගලාගෙන යන නදියක වුනත් පුංචි පුංචි  ජල තරංග තියෙන්න පුළුවන් වගේ, ඈතින් හමාගෙන එන සීතල හුලං පොදක් ඔයාගෙ නළල සිපගෙන ගියා වගේ, නොසිතුව මොහොතක ඔයාගෙ ආදරේ ඔයාව හොයාගෙන ඒවී..ඔයා හිතන්නෙවත් නැති වෙලාවක ඔයාව හොයාගෙන ඇවිත් ඔයාගෙ ලෝකෙ අඳුරූ පාළුව මකාවී... ඔව් ඔයාගේ මුළු ලෝකෙම එළිය කරාවී... ඒ එනකම් හිත හදාගෙන බලාගෙන ඉන්න..."


කෙනෙක්ගෙ දැවිලා ගියපු හදවතකට , අහිංසක පුංචි බලාපොරොත්තුවක් ලස්සනට ඇති කරවන විදිය ඇත්තටම ඒ සිංදුවෙ කැටිවෙලා තියනවා කියල මට හිතුනා. බලාපොරොත්තු රහිත ජීවිතේකට ධනාත්මක සිතුවිල්ලක් ඇති කලා වගේ හරිම ලස්සන උපමා එක්ක ලස්සනටම ලිය වුනු සිංදුවක්..






ප.ලි-මට ඒ සිංදුව ගැන දැනුනු දේ මම ලිව්වෙ. වැරදි තියන්වනම් නිවැරදි කරන්න කියලා ඉල්ලනවා. ඔයාලට හිතෙන දේ ගැනත් අදහසක් දාල යන්න..

Post Comment

22 comments:

  1. හිඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්... හ්ම්ම්... ඔව්... ඇත්ත... මේ සින්දුවට දේව්දාස් ගොඩක් ආසයි... පද සරල වුණත් ලොකු තේරුමක් තියෙන සිංදුවක්... දේව්දාස් ට නම් මුකුත් වැරද්දක් පෙනුනේ නෑ හිතුවක්කාරී... ලස්සනයි...

    දේව්දාස්...

    ReplyDelete
  2. ස්තූතියි දේව්... මේ සිංදුවට හුගාක් අය ආසයි...:) ඔයත් එහෙනම් හොද රසවින්දනය තියෙනවා... නියමයි...!!! :)

    ReplyDelete
  3. මේක මගේ ජාතික ගීය නේ.
    මාත් මේ මුද්ද අතේ තියාගෙන බලගෙන ඉන්නෙ ඔය කියන හිමිකාරිය එනකන්. ආපු ගමන් මුද්ද දාලා පොතේ අස්සන් කරලා බඳිනවා. එතකොට හරිනේ. ආයෙම කොහාට්ටවත් එයයිට යන්න බෑ.

    මොකෝ එකපාරටම මෙහෙම සිංදුවක් මතක් උනේ?

    මෙහෙම දෙයක් තියෙනවා නංගි. සමහර අය හිමිකාරයා/හිමිකාරි එන්න කලින් වෙන අයට තමන්ගේ හිමිකාරයා/හිමිකාරි කියලා රැවටිලා දුක් විඳිනවා. පව් තමා. මොනා කරන්නද !!!

    ReplyDelete
  4. ලස්සන අදහස් හිතුවක්කාරි........

    ReplyDelete
  5. (ජීවිතේ හොඳම හොඳ අය එන්න ටිකක් පරක්කු වෙනවලු. ඒ එනකම් හිත හදාගෙන ඉන්න.මෙච්ච්ර කල් ඉවසුවා වගේ මේ ටිකත් ඉවසන්න. හිත හ්දාගෙන බලාගෙන ඉන්න")සින්දුව ගැන නෙවෙ මන් කියන්නේ ලිපිය ගැන.ඒක මටම ලියපු ලිපියක් වගේ.

    ReplyDelete
  6. @මධුරංග අයියා- හික්ස්ස්ස්... ජාතික ගීයද?? හොදා හොදා..;)
    මුද්ද දැම්මට වැඩක් නෑ අයියා.. මුද්ද දාගෙනත් දාල යන අය ඉන්නවා..:(
    මට ඉතින් මේක නිකමට ඇහුනාම මතක් වුනා.කට කාටත් ගැළපෙනවානෙ..
    ඔව් අයියා ඒක ඇත්ත. නියම හිමිකාරි/හිමිකාරයා හ්යාගන්න ක්‍රමයක් තිබ්බානම්...

    @ තනි උන මම- ස්තූතියි සහෝ...

    @නිකමා-ස්තූතියි මෙහාට ආවට. ඔව් කාට කාටත් ගැළපෙන නිසා දම්මෙ.:) ලිපිය ලිව්වෙත් එහෙමයි

    ReplyDelete
  7. හමු වෙන දෙනෝ දාහක් අය අතරේ නියම හිමි කාරයාව / කාරීව හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. වැරදි කෙනෙකුට සෙට් උනොත් ලෙඩ ගොඩයි

    ReplyDelete
  8. ඔව්.. ඒක ඇත්ත.. නියම කෙනාව හොයාගන්න කම් දුක තමා..

    ReplyDelete
  9. @හිතුවක්කාරි :
    බැරි වෙලාවකවත් ඔය ක්‍රමේ හම්බ උනොත් මටත් කියන්න හරිද ?

    ReplyDelete
  10. ලස්සන සින්දුව හිතුවක්කාරී..කාලයක් තිබ්බා ආසාවෙන් ඕක අහපු..දැන් ඉතින් ඕක අහන්න ඕන නැහැ වගේ නේ ;)

    මේ දවස්වල ප්‍රියතම සින්දුව තමයි මෙන්න මේක

    ReplyDelete
  11. මෙම ගීතය ලියපු කේනා කුමන ස්ථානයක පිහිටියාද යන්නේන් අදහාස් වන්නේ ...
    ඔහුවෙන හදක පහාස ලබන ගමන් ඔහු ගැන හිතමින් හාඩාවැලපේන පේම්වතියගේ හිත සනසවන වැයමක් දරන වගයි.පෙර ආදරය බේදාගත් පේම්වතියට තවත් කේනේකුගේ පහස ලබන්නට පුළුවන් යන්නයි ගිතය පුරා දිව යන්නේ

    කොච්චර ලස්සන උනත් නඟා ආදරේ කරපු හදවතකට මේහේමත් කරන්න පුළුවන්ද යනවග සැකයි... මම හිතන්නේ ඔබලා දරන තේරූම නොවේයි මේහි තියේන්නේ...


    මම
    හිරු එළිය...෴

    ReplyDelete
  12. සමහර ගඟවල් තියෙනවා මුහුදක් දකින්නෙ නැතුවම අවසානයක් දකින...හ්ම් හ්ම්...

    ReplyDelete
  13. @මධුරංග අයියා- හරි අනිවා... හොයගත්තොත් කියන්නම්.. ;)

    @ChammA-අ හ් හා හා... නියමයිනෙ.. මාත් ආසයි ඔය සිංදුවටනම්...:)

    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙- ම්ම්ම්ම්ම්.... ගීත සාහිත්‍ය ගැන ලොකු අවබෝධයක් මට නැනැ නොවැ... මම් ආස සින්දුවක්.. මට හිතෙන විදියට ලිව්වා.. ඔයාගෙ අදහසට එකග වෙන්නත් පුළුවන්... ස්තූතියි සහෝ...
    ආදරේ කරන හිතකට ඔය කියන විදියෙ දේවල් කරන්න පුළුවන්ද කියල හිතෙනවා තමයි.. ඒත් එහෙම කරන අයත් ඕනි තරම් මේ අහස යට ඉන්නවා..:)


    @සීතල අයියා- හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... එහෙමද?? ඒවා මතු පිටට නොපෙනී පොළව යටින් හරි මුහුදට යනවා ඇති අයියා..;)

    ReplyDelete
  14. ඔය සින්දුව නගෝ පොඩි කාලෙත් කිව්ව, දැනුත් කියනව, තව කොච්චර කාලයක් කියන්න වේවිද දන්නෙ නෑ.:D අර මධුරංගය කිව්ව වගේ ඕක ඉතින් ජාතික ගීය වගේ තමයි.

    ඒ සින්දුව එච්චරම හිතට වදින්නෙ ඒකෙ පද නිසා කියල මට හිතෙන්නෙ. ලියපු කෙනා කවුරු වුනත් දැනෙන්නම ලියල. ඕක නිදහසේ ඉන්න වෙලාවක අහගෙන හිටියොත් බොක්කටම වදිනව ඉතින්.

    ReplyDelete
  15. ආදරය, ජීවිතය, හ්ම්.. කොච්චර නම් සරල ද අහනකොට, දෙකටම අකුරු 4 යි. මේ පොළවේ, මේ අහස යට ඉන්නවා අපිට හිමි කෙනා.. ඇත්ත.. ජීවිතය ගලාගෙන යනවා.. මහ මුහුදෙන් වැටිලා කෙළවර වෙනවා.. එහෙමමද? පුංචි පුංචි ජල බිංදු ආයෙ අහසට යනවා.. ආයෙ වැස්සක් වහිනවා.. ආයෙ ගග ගලනවා.. මේ සංසාරෙ අපි හිතන තරම් සැහැල්ලු සරළ නෑ.. අනේ සමාවෙන්න.. ඉස්සෙල්ලාම ඇවිත් මේ කිසි දෙයක් නොදන්න ආගන්තුකයා ලස්සන පෝස්ට් එකක් විනාස කරා නම්.. ඒත් ඇත්ත සුන්දර නෑ.. මම මේ පළවෙනිවතාවට ආවෙ. ලස්සන පෝස්ට් එකක්. කිසි වරදක් නෑ. වරද ආගන්තුකයා ගෙ. ආගන්තුකයා ටිකක් හිතනවා වැඩියි. බ්ලොග් එක ෆලෝ කරාට අහිතක් හිතන්නෙ නෑ නේද? දිගටම ලියන්න. සුභපැතුම්.

    ReplyDelete
  16. ලස්සන සින්දුවක් අක්කි.ආදරය කරන්න පටන් ගත්තම හිතෙන්නෙ මෙයා තමයි පෙරුම් පුරාගෙන ආව මගේ හිමිකාරයා කියලා ඒත් දාල ගියාම හිතෙනව එයා නෙවෙයි වෙන කෙනෙක් වෙන්නෑති මගේ හිමිකාරයා කියලා.කොහේ හරි ඈති එයා මේ ලෝකෙ ඒත් හොයාගෙන ඒවිද කියන එක තමා ප්‍රශ්නෙ

    ReplyDelete
  17. Kasun අයියා- හික්ස්ස්.. අයියාගෙත් ජාතික ගීයද?? හරිම ශෝයි...වැඩිකල් කියන්න වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඕං..;)
    ඔව් ඇත්ත. ඒ පද වැල් හිතටම වදිනවා. මං වුනත් ඒකයි මේක මෙහෙම ලිව්වෙ.:) ස්තූතියි මෙහාට ආවට..

    @ආගන්තුකයා-අනේ... ඇයි මෙහම හිතන්නෙ.. මම දාන පෝස්ට් වලට ඔයාලගෙ එක අකුරක් වුනත් මහ හුගාක් වටිනවා.. ඒක විනාශයක් නෙවෙයි.. ආශිර්වාදයක්.. ආගන්තුකයත් මං වගෙ. හිතන එක නම් මාත් හුගාක් කරනවා. ඒත් ඔයාගෙ වචන දැනෙනවා.. ෆලෝ කරාට කිසිම අහිතක් නෑ...
    දිගටම ඉන්න මාත් එක්කම.. ස්තූතියි හුගාක්...


    @හිම හංසි-ඔව් නංගා.ලස්සන සිංදුවක්....:)
    ඔය ප්‍රශ්නෙ තම කාටත් තියෙන්නෙ. :( මොනා කරන්නද. කාලෙට ඉඩ දීලා බලා ඉදීම තමා කරන්න තියෙන්නෙ

    ReplyDelete
  18. හ්ම්ම්... අනේ මන්දා මධුරංග අයියා කිව්වා වගේ ඒ හිමිකාරයා හොයාගන්න විදියක් දැනගත්තොත් මටත් කියන්න හොඳේ :)

    ReplyDelete
  19. හි හි... හැමෝටම තියෙන්නෙ එකම ප්‍රශ්නෙ අක්කි... හ්ම්ම්ම්ම්.. ඔව් ඔව්.. එදාට මං හැමෝටම දැනගන්න මේකෙ පෝස්ට් එකක් දාන්නම්කෝ...:)

    ReplyDelete
  20. සමහර වෙලාවට හදවත් මුනගැහෙන විදිහ දැක්කහම ... ඔය කතාව සියයට දෙසීයක් හරි... !!!

    ReplyDelete
  21. ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ඔව් එහෙම වෙනවා... :)

    ReplyDelete
  22. එත් හිතු.. දේපාරක්ම එකම දේ සිද්ද උනාම අයේ කොහොමද හිතු මන් මගේ හිත හදා ගන්නේ...

    එත් බිදිල ගිය විදුරුවක් වගෙ කැඩිලා ගියපු හදවතක් අයේ අදරේ කරන්න බයයි...ඔයා කියනවා වගේ අහින්සක පුන්චි බලපොරොත්තුවක්වත් තියා ගන්න අද මට බයයි...මට එ හයිය නැහ...තනිකම හැමදෙටම වඩා හොදයි කියලා තනිඋනු මගේ හිත අද මටම කෑ ගහලා කියද්දි මට හිතෙන්වා හැමදාමත් තනියෙම ඉන්න එක හොදයි කියලා හිතු...

    ඔයා කිවුවා වගේ ජීවිතේ හොද අය එන්න කල් යනවා...එත් එ ආපු හොදම කෙනත් නැති උනු දවසට මොකද්ද මන් කරනනේ හිතු...

    im new one to biogspot.com

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....