නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 September 2011

තටු සිඳුනු සමනළී - 8 වන කොටස

මෙදා සැරේ නම් ඔන්න ඩිංගක් විතර මම ප්‍රමාදයි... සමාවෙන්න ඕනෙ ඒකට. හිතූ මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ . ඔන්න ඉතින් අද කතාවෙ 8 වෙනි කොටස දැම්මා. කියවලා හොඳ, නරක, අඩුපාඩු කියන්න. ගල් මුල්, මල් ඕන එකක් භාරගන්නවා. ;) ඉතිරිය ලියන්න ඒ අදහස් ශක්තියක් වෙයි.. කියවන්න කම්මැළියි වගේනම් ඒත් කියන්න.....

මුල කොටස් කියවපු නැති අයටයි, කතාවෙ මුල අමතක වුනු අයටයි, මෙන්න මුල් කොටස් ටික........

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7

අද එතැන් සිට.............
------------------------------------------------------------------------------------------------------------

ජීවිතේ සමහර දේවල් සිද්ධ වෙන්නෙ හරිම පුදුම විදියට. හිතන්නෙවත් නැති මොහොතක, එක තත්පරයකින්, එක ඇසි පිය හෙලන ක්ෂණිකයෙන් ජීවිතේ සමහර දේවල් වෙනස් වෙනවා.සිතුවිලි වෙනස් වෙනවා.සමහර වෙලාවලදි අපි හිතන දේ නෙවෙයි කරන්නෙ. අද වුනෙත් එහෙමයි. මට දසුන් ළගඳි කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වුනා.එයා ළගඳි මම කලබල වුනු තරමට , මම දුවගෙන ආවෙ හිතන්නෙවත් නැතිවයි. කාලය සමහර දේවල් වෙනස් කරන්නෙ මහා පුදුමාකාර විදියටයි.

"ෂිහ්....!!!! මගේ ගොන් කම. දසුන්ගෙන් තවමත් රිප්ලයි එකක් නෑ හසී....අනේ එයා තරහ වෙලා ඇති."

මට ඇඬුනා ද, ඇඬෙන්න ගියාද, මම දන්නෙ නෑ. ඒත් මට එහෙම කියවුනේ හිතේ පතුලෙන්ම ආපු ගින්දරත් එක්ක, ඉවසගෙන ඉන්න බැරිම තැනයි.

"අනේ මෝඩි..!! දැන් අඬන්නෙ නැතිව හිටපිය. හැමදේම වෙන්නෙ හොඳටයි කෙල්ලෙ.උඹ එහෙම ආව එක හොදයි කියලත් මට දැන් හිතෙනවා. ටිකක් ගණන් උස්සන එක හොදයිනෙ."

"අනේ හසී.. ඒත් එයා යාළුවොන්ගෙන් හොදටම බයිට් වෙලා නම් එහෙම? "

"හ්ම්ම්ම්..... එහෙමනම් වෙන්න බැරිකමක් නෑ  බං. දන්නෙ නැද්ද කොල්ලොන්ගෙ හැටි.උන්ට ඔහොම දෙයක් වුනාම ඉතින් , ඕක ඇති කොල්ලෙක්ව නැති  වෙන්නම බයිට් කරන්න."

"හයියෝ.. හසී.. දැන් මොකද කරන්නෙ?"

කම්මුල් රතු වෙලා, ඇස් වලට කඳුළු උනද්දි, මම වෙවුලන කටහඬින් හසීගෙන් ඇහුවෙ දසුන්ගෙන් පිළිතුරක් තවමත් නැති තැනයි.

"කරන්න දෙයක් නෑ... අපි එහෙම වුනොත් හවසට දසුන් එක්ක කතා කරමුකෝ. දැන් කලබල නොවී ඉන්නකෝ හොද කෙල්ල වගේ."

ඔය අතරේදි මම බලාපොරොත්තුවෙන් උන්නු SMS එක ආවා.

"It's Ok madhu...... mama tharaha naa.eth aayeth maawa dakkahama duwanna epaa.dan clz eke wada karanna.dnt wry. ok"

දසුන් එවලා තිබූනේ එච්චරයි.මට සතුට දරාගන්න බැරිවුනා.

" පවු ඒ අසරණයා. මෙච්චරට අහිංසක හිතක් නෙ මම මග දාලා දුවගෙන ආවෙ.ආයෙත්නම් එහෙම කරන්නෙ නෑ මං"
මගේ හිත ඇතුලෙන් මම පසු තැවුනා.

"දෙයියනේ.... දසුන්... එයා තරහා නෑලූ..දසුන් තරහා නෑලු හසී..එයා තරහ නෑලූ.."

මම හිතේ තිබ්බ සංතෝසෙ වචන වලට පෙරළුවෙ පුදුම සද්දෙකින්... ඒ හඬ ආවෙ හදවතින්මයි..

"හා හා කෑ ගහන්නෙපා.සර් ට ඇහුනොත් අපිව එළියටම දායි.දැන් හරි නෙ..දැන්වත් වැඩක් කරන්න මධූ..."

"ඔව්. දසුනුත් එවල තිබ්බා, දැන් වැඩ කරන්න, එයා තරහා නෑ.. ඒත් එයාව දැක්කහම දුවන්න එපා කියලා."

"හ්ම්ම්ම් ... එහෙමද?? මේකිට ඉතින් අපි කිව්වට වැඩක් නෑනෙ නිශා... දසුන් කිව්වාහම තමා අහන්නෙ."

"හයියෝ... නෑ නෑ.. හසී... ඔන්න ඉතින්...."

"හරි හරි.. දැන් ගණන් හදමු.. පස්සෙ කතා කරමු ඕවා ගැන."

හසී මායි නිශායි සියලු අතුරු කතා අමතක කරලා වැඩේට බැස්සා. පංතියට ආපු කාරණේ කරගන්න ඕන නිසා. වැඩ ටික උනන්දුවෙන් කරන්න උත්සාහ කළා. මොන දෙයක් සිද්ධ වුනත් ඉගෙනීම කියන දේ අතපසු කරගන්න හොද නෑ කියන එක පුංචි කාලෙ ඉදන් දැනන් උන්නු දෙයක් නිසාත්, අමාරුවෙන් හරි හිත හදාගෙන "ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ  තකා " කියලා දිගටම හොදින් වැඩ කරගෙන පංතියෙ දවස ගෙව්වා.
------------------------------------------------------------------------------------------------------------

කාලය ඉක්මණටම ගත වෙලා,හවස පංතිය ඉවර වුනා.,මමයි හසීයි නිශායි, කෞශියි හිමින් හිමින් පංතියෙන් එළියට ආවා. දසුන් නම් පේන්න හිටියෙ නෑ.. මම ඒ දිළිසෙන ඇස් හෙව්වත් මට මුණගැහුනේ නෑ..හිත චුට්ටක් විතර චංචල වුනා.දසුන් ආයෙමත් මගේ ඉසරහට නෑවිත් ඉදීවිද මංදා.අද වුනු දේ නිසා එයා එහෙම දෙයක් කළත් සාධාරණයි.එහෙම වුනොත් මම එයා එක්ක කතා කරනවා, නැත්තම් කෝල් එකක් දීලා හරි අද වුනු දේ ගැන හොදටම පැහැදිලි කරනවා. එයා තේරුම් ගනීවි.ඒත් දසුන් එළියට යනව මම දැක්කෙ නැත්තෙ ඇයි...

"කොහෙ ගියාද මෙයා මගේ ඇස් වලින් හැංගිලා?"

මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ ඒක.

"මොනාද බං උඹ මේ ඉස්සි ඉස්සි බලන්නෙ?"

"වෙන මොනාද හසී.. මෙයා ඉතින් මේ හොයන්නෙ ප්‍රිය දසුන වෙන්න ඇති"

සද්දයක් නැතිව අහිංසකී වගේ හිටියට මොකද කෞශිත් මෙහෙම වෙලාවටමයි හොද හොද කතා කියන්නෙ.

"ඔව් ඔව් ඔව්. මෙයා මෙහෙම ඉස්සි ඉස්සි දසුන්ව හොයනවා එයාගෙ අර මැටි යාළුවො ටික දක්කොත් නම්.... ශුවර් එකටම උන් කියනවා මෙහෙම......"

"කොහොමද?කියපන් බලන්න"

කට ඇද කරලා මමත් නිශා ගෙන් එහෙම ඇහුවෙ , එවේලේ හිතේ තිබ්බ හිතුවක්කර කමට වගේ.

"අහ් උන් කියයි..... වංගු වංගු ගලන කොටයි ගගක් ලස්සන.... ඉස්සි ඉස්සි බලන කොටයි මධූ ලස්සන...... කියලා"

නිශාගෙ කතාවට හසී, කෞශී මහ හයියෙන් හිනා වුනා.ඒ කතවටනම් මටත් හිනා නොවී ඉන්න බැරි වුනා.

"අනේ නිශා උඹටනම් ඔව්වා කොහෙන් කටට එනවද මන්දා....මම කවදත් ලස්සනයි හරිද කෙල්ලෙ..??"

"හරි හරි.. අපි නෑ කිව්වෙ නෑනෙ..."

අපි හිමින් හිමින් රොටරියෙ ගේට්ටුව ළගට්ත් ඇවිත්....දසුන් නම් පේන්නවත් නෑ... මගේ හිත දුකින් පිරිලා ගියා.වෙනදට නම් අපේ පිටිපස්සෙන් යාළුවො කට්ටියත් එක්ක නුගේගොඩ හන්දියට යනකම් එනව.ඊටපස්සෙ  තාරුකයි දසුනුයි කොහුවලට යනකම් ම අපේ පිටිපස්සෙන්ම එනවා. ඒත් අද...... අද පේන්නවත් නෑ එයා. අද වුනු දේ නිසා ලැජ්ජාවට යන්න ඇති එයා.කමක් නෑ.. ගෙදර ගිහින් කථා කරලම බලනවා.
                                                                                                           

" ඒයි මධූ.. අන්න දසුන්....."

අපි රොටරියෙ ඉදන් ඇවිත්, සමුද්‍ර දේවි එක ළගින් හැරෙද්දිම නිශා බෙරිහන් දුන්නා.

මගේ ඉහේ මලක් පිපුනා.හිත පුරාම ඉතිරිලා ගියේ කියන්න බැරිතරම් සතුටක්.

"අහ් තාරුකයි, දසුනුයි විතරයි ඉන්නෙ.අනිත් එවුන් නෑ... ලොකු දෙයක්..."

කෞශි කිව්වෙ දසුන් එක්ක තාරුකත් ඈතින් හිටගෙන ඉන්න හැටි දැකලයි.

"ඕං මම දැන්මම කිව්වා දසුන් ළගට ඇවිත් කතා කලොත් එහෙම කතා කරපන් හරිද?බහු බූතයෙක් දැක්කා වගේ දුවන්නෙ නැතිව.අන්තිමට අඬන්න ගත්තහම අපිටනෙ නළවන්න වෙන්නෙ"

හසී මගේ කනට ළං කරලා කිව්වෙ සැරෙන් වගේ වුනත් විහිළුවටයි.

අපි ටිකින් ටික දසුනුයි තාරුකයි ඉන්න හරියට ළං වෙද්දිම, දසුන් හරිම අහිංසක විදියට මගේ දිහා බලලා යන්තමට හිනා වුනා.ඒත් ඒ හිනාවෙ, "මෙයා මාත් එක්ක හිනා වෙයිද දන්නෙ නෑ " වගේ කතාවක් ලියවිලා තිබුණා කියලයි මට හිතුනේ. මමත් දසුන් එක්ක හිනා වුනේ අවංකව, හදවතින්මයි.

"මොකෝ මේ අද කට්ටිය හිමින් හිමින් ගාටන්නෙ?"

තාරුක අපි ළගට එද්දිම කෞශිගෙන් ඇහුවෙ අපි දිහාවටත් හිනා බැල්මක් දාල.

"අපි කවදත් හිමින් තමා ආවෙ.ඔයාල මෙතනට ඉක්මණට ඇවිත් බලන් හිටියෙ කවුරු එනකම්ද?"

"අහ්.. අපි මේ මෙතන හිටගෙන හිටියා නිකමට වගේ..පොඩි පරීක්ෂණයක් කරල බලන්න."

" ඒ මොකක්ද අනේ ඒ?"

කෞෂී, හසී, නිශා, තාරුක හිනා වෙවී කියවනවා.මමයි දසුනුයි කතාවක් නැතිව හිමින් හිමින් අනිත් අයත් එක්ක ඇවිදගෙන ගියා.ඒත් ඒ මොහොතට කටින් කතා නොකරපු හුගාක් දේවල් අපි, ඇස් වලින් කතා කලා.

"මේ අපේ දසුන් ව දැක්කහම මිනිස්සු බය වෙලා දුවනවද බලන්නයි අපි හිටගෙන බලන් හිටියෙ මෙතන"

තාරුක නොකියා කිව්වෙ මම අද දවල් දසුන්ව දැකලා දිව්ව එකට කියලා මට හොදටම තේරුණා.ඒ කතාවට හැමෝම මගේ දිහා බලලා හිනා වුනා. මම හසීට රැව්වෙ,"මුන් ටිකටත් මාවම නෙ බයිට් කරන්න ඕනෙ." කියන්න වගේ.                                                          

ටිකින් ටික ඇවිදගෙන යද්දි, තරුකත්, හසීත්, නිශාත්, කෞශිත් මාවයි දසුන්වයි තනි කරලා ඉස්සර වුනා.අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත දසුන් හිමින් මට ළං වුනා.ටිකක් ඈතින් වගේ ඇවිදන් ආපු දසුන් මගේ ළගින්ම ඇවිදගෙන ආවා.දසුන් මොනවත් කියන්න කට අරින්න කළින්ම මම ඉස්සර වුනේ, මගේ වරද නිසායි.

     
"මට සමාවෙන්න දසුන්.මම හිතා මතා ම ඔයාව දාල කතා නොකර දිව්වා නෙවෙයි."

"හරි මධූ... ඒකට කමක් නෑ....අපේ උන්ගෙ කටවල් දන්නෙ නැද්ද?"

"එයාල ඔයාව බයිට් කළාද? අනේ මං හින්දා ඔයා නිකන් කතා අහගත්තා නේද?"

" මම නම් කමක් නෑ මධූ.. ඔයා එතන හිටියානම් ඔයාටත් එක එක ඒවා කියාවි.මටනම් ගාණක් නෑ.. පුරුදුයිනෙ.කොල්ලො එහෙමයි ඒත් ඔයාට ඒවා දරාගන්න බෑනෙ. ඉතින් ගිය එක හොදයි"

" දෙයියනේ....මං නිසා ඔයා ........... අනේ ඔයා පවු....."

මම අමාරුවෙන් කෙළ ටිකක් ගිලගෙන වචන ගලපගත්තෙ පුදුම කලබලෙන්..

" නෑ... මධූ... එහෙම ගාණක් නෑ... උන් ටික මගේ ෆිට් එක. බයිට් කරද්දි ඉතින් එහෙම තමා. ගාණක් නෑ...මට චුට්ටක් නෝන්ඩි වුනාට කමක් නෑ... ඔයා වෙනුවෙන් ඕනෙ දෙයක්.."

"ඔයා වෙනුවෙන් ඕනෙ දෙයක්" මම හිතින් ඒ වචන ටික ආයෙමත් කියෙව්වා.මේ කියවෙන්නෙ ආදරේ මුල් අකුරු නෙවෙයිද?? හැම දෙයක්ම වෙන්නෙ හොදට කියලා කියන්නෙත් ඇත්තක් තමයි.අද සිද්ධ වුනු දේ නිසා, දසුන් මට තවත් ළං වුනා. මට ඒ හිත තවත් ළගින්ම දැනුණා.

"මොනාද කල්පනා කරන්නෙ?"

"මුකුත් නෑ.. දසුන්.. කෝ අද අනිත් යාළුවො ටික ඉතින්??"

"එයාලා 138 බස් ගන්න අනිත් පැත්තෙන් ගියා . අද අපිට එකම බස් එකේ යන්න පුළුවන් නේද"

"හ්ම්ම්ම්..... ඔව්.. ඔයා මගින් බහිනවනේ?"

"ඔව්.. ඕන්නම් මම එන්නම් ඔයාව ගෙදරටම දාන්න"

"අම්මෝ... ඔයාට පිස්සුද දසුන්?? මට ගෙදරට යන්න පුළුවන්.."

"හා හා.. කෙල්ල බය වුනා නේද මං එයි කියලා? මම නිකන් ළමයෝ කිව්වෙ"

අපි දෙන්නාම හිනා වුනේ එකටමයි. අපේ හිනා සද්දෙට ඉස්සරහින් ගියපු කෞෂි, හසී, නිශා, තාරුක හැමෝම හැරිලා බැලුවා.

"අහ්.. මේ එන්නෙ ජෝඩුව, හිනා වෙවී කිරියි පැණියි වගේ.."

තාරුක කිව්වෙ හැමෝම හිනස්සවමිනුයි..අපි හුගාක් දේවල් කතා කර කර නුගේගොඩ ඉදන් කොහුවලට එනකම් ම ඇවිදගෙන ආවා. මම අනිත් විෂයන් වලට යන පංති ගැන, ඉස්කෝලෙ වැඩ ගැන  කතා කර කර අපි ආව නිසා දන්නෙම නැතිව වෙලාවත් ගිනින්.හන්දියටත් ඇවිත්. එතනින් එකම බස් එහෙකට නැගගත්ත අපිට යන්න වුනේ හිටගෙනයි.නැග ගත්තෙ CTB එහෙකට නිසා ටිකට් ගන්න වුනේ නෑ අපිට. සීසන් එකේ පිහිටෙන් අපි සංතෝසෙන් ගියා.තාරුකයි, දසුනුයි විතරක් එයාලට ටිකට් ගත්තා.බස් එක ඇතුලෙදිත් ඔහේ කියව කියව ගිය අපිට දසුන් බහිද්දි අපේ කතාව නවත්තන්න වුනා. තාරුක දසුන් ට කලින්ම බැස්සා.දසුන් බහින්න ළං වෙද්දි මට මොකක්දෝ මන්දා අමුතු දුකක්, පාළුවක් හිතට දැනුණා.

"අනේ මට ඔයාව දාල යන්න බෑ " කියන්න වගේ බැල්මක් ඒ ඇස් වලත් තිබුණා.ඒත් කියාගන්න බැරි දාහක් දේවල් හිතේ හිරකරගෙන වගේ දිග හුස්මක් අරන් දසුන් කතා කළා.

"මං එහෙනම් ඉසරහින් බහිනවා මධූ... ඔයා පරිස්සමට යාළුවො ටිකත් එක්ක ගෙදර යන්න. ගිහින් මට SMS එකක් එවන්න පුළූවන් නම්."

"හ්ම්ම්ම්.. ඔයත් පරිස්සමින් යන්න දසුන්.බුදුසරණයි..."

මටත්, හසීලටත්, යන්නම් කිව්ව දසුන් බස් එකෙන් බැහැගත්තා. ඒත් ඒ හිත නම් තිබුණෙ මං ළග.ඇස් වලින් කියපු ඒ කතාවෙ තිබුණෙ හරිම සොඳුරු දුකක්.......මගේ හිත පුරාම හීන් සැරේ අඳිලා ගියේ ඒ දුකේම කොටසක්.....

------------------------------------------------------------------------------------------------------------
මගේ හිත හිමිහිට හොරෙන් පිරිමැද
නුඹ සිත්තම් කරපු මේ සිත්තම
දේදුනු පාට තවරා මා හැඩ කළ
දකින්න ආසයි සැමදාමත් ඇස් අද්දර........

හිත පුරා පිරුණු මේ අරුමැති සෙනෙහස
සගවා ගනු කෙලෙසකද ලොවෙන්  මම
නුඹටත් හොරා මා ගෙත්තම් කළ කවිය
කියවා බලන්නට ආසයි නුඹගෙ ළග.......


කාලය ගෙවුනේ හරිම ඉක්මණට. මම දසුන්ට ත්, දසුන් මටත්, ළං වුනේ හරි පුදුම විදියට. ගෙදර දුවන් ආව ගමන් දින පොත අරන් කුරුටු ගාපු අකුරු ටික දිනේ දාලා ලියලා තිබ්බෙ හිතේ තිබුණු සංතෝසෙටත් එක්කමයි.අද දවස පුරාම සිද්ධ වුනු සිදුවිම් එකින් එක, චිත්‍රයක් වගේ හිතේ මවාගෙන, දිනපොතත් දිග හැරගෙන මම කල්පනා කළා.

මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ එතකොටමයි......ගෙදර ආපු ගමන් කරන්න තිබුණෙ දිනපොත කුරුටු ගාන එක නෙවෙයි කියලා මට මතක් වුනේ ඒවෙලාවෙයි.

"හයියෝ............!!!!!! !!!!!!!!"

------------------------------------------------------------------------------------------------------------
ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............



9 වෙනි කොටසට....

Post Comment

20 comments:

  1. ආ ඔය යන්නේ හිතු යි දසුනුයි ඩබල් දාලා..ආ නෑ නෑ ෂික් අදත් වැරදුනා නේ, මධුයි , දසුනුයි ඩබල් දාලා.. ;) ;)

    ReplyDelete
  2. ඉතිරි කොටසත් කියවන්න අනිවාර්යයෙන් බලාගෙන ඉන්නවා හිතූ‍‍... :)

    ReplyDelete
  3. ලස්සනයි හිතු කතාව . ගොඩක්කම පොඩ්ඩක් පරක්කු උනා නේ. ජීවිතේට ආදරේ ලැබෙන්න ඕන ලස්සනට. එක දසුන්ටයි මධුටයි නොවඩුව ලැබෙයි කියල හිතනවා.. ජය

    ReplyDelete
  4. ඩබල් දාලා.... හී හී...
    ඉතුරු ටිකත් දාන්න මරු...................

    ReplyDelete
  5. හරි හරි ඔය නැගලා යන්නේ ආදර අන්දරය! ඩබල් දාලත් ගියා එහෙනම්.. නියමයි

    ReplyDelete
  6. කවද්ද දන්නේ නෑ හිතූයි (මධුයි) අර අහිංසක කොල්ලා දසුනුයි පංති ඇරිලා එකට ගියේ. මාත් දවසක් ඔය රොටරිය පැත්තේ ගියා. මට හම්බ උනේ නෑනේ.

    හම්බ උනා නම් බයිට් කරන්නවත් තිබ්බා. කතාව ලස්සනයි හිතුවක්කාරි නංගි. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.

    මොකෝ අර කෙල්ල ඒ තරමටම දුක් වෙන්නේ. කොල්ලා එහෙම තරහා වෙන්නේ නෑනේ.

    ReplyDelete
  7. @ChammA අයියා- ග්‍ර්ර්ර්ර්ර්ර්ර්..... දැන් නම් ඔය වැරදෙන ලෙඩේට බේත් ගන්න වෙයි...:p හික්ස්ස්......:)))

    @නන්දු - ස්තූතියි යාලු.... ඉතිරි ටිකත් ඉක්මණටම දාන්නම්කො..:)


    @N N K- ම්ම්ම්ම්ම්.... ස්තූතියි සහෝ... ටිකක් පරක්කු වුනා. ම්ම්... අපි බලමුකෝ.. මධූට එයාගෙ ආදරේ හැමදාටම අයිති කරගන්න ලබෙයිද කියලා..:)


    @රහස් පරික්ෂකයා - හික් හික්.... ස්තූතියි සහෝ.... :D


    @විසිතුරු - හික්ස්ස්... ආදර අන්දරයක් වුනේම නෑ තව... ඉස්සරහට බලමුකෝ...;)


    මධූරංග අයියා- ම්ම්ම්ම්ම්.... අයියාටත් chammA අයියාගෙ ලෙඩේ...:p හිතූ වයි මධූ වයි ටැපළිලා..;)
    ම්ම්ම්ම්.... අයියා ගිය දවසෙ එයාලව හම්බුනේ නැත්තෙ වෙලාවට..;) නැත්තම් ඉවරයි...
    කෙල්ලො එහෙම තමා.. ආදරේදි බොළඳයි, අහිංසකයි, බයයි...

    ReplyDelete
  8. ලස්සන ගලා යෑමක් තියෙන කතාවක්....
    ඉතුරු ටිකත් ඉක්මණ ට ලියන්න හිතූ......

    ReplyDelete
  9. පිස්සු හැදෙන අදර කතාවක්නේ..දෙන්නටම ඒක පාරට ඔය වගේ ආදරයක් හිතේ ඇති උන ඒක හරි පුදුමයි වගේ...
    හැමදාම වගේ අදත් ලස්සනයි හිතූ......
    ඕන ඔට්ටුවක් මධු කියන්නේ ඔයා තමයි..!!!

    ReplyDelete
  10. කතාව ලස්සනට ගලාගෙන යනවා අක්කියෝ.......
    ඉතුරු කොටසුත් ඉක්මනට දාන්න............:)

    ( අක්කා කීවට ඔයත් මගේ වයසෙද දන්නේ නෑ :) )

    ReplyDelete
  11. @මහී- ස්තූතියි මහී... ඉතිරියත් ඉක්මණටම ලියන්නම්කෝ...

    @ගිනි කුරුල්ලා - හ්ම්ම්ම්... එහෙම ආදර කතා ඕනෙ තරම් මේ අහස යට තියන්වා..:)
    හෆ්ෆෝයි...!!! ඔන්න ඔයත් හැමදාමත් වගේ.. හිතූ= මධූ ලූ...:D


    @සුදු මැණිකේ- අහ්... තැන්කූ තැන්කූ සුදූ.....ඉක්මණින් ඉතිරියත් ලියන්නම්....

    ම්ම්ම්.... මට 21 යි නෙ වයස...;) ඔයා අක්කියෙක්ද, නංගියෙක්ද දන්නෙ නෑ....

    ReplyDelete
  12. සමාවෙන්න මෙහෙම කියනවට නමුත් අවසානේ මොනවා වෙයිද කියල මට නිකමට හිතෙනවා.. ලෝකේ කොතනකවත් ඇත්ත ආදරයක් ජයගත්තා වෙලාවක් ප්‍රසිද්ද වෙලා තියනවද මම නිකමට ඇහුවේ. දන්නවනම් කියන්න.. කොහොම උනත් කතාව ආසාවෙන් කියවනවා

    ReplyDelete
  13. ම්ම්ම්ම්ම්ම්... එක එක්කෙනා හිතන හැටි වෙනස්..:) ඔයා හිතන විදිය හරි වෙන්නත් පුළුවන්...අපි බලමු...
    ඇත්ත ආදරේ ජයගත්ත තැන් තියන්වා..:) ස්තූතියි යාලු..

    ReplyDelete
  14. මට 20 යි අක්කියෝ. එහෙනම් ඔයා අක්කා තමයි......:-)

    ReplyDelete
  15. අහ් හා.. එහෙනම් ඔයා නංගියා තම.. හලෝ සුදු නංගී...;) :*

    ReplyDelete
  16. අනේ මම පරක්කු වුනා වැඩිද මන්දා.. හ්ම්ම්,... නියමයි නංගියෝ,, හරිම ලස්සනට කථාව ගලාගෙන යනවා...

    දසුන්.. ඒ අහිංසක කොල්ලත් ඉවරයි වගේ.. :D

    ReplyDelete
  17. අහ්හ්.. අක්කි අපිටත් හොරෙන් ට්‍රිප් ගිහින් නේ??? :( කමක් නෑ.. දැන් ඇවිත් නේ?? හි හි.. ස්තූතියි අක්කියෝ...:)

    බලමුකෝ අහිංසක කොල්ලාගෙ අහිංසක කම..;)

    ReplyDelete
  18. මං තටු සිඳුණු සමනලී bookmark එකකටත් ඇඩ් කරගෙන හිටියේ , සම්පුර්ණ කතාවම කියවන්න. ඒත් ඒක හරියන වැඩක් නෙමෙයි කියල හිතුණා. මං කතාව කියෙව්වා හිතුවක්කාරී.. ලස්සනයි... :D
    ඉතුරු කොටස ඉක්මනින්ම දාන්න.. මං හිතන්නේ දැන් තමයි හරියටම කතාව පටන් ගන්නේ.

    ReplyDelete
  19. හ්ම්... මුල ඉදලම කතාව එක හුස්මට කියවාගෙන ගියා.ඇත්තටම ලස්සන කතාව.ඒත් මට හිතාගන්න බෑ මේ කතාවට " තටු සිදුනු සමනලී " කියලා දැම්මෙ ඇයි කියලා ? මේ අහිංසක සමනලීගෙ තටු ගලවන්නද,හිතුවක්කාරි හදන්නේ...? :). මම අදනේ කතාව මුල ඉදන්ම කියවගෙන ආවෙ මේ එතකොට මට හිතුන දෙයක්,දැනට ඔයා ලියලා තියන කොටස්වල අන්තිමට, කතාවෙ ඊලග කොටසට යන්න ලින්ක් එකක් දැම්මානම් හොදයි නේද ? එහෙම කලානම් රසවිදීමට බාධාවක් නැතුවම එක දිගටම කියවගෙන යන්න පුලුවන්.එහෙනම් ඊලග කොටසත් ඉක්මනටම දාන්න.මේක ලස්සන ආදර කතාවක් වෙයි කියලා මම හිතනවා..:)

    ReplyDelete
  20. @Ice (අයේෂා කුලතුංග) - හි හි...ඔයා ෆලෝ කලානෙ. ඉතින් දැන් දිගටම කියවන්න පුලුවන්. මම ඊළග කොටසත් ඉක්මණටම ලියන්නම්.. ස්තූතියි හුගාක්..

    @ද HUMAN-හ්ම්ම්ම්.... ස්තූථියි සහෝ...:) තටු සිඳුනු සමනළී කියලා දාන්න හේතුවක් තියනවා.අපි බලමුකෝ....

    මේකනෙ යාලූ මම කතාව ලියන්නෙ කොටසින් කොටසනෙ. එහෙම ඊළග කොටසෙ ලින්ක් එක දාන්න ඕනෙ ඔයාල වගේ මුල ඉදන්ම කියවගෙන එන අයට වැදගත් ව්එන්න තමයි. මොකද අනිත් අය මුල කියවලා ඊළග කොටස කියවන්න නෙ ඉන්නෙ. හැබැයි අදහසත් හොදයි. මම එහෙම කරන්න බලන්නම්.දවසින් දවස ලියද්දි එහෙම ලින්ක් එක දාන එක ගලපෙන්නෙ නෑ වගේ නිසයි එහෙම නොකලේ.

    මොනා වුනත් අදහස් වලට, දිරිගැන්වීමට හුගාක් ස්තූතියි.. ජය වේවා..!!!

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....