නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

15 September 2011

තටු සිඳුනු සමනළී - 6 වන කොටස

ඔන්න මෙදා සැරේ ඊළග කොටස ලියලා වෙනදා වගේම ඉක්මනටම දැම්මා ;) වැඩිය පරක්කු නෑනෙ..කලින් කොටස් කියවු නැති අයට මෙන්න කියවන්න මුල කොටස් ටික.කියවලා හොද නරක කියලා යන්න අමතක කරන්නෙපා හොදේ???

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5

අද 6 වෙනි කොටස මෙතැන් සිට...........

------------------------------------------------------------------------------------------------------------

කළුවර අහසක මල් වෙඩි පුපුරද්දි පේන්නෙ දැන්නෙ හැගෙන්නෙ කොහොමද, මගේ හිතෙත් ඒ වගේම අමුතුම හැගීමක් තිබුණෙ. සතුට මිශ්‍ර වුනු ඒ උනත් නොඉවසිලිමත්, විසිරිලා ගියපු ඒ හැගීම මාව වෙනමම ලෝකෙක අතරමං කෙරෙව්වා.කළ යුත්ත මොකක්ද ,අවබෝධයක් නැතිව මගේ හිත ඉබාගාතේ යනවා වගේ දැනුණා.

දිලූ, තමාෂි, හසී කිව්වා වගේ, මම දසුන්ට කතා කරනවද ??නැද්ද? එයාට කතා කරලා මං මොනාද කියන්නෙ??මේ සිදුවීම් ඔක්කොමගෙම අවසානයක් තියෙන්න ඕනෙනෙ කවදා හරි..ඒක කොහොම වෙයිද???විසදගන්න බැරි, හිතාගන්න බැරි ප්‍රශ්න ගොන්නක් අතරේ මං හෙම්බත් වෙලා.

කිසිම දවසක හැබැහින් කතා කරලා නැති, ඒත් ඒ ඇස් එක්ක මොහොතින් මොහොත දොඩමළු වුනු මගේ ඇස්, එක නිමේෂයකට පිය වුණා.දවස තිස්සෙම තර්ක විතර්ක ප්‍රශන උත්තර මැද විඩාබර වුනු මගේ හිත , මොහොතකට නිශ්චල වුනා.

අඳුරු අහසකට රිදී පාට තරු ගොන්නක් පායලා වගේ එළිය දෙන ඒ හිනාව, මට චිත්‍රයක් වගේ ඇඳිලා පෙනුණා. ඒ ඇස් දිළිසෙන ලස්සන දැක්කාම වරු ගාණක් වුනත් බලන් ඉන්න පුළුවන් නේද කියලා හිතුනා.එයා ලස්සනට හිනා වුනා.ඒ ඇස් දිහාම බලාගෙන මාත් යන්තමට හිනා වුනා.

" දුව..... දුව.... ළමයෝ...."

" අහ්... අ...ම්..මා..... ඇ..ඇ....යී???"
අම්මාගේ කෑගැහිල්ලට මම කලබලෙන් ඇඳෙන් නැගිට්ටෙ කිසිමදෙයක් හිතා ගන්න බැරිවයි..කියවන්න ගත්ත පොතත් එක්කම මට ඇද උඩ නින්ද ගිහින් ඒ ඩිංගට තමයි අහිංසකයව හීනෙන් දකින්න ඇත්තෙ කියලා මට පස්සෙ තේරුණා.

"නිදිමතනම් මේ ලයිට් ඕෆ් කරලා පිලිවළකට නිදාගන්නකෝ ළමයෝ...මේ අඩමානෙට නිදාගන්නෙ නැතිව. තවම කාලත් නෑනෙ??කෑම බෙදලා මම කීයෙ ඉදන්ද කතා කලේ"

"අහ් නෑ අම්මා.. මම මේ පොත කියව කියව හිටියේ. දන්නෙම නැතිව ඉබේම නින්ද ගිහින්. අම්මා කතා කරනවා ඇහුනේ නෑනෙ..."

"ඔව් ඔව්. මටත් දැන් පේනවා ඒ බව නම්.කතා කළාට ඇහෙන්නෙත් නෑ..පොත් අතේ තියන් හිනා වෙවී හීන බලනවා.අනේ මංදා මේ ළමයි නම්..."

" නෑ නෑ අම්මා...අද හරිම මහන්සියි.."

" හා හා මහන්සි නම් කාලා බීලා දැන් නිදාගන්න. උදේම පාඩම් කරන්න.දැන් එන්න කන්න."

" හරි අම්මා මේ එනවා.මගේ සුදු අම්මා අද මට කවන්නකෝ... කන්න බෑ වගේ අද."

මම අම්මාව බදාගෙන මූණ සිපගත්තෙ හුගාක් ආදරෙන්.කොහොමත් ඉදලා හිටලා නෙවෙයි , හුගාක් වෙලාවට අම්මාව බදාගෙන පුංචි කාලෙ වගේ ළගට වෙලා හුරතල් වෙන එක මට පුරුද්දක් වෙලා තිබ්බා.එහෙම වෙලාවට අම්මාත් අම්මාගෙ එකම දෝණි ගෙ මූණ ඉඹලා චුට්ටක් හුරතල් කරන්න, කුචි කවන්න අමතක කරන්නෙ නෑ...

" හොර කෙල්ල. මෙහෙ එනවා. "
අම්මා මගේ පිටට තට්ටුවක් දාගෙනම කාමරෙන් එළියට ගියා.

අම්මා ගියාට පස්සෙත් තත්පර කීපයකට මම, මට මොහොතකට කළින් සිදුවුණු දේ ගැන කල්පනා කළා.අහිංසකයාව හීනෙන් දැකලා මම හිනා වුනු හැටි, අම්මා මොනා හිතුවද දන්නෙ නෑ... මගේ හිත කනස්සල්ලෙන් පිරුනා.පවු අහිංසකයත්, එයා බලන් ඉන්න ඇති මං අද කතා කරයි කියලා.ඒත් අද කතා කරලා හරියන්නෙ නෑනෙ.හෙටම කතා කරනවා. කතා කරලා එයාව පුදුම කරනවා.
------------------------------------------------------------------------------------------------------------
පහුවදා, සිකුරාදා මුළු දවසම අහිංසකයාට කතා කරන වෙලාව එනකම්, මම නොඉවසිල්ලෙන් කාලය ගත කළා."ගණන් උස්සන්න ගිහින් මාත් කරගත්ත දෙයක්. නිකන් හිතට වද දෙනවා" මම මටම දොස් පවරගත්තා.අහිංසකයට කතා කරන්න අද වෙනකම් ඉන්න කියලා කිව්ව හසීලා එක්කත් චූටි තරහක් ආව.

එදා දවසෙම ඉස්කෝලෙ කාලෙ ගත වුනේ අහිංසකයට කතා කරන එක ගැන හිත හිතයි. කාලෙ ගත වුනෙත් හරිම හිමින් කියලයි දැනුනෙ. කොහොමටත් අපේ හිත් නොඉවසිලිමත් වෙන්න වෙන්න, කාලය ගත වෙන්නෙ හිමින් කියලනෙ හිතෙන්නෙ.එදාත් එහෙමයි දැනුණෙ.දවස ගෙවිලා යනකම් බලන් උන්නෙ ඇගිලි ගැන ගැන.

ඔය අතරේ ඉස්කෝලෙ වෙලාව අතරතුරේදී දිලූ, හසී, තමාෂී , මට අහිංසකයට කතා කරන්න ඕනේ විදිය ගැන නානාප්‍රකාර අදහස් කිව්වා. ඉස්කෝලෙ වෙලාවෙයි, බස් එකේදියි, එදා මුළු දවසෙම මාතෘකාව වුනේ "අහිංසකයා".

"ඔන්න උඹට මතකයිනෙ අපි කියපුවා?? ගණන් උස්සලා කතා කරන්න."
හසී කිව්වා.

" ඔව් ඔව් වැඩිය උවමනාවක් පෙන්වන්න එපා. උඩින් පල්ලෙන් කතා කරන්න. හරිද?? මැටි හරකි වගේ කියන ඔක්කොම ඇත්ත කියලා හිතන්නෙපා.."

දිලූ ත් පැත්තක ඉදන් උපදෙස් දුන්නා.

" අපෝයි ඔව් කෙල්ලෙ. දන්නවනේ කොල්ලොන්ගෙ හැටි?? මතකනෙ මට අර ඩිලානයා දාපු බයිට් එක?? ගෙම්බා!!!!! මට මතක් වෙද්දි ඕකාව කොල්ලො සංහතියම එපා වෙනවා."

හසී කිව්වෙ තරහෙන්.

හැමෝගෙම උපදෙස් අවවාද අනුශාසනා අහගෙන මම එදා දවසම ඔළුව අදහස් වලින් පුරවගෙනයි හිටියෙ.
------------------------------------------------------------------------------------------------------------
සාමාන්‍යයෙන් උසස් පෙළට මම අමතර පංති ගියේ සති අන්තේ විතරයි. ඉතින් සතියෙ දවස් පහේම ඉස්කෝලෙ ඇරිලා ගෙදර රැදෙන්න අවස්ථාව තිබුණා.නමුත් මේ සිකුරාදා මම ගෙදර ආවෙ, වෙනාදට නැති අමුතු හදිස්සියකුත්, අමුතුම සතුටකුත් නොඉවසිලිමත් බවකුත් එක්කයි.හිතේ තෙරපිලා තිබුණු දහසක් සිතුවිලි නිදහසේ එකින් එක හිමීට හිමීට තෝරන්න, වෙන් කරලා අදුරගන්න, සිතුවිලි ලෝකෙ කිමිදෙන්න තියන හොදම තැන තමා ගෙදර නාන කාමරේ.

ගෙදර ආපු හැටියෙම, හිතේ හැටියට නාගන්න හිතාගෙන නාන කාමරේට වැදුනේ හිත පුරා විසිරුනු සිතුවිලි ටිකත් එකතු කරගෙනයි.ඔහේ හිදහසේ යන්න දීපු හිතත් එක්ක වතුර මල යට මම කොයිතරම් වෙලාවක් හිටියද කියලා දැනගෙන උන්නෙ නෑ..

" මොනාද ළමයෝ දැන් පැය ගානක් නේ ඕකට රිංගලා. මෙච්ච්ර වෙලා නාන්න පිස්සුද?? දැන් වෙලාව කීයද??හවස් වෙලා."

"දඩාං බඩාං " ගාල නාන කාමරේ දොරට ගහන සද්දෙයි ,අම්මා කෑ ගහන සද්දෙයි ඇහිලා කල්පනා ලෝක වල සිහි මුර්ච්ඦා වෙලා උන්නු මට පියවි සිහිය එළඹුනා.

" හරි අම්මා... මේ එනවෝ...."

"ඉක්මණට නා ගෙන ඇවිත් මේ කෑම කන්න.දැන් හතරටත් ළගයි.."

හිතේ තිබුණු සතුට, නොසන්සුන්කම, කලබළේ , ඔක්කොම නිසා නාන කාමරේට වෙලා මම පැයකටත් වඩා නාලා නේද කියලා තේරුණේ කෑම කන්න කලින් වෙලාව බලද්දියි.ඉක්මණටම කෑම කාල ඉවරවෙලා , මම කාමරේට දිව්වෙ අහිංසකයට කතා කරන එක ගැන හිතමිනුයි.

හසී ලා කිව්ව විදියටනම්, වැඩිය ගණන් ගන්නෙ නැතිව, ආඩම්බරකමට, උවමනාවක් නැතිව උඩින් පල්ලෙන් කතා කරන්න ඕනෙ. ඒත් අනේ මං කොහොමද එහෙම මාවගෙන කතා කරන්නෙ?? මට බෑ එහෙම කතා කරන්න.ඒත් දැන් එයාට කතා නොකරත් බෑ.. අද නම් කතා කරන්නම වෙනවා.ඔව්. මම මට හිතෙන විදියට සාමාන්‍ය විදියටම කතා කරනවා.ඒත් කවදාවත්ම කතා කරලත් නැති, වැඩිය ඇදුනුම්කමකුත් නැති පිරිමි ළමයෙක්ට එකසැරේට කතා කරන්නෙ කොහොමද කියන එක මට පුදුම ප්‍රෙහේළිකාවක් වුනා.

නෑ... තවත් හිතන්නෙ නෑ... හිත හිත ඉඳලා මොකටද පස්සෙ පසු තැවෙන්නෙ. මම අද කතා කරනවමයි.තදින්ම මගේ හිතට තරවටු කරගත්ත මම, රජිකා දුන්නු කොළ කෑල්ලෙ තිබුනු නම්බර් එක මගේ ෆෝන් එකට දාගත්තා.දෙපාරක් හිතන්නෙ නැතිවම මම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.

හප්පොච්චියේ!!!! රින්ග්ස් යනවා.දැන් නම් පපුව "ඩිග් ඩිග්" ගානවා.තොල් දෙකත් වෙවුලනවා. උගුර කට වේලිලා. නළලට දාඩියත් දාල.

" හෙලෝ......"

මාව ගල් වුනා. හිතා ගන්න බැරි වුනා. එහා පැත්තෙන් ඇහුණේ සෞම්‍ය, මෘදු ලස්සන පිරිමි කටහඬක්.මම ඒ හඬට වශී වෙලා ගියා. ඇත්තටම රළු, ගොරෝසු නොවුනු ඒ කටහඬ ,එයාගෙ ලස්සන සුදු අහිංසක මූණටම ගැළපෙනවා. මම ඒ කටහඬයි, පෙනුමයයි සැසඳුවා.අපූරුවට ගැලපුනා.

"හෙලෝ...හෙලෝ.."

මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන ආයෙමත් එහා පැත්තෙන් , අහිංසකයා කතා කළා.මමත් අමාරුවෙන් අකුරු එකතු කලා.

"හෙ....ලෝ..."

තත්පර කීපයකට ආයෙමත් ගොළු වුනා.

" දසුන්ද කතා කරන්නෙ ඔය??"
මම ඉස්සර වුනා.

" ඔව් දසුන් තමයි. මේ මධූ ද කථා කරන්නෙ?"

මම ගැස්සුනා.පුදුමෙනුත් පුදුමයි."මෙයා දන්නෙ කොහොමද මම කතා කරනවා කියලා."

"මේ මධූ ද කථා කරන්නෙ?" ෂා.....!!!! අහපු ලස්සන .එයා තමයි මගේ නම මෙච්ච්ර කාලෙකට ලස්සනටම කිව්ව කෙනා.මම සතුටින් ඉපිලුනා..

"ඔව් මම තමයි. ඒත් ඔයා කොහොමද දන්නෙ??"

" මං හිතුවා ගෑණු ළම්යෙක් කතා කරද්දි, ඔයා වෙන්න ඇති කියලා."
අහ්... මෙයා බබා වගෙ කතා කරන හැටි. වෙන කෙල්ලො මෙයාට කතා කරන්නෙම නැතිව ඇති.කවුද දන්නෙ ඉතිං. මගේ හිතට එන සිතුවිලි වලින් නම් අඩුවක් නෑ..

"හ්ම්ම්ම්ම්ම්....."
මම මොනවත් නොකියාම හිටියා.

"ඇයි ඊයේ කතා නොකලේ?? මං බලන් හිටියා.."

අනේ පවු. ..ඒ වචන ටික කිවෙ හුගාහක් දුකින්. ඇත්තටම මටත් දුක හිතුනා.මගේ මුළු හිතම ඇවිලිලා ගියා.

"මගේ ෆෝන් එක කැඩිලා තිබුනේ පහු ගිය දවස් වල දසුන්. ඊයේ තම හදාගත්තෙ. ඒකයි කතා කරන්න වුනේ නැත්තෙ."

ඒ හිත රිද්දන්න ලෝභකමට, මම බොරුවක් කිව්වා. ඒත් හිත හුගාක් රිදුම් දුන්නා.

"හ්ම්... එහෙම්ද?? කමක් නෑ.. අද කථා කලානෙ ඔයා.හෙට එනවද පංති??"

" ඔව් මම එනවා. ඔයා එනවද?ඔයාට දැන් උණ හොදයිද??"

" ඔව් මාත් එනවා. දැන් උණ හොදයි.පහු ගිය දවස් වල හුගාක් අමාරු වුනා. ඒකයි ගිය සතියෙ එන්නත් බැරි වුනේ.."

"අලුත් පාඩමක් කලේ නෑ දසුන්. බය වෙන්නෙපා. හෙට එන්නකෝ."

" බය නෑ.. ඒත් දුකයි. ගිය සතියෙ එන්න බැරි වුනානෙ."

" ඇයි දුක??"

" නෑ මට ඒ පංතියට නෑවිත් ඉන්න හිතෙන්නෙ නෑනෙ."

මොනා කියනවද මංදා මෙයා. මාව සීතල වෙලා ගියා.හුස්ම හිරවුනා."ඇයි දන්නෙ නෑ නෑවිත් ඉන්න බැරි." මට හිතුනූ දේවල් මම එහෙම්මම ගිලගත්තා.

" රාජිකා කිව්ව නිසා කතා කලේ.."

" ඔව්. ඔයා එක්ක කතා කරන්න ආස හිතුනා. ඒකයි කතා කරන්න කිව්වෙ.පංතියෙදි කතා කරන්න බලද්දි ඔයා දුවලානෙ."

"ම්ම්ම්.... මම දැන් තියන්නද එහෙනම්..??"

වරු ගානක් වුනත් එයා එක්ක කතා කරන්න තිබුනා. ඒත් අම්මා ආවොත් සැක හිතයි. හිතකින් නොවුනත් මම එහෙම ඇහුවෙ, ගෙදර ප්‍රශ්න ඇති කරගන්න අකමැති නිසා.

"ඇයි හදිස්සි?? හ්ම්.. කමක් නෑ එහෙනම් තියන්න.. හෙට එනවනෙ ඔයා?? "

" ඔව් එනවා. පස්සෙ දවසක කතා කරමුකෝ.මං නවතින්නම් අදට.බුදුසරණයි..!!"

" ඕකේ... හෙට එන්න එහෙනම්. මම බලන් ඉන්නවා.බුදු සරණයි.. පරිස්සමින් ඉන්න."


කෝල් එක කට් කරලා , ගැහෙන අතින්ම ෆෝන් එකත් අල්ලගෙන , මම ඇදට පැන්නා."පරිස්සමින් ඉන්න" ඒ වචන ටික හිත ඇතුලේ දෝං කාර දුන්නා.මහා පුදුම හැගීමක් මාව තදින්ම බැදගත්තා වගේ...බලාගෙන උන්නු සුන්දරම මොහොතක් එළඹිලා ගෙවිලා ගිය ඉක්මණ...මං ඇඳේ එහාට මෙහාට පෙරළුනේ සංතෝසෙ වැඩිකමට. "ඇත්තටම එයා හොදයි.." මම මගේ හිතේ ආයෙමත් වතාවත්, ඒ සිතුවිල්ල තදින්ම ඇදගත්තා.

දැන් ඉතින් හෙට වෙනකම් බලන් ඉන්න වෙනවනේ...... ඒ මූණ බලන්න.......

Post Comment

28 comments:

  1. දැන් ඉතින් හෙට වෙනකන් බලන් ඉන්න වෙනවනේ ඒ මූණ බලන්න,,
    හ්ම්ම්... ඒක තමයි අමාරුම වැඩේ නංගෝ.. හ්ම්ම්ම්... මම ආස විදියටම කථාව ගලාගෙන යනවා...
    හරිම ලස්සනයි නංගෝ...

    ReplyDelete
  2. මමයි පළවෙනියා... හුරේ,..

    ReplyDelete
  3. දැන් හෙට ඊලග කොටස දානවා නේ ඒ කියන්නේ එල එල :D

    ReplyDelete
  4. හරි ඒ කොල්ලත් ඉවරයි :P
    කතාව ලස්සනට යනවා හිතු , හරිම ලස්සනයි :)

    ReplyDelete
  5. අනේ මන්දා කොමන් ලියනවා මම මකනවා....

    කෙහොමේන් හරි කමක් නැහැ .. සුබ ජිවිතයක් ගටන් ගන්නවානම්..:)
    හැබැයි ලියලා තියන විදිහනම් ලස්සනයි කියවන්නත් ආසයි...
    දැන් හේටත් එන්න ඔනේද මේ පැත්තට...හා....
    මැසෙජ් එකක් දාන්න හොදේ නංඟා... ;)

    ReplyDelete
  6. "දැන් ඉතින් හෙට වෙනකම් බලන් ඉන්න වෙනවනේ...... ඒ මූණ බලන්න......."
    ලස්සන වචන ටික හිතූ...
    දිගට ම ලියන්න. බලමුකෝ මොකද වෙන්නෙ කියලා.....

    ReplyDelete
  7. @ප්‍රාර්ථනා අක්කා-හ්ම්ම්ම්.. අක්කිටත් එහෙමනෙ නේද?? මූණ බලන්නෙ නැතිව ඉන්න බෑනෙ..;)

    තැන්කූ අක්කියෝ.... හුගාක් ස්තූතියි...:)
    හික්ස්ස්ස්ස්ස්.. ඔව් ඔව්.. ඔයා පළවෙනියා.. ඔයාගෙ පෝස්ට් එකෙ අද පළවෙනියත් මම නේ??.. හුරේ...!!!!

    @MaRLaN-හෆ්ෆෝයි....!!!!!!! හෙට දාන්නෙ නෑ කතාවෙ ඉතුරු ටික..:p ටික දවස්කින් දාන්නෙ.. මෙයාට තියන හදිස්සියක්..

    @ChammA- හික්ස්ස්ස්.... ඇයි කොල්ලා විතරද අයියේ??? කෙල්ල??? :) කෙල්ලත් පවු නෙ.;)
    ස්තූතියි අයියේ....:)

    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ - ඇයි ලියලා මකන්නෙ අයියා??? :O :O
    ම්ම්ම්ම්... බලමුකෝ.. කතාවෙ ඉස්සරහට සුභ වෙයිද නැද්ද කියලා.:) හෆ්ෆෝයි!!!!! හෙට මෙහාට ආවට කමක් නෑ... ඒත් කතාවෙ ඉතුරු ටික දාන්නනම් ටික දවසක් යයි...;) මම මැසේජ් එකක් දාන්නම්කෝ..


    @මහී- ස්තූතියි යාලූ...:) :)
    බලමු අපි මොනාද වෙන්නෙ කියලා...දිගටම ඉන්න.. ස්තූතියි ඔයාට..:)

    ReplyDelete
  8. හුරේ !!!! අන්න ඒ කෙල්ලටත් අර වසංගතේ හැදිලා. වෙන මොකවත් නෙමේ ආදරේ ආදරේ !!!
    අම්මා කියන එක ඇහෙන්නෙත් නෑ. කතා කලාට කතා කරන්නෙත් නෑ. බත් එක කන්න ගත්තට කන්න පිරියකුත් නෑ. නිදා ගන්න ගියාට නින්ද යන්නෙත් නෑ. කොට්ටේ කොනක එයාගේ ඔලුව තියෙනවා තියෙනවා වගේ හිතෙනවා. කවුරුහරි කතා කලත් එයා කතා කරනවා වගේ හැඟෙනවා.

    පාරක තොටක බැහලා යන වෙලාවක කවුරුහරි දැක්කත් එයා වගේමයි කියලා හිතෙනවා. පාඩම් කරන්න පොතක් අතට ගත්තත් එයාගේ මූන ඒ පොතෙන් පේනවා. පොතේ පිටු අතර එයා දඟ කරන්න ගන්නවා.

    ඇඳේ දිගා වෙලා හූල්ලනවා. කොට්ටේ බදාගෙන ඒ මේ අත පෙරලෙනවා. තනියම හිනාවෙනවා. ඇඳ බදාගෙන කොට්ටේ කොහු නූඩ්ලස් වගේ කන්න හිතෙනවා. ආහ් කොට්ටේ කොන කටින් හපනවා.

    ඔය තියෙන්නේ ඒ කිව්ව ලෙඩේ රෝග ලක්ෂණ !!!! මම් කිව්වේ මගේ අද්දැකීම් වලින් එහෙම නෙමේ හරිද. (නැත්නම් කවුරු කවුරුත් මේවා මගේ එකවුන්ට් එකට දායි.)

    මේ ඒක නෙමේ. කොල්ලෙක්ට අහිංසකයා කියලා අහපු පලවෙනිම අවස්ථාව මේකද කොහෙද ?

    ReplyDelete
  9. හුරේ මම් පරක්කු උනා කමෙන්ට් කරන්න. ප්‍රාර්ථනා නංගි ඉස්සර වෙලා. කතාව ගොඩක් ලස්සනයි නංගි. ඉක්මනටම ඉතුරු කොටසුත් ලියන්න.

    ReplyDelete
  10. අනේ දැන් ඉතින් අපි බලන් ඉන්න එපාය ඊලග කොටස එනකන් :(:(:(
    ගොඩක් ලස්සනයි කතාව. ලස්සනට ගලාගෙන යනවා ... ජය .....

    ReplyDelete
  11. මේ කොටස දාන්න දුන්න දවස් දෙක පැනලා ගොඩක් කල්. ඒත් කමක් නෑ ලස්සනම ලස්සන කොටසක් දාලා තියෙන්නෙ...

    ReplyDelete
  12. හෙට ඒ මූණ දැක්කත් අපිට හෙටම ඒ ගැන කියවන්න පුළුවන් වේවිද??

    ReplyDelete
  13. අවවාදයි...

    ආයෙමත් නානකොට එළාම් එකක් තියා ගන්න. මොකද හෙටින් පස්සේ ඔය ලෙඩේ තව වැඩි වෙන්න ඉඩ තියෙනවා.

    පුලුන් හෝ කොහු වෙනුවට නුල්ඩ්ස් ‍වලින් සෑදු කොට්ටයක් පාවිච්චි කරන්න.(මධුරංගගේ අත්දැකීම් ගැන හිතිලයි.)

    ඇගිලි තුඩු වෙව්ලීම් ඉදිරියටත් සිදු වෙනවා නම් වහාම ස්නායු වෛද්‍ය වරයෙක්ව මුණ ගැහෙන්න.

    ඉතිරි කොටස් ඉක්මනට ලියන්න.

    ලස්සනයි හිතු. දිගටම ලියන්න. අවවාද කරාට තරහ වෙන්න එපා නොකියාම බැරි නිසයි කිව්වේ

    ReplyDelete
  14. එහෙනම් අදම අපිට අහිංසකයගෙ මූන දකින්න පුලුවන් වෙයි නේද?

    ReplyDelete
  15. .....මම් කිව්වේ මගේ අද්දැකීම් වලින් එහෙම නෙමේ හරිද. (නැත්නම් කවුරු කවුරුත් මේවා මගේ එකවුන්ට් එකට දායි.) ......

    ඔය මධුරංග අයියගේ බොරු..අත්දැකීම්ම තමා නැතිනම් කොහොමද ඔච්චර විස්තරාත්මකව කියන්නේ නැද්ද මං අහන්නේ ;)

    ReplyDelete
  16. @ChammA - ඒකනම් මටත් හිතුනා...:))))

    ReplyDelete
  17. @මධුරංග අයියා-හම්මෝ.........!!!!!!!!!! රෝග ලක්ෂන විස්තර කරලා තියන විදිය අනුවනම්... මේක... ඔයාගෙ අත්දැකීම් වගේ කියලයි හිත්තෙන්නෙ..;) ඒ තරම්ම තත්විකයි..;)

    හික්ස්ස්ස්.. ඇයි?? කොල්ලොන්ට අහිංසකය කියනවා.. අහිංසක පාට අයට...;)

    ඔව්.. ප්‍රර්ථනා අක්කි ඉස්සර වුනා..:D :D මගේ අක්කියානෙ.:) කමක් නෑ.. අයියාට මේ ටික ටයිප් කරන්නම සෑහෙන්න වෙලා යන්න ඇති නේ...
    හුගාක් ස්තූතියි අයියා. ඉක්මණට ලියන්නම්කෝ...

    @N N K - හ්ම්ම්.... ඉක් මණටම අනිත් කොටස් ටිකත් දාන්නම්කෝ... ස්තූතියි සහෝ...:)

    @මන්තරකාරි - හි හි... ඔව් නේ... දවස් දෙකකට වඩා ගත වුනා. සමාවෙන්න ඒකටනම්..:) හහ් හා..:) :) පුළුවන් උපරිම ලස්සනට ලිව්වා... ස්තූතියි අක්කි මෙහාට ආවට..:)

    @Dinesh අයියා- හෆ්ෆෝයි... හෙට මූණ දැක්කා වුනාට කතාව එච්චර ඉක්මනට දාන්නෙ නෑ...:p ටිකක් බලන් ඉන්න වෙයි..:)


    @සිහිනයක මියැදුණ සිතක්- හික්ස්ස්..... ඔයත් මේ කියන්නෙ, ඔයාටත් අත්දැකීම් තියන නිසාද???;) අක්කෙක්ද?? අයියෙක්ද?? නංගියෙක්ද මල්ලියෙක්ද??? දන්නෙ නෑ... කොහොම වුනත් සහෝ අවවාද දුන්නට කමක් නෑ...:)සතුටින් භාරගන්නෙ හැම වචනයක්ම.:)
    හුගාක් ස්තූතියි මේ පැත්තට ආවට..:)


    @නිසූපා අක්කා- හනේ අක්කා, ටික දවසක් යාවී ඒකටනම්..;) හි හි...ඉතුරු ටිකත් ඉක්මණටම ලියන්නම්..:)

    @ChammA අයියා- ඔව් ඔව් මාත් පිළිගන්නවා ඒකනම්.. මේවා මධුරංග අයියාගෙ අත්දැකීම් තමා. හරි ලස්සනට ගලපලා ලියලා නේද??;)

    ReplyDelete
  18. බ්ලොග් එක පැත්තට ආවේ කාලෙකට පස්සේ .පොස්ට් හතර පහක්ම එක දිගට කියෙව්වා. ඔය අහිංසක කොල්ලව අමාරුවේ දාන්නේ නැතුව ලව් හොදින් කරගන යන්න නගෝ

    ReplyDelete
  19. හා හා.. ස්තූතියි මෙහාට ආවට..:) කාටද මේ කියන්නෙ?? මධූටද?? හික්ස්ස්... හරි හරි

    ReplyDelete
  20. මටත් හිතෙන්නේ රෝග ලක්ෂන විස්තරේ අනුව මධුරංග අයියටත් ලෙඩේ තියෙනවා වගේ.. හෙ හෙ.. අනේ මන්දා පිස්සු ඔය දෙන්නටම ,.. හී හී හී

    ReplyDelete
  21. @මාව බයිට් කරන්න හදන අයට :
    මේක මගේ අද්දැකීමක් නෙමේ දරුවනේ. මම් හිතුවා මාව හප කරයි කියලා.
    කමක් නෑ කමක් නෑ. ඔක්කොම කුණු බේරේ වැවටනේ.
    මමත් ඉල්ලගෙන නේ කන්නේ. හික්ස් :)

    ReplyDelete
  22. යාලු වෙන්න කලින් ට්‍රයි කරන කාලේ කරන වැඩ තමයි මරු!

    ReplyDelete
  23. @ප්‍රාර්ථනා අක්කි- හික්ස්ස්ස්ස්ස්ස්ස්..... ඔව් ඔව්.. හැමෝම කියන්නෙ එහෙමයි.. මේවා අයියාගෙ අත්දැකීම් වෙන්න ඇතිලු..;)අහ්?? :O මටත් පිස්සු?? ඔව්නෙ..;)

    @මධුරංග අයියාව බයිට් කරන්න හදන අයට- ඇහුනා නේද?? අපේ අයියා කිව්වා ??ඔක්කොම කුණු බේරේ වැවට හරිද???;)

    @විසිතුරු- හ්ම්ම්ම්ම්ම්ම් ඔව් නේ ඒ කාලෙ සුන්දරය් නේ?? අත්දැකීම් එහෙමත් තියෙනවද?? මධුරංග අයියාට වගේ???;)
    දැන් විසිතුරු මෙහාට එන්නෙ නැතිවෙයි වගේ... මධූ යි, දසුනුයි යාළු වුනොත් එහෙම කතාවෙදි....;)

    ReplyDelete
  24. හම්මෝ!!!..මේක මාර කතාවක් නේ..කියවනවා කියවනවා දැනෙන්නෙත් නෑ..
    හරිම ලස්සනයි හිතූ...ඔන්න මාත් නම කිව්වා..කමක් නෑනේ? .. නංගි කියල ටිකක් නොන්ඩිත් උනානේ..
    ඒ මුණ දකින්නතුව ඉන්න ඒක හරිම අමරුයිනේ???
    ඔයාට නම් හෙට දකින්න පුළුවන්..මම නම් තව කොච්චර කල් බලන ඉන්නද?? :/

    ReplyDelete
  25. හ්ම්ම්ම්ම්ම්ම්ම්.... හි හි.. ස්තූතියි සහෝ...:) හා හා අනේ නංගි කිව්වහම මොකද, නම කිව්වහම මොකද..:) ඒකට කමක් නෑ.....:D

    ම්ම්ම්ම්ම්ම්ම්.. ඔව් දකින්න නැතිව ඉන්න බෑලුනේ ආදරේ කරද්දි...
    බලන් ඉන්න, ඉවසීමෙන් සැනසීමක් ලැබෙනවලු...

    ReplyDelete
  26. හප්පොච්චියේ!!!! රින්ග්ස් යනවා hehe maru ane

    ReplyDelete
  27. මාරයි.. මට මගේ ආදර කථාව මතක් උනා.. ඒ වගේමයි.. දෙබස් උනත් ගොඩාක් සමානයි.. මොකද එයත් මට මුලින්ම කථා කරේ මට උන හැදුන වෙලාවක එයා දැන ගෙන.. ම්ම්ම්ම්... සුන්දර මතකයන්.. ඉක්මනටම ඔයාලටත් එවා දැන ගන්න ලැබෙයි..

    ReplyDelete
    Replies
    1. :) නියමයි යාලු!! එහෙනම් කතා දෙකම සමානයි වගේ!!!:D

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....