නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

10 September 2011

තටු සිඳුනු සමනළී - 5 වන කොටස

ඔන්න මෙදා සැරේ කතාවෙ ඉතුරු ටික දාන්නනම් ටිකක් පරක්කු  වුනා. කට්ටියට කතාව අමතක වෙලාද දන්නෙත් නෑ.... පරක්කු වුනාට සමාව දීලා 5 වෙනි කොටස කියවන්නකෝ..කියවලා හොද නරක දෙකම කියන්න හොදේ...

මුල කොටස් බලපු නැති අයට මෙන්න මුල කොටස් ටික.
තටු සිඳුනු සමනළී  1
තටු සිඳුනු සමනළී  2
තටු සිඳුනු සමනළී  3
තටු සිඳුනු සමනළී  4

අද තටු සිඳුනු සමනළී 5 වන කොටස........

---------------------------------------------------------------------------------------------

"කතා කරන්නකෝ ළමයෝ...මොනාද කල්පනා කරන්නෙ??"

රජිකාගේ කටහඩින් මම ආයෙමත් මොහොතකට මගේ කල්පනාවෙන් මිදුනා.

"ඔව්. ඔව්.. ඔය කියන බෝයි ව මම දන්නවා අනේ..හැබයි එහෙමටම නෑ..."

" හරි කොහොමහරි ඔයා එයාව දන්නවානෙ?? "

" හ්ම්ම්.. නම ගම ඉස්කෝලෙන් හැඩරුවින් දන්නවා.ඇයි රජිකා?? මොකක්ද ප්‍රශ්නෙ??රජිකා එයාව දන්නවද??"

"නැහැ,මම දසුන්ව නම් අදුරන්නෙ නෑ. ඒත් එයාගෙ යාලුවෙක් ව නම් දන්නවා.එයා තමා මගෙන් ඇහුවෙ ඔයා ව දන්නවද කියලා."

" මොනවා..කවුද යාළුවා?? තාරුක ද??"

" නෑ.. නෑ.. මධූ ඔයානම් එයාව දන්නෙ නැතුව ඇති. හෂාන් කියලා දසුන්ගෙ ගෙවල් ළග ඉන්න යාලූවෙක්.දන්නවද එයාව?? නෑනෙ??"

"නෑ.. නෑ... එයා අපේ පංති එන එක්කෙනෙක් නෙවෙයි වෙන්න ඇති.. දන්නෙ නෑ නමින් නම් .ඉතින් මොනාද දැන් එයා ඇහුවෙ??"

"එයා ඇහුවා මගෙන් හැඩරුව, නම එහෙම කියලා maths කරන ගෑණු ළමයෙක් ව දන්නවද කියලා, මම ඉතින් හැඩ රුව විස්තර කිව්වහම දැනගත්තා මේ ඔයා තමා කියලා. පොඩි සැකයක් ආවනම් ඒ නම හින්දා. මධූ කියල තව අයත් ඉන්නවනෙ."

දෙයියනේ... මේ කොල්ලා නම් මාව පිස්සියෙක් කරලා තමයි නතර වෙන්නෙ. මෙහෙම මං ගැන හොයන්නෙ මොකටද මංදා. මගේ තුන් හිතම ඇවිලිලා ගියා එකම ගින්නකින්...දසුන් මට ආදරේ කරනවවත්ද?? නෑ වෙන්න බෑ.. බලමු...මම අමාරුවෙන් වචන ගැටගහගත්තෙ රජිකා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න නිසා.

" හ්ම්.... ඔව්. ඒකතමා. මොනාද ඉතින් ඔයා කිව්වෙ?? මගේ විස්තර කිව්වද??"
මම කළබලෙන්ම අහල දැම්මා.

" මම මොනා කියන්නද අනේ??? එයාලා ඔක්කොම දන්නවනෙ ඔයා ගැන...ඊ ට පස්සෙ තමයි මම ඇහුවෙ මොකටද මේ ඔයාව හොයන්නෙ කියලා.මම හිතුවෙ හෂාන් ඔයාට ට්‍රයි කියලයි.."

" අනේ පිස්සුද .?? මං දන්නෙවත් නෑ එහෙම කෙනෙක්."

"හරි බං.මං දන්නවා. ඊට පස්සෙ තමයි කොල්ලා මට කිව්වෙ. එයාට නෙවෙයි , එයාගෙ යාළුවා දසුන් ඔයා ගැන හැම වෙලේම කියවනවා. ඒකයි මගෙන් දන්නවද ඇහුවෙ කියල"

රජිකා කියන විදියටනම් හෂාන් දසුන්ගෙ ළගම යාලුවෙක්. ගෙවල් ළගත් නිසා හොදටම දන්නවා ඇති.. අනේ.. අහිංසකයට කොහොමද දන්නෙ නෑ... එයාට දැන් උණ හොදයිද දන්නෙ නෑ... ඒත් මං කොහොමද මේවා රජිකාගෙන් අහන්නෙ. එතකොට එයා ගිහින් හෂාන් ට කියලා, හැමදේම අහිංසකයා දැනගනීවි.මං මොකද කරන්නෙ??

මොහොතකට මගේ හිත ලොකූ ප්‍රශ්නෙකට මැදි වුනා. අහිංසකයා ගැන විස්තරයක් හරියටම දැනගන්න ලැබෙන අවස්ථාවක් මග හැරගන්න මට මහා ලෝභකමක් දැනුනා.ඒත් හිතේ තිබුනු බය නිසා මම මගේ ඒ ආසාව යටපත් කරගත්තා.

" අයි මධු මුකුත් ප්‍රශ්නයක්ද?? එහෙම දෙයක් නම් කියන්න. මම උදව් කරන්නම්..."

" අනේ නෑ රජී...එහෙම දෙයක් නම් නෑ.. ඒ බෝයි හොයල තිබ්බා මා ගැන. මට තවත් යාළුවෙකුත් කිව්වා. අනේ මංදා. මොකද දන්නෙ නෑ.."

" අනේ... අනේ... උඹ බබා...ඔහොම හොයන්නෙ වෙන මොකට්ද බං. ලව් එකටනෙ."

" අනේ යන්න කෙල්ලෙ. මම දන්නෙ නෑ ඕවා.. බලමුකෝ.. ඔයාට හෂාන්ව හම්බෙනවද අද??"

" නෑ.. ඒත් එයා මට මැසේජ් කරනවා. ඇයි පණිවිඩයක්ද?? තියනවනම් කියන්න කෙල්ලෙ. බය වෙන්නෙපා. මම කාටවත් කියන්නෙ නෑ.."

අනේ.... ....කියනවද නැද්ද?? කියනව්ද නැද්ද??මේක තමා අන්තිමම අවස්ථාව. මගේ හිත මහා අරගලයක. නෑ එක්කො ඕනෙ නෑ... එහෙම වුනොත් හිතයි මමත් දසුන් ගැන හොයනවා කියලා. කොල්ලො ෂුවර් කරන්නත් බෑ.. කවුද දන්නෙ මොකට එන්න හදන්වද කියලා. ඔන්න ඔහේ ඉන්නවා වෙන දෙයක් වෙයිනෙ.

අන්තිමට මම දසුන් ගෙ අසනීපෙ ගැන හෂානෙගෙන්, රජිකා ලවා අහගන්න තිබ්බ අදහස අමාරුවෙන් අතෑරගත්තා.

" නෑ නෑ.. රජිකා. මුකුත් නෑ.. මම ඕන වුනොත් කියන්නම්කෝ. තෑන්ක්ස් කෙල්ලෙ. මම යන්නම් දැන්. අපිට  lab එකට එන්න කිව්වා."

" අහ්... ඕක මොකක්ද අනේ... ආයෙත් මුකුත් තිබ්බොත් මං කියන්නම්කෝ...එහෙනම් යන්න මධු.. නැත්තම් මිස් ගෙන් අහගන්න වෙයි..බායි....!!!"

" ඔව් ඔව්. එහෙනම් මං ගියා. බායි.."

"ඩිග් ඩිග් ඩිග්...!!!!!" ගාලා මගේ හිත ගැහෙන සද්දෙ වෙන කාටවත් ඇහුනද කියලා බයෙන් වගේ මම වටපිට බැලුවා.නළලෙ මතු වෙච්ච දාඩිය බිංදු ටික හිමින් සැරේ මගේ දම් පාට මල් වැටිච්ච ලේන්සු පොඩියෙන් පිහදාගත්තා.ඉක්මන් ගමනින් පඩිපෙළ බහින්න පටන් ගත්තෙ මිස් ලැබ් එකට ඇවිල්ලානම් මට සිද්ධ වෙන දේ කල්පනා කරලයි. මගේ හිතේ ත්බුනු නොසන්සුන් කමටයි, කළබලේටයි පඩි බහින්න ගිහින් කකුල් පැටලිලා නොවැටී බේරුනේ අනුනමයෙන්.

පංතියෙ ඔක්කොම ළමයි ටික lab එකට ගිහින්. මම බයෙන් බයෙන් lab එකේ දොර ළගට ගියේ දොරේ වීදුරුවෙන් , මිස් ඇවිත් ද කියලා බලාගන්නයි.

අනේ වාසනාවන්....මිස් තවම ඇවිත් නෑ.. මම දඩි බිඩි ගාල lab එක ඇතුළට රිංග ගත්තා.

" මොකෝ බං මේ??? හොල්මනක්වත් දැක්කද උදේ පාන්දරම??? බය වෙලා වගේ??"

මාව දැක්ක ගමන්ම  ශමල්කා බෙරිහන් දෙන්න ගත්තා.

"නැත්තම් ඔෆිස් එක පැත්තෙන් එද්දි, invitation එකක් එහෙම අරන් ආපු කොල්ලෙක් වත් දැක්කද??"

පැත්තක හිටපු ප්‍රමුදිත් කට දැම්මා.

" අනේ බං උඹලත්.. මං දැක්ක කොල්ලෙක්වත්, හොල්මනක්වත් නෑ...මම බයෙන් ආවෙ මිස් ඇවිත් ද දන්නෙ නෑ කියලා. ඒකයි.."

" ආ........ මේ මිස් ට බයේ....."

ශමල්කයි ප්‍රමුදියි දෙන්නම හිනා වුනා.

"ගිය සතියෙ practical එක ලියලා ඉවරකරන්න කියලා  මිස් . අද අලුත් එකක් පටන් ගන්න කලින්. ගිහින් පොත අරගෙන ලියන්න මධු."

" අහ් හරි හරි. ලියමු.."

ලියන්න පොත අතට ගත්තට මගේ හිතනම් පොතේ තිබුනේ නෑ.. මගේ හිත දිව්වෙ රජීකා ගේ වචන දිගේ දසුන් ලගට. එයා මං ගැන එහෙම හොයන්නෙ ඇත්තටම මං ගැන උනන්දු නිසා වෙන්න ඕනෙ.එදා කෞෂි කිව්වෙත් ඒකනෙ. "දසුන් මං ගැන උනන්දුයි" කියන හැගීමෙන් මගේ හිත පිරිලා ගියා. අමුතුම සතුටක් ඒ හැගීම එක්ක මගේ හිතේ පැතිරුනා වගේ මට දැනුනේ.

අපි ආස කරන කෙනෙක් අපි ගැන උනන්දු වුනාම හිතට දැනෙන සංතෝසෙ කොයි තරම්ද  කියලා අහලා තිබුනට මට දැනුනෙ අදයි... ඒත් දසුන් ගැන විස්තරයක් දැනගන්න තිබ්බ අව්ස්ථාව මගෑරිය එක ගැනනම් , මම ටිකක් විතර පසු තැවුනා.
-------------------------------------------------------------------------------------
කාලය ගත් වුනේ හරිම වේගෙන්. දවස්, සති ඉක්මණටම ගෙවිලා යනවා වගේ. සතියක් ගෙවීගෙන යනවා දැනුනෙවත් නෑ.. අද බ්‍රහස්පතින්දා.වෙන්දා වගේම interval එක වෙලේ මම මගේ බත් මුලත් උස්සගෙන එහා පන්තියට දිව්වෙ තමාෂියි, දිලූයි ,හසීයි, කට්ටියම මං එනකම් කන්න බලාගෙන ඉන්න නිසායි.ඒත් මම පන්තියෙන් එළියට එද්දිම කට්ටියම මගේ පැත්තට දුවගෙන එනවා.

" මේ මොකෝ??අද කන්නෙ නැද්ද??"

මම ඇහුවෙ පුදුමෙනුත් පුදුම වෙලා.

" නෑ නෑ බං. සතියට එක වරක්වත් කෑමට පෙර හරියට අත් සෝදන්න කියලා පොතේ තියෙන්නෙ. අපි පල්ලෙහාට යනව අත හොදන්න.. එන්න යන්න."

නිශාගෙ කතාවට මට හොදටම හිනා ගියා. වෙන්දට පංතියෙ ගහලා තියන දැල් වලින් අත් දාලා වතුර බෝතල් වලින් අත හෝදන කට්ටියම අද පඩි පෙළ බැහලා පල්ලෙහාට ගිහින් ටැප් එකෙන් අත හෝදන්නයි හදන්නෙ.

" අද නම් වහී බං. මට ෂුවර්.. "

" ඔව් ඔව්. ඒක ඇත්ත. නෑ බං. මේ අද අපේ මිස් තර්ජනය කළානෙ. උඩ තට්ටුවෙන් පල්ලෙහාට අත දාලා අත් හෝදන්න එපා, වතුර වැටෙනවා දැක්කොත් අදින් පස්සෙ පංතියටම දඩුවම් කරන්වා කියලා."

"ඉතින් බං අපි ඉඳුල් පිටින් හෝදන්නෙ නෑනෙ..කාල අත හොදන්නෙ ටැප් එකෙන් නෙ."

" ඔව් ඒක තමා බං. ඒත් කරන්න දෙයක් නෑ කෙල්ලෙ. ඔන්න ඔහේ ඉක්මණට යන්. නැත්තම් කන්න වෙලා මදි. බත් 5ක් කන්නත් එපැයි."

අපි කට්ටියම පල්ලෙහාට බහින්න ගත්තා දුවගෙන. කොරිඩෝව දිගේ දුවද්දි ම මට රජීකාව හම්බුනා.

" අහ් මධු... මේ මං මේ ඔයව හම්බෙන්න උඩට එන ගමන්.මෙදා සැරේනම් වැඩේ බරපතලයි කෙල්ලෙ.."

" ඇයි මොකද??"

" ඊයෙ මට හෂාන් හම්බුනා. මිනිහා මගෙන් ලොකු උදව්වක් ඉල්ලුවනෙ."

" ඒ මොකක්ද කෙල්ලෙ???"

" හෂාන් මගෙන් ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුව. දසුන් ඉල්ලුවාලු"

මගේ ඇස් දෙක නලළටම ගියා. දන්නෙම නැතිව කටත් ඇරුනා.මගේ දෙයියනේ...මේ වෙන්නෙ මොනාද?? මං මේ හීනයක්වත් දකිනවද?? නෑ.. මං මාවම කොනිත්තගත්තා. නෑ.. නෑ.. මේ ඇත්ත. රජිකා මගේ ඉස්සරහා.මම මේ ඉස්කෝලෙ ඉන්නෙ.මම පියවි සිහියට ආවා.

" මේ...මේ.... ම....ගේ..."

දිව පැටලි පැටලි මම අමාරුවෙන් වචන එකතු කරගත්තා.

" ඔව් ඔව්. ඔයාගෙ තමා.ඒත් මං ඇත්තටම ඔයාගෙ නම්බර් එක දන්නෙ නෑනෙ.මං දන්නෙ නෑ කිව්වා."

" ඉතිං......"

" ඒත් එයා හිතුවෙ මං බොරු කිව්වා කියලා. පස්සෙ මට කිව්වා කමක් නෑ එහෙනම් නම්බර් එක දෙන්න බැරිනම් දසුන්ගෙ නම්බර් එක දෙන්නම් , ඒකට මධූට කතා කරන්න කියන්න කියලා"

රජිකා පැන්සල් පෙට්ටියෙ දාගෙන උන්නු කොළ කෑල්ලක් නවලා මගේ අතට දුන්නා. මම ගැහෙන අතින් ඒ කොළ කෑල්ල ගත්තෙ විසිරිලා ගියපු හිත එකතැන් කරගන්න උත්සාහ කරන ගමන්.

" මං ... මං....කතා කරන්නෙ මොකටද??"

මම ඇහුවා නෙවෙයි. මට ඇහුනා.

" දසුන් ඔයාට කතා කරන්න කිව්වලු.එයා අසනීපෙන් ඉන්න කතාවකුත් කිව්වා හෂාන්.මොකද දන්නෙ නෑ... ඔයා කතා කරලා බලන්නකෝ.. එයා බලන් ඉන්නවා කිව්වා ඔයා කතා කරනකම්..."

හිතාගන්න බැරි, කියාගන්න බැරි, අදහගන්න බැරි දාහස් සිතුවිලි අස්සෙ මම අතරමං වුනා.

" මධූ.... මධූ... කන්නෙ නැද්ද බං අද??? බඩේ පණුවො බොක්සිං ගහනවා. ඉක්මණට එනවාකෝ...ඔය දෙන්නත් එක්ක කුමණ්ත්‍රනය කරන්නෙ මොකාව අමාරුවෙ දාන්නද??"

දිලූ මහ හයියෙන් කෑ ගහන්න ගත්තා.

" අන්න අරුන් ටික කෑ ගහනවා. ඔයා යන්න මධු එහෙනම්. මතකයිනෙ. අනිවාර්‍යෙන්ම දසුන්ට කතා කරන්න හරිද?"

" අනේ මංදා කෙල්ලෙ. බලමුකෝ.. මං යන්නම්..."

කඩිමුඩියෙ මම ටැප් එක ළගට දුවලා අතත් හෝදගෙනම දිලූ, හසී එක්ක දිව්වා.

"මොකෝ සීන් එක?? අර අංගුලිමාල උඹට ලව් ලුද?? නෑ නෑ සොරි මට නම් ටැපලුනානෙ.. අහිංසක.. නේ?? පස්සෙ අංගුලි මාල??"

දිලූ සුපුරුදු විදියට මේකත් විහිලුවකට ගත්තා. කට්ටියම හිනා වුනෙ පංතියෙ වහලෙ උළු උඩ යන තරම් හයියෙන්.

"උඹලාට විහිළු...."
මම කිව්වෙ නෝක්කාඩුවට.

" හරි දැන් කියන්නකෝ මොකෝ වුනේ???කන ගමන් කියන්නකෝ..."

"මොන කෑමක්ද?? මටනම් කෑම උගුරෙන් පල්ලෙහාට යන්නෙත් නෑ... "

" එහෙනම් වතුර ටිකක් බීලා. කන්න මධු. විහිලු නෑ ආයෙත්.. කියන්න මොකෝ වෙලා තියෙන්නෙ දැන්??"

මම රජිකා කිව්ව විස්තරෙයි. අහිංසකයා ෆෝන් නම්බර් එක දුන්නු විස්තරෙයි කට්ටියටම කිව්වා.

" ඉතිං ඕක අහන්නත් දෙයක්ද බං. හිතන්න දෙයක් නෑ.. කතාකරපන්.. පවු කොල්ලා."
ගත් කටටම තමාෂි කිව්වා.

" අනේ මංදා.. මට තේරෙන්නෙ නෑ...අනිද්දානෙ ආයෙත් පංති. අද බ්‍රහස්පතින්දා"

" අනේ මේ... උඹ නැකත් බලන්නද යන්නෙ දැන්මම?? ඉතින් කතා කරන්න කියලනෙ කියල තියෙන්නෙ. උඹටත් ඕනෙ දැන් එයාට මොකද කියලා දැනගන්නනෙ...ඕනෙම නම් පොඩ්ඩක් ගණන් උස්සලා , අද නැතිව හෙට කතාකරන්න."

" අන්න හරි. එතකොට ටිකක් අගේ වැඩියිනෙ."

හසී ත් කතාව අනුමත් කළා.

" ඔව් එහෙම කරන්න. ආව් අප්පා.. කෙල්ලගෙ සිරියාව. මේකි මේ බොරුව දාන්නෙ. මේකිට සතුට උතුරනවා."

" සතුටක් නැත්තෙමත් නෑ... ඒත් බයයිනෙ."

" බය වෙන්න දෙයක් නෑ...කතා කරන්න . හෙට සිකුරාදානෙ.අනිද්දා සුභ දෙයක් වෙයිනෙ. එයාගෙ අසනීපෙ ගැන අහන්න. ඒත් ටිකක් ගණන් උස්සලා කතා කරන්න."

මුන් දාහක් දේවල් කියනවා, ඒත් මගේ හිත ලොකූ ප්‍රශ්නෙකට මැදි වෙලා.කතා කරනවද නැද්ද,මට හිතා ගන්න බැරි තරම් හිත නොසන්සුන්. මම දැන් මොකද කරන්නෙ...??? මම පරිස්සමට රජිකා දුන්නු කොළ කෑල්ල පර්ස් එකේ දාලා වැහුවා. හොදට කල්පනා කරලා හිතෙන හොදම දේ කරනවා.........

  

Post Comment

23 comments:

  1. ඊලග කොටසත් ඉක්මනට දාන මෙන් ඉල්ලා සිටිමින් මගේ කතාව මෙතනින් නිමා කරනවා.... ඔබ සැමට ස්තූතියි...

    අනේ පවු දසුන් කොල්ල... :(

    ReplyDelete
  2. මම හිතගෙන ඉන්නෙ මෙක ඉවර උනාට පස්සෙම බලන්න

    ReplyDelete
  3. හා,, ඔය පනින්නේ එකින් එක හොර එලියට. මධු ඔය චාන්ස් එක නම් නැති කරගනියි කියලා මට හිතෙන්නේ නෑ,.
    හෙ හෙ..
    "අපි ආස කරන කෙනෙක් අපි ගැන උනන්දු වුනාම හිතට දැනෙන සංතෝසෙ කොයි තරම්ද කියලා අහලා තිබුනට මට දැනුනෙ අදයි..."
    ඇත්තටම එහෙම දැනුනම තියෙන සංතෝසේ කියාගන්න බෑ තමයි..
    මට නම් හිතෙන්නේ ඒකත් ජය සිරි මංගලම් වගේ තමයි,..
    ලස්සනයි නංගෝ.. ඉතිරියත් ඉක්මනට දාන්න,..

    ReplyDelete
  4. ඔය දුන්නේ දෙන දෙයියො ගෙදෙට්ටම ගෙනල්ලා!දැන් අහිංසකයාට කතා කරමු නේද? වහාම ඉතුරු ටිකත් ලියන්න හිතූ.. මම ආසාවෙන් කියවන කතාවක් මේක.. ජය වේවා!

    ReplyDelete
  5. @MaRLaN- හා හා... මගෙන් අත්පොළසන් නාදයක් ඔයාගෙ කතාවට. ;) හිකිස්ස්....
    ම්ම්ම්.... කොල්ලා පවු නෑ...;)

    @ලොකු ඡෝන් - හ්ම්ම්ම්ම්ම්ම්.. එහෙනම් ඉවර වෙලාම හොද නරක කියන්නකෝ...:)

    @ප්‍රාර්ථනා අක්කි- අපි බලමුකෝ.. මධු මොනා කරයිද කියලා...;)
    අහ්... මං දන්නවා.. මට අක්කිව මතක් වුනා ඕක ලියද්දි.. හික්ස්ස්... හ්ම්ම්ම්.....
    ස්තූතියි අක්කියෝ..... හුගාක් ස්තූතියි..:)


    @විසිතුරු- හික් හික්..... ඔව් ඔව්.. ගෙට ගෙනල්ලම දුන්නා. මධු මොනා කරයිද දන්නෙ නෑ...
    පුළුවන් ඉක්මණට ලියන්වා..:)අහන්න සතුටුයි හුගාක්. ආසාවෙන් කියවන එක සතුටක්..:)
    ඔබටත් ජය...!!!!!

    ReplyDelete
  6. මාරම ආසාවෙන් කියවන්නෙ. දවස් දෙකක් දෙන්නම් ඊලඟ කොටස දාන්න, ඊට වඩානම් ඉවසන්න බෑ ඊලඟ කොටස කියවන්න. ලස්සනයි...

    ReplyDelete
  7. කතාවේ හොඳ ගලා යාමක් තියෙනවා. දිගටම ලියන්න හිතූ....

    ReplyDelete
  8. 5වෙනි කොටසනෙ මම මුලින් දැක්කේ... අමනාප වෙන්න එපා.. මුල ඉදන් කියවගෙනම එන්නම්....

    ReplyDelete
  9. හප්පා ඇති යන්තම් ඔය දාල තියෙන්නේ කතාව :)
    මම කිව්වා නේද හිතු මේ කතාව හිතට දැනෙන්නේ මගේ කතාවත් මේ වගේ හින්දා කියලා ,
    මේ පාර දාපු කොටසිනුත් ඒක තහවුරු උනා ;) ;)
    බලමුකෝ ඉස්සරහට කොහොම වෙයිද කියලා :D

    ප.ලි - බලන්න ඉතින් අර කොල්ලා නම්බරේ දීලත් මේ කෙල්ලොන්ගේ තියෙන ගෑස් ;)

    ReplyDelete
  10. @මන්තරකාරී-හුගාක් ස්තූතියි..!!! ආසාවෙන් කියවනවා කියන එක සතුටක්.:)
    හික් හි... මම ඉක්මණටම දාන්නම්.. ස්තූතියි...!!!!!

    @මහී- හුගාක් ස්තූතියි යාලු. ඉක්මණට ලියන්නම් ඉතිරියත්...

    @Dinesh-හ්ම්ම්ම්ම්ම්... ඔක්කොම කියවලාම ඇවිත් කියන්නකෝ.. හොද නරක.:)

    @ChammA-හී හී.....ආව්...... එහෙනම් ශෝයි... ඔයාටම ලිව්වා වගේනෙ??;) ඒත් මෙකෙ අවසානෙනම් ඔයාගෙ වගෙ වෙන එකක් නෑ...;)

    හ්ම්ම්ම්ම්ම්ම්ම් එහෙම තමා කෙල්ලො.. ගෑස් දානවනෙ ටිකක්...:p

    ReplyDelete
  11. අහ්හ්..ඔය දාල තියෙන්නෙ..:))
    පොස්ට් එක දිග උනත් පොඩ්ඩක්වත් දැනෙන්නෑනෙ නන්ගියො...
    ඉතුරු ටිකත් දාන්න..අපි බලන් ඉන්නවා..
    කෝ ඉතින් මධූ ඔයාද කියල කිව්වෙ නෑනෙ..:/
    ;)

    ReplyDelete
  12. හ්ම්ම්ම්ම්... ස්තූතියි අයියා...:) ඉක්මණට ලියන්නම් ඉතිරි ටික.
    මධු කවුද කියලා කතාව අවසානයේ පසු සටහනක් තියන්න්නම්...:)

    ReplyDelete
  13. අනේ හිතූ හරිම ලස්සනයි.. ඉක්මනට අනිත් එකත් ලියලා දාන්න හොදේ,, කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා. :)

    ReplyDelete
  14. මාත් ඔක්කොමලියල ඉවර උනාම කියෝනව :ඪ්
    කලින් බ්ලොග් එකක් ලිව්වද?ලියන විදිය සැකයි ;)

    ReplyDelete
  15. අපෝ... දෙන දෙයියො පස්සෙන් එලව එලව දීලත් මෙයාලගෙ තියන ලොකුකම..... හික්ස්.....

    ReplyDelete
  16. මුලින්ම කියන්න ඕන අද තමයි මම කතාව දැක්කේ. පස්සේ මම මුල ඉදල කතාව බැලුව. ඉතින් කතාව හ්ම් හ්ම් ....... බොහොම හොදයි කාලෙකට පස්සේ මටත් මුලින්ම A/L පන්ති ගිය දවස මතක් උනා. අපි උසස් පෙළ කරනව කියන්නේ ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතුකරගන්නවා කියන එක. කොහොම උනත් මේකතාවේ අවසානය ගැන මට පොඩි අදහසක් තියනවා. මම මෙකතව දිගටම බලනවා මම හිතන අවසානය හරිද බලන්නත් කතාව ඇත්තටම රසවත් නිසාත්. කොහොම උනත් මේ කතාව සිතුවිල්ලක් විතරක් කියල මම හිතනවා. කොහොම උනත් කතාව හොදයි ඔබට ජය.........

    ReplyDelete
  17. @Shani (ශානි)-හුගාක් ස්තූතියි යාලු. ඉක්මණටම ලියන්නම් මම..:)

    @සාටර්- හ්ම්ම්ම්ම්.... එහෙනම් ඔක්කොම ලියනකම් කාලයක් බලන් ඉන්න වෙයි..:p
    හික්ස්ස්ස්ස්.. හෆ්ෆෝයි...!!! මාව මුරුංගා අත්තෙ තියන්න එපෝ... මම මීට කලින් ලියලා නෑ...:)

    @ප්‍රසංග- හික්ස්ස්... එහෙම තමා අනේ කෙල්ලො... ගණන් උස්සනව ටිකක්..;)

    @NKK-හ්ම්ම්ම්ම් ස්තූතියි :)
    අහ් ඔයාගෙ අදහස බලමුකො අපි.. අන්තිමට මොකද වෙන්නෙ කියලා:) කතාව ඔක්කොම ලිව්වාට පස්සෙ මම පසු වදනකින් මේ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙනවා..
    ස්තූතියි හුගාක් ඔයාට..:)

    ReplyDelete
  18. හපෝ මේ කෙල්ලො කියන කට්ටිය නම්.....
    කොල්ලා අහනකන්ම ඉන්නවා ඒ කොල්ලට කොච්චර ආදරේ උනත්. ඇයි කෙල්ලට බැරි කොල්ලගෙන් අහන්න. හික්ස් :)
    බලන්නකෝ ඒකෙත් හැටි.

    ඉක්මනටම ඉතුරු ටික ලියන්න චූටි නංගි. හික්ස් චූටි නංගි. :)
    මට හිතෙන්නේ මේ කොල්ලා අහයි වගේ. නැත්නම් අර කේක් ගෙඩිය මුකුත් කියන එකක් යෑ.

    ReplyDelete
  19. හික් හික් හික්.... එහෙම තම අයියා කෙල්ලො කියන්නෙ ඒකනෙ..;)කෙල්ල කොල්ලගෙන් අහන්නෙ නෑනෙ.. සාම්ප්‍රදාය ඒක නෙවෙයිනෙ.. එහෙම කලොත් කෙල්ල කොච්චර ආදරේ වුනත් වැඩක් නෑ... කෙල්ල ඉවරයි.. ඒ කෙල්ලගෙ චරිතයම වැරදියට වටහාගනී...

    හිකිස්ස්ස්ස්ස්... හා හා ලොකු අයියේ.. ඉතුරු ටිකත් ඉක්මණටම ලියන්නම්.. හික් හික්.. ඔව් ඔව්.. බලමු ඊළග කොටසින්..;)

    ReplyDelete
  20. Chapters 5 එක හුස්මටම කියවල ඉවර කරා. Story එකනම් නියමයි. දැන් වෙලාව නෑ. ඉතුරු ටිකත් ඉක්මනටම කියවල තව comment එකක් දාන්නම්..:)

    ReplyDelete
  21. හරි.. ඔක්කොම කියවලා හොද නරක අඩු පාඩු කියන්නකෝ :) ස්තූතියි සහෝ

    ReplyDelete
  22. ලස්සනම ලස්සන නව කථාවක්....
    කථාව කියවනකන් ඉවසිල්ලක් නෑ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු!! කියවලාම කියන්නකෝ අදහස.

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....