නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

12 September 2011

දෛවයේ සරදම....

ඔය ඇස් දකින්න එක   මොහොතකටවත්
මම පෙරුම් පුරද්දි..........
අවාසනාවන්ත මගේ දෛවය,
ඒ හැම මොහොතකම
ඔය ඇස් මට මග හැරියා........
මේ පුංචි හිතේ තිබුණු
අහිංසකම පැතුම
ඇසිල්ලකින් සුනුවිසුණු කළා....
ඒත්.........
ඔය ඇස් මහ හරින්න
හැම මොහොතකදිම
මම මාන බලද්දි..........
අකාරුණික මගේ දෛවය,
ඒ හැම මොහොතකදිම
ඔය ඇස් මට මුණ ගැස්වුවා.......
මගේ රිදුණු හිතේ යටපත් වුනු
දුකම හිතෙන සිතිවිලි
මොහොතින් මොහොත මට ළං කළා.....
අනේ.......
දෛවය මට සරදම් කරන තරමක්......

Post Comment

19 comments:

  1. මොනව කරන්නද දෛව අපටම තමා සරදම් කරන්නෙ..... එලා ලස්සනට ලියල තීනව

    ReplyDelete
  2. හ්ම්ම්ම්... දෛවයේ හැටි තමයි නංගා,. ඒ ඇස් දෙක දකින් හැම වෙලාවකම ඔයාගේ හදවත කොයි තරම් හයියෙන් කෑ ගහන්න ඇතිද? " අනේ මම ඔයාට ආදරෙයි" කියලා,.
    ඒත් ඒ හදවතට ඒක තේරුම් ගන්න බැරුව ඇති, නැත්නම් තේරුම් අරගෙනත් ඒක හංගගෙන ඉන්නව ඇති,. කාලයාට විතරයි මේ හැමදේම විසදන්න පුළුවන් නංගෝ,..

    ReplyDelete
  3. නඟා අර පසුවදනේ කතාව මතකයිනේ එක නිසා... නොලැබේන දේට වඩා ලැබේනදේයින් සතුටුවේන්න..කලේක ඔය ලැබේනදේත් නැතිවන්නට විදිහක් පුළුවන...

    ReplyDelete
  4. දෛවය හැටි ඔහොම තමා.දෛවයට පේන්න ඔයා ලස්සනට ජීවත් වෙන්න.කාලයා ඔයාට උදව් කරයි.....

    ලස්සනට ලියල තියෙනනව ....

    ReplyDelete
  5. @කම්මැළියා- හ්ම්ම්ම්ම්ම්ම්..:( :( ස්තූතියි සහෝ...

    @ප්‍රාර්ථනා අක්කි- :'( ඔව් අක්කි.. ඔයා හරි...වචන වලින් විස්තර කරන්න බැරි තරම්...මොනා කරන්නද, කාලය තම මේකට විසදුම.. වෙන විසදුමක් නෑ....:(

    @හිරු එළිය- ඔව් අයියා.. මට මතකයි..:( :( ඒක හරි ලැබුනත් ඒ දේවල් නොලැබෙන්නත් ඉඩක් තියන්වනෙ ආයෙමත්....

    @තනි උන මම- ඔව්.. සහෝ.. කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා. ඒත් හිත ට අමාරුයි.. අමතක කරන්න හදන් දේවල් නිතර දකින එක හිතට දුකක්..:(

    ReplyDelete
  6. ලස්සන අදහසක් නගෝ. දෛවය ඔහොම තමයි අනේ, ගනන් ගන්න එපා.:)

    ReplyDelete
  7. දෛවයෝගයකින් නෙවයි දෝ හමුඋනේ අප හමු උනේ..
    දෛවයේ සරදම් ලබන්නට කීම මෙසේ අප වෙන් උන් ..

    ReplyDelete
  8. දෛවය හරි පුදුමාකාරයි කියලා හිතෙනවා. වෙලාවකට අපට ආදරේ ඕනේ කියලා පොඩි එකෙක් වගේ අඬනකොට දෛවය කරන්නේ ඒ ආදරේ අපෙන් ඈත් කරනවා.

    ඒ ආදරේම එපා ය කියලා කෑ ගහනකොට අපිට ආදරේ ගෙනත් දෙනවා. මොනා කරන්නද නංගි. අපිට සිද්ද වෙන්නේ දෛවයේ සරදම් වලට යටත් වෙලා ඉන්න.

    ආදරේ නැතුව මම් සතුටින් ඉන්නෙත් ඔය කියන දෛවය හන්දයි. හික්ස් :)

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම් ...................(ඔන්න මම දෛවය ගැන හිතන හැටි)ඒ නිසා හැම දේම දෛවයට භාර දීලා ජීවිතය ......................... කර ගන්න එපා හිතූ.

    ReplyDelete
  10. දෛවය ගොඩක් වෙලාවට අපිට ඔහොම කරනවා නංගී.. අපිට ඕන දෙට වඩා අපි අකමැති දේ අපිට ලංකරනවා...

    ReplyDelete
  11. @Kasun අයියා-ස්තූතියි අයියා..:) හ්ම්ම්ම්..... දෛවය සරදම් කරන්න එන්නෙ අහිංසක අපි වගේ අයටමද මංදා...:)

    @ChammA- හ්ම්ම්ම්ම්ම්ම්.... ඔව්නෙ අයියා... දෛවය මහ පුදුමයි..
    අන්තිම පදේ "වෙන්වුනේ" ද?? නැත්තම් "හමුවුනේ" ද??

    @මධුරංග අයියා- ඔව් අයියා... දෛවය මහා පුදුමයි.. අපිට ඕන විදියට වෙනස් කරන්න බෑ...:(

    හ්ම්ම්ම්ම්.... අයියා එහෙම ඉන්න එකත් එක අතකින් හොදයිනේද?? දුකක් නෑනෙ..;)

    ReplyDelete
  12. @විශ්ව (මගේ පිටුව) - ම්ම්ම්ම් අයියා හිතන විදියත් වෙනස්.. ඒකත් අනේ මංදා.. හැමදේම දෛවයටයි කාලයටයි භාර දීලා බල්න් ඉන්න එක හරි නෑ කියලත් කියන්වනෙ.

    @Dinesh අයියා-ඒක ඇත්ත අයියා.. අපි කැමති දේවල් ඈත් කරලා. අකමැති දේවල් ළං කරන්වා වගේම, හුගාක් දේවල් අහිමි කරනවා..

    ReplyDelete
  13. අනේ දෙයියනේ මටම ගැලපෙන පදපෙලියක් වගේ.....
    එකතාව නිකම් මටම ලිව්වවගේ අපි කැමතිදෙවල් අපිට ඕන වෙලාවට අපේ ලග නැහැ නමුත් දකින්න ඕන නැතිවෙන කොට ඒවා එලව එලව පස්සෙන් එනවා අපේ හිත පාරන්න මම හිතන්නේ එක අපි කටත් පොදු දෙයක්. ඳෛවය හැමෝටම එකම විදියට සරදම් කරන්නේ මොකද මන්ද. සමහර විට ජිවිතේ කියන්නේ එක වෙන්න ඇති...... ලස්සනට පද අමුණලා තියනවා දිගටම ලියන්න ජය .........

    ReplyDelete
  14. ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ඔව් සහෝ ජීවිතේ කියන්නෙ ඒක වෙන්න ඇති...
    ස්තූතියි.....!!!! ජය වේවා..!!

    ReplyDelete
  15. ඉතින් ඒ ඇස් දෙකට ඔයගේ ඇස් දෙකෙන් අමතන්න.

    ReplyDelete
  16. ඇමතුවා ඇමතුවා... දෙයියනේ... පලක් නැත...:(

    ReplyDelete
  17. Try & Try One Day U Can Everything කියනවනෙ නංගියෝ...

    ReplyDelete
  18. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඒකතමා අයියා.. එහෙමවත් හිතමු...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....