නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

13 September 2011

වැරදුනු කුරුමානම.......

හැමදාම ආදරේ ගැනයි , දුක ගැනයිම ලියන නිසා අද හිතුනා වෙනසකටත් එක්ක ඉස්සර කාලේ සිද්ධියක් ගැන කියන්න.මගේ ඉස්කෝලේ කාලේ,වැඩි ඈතක නෙවෙයි ඉතින්. බොහොම මෑත කාලෙ තමා හිතුවක්කාරි ඉස්කෝලෙ ගිහින් ඉවර වුනේ.මම මේ කියන්න යන සිද්ධිය වුනේ 10වසරේ ඉන්න කාලෙ. ඒ කාලෙනම් දැනට වඩා දගයිද මංදා මම.මම කලින් ටිකක් කිව්වනෙ මගේ යාළුවො ගැන. ඉස්සර දවස් ගැන.

ඔන්න ඉතින් අපි 10 වසරේ දි අපි සෞන්දර්‍ය විෂයකට කලේ පෙරදිග සංගීතය. අපි කිව්වෙ හිතුවක්කාරියි, හිතුවක්කාරිගෙ යාළුවො පස් දෙනයි. අපේ පංතියේ සංගීත විෂය කලේ ළම්යි ටික දෙනයි. අපි 6 දෙනත් එක්ක තව 3න් දෙනයි.ඔක්කොම 9 දෙනයි.අපේ සංගීත කාමරේ එහෙම නැත්තම් අපිට සංගීත උගන්වන පංතිය තිබ්බෙ තට්ටු 4ක ගොඩනැගිල්ලක 4 වෙනි තට්ටුවෙ.ඉතින් අපිට සංගීත විෂය තියන වෙලාවට, අපේ පංතියෙ ඉදන් එතනට යන්න සෑහෙන්න වෙලාවක් යනවා. ඉවර වෙලා පංතියට එන්නත් එහෙමයි.ඒකට හේතුව තමයි, ඔය තට්ටු 4 ගොඩනැගිල්ල තිබ්බෙත් ඉස්කෝලෙ එක කොනක. අපේ පංතිය තිබුනෙ ඊට ටිකක් දුරින් තිබුනු ගොඩනැගිල්ලක.අනිත් එක සංගීත කාමරේට යද්දි සපත්තු ,මේස් ගලවලා එහෙම යන්න ඕනෙ. ඉතින් යද්දි සපත්තු, මේස්  ගලවන්නයි, ආයෙත් ඉවර වෙලා එද්දි සපත්තු , මේස් දාගන්නයි ඕනෙ.ඉතින් ඒකත් හරිම කරදරයක් වුනා වෙලාවකට.

විශේෂයෙන්ම interval එකට කලින් වගේ අපිට සංගීතය තිබ්බ දවස් වලට හරිම වදයක් වුනා.interval එකට බෙල් එක ගහපු ගමන් පංතියට දුවන්න බෑනෙ. සපත්තු මේස් දාගෙන අත් හෝදගෙන පඩි බැහැගෙන යන්න ඕනෙනෙ. එතකොට interval එක ඉවර වෙන්නත් ළගයි. එහෙම දවසට කෑම කන්න වෙලා මදි වෙනවා.අනික අපිට තිබ්බ කාලසටහනට අනුව අනිවාර්‍යෙන්ම සතියට එහෙම දවසක් දෙකක් තිබුනා.අනිත් ලොකුම ප්‍රශ්නෙ තමා interval එකෙන් පස්සෙ සතියෙ හුගාක් දවස් වල අපිට තිබ්බෙ English .

අපිට English උගන්නන්න හිටියෙ ටිකක්  වයස,කලින් A/L පංති වලට Chemistry විශය English medium උගන්වපු මිස් කෙනෙක්. ඉතින් මිස් ට, ඒ කාලෙ   ලොකු පංති වල හිටපු අක්කලා කියලා තියෙන්නෙ "කෙමී" කියලා.ඕං අපි නම් නෙවෙයි.වෙන අය තමයි එහෙම නමක් දාලා තිබ්බෙ. ඇත්තටම මිස් හුගාක් හොදට ඉගැන්නුවා. වෙලාවට ගානට එක විනාඩියක්වත් පරක්කු වෙන්නෙ නැතිව පංතියට එනවා.මිස් ශරීරයෙන් හරිම පුංචියි. වැඩිය උස නෑ.කොන්ඩෙ කොටට කපලා තමා හිටියෙ. හරිම කඩිසරයි. කවදාවත් එන්නෙ නැතිව ඉන්නෙ නෑ. හැමදාම උගන්වන්න එනවා. නැබැයි ළමයි home work කරලා නැති වුනාම එළියට දානවා. ටිකක් සැරයි. ඉතින් ළමයි වැඩිය කැමති වුනේ නැත්තෙ මිස් ගෙන් බේරුමක් නැති නිසයි.

ඔන්න දවසක් අපි සංගීතෙ ඉගනගන්න ගිහින්, අපිට සංගීත මිස් ගෙන් ගැලවුමක් තිබුනේ නෑ..interval එකට බෙල් එක ගහලත් මිස් අපිට යන්න දුන්නෙ නෑ එදා.අපිට දැන් හොදටම තද වෙලා හිටියෙ.බඩගිනියි හොදටම.බඩේ පණුවො බොක්සිං ගහනවා. ඒත් මිස් නෙවෙයි ගානකටවත් ගත්තෙ. කොහොමහරි interval එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා අපිට යන්න කිව්ව. අපි ඉතින් සංගීත මිස්ගෙ පරම්පරව ගැනම මතක් කරගෙන දඩි බිඩි ගාලා පංතියට යන්න ගියා. ඒත් ගියා විතරයි interval ඉවර වෙන බෙල් එක ගැහුවා.දැන් ඉතින් ඉවරයි. කාලා හමාරයි.English මිස් තව විනාඩියෙන් පංතියෙ.
 " මේක හරියන්නෙ නෑ.. අපි අද කට් කරමු. මටනම් මාර බඩගිනියි."
එක්කෙනෙක් කිව්වා.
" ඔව් ඔව්. අපි කෑම එකත් උස්සගෙන එළියට යන්. ආයෙත් අද ඉස්කෝලෙ ඇරෙනකම් ම කන්න ව්එන්නෙ නෑ.. නැත්තම්. කලන්තෙ දායි මටනම්."

ඔන්න තව එක්කෙනක් කිව්වා.

අපි වහාම ක්‍රියාත්මක වුනා. පංතියෙන් එළියට පැන්නා. කෑම ටිකත් උස්සගෙන දිව්වා පස්ස නොබලාම. බැරි වෙලාවත් මිස්ව හම්බුනොත් කියලා.ඔහොම දුවද්දිම අපේ කරුමෙට ඉස්සරහට ආවෙ vice principal මැඩම්. කට්ටියටම කරගන්න දෙයක් නැති වුනා. මැඩම් අපේ මූණු ටික දැකපු ගමන් ඇහුවා  " කොහෙද මේ කට්ටිය දුවන්නෙ?? දැන් මොනාද තියෙන්නෙ පංතියෙ ?" කියලා.ඔන්න ඊටපස්සෙ, " මොකක්ද පංතිය?""කවුද උගන්නන මිස්?", "ඇයි කට් කරන්නෙ?"  ප්‍රශ්න වැලයි.අපිත් ඉතින් සිද්ධිය ඔක්කොම කිව්වා.අපි ඔක්කොම කලේ ඉතින් බඩගින්නටනෙ.මීට ඉස්සර එහෙම පංති කට් කරලත් නෑ.

ඊටපස්සෙ මැඩම් ඔක්කොම අපෙන් විස්තර අහගෙන "යන්කො එහෙනම් කට්ටියම පංතියට දැන් මාත් එක්කම." කිව්වා.දෙයියනේ ..... අපිට හුස්ම හිර වුනා.කරනන් දෙයක් නෑ. යන්න වුනා.අපි යද්දි මිස් පංතියෙ උගන්වනවා.මැඩම් ගිහින් මිස් එක්ක කතා කලා. පංතියෙම ළමයි ටික අපි දිහා කට ඇරගෙන බලන් ඉන්නවා.
"මීට කලිනුත් මේ ළමයි මෙහෙම කට් කරලා තියනවද?" මැඩම් මිස් ගෙන් ඇහුවා.

" නෑ නෑ..එහෙම කිසිම දෙයක් මේ ළම්යිනෙගෙන් වෙලා නෑ" මිස් මැඩම්ට කිව්වා.

"මීට පස්සෙ මෙහෙම කරන්නෙපා. බඩගින්නෙ ඉන්න ඕනෙ නෑ.. මිස් ට කියලා කන්න වෙලාවක් ඉල්ලගන්න" කියලා මැඩම් යන්න ගියා.

"වාඩිවෙන්න, විනාඩි 5ක් දෙන්නම් කන්න" මිස් අපිට කිව්වා.

අපිත් බයටම "ඕනෙ නෑ මිස්, අපි මිස් ගියාම කන්නම් "කියල හිටියා. අපි හිතුවෙ මිස් අපිට හොදටම බනී කියලා. ඒත් මිස් එදාවත් ඊට පස්සෙවත් ඒ සිද්ධියට බැන්නෙ නෑ..

ඇත්තටම අපිට හරිම දුකයි. පුදුමයි. මිස් අපිට බැන්නානම් ඇත්තටම අපිට එහෙම ඒක දැනෙන එකක් නෑ. ඒත් මිස් අපිට වචනයක්වත් කිව්වෙ නැති නිසාම අපිට හුගාක් දුක හිතුනා. අපි මිස් ගැන හිතන් හිටිය විදිය ගැනත් පසුතැවුනා. පස්සෙ අපි ගිහින් මිස්ගෙන් සමාව ගත්තා.

එදා ඉදන් මිස්ගෙ හොදම සුවච කීකරු ගෝලයෝ වුනේ අපි.අවුරුදු 2ක්ම අපිට උගන්වපු නිසා, පස්සෙ කාලෙකදි මිස් අපිට හුගාක් ලං වුනා.එදයින් පස්සෙ කවදාවත්ම එහෙම වැඩ කළෙත් නෑ.....

Post Comment

22 comments:

  1. hahaha.. nice one... ohoma dewal apith karala tiyenawa.... :)

    ReplyDelete
  2. හික් හික් මෙයත් කොරල තියන වැඩ..ඉස්කෝලේ කාලේ එහෙම වැඩත් කරාට කමක් නෑ නගෝ..ඒ වගේ දෙයක් හොද අත්දැකීමක්නේ ඉතින්..ම්ම්ම්ම් 10 වසරේ කිව්ව නේද එතකොට හිටියේ..ඒ කියන්නේ දැන් අවුරුදු 40කට විතර කලින් වෙන්න ඇති නේද...? හික්ස් ;-)

    ReplyDelete
  3. හිකිස්.. මමත් ඔය වැඩේ නම් කරලා තියෙනවා. අහු වුනාම නම් ඉතින් මල් 7යි. බැනුම් කෝටියයි... අපි දවසක් ඔහොම කට් කරලා ලයිබ්‍රි එකේ ඉන්නකොට අපේ ශ්‍රේණි භාර මිස් ආවා එතනට, ඉතින් ඉවරෙටම ඉවරයි,, එක්කන් ගිහින් පන්තියට භාර දීලා හොඳ දේශනෙකුත් අහගෙන තමයි පන්තිය ඇතුලට ගියේ..

    ReplyDelete
  4. පාසැල් කාලෙ කෙරුවොත් කරන්නෙ ඔහොම වැඩ තමයි නේද?
    සමහර වෙලාවට ජීවිතේ අපි භය වෙන්නෙ බොරුවට නේද?අපිට දඩුවම් දේවි කියල හිතන අයගෙන් නෙමේ දඩුවම් ලැබෙන්නේ...

    ReplyDelete
  5. දෙව්වරු වගේ එහෙම ගුරුවරුත් ඉන්නවා...
    සමහර ගුරුවරුන්ට ආදර්ශයක් ඒ මස්...

    ReplyDelete
  6. නියම මිස් කෙනෙක් නේ. මෙයාලට ඕන වෙලා තියෙන්නේ කට් කරන්නද කොහෙද. ඒකනේ කන්න වෙලාව දීලත් කෑවේ නැත්තේ. මට නම් පීරියඩ් එක කට් කරන්න ඕනේ නෑ කෑම කන්න.

    මම් කරන්නේ බෑග් එක ඇතුලේ ඔලුව ඔබාගෙන කන එක. එතකොට මිස් දකින්නේ නෑ. අත්දුටුවයි !!!!

    ReplyDelete
  7. මගේ පාසල් ජීවිතේටම මට හොඳ කරුණාවන්ත ගුරුවරු හම්බවෙලා තියෙන්නේ දෙදෙනෙක් විතරමයි .

    ReplyDelete
  8. @Red Riding Hood-හික්ස්ස්ස්ස්ස්... :) :) තෑන්ක්ස්.. මේ වගේ අත්දැකීම් හැමෝටම ඇති:)

    @විශ්ව (මගේ පිටුව)- හ්ම්ම්ම්... ඔව් ඔව්.. ඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල් කියලා මතක හිටින්න, දේවලුත් තියෙන්න ඕනෙනෙ.:)
    අහ්හ්... හෆ්ෆෝයි... 40කට කලින් නම් නෙවෙයි...:p අවුරුදු 6කට විතර කලින් අනේ.. මම තාම පොඩි ලමයා හරිද අයියේ...:)

    @ප්‍රාර්ථනා අක්කි- හික්ස්ස්ස්ස්... අපි දෙන්නා කොහොමත් එකම බෝට්ටුවෙනෙ.. නේද මගෙ අක්කියෝ???
    අපිත් හොද හොද දේශන අහලා තියනාවා. ඒවා ගැනත් ලියන්නම්කෝ...

    @Gimhani- ඔව් යාලු. ඒකාලෙ තරම් සුන්දර කාලයක් ආයෙත් එන්නෙ නෑ... පිස්සුම පිස්සු නටපු කාලයක්..:)
    ඔව් ඒකනම් ඇත්තක්... අපි හිතන අය නෙවෙයි අපිට දඩුවම් දෙන්නෙ...

    @රහස් පරික්ෂකයා -ම්ම්ම්ම්ම්ම්ම්..... ඇත්තටම, මිස් හුගාක් හොද කෙනෙක්. අපිට හොද පාඩමක් ඉගැන්නුවා දඩුවමක් නොදුන්නට..

    @මධුරංග අයියා- හ්ම්ම්ම්ම්... මිස් නම් හොදයි... අනේ නෑ.. බඩගින්නට තමා කට් කරන්න හැදුවෙ. ඒත් එවෙලෙ බයටම කෑමත් එපා වුනා. බහ පිරෙන්න මිස්ගෙන් අහගන්න නෙ හිටියෙ.:)

    හිකිස්ස්ස්ස්ස්ස්... හෆ්ෆෝයි.... අපිත් එහෙම හොරෙන් කාල තියන්වා. ඒත් බත් වගේ කන්න අමාරුයිනෙ අයියේ...;)අයියා හොරා කාලා තමා ඔහොම කෙට්ටු ව්එලා තියෙන්නෙ.. හික්ස්ස්..;)

    ReplyDelete
  9. කන්න කිවුවාම ඉතින් මේ කෙල්ලන්ටත් වෙන වැඩක් නෑ නෙව

    ReplyDelete
  10. @හිස් අහස- හ්ම්ම්ම්ම්...මටනම් එහෙම කරුණාවන්ත ගුරුවරු කීප දෙනෙක්ම හම්බෙලා තියනවා..:)

    හික්ස්ස්ස්.. හෆ්ෆෝයි...!! ඇයි කොල්ලො කන්නෙ නැද්ද??;)
    ස්තූතියි මේ පැත්තට ආවට අයියා..:)

    ReplyDelete
  11. shooooooooooooi akaaaak :D m soo hpy to read dz ^_^

    ReplyDelete
  12. හරි හරි නගෝ අපි දන්නවා ඔයා තාම පොඩියි කියලා..බ්ලොග් එක අලුත් වෙලා..මම බැලුවා වැරදිලා වෙන කොහාටවත් අවද කියලා..:-)

    ReplyDelete
  13. @~SwEet TeEn~ -ස්තූතියි නංගියා...:) :) hikss..

    @විශ්ව (මගේ පිටුව) -හික්ස්ස්ස්ස්..... එහෙනම් කමක් නෑ...;) මම පොඩි එකා..
    ඇයි අයියා අලුත් වෙනස හොද නැද්ද???:)

    ReplyDelete
  14. සදරු අයියත් එක්ක 100% එකගය..මේ කෙල්ලොන්ට නම් කන්න කිව්වොත් වෙන මුකුත් ඕන නැහැ නේ.. :P
    අලුත් තීම් එකනම් පට්ට හිතු..අර පින්තුරේ දිගටම පහලට එන එක නවත්තන්න..එතකොට තවත් පට්ට.. :)

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම්ම්ම්.. දී කිරට බළල්ලුත් සාක්කිලූ...;) හික්ස්ස්ස්.... හෆ්ෆෝයි... කෙල්ලොන්ට බනින්නෙ මෙයාල..;) කොල්ලො කන්න ගියාම ඉතින්... විනාසයි...:p

    හ්ම්ම්ම්ම්ම් ස්තූතියි අයියා.. හෆ්ෆේ... සෑහෙන්න මහන්සිවෙලා හදාගත්තෙ.:) ඔන්න අයියා කිව්ව විදියටම වෙනස් කලා..දැන් ලස්සනයි තමා..:D

    ReplyDelete
  16. ලස්සනයි නංගි බැක්ග්‍රවුන්ඩ් එක.

    අපිටත් මියුසික් කරන්න ගියාම ඔය වැඩේම වෙනවා.බෙල් එක ගැහුවත් යවන්නෙ නෑනෙ.

    ReplyDelete
  17. තැන්කූ අක්කා...:)

    හි හි... ඔව් අනේ.. මියුසික් කරන්න ගිහින් සිද්ධ වුනු දේවල්නම් හුගාක් තියනව අපිටත්... ඉස්සරහට ලියන්නම්....ස්තූතියි මෙහාට ආවට අක්කි:)

    ReplyDelete
  18. ඉස්කෝලේ කාලේ මටත් ඔහොම අත්දැකීම් තියෙනවා....

    උදේටත් නොකා ගියපු දවස්වල ට, ඉන්ටර්වල් බෙල් එක ගහලාවත් යන්න දෙන්නේ නැති වෙනකොට මට නම් ඌරු ජුවල්............... :D :D :D

    ReplyDelete
  19. අනේ මන්දා! අපිට ඉංග්‍රීසි උගන්නන්න ආපු ගුරුතුමියන්ගේ සුන්දරත්වය නිසාම අපි නම් කවදාවත් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කලේ නෑ! කොල්ලෝ ඔක්කොම පන්තියේ ඉන්නවා ඒ වෙලාවට.

    ReplyDelete
  20. @මහී- හ්ම්ම්... ඔයාගෙ අත්දැකීමුත් ලියන්න. අපි කියවන්න ආසයි..:)
    හික්ස්.. ඔව් අනේ.. ඌරු ජුවල් නේන්නම්...බඩගිනියිනෙ..මොනා කරන්නත් කාලා ඉන්න එපැයි...

    @විසිතුරු- හික්ස්ස්ස්... එහෙනම් හොදටම පුළුවන් විෂය ඉංග්‍රීසි ව්එන්න ඇති...;) නියමයි.. එහෙමහරි, සුන්දර මිස් නිසා හරි ඉගන ගත්තනෙ හොදට...
    පිරිමි ලමයි කොහොමත් සුන්දර දේවල් ළග කැරකෙනවා වැඩියිනෙ..;)

    ReplyDelete
  21. හික්ස්........මට මතක් උනේ මම ඉස්කොලෙ ගිය කාලෙ..වැඩි ඈතක නෙවෙයි ඕං..මේ..මේ..බොහොම මෑත කාලෙ හොදේ...මාත් ඔය වගේ දේවල් අනන්තවත් කරල තියනවා..period cut කරලා..තාප්ප වලින් පැනල ගිහින්..අල්ලපු වත් වලින් තැඹිලි කඩලා...වැරදි අදහසකින් නෙවෙයි කොළුකමට...මතක් වෙනකොටත් ආසයි..ආයිත් යන්න බැරි උනත් හැමදාටම මතකයේ තියනවා..මම වැඩිය ගුටිකාලනම් නෑ ඒත් කොන්ඩෙ හරියට පීරගෙන එන්න කලිසම ෂර්ට් එක හරියට හදාගෙන එන්න අනන්තවත් වෙලා තියනවා..කවුරැ හරි යාළුවෙක් කෙල්ලෙක් පස්සෙ ගියොත් එහෙම උදේ ඉදන් period cut කරලා ඒ කෙල්ල පස්සෙ යනවා..සමහරදාට ඉගනගන්නත් නෑ කෙල්ලොත් නෑ...නිදහස් හැම වෙලේම ground එකට ගිහින් cricket ගහනවා...ඒ පිස්සුව ඉතින් තාම තියනවනේ...
    ගොක් දවසකට පස්සෙ ඔයාගෙ කතාවත් එක්ක මං ගොඩක් ආස කරන ලොකෙකට ගියා..ස්තූතියි නංගියෝ..දිගටම ලියන්න..

    ReplyDelete
  22. හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්.... අයියත් මරු... අපිත් තව ඒ වගේ වැඩ කරලා තියනවා.. හික්ස්ස්.... ඒකාලෙ හරිම සුන්දරයි. දැන් වගේ නෑනෙ..ඕනම කෙනෙක් අසයි.. ඒ අතීතෙට..:)

    අයියාත් ලියන්න ඒ කාලෙ පිස්සු වැඩ ගැන..

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....