නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

02 October 2011

දාලා ගිය කෙනෙක් ආයෙත් ආවොත්????

"ඔබ ආයෙමත් ඇවිදින් හිත හදාගත්තා විතරයි
ඔබ ආයෙමත් ඇවිදින්”
උන්නු දා පෙර අත පොවන්නට
බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද
කොයි තරම්
ඔබ නොදැක සිටි දිගු කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්..."


ආදරෙන් පැරදිලා, අනේක විද දුක් ගැහැට විදපු හිතක්, කාලයේ නාමයෙන් හිත හදාගත්තා විතරයි, ඒ ආදරේ කරපු රූපෙ, ආයෙමත් ඇස් ඉස්සරහට ආවොතින්...... මොනා වෙයිද????කාලය ට පිං සිද්ධ වෙන්න සුවපත් වෙච්ච, හිතේ ගැඹුරුම පතුලෙ ඇති වුනු තුවාලය ආයෙමත් නොපෑරී තියේවිද??


දෛවය මහා පුදුමාකාරයි... දෛවය ආදරේ කරන හිත් වෙන් කරන්නෙ මහා අකාරුණික විදියට. එහෙම වෙන් කරන හිත් ආයෙමත් මුණගස්වන්නෙත් ඒ දෛවයමයි...අමතක කරන්න, ඈත් වෙන්න මොහොතක් මොහොතක් ගානෙ පෙරුම් පුරද්දි, ආයෙත් ආයෙත් ඒ මතකයන් වලට, අතීතෙට හිත ළං කරන්නෙ දෛවයමයි....


ආදරේ ගැන කතා කරද්දි, මතක් කරද්දි,මොහොතකට ඇස් දෙක පියාගෙන විඳින්න පුළුවන් ලස්සනම ලස්සන මතක තියෙන්නෙ කීයෙන් කීදෙනාටද?අතීතය මතක් කරලා සතුටු වෙන්න, හිනා වෙන්න පුළූවන් කීදෙනාටද?ආදරේ කරලා , ජීවිතේ ආදරේම කරගෙන ඉන්න කීයෙන් කී දෙනාද සතුටින් ඉන්නෙ?? 


අත්වැල් පටලගෙන,  මං මාවත් දිගේ, පරක් තෙරක් නොදන්න, අනාගතේ ගැන කියව කියව ගියපු අතීතයක් කෙනෙක්ට අමතක කරන්න ලේසි නෑ..ආ ගිය තැන්, දුක සතුට මුසු වෙච්ච මොහොතවල්, ජීවිතේ තියනකම් අමතක කරන්නත් බෑ...."මුළු ලෝකෙම වෙනස් වුනත් මම වෙනස් වෙන්නෙ නෑ" කියලා ආදරෙන් වැළඳගෙන කියපු හිතක් කොහොමටවත් අමතක කරන්න අමාරුයි.ජීවිතේ අමාරු තැන්, දුෂ්කර අවස්ථා වලදි අත දුන්නු කෙනෙක්ගෙ වටිනාකම මනින්න බෑ.ගතවෙන මොහොතක් මොහොතක් ගානෙ වදවෙන්න, හොයන්න, බලන්න, තරවටු කරන්න, හුරතල් වෙන්න, දුකේදි කඳුළු පිහදාන්න,සතුටෙදි හිනාවට එළියක් දෙන්න, ළගින්ම උන්නු ජීවිතයක් අතෑරුණාම ඉවසන්න බෑ...


තමන්ගෙ  ජීවිතේ එක්තර යුගයක්දි, පණ වගේ ආදරේ කරපු කෙනෙක් තමන්ව අතෑරලා යන්නම යන්න ගියාම දැනෙන දුක කොයිතරම්ද කියලා වචන වලින් විග්‍රහ කරන්න තරමටම අමාරු දුකක්.විදපු, විඳවපු හුගාක් දෙනෙක් ඒ දුක දන්නවා ඇති.කාලයක් තිස්සෙ තනපු අහස් මාළිගා, එකින් එක අමුණපු හීන පොකුරු , එහෙම් පිටින්ම කඩන් වැටෙද්දි, රෑ ගණන්, කොට්ට පෙගෙනකම් ,ඇස් ලේ පාට වෙනකම්, කඳුළු ගලද්දි, ජීවිතෙන් සදහටම පැනලා යන්න හිතෙන්න ඇති.ආදරේ කියන්නෙ දුකක් කියලා දැනෙන්න ඇති..මෙහෙම ගින්නකටනෙ දැන දැන පැනලා මේ පිච්චෙන්නෙ කියලා හිතෙන්න ඇති.


ආදරයයි, වෛරයයි අතරේ තියෙන්නෙත් කෙස් ගහක පරතරයක්ලු. කෙනෙක් තමන් ආදරේ කරපු කෙනා තමන්ව දාලා ගියා කියලා ආදරේ කරපු ඒ හිතින්ම වෛර කරන්න පෙළඹෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති.ඒත් සමහරු තමන් ආදරේ කරපු කෙනා වෙනුවෙන් ජීවිත කාලෙම බලන් ඉන්නවා.තවත් සමහරු ජීවිත කාලෙ පුරාම ආදරේ හිතේ තියාගෙන හිතින් මැරි මැරි උපදිනවා.


විශ්වාසය කියන්නෙ ආදරේ පදනම ලු. ඇත්ත නේද?? විශ්වාසයක් නැති තැන, බැදීමක පැවැත්මක් නෑ.ඒ වගේම ආදරයක්දි විශ්වාසය එක සැරයක් බිඳිලා ගියොත්, ආයෙත් ඒ බිදූනූ විශ්වාසය ඇති කරගන්න අමාරුයි.අපි කොයිතරම් ආදරේ වුනත්, කොයි මොහොතක, මොන අවස්ථාවකදි හරි, විශ්වාසයට ඇති වුනු කැළල මකන්න අමාරුයි. ඒක හදවතේ පතුලෙම තැන්පත් වෙලා තියනවා.


ඒ වගේම තමයි. ළගින් ඉඳන්, ජීවිතේම වගේ ආදරේ කරපු කෙනෙක්, වෙන් වෙලා ගියපු කෙනෙක්ම, ආයෙමත් හොයාගෙන ආවොත්??? ආයෙමත් ඇවිත් ආදරේ ඉල්ලුවොත්??? ඒ ආදරේ ඉස්සර වගේම පිරිසිදු අවංක, හිතින් පිළීගන්න පුළුවන්ද??? සැබෑවටම ආදරේ කරපු කෙනෙක් නම්, කවදා හෝ තමන්ගෙ ආදරේ හිමි වේවි කියලා බලන් උන්නු කෙනෙක් නම්, ඒ ආදරේ කිසිම අහිතක් නැතුව පිළිගන්න ඕනේ නේද???


ඒත් ජීවිතේ එක සැරයක්, තමන්ව එපා කියලා, අවංක ආදරේට පයින් ගහලා ගියපු කෙනෙක්ව ආයෙමත් විශ්වාස කරන්න පුළුවන්ද??එහෙම කෙනෙක්ව ආයෙත් ආදරෙන් පිළීගත්තත්, ඒ ආදරේ ඉස්සර වගේම ඒ තරම් ම සුන්දර විදියට තියේවිද?? වෙනසක් නැතිව, අවංකවම ආදරේ කරන්න පුළුවන් වෙයිද??


ප්‍රශ්නාර්ථයක්?






Post Comment

32 comments:

  1. මම දන්නෙ මෙච්චරයි එක දවසක් හරි ආදරේ කළ කෙනෙක්ට වෛර කරන්න බෑ දාලා ගිය කෙනාට තමන් හැමදාමත් ආදරේ කළානම් ආයේ භාර ගන්න පුළුවන් මම නම් එයා ආයෙම ආවොත් භාර ගන්නවා

    ReplyDelete
  2. හදිසියේ දුටුව ඔබ කවුදැයි...
    හදුනා ගත කොහැකි වෙලා...
    ඔබෙ සිනා පොදක්වත් නැහැනේ...
    අද මසිතේ ඉතුරු වෙලා...
    ඒ එදා මෙදාතුර අපේ පැතුම් මල්...
    පරවෙලා දැන් ඇති නිසා.........

    අමතක වූ ලොව මතක් වෙලා...
    පසුගිය දේවල් සිහි වෙලා...
    නැවත් මගේ සිත කැලඹිලා නෑ...
    සිතුම් සැනසේවා...

    ඔබදෙස නොබලා ඉවත බලා...
    මතක ලොවින ඔබ ඉවත් කළා...
    ගෙවුනු අතීතය මා නෙත් හමුවට...
    නැවත නොම ඒවා......!!!!

    ReplyDelete
  3. පුළුවන් එහේත් ගියේ වෙනම පෙමක් සොයාගෙන නම් අයෙමත් එන්නේ වර්ෂා චාක්‍රය ක්‍රමයට එහේත් අපේ ගොඩාක් පෙමවතුන් දුක්වේන්නෙ හැරගිය එක ගැන හිතලා .. එහේම කරන්න ඔනේ නැහැ ගිය කෙනා ගියේ ඉහළ සතුටක් සොයා ගෙන නම් තමුන්ටත් අයිතියක් තියනවා ..තම ජිවිතය ගැන තිරණයක් ගන්න (තනිවම) ...අනේ මමං තේරේනවද දන්නේත් නැහැ මම කියන්න යනදේ...
    (බිදුණු හදකින් සෙනේහස සොයන්න එපා) :)
    කාවවත් සනහානන් එපා තමන් සැනසෙන්න....

    ReplyDelete
  4. ශානු කියපු කථාව සමග 100%ක්ම එකග වෙනවා..... ආදරේ කලානම් ජිවිතේම එයා වෙනුවෙන් කැප කලානම් දාලා ගියත් ආයේ ආව දවසට ආදරෙන් බාර ගන්න මම නම් කැමතියි.. මෝඩ තිරනයක් උනත් මට ඒ දවස වෙනකන් ජිවත් වෙයිද කියලා නම් ලොකු ප්‍රශ්නයක් තියනවා

    ReplyDelete
  5. aththatama hithu mata mekata digaaaaa comment ekak daanna ona. mama eka nisa passe ennam dan mata yanna wenawa....meka godaak hithanna ona deyak ..........

    ReplyDelete
  6. සංකීර්ණ ප්‍රශ්නයකට බුද්ධිමත් පිළිතුරක් දෙනවද,ප්‍රයෝගික පිළිතුරක් දෙනවද,හිතට එකගව උත්තර දෙනවද?.............

    ReplyDelete
  7. matanam ba baraganna. namuth mulu jeevithe purawata adarey karavi mama sithin..

    oya pasugiya tike penne naththea ai?

    ReplyDelete
  8. හ්ම්ම්....... අනේ මන්දා! ඔහොම අත්දැකීමක් නැති නිසා කියන්න බෑ. මිනිස්සු හැම මොහොතෙම වෙනස් වෙනවානෙ!

    ReplyDelete
  9. මම නම් භාර ගන්නවා. මොකද මාව දාලා ගියේ එයාට වෙන ආදරයක් හොයාගෙන නේ. එහෙම ගිහින් හිටියත් අයාට මගේ ආදරය වටින බව දැනුනනේ. අන්ත් එක තමයි වරදක් කරලා එයා ඒ වරදට පසුතැවිලි වෙනවනම් ඒ වැරැද්ද නිවැරදි කරන්න පුලුවන්.

    මොකද ඒ කෙනා එයාගේ වැරද්දට හිතින් දුක් වින්ඳ නිසා.

    ReplyDelete
  10. ටික කලක් ඉඳල ආපසු දාල ගියොත්?

    ReplyDelete
  11. ලස්සනයි හිතු ........... ජිවිත කාලෙ පුරාවටම අපේ හිතින් අවංකව ආදරේ කරන්න පුලුවන් එක් කෙනෙකුට විතරමයි..එයාල අපේ ජීවිත වලින් ගියත් එයාලගෙ මතකයෙ සුවද හැමදාමත් අපි ලග.....

    ReplyDelete
  12. ජීවිතය කියන්නේ කාටවත් සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක කවුරු හරි සෙල්ලමකට ගන්නවානම් එක මහාම මහා මෝඩකමක්. ඇත්ත ආදරේ කරපු කෙනෙක් අමතක කරන එක ලේසි වැඩක් නෙවෙයි. කවද හරි එයාව දැක්කම අතීතය වල නොකදී මතක් වෙන එක පිට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර වෙලාවට ඒ වගේ අනාගතයක් අපිට නැතිවෙන්න පුළුවන්. ඇත්තටම ආදරයේ පදනම වෙලාතියෙන්නේ විශ්වාසය ආදරයේ විතරක් නෙවෙයි ඕනෑම බැදීමක සුරක්ෂිත බාවය තියෙන්නේ අන්නෝන්‍ය හැදිනිම හා විස්වාසය මතයි. කවද හරි ඒ විස්වාසය පලිදු උනොත් ඒ බැදීම බිදෙන්න පටන් ගන්නවා. එත් එක පාරට එක කැඩෙන්නේ නැ. නමුත් වෙනදට වැඩිය වැරදි පෙන්න පටන් ගන්නවා. එහෙම වෙලා අන්තිමට විසිරිලා යනවා. කවදාවත් හිතක් කැඩුනට පස්සේ එකට බෙහෙත් කරලා වැඩක් වෙන්නේ නැ. මොකද එක හිතක් නිසා වගේම අපි මිනිස්සු නිසා. ජිවිතේ කටත් බලාපොරොත්තු ඉලක්ක තියනවා අපි හැමෝම උත්සහ ගන්නේ ඒවා සපල කරගන්නයි. ඒවගේ අවස්ථාවල අපි ඒගැන හිතන්න ඕන. කවද උනත් අපිට 100% ගැලපෙන කෙනෙක් හොයන්න ලැබෙන්නේ නැ නමුත් බොහෝවිට දෙදෙනාටම වෙනස් වෙන්න සිද්ද වෙනවා. ගියපු කෙනෙක් ආවොත් අපිට විස්වාස කරන්න පුලුවන්ද ඒ කෙනා ආපහුම ඒ වැරැද්ද නොකරයි කියල. කවදාවත් නැ එයාට තවපරක් ඒ වැරැද්ද කරන එක සුලුදෙයක්. මොකද අපි ඕනෑම නොකරපු දෙයක් පලවෙනි පාරට කරද්දී අමාරු උනාට දෙවෙනි පාර හරිම ලේසියි. පෞද්ගලිකව මම එහෙම කෙනෙකුට දෙවෙනි අවස්ථාවක් දුන්න එත් එයා පලවෙනි පාර මට කරපුදේම නැවත වතාවක් කළා. දැන්නම් මම එයාට නෙවෙයි කාටවත් දෙවෙනි අවස්ථාවක් දෙන්නේ නැ. එත් හැම වෙලාවෙම මම හරියි කියල මම කියන්නේ නැ. මටත් වරදින්න පුළුවන්. ගොඩක් ඉඩ ගත්ටට සොරි...

    ReplyDelete
  13. මගේ හිතේ කියගන්න බැරුව හිටිය ඔක්කොම NNK ලියල තියනවා. ස්තුතියි

    ReplyDelete
  14. අනෙ මමනම් උපදෙස් දෙන්න නෑ. මොකද ඔය වයසට දෙන උපදෙස් පිලිපදින්න කවුරුත් අකමතියි. ඒ හන්දා තමතමන්ගෙ අත්දැකීම් වලට එකතුකර ගන්න දීලා ඔහෙ බලාන ඉන්නවා

    ReplyDelete
  15. උපදෙස් දෙන්නේ කොහොමද හිතුයි මමයි ඒක වයසෙනේ.. :)
    ඒත් ඉතින් හැමෝම වගේ මටත් කියන්න තියෙන්නේ ..හිතෙන්නේ...මට වුනා නම් ඔහොම දෙවෙනි අවස්ථාවක් දෙන්නේ නෑ...
    මම හිතන විදියට ආදරේ කියන්නේ මිනිස්සු ජිවත් කරවන්න තරම් හැකියාවක් තියෙන පුජනීය දෙයක්..

    ReplyDelete
  16. ආදරේදි දෛවය අපිත් එක්ක ලොකු සෙල්ලම් කරනවා.. අමතක කරන්න හදන මතක අපි උත්සාහ කරන හැම මොහොතකම ආයෙමත් අපි ලගට අරන් එනවා...

    ReplyDelete
  17. @ශානු -ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....මමත් කාලයක් තිස්සෙ ඔහොම මතයක තමා ඉන්නෙ. ඒක ඇත්ත. අවංකව හුගාක් ආදරේ කරපු එකෙන්ක්ට වෛර කරන්න බෑ....

    @~~තරූගේ ලෝකය~~ - "ගෙවුනු අතීතය මා නෙත් හමුවට...
    නැවත නොම ඒවා......!!!!" ඇත්ත තමයි අයියා... ඒක ලස්සනයි...ස්තූතියි..!!



    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ -ඔව් ඔව්. අයියා කියන එකත් ඇත්ත තමයි... ඕක එක එක්කෙනා හිතන විදිය අනුව වෙනස් වෙනවා.. අනේ මංදා.. තම්න්ට තීර්ණයක් තනිවම ගන්න අයිතියක් තියෙන්න ඕනෙ තමා..


    @දේවා ගේ අඩවිය -හ්ම්ම්ම්ම්ම්ම්... අවංකව ඇත්තටම ආදරේ කළානම්, ආයෙමත් ආදරේ හොයන් ආවාම භාරගන්න පුළුවන්...


    @සුදු පොඩ්ඩ-හි හි හි..:D :D හරි හරි... ඔයා හිමින් හිතන්නකෝ...හිතල ඇවිත් හිතිච්ච් දේ ගැන ලියලා යන්නකෝ...


    @Tharinduhw122-බුද්ධිමත්, ප්‍රායෝගික වගේම හිතට එකගව උත්තරයක් දෙන්න..:)

    ReplyDelete
  18. It Depends on the situation !!!!

    ReplyDelete
  19. @Gimhani -ම්ම්ම්ම්ම්ම්.. මම කිව්ව වගේම මෙතන්දි එක එක්කෙනා ගන්න තීරණ වෙනස් වෙනවා නේද?? එක එක්කෙනාගෙ ආදරේ, අත්දැකීම් මත, හ්ම්ම්... ඔව් ආදරේ කරන්න ලබාගන්නම ඕනෙ නෑනෙ.:)

    අහ් මම පෝස්ට් දැම්මෙ නෑ තමා. ටිකක් බිසී වෙලා හිටියෙ. අම්මාගෙ අසනීප තත්වෙයි, ඉගනීම් වැඩ නිසයි:)


    @විසිතුරු - මෙහෙම අත්දැකීමකටනම් මූණ නොදෙන එකමයි හොද.:( ඔව් ඒකනම් ඇත්ත සහෝ.. මිනිස්සු හැම මොහොතකම වෙනස් ව්එනවා.


    @මධුරංග අයියා-හ්ම්ම්ම්ම්ම්ම්.. එයා ඔයාව් අතෑරලා හියේ වෙන කෙනක් ළගටනම්, ආයෙමත් එන්නෙ ඔයාගෙ වටිනාකම තේරුම් අරන් නම්, ඒ විදියටම ආයෙත් වතාවක් ඔයාව දාල ගියොත්????ඔයාට වඩා වෙන ආදරක් වටිනවා කියල් ආයෙමත් හිතුනොතින්...??


    @dilki - ස්තූතියි යාලු.. ඒක ඇත්ත.මතකය්න් අමතක වෙන්නෙ නෑ...:)

    @N K K- ඔයා කොච්ච්ර ඉඩක් ගත්තත් කමක් නෑ සහෝ.... මේ කියලා තියෙන්නෙ සම්පූර්ණම ඇත්ත. හරි කතාව. මාත් ඔය දේට එකගයි.. අපි එක සැරයක් සමාව දීලා, භාරගෙන අවංකවා අදරේ කලත්,ආයෙ ආයෙත් ඒ විශ්වාසය බිඳිනවනම්..... ඒකට පැවත්මක් නෑ...
    ස්තූතියි සහෝ..!!!


    @ලොකු ඡෝන් - හ්ම්ම්ම්ම්ම්ම්ම්.. උපදෙස්නම් අනේ මංදා. ඒත් අනික් අයගෙ අදහස්, අත්දැකීම් තුළින් අපි ගන්න යන තීරණ වල හරි වැරැද්ද තෝරගන්න පුළූවන්..


    @ගිනි කුරුල්ලා - හොද නරක අත්දැකීම් බෙදාගන්න, අවවදයක් දෙන්න, වයස ප්‍රශ්නයක් නෑ සහෝ...:) අපි පිළීගන්න ඕනෙ වැඩිමල් අය කියන දේම විතරක් නෙවෙයිනෙ.:)
    ඇත්ත ආදරේ මිනිස්සුන්ව ජීවත් කරවනවා සහෝ.. ඒ වගේම විනාශ කරන්නත් පුළුවන්...


    @Dinesh අයියා- ඇත්ත අයියා. දෛවයනම් මහා පුදුමාකරයි. මම හැමදාමත් දෛවය ගැන පුදුම වෙනවා. ඒ ඇර මට හිතන්න දෙයක් නෑ...:)

    ReplyDelete
  20. @ChammA අයියා-yap. agree with u ayya. :)

    ReplyDelete
  21. @හිතුවක්කාර නංගි :
    එක පාරක් දාලා ගිහින් ආයෙම එනවනම් භාර ගන්නවා. එහෙම ඇවිත් ආයෙම ගිහින් ආයෙත් එන්න හදනවනම් පයිනුත් ගහලා එලෝලා දානවා. :)

    ඔයාට තේරෙන විදිහට කියනවනම්...

    if (නැවත_පැමිණිමේ_වාර_ගණන ==1)
    printf ("පිලිගන්නවා") ;
    else
    printf ("Syntax Error") ;

    ReplyDelete
  22. ෂා මධුරංග අයියා... නියමයි..!!! නියමෙටම තේරෙනවා...;) අයියා මට තේරෙන විදියටම කියලා... මරු..:D :D :D

    ReplyDelete
  23. ආදරේ..හ්ම් මගේ ආදරේ මාව දාලා ගියා ගිහින් කාලයක් මගේ ඇස් මානෙකටවත් ආවෙ නෑ ඒත් ආයෙත් එයා මට ළං වුනා.එහෙම උනේ එකපාරක් නෙමෙයි දෙපාරක්ම එයාම ගිහින් එයාම ආව.දැන් එයා ආයෙත් මාත් එක්ක නෑ.මම ජීවිතේ විදින්න පුළුවන් හැම දුකක්ම වින්ද,තාමත් විදිනව.ඒත් මම තාමත් බලන් ඉන්නව තුන්වෙනි පාරටත් එයා එනකන්.ආදරේ කියන්නෙ මහා ආත්මාර්ථකාමී හැගීමක් කියල වෙලාවකට හිතෙනව,වෙන හිතකට ළං වෙන්න නොදී සමහරවිට සදහටම ආයෙත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් බලන් ඉන්න එක ඇත්තටම ආත්මාර්ථකාමි වැඩක්.ඒත් මුළු ජීවිතේටම පණවගේ ආදරේ කරන්නෙ එයාට විතරයි කියලා පොරොන්දු වෙලා එයා මගේ ළගට ආවම ඉස්සර වගේ ආදරෙන් එයාට ළං නොවීංඉන්න මට බෑ....මට දුකක් දැනුනත් එයා සතුටින් ඉන්නයි මට ඕන.ගිහින් ආයෙත් එන්නෙ මගෙ දුප්පත් ආදරේ පොඩි හරි වටිනකමක්,විශ්වාසයක් ඒ හිතේ තියෙන නිසානෙ.ඒ වටිනකම විශ්වාසය මට විනාස කරන්න බෑ..

    ReplyDelete
  24. හිතූ..ඔයා මට සහෝ කියන්කොට ඉස්සර වගේ දැනෙන්නේ නෑනේ..:/
    ඒක පොඩ්ඩක් අවුල් වගේ.:)
    අයියේ කියලම කියන්න..මාත් නංගි කියලම කියන්නම්...:)
    ^_^
    කමක් නෑනේ???

    ReplyDelete
  25. @ආඩම්බරකාරී -ම්ම්ම්ම්ම්ම්... ඔයාගෙ කතාවට සත්තයි ඇඩැට කඳුළක් ආවා. ආදරේදි අපි ඒ තරමට හුගාක් බොළඳයි.. ආත්මාර්ථ කාමී.. ඒක ඇත්ත. අනික අවංකව අඅදරේ කරන අය හිතන්නෙ හැම මොහොතකම අනිත් කෙනාගෙ සතුට ගැනනෙ..


    @ගිනි කුරුල්ලා- අහ්හ්හ්..... හලි හලි.. එහෙනම් ඔන්න මම අයියා කියන්නම්කෝ..:D :D එතකොට හලි නේ??? කමක් නැතෝ....;)

    ReplyDelete
  26. මිනිස්සු වැරදි කරන්නෑ! මිනිස්සුන්ට වරදිනවා ! ඒක නිසා හරියන්න හරි වරදින්න හරි කෙනෙකුට තව අවස්ථාවක් දෙන එක හොඳයි කියලා මම හිතනවා .!

    ReplyDelete
  27. මමනම් භාර ගන්නේ නෑ. කෙස් ගහක පරතරය පැනලා ආදරය වෛරයකට හැරිලා නිසා නෙවෙයි, බැදීමක පදනම ආදරය විතරක්ම නෙවෙයි නිසා... හදවතේ කොයි තරම් ආදරය රිදුම් දුන්නත්, ලෝකයක් තරමට මගේ හිතේ තිබුණ විශ්වාසය බිදිලා නිසා... පන්සලක් තරමට තිබුණ භක්තිය නැතිවෙලා නිසා... දවසක් එයි හදවතේ විලාපය නවතින... ඒත් නැතිවුන විශ්වාසයයි, භක්තියයි කවදාවත්ම ආයෙ ආවේ නැත්නම්...

    ReplyDelete
  28. @සඳරු අයියා-ම්ම්ම්ම්... අවස්ථාවක් දෙන එක හොදයි කියන එක හුග දෙනෙක්ගෙ අදහස තමා අයියා. ඒත් අවස්ථාවක් දීලා ජීවිතේ තවත් දුකක් වෙයිද දන්නෙ නෑ...

    @මන්තරකාරී- ඔයාගෙ කතාව ඇත්ත තමයි අක්කි.
    "ලෝකයක් තරමට මගේ හිතේ තිබුණ විශ්වාසය බිදිලා නිසා... පන්සලක් තරමට තිබුණ භක්තිය නැතිවෙලා නිසා... දවසක් එයි හදවතේ විලාපය නවතින... ඒත් නැතිවුන විශ්වාසයයි, භක්තියයි කවදාවත්ම ආයෙ ආවේ නැත්නම්..."

    මේ ටික මටත් හිතෙනවා.. නැති වුනු විශවාසයක්, භක්තියක්, ආයෙමත් කලින් තිබුනු විදියටම ආයෙත් ඇතිවෙන්නෙ නැතිවෙයි

    ReplyDelete
  29. හිතු මං කියන්නද. ආයෙත් ආපහු යන කම් පොඩ්ඩක්වත් බුරුලක් දෙන්න එපා. ඊට පස්සේ ඉතිං අපිට බලා ගන්න බැරියෑ හැම තැනම හූල්ල හුල්ල හිතුගේ දුක ලියනවා :P

    මං නම් හිතුවො කරන්නේ එහෙම වුනත් බාර ගන්න තරම් එයාව වටිනවද නැද්ද කියාල හිතල බලන එක එයා වටිනව නම් මං එයාව මගෙ කරගන්නවා අනිවර්‍යයෙන්ම ඒ වෙනුවෙන් කරන්න ඕනේ දේවල් මං කරන්න පැකිලෙන්නෑ. (පව්වැඩ නම් නෙමෙයි) නැත්නම් ඉතිං යටිපතුලෙවැටිල සමාව ගත්තොත් විතරයි මං නම් ආයෙ ඇහැක්වත් ඇරල බලන්නේ කියල ඉදල වෙන එකෙක් එක්ක ගියාම දුක් විදින්න වෙන්නෙත් තමන්ටම නෙවැ. උපදෙස් දෙන්න තරම් පැහිලා නෑ ඒත් ඉතිං කට පියන් ඉන්න බැරි කමට ඔන්න ඔහෙ ලිව්වා.

    ReplyDelete
  30. හිතූ...එපා කියලා දාලා ගිය කෙනෙක්ව ආපහු කිසිම දවසක ජීවිතේට ලංකරගන්න එපා.දැන් අපිට වැරදුනොත් බඩගාලා,පෙරලිලා මොනවා හරි කරලා ආපහු නැගිටින්න පුලුවන්.ඒත් ජීවිතේ ගොඩක් දුර අපි ගිහින් හිටිය කාලෙක එහෙම උනොත්..එදාට අපි අන්ත අසරණ වෙනවා.

    ReplyDelete
  31. @සිහිනයක මියැදුණ සිතක්- හ්ම්ම්ම්ම්ම්ම්ම්.... ඒකත් ඇත්තනෙ අයියා..:p මේක මං මේ මටම ලිව්ව නෙවෙයි.. පොදු මතය විමසුමක් කලා..:)

    ඔව් වටිනවනම් භාරගන්න ඕනෙ. නැත්තම් නෑ... ඒකත් හරි.උපදෙස් දෙන්න පැහෙන්න ඕනෙම නෑ...;) ස්තූතියි අයියාට


    @ද HUMAN -ම්ම්ම්ම්ම්... ඔව් ඇත්ත. ජීවිතේ හුගාක් දුර ගියාට පස්සෙ ආයෙමත් හැරෙන්න බෑ තමා. අසරණ වෙන්න වෙන්නෙ.කතාවනම් සහත්ක ඇත්ත යාලු..

    ReplyDelete
  32. ඒ වෙලාවෙ හැටියට තමයි තීරණය වෙන්නෙ...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....