නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

08 October 2011

අලුත් විදියකින් ජීවිතේ දිහා බලමුද????

ඔන්න හිතුවක්කාරි හැමදාම වගේ අදත් මේ කියන්න යන්නෙ දුක හිතෙන කතාවක් නෙවෙයි.ජීවිතේ ගැන වෙනස්ම විදියකට අපිට බලන්න පුළුවන් නම්, කොයි තරම් නම් හොඳද නේද?? අද මං ලියන්න හිතුවෙ ජීවිතේට යමක් ගන්න පුළුවන් කියලා හිතෙන වටිනාකමක් තියන කතාවක් ගැන.මට මේක කියෙව්වහම හිතුනා මේ කතාවෙ ගන්න යමක් තියෙනවා නේද කියලා. ඉතින් මෙහෙම ලියන්න හිතුවා.
--------------------------------------------------------------------
ඔන්න එකමත් එක කාලෙක , හිට්යා කෝකියෙක්.මේ කෝකියාට හිටියා ලස්සන දුවෙක්.හැබැයි මේ දුව එයාගෙ පියාට, එහෙම නැත්තම් මේ කෝකියාට , නිතරම පැමිණීලි කලා, කන් කෙඳිරි ගෑවා එයාගෙ ජීවිතේ ගැන.මේ දුව නිතරම එයාගෙ ජීවිතේ ගැන කණස්සල්ලෙන් පසු වුනා.


"මගේ ජීවිතේ මටනම් එපා වෙලා..මම කොහොමද සතුටින්, හොඳින් ජීවත් වෙන්නෙ?"


මේ දියණිය හැම මොහොතකම තමන්ගෙ පියා  සමග , කථා කළේ ජීවිතේ ගැන හුගාක් දුකින් වගේම කළකිරීමෙන්.ඇය ඇගේ ප්‍රශන වලට උත්තර හොයන්න, විසඳගන්න හැම මොහොතකම කාලයත් එක්ක සටන් කරන්න, අරගල කරන්න උත්සාහ කලා.ඒත් එක ප්‍රශ්නයක් විසඳෙන ක්ෂණිකව තවත් ප්‍රශ්නෙකට මූණදෙන්න ඇයට සිදු වුනා.




එක්තරා දවසක ඇගේ පියා, ඇයව මුළුතැන් ගෙට එක්කගෙන ගියා.මුළුතැන්ගෙට ගිහින්  එක සමාන මුට්ටි තුනක් අරගෙන ඒ හැම මුට්ටියකටම සමාන වතුර ප්‍රමාණයක් පුරවලා, ලිපි ගිනි දල්වලා වතුර රත් වෙන්න තැබුවෙ දියණියත් සමග කිසිම වචනයක් කතා නොකරමයි.


තම පියා මොකක්ද මේ කරන්න යන්නෙ කියලා කිසිම අවබෝධයක් නැතිව, ඇය පුදුමයෙන් බලාගෙන හිටියා.එකවිටම වගේ වතුර මුට්ටි රත් වෙලා වතුර නටන්න පටන්ගත්තා.එවිට ඔහු වතුර මුට්ටි තුනෙන්, පළමුවෙනි එකට අර්තාපල්, දෙවෙනි මුට්ටියට බිත්තර  සහ තුන්වෙනි මුට්ටියට කෝපි ඇටත් දැම්මා.


තවමත් මේ සිදුවන දේ දියණියටනම් පුදුමයක්.විනාඩි විස්සකට පමණ පසුව, ඔහු අර්තාපල්, සහ බිත්තර වෙන වෙනම භාජන දෙකකටත්, කෝපි ඇට වෙනමම කෝප්පයකටත් දැමුවා.


ඊටත් පසුව තම දුව දෙසට හැරුණු ඔහු,


 " දුව, මොනාද ඔයාට පේන්නෙ???"  ඇහුවා.


"අර්තාපල්, බිත්තර, කෝපි ඇට" මොහොතක්වත් නොසිතා ඇය ක්ෂණිකවම උත්තර දුන්නා.


"හොඳට බලන්න. අල්ලලා අතට අරන් බලන්න මේ අර්තාපල්."


ඔහු නැවතත් දියණියට කිව්වා.


ඇය අර්තාපල් අතින් ගෙන ,අතගා බලා ඒවා පෙරට වඩා මුදු බවත් වටහා ගත්තා.ඊළගට ඔහු, බිත්තරයක් ගෙන එය කටුව කඩා බලන ලෙස දියණියට කීව්වා. ඇය බිත්තරයක් ගෙන කටුව කඩා ඇතුළත පෙරට වඩා සවි වී ඇති බවත්, තැම්බීම නිසා මදය ශක්තිමත්ව ඇති බවත් වටහාගත්තා.අවසාන වශයෙන් ඔහු ඇයට කෝපි තොල ගා බලන ලෙසත් ඉල්ලා සිටියා.


තම පියාගෙ ඉල්ලීම ඉටු කල මේ දියණිය ඊට පසුව පියා දෙසට හැරී,


"තාත්තා, මොකක්ද මේකේ තේරුම?"  ඇසුවා.


ඔහු තම දියණියට විස්තර කරන්න පටන්ගත්තා.


අර්තාපල්, බිත්තර වගේම, කෝපි ඇට වලටත් වතුර නටද්දි මූණ දෙන්න සිද්ධ වුනේ එකම සංසිද්ධියකට යි.නමුත් ඒ අර්තාපල්, බිත්තර සහ කෝපි ඇට ඒවාට ප්‍රතික්‍රියා කලේ, එහෙම නැත්තම් මූණදුන්නෙ වෙනස් වෙනස් විදි වලටයි. 


අර්තාපල් මුලින් තිබුණෙ, ශක්තිමත්ව, දැඩි බවකින් යුක්තවයි, නමුත් වතුරේ තැම්බෙද්දි අර්තාපල් මුදු සහ දුර්වල වුනා.


ඒ වගේම බිත්තර තැම්බෙන්න කලින් තිබුණේ, තුනී බිඳෙන සුළු කටුවකින් ඇතුළත තිබුනු දියරමය මදය ආරක්ෂා වෙලයි.නමුත් උණු වතුරෙන් තැම්බුනාට පස්සෙ, බිත්තරය ඇතුළත ශක්තිමත් වෙලා තිබුණා පෙරට වඩා.


කොහොමහරි, කෝපි වෙනස්ම දෙයක් වුනා. ඒවා උණු වතුර සමග මිශ්‍ර වෙලා , වතුරත් වෙනස් කරලා,වෙනමම, අලුත් ද්‍රව්‍යක් සාදා තිබුනා.


"ඔයා මොන එකද??" ඔහු තම දියණියගෙන් ඇහුවා.


"මොකක් හරි ආපදාවක්, කරදරයක්, ප්‍රශ්නයක් ඔයාගෙ දොරට තට්ටු කරන කොට, ඔයා ඒකට මූණ දෙන්නෙ කොහොමද? ඔයා අර්තාපල් ගෙඩියක්ද?? බිත්තරයක්ද?? එහෙම නැත්තම් කෝපි ඇටයක්ද??"


ඔහු තම දියණියට හිතන්න දෙයක් ඉතිරි කළා.


ජීවිතේ දී, අපි වටා හුගාක් දේවල් සිද්ධ වෙනවා.ඒ වගේම අපිට හුගාක් දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා.වැදගත් වෙන්නෙ මේ සිද්ධ වෙන දේවලුත් එක්ක අපිට ඇත්තටම වෙන්නෙ මොකක්ද කියන එකයි.අපි ඒ දේවල් එක්ක ජීවිතේට මූණ දෙන්නෙ කොහොමද කියන දෙයයි.


ඔයා තෝරගන්නෙ මොකක්ද??
බිත්තරයද? අර්තාපල් ගෙඩියද? නැත්තම්, කෝපි ඇටයක්ද?


ප්‍රශ්න අපේ ජීවිත වලට එද්දි, කොහොමද අපි ඒ ප්‍රශන වලට මූණ දෙන්නෙ?ඒ  ප්‍රශ්න අපිව දුර්වල කරනවද? එහෙම නැත්තම් ඒ ප්‍රශ්න නිසා අපි ශක්තිමත් වෙනවද? නැත්තම් අපිව වෙනස්ම කෙනෙක් කරන්න, සම්පූර්ණ වෙනස් මගක යන්න ඒ ප්‍රශ්න හේතුවක් වෙනවද?


අවසාන වශයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නෙ මේ දෙයින්,


"සතුට කියන්නෙ අපි හොයන දේ නෙවෙයි. අපි විසින් නිර්මාණය කරන දේටයි"




ඒ වගේම තවත් ලස්සන කියමනක් තියෙනවා, මෙතනට ඒකත් ගැළපෙනවා කියලා හිතුනා. සිනාව සතුට මේ ඔක්කොම එක හා බැඳුණු දේවල් නේ.


"Smile in pleasure, smile in pain; Smile when trouble pours like rain; Smile when someone hurts you, Smile because someone cares for you."
----------------------------------------------------------------------------------
ආශ්‍රිත :- ezsoftech.com

Post Comment

22 comments:

  1. "සතුට කියන්නෙ අපි හොයන දේ නෙවෙයි. අපි විසින් නිර්මාණය කරන දේටයි"

    මේ අදහසට මම එකඟයි. ඔයා අහපු විදියට මම නම් කැමති බිත්තර හා කෝපි න්‍යායට! නමුත් අර්තාපල් න්‍යායට පත් වෙන අවස්ථාත් තියෙනවා.

    ReplyDelete
  2. සහතික ඇත්ත කතාවක්..
    මමත් කාලයක් ප්‍රශ්න වලට ඇඬුවා.. ඒත් දැන් තේරුම් අරන් ඉන්නේ ජීවිතේ අඬ අඬා ඉන්න කාලයක් නැ කියලා. එනදේට එන විදිහට මූණ දෙනවා... :)
    ලස්සන හරිම් වටින තේරුමක් ඇති ලිපියක්..

    ReplyDelete
  3. ගොඩාක් ලස්සනයි නංගි.....හිතන්න ලොකූ යමක් තියනවා.....

    ReplyDelete
  4. හිතන්න යමක් තියෙනවා. මම නම් ඔය තුනම නෙවෙයි,,, මම මමයි


    ජය...

    ReplyDelete
  5. ඇත්තමයි නංගෝ, නියම කථාවක්.. අපි අපිම වෙන්න ඕනේ, වෙලාවකට මුදු වෙන්න, තවත් වෙලාවකට ශක්තිමත් වෙන්න, තවත් වෙලාවකට වෙනසම විදියකට හිතන්න අපිට පුළුවන් නම් එතන තමයි අපේ දිනුම තියෙන්නේ

    ReplyDelete
  6. ඒ කතාව ඇත්තටම ඇත්ත. ජිවිතේ අපිට එන ප්‍රශ්න වලට අපි හොදින් මුණ දෙන්න ඕන. ඒ ප්‍රශ්න නිසා අපි ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි අපිට තවත් ඒ විදියේ ප්‍රශ්න වලට මුණ නොදෙන විදියට අපි වෙනස් වෙන්නත් ඕන. එකියන්නේ අත්දැකීම් මතින් අපි අලුත් වෙන්න ඕන කියන එකයි....

    ReplyDelete
  7. මේ කතාව මං ඇහුවෙ අදමයි.හොද තේරුමක් තියෙන කතාවක්.මමනම් එක එක වෙලාවල් වලට ඔය තුනම බවට පත් වෙනවා.හැබැයි වැඩිපුර අල නම් වෙන්නෙ නෑ. :D

    ReplyDelete
  8. hithuta oka thrunaanam aka lokuuuu deyaak :)

    ReplyDelete
  9. ඇත්තටම අල වෙන්නද බිත්තර වෙන්නද නැත්ත්නම් කෝපි වෙන්නද ඕන

    ReplyDelete
  10. ඕනි වෙලාවට අල ගෙඩියක් වගේ මුදු වෙන්නත් ඕනි වෙලාවට බිත්තරේ වගේ දැඩි වෙන්නත් කෝපි වගේ අනිත් අයව වෙනස් කරන්නත් පුලුවන්නම් තමා මනුස්සයෙක්ගේ සැබෑ වටිනාකම තියෙන්නේ.

    ReplyDelete
  11. හිතන්න දෙයක්..හ්ම්ම්.. කවුරුත් කැමති ඇති බිත්තර සහ කෝපි වගේ ජිවිතයට මුහුණ දෙන්න..ඒත් අර්තාපල් වෙන්න සිද්ධ වෙන අවස්ථාත් නෑ කියන්න බෑනේ හිතූ.. ආදරේ කරලා තියෙන ඔයාට එක අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ...
    කොහොමහරි සාර්ථකව ජිවිතයට මුහුණ දෙන්න හුරුවෙන්න ඕන.එතකොටයි ජිවිතේ විදින්න පුළුවන් වෙන්නේ..

    ReplyDelete
  12. ඇත්තටම වටින කතාවක් හිතූ... ජීවිතේට එන ප්‍රශ්න දිහා අපි බලන්නෙ වෙනස් වෙනස් විදියට.. එක එක පැති වලින්.. සමහර විට හිතලා බලද්දි ඒ ප්‍රශ්න අවුල් කරගනෙ තියෙන්නෙ අපිවිහින්මයි.. :)

    ReplyDelete
  13. "Smile in pleasure, smile in pain; Smile when trouble pours like rain; Smile when someone hurts you, Smile because someone cares for you."

    Ya, that's true hithu''''
    great hithu;;;NIce

    ඇත්ත හිතු මේ තමයි ජිව්තේ...අපිට ජිවිතේ ගොඩක් දේවල් කියලා දෙනවා...ඒවා සමානව තොර බේර ගන්න අපි දැන ගන්න ඹ්න...
    අපි හිතන පතන හැම දේම ඒ සිතුවිලි මත රැදිලා තියෙන්නේ...
    වටිනවා ඔයාගේ කතාව....ලස්සනයි.....
    Best of Luck

    ReplyDelete
  14. මේ කතාව පොඩිවුනත් වැදගත් පාඩමක් කියලා දෙනවා.දැනට අවුරුද්දකට විතර කලින්නම්,මේ කතාවේ හැටියට මම නියම අර්තාපල් ගෙඩියක්.ඒත් දැන් නම් කෝපි ඇටයක්... :)

    ReplyDelete
  15. මෙයා දන්න දේවල්..පුහ්...

    ReplyDelete
  16. @විසිතුරු - ම්ම්ම්ම්.... ඒකනම් ඇත්ත. අපි එක එක අව්ස්ථා වලදි එක එක තත්ව වලට පත් ව්එනවනෙ.:)

    @Red Riding Hood -ඔව් යාලු අඩලනම් වැඩක් නෑ.. ඒත් මටත් ඕක කොයිතරම් තේරුනත් හිත හදාගන්න බෑනෙ..:( ස්තූතියි අදහසට :)

    @~~තරූගේ ලෝකය~~ -ස්තූතියි අයියා. :)


    @Gayan Rupasinghe -හ්ම්ම්... තම්න්ට තමන් ගැන තියන විශ්වාසය, ඔයාගෙ වචන ටිකෙන් තේරෙනවා සහෝ.. නියමයි..!!

    @ප්‍රාර්ථනා අක්කි- ම්ම්ම්ම්ම්... ඔව් අක්කි. අපි එහෙම වුනොත් නම්.. දිනුම ශුවර්...

    ReplyDelete
  17. @N N K-ඔව් සහෝ... ඒක ඇත්ත.අත්දකීම් එක්ක මිනිස්සු වෙනස් වෙන්න ඕනෙ. ජීවිතේට තවත් හොද විදියට මූණ දෙන්න ඕනෙ.

    @නිසුපා අක්කි- හ්ම්ම්ම්ම්ම්.. අල නොවී ඉන්න පුලුවන් නම් කොයිතරම් හොදද..:D

    @~SwEet TeEn~ - හිතූට තේරිලා ඕක හුගාක් කල් නංගො..


    @ලොකු ඡෝන් - ඒක තමා හිතලා බලන්න...:)

    ReplyDelete
  18. @බක පණ්ඩිතයා - සහත්ක ඇත්ත කතාවනම්.. ස්තූතියි මෙහට ආවට.:)


    @ගිනි කුරුල්ලා - ඔව් අයියා.. ආදරේ කරද්දිනම් අර්තාපල් වෙන්න වෙන අවස්ථා වැඩිය්... අයියා හරි...:)


    @නන්දු - ම්ම්ම්ම්... ස්තූතියි යාලු..:) ඇත්තතාපි තමයි රශ්න හදාගන්නෙ සමහර වෙලාවට.:)


    @හංසී- ම්ම්ම්.. ඒකතමා හංසි..ඇත්ත. හුගාක් ස්තූතියි ඔයගෙ අදහසට.:)


    @ද HUMAN - ෂා. නියමයිනෙ. එහෙම වෙනස් වෙලා ජීවිතේ හොදින් මූණ දෙන්න ධෛර්ය තියන එක ගැන සතුටුයි.. ජය වේවා සහෝ..:)


    @සීතල අයියා - එහෙම තමා අයියා. අපිටත් යමක් කමක් තේරෙනවා හරිද..:p

    ReplyDelete
  19. නියම කතාවක් !!
    ඒ ඒ ප්‍රශ්නය අනුව අපිට ඒ ඒ තීරණ ගන්න වේවි !!! :)

    ReplyDelete
  20. ම්ම්ම්ම්ම්... ස්තූථියි අයියා.. ඔව් එහෙම තමා තීරණ ගන්න වෙන්නෙ.:)

    ReplyDelete
  21. මම නම් ආස වතුර වගේ හෑසිරෙන්න. ඒ මොකද දන්නවද වතුරත් ඕන භාජනයකට දෑම්මොත් වතුර ඒ භාජනයේ හෑඩය ගන්නවා වගේ අපිටත් පුලුවන් අපිට එන ප්‍රශ්නයේ ස්වරූපය අරන් ඒ ප්‍රශ්න වලට මුහුන දෙන්න.

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....