නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

31 August 2011

හිමි වුනත් නැතත් මං ආදරෙයි.......



මට කියන්න පුළුවන්
මං ඔයාට ආදරෙයි කියලා විතරයි....
ඒ ආදරේ කොච්චරක්ද මනින්න මට බෑ....
අද හෙට අනිද්දා නෙවෙයි කල්පයක් ගියත්
ඒ ආදරේ වැඩි වෙනවා විතරයි....
අඩුවෙන්නෙ නෑ කවදාවත්ම....
ඔයාව මට හිමි වුනත් නැතත්
මට කමක් නෑ.....
හිමී වීම කියන්නෙ ආදරේ නෙවෙයි කියලා
මං දන්නවා.....
ඒත් දෛවය මට එක අවස්ථාවක් දුන්නොත්
මං සදහටම ඔයාගෙ වෙනවා...
මේ හිතින් ඔය ආදරේ වෙන් කරන්න,
කාටවත්ම බැරි වෙන්නම.......
අනේ එහෙම දවසක් එනකම්
මම........
බලාගෙන ඉන්නවා....
ඔව්.. මං බලාගෙන ඉන්නවා...

Post Comment

20 comments:

  1. man nam balagena inna wadeta kamati na hituwakkarii..oyatath adare karana oyath adare karana kenek welawa awama munagahei....oya adarae karath oyata adare nati kenekgen wadak na neda....:(

    ReplyDelete
  2. ඕක දැන් කාලෙකට කලින් මගෙත් ජාතික ගීය වෙලා තිබුනා. දැන් එයා වෙන කෙනෙකුට සදහටම අයිති වෙලා ඉවරයි. එයා ගැන බලා හිටපු මම තාම තනියෙන්. දැන් නිවීසැනසිල්ලේ කල්පනා කලාම හිතෙනවා ඒ කාලේ නැටුවේ මොන පිස්සුවක්ද කියලා. මේ මට හිතෙන හැටි. මොනවා උනත් ඔයා ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
  3. @තනි උන මම-ඒක ඇත්ත කතාව සහෝ.. ඒත් හිත කියන්නෙ අපිට ඕන විදියට වෙනස් වෙන්න කැමති දෙයක් නෙවෙයිනෙ..
    අනික මම හිතුවක්කාරිනෙ.. හික් හික්...:) :)

    @අම්බලම- හ්ම්ම්ම්ම්ම්.... ඔයාට එහෙම හිතෙන එකෙත් වරදක් නැතිව ඇති.. කාලයක් යද්දි ඔහොම දැනෙන්නත් පුළුවන්..
    ස්තූතියි සහෝ....:)

    ReplyDelete
  4. කාලයට ඉඩ දෙන්න...කාලය හැම තුවාලයක්ම සනීප කරනවා නංගි..

    ReplyDelete
  5. ආදරේ කරන දෙන්නෙක්ගේ ඊලග බලාපොරොත්තුව තමයි ඉක්මනින් කසාද බදින එක.
    එතකොට නම් කලින් තිබ්බ ආදරේ අඩු වෙනවා. ඇයි බදින්න කලින් ආදරෙන් ඉදලා බැන්දම ආදරේ අඩු වෙන්නේ ?
    මට මතක හැටියට මේ ප්‍රශ්නේ මම කලින් කියවපු (මිට ගොඩක් කලින් කියවපු බ්ලොග් එකක් ) බ්ලොග් එකක කමෙන්ට් එකක් විදිහට දැම්මා. එකට මට හොද උත්තරයක් ලැබුනා.
    ඒ උත්තරේ තිබ්බේ මෙහෙමයි.

    "කසාද බැන්ඳම 'තමන්ගෙ' වෙනවා. මේ තමන්ගෙ වීම කොයිතරම් දරුණුද කිව්වොත් තමන්ගෙ ඇඟේ කෑල්ලක් තරමටම.. තමන්ගෙ අතට පයට "මම ඔයාට ආදරෙයි" කියන්නෙ නෑ වගේම රිදුනම "ඔයාට රිදුනද මගේ අත.. " කියලා අහන්නෙ නෑ වගේම තමන්ගෙ සැමියටත් බිරිඳටත් ඒවගේ කථා කරන එක නවත්තනවා. "

    මගේ ප්‍රශ්නෙට උත්තර ලැබුණු කමෙන්ට් එක උපුටා ගත්තේ කසුන්ගේ බ්ලොග් අඩවියෙන්....

    අඩඩා.... මවුස් එකෙන් කැලි හැලෙනවා.... :)

    ReplyDelete
  6. දැනෙන්න ලියලා තිනවා ....
    මෙක දැක්කොත් අනිවාර්යෙන් එවි

    ReplyDelete
  7. නංගිට වැඩි කල් බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. ඉක්මනින් ම ඔයාගේ කෙනා ඔයාගේ වෙයි !!!!

    ReplyDelete
  8. @විශ්ව- හ්ම්ම්ම්ම්ම්ම්ම් ඔව් සහෝ.. එහෙම හිතන්වා.. ස්තූතියි..!!!

    @මධුරංග අයියා-හ්ම්ම්ම්ම්ම්ම්.. ඔය ලිපිය මං කියෙව්වා. ඒත් කමෙන්ට් එක මතක් කලේ අයියා. ඇත්ත කතාවක් අයියා...ඕකට මාත් කමෙන්ට් කලේ" කෙනෙක්ට දෙයක් ලබාගන්නකම් තියන ආසාව ලබාගත්ත්ට පස්සෙ නෑ " කියලයි. ඒත් මේ හිතුවක්කාරිට ඕක වලංගු වෙන එකක් නෑ...මේ හිතුවක්කාරි ලබාගත්ත දෙයක් අතෑරල දන්නෙ නෑ....
    හික්ස්ස්... ඔව් අයියේ.. මවුස් එක දිරලා ;)
    ස්තූතියි අයියාගෙ ප්‍රාර්ථනාවට...:)

    @රහස් පරීක්ෂකයා- ස්තූතියි...!!! දැනුන දේ ලිව්වා..
    හ්ම්ම්ම්ම්.. දැක්කොත් නේ....:)

    ReplyDelete
  9. මට ආස හිතුන නිසඳැසට...ලස්සනයි අක්කා......ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  10. ලස්සන නිසදැස නංගි.උපරිමයට ආදරය කරන අයට ඔහොම හිතෙනවා.හිමී වීම කියන්නෙ ආදරේ නෙවෙයි කියලා කිව්වට හිතුවට අපි හැමෝම හරිම අසායි අපේ ආදරේ අපේම වෙනවට.ඒ වෙනුවෙන් කොච්චර කල් බලන් ඉන්න වුනත් කමක් නෑ කියල හිතන වෙලාවලුත් නැත්තෙම නෑ නේද.

    ReplyDelete
  11. ඇත්තටම ආදරේ කලා නම් කල්පයක් උනත් බලා හිටියෑකි එයාගෙ සුන්දර මතකයනුත් එක්ක ජීවත් වෙවී..හ්ම් හ්ම්..

    ReplyDelete
  12. ආදරේ කියන්නේ හිමිවීම නෙවේ වුණත්, හිමි වීම තුළින් ආදරය අර්ථවත් කරනවා.....

    දෙන්නාගෙ ම ආදරේ අවංක නම් දෛවය ඔයා ට අවස්ථාවක් දෙයි.
    නැත්තම්, බලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ කියලා ඔයාට කවදාහරි තේරෙයි. එදා ට ඇත්ත ට මූණ දෙන්න. දැන් එහෙම කරන්න කියලා මං කියන්නේ නැත්තේ, දැන ට ඔයාගේ හිත දන්න හොඳ ම විසදුම තමයි බලා ඉන්න එක. ඔයාගේ හිත ඇත්ත තේරුම් ගත්ත දවස ට ඔයා ඇත්ත ට මූණ දෙයි......

    මේ වගේ අවස්ථාවලදී අපි ට දෛවය වෙනස් කරන්න ගොඩක් අමාරුඉ. ම්න් කලිනුත් කිව්වා වගේ දෙන්නාගෙ ම ආදරේ අවංක නම් දෛවය ඔයා ට අවස්ථාවක් දෙයි....

    ඔබට ජය!!!

    ReplyDelete
  13. හිමි වීමම ආදරය නොවේ කියලා කථාවක් තියෙනවානේ නංගෝ.. ඒත් අපි පෘතග්ජන මිනිස්සු නිසා අපි ආදරේ කරන කෙනා අපේම වෙනවා නම් ගොඩාක් ආසයි.. ඒත් ,... හ්ම්ම්ම්... අනේ මන්දා

    ReplyDelete
  14. @කෝඩුකාරයා-ස්තූතියි මල්ලි...:)හුගාක් ස්තූතියි...!!!

    @නිසූපා අක්කා- ස්තූතියි අක්කා.:) හ්ම්ම්ම්ම්ම්... ඔව් අක්කා.. අපි ආදරේ කරන කෙනා අපේම වෙනවනම් ඊට වඩා සතුටක් නැහැනෙ..

    @සීතල අයියා- ඔව් ඒක ඇත්ත... මතක එක්ක ජීවත් ව්එන්න පුළුවන් ඒත් ඒක සුන්දර වෙයිද මංදා... :(

    @මහී- සහතික ඇත්ත... :( තිත්ත වුනත් පිළිගන්න වෙනවා.. දෛවය වෙනස් කරන්න අමාරුයි තමා.. බලාගෙන ඉන්න එක මේ වෙලාවෙ කරන්න පුළුවන් එකෙම දේ.. ස්තූතියි යාලූ...:)

    @ප්‍රාර්ථනා අක්කා- හ්ම්ම්ම්ම්ම්ම් ඔව් අක්කා.. අපේ වෙනවනම් අපේ ආදරේ හුගාක් ආසයි තමා.. අනේ මන්දා තමයි අක්කි...:( හිමි වුනොත් ඔබ හිමි වුනාවෙ කියන්න තමා වෙන්නෙ.. :)
    ස්තූතියි....!!!

    ReplyDelete
  15. "අපි කාලයාට ඉඩ දීලා බලාගෙන ඉඳිමු" කියලා මටත් කෙල්ලෙක් කිවුවා, එත් අන්තිමේ එයා මගේ වුනේ නැහැ.ඒ නිසා මම නම් හිතන්නේ බලාගෙන ඉන්න එක මහා භයානක වැඩක් කියලයි.මෙහෙමයි, තමන්ගේ කෑමක් නම් අද කෑවත් එකයි, හෙට කෑවත් එකයි.නමුත් අනුන්ගේ කෑම එකක් දිහා බලාගෙන, "කවදාහරි ඒ කෑම එකම මට ලැබෙයි" කියලා කෙල ගිල ගිල බලං හිටියත් වැඩක් නැහැ නේ.එහෙමෙයි කියලා ඉතින් හිත ගිය තැන මාලිගාව කියල හඳපානේ යන්නත් බැනේ.

    එක්කෝ කමක් නෑ ඔන්න ඔහේ බලං ඉන්න.වෙන දෙයක් වෙද්දෙන්.අපි ඉන්නවනේ හිතු එක්ක...
    [අවස්ථාවක් ඒවි අනිවාර්යෙන්, නැති උනොත් කඩෙන් හරි ගෙනල්ලා කෑම එකක් කමුකෝ අහල පහල අයටත් පේන්න
    ]

    * කෑම ගැන උදාහරණ හිතට එන්නේ මං මේ ඉන්නෙත් කන්න බලාගෙන නිසයි.හික් හික්!

    ReplyDelete
  16. හ්ම්ම්ම්ම්ම්ම්..... ඔව් දඩබ්බරයා... ඒකත් හරි... හරියට හරි..
    හි හි හි.. ස්තූථියි හිතූ එක්ක ඉන්නවට..:) හිතූට ඒක හයියක්..:)
    අහ් හා හා.. දඩබ්බරයා බඩගින්නෙ ඉන්න පාටයි...;)
    ස්තූථියි හිතූ එක්ක ඉන්නවට.. ජය වේවා..!!!

    ReplyDelete
  17. "හිමී වීම කියන්නෙ ආදරේ නෙවෙයි !!" ඒ කතාව නම් සහතික ඇත්ත..
    නමුත් ඒ අසීමිත ආදරේට වටිනාකමක් දෙන්නේ කොහොමද ?
    එයා වෙන කෙනෙක්ට හිමිවෙන හැටි බලාගෙන සතුටු වෙන එකද ?? :(

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවා.. ඇත්තටම අවංකවම, ආදරේනම් එහෙම කරනන් පුළුවන් ව්එන්න ඕනෙ. මොකද ඇත්තටම අඅදරේනම් තම්න් ආදරේ කරන කෙනාගෙ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් ව්එන්න ඕනෙ. ප්‍රාර්ථකාමී ආදරේ එහෙමයි..:)

      Delete
  18. Hello there. I noticed your website title, "Blogger: ෴෴ හිතුවක්කාරිගේ හිත ෴෴"
    does not really reflect the content of your site. When writing your site title, do
    you believe it's most beneficial to write it for Web optimization or for your audience? This is one thing I've been struggling with mainly because I want
    good search rankings but at the same time I want the best quality for my site visitors.


    Here is my web blog - sydney roofing

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....