නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

04 September 2011

වැස්සක් යටින්......


එදත් හයියෙන් වැස්සා....
අද වගේම , හුගාක් හයියෙන්...
ගස් කොල මහ හයියෙන් ඇඹරුනා...
අපි දෙන්නා මහ වැස්සෙ...
මගේ පුංචි කුඩේ යට
පාර මැද්දෙ තනිවෙලා උන්නා...
මතකද ඔයාට.....
හයියෙන් අකුණු ගහද්දි...
විදුලි එළි පෙනෙද්දි
මං බය වෙලා තව තවත් ඔයාටම තුරුළු වුනා....
ඔයා තෙමි තෙමි
ඒ මහා වැස්සෙන් මාව ආරක්ෂා කලා....
මතකයි මට....... 
අදත් වහිනවා එදා වගේම,
මහ හයියෙන්.....
අකුණු ගහනවා... විදුලි එළි පේනවා....
මම තනියෙන් මේ මහ වැස්ස මැද ,
එදා වගේ මගේ ළග ඔයා නෑ......
ඒත්......
එදා වගේ මම බය නෑ අද
ඔයා මගේ ළග නැති නිසා......
මේ මහ මග මං මැරුණත් ,
මට දුකක් නෑ... මට බයක් නෑ.....
මොකද මං දන්නවා,
ඔයා පරිස්සමින් කියලා....

Post Comment

22 comments:

  1. අදහසක් ලියන්නම හිතෙනව, ඒත් තේරෙන්නෙ නෑ මොනවද ලියන්න ඕනෙ කියල. ඉතින් මෙහෙම කියල නිකා ඉන්නව. :)

    ReplyDelete
  2. හි හි....:)
    ස්තූතියි අයියා. එහෙම හරි මෙහාට ආව එකත් වටිනවා... ගොඩාක් ස්තූතියි :)

    ReplyDelete
  3. මුතු කුඩ ඉහලන මල් වරුසාවේ .......කොපි කොරා නේද? කොහොම උනත් ඔය සිතුවිල්ල නම් වටිනවා...ගුඩ්.

    ReplyDelete
  4. මොකාක්??? මම කොපි කලේ නම් නෑ කොහෙන්වත්.. මගේ හිතට ආව සිතුවිල්ලක්.. නිකන්ම ලියලා දැම්ම..
    ස්තූතියි සහෝ...:)

    ReplyDelete
  5. හපොයි... ඇයි අද තෙමුණෙනෙ අනෙත්තේ.. කලින් සැරේ තිමිල වීස් එකවත් හදාගෙනද...?

    ReplyDelete
  6. මට හෙවන දෙන්න ඔබ ලඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ....

    ReplyDelete
  7. @සුළගිල්ල- වීස් එක හැදෙන්න කලින් සැරේ තෙමුණෙ නෑනෙ..:)

    @Himalaka- හ්ම්ම්ම්ම්ම්ම්ම්.... වැහි බිඳු ඒ ගැන දන්නේ නෑ...කිසිම දෙයක්.....:)

    ReplyDelete
  8. හපොයි,.. මම නොහිටපු දවස් දෙකට කථාවේ අන්තිම කොටසත් දාලා..
    හ්ම්ම්,... වැස්ස කොච්චර සුන්දර වුනත් වෙනදා එකට ගිය කුඩේ අද තනියම යන්න වෙන එක හරිම වේදනාවක් තමයි නංගෝ...
    ඒත් ඇත්තටම එයා පරෙස්සමෙන් ඉන්නව නම්..
    අනේ මන්දා...කියන්න දෙයක් තේරෙන්නේ නෑ.. ලස්සනයි..

    ReplyDelete
  9. කථාවේ අන්තිම කොටස කියන එක අනිත් කොටස කියල වෙනස් වෙන්න ඕනේ හොඳේ,,.. :)

    ReplyDelete
  10. තෙමිල හෙම්බිරිස්සාව හෙම හදා ගන්නව නෙවෙයි..:-) ලස්සනයි..දිගටම ලියන්න...

    ReplyDelete
  11. හ්ම්ම්ම් ..............
    කියවලා කල්පනා කලාට මොනවා කියන්නද? හිතාගන්න බෑ
    නියමයි, ලස්සනයි

    ReplyDelete
  12. @ප්‍රාර්ථනා අක්කි-හ්ම්ම්ම්ම්..... ඔව් කතාව ඉක්මණටම දාන්න කියලා කෑගහනවනෙ. ඒකයි දැම්මෙ.:)
    ඔව් අක්කි.. අතීතය සමහර වෙලාවට මහා වේදනාකාරී වෙනවා..:(
    ස්තූතියි අක්කිට...!!!!

    @විශ්ව- හික්ස්.... හෙම්බිරිස්සාව හැදුනොත් මොනා කරන්නද ඉතින්..;)
    ස්තූතියි අයියේ... දිගටම මට හිතෙන දේ ලියනවා..:)

    @ අම්බලම-හි හි හි... ස්තූතියි සහෝ... :) :) හිතෙන දැනෙන දේ ලිව්වා.. එච්චරයි..

    ReplyDelete
  13. මහා මග ඔයා මැරුණම එයාට දුක හිතෙන්නේ නැහැයි කියලා ඔයාට හිතෙනවද හිතුවක්කාරී නංගි?
    මට නම් හිතෙන්නේ එයාට දුක හිතෙයි. එයා ඔයාට ඇත්තටම ආදරේ කළා නම්.....
    මොකෝ එකපාරටම මෙහෙම සිතුවිල්ලක් පහල උනේ ? සිතුවිල්ල කෙසේ වෙතත් ලස්සන කවියක්. හික්ස්.... :)

    ReplyDelete
  14. ම්ම්ම්ම්ම්ම්...... ඒකනම් දන්නෙ නෑ.. ඒත් එයට දුක හිතේවි...මනුස්සයෙක්නෙ...:)
    ටිකක් කල් ලියලා.. නිකන් හිතුන දාන්න ඕනෙ කියලා... අයියා මට හිනා වෙනවා :p
    ස්තූථියි කිව්වා ඕං..!!!!

    ReplyDelete
  15. මම් හිනා උනේ නෑ.
    කවිය ලස්සනයි කියලා විතරයි හලෝ. කිව්වේ. කෙනෙකුගේ දුකකදි හිනා වෙන්න හොද නෑ. අපේ අම්මා මට කියලා දීලා තියෙනවා.

    ReplyDelete
  16. වැස්සත් ආදරයත් අතර
    සුන්දරත්වයක් වාගෙම
    සැගවුන ගුප්ත බවක් තියනවා
    ගැඹුරින් හිතුවොත්
    අන්න ඒකට
    කලකිරීම කියනවා....

    ReplyDelete
  17. @මධුරංග අයියා- හෆ්ෆෝයි...!!! මමත් නිකමටනෙ අයියා කිව්වෙ..:) අයියා එහෙම හිනා වෙයිද මේ හිතූ හගාට..;)

    @ලොකු ජෝන්- ම්ම්ම්ම්..... ඔව්... ගැඹුරු කතාවක් තියෙන්නෙ එතන.... ආදරේදි කොහොමත් කළකිරීම් ස්වභාවිකයිනෙ..:)
    ස්තූතියි මෙහාට ආවට:)

    ReplyDelete
  18. ඕනෙම දෙයක් ගැන ඕනේවට වඩා නොහිතන්න..ඉන්න ටිකේ සතුටින් ඉන්න,හරිම සිම්පල් ප්ලෑන් එකක්නේ..(ඔය කිව්වට කොරන්ට බැරි එකනේ අවුල :-))

    ReplyDelete
  19. හරි ලස්සන අදහස්. ඒකතමයි නියම ආදරේ නේද? අපිට මොනා උනත් කමක් නෑ කියලා හිතෙනවා ඔහු පරිස්සමින්නම් ..
    නියම ආදරවන්තියකගේ ලක්ෂණ........

    ReplyDelete
  20. @විශ්ව- ම්ම්ම්.... ඔව් ඔව්.. කියන්න හිතන්න හරිම ලේසියි... ඒත් කරන්න තමා අමාරු...:)

    @Gimhani-ස්තූතියි අක්කා.. (අක්කා නෙවෙයිනම් සමාවෙන්න.)
    ම්ම්ම්ම්ම්ම්ම්... ඔව්... ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්නෙ එක්තරා විදියක..:)

    ReplyDelete
  21. හරිම ලස්සනයි නංගියෝ...ගොඩක් අහිංසක ආදරයක් නේද??? :))
    මං ගොඩක් ආසයි මං ආදරේ කරන පුංචි සුරන්ගනාවිත් අහිංසක විදියට කරන ආදරේට..
    ..ඔය පරිස්සමෙන් නම් මට මොනවා උනත් කමක් නැද්ද? :)
    අහිංසක උත්තරීතර ආදරයක්..
    දල තියෙන ෆොටෝ එකත් ගැලපෙනවා නියමෙට..

    ReplyDelete
  22. ම්ම්ම්ම්ම්... ස්තූතියි අයියේ...:) ඔව්.. හුගාක් අහිංසකයි...
    එහෙනම් ඒ සුරංගනාවිට හුගාක් ආදරේ කරන්න හැමදාමත්...
    ඔව්.. හැමෝටම එහෙම උත්තරීතර අඅදරයක් ලැබෙන්නෙ නෑ...
    ස්තූථියි හුගාක් අයියාට..!!!!!!!

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....