නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

17 September 2011

මං වැරදිකරුවා....




ඔය තරු ඇස් දැක්ක පළවෙනිම දවස, මට මතකයි අද වගේම.ඒ පුංචි හීනි, දිළිසෙන, තරු ඇස් දෙකේ එළියට මං වශී වුනා. සත්තයි එදා තමයි මට මාවත් අහිමි කලේ ඔයා.ලස්සන පිරිමි ඇස් ගොන්නක් එක්ක මෙච්ච්ර කාලෙකට  ගණුදෙනු කරල තිබුණත්, මටම කියලා, මගේම කියල දැනුණු ඔය ඇස් එක්ක මට ලොකූ කතාවක් තිබුණා.කාටවත්ම නොකියපු ඒ කතාව මම මගේ හිතේ ලියාගත්තා. දවසින් දවස, මොහොතින් මොහොත, ඒ කතාව අලුත් වුනා.මම තව තවත්, ඒ කතාවට ළං වුනා.හිතින් බැඳුණා.

කට්ට කළුවර අහසකට පායපු රත්තරං පාට හඳක් වගේ ඔය ලස්සන හිනා පිරුණු මූණ මට නොදැක බැරි වුණා, දවසක් දවසක් ගානෙ මං හෙව්ව එකම රූපෙ, ඔයාගේ. මොහොතක් මොහොතක් ගානෙ මං හෙව්ව ඒ ඇස්, ඔයාගෙ.දහසක් හිනා මූණූ අතරේ මං පැතුව හිනාව, ඔයාගෙ.මම තව තවත් කතාවට හිතාගන්න බැරි තරමටම ළං වුනා.ඔය මූණේ හැම ඉරියව්වකම නිධාන කතාව කියවන්න, මට පුළුවන් වුනා.ඔයා දුකින්ද, සතුටින්ද, කරදරෙන්ද, කණස්සල්ලෙන්ද,මට ඒක දැනුනා.ළගින් ඉඳන් ඒ හැගීම් බෙදාගන්න මට බෑ තමයි. ඒත් මං ඔය හිත කියෙව්වා.ඔයා පුදුමවෙයි.සත්තයි ඒ කතාව දැනගත්තොත්නම් ඔයා පුදුමෙනුත් පුදුම වෙයි.
ඒත් මම  කියන්නෙනම් නෑ... දවසක ඒ කතාව ඔයාම තේරුම් ගනීවී....

කතා කරද්දි පුංචි වෙන ඔය ඇස්  දිහා බලාගෙන, කට උල් කර කර ඔයා කියන කතා අහගෙන ඉන්න මට තිබුණෙ පුදුම ආසාවක්. ඒත් කාලය මෙච්චරක්නම් ගත වුණා. ඔයා මං එක්ක  කතා කරපු ඒ වචන දෙක තුන වුනත්, මට රත්තරං.හිත පතුළෙම ලියවෙච්ච ඒ වචන දෙක තුනට , මම සදහටම ආදරෙයි....

කිසිම කෙනෙක් අංග සම්පූර්න , පරිපූර්ණ නෑ... ඇත්ත. ඔයත් එහෙමයි. මාත් එහෙමයි.කොලුකමට දග කමට , කරපු වැරදි එකක් දෙකක් ඇරෙන්න ඔයා සම්පූර්ණයි.හැම දෙයක්ම සෙල්ලක්කාරකමට අරගෙන,ජීවිත ගොන්නක් එක්ක සෙල්ලම් කරන හිත් වලට සාපේක්ෂව, දෙයියනේ ඔයාගෙ හිත ශ්‍රේෂ්ඨයි..අරුමෝසම් ලෝකෙ මැද, පාට පාට චරිත මවන්න ,සිංහ හම පොරෝ ගන්න දගලන පිරිමි චරිත වලට ,ඔයා සැබෑම ආදර්ශයක්.මවාපාන්න දගලන විකට චරිතයක් නොවුනු ඔයා, මේ මහ පොළොවෙ පය ගහලා, සරලව ජීවත් වෙන්න හදන සැබෑම වීරයෙක් මට.

ඔව්.... මේ තරම් ආදරෙත් ඒ නිසාම වෙන්න ඇති.ඔය හිත පිරෙන්න ගලන මනුස්ස සුවඳට ආදරෙයි මං.ඊයේ, අද ,හෙට වගේම හැමදාමත්.ඔයා මගේ හැම දවසක්ම උදුරගෙන. මගේ අද දවස වගේම, ඊයේ දවසත්. එහෙව් මගේ හෙට දවස ගැන කවර කතාද?මේ ආදරේ වැරැද්දක්ද?මේ මුළු ලෝකෙටම හිතවත්කම පාන ඔය හිත, මා එක්ක අමනාපෙන් ද?නෑ.... ඔයාට එහෙම කරන්න බෑ....ඔය හිතට එහෙම දරුණු වෙන්න බෑ...කොහොමද මේ අහිංසක මට චෝදනා කරන්නෙ?ආදරේ කරපු පලියට මට දඩුවම් කරන්න බෑ ඔයාට.මේ තරම් බරපතල දඩුවමක් මගේ හිතට දෙන්න ඔයාට බෑ ..... කවදාවත්ම බෑ.....ඒත් ඔයා තීන්දු කරලා ඉවරයි..... මේ තරම් බරපතල දඩූවමක් මට දෙන්න...ඔයා හිත හදාගෙන ඉවරයි...

මං කොහොමද උත්තර දෙන්නෙ? ඇයි මං ආදරේ කළේ?ඇයි මට ඔය හිත නැතිව බැරි? ඇයි මං ඔය හිත ළග බොළඳ වෙන්නෙ? ඇයි මට ඔය ජීවිතේ මහා ගොඩාක් වටින්නෙ?හරස් ප්‍රශ්න, අතුරු ප්‍රශ්න කෝටියයි.පැමිණිලි කරන්න ඔයාට ලේසියි..ඒත් මට උත්තර බඳින්න තේරෙන්නෙ නෑ... මට කියන්න තේරෙන්නෙ නෑ... ලියන්න තේරෙන්නෙ නෑ... ආදරේ මට දැනෙනවා විතරයි...කියන්න මට තේරෙන්නෙ නෑ...සත්තයි. මම කියන්නෙ මේ ඇත්තමයි.....ඔයාගෙන් අහන්නෙ නැතිව, ඔයාට කියන්නෙ නැතිව, ඔයාගෙ අවසරයක් නැතිව ඔයාටම  ආදරේ කරපු, ඔය හිත ළග මහා ගොඩාක් ආදරේ පූජා කරපු මං.......
වැරැදිකාරියක්.....ඔව්... මම වැරදිකාරියක්.

ඔබේ ඇස් ළග නුඹව කියවන                           
ඇසේ කඳුලක දුරට කිමිදෙන
ඔබෙන් නාහා ඔබට පෙම් කළ
මං වැරදිකරුවා...මං වැරදිකරුවා....

මගේ අදවත් මට නොදෙන්නට
හෙටත් ඊයෙත් ඔබම ගන්නට
බරපතල වැඩ හිතට සදහට
තීන්දුව ලියලා.. තීන්දුව ලියලා...

ජූරියත් ඔබ පැමිණිලිත් කල
කොහොම වග උත්තර බඳින්නද
ආදරේ දැනෙනවා විතරයි
කියන්නට මට බෑ..කියන්නට මට බෑ....

ගායනය-රොෂාන් ප්‍රනාන්දු


මේ සින්දුවෙ වෙනස්ම අදහසක් වෙනස් විදියට ලියවිලා තියෙනවා. මම හුගාක් ආස කරන සින්දුවක්. ඒ හා බැදිච්ච කතාවක් මටත් තිබුණා. ඒ නිසා නිකන්ම  බොළද වචන ටිකක් හිතට ආවට ලිව්වා.ඒ බොළදකමට සමාව ඉල්ලනවා.




Post Comment

28 comments:

  1. ආදරේට කියන කතා බොළඳ වුණාට... සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට ...

    ReplyDelete
  2. ආදරේ කරන එක වරදක් යෑ දඩුවම් කරන්න.
    මොන උනත් ප්‍රාර්ථනා නංගිට කිව්වා වගේම ඔයාටත් ඔයාගේ කෙනා ඉක්මනටම හම්බ වේවි. එතකන් ඇඟිලි ගැන ගැන ඉමු. ගනින්න ඇඟිලිත් මදි වෙයි. හික්ස් :)

    ලස්සන සිංදුවක්. මම් කලින් අහලා නෑ.

    ReplyDelete
  3. @විසිතුරු- හික් හික්..... :))) හ්ම්ම්ම්ම්..... ඔව් ඔව්.. සාගරේක ගැඹුර තමා දැනෙන්නෙ..:)

    @මධුරංග අයියා- හ්ම්ම්ම්ම්ම්ම්.. දැන් එහෙම තමා වෙලා තියෙන්නෙ.. ඒකත් වරදක්... හ්ම්ම්ම්ම්ම්ම්ම් ස්තූතියි අයියා...:) ගනින්න ඇගිලි මදිවෙයිනම් තමා..:) ;)

    ඔව් ලස්සනයි ඒ සින්දුව

    ReplyDelete
  4. හිතුවක්කාර කමට කරපු පුංචි වරදක් නිසා සමාව දෙන්නම්:) ලස්සනයි ඇත්තටම.

    හිතුගේ ප්‍රශ්නෙටත් මම උත්තරයක් දෙන්න ඕනනේ නේද ? . යාළු මම සිහිනයක මියැදුණු හිතක්. ඔව් පිරිමි හිතක්. ඔයාට අක්කා කියන්න බෑ මට :)

    දැන් ඉතිං ටියුබ් ලයිට් නම් හීමීට අහගන්න. :)))))))))))))))

    ReplyDelete
  5. ජීවිතේදී ආදරේ කරන එක වැරදි නැ. නමුත් ආදරේ බලාපොරොත්තු වෙන එක වැරදි දෙයක්. මෙහෙම ගම්මුකො අපි හින්දි ෆිල්ම් එකක ඉන්න නළුවෙක්ට හරි නිලියෙක්ට හරි ආදරේ කළා කියල හිතමුකෝ අපි ඉතින් ඒ අයත් වෙන කට හරි ආදරය කරනවනේ අපි ගැන දන්නෙවත් නැ. එත් අපි ඒ හැම දෙයක් ගැනම දන්නවනේ අපිට දුකක් හිතෙනවද නැනේ. ඒ අපි ඇත්ත දන්නා නිසා අපිට ඒ ගැන බලාපොරොත්තුවක් නැති නිසා. අපි නුවර යන්න නැත්නම් රට යන්න හින මව්වට සිකුරු ග්‍රහයාට යන්න කවදාවත් හින මවන්නේ නැනේ. සමහර විට තව මොනවා හරි තර්කයක් දල මගේ තර්කය බිදින්න පුළුවන් නමුත් මම කියන්නේ අපිට බලාපොරොත්තුවක් නැත්නම් එතන දුකක් නැ කියල. අනික අපි ආදරේ කරන හැමෝම අපිට ආදරේ කරන්න ඕන කියල නීතියක් නැනේ. අපිට ආදරේ කරපු කිදෙනෙක්ට අපි ආදරේ නොකර ඇත්ද ඒ අයට දැනුනු දුක කොයිවගේ ඇත්ද? ජිවිතේ කියන්නේ මහපුදුම දෙයක් අපි එක පුළුවන් තරම් විදින්න ඕන විදවන්නේ නැතුව. සමාවෙන්න ඉඩ ගොඩක් ගත්තට ලියන්න හිතුනු නිසා ලිව්වේ....

    ReplyDelete
  6. අනේ මංද මොනව ලියන්නද කීල හිතා ගන්න බෑ... කොහොම වුනත් ලස්සනට ගලපලා තියනව... එලා ඈ...

    ReplyDelete
  7. අක්කගේ කතාව මාර සංකිර්ණයි නේ.. දැනෙන්න ලියලා තිනවා,, නියමයි

    ReplyDelete
  8. @සිහිනයක මියැදුණ සිතක්-හ්ම්ම්ම්ම්ම්... ස්තූතියි සහෝ...

    ඔයාගෙන් මම ඔය ප්‍රශ්නෙ ඇහුවෙ කොහෙදිද කියලා මට මතක නෑනෙ..:( සමාවෙලා මට කියන්න. මට තේරෙන්නෙ නෑ...

    @N N K-නෑ සහෝ ඔය ඉඩ ගොඩ ඇතුළෙ ඔයා කිව්ව කතා ඔක්කොම ඇත්ත. පිළිගන්නවා.. බලාපොරොත්තු වෙන එක වරදක් තමා. ඒත් ආදරේ කරන එක වැරද්දක් නෙවෙයිනෙ.ඔව්. ඇත්ත.
    බලාපොරොත්තු තියන තැන දුක විතරයි... ස්තූතියි සහෝ...වටින අදහස් ටිකට..:)


    @කම්මැලියා- ම්ම්ම්ම්ම්.... ස්තූතියි සහෝ....:)

    @රහස් පරික්ෂකයා - ම්ම්ම්ම්ම්ම්.. ඔව් ඒක හුගාක් සංකීර්ණයි... මටවත් තේරෙන්නෙ නෑ සමහර වෙලාවට.. ස්තූතියි සහෝ

    ReplyDelete
  9. මමත් සින්දුව නම් අහලා නැහැ නංගෝ..හැබැයි දැන් නම් දෙතුන් පාරකට වඩා ඇහුවා..ලස්සනම ලස්සන වෙනස් විදියේ සින්දුවක් :)

    ReplyDelete
  10. අපොයි මේක හදපු කතාවක්ද? මොනවා වුනත් ඇත්තම කතාවක් වගේ දැනෙන්නම ලියල තියනවා. ඇත්ත කතාවක්ද කියලත් සැකයි.:D

    ඔය වගේ සින්දුවක් දානකොට නගෝ වෙන සයිට් එකක ලින්ක් එකක් දාන්නේ නැතුව පොස්ට් එකේම Audio Player එකක් attach කරලා දැම්මනම් ගොඩක් හොඳයි කියල මට හිතෙන්නෙ. ඒ ක්‍රමේ දන්නෙ නැද්ද?

    ReplyDelete
  11. මම වැරදිකාරියක්...

    ReplyDelete
  12. පොර දන්නවා නම් සරලව ඉන්න එකත් හෙන කේස් එකක් කියල අනිවා වෙනස් වෙනවා..හම්බේ මේ ලියල තියෙන්නේ එක කෙල්ලක් විතරය් මේ වගේ කෙල්ලෝ කොච්චර ඉන්නවා ඇද්ද..(මොකුත් ලියන්නේ නැතිව එහෙමම ඉන්න....),ඔහොම සිරා වෙන්න එපා ඕය්,ලයිෆ් එක එන්ජෝය් කරනවා හරිද...

    ReplyDelete
  13. @ChammA අයියා- ම්ම්ම්ම්ම්... ඔව් අයියා ලස්සනයි ඒ සින්දුව..:)

    @Kasun අයියා-ම්ම්ම්ම්ම්ම්... මම කිව්වෙ අයියේ.. මේ එක්ක බැදුණු කතාවක් මටත් තියනවා..:) හදපු එකක්ම නෙවෙයි...:)

    ම්ම්ම්ම්.. මම දන්නවා... ඒත් ඒක වැඩ කලේ නෑ දවසක්. ඒකයි මෙහෙම දැම්මෙ. ආයෙත් ලියද්දි එහෙම කරන්නම්කෝ.. ස්තූතියි අයියට :)

    @මන්තරකාරි- ම්ම්ම්ම්ම්.... ඔව්. වැරදිකාරියක් තමා..:(

    @Tharinduhw122- හික්ස්ස්ස්ස්.... :) ඔව් ඔව්.. වෙනස් වෙයි.;) ඔව්.. හුගාක් අය ඇති... කියාගන්න බැරි දහසක් දේවල් හිතේ තියාගෙන..:)
    හ්ම්ම්ම්ම්.. සිරා වෙන්නෙ නෑ... හිතලා.. එහෙම වෙලා.. එන්ජෝයි කරන්න ඉතින්... දෙයක් නෑනෙ...:p

    ReplyDelete
  14. ඒකත් මටම කියන්න වෙච්ච හැටි. තටු සිඳුණ සමණළි 6 කොටස. කොමන්ට් නම්බර් 17 අන්න එකෙදි තමයි මේ ගැන අහල තිබුනේ අක්කේද අය්යෙක්ද, වගේ ටිකක් රැඩිකල් විදිහට. ඉතිං ඒකට තමයි ‍මං උත්තර දුන්නේ. දැන් ගිහින් ඒක කියලා බලල එමු.

    මං අය්ය කෙනෙක් ඔයා‍ට තවම අවුරුදු 2..යිනේ නේද.?

    ReplyDelete
  15. අනේ.... සමාවෙන්න ඕනෙ.. මට ඒක පෙනුනෙ නෑ.. මම ඇහුවා මතකයි.. ඒත් කොහෙද කියලා හෙව්වට හම්බුනෙ නෑ.. රැඩිකල්??? හප්පොච්චියේ...... :O හික් හික්... හ්ම්ම්ම්ම්....
    මට අවුරුදු 2 යි??? :O :/ හිකිස්ස්ස්ස්... දෙයියනේ එහෙම වගේද??? :/

    ReplyDelete
  16. ලියන ඒවගෙන් නම් පෙන්නේ ඊටත් අඩුයි වගේ :))))))))))))))))))) මං ...පෙලක් තියල තිබ්බේ. ඉතිරි ටික දා ගනයි කියලා. ඕනේ නම් ඉතිං මංම කියන්නම්. ඔච්චර සමාව ගන්න ඕනේ නෑ. ඇරත් පුංචි එව්වො කරන වැරදි ගැන අපි වැඩිය හිතන්නේ :P :P :P

    ReplyDelete
  17. ඔයා හිතනවනම් ඔයා වැරදියි කියලා ආදරේ කරන හැමෝමත් වැරදියි.. මේ මම උනත්..

    ReplyDelete
  18. @සිහිනයක මියැදුණ සිතක් -හයියෝ.....!!! එහෙමද??? :( :( ඒ තරම් අඩුවෙන්ද හිතෙන්නෙ?? ම්ම්ම්ම්ම්.....
    හි හි... හරි හරි ;) කමක් නෑ....

    @Dinesh අයියා- ම්ම්ම්ම්ම්ම්ම්ම්.... අනේ මංදා.. ඒත් අපි ආදරේ කරන කෙනාට, අපේ ආදරේ වදයක්නම්....?? අපි වැරදි නැද්ද???

    ReplyDelete
  19. හ්ම්ම්.. ආදරේ කරන එක වැරැද්දක් නම් මට කවදාවත්ම හරි දේ කරන්න ඕනෙ නෑ කියලා කථාවක් තියෙනවනේ නංගෝ,. ආදරේ විඳින්න.. එයා ඔයාගෙම නොවෙන එක දුකක් වුනත් එයාට තියෙන ආදරේ වෙනසක් කරන්න එපා. මම දන්නවා එයා කවදා හරි ඔයාව තේරුම් ගනීවි.. එතකන් ඉවසලා ඉන්න නංගෝ..

    ReplyDelete
  20. මම වැරදිකාරියක්....

    ReplyDelete
  21. @ප්‍රර්ථනා අක්කි- ම්ම්ම්ම්..... ඒකත් ඇත්ත අක්කෙ.හ්ම්ම්ම්ම්... ඒත් කවදාවත් තේරුම් ගත්තෙ නැත්තම්....
    අපි බලන් ඉමු නේද??? හ්ම්ම්ම්....

    @ මහී- ම්ම්ම්ම්ම්... මමත්....

    ReplyDelete
  22. ආදරේ බොලද වෙන්න ඕනෙනෙ... දැන් කවුද එහෙම නෑ කියන්නෙ...

    ReplyDelete
  23. අපි හිතනදේ ලැබේන්න අපේ ලොකයක් නොවේයි නඟා .. මේහි සෑමදේයක්ම ඉට හාත්පසින්ම වෙනස්.. එහේත්..මමනම් ලැබේනදේයින් සැනසේන්න පුරුදුවෙලා ඉනන්වා ..වෙන කරන්න දේයක් නැතිම තැන..මට තේරේනවා මම මේ ඉන්න තත්වය මට වගේම හිතටත් නිදහසක් කියලා.. මාව නවත්තපුතැන ගොඩාක් හොදයි තරඟකාරිත්වයේන් තොර නිදහසේ ගේවේන ජිවිතයට ගොඩාක් වටිනවා මට නම් ...:)
    my L i f e

    r
    u
    l
    e
    s

    (මමත් දුක් නොවිද කතාකරන අය්යේක් නොවේයි)

    ReplyDelete
  24. @පොඩි මෑන්-හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... :( අනේ මංදා..

    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙- හ්ම්ම්ම්ම්ම් දන්නවා අයියා. ඒත් සතුටකුත් නැති කිසිම හැගීමක් නැති ජීවිතේ මහ වදයක් නේද?? අනේ මන්දා. ඒත් තරගෙ, බලාපොරොත්තු නැති තැන දුක අඩුයි තමා...

    ReplyDelete
  25. හ්ම්....මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ නංගි.
    නියමෙට ලියලා තියෙනවා.

    ReplyDelete
  26. @නිසූපා අක්කා- ම්ම්ම්ම්ම්....:) ස්තූතියි අක්කි:)

    ReplyDelete
  27. ලියන්න ආපු ටික අමතක උනානෙ අෆ්ෆා....අලේ දැං මතක් කරල දෙන්නකො..එහෙම උනේ ඇත්තටම මේ වචන ටික හිතට දැනුනු හින්දාග
    ගොඩක් ලස්සනයි අදහස.ඒත් මේක හැගීමක් නම් ගොඩක් දුකයි...
    ඒත් කවදාවත් ඔයා වැරදිකාරයෙක්නම් නෙවෙයි..හිතන්න එපා එහෙම..

    ReplyDelete
  28. හි හි හි :) හ්ම්ම්ම්ම්ම්ම්ම්..... ස්තූතියි අයියා.. හ්ම්ම්... ආදරේ දුකක් තමා..:)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....