නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

02 September 2011

තටු සිඳුනු සමනළී - 4 වන කොටස

ඔන්න මම 4 වන කොටස වෙන්දට වඩා ඉක්මණටම ලියලා දැම්මා.. කියවලා අඩුපාඩු කියන්න හොඳේ...
කලින් කොටස් කියවපු නැති අයට මෙන්න.
තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3

අද 4 වන කොටස...........

-----------------------------------------------------------------------------------------

පන්තියට ආවට මගේ හිත තිබ්බෙ වෙන කොහේදෝ මන්දා ලෝකෙක අතරමං වෙලා වගේ.පාඩමට හිත යොමු කරගන්න මට සෑහෙන්න වෙලාවක් ගියා.ලස්සනට පේවිලා, බැබළි බැබළි තිබුනු මගේ දිළිසෙන හිත මොහොතකට කුඩුපට්ටම් වෙලා ගියා වගේ දැනුණා.
" දසුන් ලෙඩ වෙලා. පෙරුම් පුරාගෙන බලන්න ආව ඒ සුදු මූණ දැන් මැලවිලා ඇති" මගේ හිත පුදුම විදියට නොසන්සුන් වුනා. මගේ හිත කලබලෙන් බව දැනිලාද මන්දා හසී මගේ දිහාවට අමුතුම විදියේ බැල්මක් දැම්මා.

" මේ මධූ.... දැන් උඹට මොකද වෙලා තියෙන්නෙ???"

"මට...මේ.. මට මු..කු..ත් වෙලා නෑ බං.. මේ මං ඉන්නෙ හොදට."

" අහ් හා වෙලා නැත්තම් හොඳයි... ඔහොම යද්දි මුකුත් වෙයිද  කියලා තමා බය."

"පිස්සුද හසී??? මොනා කියවනවද මංදා ..කෝ කෞෂී???"
මම කළබලෙන් වගේ වටපිට බැලුවෙ අපිත් එක්ක ආව කෞෂි අපි ළග හිටියෙ නැති නිසා.

" අනේ අනේ.. මෙලෝ සිහියක් නෑ....කෞෂි එයාලගෙ ඉස්කෝලේ යාළුවො ළගට ගියා. අපිට කියලනෙ එයා ගියේ..ඇහුනේ නැද්ද??"

"අහ්.... ඔව් නේ.."

ඇත්තටම මට ඇහුනේ නෑ.. මං හිටියේ වෙන කල්පනාවකනෙ.ඒත් මං ඇහුනා කියලා කිව්වෙ, නැත්තම් හසීගෙන් බේරුමක් වෙන්නෙ නැති නිසා.පන්තිය පැය 3ක් වුනත් මට දැනුනේ ඊට වඩා කාලයක් මං පන්තියේ ඇතුළෙ ගෙව්වා වගේ.. මගේ හිත නොසන්සුන් නිසා කාලය හිමින් යනවා වගේ මට වැඩියෙන්ම දැනෙන්න ඇති.

එදා හවස කෞෂි පන්ති ඇරිලා යන්න අපි එක්ක ආවෙ නෑ..

"හසී.. ඔයාලා යන්න. අද මං ඔයාල එක්ක යන්න එන්නෙ නෑ.. මට සරසවියට යන්න ඕනෙ පොත් වගයක් ගන්න. තාරුකත් යනවලු .මම එයා එක්ක යන්නම්. ඔයාලට පරක්කුත් වෙනවනෙ. නිකන් රස්තියාදුවෙන එක අපරාදෙ හැමෝම. ඔයාල යන්න."

" අහ්.. එහෙනම් කමක් නෑ කෞෂි. තාරුක ඉන්නවනෙ. අපි යන්නම් එහෙනම්..පරිස්සමින්.. "

" මේ තාරුක ඔයා ටිකක් පරිස්සමින් හොදේ???"

නිශා කෑගහලා තාරුකට කිවා. අපි හැමෝටම හොදටම හිනා. කෞෂි නිශාට  හුරතලේට රැව්වා.තාරුකත් කෞෂිත් අපි හැමොටම අත වැනුවා. අපි කෞෂිගෙන් සමු අරන් ගෙදර එන්න පිටත් වුනා.
------------------------------------------------------------------------------------------
නිරන්තරයෙන් වහින පළාත් වලටත් ඉඳලා හිටලා හද්ද දුෂ්කර කටුක නියං කාල එනවා වගේ, මෙච්චර කාලයක් මගේ හිත පිරිල තිබුනු සීත මෝසම් සමය ඉවර වෙලා මහා කර්කෂ කටුක නියගයක්  උදා වෙලා කියලයි මට හිතුණෙ.

සන්තෝසෙන් උඩ පැන පැන විනෝදෙන් හිටපු මං මෙහෙම මූඩ් ගහන්න වුනේ ඇයි කියලා හිතුනා.කොහොමත් උපන් දා ඉඳන්ම පුංචි දේටත් සැලෙන හිතක් තිබුනු මට පුංචිම දුකක්, කනස්සල්ලක් වුනත් ගොඩාක් ලොකුවට දැනුනා.
අහිංසකයා ලෙඩ වුනු එක ගැන මගේ හිතත් මේ තරම් වද වෙයි කියලා මට හිතුනෙම නෑ..මගේ හිත මේ තරම් සැලෙයි කියල හිතුනෙ නෑ.. ඒ ආරංචිය අහපු වෙලේ ඉඳන් මගේ හිත තිබුනේ ගිනි ගොඩක.

තැන තැන විසිරිලා ගියපු මගේ හිත එකලස් කරගන්න බැරිව , ඇඳ උඩට වෙලා කල්පනා කර කර ඉද්දි මගේ මොබයිල් ෆෝන් එක රින්ග් වුනා.
"හෙලෝ'

"හෙලෝ මධූ.. මං කෞෂි.."

"හානෙ කෞෂි... ඉතින් හදිස්සියෙම මේ රෑ වෙලා??..."

"නෑ.. නෑ.. මධු මං මේ නිකමට කතා කලේ.. හවස ඔයාල එක්ක එන්නත් බැරි වුනානෙ."

"අහ් ඒකනෙ. මාත් මේ නිදාගන්න කියලා ඇඳට ආවා. ඒත් නින්ද ගියේ නෑ.. "

"ආව්..... දැන් කෙල්ලට නින්ද යන්නෙත් නෑ වගේ.. කවුරු ගැනද රෑ තිස්සෙ ඇහැරිලා කල්පනා කලේ??"

" අනේ යන්න කෞෂි... ඔයාත් අරුන් ටික වගේ මට පල් එක දානවා."

" අනේ නෑ, සුදූ.. මං මේ විහිළුවක් කලේ.. ඇත්තටම් කතා කලේ පොඩි සීන් එකක් ගැන කියන්න."

" අහ් ඒ මොකක්ද බං?"

" මේ.... අද මං තාරුක එක්ක සරසවියට ගිය වෙලේ, තාරුක මගෙන් ඔයා ගැන ඇහුවනෙ.."

" මොකාක්???? මේ... මං ගැන....????"

" ඔව් ඔව්.. උඹ ගැන තමා."

" ඒ මොනාද?? මොන ගැනද??"

" උඹේ නම ගම ඉස්කෝලෙ, කොල්ලෙක් ඉන්නවද අනං මනං විස්තර"

"ඉතිං....."

"ඉතිං මාත් දුන්නා උඹේ චරිත සහතිකෙයි. උප්පැන්නෙයි දෙකම. තාරුක කිව්ව විදිහටනම්, එයාගෙ යාළුවා දසුන්... උඹ ගැන උනන්දුයිලූ... උඹ යන බස් එක හොයාගන්න දවසක් උන් දෙන්න පසෙන් පැන්නුවලු. ඒත් උඹලාව මිස් වෙලා."

"දෙයියනේ....!!! කෞෂි මොනාද මේ දොඩවන්නෙ..මගේ හුස්ම හිර වෙන්න වගේ කෙල්ලෙ." මං කියන්න ගිය දේ එහෙම්ම ගිල ගත්තා. හිත ඇතුලේ දාහක් ප්‍රශ්න අහගන්න බැරිව පොර කෑවා.මොහොතකට ලෝකෙම නතර වුනා කියලා හිතුනා.
" කෞෂි ලණුවක්වත් දෙනවද මංදා... නෑ.. නෑ.. එහෙම වෙන්න බෑ... එහෙමනම් මෙහෙම කතා කරල කියයිද??" මගේ හිතින් මම ම ප්‍රශ්න කරගෙන ඒවාට උත්තරත් දුන්නා.

" මධූ... මධූ.. හෙලෝ... හෙලෝ..."                                  

 මම ආයෙමත් පියවි සිහියට කෞෂිගෙ කෑගැහිල්ලටයි.

" අහ් ඔව් කෙල්ලෙ කියන්න.."

" කොහෙද බං යන්නෙ. මං හිතුවෙ ලයින් එක කට් වෙලා කියලා."

" නෑ.. නෑ කෞෂි කියන්න.. අනේ මං දා මම දන්නෙ නෑ.. ඔය කියන බෝයි දවස් ගානක් කොළ ගුලි ගැහුවා. කීප සැරයක්ම බලන්වත් දැක්කා. වෙන මුකුත් මං දන්නෙ නෑ..."

"මට තාරුක කිව්වෙ කොල්ලා හෙන අහිංසකයිලු. හොඳ කොල්ලෙක්ලු.සංගීත පිස්සෙක්ලු.එහෙම කෙල්ලො පස්සෙන් යන එකෙකුත් නෙවෙයිලු බං.මට හිතෙන්නෙ කොල්ලා උඹට ලව්"

"අනේ යන්න කෞෂි.. උබට විකාර."

" හා හා මට විකාර නෙවෙයි.. බලමුකෝ අපි... උඹේ හිතෙත් ලාවට වගේ කොල්ලා ගැන තියන්වනෙ.. අදහසක්.."

"ලාවට නෙවෙයි බං.. ඒ කොල්ලා මගේ මුළු ලෝකෙම අල්ලගෙන. මාව පිස්සු වට්ටලා තියෙන්නෙ" කියලා කියන්න මට කටට ආවා. ඒත් මං නොකිය කට පියාගත්තා.

" එහෙනම් මධූ අපි බලමු.. මං මේ උඹට විස්තරේ කියන්න ගත්තෙ. නැත්තම් ඊළගට මට බැනුම් අහගන්න වුනොත් කිව්වෙ නෑ කියලා. ඒකයි.."

" අහ් හරි කෞෂි අනේ තෑන්ක්ස්... "

:" එහෙනම් මං තියන්නම් කෙල්ලෙ. උඹ හෙට පන්ති යනවද?"

" ඔව් යනවා මම. හෙට physics නේ"

" හ්ම්ම්.. හරි එහෙනම් මං තිබ්බා. බුදුසරණයි..!!good night!!!"

" බුදුසරණයි..!!! good night කෞෂි"

එදා රෑ මගේ ජීවිතේ තවත් නිදිවර්ජිත රැයක් වුනා. මේ අහිංසකයා මගේ හැම මොහොතක්ම උදුරගෙන ගිහින්...

--------------------------------------------------------------------------------------------
සති අන්තය ගෙවුනේ, හරිම අමුතු විදියට. බලාපොරොත්තු වුනු දේවල් වුනේ නැතත්. බලාපොරොත්තු නොවුනු දේවල්  සිද්ධ වුනේ... අහිංසකයාට ලෙඩ වෙලා මගේ හිත මහා දුකකින් පිරිලා තියන වෙලේ. කෞෂිගෙ කෝල් එක මගේ හිතට තවත් අලුත් බලාපොරොත්තු ඇති කළා.

ජීවිතේ සමහර දේවල් සිද්ධ වෙන්නෙ හරිම ඉක්මණට. ඒ වගේම "ඉක්මණ් කොටයි" කියලා කතාවක් තියනවා කියලා අම්මා නිතරම කියනවා මං අහලා තිබ්බා.කුණාටුවක් වගේ හමාගෙන ඇවිත් හැම දේම විනාස කරලා දාල යන්න, ජීවිතේට මිනිස්සු එකතු කරන් වැඩක් නෑ කියලා මගේ පුංචි හිත දැනගෙන උන්නා. ඒත් මගේ ජීවිතේට මේ අහිංසකයා නම් කූණාටුවක් වෙන්නෙ නෑ කියලා විශ්වාසයකුත් තිබුණා.

හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ හොඳට කියලා හිතාගෙන මම වෙනදා වගේ මගේ ඉස්කෝලෙ වැඩ කරගෙන හිටියා.මොන දුකක් කරදරයක්, කණස්සල්ලක් තිබ්බත් ඉස්කෝලෙ ගිහින් හසී, නිශා, හංසි, තමාෂි, දිලූ එක්ක කතා බහ කරලා කාලෙ ගෙවද්දි හැම දේම අමතක වුනා. ඒතරම්ම පිස්සු නටන සැහැල්ලු හිත් ගොඩක් එක්ක ඉන්න එක, ජීවිතේට මහා ලොකු වටිනකමක් කියලා දැනුනා.

එදා සඳුදා උදේ අපිට physics practical වලට lab එකට එන්න කියලා මිස් පණිවිඩයක් එවලා තිබුණා.ඉතින් අපි ඔක්කොම පහළ තට්ටුවෙ තිබ්බ physics lab එකට යන්න ගියා.පඩි පෙළ බැහැගෙන යන්න පටන් ගනිද්දිම කවුදෝ මගේ නම කියලා කෑ ගහනවා ඇහුනා.

" මධුෂානි.... මධුෂානි..."

මගේ සම්පූර්ණ නමින්ම කෑගහගෙන මා ළගට දුවන් ආවේ රජිකා. bio පන්තියෙ රජිකා.ලොකූ ෆිට් එකක් නොතිබ්බත් රජිකා මට හිතවත් යාළුවෙක්.

" ඇයි රජිකා.. මේ හති දාගෙන.??"

" නෑ අනේ.. මං මේ ඔයාව හම්බෙන්නමයි හිටියේ.. වෙලාවට ඔයාව දැන් දැක්කෙ."

" ඇයි මොකුත් ප්‍රශ්නයක්ද??/"

"නෑ.. මේ පොඩි මංගල කාරණාවක්.මේ.... ඔයා දන්නවද දසුන් කියලා බෝයි කෙනෙක්??

" දසුන්??? " මට කෑ ගැහුනා හයියෙන්. හිතාගන්න බැරි තරම් කුතුහලයක් ඇති වුනා.

" කෑ ගහන්නෙපා මෝඩියේ... ඔයා දන්නවද කියන්නකෝ?? ඔයාලගෙ combined class එකේ, සුදු , උස, කෙට්ටු බෝයි කෙනෙක්???

රජිකා මේ කියන්නෙ අහිංසකයා ගැනම තමයි.. ආයෙත් ඒකෙ කතා දෙකක් නෑ... ඒ ගමන මේ මෙයා මොකක්ද මේ කියන්න යන්නේ??? දෙයියනේ.... මොනා වෙන්න යන්වද මංදා....මට තේරෙන්නෙ නෑ.......

5 වෙනි කොටසට....

Post Comment

23 comments:

  1. ඒ අහින්සකයටත් දෙවි පිහිටයි...............
    කෙල්ලෝ කොල්ලෙක් ගැන ආදරේ හිතේ හිර කරගන කොල්ලා ඇවිත් එයාට ආදරේ කියලා කියනකම් බලා ඉන්නවා. කොල්ලා අම්බානක කට්ටක් කාලා පස්සෙන් ගිහින් ඒ කෙල්ලට ආදරෙයි කියලා කිව්වාම කෙල්ල ආදරේ හිතේ තියාගනත් බබා පාර්ට් එකක් දාලා ඒ අහිංසක කොල්ලට ගණන් උස්සනවා. අනේ මන්දා මේ කෙල්ලෝ ගැන මට නම් තේරෙන්නේ නැ
    (පැනලා කැමතියි කිව්වාමත් නිකම්ම නෝන්ඩි වෙන්නේ කෙල්ල හින්දා ඒ ක්‍රමෙත් හොදා)
    ඉතුරු ටිකත් ඉක්මනට ලියමු නේ...................

    ReplyDelete
  2. තවත් සතියක් යයිද?

    ReplyDelete
  3. @අම්බලම- හික් හික්...!!!! එහෙම තමා කෙල්ලො...;) ඒක ඕන කෙල්ලෙක්ගෙ හැටියක්නෙ...
    ඉක්මණටම ලියන්නම් ස්තූතියි....!!!!

    @MaRLan-හ්ම්ම්ම්ම්ම්.... කතාව ලියන්න කල් ගන්නවා වැඩියිද මං??? :( හයියෝ.... ඉක්මණට ලියන්නම් ඉතින්... එකසැරේම ඔක්කොම ලිව්වාමත් ඒකෙ අගයක් නෑනෙ..;)

    ReplyDelete
  4. ඉතිං දසුන් රජිකාගෙනුත් ඔයා ගැන අහලද....

    ReplyDelete
  5. @ප්‍රසංග-ඒකට ඉතින් ඊළග කොටස කියවන්න වෙයි....;)

    ReplyDelete
  6. මොනා වෙන්න යනවද මංදා.... ඉක්මනට කියන්න....

    ReplyDelete
  7. උඩ කමෙන්ට් එක ගැන මොකද කියන්නේ?? :D :D
    "ඉතිං දසුන් රජිකාගෙනුත් ඔයා ගැන අහලද....?"
    හික්ස්...ඔයා නේද මධු???
    කොහොම උනත් ලස්සනයි කතාව..අක්කද නන්ගිද මන්දා..නංගි වෙන්නැති..ඉක්මනට ඉතුරු ටිකත් දාන්න හොඳේ???:)

    මම උඩු සුළඟේ ආගන්තුකයා...

    ReplyDelete
  8. කියවන්න ආස හිතෙනවා. ඉතුරු ටිකත් ඉකමණ ට දාන්න. අපි බලාගෙන ඉන්නවා.......

    ReplyDelete
  9. දැන් තමයි කතාවේ දුකම හරිය යන්නේ. අපට දසුන්ව ඉක්මනට හොද කරලා දෙන්න බැරිද ? මට හිතෙන්නේ මේ සිද්දියෙන් මොකක් නමුත් හොද දෙයක් වේවි. ඒ හැන්දෑ ඉක්මනටම ලියනු !!!!! ලියනු !!!
    ඔයාලා ක්ලාස් ගිහිනුත් කරන්නේ පුදුම වැඩ තමයි. මට නම් හිතෙන්නේ මේක ඇත්ත කතාවක් වෙන්න ඇති කියලා.

    කවුද දන්නේ හිතුවක්කාරිගේ කතාවද කියලා. හික්ස්:) එහෙම උනා නම් ෂෝක් !!!

    ReplyDelete
  10. ඇත්තටම මේ හිතුවක්කාරිගේ ජිවිත කථාව කියලා අපි දන්නවා... කථාව අන්තිමේ හිතුවක්කාරි ට දසුන් අයිතිවෙලා ලස්සන ජිවිතයක් ගෙවන්න වාසනාව ලැබෙන්න කියලා සුභ පතනවා

    ReplyDelete
  11. මේ කතාව හිතට දැනෙන විදියට යනවා හිතු..මම හැමදාම මගේ බ්ලොග් සෙට් එකේ අප්ඩේට් බලනකොට බලන්නේ මේ කතාවේ අප්ඩේට් එකක් ඇවිත්ද කියලයි..
    තව දෙයක් කතාවේ මෙච්චරක් දුර උන හැමදෙයක්ම මට වෙලා තියෙන දේකට හැම අතින්ම සමානයි ;) ඒකද මන්දා මේක මට මෙච්චර හිතට අල්ලලා ගියේ..

    ReplyDelete
  12. @මන්තරකාරී- ම්ම්ම්ම්.... හිතන දෙයක් වෙයි.... නොහිතපු විදියකට ;) ස්තූතියි අක්කි...:)

    @ගිනි කුරුල්ලා-ඒ ගැන දැනගන්න ඊ ළග කොටස කියවන්න වෙයි...;)
    හික්ස්ස්... මොකෝ මේ මධූ මමද අහන්නෙ හැමෝම?? :/ ස්තූතියි අයියේ... මං කොහොමත් නංගි තමා..;)ඉක්මණට ඉතිරිය ලියන්නම්කෝ..

    @මහී-ඉක්මණටම දන්නම් යාලූ...:)

    @මධුරංග අයියා- හ්ම්ම්.... දුකයි තමා.දසුන්ට හොද වෙයි ඉක්මණට. බලන්නකෝ..
    ඒ මොකද අයියාටත් මේ ක ඇත්ත කතාවක් කියලා හිතෙන්නෙ.. හනේ දෙයියනේ, හැමෝම මේක හිතුවක්කාරිගෙ කතාවලු.. මොකද අයියෙ එහෙම වුනොත් ෂෝයි වෙන්නෙ??? ;)

    @දේවාගෙ අඩවිය- කවුද අයියේ ඔයාලට කිව්වෙ මේක හිතුවක්කාරිගෙ කතාව කියලා??? ;) හ්ම්ම්ම්ම්... මධූට දසුන් අයිති වෙලා එයාල හැමදාම සතුටින් ඉඳීවිද නැද්ද කියලා අපි බලමුකෝ...
    ස්තූතියි හුගාක්...!!!!

    @ChammA- හ්ම්ම්ම්ම්ම්ම් ස්තූතියි අයියේ...:) අහ්හ්හ්.. අහන්නත් සංතෝසයි.. කතාවෙ ඉතුරු ටික ලියනකම් බලන් ඉන්නවා නෙ ඒ කියන්නෙ..:)
    අහ්හ්හ්හ්හ්... ඔයාට වුනු දේට සමානද?? හ්ම්ම්ම්ම් හ්ම්ම්.... එහෙනම් බලමුකෝ අවසානයටත් එහෙම වෙයිද කියලා.. හැබැයි මං හිතන්නෙ නෑ...;) ස්තූතියි හුගාක්..:)

    ReplyDelete
  13. :)))
    මධු ඔයා නැතුව වෙන කවුද ඉතින්... හිමින් සැරේ මට කියන්න..මං වැඩි දෙනෙක්ට කියන්නේ නෑ..:P
    :D

    ReplyDelete
  14. හා හා.... හිමින් සැරේ කියන්න දෙයක් නෑ... මධූ කවුරු වුනත් කතාව යන්වනෙ.. මධූ මමද නැද්ද කියලා වැඅඩ්ක් නෑනෙ..... හී හී...
    මම නෙවෙයි...:))))

    ReplyDelete
  15. මට නම් හිතෙන්නේ මේ මධූ හිතුවක්කාරිම තමයි.. මට මගේ අතීතේ මතක වුනා.. ඒ ලෙවල් කාලේ මමත් ඔය වගේමයි.. පිස්සු නටන යාළුවෝ ගොඩාක් එක්ක හැමවෙලේම සැහැල්ලුවෙන් හිටියා,..
    "නිරන්තරයෙන් වහින පළාත් වලටත් ඉඳලා හිටලා හද්ද දුෂ්කර කටුක නියං කාල එනවා වගේ, මෙච්චර කාලයක් මගේ හිත පිරිල තිබුනු සීත මෝසම් සමය ඉවර වෙලා මහා කර්කෂ කටුක නියගයක් උදා වෙලා කියලයි මට හිතුණෙ." මේ කොටස නම් මටත් අදාල කාලයක් තිබුනා,.. :) ;)

    ReplyDelete
  16. හෆ්ෆෝයි.........!!!!!!! මෙන්න බොලේ මගේ ප්‍රාර්ථනා අක්කියටත් මේ අනිත් අයගෙ ලෙඩේ බෝවෙලානෙ...:p මධූ මං ලු... හික්ස්ස්ස්...:)
    අපි බලමුකෝ අක්කේ... මං කතවෙ අවසානයෙන් පස්සෙ පසු වදනක් දාන්නම්...;) දැනට පෙරවදනක් ඕනෙ නෑ...
    ම්ම්ම්ම්ම්ම් ඔව් හැමෝගෙම ජීවිත වල මෙහෙම පිස්සු නටපු කාල තියනවනෙ..:)
    දැන් අක්කාගේ කටුක නියගේ ඉවර වෙලා වසන්ත කාලෙ නේද ත්යෙන්නෙ?? හික්ස්ස්ස්....!!! හැමදාම වගේ ළගින් ඉන්නවට ස්තූතියි...!!! හුගාක්ම :)

    ReplyDelete
  17. හිකිස්.. නැතුව බෑනේ නංගෝ,.. මට නම් හිතෙන්නෙම එහෙමයි,.. හ්ම්,.. බලමුකෝ.. :)
    හ්ම්ම්.. ඔව් නංගා නියඟේ නම් ඉවරයි.. ඒත් දැන් තියෙන එකට වසන්තය කියන්නත් බෑ.. සීත සමයක් කිව්ව නම් වඩාත් හොඳයි වගේ,.. :)
    ඔයා මගේ ප්‍රාර්ථනා අක්කි කිව්වම හරිම සමීප බවක් දැනෙනවා නංගෝ.. ඒකට ස්තූතියි,.. :)

    ReplyDelete
  18. හික්ස්ස්ස්... බලමු අක්කි..:)
    සීත සමය වුනත් නරකම නෑනේ...:)) ඉක්මණට වසන්තයත් එයි...
    අනේ.. ඔයාවත් මට හරිම ළගින් දැනෙනව අක්කේ... අනේ මංදා... ඒකයි එහෙම ලියවුනේ... ස්තූති එපා..:)

    ReplyDelete
  19. හ්ම්ම්... මටත්... :)
    කොහොමත් අපි එක පවුලක සහෝදරයෝ වගේනේ නංගෝ... :)

    ReplyDelete
  20. ඔහොම යංකො බලන්න. අම්බලම කියන්නා වගේ එක පාරටම කැමැති වෙන්න බෑනෙ. ටිකක් ගනන් උස්සන්නත් ඕනෙ.

    ReplyDelete
  21. @ප්‍රාර්ථනා අක්කා- ඔව් ඔව්.. අපි එකම පවුලක් වගේ... කිසිම දෙයක් නොදැන අලුතෙන් මේ පවුලට ගොඩ වැදුනු මාව හරිම ආදරෙන් භාරගෙන හදා වඩා ගන්නවට අක්කිලාට, අයියලාට අනිත් හැමෝටම හුගාක් ස්තූතියි...!!!!

    @නිසූපා අක්කා- ම්ම්ම්ම්ම්... ඔව්නෙ.. කෙල්ලො කොහොමත් එහෙමනෙ.. ටිකක් ගණන් උස්සනවානෙ.. බලමුකෝ අපි ඉසරහට..:)

    ReplyDelete
  22. මේ හිතුවක්කාරිගෙ ජීවිත කතාවද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... ඉස්සරහට අපි බලමු ඒක...:)

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....