නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

15 October 2011

තටු සිඳුනු සමනළී - 9 වන කොටස

මේ සැරේ හුගාක් පරක්කුයි. සමාවෙන්න ඕනෙ මේ දවස්වල වැඩ අධිකයි . හිතූ බිසී වෙලා.ඉතින් කතාවෙ ඉතිරි ටික ලියාගන්න සෑහෙන ගේමක් දෙන්න වුනා. ඔන්න කොහොමහරි ලිව්වා. අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්න.වෙන්දා වගේම අදත් කියන්නෙ එහෙමයි. ගල් මුල්, මල් සාදරෙන් භාරගන්නවා.

ඔන්න මුල කොටස කියවපු නැති අය , කතාවෙ මුල අමතක අය කියවලම එන්නකෝ....

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8

අද එතැන් සිට......

-------------------------------------------------------------------------------------------------------------------

"හෙලෝ මධූ!!!"

"අනේ දසුන් ඔයා?"

"හ්ම්ම්ම්ම්ම්.. කෙල්ලට ඉතින් අපිව මතක නෑනෙ ගෙදර ගියාම"

"අනේ නෑ දසුන්.. මට චුට්ටක් අමතක වුනා. මම ගෙදරට ආව විතරයි.කතා කරන්න හිටියෙ ඔයාට"

"අන්න අන්න ඉතින්... බොරු එපා චූටි..."

"" ඔයා දන්නවනම් මම ඔයා ගැන වද වෙන තරමක්..... ඔහොම කියන්නෙ නෑ මට""  කටට ආ දේ එහෙම්ම කියලා දන්න තිබුණනම්.. ඒත් සාම්ප්‍රදායික ගැහැණු කම නිසා , ඒ සිතුවිලි එහෙම්ම යටපත් කරගත්තා.


"හරි කොහොමහරි ඔයට අමතක වුනානෙ. කමක් නෑ.. ඔන්න මම කතා කලා. ඔයා පරිස්සමින් ඉන්නකෝ එහෙනම්.. ඒ ඇති."

"හ්ම්ම්... මම හොදින්. ඔයත් හොදින් පරිස්සමින් ඉන්න. පාඩම් කරන්න හොදට දසුන්."

" ඔයත් පාඩම් කරන්න. මම එහෙනම් තියන්නම් දැන්. බුදුසරණයි..!!"

"බුදුසරණයි දසුන්..!!"

දසුන් ෆෝන් එක තිබ්බටත් පස්සෙ මට දැනුණෙ ඒ කට හඬ මේ ළග ළගම මගේ කනට ළං වෙලා කොදුරනවා වගෙයි. මොහොතකට ඒ සිතිවිලි දිගේ මම ඔහේ ඇවිදගෙන ගියා මනසින්. ඒ හැගීමෙන් මිදෙන්න ලෝභ හිතුනා .

ඇත්තටම ආදරේ කරන කෙනෙක් , තමන් ආදරේ කරන කෙනා කෑවද, බිව්වද, කරදරයක් නැතිව හොදින් ඉන්නවද, කියලා නිතරම හොයල බලන්න පෙළඹෙන්නෙ හදවතේ ගැඹුරුම තැනක ප්‍රේමයේ නාමයෙන් තියන කැක්කුම නිසයි.

"දසුන් ටත් මං ගැන එහෙම හැගීමක් තියෙනව ඇත් ද??" මගේ හිතින්ම මම ප්‍රශ්න කරගත්තා.

------------------------------------------------------------------------------------------------------------------

කෙනෙක්ට ළං වෙන්න ළං වෙන්න ඒ ඇති වෙන බැඳිම ප්‍රබල වෙනවා වැඩියි.කාලයක් එක්ක එහෙම බැඳිම් ශක්තිමත් වෙනවා.දසුන් එක්ක මගේ බැඳීමත් මොහොතින් මොහොත, දවසින් දවස, ශක්තිමත් වුනා.හැම සිදුවීමකින්ම, ඇම බැලිමකින්ම, හැම වචනයකින්ම අපි අපිට ළං වුනා.ඒ බැඳීමට යාළු කම කියලා නම් කලාට, සත්තකින්ම ඊට එහා ගියපු පුදුම තරමේ ශක්තිමත් බැඳිමත් අපි අතරේ තිබුණා.


කාලය වේගයෙන් ගත වුනා. දින සති මාස ගත වුණේ පුදුම ඉක්මණට.ඒත් තවමත්, දසුන් මට වත්, මම දසුන්ට වත් අපි අපි ගැන තිබුණු ආදරේ ඒ හැගීම වචන වලින් ප්‍රකාශ කළේ නෑ.ඒත් කාලය ගත වුනා.ඒත් ඒ සොඳුරු නිර්මල බැඳීම හරිම අපූරුවට ගලාගෙන ගියා.පුංචි පුංචි අඬ දබර, නෝක්කාඩු විහිළු තහළු හැම දෙයක්ම මැද දසුන්ගෙ ආදරේ උතුරන ඇස් වලින් මම ලෝකෙ දිහා බැලුවා.ජීවිතේට වැදගත් වෙන සමහර පුංචි පුංචි දේවල් ගැන නොදන්න නොදැන හිටිය දේවල් ඉගනගත්තා.දසුන් මට ජීවිතේ ගැන, සමාජෙ ගැන කියල දුන්නු අපූරු  පොතක් වුනා.


මාස හතරක්, පහක් විතර යද්දි, ඇත්තටම අපිට අපි නැතිව බැරි වුනා.පුංචි පුංචි දේටත් මට දසුන්ගෙ උදව් නැතිව බැරි වුනා. දසුන්ටත් හැම සතුටකදිම දුකකදිම මං නැතිව බැරි වුනා.ඔය අතරෙම දසුනුත් මමත් , හැම විෂයකටම එකම පංතියට යන්න පංති වෙනස් කරගත්තා. හැබැයි අපි හමු වුනු, ළං වුනු ඒ ගණන් පංතිය හැර.

දසුන් මට ආදරණීය යාළුවෙක් වුනා, දුක සැප දෙකේදිම මගේ ළගින්ම ඉන්න දගකාර සහෝදරයෙක් වුනා.මගේ තාත්තට සම කරන්න පුළූවන් කිසිම පිරිමියෙක් මේ ලෝකෙ වෙන නැති වුනත්, දසුන් මගේ තාත්තා තරම් ආදරෙන් මාව ආරක්ෂා කලා.පුළුවන් හැම මොහොතකම මට උදව් කලා.ඒත් අපේ ඒ බැඳිමට දෙන්න නමක් මමවත්, දසුන්වත් දැනගෙන උන්නෙ නෑ.කාලය ගෙවුනා දැනුනෙත් නෑ..
-----------------------------------------------------------------------------------------------------------------

සුපුරුදු විදියට එදා ඉරිදා දවසේ  මමයි දසුනුයි පංති ඉවර වෙලා නුගේගොඩ ඉදන් කොහුවල හංදියට ඇවිදගෙන ආවා. ඒ පංතියට හසී, නිශා කෞෂි එන්නෙ නැති නිසා, මට බස් එකේ යන්න හිටියෙත් දසුන් විතරයි.දිලූ, තමාෂි පංතියට ආවට, එයාලා යන්නෙ මම ඉන්න පැත්තට නොවන නිසාත් මගේ තනියට උන්නෙ දසුන් විතරයි.මගේ නොනවතින කතා පෙට්ටියට ඇහුම්කන් දිදී දසුන් මාත් එක්ක ආවෙ හරිම සංතෝසෙන්.

"ලොකු දූ...."

එකසැරේම පුරුදු කටහඬකින් මාව ගැස්සිලා ගියා.ක්ෂණිකවම කටහඬ ඇහුණු දිහාව බලපු මට පෙනුනෙ දසුන් දිහාවට අමුතුම බැල්මක් යොමු කරගෙන ඉන්න අපේ ලොකු අම්මාව.

"අහ්හ්.... ලොකු අම්මා....මේ මේ.. කො....හෙ. ද යන්.. නේ?"

අමාරුවෙන් කටට ආපු වචන ටික එකතු කරගෙන කියලා දැම්මෙ හිත ගැස්සුනු නිසා ලොකු අම්මා වැරදි දෙයක් හිතාවි කියලා බයටමයි.

"මම මේ NOLIMIT එකට ආවා දුව. දුව පංති ඇරිලා යන ගමන්ද?"

"ඔව් ලොකු අම්මා. මේ ඉවර වෙලා යන ගමන්. මේ මගේ හොදම යාළුවෙක්. දසුන්."

මට ටිකක් එහාට වෙන්න හිටගෙන උන්නු දසුන්ව මම ලොකු අම්මාට අදුන්වලා දුන්නෙ, ලොකු අම්මා අපි දෙන්නා ගැන වැරදියට හිතාගෙන ගිහින්  අම්මාට කිව්වොත් කියලා හිතාගෙනයි.

"අහ්හ්... පංතියෙ යාළුවෙක්ද?"

ලොකු අම්මා දසුන් එක්ක හිනා වෙලා මගෙන් ඇහුවා.

"ඔව් ලොකු අම්මා. හොදම යාළුවෙක්."

"අහ් එහෙනම් කමක් නෑ. පරිසමින් යන්නකෝ. මම තව වැඩ වගයකට ත් යන්න ඕනේ.නැත්තම් දුවත් එක්කම එන්න තිබ්බා."

"හරි ලොකු අම්මා කමක් නෑ.. එහෙනම් ලොකු අම්මාත් පරිසමින් යන්නකෝ. මම යන්නම්.."

"හරි බුදු සරණයි ..!!"

ලොකු අම්මා එහෙම කියලා දසුන්ටත් හිනාවෙලා අත වනලා යන්න ගියා.

"දෙයියනේ දසුන්.... මටනම් බයයි.."

දසුන් ළගට කිට්ටු වුනු මම එහෙම කිව්වෙ ඇත්තටම හිතේ ගින්දරින්.දසුන්ගෙයි මගෙයි එහෙම සම්බන්ධයක් නොතිබුණත්, තිබුණත්, ලොකු අම්මා ,අම්මාට කොහොම ගිහින් කිව්වත්, අම්මාගෙ හිතේ සැකයක් ඇති වෙනවට, විශ්වාසය පළුදු වෙනවට මට බය හිතුණා.


" ඒ මොකද මධූ?? ඇයි මේ??"

"දසුන් ලොකු අම්මා අපි ගැන වැරදියට හිතන්න ඇත් ද??"

"හ්ම්ම්... ඒකනම් ඉතින් ලොකු අම්මාගෙන්ම තමා අහන්න වෙන්නෙ, මම දුවලා ගිහින් අහලා එන්නද?"

" දසුන්..!!! ඒක විහිළු කරන වෙලාවක් නෙවෙයි.මම මේ හොදටම බය වෙලා ඉන්නවා. මෙයා මේ විහිළු කරන්න එනවා."

"හරි හරි චූටි.. බය වෙන්නෙපා. ඔයා ලොකු අම්මාට කිව්වනෙ මම යාළුවෙක් කියලා. ප්‍රශ්නයක් වෙන එකක් නෑ..මම ඔයාට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ කෙල්ලෙ.ඇයි ඔහොම බය?"

"මට බයයි දසුන්.. අපේ ලොකු අම්මාත් ටිකක් එක විදියක්. එයා මොනා කියයිද දන්නෙ නෑ අම්මාට.කොහොමත් එයා ඕක අම්මට කියනවා මට ශුවර්."

"ඉතින් මධූ ඔයා අද රෑට ශේප් එකේ අම්මාට කියන්න මෙහෙම යාළුවෙක් එක්ක යද්දි ලොකු අම්මාව හම්බුනා කියලා."

"හ්ම්ම්ම්ම්ම්... ඒක තමා එහෙමවත් කරනවා."

"ඔයාට මාත් එක්ක මෙහෙම එකට යන එන එක හොද නෑ නේද මධූ?? මම වැරදියි.. මට ඒක තේරුණේ නෑ කෙල්ලෙ.මට සමාවෙන්න. අනිත් දවසෙ ඔයා ඉස්සරහින් යන්න. මම ඔයාගෙ පිටිපස්සෙන් එන්නම්. ඔයාව තනියම යවන්න මට බෑනෙ."

"අනේ දසුන්නොනාද මේ කියන්නෙ?? එහෙම නෑ.. ඔයා මගේ හොදම යාළුවා. ඔයා එහෙම කරන්නෙපා.එහෙම දෙයක් නෑ..යාළුවො දෙන්නෙක්ට පාරෙ යන්න බැරිද එකට?"

"හ්ම්ම්.. ඒත් මේ ලෝකෙ නපුරුයි චූටි....ඔයාගෙ ළාමක හිත මේ ලෝකෙ නපුරුකම තේරුම් ගන්න මෝරලා මදි.අපි බලමුකෝ, ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ මම."

දසුන් එහෙම කිව්වහම මගේ තුන් හිතම ඇවිලිලා ගියා. මම ඒ හිත රිද්දුව නේද කියලා හිතුනා.හිත හදාගෙන ,එන ඕනෙම දේකට මූණ දෙන්න මම ලෑස්තිවෙනවා කියලා හිතාගත්තා.
-----------------------------------------------------------------------------------------------------------------

එදා හවස ගෙදර ගිහින් අම්මගෙ මූණ බලද්දි මට වෙනදා නැති මහ අමුත්තක් දැනුණා. වරදක් නොකලත්, අම්මාගෙ හිතේ මං ගැන තියන විශ්වාසය නැති වෙයි කියන බය හිතට තදින්ම දැනුණා.කොහොම වුනත් අද වුනු සිද්ධිය , හොද වෙලාවක් ආව ගමන් අම්මාට කියන්න ඕනෙ කියලා හිතා ගත්තා.ඒත් වෙනදා වගේම වෙනසක් නැතිව ගෙදර කටයුතු සිද්ධ වුනු නිසා, හිතේ තිබුණූ බය ඩිංගක් අඩු වුනා.

ඔය අතරෙ ටිකක් රෑ වෙලා දසුන් මට කතා කලේ මොකද වුනේ කියලා දැනගන්නයි.

"ඔයා අම්මාට කිව්වද මධූ??"

"නෑනෙ දසුන්. මට තවම බැරි වුනා."

"හ්ම්ම්..... ලොකු අම්මා අපි ගැන වරදවා හිතාගෙන ඇවිත් අම්මාට කියයි කියලා හිතනවද ඔයා?"

"ඒක නම් කියන්න බෑ දසුන්. එයාව ශුවර් නෑ..එහෙම කිව්වොත් ඉතින් ඒක බොරුවක්නෙ.ඔයා මගේ හොදම යාළුවෙක් විතරයිනෙ."

"ම්ම්ම්ම්ම්.. මම හොදම යාළුවෙක් විතරද??"

ඒ ප්‍රශ්නෙට නම් මම ගොළු වුනා.

""දෙයියනේ.. ඔයා මගේ ලෝකෙම හොරකම් කරගෙන ඉවරයි දසුන්... දන්නෙ නෑ වගේ ඔහොම අහන්නෙ.ඇයි??"" හිත ඇතුළෙන් මම හිරි වැටුණා.

"අපිට බැරිද මධූ ලොකු අම්මා බොරු කාරියක් නොකර ඉන්න?"

"ඒ කිව්වෙ??"

" නෑ.. මේ.. මේ.. ලොකු අම්මා ඇවිත් අපි ගැන වරදියට හිතාගෙන අම්මාට කිව්වොත් එයා බොරු කාරියක් වෙනවනෙ  ඉතින් අපිට බැ...රි..ද.. ඒක ඇත්තක් කරන්න??එතකොට ලොකු අම්මා බේරෙනවනෙ.."

"මො..ක...ක්...???"                                                

මට කෑගැහුණා.මෙයා මේ කියවන්නෙ මොනාද දෙයියනේ... දසුන්.....මං ඔය හිත දන්නවනෙ...

" දන්නෙ නෑ වගේ රගපාන ලස්සන...මධූ දන්නවා මම මොනාද කියන්නෙ කියලා..."

"නෑ... න්..නෑ.. ද..සු.. න්.... මට තේරෙන්නෙ නෑ.."

"බොරු කරන්නෙපා කෙල්ලෙ. ගෑණූ කවද්ද ඉතින් හිතේ තියන දේ කිව්වෙ.හිතේ එකක්  තියාගෙන කියන්නෙ තව එකක්."

"මම?? අනේ නෑ..."

මගේ නළල ට උනපු දාඩිය බිංදු කීපයක් අතින් හිමින් සැරේ පිහදාගන්න ගමන්, ගැහෙන අතින් ෆෝන් එක අල්ලගෙන මම උන්නෙ වචන ගොනු කරගන්න බැරිවයි.


" ඔයා දන්නවා මධූ.. මම හුගාක් කල් ඉදන් මේකට අවස්ථාවක් එනකම් බලන් උන්නෙ.ඔයා දන්නවා, මගේ හිත. ඔයාට දැනෙන්න ඕනෙ. ඔව්.. ඔයාට තේරෙනවා චූටි... තේරෙනවා නේද?? මං ඔයාට මහා ගොඩාක් ආදරෙයි මධූ... මහා ගොඩාක්...  "


""දෙයියනේ....මගෙ හුස්ම නැවතෙයිද?? ""මට හිතාගන්න බැරි මොහොතක දසුන් මේ දරාගන්න බැරි උහුලගන්න බැරි කප්පරක් ආදරේ එක දිගට කියවගෙන යන්න පටන් ගත්තා.


"කතා කරන්න මධූ.. ඇයි ඔහොම ඉන්නෙ. ඔයා දැක්ක දවසෙ ඉදන්මයි මම ඔයාට ළං වුනේ.. මං දන්නෙ නෑ ඒ ඇයි කියලා. අදටත් මට තේරෙන්නෙ නෑ හේතුවක් කියන්න... ඒත් මං දන්න එකම දේ මං ඔයාට මහා ගොඩාක් ආදරෙයි ..ඔයාගෙ දුක, සතුට ළග මම හැමදාම ,මෙච්ච්ර කාලෙකට පුළූවන් හැම මොහොතකම ළගින් හිටියා.ඉස්සරහටත්, ඔයා මොන තීරණයක් ගත්තත් ඒක වෙනස් වෙන්නෙ නෑ චූටි...සත්තයි. මං ඔයාව මලක් වගේ පරිස්සම් කරන්නම්.ඔව් මම එහෙම කරනවා.. ඔය හිතේ සතුට වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනවා.....මෙච්චර කල් කලා වගේම. "

ඇස් වලින් කඳුළු කැට සට සට ගාලා වැටෙද්දිත් ,මම දසුන් කියපු වචන අහගෙන උන්නෙ හිත පුරාම මේ දැනෙන්නෙ , ඇස් වලින් මේ උතුරල ගලන්නෙ ආදරේ නේද කියලා හිත හිතමිනුයි.මේ ගලන්නෙ සතුටු කඳුළු වත්, දුක් කඳුළු වත් නෙවෙයි.. මේ ආදරේ කඳුළු.දරාගන්න බැරිව හිත හතරට පහට කැඩිලා යයි කියලා මට බය හිතුනා.

මොනා කියන්නද, කොහොම කියන්නද, කිසිම දෙයක් හිතාගන්න බැරිව , මහා කැළයක් මැද අතරමං වුනු පුංචි මුව පැටියෙක් වගේ මම අසරණ වෙලා බලන් හිටියා.


"මධූ.. කතා කරන්නකෝ ..  මධූ......කියන්න මට.. ඔයා මට ආදරෙයි නේද???"



----------------------------------------------------------------------------------------------------------------

ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............


ආදරේ වෙනුවෙන් පේවී , පෙරමග බලන් ඉන්න, ආදරණිය මධූ දසුන් ට කුමක් කියාවිද?????? දසුන් ගේත්, මධූ ගෙත් ආදර කතාව කොහොම ඇරඹෙයිද?? නැතිනම් එය තවත් එක බලාපොරොත්තුවක් පමණක්ම වෙයිද??? හමුවෙමු ඊළග කොටසින්........


10 වන කොටසට.....

Post Comment

19 comments:

  1. නියමයි නංගියෝ... හරිම ලස්සනයි.. මම කියවද්දි මගේ ඇඟත් සීතල වෙලා ගියා... අම්මෝ,,, පපුවත් ගැහෙනවා... නියමයි..

    ReplyDelete
  2. හුරේ හුරේ මං පලවෙනියා...

    ReplyDelete
  3. ඔයා දැක්ක දවසෙ ඉදන්මයි මම ඔයාට ළං වුනේ.. මං දන්නෙ නෑ ඒ ඇයි කියලා. අදටත් මට තේරෙන්නෙ නෑ හේතුවක් කියන්න... ඒත් මං දන්න එකම දේ මං ඔයාට මහා ගොඩාක් ආදරෙයි ..ඔයාගෙ දුක, සතුට ළග මම හැමදාම ,මෙච්ච්ර කාලෙකට පුළූවන් හැම මොහොතකම ළගින් හිටියා.ඉස්සරහටත්, ඔයා මොන තීරණයක් ගත්තත් ඒක වෙනස් වෙන්නෙ නෑ චූටි...සත්තයි. මං ඔයාව මලක් වගේ පරිස්සම් කරන්නම්.ඔව් මම එහෙම කරනවා.. ඔය හිතේ සතුට වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනවා...


    මේ වගේ පොරොන්දු දෙන අය ඇත්තටම වැඩියි. ඒත් කෙල්ල යාලු උනාට පස්සේ ඔය පොරොන්දු වලින් සීයට විස්සක්වත් ඉටු කරන්නෙ නෑ හිතූ. ඒත් සමහර අය ඉන්නවා යාලුවෙන්න ඉස්සෙල්ලා පොරොන්දු දෙන්නෙ නෑ. ගොඩක් අහසට උසට බලාපොරොත්තු දෙන්නෙ නෑ. මොකද ඒ තියෙන ආදරේට. කවදා හරි දවසක ඒ දෙන්නා වෙන්වුනොත් එයාලට එයාලගෙ බලාපොරොත්තු දිහා බලලම ජීවිතේ වනසගන්න හිතෙන නිසා. මොනව උනත් ඔන්න මමත් දැං ඔයාගෙ කතා කියවන්න පටං ගත්තා. ලස්සනයි.

    ReplyDelete
  4. නියමායී! ආදරේ මුල්ම වතාවට ප්‍රකාශ කරන එක ලේසි දෙයක් නෙවෙයි... අත්දැකීමෙන් කියන්නෙ.

    හිතූ එකපාරටම කැමැත්ත දෙන්නෙ නැතුව ඇති. ටිකක් ගණන් ඉස්සුවා නේද?

    ReplyDelete
  5. අම්බෝ ඇති යන්තම් දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඇහුවා..නැත්තම් ඉතින් රොටරි ගිහින් ඉවරවෙනකම්ම කතා කර කර ඉන්න එක විතරක් කරයි :P

    බයි ද වේ අද මට වැරදෙන එක විසිතුරු අයියට වෙලා ;)

    ReplyDelete
  6. කෙල්ලත් පුල පුලා බලාගෙන හිටියේ ඕක අහගන්න නේ. දවස් කීපයක් යන්න දීලා හා කියයි. කෙල්ලෝ කෝමත් කෙලින්ම හා කියන්නේ නෑනේ. කෙල්ලෝ කපටියි :)

    ReplyDelete
  7. හපෝ මම් ගොඩක් පරක්කු වෙලා.


    ඔයා කවද්ද අපට පාර්ටියක් දෙන්නේ ? ඔයාගේ එක්කෙනා ඔයාගෙන් ඇහුවනේ ?

    ReplyDelete
  8. ආදරේ මුල්ම වතාවට කියන එක ඒ තරම්ම ලේසි දෙයක් නෙමේ...

    ReplyDelete
  9. මගේ හැම හුස්ම පොදක්ම ඔයා
    මගේ ඇගේ දුවන හැම ලේ බිදක්ම ඔයා
    මගේ හිතේ දගලන හැම සිතුවිල්ලක්ම ඔයා
    තේරෙන්නේ නැද්ද මේ හිතේ තියන ආදරේ...
    තේරුම ගන්න හිත දෙන්නැද්ද...?
    කියන්න මට ආදරෙයි කියලා...

    ඔන්න ඔහොම තමයිලු දසුන් කිවුවේ...
    කතාවනම් ෆට්ටයි ඇන්ටි.. ලස්සනට ලියලා තියනවා....

    ReplyDelete
  10. @ප්‍රර්ථනා අක්කි- ම්ම්ම්... ස්තූථියි අක්කියෝ.. හි හි.. අක්කිටත් ඉතින් දැනෙනවා වැඩියි නෙ මෙහෙම දේවල් නේද??;)

    හුරේ.. අක්කි පළවෙනියා..:D

    @BlogShan - ඇත්ත අයියා. ඒක හරි.. හුගාක් දෙනෙක් කරන්නෙ ඉතින් අහස උසට බලාපොරොත්තු දෙන එක තමා.:)
    ස්තූතියි අයියා.. කියවන්න එකතු ව්උනාට.:)

    @විසිතුරු - හි හි...!! අත් දැකීමෙන් නිසා කියන්නෙ විසිතුරු ට නම් හොදටම දැනෙන්න ඇති..;)
    හා හා. ඔයත් ChammA අයියා වගේ වුනාද?? හිතූ නෙවෙයි... මධූ හරිද??;)


    @ChammA අයියා- හි හි.. ඔව් ඔව්.. කවදාහරි ඉතින් කියන්න වෙනවනෙ දසුන්ට හරි මධූ ට හරි..;)ඔන්න අද කිව්ව.

    විසිතුරු අයියා??? :O කවදා ඉදන්ද බොලේ විසිතුරු අයියා වුනේ?? එයා ඔයාට මල්ලි..;) හික්ස්ස්... ඒක තමා දැන් හැමෝටම මේ මධූ වයි හිතූවයි පැටලෙනවනෙ.. මේක කරන්න බෑ..:p


    @

    ReplyDelete
  11. @මධුරංග අයියා- හි හි..!! එහෙම තමා ටිකක් ගණන් උස්සන්න එපැයි.. බලමුකෝ... හා හා කපටිකම නෙවෙයි.. ඒක ගෑණු ගතිය.;)

    අයියා පරක්කුයි ටිකක්..:) අහ්හ්හ් හෆ්ෆේ.. මම මොකට පාටි දෙන්නද අයියා..:( මට කොහෙන්ද මධූට වගේ ලක් එකක්..:(



    @Dinesh අයියා- හ්ම්ම්ම්ම්.... ඔව් අයියා.. ඒක හරි..:)


    @MaRLaN - හා හා.. ලස්සනයි .. නියම දෙබස.. හිත කීරි ගැහෙනවා...;) කලින් කිව්වනම් මම ඔය ටිකත් දාගන්නවා කතාවට.;)

    මොකාක්?? "ඇන්ටි" ??? කවුද බොලේ ඒ?? :/ :@
    ස්තූතියි අගය කිරීමට හොදේ???

    ReplyDelete
  12. අම්මියෝ .......ඔය තරම් ආදරෙන් ඇහුවොත් නම් කැමතියි කියන්න කලින් ගෑනු ළමයාගේ හුස්ම නවතියි හිතුවක්කාරී.. ගොඩක් ලස්සනයි..

    ReplyDelete
  13. ආ... ඇයි ඇන්ටි නෙවෙයිද?
    (දැනට ඇන්ටි නෙවෙයි උනාට කවදාහරි ඇන්ටි කෙනෙක් වෙයිනෙ.... නැද්ද මං අහන්නේ....? )

    ඕක තමයි ලෝක ස්වබාවය ඇන්ටි ගණන් ගන්න එපා

    ReplyDelete
  14. වෙනද කියනවා වගේ අදත් කතාව ලස්සනයි. ඒවගේම කෙල්ලෝ ඔහොම්මමයි හිතේ තියන දේ කියන්නේ නැනේ අපි කොහොමද හිත කියවන්නේ. හිතු කරපු වැඩේනම් වැරැදියි එත් එතන පොඩි මෙව්වා එකකුත් තියනව. ඉතින් කතාවේ ඊළගට මොකද උනේ කියල බලන්න බලන් ඉන්නවා. මම හිතන්නේ හිතු ටිකක් අදිමදි කරලා කියන්න ඇති හිතේ තිබිච්ච හැම දේම බලමු නේ.. ජය...

    ReplyDelete
  15. අද කතාවත් ගොඩක් හොදයි...වෙනදා වගේම ලස්සනට ගලාගෙන යනවා.. මේ කතාවේ මධූ වගේ ගෑණුළමයෙක් ගෙන් ඇත්තටම ආදරෙයි කියලා අහගන්න නම් පිං කරන්න ඕනේ..ඒ වගේම ඒ ආදරේ ලබන්නත් වාසනාවන්ත වෙන්න ඕනේ.දසුන් වාසනාවන්තයෙක් කියලා මම හිතනවා.. මේ වගේම ලස්සනට ඉදිරියටත් ලියාගෙන යන්න...,මම ඔබට සුබ පතනවා හිතූ යාලු.. :)

    ReplyDelete
  16. ආදරයෙ කොඩුකායෝ ''' ඇත්තෙන්ම මට මතක් උනා මගෙ කොඩුකාර අවදිය... අපොයි විලිලැජ්ජාවේ සන්තෝසේ බැහැ... :D

    ReplyDelete
  17. @Ice (අයේෂා කුලතුංග)-හි හි :D ඒක තමා..මධූ ටත් දැන් ඒකතමා වෙලා තියෙන්නෙ ;)
    ස්තූථියි යාලු


    @MaRLaN - ඒ කවදා හරිනෙ මැට්ටො :p තාම ඇන්ට් නෙවෙයි හලිද??


    @N N K - හෆ්ෆෝයි....!!! දැන් හිතූවයි මධූ වයි ටැපලිලා මටත්...:( හ්ම්ම් හි හි කමක් නෑ.. ඊළග කොටසින් බලමුකෝ වෙන දේ..


    @ද HUMAN - හ්ම්ම්ම්... මධූ දසුන්ට ආදරේ කරන තරමට ද ඔහොම කිව්වෙ. ?ගෑණූ ළමයෙක් මුලින්ම පිරිමි ළමයෙක්ට ආදරේ කරද්දි ඔහොම හැමෝම හිතන්නෙත් නෑ...
    ස්තූතියි සහෝ... හුගාක් ස්තූතියි...


    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ -හෆ්ෆා.. මෙන්න අපේ අයියාට මතක් වෙලා. ආදරේ කෝඩුකාර දගකාරකම්...:p හික්ස්ස්... හොදටම ලැජ්ජා හිතිලා වගේ...;)

    ReplyDelete
  18. ලස්සනයි හිතූ.............
    මං අද ටිකක් පරක්කු වෙලා.........
    සමාවෙන්න...

    ජය වේවා..............!!

    ReplyDelete
  19. ස්තූතියි මැණිකේ....:) පරක්කු වෙලා හරි ආවනෙ...:)
    ජය..!!

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....