නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

20 September 2011

තටු සිඳුනු සමනළී - 7 වන කොටස

"ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක්........"
            --තටු සිඳුනු සමනළී--


බුකියේ හිතුවක්කාර කෙල්ල, බ්ලොග් අවකාශයේ ආදරණීය හිතුවක්කාරී....අකුරු අමුණන පුංචිම පුංචි නවකතාව......
____________________________________________________________
ඔන්න අද  කතාවෙ ඊ ළග කොටස දැම්මා...කියවලා හොද නරක කියන්න.....:) 


මුල කොටස් කියවපු නැති අය, කතාවෙ මුල කොටස් අමතක අය කියවලම එන්නකෝ...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6

අද එතැන් සිට...............

------------------------------------------------------------------------------------------------------------

කෙනෙක් තව කෙනෙක්ට හදවතින්ම ආදරේ කරද්දි, ඒ ආදරේ කරන කෙනාගෙ මූණ නොදැක , ඒ කටහඬ අහන්නෙ නැතිව කොහොම ඉන්නවද මංදා.ආදරේ කියන්නෙ ගින්නක්. වැඩිපුරම වෙන්නෙ පිච්චෙන්න.මමත් මේ පිච්චෙන්නෙ අපූරුවට.මගේ හිත මාත් එක්කම දිගින් දිගටම දොඩමළු වෙන්න පටන් ගත්තා.

ඊයේ හවස්වරුවෙ අහිංසකයට කතා කරලා, මගේ හිත තිබ්බෙ පුදුම සතුටක ගිලිලා.වෙනදට අම්මා දහ සැරයක් විතර කතා කරලා ඇහැරවන මට, අද උදේම ඇහැරුනා.ඒත් මේසෙ උඩ පේන්න තියන ඔරලෝසුවෙ වෙලාව උදේ පහයි විස්සයි."මෙච්ච්ර උදෙන් මොකට ඇහැරුනාද මන්දා" මම හිතින් මටම දොස් පවරගත්තා.

ඉස්කෝලෙ යන්න තිබ්බ දවසක් නම් කීයට නැගිට්ටත් ආයෙමත් හොදට පෙරවගෙන නිදාගන්න තිබ්බා.ඒත් අද නම් නින්ද අහලකටවත් එන්නෙ නෑ.ඇඳේ දෙතුන් සැරයක්ම එහාට මෙහාට පෙරලූනු මම ,නිදාගන්න ලොකු උත්සහයක් ගත්තා.නෑ....... නින්ද නම් මා ළගට ආවෙ නෑ..නිවාඩු දවසෙ උදේ පාන්දරම  පාඩම් කරන්නත් හිත දුන්නෙත් නෑ."දවල්ට පංති යන වෙලාව වෙනකන් මෙහෙම තමයි දැන් ඉන්න වෙන්නෙ" මම මටම කියාගත්තා.

ආදරේ කියන්නෙත් මහා පුදුමාකාර හැගීමක්.කෙනෙක් ගැන හිත උනන්දු වෙද්දි, ඒ කෙනාව නොදැක ඉන්න බැරි වෙනවා.හිත හැම මොහොතකම ඉගිල්ලෙන්නෙ එයා ළගට,හීනයක් දැක්කත් පේන්නෙ ඒ මූණ.මොනම සිතිවිල්ලක් වුනත් අන්තිමට නතර වෙන්නෙ ඒ හිත ළගින්.මේ ඇත්තටම මට දැනෙන්නෙ එයා ගැන ආදරයක් ද?? නානාප්‍රකාර සිතුවිලි වල එල්ලි එල්ලි මගේ හිත සෑහෙන දුරක ගියා. ඒ අතරෙදි වෙලව ගත වෙලා තිබුනා පැය භාගයක්ම. ඉර පායලා. එළිය වැටීගෙන එද්දි ඇදෙන් නැගිටපු මම,චුට්ටක් එහාට මෙහාට කැරකිලා නිකමට වගේ ෆෝන් එක අරගෙන බැලුවා.

"දෙයියනේ....!!!!!!"

මට කියවුනා.

පානදර සීතලටත් වඩා මගේ ඇගම සීතල වුනා,හිත පැත්තක්ම හිරිවැටිලා ගියා වගේ දැනුනේ...
"දසුන් ගෙන් SMS එකක්.." ක්ෂණිකව හිත පුරාම පැතිරිලා ගියපු සතුට මුසු වුනු කුතුහලය , මගේ දවස ප්‍රබෝධමත් කලා.


"The sun had rised  from the east 

birds r singing happily 

butterflies are around the flowers.
It is time to wake up & give a big yawning 

say good morning to YOU.. !!! "

ලස්සනම ලස්සන good morning message එකක් තමයි එවලා තිබුණෙ.

"එහෙනම් එයාටත් මේ උදේ පාන්දරම මාව මතක් වුනා." මගේ හිතේ තිබ්බ සංතෝසෙ කොයිතරම්ද කියලා මටවත් හිතාගන්න බැරි වුනා.මා ළග තිබුනු ලස්සනම ලස්සන good morning message එක ඒ මොහොතෙම දසුන්ට යවපු මම, අම්මා හොයාගෙන කුස්සියට ගියේ සින්දු කෑල්ලකුත් කියාගෙන, නට නටයි.

"good morning අම්මා...!!!"

මම දුවගෙන ගිහින් කුස්සියෙ තේ හද හද උන්නු අම්මාව බදාගත්තා.

" මේ මොකද මේ අද ගෑණු ළමයා කවදාවත් නැතිව පුදුම සංතෝසෙකින්??"

මගේ වෙනස් තේරිලාද මංදා අම්මා ඇහුවෙත් පුදුමෙන් වගේම හිනා වෙවී.

"අයියෝ.. මුකුත් නෑ අම්මා...මම උදෙන් නැගිටලා හිනා වුනත් අම්මාට පේන්නෙ වැරදියටයි.. හරිම නරකයි අම්මා.."

මමත් තොඳොල් වුනේ අම්මාගෙ ආදරේට තියන පෙරේතකමටමයි.

"හරි හරි මැණික . මං ඉතින් වැරද්දක් කිව්වෙ නෑනෙ.අමුතු සතුටකින් මොකද කියලනෙ ඇහුවෙ.හරි හරි. දැන් මේ මූණ කට හෝදගෙන තේ ටික බොන්න."

අම්මා කිව්වෙ හුගාක් ආදරෙන්.

-----------------------------------------------------------------------------------------------------------
උදේ පාන්දර ඉදන්ම තිබුණු නොසන්සුන් කම දසුන් ගේ SMS එකත් එක්ක තව වැඩි වුනා කියලයි මටනම් දැනුනෙ.ආයෙමත් රිප්ලයි එකක් ආවෙ නැතත්, මං බලාගෙන උන්නෙ කොයි මොහොතෙ හරි දසුන්ගෙන් පණිවිඩයක් එනතුරුයි.පංති යන්න වෙලාව කිට්ටු වෙද්දිම, මගේ හිත ගැහෙන වේගෙ දෙගුණ වෙනවා වගේ දැනුණෙ.

අද වෙනදට වඩා කලින් එමුයි කියලා කලින් දවසෙ කතා කරගත්ත නිසා, මම පංති යන්න පොත් ටික බෑග් එකට දාගෙන  ලෑස්ති කළා.මගේ ෆෝන් එක රින්ග් වුනෙත් එතකොටමයි."දසුන්ද දන්නෙ නෑ..." මම තිගැස්මකින් ෆෝන් එක බැලුවෙ, බලාපොරොත්තු වුනා වගේ දසුන්ගෙන් පණිවිඩයක්වත්ද කියල හිතමිනුයි.

"හෙලෝ මධූ..."

" අහ් හසී... මේ ඔයානෙ..මං මේ ලෑස්ති වෙනවා.."

" ඇයි කවුරු කියලද හිතුවෙ??"

" නෑ නෑ.. කවුරුත් කියලා නෙවෙයි..ඉතින් ඇයි කියන්නකෝ.."

"මුකුත් නෑ.. මං මේ උඹ එනවද කියලා බලන්න නිකමට කතා කළේ..සරසවියට යන්නත් තියනවා. ඉක්මණට එන්න හොදේ.. මං තව ටිකකින් එන්නයි හදන්නෙ."

" හරි කෙල්ලෙ. මං මේ ලෑස්ති වෙන ගමන්. ඉක්මණටම එන්නම්.කියන්න දේවලුත් තියනවා."

" හා හා.. ඒකත් ජය සිරි මංගලම්ද?? හරි හරි එන්නකෝ.. මං තිබ්බා එහෙනම්..බුදුසරණයි "

" හරි හරි. බුදුසරණයි."

කඩිමුඩියේම ලෑස්තිවෙන්න පටන්ගත්ත මම , ඊයෙ රෑම මැදලා තිබ්බ සුදු පාට මල් වැටිච්ච , කළු පාට කොට සායත්, සුදු පාට ඊටම ගැලපෙන බ්ලවුස් එකත් ඇඳගත්තා. වැඩිවෙලාවක් අරගෙන කණ්ණාඩියෙන් හතර පස් සැරයක්ම බලලා, අන්තිම වතාවටත් වටයක් කැරකිලා, අම්මා හොයාගෙන දිව්වෙ අම්මගෙන් ලස්සනයිද අහන්නයි.

"අම්මේ.... මං යන්න හදන්නෙ.. ලස්සනයිද මං??"

" අහ්... ලස්සනයි ලස්සනයි...මොකද මේ ළගකදි ඉඳන් කණ්ණාඩිය ළගම කැරකෙන්නෙ හොර කෙල්ල??"

" ලස්සන බලන්නනෙ අම්මා.. වෙන මොකටද? මං යන්නම් අම්මා... මට පරක්කුයි.."

අම්මාගෙන් සමුගෙන අඩියට දෙකට පාරට ආවෙ, හංදියට යන බස් එකක් අල්ලගන්නයි.
----------------------------------------------------------------------------------------------------------
අමාරුවෙන් එල්ලිලා. තෙරපිලා පොඩිවෙලා හිරවෙලා නැගගෙන ආපු බස් එකෙන් බැහැලා මම හංදියට එද්දි, හසී ඇවිත් හිටියා.                                    

"මොකෝ බං මේ දාඩිය පෙරාගෙන??"

"අයියෝ හසී මේ අපේ පාරෙ බස් වල යන්න බෑනෙ..සෙනග හොදටම. කොණ්ඩෙත් අවුල් වුනා"

" හා හා. කොණ්ඩෙ පීරගමු. ඒ නැතත් අවුලක් නෑ බං. ඔය ඉන්නෙ අපූරුවට. අහිංසකයා බලන්නෙ නැතිවෙන්නෙ නෑ.."

"අහ් හසී , කියන්න බැරි වුනානෙ, විස්තරේ... එදා මං කතා කරානෙ එයාට"

" ඔව් නෙ.ඉතින් ඉතින්.... කියපන් කෙල්ලෙ. මොකද වුනේ??"

අනිත් අය එනකම් මම හසීට, සිකුරාද දසුන්ට කතා කරපු වෙලාවෙ ඉදන් අද උදේ දසුන් එවපු morning message එක වෙනකම් සියළුම විස්තරය අකුරක් නෑර කිව්වා.

මගේ විස්තරේ අහපු හසීගෙ අවසාන නිගමනය වුනෙත්, දසුන් මං ගැන උනන්දුයි, එයා මට ආදරේ ඇති කියන එකයි.ඔක්කොමලා ආවට පසෙ අපි පුරුදු විදියටම නුගේගොඩට ගියා. ඒත් පංතියට යන්න කලින් හසීට සරසවියට යන්න ඕනෙ නිසා, අපි සරසවිය පැත්තට ගියා.

"මොකටද බං මේ හදිස්සියෙ සරසවියට රිංගන්නෙ??"

නිශා ඇහුවෙ හසීගෙන්.

" මට physics වලට අර මිස් ගන්න කිව්ව  යාන්ත්‍ර විද්‍යාව පොත ගන්න ඕනෙ. ඒක මං ළග නෑනෙ.ගණන් ටිකක් තියනවනෙ හදන්නත්"

"අපරාදෙ හසී.. මට කිව්වනම් මම ගෙනත් දෙනවා මගේ පොත.මම හදලා ඉවරයි ඒක."

"නෑ කමක් නෑ මධූ. මං කොහොමත් ඒක ගන්න ඕනෙ."

අපි බෑග් කවුන්ටර් එකෙන් බෑග් තියලා සරසවියට ඇතුළු වුනේ, පොත් බලන්නයි. හැමෝම දුවගෙන ගියේ නවකතා පොත් තියන පැත්තට.හසී විතරක් physics පොත් හොය හොය ඇවිද්දා. ඒ අතරේ අනිත් දෙන්නාගෙන් මොහොතකට මිදුණු මම ,වෙනම පොත් රාක්කයක් දිගට ඔහේ ඇවිදගෙන ගියා.අලුත් පොත් සුවඳයි.ඒ සුවදට මම ඉස්සර ඉදන්ම ආස කලා.පොත් රාක්ක දිගටම එක  එක අලුත් පොත් වලින් පිරිලා.ඒත් හිත තිබ්බෙනම් රොටරියෙ.දසුන් ඇවිත් ඇතිද? එයා කතා කළොත් මම අද මොනාද කියන්නෙ? ප්‍රශ්න ගොන්නක් හිතේ තෙරපුනා.

එක සැරේටම පිරිමි ළමයි කීපදෙනෙක් හිනා වෙවී අපි ඉන්න පැත්තට ආවා.

"ආ.. දසුන් අන්න උඹේ සමනළී ඉන්නවා..."

මට උන් හිටි තැන් අමතක වුනා. මේ මොකක්ද දෙයියනේ වෙන්න යන්නෙ?දසුන් තව යාළුවො කට්ටියක් එක්ක සරසවිය ඇතුලෙ.

දසුන්ගෙ යාළුවො මගේ දිහා බලාගෙන දසුන්ට විහිළු කලා. මට දැනුනේ පුදුම අපහසු තාවයක්. එතනින් පැනලා දුවගන්න තිබ්බනම්.....දසුන් ලැජ්ජවෙන් හිනා වෙවී බලන් හිටියෙ මගේ දිහාමයි.ඒ ඇස් මග හරින්න හිතුනෙ නෑ මට.

"හා හා කොල්ලා... ජය මංගලම් ආ....."

තවත් එතන උන්නු මිටි කොල්ලෙක් දසුන්ගෙ පිටට ගහලා මගේ පැත්තට තල්ලු කළා.

"මධූ ඔයා මෙතන???"

දෙයියනේ දසුන් මගේ ඉස්සරහා හිනා වෙවී ඉන්නවා.මම ගොළු වුනා. වචන කටින් එළියට ආවෙ නෑ. කියාගන්න ඕනෙ වුනත්, මට කතා කෙරුනෙ නෑ..මොහොතකට හදවත නැවතුනා වගේ දැනුණා. හුස්ම ගන්නත් අමතක වුනා.

හිතා ගන්න බැරිවුනු තැන මම, ආපස්සට හැරිලා දුවගෙන ගියා හසීලා ලගට.හසී ඒ වෙද්දි පොත අරගෙනයි හිටියෙ.

"ඇයි බං මේ බය වෙලා??"

නිශා ඇහුවා.

"නැ.. නෑ.. මෙ මේ... දසුන් බං..."

"ඉතිං?? ඇයි මේ උඹ හොල්මනක් දැකලා වගේ බය වෙලා?"

"නෑ නෑ.. එයාගෙ යාළුවො අනේ... කෑ ගහන්න ගත්තා. මට මුකුත් කියන්න හිතාගන්න බැරිවුනා. මං දුවන් ආව."

"අනේ මෝඩි...ඒ කොල්ලා පවු නෙ බං. දැන් උඹ හින්දා යාළුවන්ගෙන් බයිට් වෙයි හොදට."

"ඉතිං මං මොනද කරන්නෙ හසී? මං බය වුනානෙ."

"උඹට යන්නම් කියලා හරි එන්න තිබ්බනෙ. පවු බං ඒ කොල්ලා."

"දැන් කරන්න දෙයක් නෑ හසී.. මටත් දුකයි..අනේ අපි යන්."

මගේ මූණ පුරාම ලේ නහර උණු වුනා.හීන් ඉකියක් එක්කම කඳුළු කැට දෙකක් ඇස් වලට ආවෙ නොදැනුවත්වමයි.හිත පිච්චුනා මහ ගොඩාක්. හසී යි නිශා යි මොන මොනවාදෝ කියෝනවා. මට කිසිම දෙයක් ඇහුනේ නෑ.. හිත යටින් මහ ගොඩාක් වැළපුනා. මං හිතුවෙ මට මේ මහ පාර මැද ඇඬෙයි කියලා. මම හිත තද කරගෙන උන්නෙ හුගාක් අමාරුවෙන්.


"අනේ මට සමාවෙන්න රත්තරං"  SMS එකක් යවන්නත් හිතුනා මට. ඒත් එයා මොනා හිතයිද? දැන් මාත් එක්ක තරහින්ද දන්නෙ නෑ....පංතිය ඇතුළට ගියාට, මම උන්නෙ අහිංසකයා පංතියට ඇවිත් , ඒ මූණ දකිනකම් ඉවසිල්ලක් නැතිවයි.

"මී හරක් වැඩ කරලා දැන් ඉතින් උඹ මෙතන මැරෙන්න ගියාට කරන්න දෙයක් නෑ...කොල්ලා ආවාම හවසට බලමු..හිනා වෙලා පොඩ්ඩක් ශේප් කරගමු."

හසී හිව්වෙ මගේ හිත කියවලා වගේ.

මම කලබල වෙලා උන්නු හැටියෙන් හසීත් නිශා ත් මගේ හිත තේරුම් ගත්තා.පංතියෙ දොර ගාවින් මතු වුනේ තාරුකගෙ මූණ. ඊටපස්සෙ දසුන්ගෙ ඉස්කෝලෙ යාලුවො ටික. ඒත් කෝ දසුන්? මගේ ඇස් හැමතැනම දිව්වා. ඒත් ඒ රූපෙ මගේ ඇස් වලට අසු වුනේ නෑ...

"කොල්ලා අප්සට් එකට ආයෙත් ගෙදර ගියාවත්ද?"

නිශා මගේ හිතේ ගින්දර තවත් ඇවිලෙව්වා.

"අනේ... නෑ.. එයා ඒවී...එන්න ඕනෙ එයා... කොහොමද එයා නෑවිත් ඉන්නෙ."

මට ඇඬෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඒ අහිංසක මූණ පංතියෙ දොරෙන් මතු වුනා.ඒ ඇස් එකසැරේටම බැලුවෙ මගේ දිහා.වෙනදා තිබ්බ ඒ එළිය අද ඒ ඇස් වල තිබුණෙ නෑ.. මොකක්දෝ මහා දුකක් පෙනුණා. මගේ මුළු හිතම ඇවිලුනා.

"මම අද හවසට එයා එක්ක කතා කරනවා." මම මටම කියාගත්තා.

"හසී.. මම දසුන්ට SMS එකක් යවන්නද sorry කියලා?"

මම අවසානයේ ඉන්නම බැරි තැන හසීගෙන් ඇහුවා.

"හ්ම්ම්ම්ම්ම්... ඒකත් කමක් නෑ... යවන්න එහෙනම්.. අඩු ගානෙ  එතකොටවත් එයා අප්සට් නැතිව ඉදීවිනෙ."

හසී කිව්ව සැනෙකින් මම ෆෝන් එක අරගෙන ,"I'm very Sorry  DHASUN" කියලා ටයිප් කරලා SMS එකක් යැව්වා..

දැන් හිතට නිදහස් ටිකක් විතර. ඒත් එයා රිප්ලයි එකක් එවනකම් මගේ හිත පසු තැවෙන එක නැවතුනේ නෑ...

"අනේ දසුන්... ඔයා මට සමාව දෙනවා නේද??"

--------------------------------------------------------------------------------------------------------



Post Comment

28 comments:

  1. butterflies are around the flowers
    ඇත්තම කියලා තිනවා...

    කතාව යන විදියට සමාව දෙවි වගේ බලමුකො
    ලස්සනට කතාව යනවා.. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න...

    ReplyDelete
  2. හ්ම්ම්ම්.. දැන් මට කිව්වා නම් බලන්න මම හිතන විදියටම ඔයත් හිතන්නේ කොහොමද කියලා,. හෙ හෙ.. ලස්සනයි නංගෝ,. ඒත් අපරාදේ දසුන්ව දාලා දුවලා ආවේ,. අපි බලමුකෝ, මට නම් හිතෙන්නේ අර යාළුවෝ කිව්වා වගේ ඒකත් ජය සිරි මංගලම් තමයි,.

    ReplyDelete
  3. mmmmmmm...
    mamath hithanne samawa dei... :D

    ReplyDelete
  4. කතාව නම් ලස්සනම ලස්සනයි හිතූ
    අද තමයි ඔක්කොම එකදිගට කියවගෙන ආවේ
    ඉතුරු කොටසුත් ඉක්මනට දාන්නකෝ..........

    ජය වේවා......!!!

    ReplyDelete
  5. කොච්චර අමාරුවෙන්ද මේක ලිව්වේ. කොන්ද නමාගෙන අම්මේ අත රිදෙනවා කිය කියා කෑ ගහ ගහ මේ ටික ලියන්නද මෙච්චර වෙලා ගත්තේ කියල හිතෙනවා කමක් නෑ කියවලාම කොමන්ට් එකක් දාන්න ඕනේ පස්සේ:)))))

    ReplyDelete
  6. පව් හලෝ අහිංසකයා! ඔය වගේ ටිකක් සමාන සිදුවීමක් මටත් වෙලා තියෙනවා..
    කමක් නෑ. ඒකෙන් ඔයාගෙ අගේ වැඩි වෙන්න ඇති! ඔහොම යන්! ඔහොම යන්!

    ReplyDelete
  7. පව් අහින්සකයා..... වචනයක් හරි කථා කරල දිව්වනම්..... ඉතිරියත් ඉක්මනට දැම්මනම්.....

    ReplyDelete
  8. බලන්න ඉතින් අර අහිංසක ළමයට මෙයා කරලා තියෙන දෙයක් , ඔහොමත් කරනවද මම අහන්නේ :D :D
    බයවෙන්න එපා සමාව ලැබෙයි , ( මොකද ඉතින් මෙච්චර කල් හිතු නේ ගනන් ඉස්සුවේ ..ආ නෑ නෑ මධු , ඒක නිසා දැන් පොඩ්ඩක් කොල්ල ගනන් උස්සන්න ඕන ;) )

    ReplyDelete
  9. රොටරිය කිව්වොත් ඉතින් සරසවිය වරදින්නෙම නෑනේ ඔතනින් යන එන ළමයි නිකනුත් කොහොමත් සරසවියට අනිවාර්යෙන්ම ගොඩ වෙනවානේ අපිත් ඉස්සර රොටරියෙ ක්ලාස් යද්දි පිස්සු වැඩ කලා ඔය වගේ හැමදාම වගෙ අදත් ලස්සනට කතාව ලියලා තියෙනවා නංගි

    සුභ පැතුම්!

    ReplyDelete
  10. අතින් පයින් යන එකක් යෑ. දසුන් සමාව දේවි.ආදරේ කරන දෙන්නෙක්ට වැඩි කල් තරහා වෙලා ඉන්න බෙ. ටික වෙලාවක් තරහා වෙලා හිටියත් පස්සේ බනින්න හරි කෝල් කරනවා. ඒ අර කටහඩ අහන්නේ නැතුව ඉන්න බැරි හන්දා.

    බැනිල්ල ටික වෙලාවක් තියෙනව.ඊට පස්සේ ආයෙත් ආදරෙන් කතා කරනවා. ඊට පස්සේ ඔක්කොම දෝශ භංග වෙලා !!!!

    ආදරේ, පරණ තිබ්බ මට්ටමට වැඩිය ටිකක් වැඩි වෙනවා. ඕන් නම් මාස දෙහෙකට සැරයක් වගේ පොඩ්ඩක් රණ්ඩූ වෙලා බලන්න.

    මේක නම් මගේ අත්දැකීමෙන්මයි කියන්නේ.

    දසුනුත් යාලු වේවි.

    ReplyDelete
  11. ආහ්...කොල්ලට ගනන් පෙන්නලා වගෙයි. පව් අප්පා හොදට බයිට් වෙන්න ඇති යාලුවන්ගෙන්.

    ReplyDelete
  12. @රහස් පරික්ෂකයා -හික්ස්ස්ස්ස්... ඒක එස් එම් එස් එකක් විතරයිලු..;)
    ස්තූතියි සහෝ... බලමුකෝ මොනා වෙයිද දන්නෙ නෑ..:)

    @ප්‍රාර්ථනා අක්කි- හ්ම්ම්ම්ම්ම්.... හි හි.. ඒකනෙ..මං ඔයාව මගේ අක්ක කරගත්තෙ...;)හික්ස්ස්ස්ස්ස්.. අපි බලමුකෝ අක්කා..ජය මංගලම් වෙයිද කියලා.ස්තූතියි අක්කිට.:)


    @මහි- "සිතු දේ නොම වෙයි... නොසිතු දෙයක් වෙයි" :D :D බලමු....


    @සුදු මැණිකේ(මැණික්)- හුගාක් ස්තූතියි මැණික්. :) :) අනිත් කොටසුත් ඉක්මණටම දන්නම්..:)

    @සිහිනයක මියැදුණ සිතක් - හික්ස්ස්ස්ස්ස්... එහෙම තමා ;) හරි හරි කියවලම කමෙන්ට් කරන්නකෝ හොද නරක කියලා :)


    @විසිතුරු - අහ්...!!! දසුන් ට ව්නු දේ ද?? හික්ස්ස්... පවු අනේ ඔයත් දසුන් වගේ...;) හ්ම්ම්ම්ම්ම්... ඔව් ඔව්.. ගෑණු ළමයි එහෙමනෙ..ගණන් උස්සනවනෙ..;)

    ReplyDelete
  13. @ප්‍රසංග අයියා- හි හි.. පවු තමා. මොනා කරන්නද...ඔව්වා ඔහොම තමා නේ අයියෙ??? හා හා ඉක්මණටම දාන්නම් ඉතුරු කොටසුත්...

    @ChammA අයියා- මෙයා නිකන් කියන්නෙ මම ගණන් ඉසුවා වගේනෙ..:p
    මේ කතාවක් හරිද??මේ මධූ තමා එහෙම කලේ...:/ හිකිස්ස්ස්ස්ස්.... ;)

    @ශානු අක්කි- හි හි ඔව් නෙ අක්කි හදිස්සියකටවත් සරසවියට ගියොත් නුගේගොඩට, පංති යන ළම්යින්ගෙන් පිරිලා ඉතිරිලානෙ තියෙන්නෙ.. රොටරියට ගිය කොයි කවුරුත් ඒක දන්නවා.:)
    ස්තූතියි අක්කි:)


    @මධුරංග අයියා- හ්ම්ම්ම්ම්... කතාවනම් ඇත්ත. අයියාගෙ අත්දැකීමෙන් නම් ශුවර් නෙ.;) ආයෙත් අහන්න දෙයක් නෑ...:p
    රණ්ඩුවක් වෙලා යාළු වුනාම ඉතින් කලින්ට වඩා ලෙංගතුයි නෙ.. ඒකත් ඇත්ත.:)
    අපි බලමුකෝ.. දසුන් මධූ ට සමාව දෙයිද කියලා:)

    @නිසුපා අක්කා- හික්ස්ස්ස්ස්... ඒකනෙ.. බයටම සිද්ධ වුනු දෙයක්නෙ...නැත්තම් කොල්ලොන්ගෙන් බයිට් ව්එන්න වෙන්නෙ කෙල්ලටනෙ..පවුනෙ අනේ එයත් එතකොට..;)

    ReplyDelete
  14. මම ඊයේ ‍කොමන්ට් එක එහෙම ලිව්වට. මං හිතුවේ මෙයා මාර ගොඩක් කතාව ලියලනේ කියලා. එච්චර ගොඩාක් තියෙනවා කියලා හිතුනා. කියවගෙන යද්දි නම් කතාව ඉවර වුනා ඉක්මනටම එච්චරම ලස්සනයි.

    අදහස් ගලපන විදිහ හොදයි. ඒත් ඇයි දසුන් සරසවි එකට ගියේ. මට දැන් තියෙන ප්‍රශ්නය ඒක ඔයාට නිකමට එයාගෙන් ඒක අහල කියන්න පුළුවන්ද ....:P

    අඩුපාඩු කම් නම් ගොඩයි. ඒත් ඉතිං හිත නරක් කරගනියි ඕවා කිව්වොත්. :D සමනල්ලු කොහොමටත් මල් වටේ කැරකෙනව තමයි. ඒත් ඉතිං වෙනදට නම් ඕවා පේන එකක් යෑ.

    එහෙම ආව එක හොදයි. නැත්නම් නිකම් පුදපු ගමන් කාපී යකා කිව්වලු වගේ තියෙයි. ආදරේ වෙනුවෙන් පොඩි කට්ටක් කෑවට කමක් නෑනේ. ඉතිරි ටිකත් ලියන්න ඉක්මනට. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. :/

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ගොඩක් නම් ලිව්වා.. කියවන්න අමාරුද කියලනම් දන්නෙ නෑ...හි හි... ස්තූතියි හුගාක් අයියේ..
    දසුන් සරසවියට ගියේ ඇයි කියලා , මධූවත් දන්නෙ නැතිවැති.. :p

    අඩුපාඩු හොද නරක, ඔක්කොම කියන්න. ගල් මුල් යෝජනා චෝදනා සියල්ල විවෘතයි.:) :)
    හ්ම්ම් හ්ම්ම්ම්.... බලමුකෝ අපි... ඉතුරු කොටසුත්. මොකද වෙන්නෙ කියලා..:)
    ස්තූතියි ගොඩාක්. ජය වේවා..!!!!

    ReplyDelete
  16. අහුවේන්න එපා ඔවට හලිද (මායම්) . . .
    අන්තිමත් බලමුකෝ...මොකද වේන්නේ කියලා . .

    ReplyDelete
  17. හිතුවක්කාරිගෙ හිතේ අකුරු අමුණන පළවෙනි වතාව.. තටු බිඳුණු සමනළී ගැන මේ මුල ඉදන් කියවන් ඇවිත් නැවතුන තැන... හප්පේ දසුනුත් ඇස්.එම්.ඇස් එකක් එව්වැයි.. :D ඉතිරියත් දානකල් බලාගෙන ඉන්නවා.. :) දිගටම ලියන්න දිරි ඔබට සොයුරිය..!!!

    ReplyDelete
  18. @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙- හික්ස්ස්ස්ස්... කාගෙ මායම්ද?? මධූගෙ ද??? ;) හා හා බලමුකො

    @නන්දු- ම්ම්ම්ම්... ස්තූතියි මෙහාට ආවට යාලු.:)ඔව් ඔව්.. ඉතිරියත් කියවන්න එකතු වෙන්න..:)

    ReplyDelete
  19. මරු මරු. කෙල්ලෝ මෙහෙම්මමයි ඇතිතරම් වැරදි කරලා පස්සේ සොරි කියනවා... මම හිතන්නේ හැටියක්ද මන්දා. අනිත් කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වෙමු...

    ReplyDelete
  20. හෆ්ෆෝයි...!!! කෙල්ලො විතරක් නෙවෙයි.. වැඅර්දි හැමෝම අතින් වෙනවා...

    ReplyDelete
  21. හැමදේම ලස්සනට වෙනවා. දිව්ව එකමයි හොඳ...

    ReplyDelete
  22. හි හි.... හ්ම්ම්ම්ම්ම්ම්... බලමු අපි..

    ReplyDelete
  23. නියමයි හිතූ....ඔයා කොහොමද මෙච්චර ලස්සනට කතාව ලියන්නේ??
    හරිම අහිංසක ආදරයක්..මාත් හරිම ආදරෙයි මගේ අහිංසක ආදරේට...
    කාටවත් කරදයක් නැතුව අපේ පාඩුවේ නිදහසේ ඔය වගේ හිතෙන් හරි ආදරේ කරන්න තියේනම් ජිවිතේ හරි ලස්සනයි...

    'අහිංසකය සමාව දුන්නනේ???'

    ReplyDelete
  24. හි හි... ස්තූතියි සහෝ... ඔයාට මොකක් කියලා කියන්නද මන්දා.. අයියා කියන්නත් බෑනෙ..:p
    ම්ම්ම්ම්ම්ම්ම්.... මම මට හිතෙන විදියට ලියන්වා.. ලස්සනද කැතද දන්නෙ නෑ... ඔයාලා තමා ඒක කියන්නෙ.:)
    ඔව්.. ආදරේ අහිංසක වෙන තරමට සුන්දරයිනෙ..

    ඊළග කොටසෙ ඇති...;) සමාව දුන්නද නැද්ද කියලා..:)

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. 8 වෙනි කොටසට දාන්න ඕන කමෙන්ට් එකක් මට වැරදිලා මෙතන දැම්මා.ඒ නිසා මම ම ඒක අයින් කළා..:)

    ReplyDelete
  27. අහ් ඒකට කමක් නෑ... අපි බලමු.. :)

    ReplyDelete
  28. අනේ... නෑ.. එයා ඒවී...එන්න ඕනෙ එයා... කොහොමද එයා නෑවිත් ඉන්නෙ."

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....