නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

06 September 2011

විභාගේ- ජරමරේ...

ඔයා එක තැනක මං තව තැනක  
මට ගොඩාක් පිටිපස්සෙන්
ඔයා උන්නෙ.....
හැරුණු ගමන් මං පිටිපස්සට
පෙනෙන තැනක හැබැයි
ඔයා හිටියෙ.....
තව විනාඩි දෙකයි තුනයි  
විභාගෙනම්
පටන් ගන්න.....
බෙදුව ගමන් ප්‍රශ්න කොලේ
ලිව්වා මං
හැටට හැටේ......
එකසැරේට ඔයාගෙ
හඩ ඇහුනා වගේ
මගේ කනට....
හැරුණා මං
හදිස්සියෙම
අංශකනම් 180ට......
ෂා...........

ඔයාගෙ ඇස් මගේ ඇස්
හම්බුනා නොවැ
කළබලේට......
මෙච්චර කල් ලිව්ව ටිකයි
එකතැන් වුනු මගේ හිතයි
සත්තයි මට අමතක වුනි
එක සැරේට උන් හිටි තැන්...........





ප.ලි- සත්‍ය සිදුවීමක් ඇසුරින් හදිස්සියෙම ලිව්ව අදහසක්...පද ගැලපීම් නම් කොහොමද මන්දා...;)

Post Comment

25 comments:

  1. hikzzzzzzz විභාගයට මොකද ඉතින් උනෙ හිතූ......;)

    ReplyDelete
  2. අහ් හා... විභාගෙ කොරගත්තා...වාසනාවන්ත දවසක් වුනා..;) හික්ස්ස්.....

    ReplyDelete
  3. විභාගේ කොරගත්තා කිව්වට ඒ එක්කම රිසල්ට් දෙකක්ම ඇවිත් වගේ..

    ReplyDelete
  4. කොහොමත් විභාගේ කොරන්න එපාය. එත් එක හොදින් ඉවර කලාද ... ඉතින් ඊට පස්සේ මොකද උනේ....

    ReplyDelete
  5. හපොයි.. මට එහෙම ඔහොම වුනා නම් ඊට පස්සේ විභාගේ ඉවර වෙනකන් මනෝ තමයි.. :)
    ඉතින් නංගා විභාගේ හරියට කරගත්තයි..

    ReplyDelete
  6. නගාගෙ එක විබාගයක් ඉවර වෙනකොට අනිත් විබාගේ රිසාල්ට් එක ඇවිත් වගේ.......... හිකිස්

    ReplyDelete
  7. @dinesh- හික්ස්ස්ස්ස්ස්... නෑ අයියා.. තවම කිසිම රිසාල්ට් එකක් නෑ...රිසාල්ට් පෙන්ඩින්...;)

    @N N K-ම්ම්ම්ම්ම්ම්ම් ඔව් විභාගෙ කරගත්තා හොදට කොහොමහරි...:) ඊටපස්සෙ.... තවම මුකුත් වුනේ නෑ...

    ReplyDelete
  8. @ප්‍රර්ථනා අක්කි- හික්ස්ස්... මටත් එහෙම වෙන්නෙ තව ඩිංගෙන්.. ඒත් බයටම විභාගෙ කරගත්තා හොදට.. සංතෝසෙන්...;)

    @අම්බලම- හික්ස්ස්.... නෑ සහෝ... තවම එහෙකවත් රිසාල්ට් එක ආවෙ නෑනෙ...:(

    ReplyDelete
  9. විභාගෙත් ගොඩ + හිතු ත් ගොඩ වගේ ;)

    ReplyDelete
  10. meka mata wela tiyenawa..e nisa hondata terenawa.. ;)

    ReplyDelete
  11. කොල්ලව දැක්ක ගමන් මෙයාට උන් හිටි තැන් අමතක වෙලා. අම්මෝ !!!! දිස් ඉස් අ ක්‍රිමිනල් කේස් !!!!
    නංගිලාටත් විභාගෙද ? කොහොමද විභාගේ ලේසිද ? ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම්. මම් පරක්කු වැඩිද මන්දා සුබ පතන්න.
    වෙනදා වගේම නියම සිතුවිල්ලක්. මේ ඒක නෙමේ. කාටද මේ සිද්දිය උනේ ?

    ReplyDelete
  12. රිසාල්ට් වලට දෙයියංගෙම පිහිටයි

    ReplyDelete
  13. මේක හිතු ට උන දෙයක් ලුනේ..... අම්මේ කෙල්ලගේ මුනේ තියෙන හිනාව....

    ඒකත් ජයසිරි මංගලම්...... කොහොමහරි නංගා එක්සැම් එක ගොඩ දාගත්තානේ..

    ReplyDelete
  14. රිසල්ට් පෙන්ඩින් කිව්වේ විභාගෙද නැත්නම්??

    ReplyDelete
  15. හෙහ් හෙහ්! මම නම් විභාගයක් ලියන්න යනකොට වටපිටාව හොඳට බලලා හිත යන සුන්දරියෝ ඔක්කොම ඉන්න තැන් මතකයේ රඳවාගෙන තමයි විභාගේ ලියන්නේ. අයේ ලියන ගමන් කම්මැලි හිතුනම ඒ පැත්ත ආයෙත් බලනවා...

    ReplyDelete
  16. ක්ෂනික සතුටත් ක්ෂනික දුකත් අපිට උන් හිටිතැන් අමතක කරනවා. ඉතින් විභාගෙට මොකද උනේ ඈ????????

    ReplyDelete
  17. ලස්සනයි... මමනම් ලියන්න කලින්ම තමයි බලන්නෙ... එතකොට එයත් බැලුවොත් හොඳටම ලියන්න පුලුවන්.... ;) :D

    ReplyDelete
  18. @මන්තරකාරි :
    දෙන්නම එකම බෝට්ටුවේ ඉදගෙන හබල් ගානවා !!!!!

    ReplyDelete
  19. @ChammA- හික්ස්ස්ස්.... විභාගෙනම් ගොඩ ඇති... ඒත් හිතූ නම් තවම ගොඩ නෑ ;)

    @Red Riding Hood- අව්ව්ව්.... ඒකනෙ... එහෙම අත්දැකීම් තියෙන අයට හොදට තේරෙනවනෙ...;)

    @මධුරංග අයියා-හික්ස්ස්ස්ස්..... නැතුව.. එක සැරේටම එහෙම වුනාම නිකන් විදුලියක් කෙටුවා වගේ... අම්මෝ.....;) අහ්?? ක්‍රිමිනල් කේස් :O ;)
    ම්ම්ම්ම්ම්..... මේක වුනේ ඉතින්..... හිතූට (නෙවෙයි) ලූ ;)

    @ලොකු ජෝන්- හි හි... රිසල්ට් ගැන නම් චුට්ටක් බයයි...;)

    @දේවාගේ අඩවිය- ම්ම්ම්ම්.... මේ අයියානම්......:p හිතූ මොකක් හරි ලිව්වොත් ඉතින්... ඒක හිතූගෙ අත්දැකීමක් කියලානෙ හිතන්නෙ...:p ම්ම්ම්ම්ම්ම්ම් ඔව් ඔව් අයියා.. කෙල්ල විභගෙ ගොඩ...:D

    @Dinesh- ම්ම්ම්ම්.... හික් හික්... විභාගෙ රිසාල්ට් ත් පෙන්ඩින් තමා.. ;) දෙකම පෙන්ඩින් :p

    @විසිතුරු- හෆ්ෆා...... විසිතුරු ඉතින් එදා ඉඳන්ම එහෙමයි නේ??? අපි නොදන්නවයැ..;) අවට සිරි විසිතුරු වැඩිපුර නරඹනවා නොවැ..;)
    ඒකත් මරු ක්‍රමේ...එතකොට විභාගෙ හොද රිලැක්ස් එකේ ලියන්න පුළුවන් නෙ. ඒත් ඕං හිතූ නම් එහෙම හැම තැනම බලන්නේ නෑ හරී...හිතූ බලන්නෙ හිත ගිය පැත්ත විතරයිලු;)

    @Gimhani-හ්ම්ම්ම්... ඒක ඇත්ත.. ක්ෂනිකව ඇති කරන දුක සතුට උන්හිටි තැන් අමතක කරනවා. ඒක හරියට හරි...!!!
    විභාගෙ කරගත්තා යාලූ..අවුලක් නෑ... කෙල්ල ෆුල් හැපී එකේ ලිව්වා.. ක්ෂණිකව පොඩ්ඩක් අප්සට් ගියාට කෙල්ල ගොඩ..;)


    @මන්තරකාරී- ස්තූතියි අක්කි.:)
    හිකිස්ස්ස්.....අක්කිත් එහෙමද?? ෂා... මාත් එහෙම තමා.. ලියන්න කලිනුත් බලනවා.. ඒත් මේ හදිස්සියේ බලපු වෙලාවක අහම්බෙන් දැක්කාම එන සතුට අමුතු එකක්නෙ..;) නිකන් කරකවල අතෑරියා වගේ.. වුනේ මොකක්ද කියලා හිතාගන්න බෑනෙ..;)

    ReplyDelete
  20. @මධුරංග අයියා- අමතක වුනානෙ කියන්න. අපිට විභාග තිබ්බා. දැන් ටිකක් කල් ඉවර වෙලා. අවුලක්ම නෑ... විභාග කවද්ද ලේසි වුනේ ඉතින්...;)

    ReplyDelete
  21. යන්තම් ඇති..දැන් හරිනේ නංගෝ,.

    ReplyDelete
  22. නංගි හොදටම Exam එක කොරලා වගේ..මමනම් ලියන අස්සේ කෙල්ලෝ දිහා බලන්නේ නෑ නෙව..;-) හැබැයි ඉතින් වට පිට ඉන්න කෙල්ලන්ව හොදට අධ්‍යයනයනම් කොරනවා හික්ස් :D

    ReplyDelete
  23. @ප්‍රාර්ථනා අක්කා- හලි ගියා අක්කියෝ.....:D :D හදාගත්තා..:)

    @විශ්ව අයියා- හ්ම්ම්ම්ම්ම් ඔව් ඔව්.. හොදටම කලා..:) හික්ස්ස්ස්... අයියා එයාල ගැන අධ‍යනය කරලා විභාගෙ හොදටම ලියනවද??? අව්ව්ව්ව්... ශෝයිනෙ..:)

    ReplyDelete
  24. ලොකු දෙයක්........ විභාගේ ගොඩ දාගන්න

    ReplyDelete
  25. ම්ම්ම්ම්ම්ම්ම්...:):)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....