නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

26 September 2011

-මගේ රත්තරං අම්මා-






"දොයි දොයි දොයි.... දොයිය බබා...."

හැම අම්මා කෙනෙක්ම තමන්ගෙ දරුවව නළවන්න ගයන නැළවිලි ගීයක්ම වගේ, මගේ අම්මත් මං පුංචි කාලෙ මාව මෙහෙම ගී කියලා නැළෙව්වලු.කුළුඳුලේම අම්මාට උපන්න අම්මගේ එකම දෝණියැන්දා මං වෙච්චි කොට, පණටත් වඩා ආදරෙයි මට.

හැම අම්මා කෙනෙක්ම තම්න්ගෙ කුසට දරු පැටියෙක්, ආව දා ඉඳන් ඒ පැටියට ලෝකෙ පෙන්නන්න පුළුවන් හොදම විදිය ගැන හීන බලනව .ඒ දරුපැටියා මේ ලෝකෙ එළිය දකිනකම් ඉවසිල්ලක් නැතිව අම්ම කෙනෙක් බලන් ඉන්නෙ , කප්පරක් ආදරේ දෝරෙ ගලන්න දෙන්න වෙලාවක් එනකම්.ඇගේ දුවන ලේ ටික කිරි වෙන්නෙ ඒ ආදරේ බලයෙන්.අම්ම කෙනෙක්ගෙ ආදරේ තරම් උතුම් ආදරයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ.කුසේ දාරගෙන දුක් විඳගෙන මේ ලෝකෙට ඒ දරු පැටියව බිහි කරපු මොහෙතේ ඉඳන් අම්මා කෙනෙක්ට , වෙන ලෝකයක් නෑ ඒ දරුවා හැර.මගේ අම්මාටටහ් එහෙම්මයි.

පුංචිම කාලෙ මං දණ ගාද්දි, බඩ ගාද්දි, අම්මා මගෙ පස්සෙන්ම ඉදන් මාව ඇහැක් වගේ පරිස්සම් කලේ හීරීමක්වත් වෙන්න නොදී.හැම අම්ම කෙනෙක්ම වගේ මගේ අම්මා මට මේ ලෝකෙ තියන හොදම දේ දෙන්න තමා උත්සාහ කළේ.පුංචි කාලෙ ඇවිදිද්දි, මං වැටේවි කියලා බයට ,අම්මා මාව වඩාගෙනම ඉඳලා. මට හුගාක් කාලයක් යනකම් හරියට ඇවිදින්න බැරි වෙද්දි, ආච්චි අම්මාලා, නෑදෑයො බනිද්දි තමයි අම්මා මාව බිමින් තියලා ඇවිද්දවන්න අරන් තියෙන්නෙ.

අත් රැළි වැටෙනකම් දවස පුරාම මාව වඩාගෙන ,කුරුළු පැටව්, සමනළයෝ පස්සෙන් දුව දුව මගේ බංඩිය පුරවන්න අම්මා නොකරපු දෙයක් නෑ..හරියට නාගන්න, වෙලාවට කන්න, ටිකක් සැපට නිදාගන්න මං පුංචි කාලෙ අම්මට බැරි වුනා.අම්මාගෙ ආදරේ හැටි, ඒක තමයි කැපවීම. කිසිම දවසක මගේ අම්මා විතරක් නෙවෙයි,කිසිම අම්ම කෙනෙක් දරුවො වෙනුවෙන් කැපවුනාට දෙස් තියන්නෙ, පසු තැවෙන්නෙ, දුක් වෙන්නෙ නෑ.ඒකයි අම්මා  කෙනෙක්ගෙ ආදරේ උතුම් වෙන්නෙ.මේ ලෝකෙ අම්මා කියන නමට, ඒ වචනයට දෙන්න හරිම  අර්ථ කථනයක් නැතිවැති.....


දුඹුරු පාට  හීනි පුංචි ඇස්, රත්තරං පාට මූණ, කළුම කළු බොකුටු ඝනකම කොණ්ඩෙ නිසා එදා ඉඳන්ම මගේ අම්මාට තිබුනෙ හරි අමුතු ලස්සනක්.හැබැයි ඉතින් අම්මගේ දෝණි වෙච්චි මටනම් ඒ කොණ්ඩෙ හැර අනිත් එක ලක්ෂණයක්වත් උරුම වුනේ නෑලු.( දුක තමා :( ) . චූටී කාලෙ ඉදන් අම්මා එක්ක පාරෙ යද්දි ,ගමන් යද්දි "දුව නම් ඔයා වගේ නෑ... තාත්තා වගේ නේද??" කියලා හම්බෙන හම්බෙන අය කියද්දි, මම රවලා වගේ බලන්නෙ ,"ඇයි මං කැතද?"  අහන්න වගේ."තාත්තා වගේ වුනාම මොකද, අම්මා වගේම වෙන්න ඕනෙද?" නොරිස්සුමට එහෙම හිතුවට මොකද, මගේ පුංචි හිතේ එදා ඉඳන් තිබුනා, "අනේ මමත් අම්මා වගේම වුනානම්" කියලා.

කාලයත් එක්ක අපේ පුංචි ලෝකෙට මල්ලියා ආව දා ඉඳන් අම්මගෙ වැඩිපුර අවධානෙ තිබුණෙ මල්ලිට.මං පුංචි කාලෙ වගේම මල්ලියා ගැනත් අම්මා බැලුවෙ එකම විදියට.මල්ලියා ආව කියලා අම්මගෙ ආදරේ වෙනස් වුනේ නෑ.ඒක දැනෙන්නෙ , තේරෙන්නෙ හරියටම අදයි.ඒත් මං චූට් දවස් වල, අවුරුදු 6ක් 7ක් කාලෙදි හිතුවෙ අම්මා මට වඩා දැන් මල්ලිට ආදරෙයි කියලා.මට තවමත් මතකයි මං එක දව්සක් පාට කූරකින් ගෙදර කාමරේ බිත්තියෙ පොල් ගෙඩි අකුරින් ලිව්වා," අම්මා දැන් මට ආදරේ නෑ" කියලා.හුගාක් පස්සෙ කාලෙකදි මතකයි මට අම්මා කිව්වා. "එදා ඒක දැක්කම නම් මගේ පපුව පිච්චුනා" කියලා.

එදා පුංචි කමට, නොතේරුම් කමට එහෙම කිව්වට මොකද, ආයෙත් කිසිම දවසක එහෙම කියන්න බෑ මට,කියන්නෙත් නෑ... මගේ අම්මා තරම් මට ආදරේ කරන වෙන කිසිම කෙනෙක් නෑ මේ ලෝකෙ.(තාත්තාත් ඒ තරම් ම ආදරෙයි තමා.). ජීවිතේ සිද්ධ වුනු හුගාක් දුක් කරදර ළගඳි මට තිබුණු එකම හයිය මගේ අම්මා.මටයි මල්ලිටයි ලෙඩක් හැදුණත්, අම්මා එක මොහොතක් නිදාගෙන්නෙ නෑ සැනසීමෙන්.හිතේ බයට. අපි ගෙදරට එන්න මොහොතක් පරක්කු වුනත් අම්මා ඉන්නෙ බයෙන්. කොයි තරම් උස් මහත් වුනත්, වයසින්   මුහුකුරා ගියත් අම්මාලාට අපි පොඩි ළමයි. ඒ ආදරේ නිසාමයි.

මගේ ජීවිතේ කඩා වැටුණු , අන්තෙටම පසු බැහැපු , මැරෙන්න දුක් විඳපු හුගාක් අවස්ථා වලදි, මගේ රත්තරං අම්මා ඇස් වල කඳුළු හංගගෙන මට ධෛර්ය දුන්නා. ශක්තිය දුන්නා. මගේ කඳුළු ළගදි ඒ හිත සිය දහස් ගණනක් කෑලි කෑලි වලට බිදීලා යන්න ඇති. ඒත් මගේ සුදු අම්මා , හිනා වෙලා මට ජීවිතේ පෙන්නුවා.පොඩිපට්ටම් වෙන්න ගියපු ජීවිතේ ලස්සන කරන්න, ආදරෙන් පුරවන්න මට උදව් කලා.සත්තයි මම ජාති ජාතිත් ණය ගැතියි මගේ රත්තරං අම්මේ.......මගේ අම්මට දීර්ගායුෂ වේවා...!!!!!


මගේ සිනා ළගත්, මගේ කඳුළු ළගත්
හැමදාකම එකම ලෙසට
ආදරේ මහා ගොන්නක් තුරුළු කරගෙන
සෙනෙහසේ කඳුළු වලින් 
ඇස් තෙත් කරගෙන
ජීවන ගමන් මග යන්නට
තව තවත් දිරි දෙන ශක්තිය දෙන
මගේ ම ආදර සුදු අම්මා නුඹ..........
හිමි වීම් අහිමි වීම් වෙන්වීම්
සෑම දේ අතරෙම
නොවෙනස්ව  එක ලෙසම 
නුඹ දුන්නු සෙනේ කඳට
සදා ණය ගැතියි මා නුඹට......
මතු මතුත් උපදින හැම භවයකම
නුඹ මගේම අම්මා වෙන්නට 
මා නුඹේම දෝණී වන්නට
පාරමී පුරමි මම සසර පුරාවටම..........


ප.ලි - හුගාක් දව්ස ඉඳන් අම්ම ගැන ලියන්න හිතන් උන්නත් ලියාගන්න බැරි වුනා.ඒත් අදනම් ලියන්නම හිතුවා. මොකද ,අද මට අම්මා ළග නැති පාළුව ගොඩාක් දැනෙන නිසාම.පුංචි පුංචි පරීක්ෂණ කීපයකට අම්මා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා. :( :( හිතුවක්කාරිට හුගාක් පාළුයි..

Post Comment

21 comments:

  1. ගොඩාක් ලස්සනයි නංගි...ඔයාගෙ අම්මට ඉක්මන් සුවය මම ප්‍රාර්තනා කරනවා....!!

    ReplyDelete
  2. අම්මා කියන්නෙ අපිට දැනෙන්න,පේන්න වගේම නොදැනෙන්න,නොපෙනෙන්නත් එකවගේ ආදරේ කරන,කොච්චර වැරදි වැඩක් අපි කරත් කිසි තරහවක් නැතිව කටපුරා "පුතේ" කියන,හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන උතුම් කාන්තා චරිතයක්......හරිම සංවේදී විදියට ලියලා තියනවා හිතූ....ඒ වගේම අම්මට දෙයියන්ගෙ පිහිටෙන් ඉක්මනටම සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා........

    ReplyDelete
  3. අපිට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන දෙන්නගෙන් කෙනෙක් තමයි අම්මා..දවසක් හරි අම්ම ළග නැති උනාම ඒ පාළුව තනිකම හොදට දැනෙනවා , හිතු ගේ අම්මා කරපු පරීක්ෂණ වලින් කිසිම නරකක් වෙන්නේ නැතිව හොද ප්‍රථිපල ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :)

    හිතු ගේ අම්මා නම් ගොඩක් හොදයි කියලත් මාත් දන්නවා , ඇයි ඉතින් ඒ බව ඔයා ගේ කතාවෙම කියලා තියෙනවනේ..ආ අමතක උනා ඒ ඔයාගේ නෙවයි මධු ගේ කතාවේ .. ;)

    ReplyDelete
  4. අම්මා කියන්නේ අපි කාගේත් ජිවිත වල අයිති කාරී. අම්මාගේ ආදරේට සමාන කරන්න පුළුවන් දෙයක් තව නෑ මේලෝකේ. අම්මා ගැන ලස්සනට ලියල තියනවා. ඔයාගේ අම්මට ඉක්මනට සනීප වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  5. හැම අම්මා කෙනෙක්ම ඔහොම තමයි....

    සියක් ආයු ලැබ
    මගෙත් ආයුගෙන
    මටත් වඩා කල් ඔබ ජිවත් වේවා...

    අම්මට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා.....

    ReplyDelete
  6. හරිම ලස්සනට අම්ම ගැන අදහස් ඔක්කොම ගලපලා නංගෝ.. අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාගේ මේ අක්කිත්.

    ReplyDelete
  7. ඔයාගේ අම්මට දලදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුව පතනවා. ඒ වගේම ඔයා කියලා තියෙන දේවල් ගොඩක්ම හිත වදිනවා.


    අද නම් මම් ගොඩක්ම ප්‍රමාදයි වගේ.

    ReplyDelete
  8. තුස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටෙන් ආරක්‍ෂවෙන් ඔයාගේ අම්මට සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .

    ReplyDelete
  9. ගොඩාක් සංවේදි පොස්ට් වලදි මට මගේ ඇස් වලින් කදුලු එන එක නතර කරගන්න බැ... හිතු ඇත්තමයි මේ පොස්ට් එක මගේ නෙතට කදුලක් ගෙනවා,,,

    අම්මට ඉක්මනින් සුව වෙලා හිතු ලගට එන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා

    ReplyDelete
  10. ඔයාගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා නංගී... අම්මා කෙනෙක්ගේ ආදරේ අසමසමයි....

    ReplyDelete
  11. ඔයාගෙ අම්මා ගැන, එයාගෙ ආදරේ ගැන හරිම ලස්සනට ලියලා තියෙනවා. ඔයා ලියපු ලිපි වලින් මගෙ හිතට වඩාත්ම තදින් දැනුන ලිපියක් මේක.

    ඔයාගෙ අම්මාට ඉක්මනින් සුවය ලැබේවි. බුදු සරණයි.

    ReplyDelete
  12. හැම අම්මා කෙනෙක්ම ඔහොමයි නංගි.නංගිගෙ අම්මාට කිසි කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  13. අම්මා කියන්නේ වයා නිමකල නොහැකි තණුවක්. ගයා නිමකල නොහැකි ගීතයක් කොපමණ වැයුවත් කොපමණ ගැයුවත් මදි මදි මදි.

    ලිපිය ලස්සනයි.

    ඉක්මනටම අම්මට සනීප වෙන්න කියලා පතනවා.
    ‍ඔයාගේ අම්මට ඉක්මනින්ම සනිප වුනාමත් පොස්ට් එකක් ලියන්න හොදද :D

    ReplyDelete
  14. @~~තරූගේ ලෝකය~~ -ස්තූතියි අයියා...!! හුගාක් ස්තූතියි..:)

    @වවුලා -හ්ම්ම්ම්ම්ම්ම්ම්.. ඇත්ත වවුලෝ... අම්මා ගැන කියන්න මොනතරම්නම් දේවල් තියෙනවද.හුගාක් ස්තූතියි..!!!

    @ChammA අයියා- ම්ම්ම්ම්... ඔව්. අම්මා වගේම තාත්තා ත් එහෙමයි. මේ ලෝකෙ අපිට වැඩියෙන්ම ආදරේ කරන්නෙ එයාලා.අම්මා නැතිව දවසක් වත් ඉන්න ගියාම මොනතරම් අමාරුද කියලා , පාළුද කියලා හොදටම දැනුනා. හුගාක් ස්තූතියි අයියාගෙ ප්‍රර්ථනාවට.:)
    හෆ්ෆෝයි....!!!! කොහෙන් ගියත් අයියාටනම් මධූ ගෙ කතාව අල්ලගන්නෙ නැතිව බෑ නේද??:p :p :p ඔව් ඔව්. මධූ ගෙ අම්මාත් හොදයි..:)


    @N N K- හුගාක් ස්තූථියි සහෝ... ඔව්. අම්මා ගෙ ආදරේ සම කළ හැකි දෙයක් නෑ....


    @රහස් පරික්ෂකයා - ම්ම්ම්ම්ම්... ඔව්.. හැම අම්මා කෙනෙක්ගෙම ආදරේ හුගාක් උතුම්... ස්තූතියි සහෝ...


    @ප්‍රාර්ථනා අක්කි- හුගාක් ස්තූතියි මගේ අක්කි.. ඔයාල හින්දා මගේ හිතට හයියයි..:)

    @මධුරංග අයියා- ම්ම්ම්... ස්තූතියි ගොඩාක් මගේ ලොකු අයියාටත්..:)
    හයියෝ... ප්‍රමාද වුනාට මොකද, අයියා ඉන්නවනෙ කොහොමහරි..:)

    ReplyDelete
  15. @සඳරු අයියා- හුගාක්ම ස්තූතියි අයියා.:)

    @දේවා ගේ අඩවිය - ම්ම්ම්ම්.... අම්මා කෙනෙක්ගෙ ආදරේ ගැන හරිම ලස්සනට ගළපන්න පුළුවන් සහෝ.. මීටත් වඩා ලස්සනට. එහෙම වුනාම හිතට දැනෙනවා තමා.අම්මා කෙන්ක්ගෙ ආදරේ ළග ඕන හදවතක් සංවේදී...
    හුගාක්ම ස්තූතියි ඔයාගෙ හද පිරි ප්‍රර්ථනාවට.:)


    @Dinesh අයියා- ඔව් අයියේ.. අම්මාගෙ ආදරේ අසමසමයි... හුගාක් ස්තූතියි අයියාටත්..


    @විසිතුරු -ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ස්තූතියි සහෝ.. මමත් හිතනවා.ඒත් මට අම්මා ගැන ලියපු මේ ලිපිය ගැනනම් කොයිතරම් ලිව්වත් හිතට මදි..:(
    හුගාක් ස්තූතියි සහෝ.. බුදුසරණයි..!!

    @නිසූපා අක්කා- ස්තූතියි අක්කා...:)


    @සිහිනයක මියැදුණ සිතක් - ම්ම්ම්ම්.. ඇත්ත කොයිතරම් කිව්වත් ලිව්වත් ඉවරයක් කරන්න බෑ අම්මා ගැනනම්.
    ස්තූතියි අයියා..:) හරි ලියන්නම්කෝ....

    ReplyDelete
  16. පෝස්ට් එක නම් නියමයි හිතූ, හිතට ම වදිනවා. අම්මා වින්ඳ දුක්වල ට හොඳ ම උපහාරයක්..

    ඔයාගේ අම්ම ට ඉක්මන් සුවය පතනවා. ඉක්මණ ට ඔයා ළඟ ට එන්න ලැබේවා!!!

    ReplyDelete
  17. නියමෙටම ලියල තියනව පට්ටා ... අම්මා ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා...!!!

    ReplyDelete
  18. ඔයාගෙ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  19. @ මහී- ම්ම්ම්ම්ම්ම්.. ස්තූතියි යාලු..!!! :) හුගාක් ස්තූතියි..!!

    @කම්මැළියා- ස්තූතියි සහෝ...!!!

    @සීතල අයියා- හුගාක් ස්තූතියි සහෝ...:)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....