නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

29 October 2011

තටු සිඳුනු සමනළී - 10 වන කොටස

සමාවෙන්න ඔන්න මුලින්ම වෙනදා වගේම අදත් ප්‍රමාදයි කතාව..විභාග වැඩ නිසයි, මගේ බ්ලොග් එක ලෝඩ් නොවුනු නිසයි, බ්ලොග් පෝස්ට් කියවන්නවත් ලියන්නවත් බැරි වුනා මේ ටිකේ.. අද ඉඳන් සුපුරුදු විදියට ලියන්න, කියවන්න, කමෙන්ට් දාන්න එන්නම්...

කතාවෙ මුල ටික අමතක අයයි, කියවපු නැති අයයි කියවලා එන්නකෝ..

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9

අද 10 වෙනි කොටස...... ඔන්න කියවලා අඩුපාඩු හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා... ලොකු ශක්තියක් ඔයාලගෙ අදහස්....

-----------------------------------------------------------------------------------------------------------

හදවත පුරාම අකුණු සිය දහස් ගනනක් එකවරම පුපුරා ගියා වගේ හිත ඇතුළෙන්ම දෝංකාර දුන්නෙ දසුන්ගෙ වචන ටික.

"මධූ......කියන්න මට.. ඔයා මට ආදරෙයි නේද???"


මහා අනෝරා වැස්සක් වගේ කඩා හැලෙන්නෙ දසුන්ගෙ හිත පුරා මෙච්ච්ර කාලයක් තිස්සෙම හිරකරගෙන තිබුණු ආදරේ නේද කියලා හිතුනා.නොහිතපු මොහොතක, බලාපොරොත්තු නොවුනු විදියට එක සැරේම වාන් දාලා උතුරලා පිටාර ගලල යන මහා වැවක් වගේ දසුන්ගෙ හිතේ තිබුණු හැම බැම්මක්ම බිඳගෙන ආදරේ ගැලුවා..

කර කියාගන්න දෙයක් තේරෙන්නෙ නැතිව, තෘෂ්ණීම්භූත වෙලා ඔහේ බලාගත් අත බලාගෙන උන්නු මට එහා පැත්තෙන් ආයෙමත් ඇහුනෙ දසුන්ගෙ සැලෙන වෙවුලන වුනත් ආදරේ උතුරන කටහඬ.

"මධූ... ප්ලීස්.... කතා කරන්න.. මෙහෙම කරන්නෙපා චූටි... මොනා හරි කියන්න. අඩුමගානෙ මට බනින්න.මම තරහ වෙන්නෙ නෑ... සත්තයි..මට ඔයා එක්ක තරහ වෙන්න බෑ....කවදාවත්ම බෑ... ඔයා මොනා කිව්වත්, කොහොම වුනත්, මම ආදරේ ඔයාට.. ඔයාට විතරයි කෙල්ලෙ.."

"අනේ දසුන්.... ද... සු..න්.... මට.... ම....ට.......තේ..රෙ..න්නෙ නෑ... ම....ම..මං... දන්න්..නේ නෑ....."

උගුරෙන් පහළට කෙළ ගිලෙන්නෙ නැති වුනත්,කතා කරගන්න තරම් හිත හයිය නොවුනත්,අමාරුවෙන් එකතු කරගත්තු අකුරු  ටික අල්ලගෙන මම කඳුළු අතරින්ම කියලා දැම්මෙ , දසුන් මගෙන් මොකක්ම හරි වචනයක් බලාපොරොත්තු වුන නිසයි.හැබැයි දසුන්ගෙ ප්‍රශ්නෙට උත්තරය ඒක නොවන බව මම දැනගෙන උන්නා.

"මොනාද මධූ ඔයා දන්නෙ නැත්තෙ?? ඇයි මම අහන දේට කෙලින්ම උත්තරයක් දෙන්න බැරි?? මම ඔයාට ගැළපෙන්නෙ නැද්ද?? කියන්න මධූ.. මාව මේ තරම් අසරණ කරන්නෙපා කෙල්ලෙ."

"මට තේරෙන්නෙ නෑ දසුන්.. මමත් අසරණයි... ඔව්.. මහ හුගාක්....දෙයියනේ දසුන්, ඔයා මගේ හොඳම යාළුවා. මගේ දුකේදි සැපේදි මාත් එක්ක වෙනස් නොවී එකම විදියටම මෙච්ච්ර කාලයක් උන්නු හොදම හොද යාළුවා."

"ඔව් මධූ.. ඒකෙ වෙනසක් නෑ... මම හැමදාම එහෙමයි...."

"වෙලාවකට ඔයා මට සහෝදරයෙක්, වෙලාවකට තාත්තා කෙනෙක් වගේ..මගේ ජිවීතේ හුගාක් දේවල් ළග ඔයා හෙවනැල්ල වගේ හිටියා දසුන්... මෙච්ච්ර කාලෙකට මට හම්බුන හොඳම පිරිමි ළමයා ඔයා."

"ඉතින් මධූ ආදරේ කරන්න බැරිද මේ මට?ඔයාට ජීවිතේටම හම්බුනු හොඳම පිරිමි ළමයට ඔයාට ආදරේ කරන්න බැරිද මධූ??"

හිත පුරා කාලාන්තරයක් තිස්සෙම තෙරපෙන මේ ආදරේ වචන තුනකින්" මං ඔයාට ආදරෙයි" කියලා දාන්න ලෝභ හිතුනත්, හිත ඇතුළෙ තෙරපි තෙරපි විඳවන මේ විඳවිල්ලට වඩා ඒ බර හිතින් නිදහස් කරගන්න හිතුනා නම් කියලා හිතුනා.

ඒත් මේ පුංචි හිත කොයිතරම් ආදරේ වුනත්, ආදරේට එහා ගියපු බලාපොරොත්තු ගොන්නක් ජීවිතේ ගැනත් තියනවා නේද කියලා මතක් වෙද්දි, මහා ලොකු බයකින් තුන් හිතම ඇවිලිලා ගියා.තව අවුරුදු එකයි මාස ගානකින් ජීවිතේ තීරණාත්මක ම කඩ ඉමක් පහු කරන්න ඕනෙ නේද කියලා මතක් වෙද්දි, අම්මගෙයි තාත්තගෙයි හිතේ මහ මෙරකට පොදි ගැහුණු බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න ඕනෙ නේද කියලා මතක් වෙද්දි,අවුරුදු දාහතක් වෙනකම් රැකගෙන උන්නු අම්මා තාත්තගෙ විශ්වාසය,ඒ හොඳ නම දිගටම තියාගන්න ඕනෙ නේද කියලා මතක් වෙද්දි...... දෙයියනේ දසුන්.... මම කොහොමද මේ දේවල් ඔක්කොම  ආදරේ එක්ක සමබර කරගන්නෙ??  මම හිතින් මහා ගොඩාක් දුර ගියා. 


ආදරේ කියන අකුරු තුන හිතට වැදුනු දා ඉඳන් හිතන් උන්නෙ කවදා හරි කෙනෙක්ට ආදරේ කරන්නෙ, ජිවිතේ තියන තාක් කල්ම ඒ හිත එක්කම බැඳිලා ඉන්න බලාපොරොත්තුවෙනුයි, ජීවිත කාලෙම එකම ආදරයක හෙවණක් යට ,සදාකලික සැනසුමක් විඳින්නයි හිතාගෙනයි.ජීවිතේ අතරමග අතෑරලා මග දාල යන්න ආදරේ කරන්න මට ඕනෙ වුනේ නෑ.. තව තවත් මම මගේ හීන වල තනි වුනා.

ඔය අතරේ ආයෙමත් දසුන්ගෙ දුක්බර හඬ ඇහුනා.

"ඔයා මොනාද හිතන්නෙ මධූ.... ඔයාට දැන්ම කියන්න බැරිනම් කමක් නෑ.... මට පස්සෙ හිමින් හිතලා බලලා කියන්න මධූ..."

මගේ ආදරේ ඉල්ලලා , තෙහෙට්ටු වෙලා, හෙම්බත් වෙලා උන්නු දසුන් විඩාපත් වුනු හඩීන් එහෙම කියද්දි , මගේ හිත පුරාම මහා දුකක් පැතිරුනා.


"මමත් දසුන්ට ආදරෙයිනෙ.. ඇයි මං මෙහෙම දසුන්ට නොකියා හිතින් විඳවන්නෙ???දසුන් ආයෙමත් මගෙන් ආදරේ ගැන ඇහුවෙ නැත්තම්... අනේ.. සදහටම දසුන්ව මට නැති වුනොත්??"

හිත හිත හිටිය මට එකසැරේම මහා පුදුමාකාර බයක් ඇති වුනා.මෙච්ච්ර ආදරේ වෙලත්, අපි දෙන්නම දෙන්නට හුගාක් ළං වෙලා ඉදලත්, දසුන් ආදරේ ගැන අහපු වෙලාවෙ, හොදම වෙලාවෙ , මට මගේ හිත පුරාම ගලන ආදරේ කියාගන්න බැරි වුනොත්??

"ආයෙත් මෙහෙම චාන්ස් එකක් එන්නෙ නෑ මධු උඹට.. මේක තමා හොදම වෙලාව... කියපන් කෙල්ලෙ, ආදරේ කරන එක වරදක් නෙවෙයි... පිරිසිදු අවංක ආදරයක් හිතේ හංගගෙන විදවන්නෙ අපරාදෙ..දසුන් අහපු වෙලාවෙ, මේ හොදම වෙලාවෙ. ඕක කියලා දාපන් මධූ... කියලා දාන්න.."

මගේ යටි හිත කෑ මොර දුන්නෙ මට , හිතේ තියන ආදරේ දසුන්ට කියන්න කියලයි...

" ඔයා ඔච්චරටම මොනා හිතනවද මංදා මධූ.. මං දන්නවා. ගෑණූ ළමයි එහෙමයි.. හුගාක් හිතනවා තමයි..ඒත් මං හිතුවා, ඔයාත් මට ආදරේ ඇති කියලා, මගේ ඇස් මට බොරු කරන්නෙ නෑ මධූ....මම දැක්ක ඔය ඇස් වලින් උතුරන ආදරේ...ඔයාට බෑ මට එහෙම කරන්න.."

"දසුන්.........."

"ඔව් කියන්න මධූ... කියන්න....මෙච්ච්ර වෙලා මම කියවපු ආදරේ බොරුවක් කියලද හිතන්නෙ?"

"නෑ දසුන්... මං දන්නවා.. මට තේරෙනවා...ඒත් ඔයාට විශ්වාසද දසුන් ඔයාගෙ ආදරේ කවදාවත්ම වෙනස් වෙන එකක් නෑ කියලා?"

"මොනාද මධූ මේ අහන්නෙ, මම ඔයාට ආදරේ කරන්න පටන්ගත්තෙ ඔයාව දැනගන්නත් කලින් ඉඳන්.. මේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ කෙල්ලෙ."

"ඒත් කව්දාහරි දවසක ඔයාට හිතුනොත් මාව එපා කියලා?"

"ඔයා මාව දාලා ගියත් මම දාලා යන්නෙ නෑ ඔයාව චූටි....මම පපුව පලලා පෙන්නන්නද??කොහොමද මැණික මම කියන්නෙ , මට මීට වඩා කියන්න තේරෙන්නෙ නෑ..."


" මම මීට කලින් කිසිම පිරිමි ළමයෙක්ට මේ තරම් ලං වෙලා නෑ දසුන්....ඔයාව මට දැනෙනවා.තේරෙනවා.ඒථ් මගේ හිතට මහා බයක් දැනෙනවා."

" මේ අහන්න.. මධූ.. මටත් එහෙමයි... ආදරේ ආත්මාර්ථකාමීද ,මම ආත්මාර්ථකාමීද මම දන්නෙ නෑ... ඒත් මධූ.. මට බලන්න බෑ ඔයා වෙන කෙනෙක්ට ළං වෙනවා, අයිති වෙනවා. මට ඒක බලන්න බෑ..මගේ පපුව පැලෙයි..ඔයාගෙ ආදරේ අයිති මට .. මට..එහෙම නේද චූටී?"

ඇස් වලින් කඳුළු කඩා හැලුනා නොනවත්වා... හිත හිරි වැටිලා යන මේ ආදර කතවට ආරම්භයක් දීගන්න බැරිව මම ළත වෙනවා....තවත්නම් පරක්කු වෙන්න බෑ...ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වේ කියලා බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නෙ.

මම හිත හයිය කරගත්තා..ඒත් දසුන්ගෙ ආදරේ ළග මගේ හිත දිය වෙලා යන ඉටි පන්දමක් වගේ...

"මධූ... මං කියන්නෙ ඇත්තම ඇත්ත...මං ආදරෙයි.. හුගාක්... කියන්න මධූ... කියන්න ....ඔයා මට ආදරෙයි නේද??"

"ඔව්    දසුන්.... මං ඔයාට ආදරෙයි..!!!!!"


මම ලොකු හුස්මක් ඉහළට අරගෙන, ඇස් දෙක පියාගෙන හිතේ ගැඹුරුම තැනින් උපන්න ආලවන්තකම වචන වලට හැරෙව්වා...

කලාන්තරයක් තිස්සෙ හිතේ තෙරපගෙන, මිරිකගෙන උන්නු හැගීම මුදා හැරියාම හිතට දැනුනු සතුට උපරිමයි.හිත හුගාක් සැහැල්ලුයි..ඒත් මේ දැන දැනම පැන්නෙ ගින්දරකටද මංදා.. හිත යටින් තවමත් මං කෙඳිරි ගෑවා.

"දෙයියනේ.... මධූ.... ආයෙත් කියපන් කෙල්ලෙ... මට ඇහුනේ නෑ.... ආයෙත් කියන්න... කෑ ගහලා කියන්න....ඔයා මට ආදරෙයි කිව්වා?"

"ඔව් ඔව් දසුන්... මං ආදරෙයි.. හුගාක්.... මම කියන්නෙ ඇත්ත.මම ආදරේ එක්ක සෙල්ලම් කරන්නෙ නෑ දසුන්.."

"හුරේ...!!!!!!!! මං දින්නා මං දින්න මධූ..... මං දින්නා....මෙච්ච්ර කාලයක් බලාගෙන ඉඳලා, අවසානෙදි මම දින්නා... ඔයාගෙ ආදරේ මට ලැබුනා."

පුංචි එකෙක් වගේ දසුන් උඩ පැන පැන කෑ ගහන සද්දෙ මට ෆෝන් එක දෙදරලා යන තරම් හයියෙන් ඇහුනා.

"කෑ ගහන්නෙපා ළමයෝ.. ගෙදර අයත් බලයි මොකද කියලා.."

"දැන් වෙලාව කීයද දන්නවද චූටි?? දැන් රෑ දොළහත් පහු වෙලා.මම පැයක් තිස්සෙ ඔයාගෙ ආදරේ හිගා කාලා අන්තිමේදි මේ හිගන්නා දින්නා චූටී.."

"අම්මෝ.. එච්ච්ර රෑ වෙලාද?? එහෙනම් දැන් නිදාගන්න දසුන්.. අපි හෙට කතා කරමු..."

" මට නින්ද යන්නෙ නෑ මධූ අද නම්.... මට හුගාක් සතුටුයි... ඇත්තම්යි.. "

"මටත් සතුටුයි..හුගාක්. ඒත් දැන් හුගාක් රෑ වෙලානෙ.. හෙට කතා කරමු අපි.."

"හරි මගේ කෙල්ලෙ.. ඔයා පරිසමින් ඉන්න. එහෙනම් හෙට කතා කරමු...ඔයාට බුදු සරණයි!!!මං මහා ගොඩාක් ආදරෙයි මධූ.."

"මාත් .. හුගාක් ආදරෙයි දසුන්.. කවදාවත් මට දුකක් නම් දෙන්නෙපා..මට දරාගන්න බැරි වේවි.."

"සත්තයි චූටි.. කවදවත්ම දාල යන්නෙ නෑ... හුස්ම වැටෙනකම්..."

"ඒ ටික ඇති මට.බුදුසරණයි දසුන්..."

"බුදුසරණයි චූටි"

දසුන්ගෙයි මගෙයි ආදර කතාව පටන් ගත්තෙ හරිම පුදුම මොහොතක, නොහිතපු විදියට.දැන දැන පැන්නෙ ගින්නකට උනත්, මම දැන් පිච්චෙන්න ලෑස්තියි.....ආදරේ ගින්නක්ම තමා...අද ඉඳන් මං වෙනුවෙන් හුස්ම වැටෙන ඒ පපුව උඩ ජීවිතේම තියලා,එක හිතින්ම හිතා ගත්තෙ, අනේ දෙයියනේ අපිට උහුලන්න බැරි දුකක් නම් දෙන්නෙපා ජීවිතේට කියලයි....


හිමින් සැරේ දිග ඇරගත්ත මගේ දින පොතේ ලියන්න ගත්තෙ අපේ ආදර කතාවෙ පළවෙනිම දවසෙ, මේ සුන්දර කතාවෙ පෙරවදන........

නුඹයි මගේ ආදරය,
සදාකල් සෙනෙහසින්
රැඳෙන්නෙමි නුඹ ළගම......
නුඹයි මගේ පණ නළ ද
හැම සුසුම් පොද පවා
හෙල්ලනෙමි නුඹ නමට.......
නුඹයි මගෙ හසරැල්ල
සදාකල් මගේ හද
සොම්නසින් සනසවන.......
නුඹ නිසා කඳුලැල්ල
පැමිණීයත් මා නෙතට
දරන්නෙමි ඒ කඳූළ
නුඹේ සතුට වෙනුවෙන්ම.....
මා සිතේ ඉඩ හසර
සදා කල් නුඹටමයි
වෙන්වන්න මා දමා
නොසිතන්න කිසිදාක.......
සත්තයි මං නුඹට ආදරෙයි..... ආදරෙයි...... ආදරෙයි..





----------------------------------------------------------------------------------------------------------
ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............




සදාදරණීය මධූ ගේත්.. දසුන්ගේත් ප්‍රේමණීය ආදර කතාව ඉදිරියට කොහොම වේවිද?? හමුවෙමු තවත් කොටසකින්........








11 වන කොටසට...







Post Comment

32 comments:

  1. අන්න එහෙම තමයි ඉන්න ඕන හිතූ!... වැඩිය ගණන් උස්සන් නැතුව ආදරේ පිළිගත්තානේ. ඔහොම කෙල්ලො දුර්ලභයි. එක හුස්මට කතාව කියවන් ගියා. මම හිතුවෙ ආදරේ ප්‍රකාශ කරන එක කල් දාවි කියලා. ජය!

    ReplyDelete
  2. හාකෝ හාකෝ හමුවෙමු එහෙනම්...

    ගොඩක් වෙලාවට ඔයා වගේ හැගීමක් හිතේ තියන දෙන පොරොන්දු ඒ විදිහටම රකින්න අමාරුයි.. අන්න එක හින්ද හොදට කල්පනා කරලා බලලා තමයි ඔයා වගේ වෙලාවක උත්තරයක්‌ දෙන්නා ඕනා.. හැම දේ ගැනම හිතලා... එක පොඩ්ඩක් මදුට කියන්න එහෙනම්..

    ජීවිතය සුන්දරයි
    ආදරයක් ලබද්දී
    එත්..?
    ප්‍රශ්නයක්
    ආදරය ලබන්න කලින්
    ආදරයේ දකින සුන්දරත්වය,
    ටික කලක යද්දී
    බාදක පිරුන
    කටු පදුරු වැවුණු
    මහා දුෂ්කර මාවතක් වෙනවා...
    ඉතින් හැගීමට වහල් වෙලා
    උත්තරයක්‌ දෙන්න කලින්
    හිතන්න....
    පුලුවන්ද කියලා
    තරණය කරන්න
    කටු පදුරු පිරුන මාවත...
    ලබන්නට නම්
    සතුට පිරුන ජිවිතයක්
    කැප කරන්න වෙනවා හුගක් දේවල්
    එක වචනයක් වෙනුවෙන්
    අකුරු හතරක් වෙනුවෙන්...
    ඒ බාදකය තරණය කරන්න බැරුව
    එක හැගීමකට වහල් වෙලා
    කවමදාවත් දෙන්නා එපා
    උත්තරයක්‌....

    ReplyDelete
  3. අහා! මමයි අද පළවෙනියා! :-D

    ReplyDelete
  4. ජීවිතයේ මම විඳපු අත්දැකීමක්දෝ කියලා වෙලාවකට මටත් හිතුනා. ඒක එහෙම නොවුනත් හිතේ අභ්‍යන්තරයට කිඳා බහින වදන් ධාරාව එක්ක කියාපාන ආදරයේ පලමු මිහිරියාව සුන්දරයි..කතාවෙන් ඒක මනාව වියමනක් කරනවා. ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  5. ලස්සනට ලියනවා, ඉක්මනට ම ඊළඟ කොටස් ටිකත් දාන්න... ජය!

    ReplyDelete
  6. මධූ කියන්නේ කට්ට කෙල්ලෙක් නේ. දසුන් ආදරේ කියලා කියනකන්ම බලාගෙන හිටියා. ඊට පස්සේ ආදරේ කියලා කිව්වම එක එක දේවල් කියනවා ආදරෙයි නොකියා. පිස්සු වැඩක් අප්පා.

    එක්කෝ කිව්වනම් මම් හිතලා උත්තරයක් දෙන්නම් කියලා. ඒක වටිනවා නොවැ.

    ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න. :)

    ReplyDelete
  7. අම්මෝ...මධූ කැමතියි කියනකන් දසුන් කොයිතරම් නොයිවසිල්ලෙන් හිටියද, අන්න ඒ තරම්ම ඔයා මේ කොටස ලියනකම් මාත් හිටියේ පුදුම නොයිවසිල්ලකින් අක්කි.. හි හි ....

    දසුන්ටයි,මධුටයි සුබ පැතුම්... :D :D

    ReplyDelete
  8. නුඹ නිසා කඳුලැල්ල
    පැමිණීයත් මා නෙතට
    දරන්නෙමි ඒ කඳූළ
    නුඹේ සතුට වෙනුවෙන්ම....

    හ්ම්..... නියමයි, දසුන් මධු ජෝඩුවට මෙන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  9. @ විසිතුරු- හි හි...සමහර වෙලාවල් තියනවා ජීවිතේ, සම්ප්‍රදාය වෙනස් කරන්න වෙන. ;) මධූටත් බය හිතිලා දසුන් නැතිවෙයි කියලා, මුල ඉදන්ම ගණන් උස්සපු නිසා එක සැරේ ආදරේ කියන්න ඇති..:p

    විසිතුරු පළවෙනියා :D


    @MaRLaN - හ්ම්ම් ඇත්ත සහෝ.. ඇත්තම ඇත්ත.. ඒත් සමහර හොදට හිතලා බලලා දෙන පොරොන්දුත් කඩ කරන අවස්ථා තියනවා...බලමු ඉස්සරහට, පොරොන්දු කඩ වෙයිද?? මධූ එහෙම කරයිද? දසුන් එහෙම කරයිද?

    ස්තූතියි සහෝ..!!!!

    ReplyDelete
  10. ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - ස්තූථියි අයියේ...:) හිතට දැනුනානම්, එහෙම මතකයන් අවදි වුනානම් මම සාර්ථකයි කියලා හිතනවා.සතුටුයි..


    @ලහිරු - ස්තූථියි සහෝ.. හුගාක් ස්තූතියි


    @මධුරංග අයියා- හ්ම්ම්ම්ම්... අයියා මධූට බැන්නා එහෙනම් නේ?? පවු අසරණි.. ඉතින් ගණන් උස්සන්නෙ නැතිවා ආදරේ කිව්වනෙ.. කෙල්ලො එහෙමයි.. ආදරේ වුනත් බයයිනෙ.. එකසැරේ කියන්න බෑනෙ..ප්‍රශ්න තියනවනෙ අහන්න..:)කල් දාන්න ත් බැරිව ලටහ් ව්එන්න ඇත්තෙ, දසුන් ආයෙත් ආදරේ ඉල්ලුවෙ නැත්තම්..?? ඒකයි.. කපටි නෑ මධූ.. ඒක අසරණකම.

    ReplyDelete
  11. Ice (අයේෂා කුලතුංග)- හික්ස්ස්.... එච්ච්ර ආසාවෙන්ද උන්නෙ??සතුටුයි අහන්නත්..:) ඉක්මනටම ඉතිරි ටිකත් ලියන්නම්කෝ... ස්තූතියි නංගා...:)


    @අම්බලම - හුග කාලෙකින්ද මංදා..:)
    ස්තූථියි සහෝ... හුගාක් ස්තූතියි...

    ReplyDelete
  12. අනේ මම පරක්කුයිනේ.. කමක් නෑ. සතුටුදායක ආරංචි බෙදාගන්න පරක්කු වුනාට අවුලක් නෑනේ.. එහෙනම් ඒකත් හරි.. ඒත් අන්තිමේ වෙන දේ නම් මට දැන් හිතාගන්න බෑ,.

    ReplyDelete
  13. අක්කි පරක්කුම නෑ....:) හි හි.. හ්ම්ම්ම්ම්.. ඒක ඇත්ත.. සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ නේ අක්කියෝ... අපි බලමුකෝ....:)

    ReplyDelete
  14. අයියෝ කථාව බලලා සතුටට අන්ද මන්ද වෙලා මට ලස්සනයි කියන්නවත් අමතක වුනානේ නංගියෝ.. හරිම ලස්සනයි.. අන්තිමේ වෙන දේ සතුටුදායක වෙයි කියලා හිතනවා,.

    ReplyDelete
  15. හික්ස්ස්ස්ස්ස්... අනේ අක්කියෝ... තැන්කූ හොදේ...:)))
    හ්ම්ම්... අපි බලමුකෝ.. මොනා වෙයිද කියලා

    ReplyDelete
  16. හරියට නිකන් මගේම අත්දැකීමක් වගේ..ඒ නිසා වෙන්න ඇති මේ කතාව මෙච්චරම හිතට දැනුනේ..දසුන්ටයි මධූටයි මගෙන් සුභ පැතුම්..

    ReplyDelete
  17. ස්තූතියි අයියේ....:) හුගාක් ස්තූතියි

    ReplyDelete
  18. අම්මේ ඔන්න ආදරේ පටන් අරන්....:)))

    ReplyDelete
  19. ආදරේ විදින කෙනෙකුට ඇරෙන්න ආදරේ ගැන මේ තරම් ලස්සනට ලියන්න බැ.. ඉතින් නම් කොහොම උනත් මේ කියන්නේ හිතුගේ සම්පුර්ණ කථාව නිසා මේ කථාව ඉවරයක් වෙන්නේ නැ අපිට වෙඩින් එක කියලා මේ තමයි දසුන් කියලා පෙන්නලාම තමා.. නැද්ද මම අහන්නේ... ජය වේවා හිතුටත්.....

    ReplyDelete
  20. ඕනම ආදරයක් පටන් ගන්නකොට ඔයවගේ තමයි...හිතාගන්නවත් බැරි අමුතුම සුන්දර හැගීම් ගොන්නකින් අපේ හිත් පිරිලා යනවා.ඒත් ගොඩක් වෙලාවට ඒ සුන්දරත්වය..ඒ නැවුම් බව තියෙන්නේ ටික කාලයයි.දසුන් ගේයි මධු ගේයි ආදරේ තියන මේ අහිංසක කම්,නැවුම් බව නම් නැති කරන්න හදන්න එපා හිතුවක්කාරියේ... :) ඔයා ගොඩක් ලස්සනට මේ කතාව ලියාගෙන යනවා...මගේ සුබපැතුම් !

    ReplyDelete
  21. මම ඉතින් මධු කට්ටයි කියලා කිව්වේ නිකන්ද , කොහොමද ඉතින් මෙච්චර ගණන් උස්සලා අන්තිමේදී හා කිව්වා ;)

    ReplyDelete
  22. හැමදාම වගේ හරිම ලස්සනයි... කොයි තරම් ආදරේ උනත් අම්මා තාත්තාගේ බලාපොරොත්තු, විශ්වාසය එක්ක ඒ දේවල් සමබර කරන්නේ කොහොමද කියන ටිකට තමයි මං ගොඩක්ම කැමති...

    ReplyDelete
  23. අනේ මම නම් හොඳටෝම පරක්කුයි..මම ඉස්සෙල්ලම අදනෙ ආවේ...අපූරු කතාව ලස්සනට ගලා යනවා..
    ඉස් ඉස්සෙල්ලම ආදරේ කියන්න ඔච්චරටම අමාරුද...අෆෙ අෆ්ෆෝ...මොනා කරන්නද අපිටත් නුදුරෙම කියන්න ලැබේවා...මයෙ කෙල්ලත් ඔහොම ටාර් ගාලා මං ඔයාට ආදරෙය් මහත්තයෝ කියලා කෑ ගහාවිද ...හීන ලෝකයක්...
    ම්ම්ම් ආදරේ නම් මරුවට ගලං යන ලකුණු තියෙන්නේ...එක්සෑම් කොහොම වෙයිද මන්දා...ඔන්න එක හුස්මට ඔක්කොම කියවලා දැම්මා..දැන් යනෝ පොප් කෝන් එකක් කන්න...
    ආ ආ මතක් කරලා දසුනයට කියන්න අපිට න8 පාටි ඔනේ කියලා..හික්ස්
    ඉතිරි කොටස දාන තුරු නොඉවසිල්ලෙන් ...දිගටම එමි
    කොමෙන්‍ටුවක් කුරු‍ටු ගාමි...කොටස් දහයටම නම් කොමෙන්‍ටු ක‍ටු ගාන්න හිත පොර කෑවා..ඒත් වෙලා නෑ නේ..බලාපු අන්තිම එකට ටිකක් කොට එකක්(ඒ කියන්නේ ටිකක් දිග එකක්) ලිව්වා ඕං....

    ReplyDelete
  24. ආ තව එකක් මම ආසයි කෙල්ලගේ බ්ලොගියෙ මට දාපු මල් වෙඩි වලට...ඊතලේ යන යන ගානට මල් වෙඩි අපූරුයි...

    ReplyDelete
  25. @නිසුපා අක්කි- හ්ම්ම් හ්ම්ම්...;)

    @දේවා අයියා-ම්ම්ම්ම්ම්... ආදරේ විඳින කෙනෙක්ට විතරමද ලියන්න පුළූවන් මෙහෙම?? හ්ම්ම්....;)
    හෆ්ෆෝයි.. ඔන්න පටන් ගත්තා ඉතින්.. මගේ කතාවලු...::p බලන්නකෝ මම අන්තිමට කියන්නම් විස්තරේ...;)ස්තූථියි අයියා..

    ReplyDelete
  26. ද HUMAN -ම්ම්ම්... හුගාක් ස්තූතියි සහෝ ඔයාට.. ඉස්සරහටත් කියවන්න එකතු ව්එන්න. බලමුකො මොකද වෙන්නෙ කියලා..:)


    @ChammA අයියා- ඔන්න ඔන්න ඉතින්.. ඕකනෙ බැරි අයියලා එක්ක. කෙල්ල හා කිව්වත් වැරදියි.. බෑ කිව්වත් වැරදියි..:(

    ReplyDelete
  27. හ්ම් හ්ම් හ්ම් ...... අදත් කතාව බැලුව අදත් පොඩ්ඩ පොඩ්ඩ බලල මල්ලෙන් එලියට පැනල තිබුන.කොහොම උනත් කතාව ලස්සනයි. කොහොම උනත් කෙල්ලෝ ආදරේ කියන්න අදිමදිකරනවා නේ. එක හැටියක් වෙන්න ඇති හිතුට එක වෙනස් කරන්න බැරි වෙන්න ඇති. එත් සමහරුන්ට වැඩිය හිතු හොදයි කොහොම හරි කිව්වනේ. එකියන්නේ දසුන් වාසනාවන්තයි.. දිගටම ලියන්න ජය ..

    ReplyDelete
  28. @මන්තරකාරි - ම්ම්ම්ම්.. ස්තූතියි අක්කා.:)ම්ම්... ඔව් නෙ ඕනිම ගෑණු ළමයෙක් එහෙම හිතන්වා නෙ..


    @ගලයා - හ්ම්ම්ම්.. අයියෙක්ද මල්ලියෙක්ද දන්නෙ නෑ... කොහොම උනත් සහෝ ඔයාට හුගාක් ස්තූතියි. පළවෙනි වතාවට හරි අඑවිත් කතාව කියවන්න එකතු ව්එලා, ලස්සන කමෙන්ටුවක් දැම්මාට. අදහස් හුගාක් වටිනවා ඉදිරි ගමනට..:)

    ම්ම්.. ආදරේ එහෙම තමා. පළවෙනි වතාවට කියන්න යද්දි හරිම අමාරුයි..:)

    හි හි.. මල් වෙඩි ලස්සනයි නේද?? හි හි....

    ReplyDelete
  29. @N N K -හුගාක් ස්තූතියි සහෝ..:) හෆ්ෆෝයි....!!! හිතූ නෙවෙයි අනේ.... :/ "මධූ " ^_^
    හ්ම්ම්ම්.... ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නෙ කියලා. :)

    ReplyDelete
  30. අනෙ ඉතුරු ටික ඉක්මනට දාන්නකො

    ReplyDelete
  31. අද තමයි මේකට කමෙන්ට් කරන්න පුළුවන් උනේ..සමාවෙන්න නංගියෝ ප්‍රමාදයට..
    කතාව ගැන නම ඉතින් කියන්න දෙයක් නෑ වෙනද වගේම උපරිමයි..
    අනිත් ටිකත් දාන්න ඉක්මනටම...
    මගේ ආදරෙත් මට ලැබුනම දැනුන සතුට මතක වෙලා පුංචි හිනාවක් ගියා..:)

    ReplyDelete
  32. @පාර කියන තාරකාවි -ඉක්මනටම දාන්නම් නංගා..:)


    @ගිනි කුරුල්ලා- හ්ම්ම්ම්ම්.. ඒකට කමක් නෑ අයියා. ඉතින්... හුගාක් ස්තූතියි ඔයාට..::D
    ආව් ආව්.. කෝ බලන්න පෙම් හිනාව ;)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....