නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

22 September 2011

මේ ඉර හඳ යට.......








මේ ඉර හඳ යට හමුවුනු කොයි කවුරුත් දවසක වෙන් වෙනවා.වෙන් වීමක් ගැන හිතන්නවත් බැරි වුනත්, දවසක වෙන් වෙන්න සිද්ධ වෙනවා.ඒ වගේම තමා, හමු වුනු අය වෙන්වෙනවා. වෙන්වුනු අය හමුවෙනවා.මේ ඉර හඳ යට හමුවීම් වෙන්වීම් හැම මොහොතකම, ගත වෙන හැම තත්පරයකම සිද්ධවෙනවා.සමහරු ජීවිතේ ඇහි පිය හෙලන මොහොතකින් හමුවෙලා වෙන්වෙනවා.සමහරු ටික කාලයක් හිත ළග ඉදලා,කාලය ගෙවෙද්දි  කාලයත් එක්කම වෙන්වෙනවා.තවත් සමහරු ජීවිතේම වගේ වෙලා, මහා ගොඩාක් ආදරේ කරලා,තනියට ළගින් ඉදලා, හිතේ අන්තිම පතුළෙම පැලපදියම් වෙලා, අවසානයේ මහා දුක් ගින්දරක් ජීවිතේට එකතු කරලා, වෙන්වෙලා යනවා.ඒ වගේම සමහර අය අපේ ජීවිත වලට ඇවිත් වෙන්වෙලා ගියත්, ඒ මතකය ඉතිරි කරලා යනවා.සමහර විට ජීවිතේ කිසිම දවසකදි ඒ මතකය අමතක කරන්න බැරි තරමටම අපි ඒ අයට ළං වෙලා ඉඳලා.


එදා ඉඳන් මගේ ජීවිතේට හමුවුනු  හුගාක් අය මේ වෙද්දි හුගාක් ඈත් වෙලා ගිහින්. හරියට ඔයා වගේම.  එදා ආදරෙන් කතා කරපු අය, සෙනෙහස පාපු අය, අද ළග පාතකවත් නෑ...ලෝකෙ වෙනස් වෙනවා. කාලය ගතවෙනවා. අපිටත් නොදැනිම අපි අපෙන් ම ඈත් වෙලා.


ඔයා මගේ ජීවිතේට ආවෙ අහම්බෙන් වගේ. ඒත් ඒ සුන්දර අහඹුවට මම ආදරෙයි .මහා ගොඩක් ආදරෙයි.ජීවිතේ නොපතපු , නොහිතපු මොහොතක මගේ හිතට ළං වුනු ඔයා, මගේ හිත පුරාම දේදුනු පාට ආදරේ තැවරුවා.මාව වෙනස්ම කෙනෙක්  කරන්න ඔය හිතට පුළුවන් වුනා...සත්තයි මට ආඩම්බරයි අද මං ගැන.මම ලෝභ වුනේ ඔයාට නෙවෙයි.ඔය ආදරේට, ඔයාගෙ ලස්සනම ලස්සන,මිනිස් සුවඳ අඳුරන ,ලෙංගතුකම පිරුණු හිතට.ඒත්....හැමදේම වෙනස් වෙන මේ ලෝකෙ , වෙනස් නොවී තියේවි කියලා හිතන් උන්නු ඔයාගෙ ආදරේ ත් අද මා ළග නෑ...


කාලය ගත වෙලා.ඔරලෝසුවෙ  තත්පර කටු, මිනිත්තු කටු කැරකෙන්නෙ විදුලි වේගෙන්ද මංදා.දින සති මාස අවුරුදු ගෙවිලා යන ඉක්මණ.අද ඔයා කොහෙද?මම ඉන්නෙ කොහෙද? අපි දෙතැනකට වෙලා.අපි අපිට අහිමි වුනු දා ඉඳන් කාලය කොයිතරම් ගෙවිලාද?, මම දන්නෙ නෑ හරියටම...ඒත් ඔයා මේ අහස යට කොහේ හරි සතුටින් ඇති.ජීවිතේ විදවන්නෙ නැතිව සතුටින් විඳිනවා  ඇති.සත්තයි ම්ට් විශ්වාසයි,ඔය හිතට වරදින්නෙ නෑ.ඒත් අද නම් ,අපි අපිව වත් නාඳුනන ප්‍රේමවන්තයෝ වෙලා. ඔයායි, මමයි ,මේ ජීවිත ගමන ගෙවන්න සටන් කරන,තවත් එක නාඳුනන ප්‍රේමවන්තයෙක්,ප්‍රේමවන්තියක් වෙලා අවසානයි.


ඉස්සර අපි ඇවිදගෙන ගිය ඒ පාරවල්,මග දිගට තිබුණු ගහ කොළ, අද ඒ හැමදෙයක්ම ටිකින් ටික වෙනස් වෙලා..එදා අපි ඇවිදගෙන යන මග දිගට හමුවුනු අය අද එතන නෑ..ජීවිතේ එහෙමයි.කාලය එක්ක අද මහ වෙනසක් වෙලා.ඒත්...මගේ කඳුළු ළග තෙත් වුනු ඔය ඇස් මට තවමත් මතකයි. මගේ හිනා ළග දොඩමළු වුනු ඔය හිතේ සුවඳත් මට තවම  මතකයි.ඒ හැමදෙයක්ම අද , මතකයන් විතරක්ම වෙලා.හැම දෙයක්ම අතීතෙටම පවරලා අවසානයි.


අපි දැන අඳුන ගත් දා ඉඳන්, ටිකින් ටික දවසින් දවස, වැඩි වුන අපේ ආදරේ , මට  හැමදාමත් ආශිර්වාදයක් වුනා.  ඔයාගෙ දයාව කරුණාව පිරිච්ච හිත ළග මම තැන්පත් වුනා, අහිංසක වුනා.ලෝකෙටම සුවඳ විහිදගෙන ජීවත් වෙන්න,ලස්සනට හිතන්න, විඳින්න මට පුරුදු කලේ ඔයා.ලස්සන ඇඳුමක් තෝරන්න, කියවන්න හොඳ පොතක් තෝරගන්න,ලස්සන සිංදුවක් රසවිඳින්න මට ඉගැන්නුවෙත් ඔයා.ජීවිතේ සුන්දර හුගාක් දේවල් ළග නැවතිල්ලෙ, නිස්කලංකේ රසවිදින්න මම ඉගනගත්තෙ ඔයා දිහා බලලා.


ඒත් හැමදෙයක්ම මට උරුම කරපු ඔයාව මට අහිමි වෙලා. ඇස් රතු වෙලා, කම්මුල් කඳුළු වලින්ම  පෙගිලා ගිහින් ඒ අතීතෙ අමතක වෙනකම් මම ඇඬුවා.රෑ දවල් වෙලාවක් නැතිව මම පපුව රිදෙනකම් ඇඬුවා.ඒ තරම් ආදරයක් මට අහිමි කළාට , එදා මම දෛවයට ශාප කළා.ඒත්, එදා ඉදන් බැඳුණු සෙනෙහස නිසාම,ඒ අපරිමිත ආදරේ නිසාම, අදටත් මට ඔයා වෙනුවෙන් , අපි වෙනුවෙන් ,අපේ ආදරේ වෙනුවෙන්ම හෙළන්න කඳුළක් ඉතිරි වෙලා................




මේ ඉර හඳ යට හමු වී ආදරයෙන්
කතා කරපු අර සෙනෙහෙ වඩපු අය
ළඟ පාතකවත් නෑ......

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුණනා පෙම්වතුන් වෙලා........

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා......

ගායනය- විශාරද එඩ්වඩ් ජයකොඩි



ප.ලි- මම හුගාක්ම ආස කරන සිංදුවක්. හරිම හැගීම්බරයි..හිතට දැනෙන සිංදුවක්...නිකන්ම හිතුනු අදහස් ටිකක් ලිව්වා.....

Post Comment

34 comments:

  1. ඔන්න මම තමා අද පලවෙනියා. දැන් එහෙනම් කමෙන්ට් කරන්න පටන් ගමු.

    ReplyDelete
  2. මේ ජීවිතේ තියෙන්නේ හමුවීම් වෙනවීම් විතරමයි නංගෝ, කෙනෙක් දුරස් වෙද්දි තව කෙනෙක් ලං වෙනවා,. ඒත් එහෙම එන සමහර අයගේ මතකයන් අමතක කරන්න ගොඩාක්ම අමාරුයි,. ගලේ කෙටුව අකුරු වගේ ඒ අය අපේ හිතේ හැමදාමත් රැඳෙනවා,.. මමත් ගොඩාක්ම ආස සින්දුවක් නංගෝ මේ සින්දුව..

    හපෝ... මම දාන්න හදනකොට මධුරංග අයියා දාලනේ... :)

    ReplyDelete
  3. ඔයා මගේ ආදර කතාව එහෙම් පිටින්ම මටත් නොකියා ලියලා කියලා මට හිතෙන්නේ. මේ සුදු පාට පසුබිමේ මට මගේ කතාව මැවි මැවි පෙනුනා. හික්ස් :)

    මීට අවුරුදු තුනකට කලින් අහම්බෙන් වගේ තමයි මගේ ආදර කතාවත් පටන් ගත්තේ.මාසයකට වඩා කාලයක් යාළුවෝ විදිහට ඉදලා පස්සේ ඒ යාලුකම ආදරේකට පෙරලුනා. අපි අවුරුදු තුනක් ආදරේ කලා.

    ගෙවල් වලින් උනත් දැනගෙන හිටියා.

    නමුත් කාලයක් යනකොට මට හිතුනා එයා මගෙන් බලාපොරොත්තු වෙන සුන්දර ලෝකය මට ගොඩ නගන්න අමාරුයි කියලා. බෑ නෙමෙයි අමාරුයි කියලා. එතකන් ගෑනු ළමයෙක්ට ඉන්න දෙන්නේ නෑ කියලත් මම දැනගෙන හිටියා.

    මම ගොඩක් උත්සහා කලා ඒක එයාට පැහැදිලි කරන්න. ඒත් එයා තේරුම් ගත්තේ නෑ. මොකද එයා පොඩි කාලේ ඉදන් ගොඩක් සැපට හැදුන කෙල්ලෙක් නිසා.

    ඒ නිසා කනගාටුවෙන් දුනෙක් උනත් අපිට වෙන් වෙන්න සිද්ද උනා. ඒකට තවත් හේතු අභ්‍යන්තර ගැටුං එහෙමත් බලපෑවා. ගෙවල් වලින් කරපු බලපෑමුත් බලපෑවා.

    මම් උනත් ආස නෑ එයා මාත් එක්ක ඇවිත් දුක් විඳිනවට ඒ නිසා කරුණු පැහැදිලි කරලා වෙන් උනා.

    ඒත් තාමත් ඒ ආදරේ මගේ හිතේ තියෙනවා කියලා විතරක් කියන්නම්.

    ReplyDelete
  4. හිතු මට කියන්න දෙයක් ඉතිරි නෑ...
    ස්තුති හිත සැනසුවාට.

    ReplyDelete
  5. නෝ කමෙන්ට්ස් නංගා !!!

    ReplyDelete
  6. මටත් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ හිතූ....... මධුරංග අයියාගෙ කමෙන්‍ටුව දැක්කම ගොඩක් දුක හිතුනා... ජීවිතේ හැමෝටම සාධාරණ නෑ... ඒත් ඒවයින් නොසැලී ඉමු

    ReplyDelete
  7. Maduranga is a great man..dont worry bro....

    ReplyDelete
  8. @මධුරංග අයියා-ඔව් ඔව් ඔන්න අද පළවෙනිය.. හික්ස්...

    අයියා ඇත්තටම දුකයි.. ඔයා ශ්‍රේඨයි අයියා... කොල්ලෙක් ලේසියෙන් කරන්නෙ නැති හරිම කලාතුරකින් කරන පරිත්‍යාගයක් ඔයා කරලා.වෛරයක්, තරහක් නැතිව, යථාර්තය තේරුම් අරන් ඔයා කරල තියෙන්නෙ සැබෑම ආදරේ වටිනාකම පෙන්නපු එකකායියට වරදින්නෙ නෑ.. බලන්නකෝ අයියා. දවසක අයියට ඒ ආදරේම නොවුනත්,ජීවිතේ අහිමි වුනු දේවල් , ලගා කරගන්න බැරි වුනු දේවල් ළං කරගන්න පුලුවන් ව්එයි..
    විශ්වාසයි. ඔයා දිනයි...
    ජය වේවා අයියා...!!!!

    @ප්‍රර්ථනා අක්කි-හ්ම්ම්ම්ම්ම්. ඔව් අක්කි. ඇත්ත ඒකනෙ. හමු වුනොත්, වෙන්වීමක් තියන්වමයි...
    හික්ස්ස්. ඔව් මධුරංග අයියා ඉස්සර වෙලා.

    @රහස් පරික්ෂකයා- හ්ම්ම්ම්ම්ම්... එහෙම දෙයක් වුනානම්.. සතුටුයි.. තූතියි ඔයාටත්..:)

    @ChammA අයියා- හි හි... එහෙම බෑ.. කමෙන්ට් ඕනෙ...:p

    @විසිතුරු- අහ්හ්... හැමෝටම කියන්න දේවල් නැති වෙලා ඇයි මේ?? හ්ම්ම්ම්... ඔව් මාත් මධුරංග අයියාට විසිතුරු කියල තියන දෙයත් එක්ක එකගයි...

    @තනිඋන මම.. - යෙස්..!හී ඊස් ග්‍රේට්...!!!!

    ReplyDelete
  9. එදා මුළු ලෝකයක් ඉස්සරහ නොසැලුණු
    අපේ ආදරේ.....
    මුළු ලෝකෙම නැතිවුණත් මගෙ අතින් අල්ලගෙන
    මගෙ ලඟින්ම හිටපු ඔයා.....
    අද මතකයක්ම විතරක් වෙලා....
    හිත රවටන මායාවක් විතරක්ම වෙලා....
    මගෙ හිත පිස්සුවෙන් වගේ පිටිපස්සෙන් දුවන
    මිරිඟුවක් වෙලා......
    ඇස් ඇරගෙන දකින,කවදාවත්ම හැබෑ නොවෙන
    හීනයක් වෙලා......

    - - - - - - - - - - - - - - - - -

    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතය වත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමවූ සිහිනේ බිදුනා

    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරඳන සේ
    මාගෙ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ
    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරඳන සේ
    මාගෙ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියදුනේ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

    නිමේශයක් විය අපේ ලෝකේ
    සමනලයින් සේ පියඹූවත් එදා
    චපල හැගුම් ඔබේ මා දැවූයේ
    මායාවේ නෑ මා යලි බැදෙන්නෑ
    මායාවේ නෑ මා යලි බැදෙන්නෑ

    - - - - - - - - - - - -
    http://www.youtube.com/watch?v=TImUcB9Qzu0

    ReplyDelete
  10. ජිවිතේ කියන්නේ පොතක් හිතු. ඒ පොතෙ පිටු විටින් විට පෙරලෙනවා. ඒ පිටු අතර හිරවුනොත් අපිට ගොඩක් දේවල් ඒ නිසාම අහිමි වෙන්න පුළුවන්. පෙරලෙන පිටු ඉක්මනට කියවගෙන ඉස්සරහට යන්න පිටුවකට යටවෙලා අතර මග නතර වෙන්න එපා.

    හරිම ලස්සනයි හැමදාම වගේ ගලාගෙන එන වචන ටික ලස්සනට ගැලපිලා.

    ReplyDelete
  11. ලස්සනට ලියලා තියෙනවා හිතූ...... ගොඩක් දුක හිතුණා....

    මධුරංග අයියගෙ කතාව ට තව දුක හිතුණා..........

    ReplyDelete
  12. ඔයා ලස්සනට මේක ලියලා තියෙනවා නංගී...

    ReplyDelete
  13. මට කොහොම හරි අන්තිමට ඔය සිංදුවත් දලා හඩන්න සැලැස්සුවා නේද..අනේ මංදා... මගේ අදහස සහා මම කරමින් යන දේයනම් අප ට ආදරය කරන අයත් ඇති අපි ඔහුනද බලා ගත යුතුයි මංදයත් අපි හිතන ආදරය නොලැබේන බැවිනි...෴

    දැන හඳුනා ගත් කාලේ ඉඳලා
    ළබැඳි දයාවෙන් සිටිය නිසා
    අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
    හෙටටත් කඳුළක් ඉතිරි වෙලා......

    ReplyDelete
  14. අපෝ චූටී නංගි මම් එහෙම ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙමේ. නිකම් කොල්ලෙක් විතරයි. මම් ආදරේ කරපු කෙනාට දුක් විඳින්න දෙන්නේ නෑ කියන එක විතරයි හිතුවේ.

    ඒ උනාට මම් ලොකු උත්සහයක් ගත්තා මම් ජීවත් වෙන විදිහට රු වෙන්න කියලා කියන්න. නමුත් එයා ආස නෑ එහෙම ඒ ජීවිතේට හුරු වෙන්න.

    ඒ නිසයි අපට මේ තීරණය ගන්න උනේ. කවදා හරි එයාට හිතුනොත් මාත් එක්ක ඇවිල්ලා දුක් විදින්නේ නැතුව වෙන එකෙක් එක්ක ගියානම් සතුටින් ඉන්නවනේ කියලා. ඒක කොච්චර දුකක් වේවිද...

    මාව ලැජ්ජ කරන් නැතුව නිකා ඉදින් නංගි. හික්ස් :)

    ReplyDelete
  15. ඔයා මේ කියල තියෙන්නේ මටයි කියල හිතුන...මැරෙනකම්ම විඳවන්න වෙනවා මට...ඒක තමා මට ලැබුනේ තෑග්ග..

    ReplyDelete
  16. @වවුලා-ම්ම්ම්ම්ම්ම්..... ඔව්. හැබෑම නොවෙන හීනයක් වෙලා තමයි.:)
    ලස්සන සින්දුවක්....මම ආසයි...:) හුගක් කාලෙකින් වවුලට මාව මතක් ව්උනාට ස්තූතියි...!!!

    @සිහිනයක මියැදුණ සිතක් - ඇත්ත.. කියවගෙන කියවගෙන නොගියොත් හිර වෙනවා තමයි..:) හොද අදහසක්..:)
    ස්තූතියි අයියා..

    @මහි - ස්තූතියි යාලු.. මොනා කරන්නද? ජීවිතේ දුකක් තමා වෙලාවකට.
    හ්ම්ම්ම්ම්ම්... මධුරංග අයියගෙ කතාව සංවේදී..

    @Dinesh අයියා- ස්තූතියි අයියා...!!!

    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ - හ්ම්ම්ම්ම්... ඒක ඇත්ත. අපිට ආදරේ කරන අය ගැන බලන්න ඕනෙ.අනේ... අඩන්න එපා අයියා.:)

    @මධුරංග අයියා- ඒ වුනාට ලොකු අයියේ... ඒක හරි උතුම් වැඩක්. එහෙම පරිත්‍යාග කරන්නෙ නෑ.. හැමෝම..
    කිසිම ලැජ්ජවක් නෑ :/

    @Gimhani- ම්ම්ම්ම්.... ඔයාට විතරක් නෙවෙයි මේ තෑග්ග ලැබිල ඇත්තෙ. දුක් වෙන්නෙපා. කාටවත් හැමදාම දුක, විද්වීම තියෙනෙ නෑ.. ඔයාට හිනා වෙන්න, ජීවිතේ විදින්න දවසක් එයි...

    ReplyDelete
  17. කමෙන්ට් එකක් නැත..

    ReplyDelete
  18. මට ඔයාගෙ කතාව කියවනකොටම ඔය සින්දුව මතක් වුනා.තව සින්ව්වක් මතක් වුනා.

    "මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ ඔබේ කතා මට තවම ඇසේ" කියලා සින්දුවක් අහලා තියෙනවද මංදා.

    මදුරංග මල්ලි ගැන දුකයි.ඔයා ශ්‍රේෂ්ඨ වැඩක් නේන්නම් කරලා තියෙන්නෙ.

    ReplyDelete
  19. ජීවන මහ මඟ සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා.....

    මේක කොච්චර හිතට වදිනවද......
    මටත් තියෙනව ඔය වගේ අමතක කරන්න ඕන ඒත් අමතක වෙන්නෙ නැති මතකයන්.....
    ඔය පද දෙක සිංදුව අහන අහන වාරයක් ගානෙ හිතට වද දෙනව...

    ReplyDelete
  20. @පොඩි මෑන්- හෆ්ෆෝයි.... ඔයාටත් කියන්න දෙයක් නැද්ද...? හි හි

    @සීතල අයියා - හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්....

    @නිසුපා අක්කා- ඔව් අක්කා. මමත් අඅසම සින්දුවක් ඒක. අහලා තියන්වා..හුගාක් කැමතියි..:)

    @පිසාචයා - ඒක ඇත්ත සහෝ.. මාත් ආසම පද පෙළ ඒක.. හුගාක් හිතට දැනෙනවා...

    ReplyDelete
  21. ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක් හිතු ආදරේ කියන්නේ ඊටත් වැඩිය පුදුම දෙයක්. අපි කාට හරි ආදරේ කරන කොට එක අපේ ජිවිතේ කියල හිතනවා. සමහර වෙලාවට ඒ කෙනා එහෙම හිතන්නේ නැ. එයා ආදරේ විහිලුවකට ගන්නවා. මමගේත් ආදර කතාව නැවතිලා දැනට අවුරුද්දක් විතර වෙනවා එයා වෙනුවෙන් මම අවුරුදු 4 ක් කාට වැඩි කාලයක් බලන් හිටිය. එත් එයා තේරුම් ගත්තේ නැ පස්සේ මට තේරුණා මගේ ආදරේ වෙන්දේසි වෙනවා කියල ඒ නිසා මම එයාගේ අකමැත්තෙන් උනත් අපේ තිබුණු සම්බන්දෙත් නැවැත්තුව. එත් දැන් අවුරුද්දකට වැඩිකාලයක් ගිහිනුත් එයාව මට මතක් වෙනවා. නමුත් ආදරේ නැතිතැනක ජිවත් වෙන්න මගේ හිත මට ඉඩ දුන්නේ නැ. සමහර විට මම වැරදි ඇති. නමුත් මගේ හිතට හරි කියල හිතුනු දේ මම කලා කොහොම උනත් තාමත් මම තාමත් තනියෙන්. එයා ........????
    කොහොම උනත් ඔයාගේ කතා හැම එකක්ම ඇත්ත ...

    ReplyDelete
  22. පිස්සු හැදෙයි සද බැබලෙයි කිවාලු,නිකන් හිතුන නිසා කිවා කිවට මේක ගොඩාක් ජිවිතේ අත්දැකිමක් තමා හිතු...

    මධු මෙහෙමයි කියලා දැන ගෙන උන්නේ නැනේ.... වාව් නියමයි අය්යේ.. ආදරේ කියනදේ ගොඩාක් හොදට තේරුම් අරන් තියන ඔයාට වරදින්නේ නැ

    ජය වේවා

    ReplyDelete
  23. අනර්ඝ ලිපියක් ලස්සන බස් වහරක් යොදා තිබෙනවා කියවන්න ආස හිතෙන ලස්සන නිර්මාණයක්
    ඇත්තටම මේ සිංදුව මාත් ගොඩක් වෙලාවට අහන එකක් අද කලේ තිබෙන සමහර සිංදු එක්ක සන්සන්දනය කරණ කල අමුතුම නිර්මාණයක් හදවතටම කථා කරන්න පුළුවන්

    ReplyDelete
  24. ම්ම්ම් උඩ ඉදන් කියවගෙන එනකොට හිතට දුක හිතුනත් මේක තමයි නංගි ජීවිතේ.බලාපොරොත්තු වෙන හැමදේම අපිට ලැබනොත් ඒකෙ කිසි ආතල් එකක් නෑනෙ.
    "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...එක් වූ පෙම්වතුන්,..... සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි... "කියල අහල තියනවනෙ නංගි.

    ReplyDelete
  25. @N N K -අන්න ඒක තමා සහෝ. ආදරේ කියන්නෙ ජීවිතේමයි කියල හිතුවොත් සදාකාලික දුකක් තමා.:( :(
    ම්ම්ම්ම්... ආදරයක් නැත්තම්, එතන සම්බන්ධයක් පවතින්නෙ නෑ.. මං හිතන්නෙ එහෙමයි..රැවටෙන්න කලින්ම වෙන්වෙනෙක හොදයි. අනේ මංදා. ඔයා හොයන විදියෙ ලස්සන ආදරයක් ලැබෙයි ඔයාට.. දුක්වෙන්නෙපා. අපි බලමු...


    @දේවා ගේ අඩවිය - හි හි.. ඔව් ඔව්. මෙහෙම අත්දැකීම් හුගාක් අයට ඇති.:)
    ඔව් මාත් එකගයි. මධුරංග අයියාට වරදින්නෙ නෑ...

    @Pushpe Ayya -ම්ම්ම්ම්ම්ම්ම් ස්තූතියි සහෝ...
    ඔව් අද කාලෙ සමහර සින්දු එක්ක බලද්දිනම් මේ සිංදුව හදවතටම කතා කරන හරිම ලස්සන සින්දුවක්..
    ස්තූතියි මේ පැත්තට ආවට.:)

    @~~තරූගේ ලෝකය~~ - ඔව් අයියා. මමත් ඒක අහලා තියනවා. අනේ මංදා. ජීවිතේට මේ හැමදෙයක්ම අත්දැකීම්...:) කාලය ප්‍රශ්න විසඳනකම අපි බලන් ඉන්නවා..

    ReplyDelete
  26. ඇත්තටම මගෙ ලොකෙම මේ සින්දුවෙන් ඔයා ගොඩක් ලස්සනට ලියලා තියෙනවා..හිතුවෙවත් නැති දවසක යාලුවො උනු අපි දෙන්නා ලස්සන ආදර කතාවක් උනා. එයා මගෙ ජීවිතෙම හැදුවා. ඔය කිවුව විදිහටම....එයා මට ජීවීතය කියලා දුන්නා. ගොඩාක් ලස්සනට.....අපිව දැකපු හැමොම කිවුවෙ prefect couple කියල.එත් අඩ වෙද්දී මන් එයව නැති කර ගෙන.එයා එච්චර ඉක්මනට වෙනස් උනේ කොහොමද කියන්න මන් දන්නේ නැහැ.මගෙන් වැරදි උන....එත් අපි ටිකක් ඈත් උනු වෙලවෙදී කොහෙදො හිටපු හොරෙක් එයාගේ ලස්සන හිත මගෙන් උදුරා ගත්තා.. ඇස් රතු වෙලා, කම්මුල් කඳුළු වලින්ම පෙගිලා ගිහින් ඒ අතීතෙ අමතක වෙනකම් මම ඇඬුවා.රෑ දවල් වෙලාවක් නැතිව මම පපුව රිදෙනකම් ඇඬුවා.ඒ තරම් ආදරයක් මට අහිමි කළාට , එදා මම දෛවයට ශාප කළා..ඔය කියපු හැමදේම මාත් කරා...එත් තව එක දෙයක්...මන් හැමදාම එයා එනකන්කම් මග බලන් ඉන්නවා....මුලු ජීවිත කාලෙම....මන් ආයෙ කවදවත් කාටවත්ම අදාරෙ කරන්නෙ න්හ...හැමදම මන් තනියෙන්මා ඉන්නවා....

    ReplyDelete
  27. ම්ම්ම්......... දුකයි ඔයාගෙ කතාව.හැබැයි ඔය කතාව ඔය විදියටම සිද්ධ වුන පළවෙනි කෙනා ඔය නෙවෙයි..ඔයාට විතරක් නෙවෙයි ඔහොම වුනේ...තව හුගාක් දෙනෙක් ඔහොම විඳවනවා යාලු...:( කාලය සමහර දේවල් වෙනස් කරනවා.බලන් ඉමු..කාලය වෙනස් කරයි!!

    ReplyDelete
  28. මේක සිද්ද උනු පලවෙනි කියල මන් නෙමේ කියලා මන් දන්නවා. එකම දේ දෙපාරක් උනු කෙනා මන් වෙන්න ඇති.එක්කො මන් ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති.නැත්තම් මන් කරන ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති.කාලේ හැමදේම විසදයි කියාලා තමා මාත් බලාගෙන හිටියේ.එත් විසදුවේ මෙහෙමයි යාලු.එක පොඩි කතාවක් නෙමේ. ලොකූ කතාවක්..........

    ReplyDelete
  29. ම්ම්ම්ම්ම්.. එකම් දේ දෙපාරක් නෙවෙයි හුගාක් සැරයක් ව්උනු අය ඇති...:) දුක් වෙන්න එපා. පසුතැවිලිවෙන්නත් එපා. අපි බලමු...ඔය ලොකු කතාව ලියන්න බලන්න...හිත හැදෙන්න හරි, කැමති නම්..

    ReplyDelete
  30. ලියනවා හිතු....ලියනවා....මන් මේ වෙනකොටත් ඒක අකුරු කර ගෙන යනවා...හැමදාත් මන් පොතක ඒක ලියනවා...එයාට එක දෙන්න කවදාහරි, කොහොමද මන් මගෙ දුක තනියෙම දරා ගත්තේ කියලා....

    "හුස්ම තරමට ලගින් උනු ඇය ....මටත් නොදැනීම වෙන් වෙලා...."
    කියන ඒ තිත්ත ඇත්ත, අදටත් මගේ මුරන්ඩු හිත පිලි ගන්නේ නැහැ..මොකද මන් තාමත් එක නපුරු හීනයක් කියලා හිතලා මාවම මන් රවට්ට ගන්න හින්දා....මට එහෙම ශක්තියක් නැති හින්දා.....

    හදවතේ නිදන් ගත වූ අප්‍රමාන දරදඩු ඉලන්දාරි ස්නෙහයට එරෙහි වූ ඔබ, කියා දෙන්න මට ඔබෙන් ලද හැගුම්බර,අතිශය ආදරණීය වූ ප්‍රේමයද කදුලූ බිදක් වූ විරහවක අවසානයක් බවටම....

    ReplyDelete
  31. හරිම වේදානාකාරීයි...ඔය අකුරු පපුවටම වදිනවා.. ඔය වචන හිත ඇතුලෙන්ම අවංකවම එන වචන කියලා දැනෙනවා...ලියන්න යාලු...
    පුලුවන්නම් මේ බ්ලොග් අවකාශයෙ ලියන්න..දවසක අපිට කියවන්න. අඬන්න හරි කමක් නෑ....

    ReplyDelete
  32. ලියන්නම් හිතූ..මගේ තනි උනු මගෙම හිතට දැනෙන ඒ සොදුරුතම මතකයන් මාත් එක්ක හොරෙන් හොරෙන් කොහොම්ඩ සෙල්ලම් කරන්නෙ කියලා මන් ලියන්නම්...මන් අකුරු කරන්නම් එ කදුලු ටික...කාටවත්ම අඩන්න නෙමෙ... ආදරය කියන එ හැගුම කොහොමද අපිට සතුට දුක දෙන්නේ කියන්න...එයාගේ මියැදුනු ආදරයත් එක්ක මන් කොහොමඩ ජීවත් වෙන්නේ කියන්න....

    ReplyDelete
  33. අවසරයි පියනගන්නටත්...හැගීම අකුරු කරන්නටත්... අපුර්ව වු බ්ලොග් අවකාශයේ හිද...(SKB)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....