නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

09 October 2011

මං ආදරෙයි......

මට ඉගිල්ලෙන්න හිතෙනවා මේ නීල අහස පුරාම
කිරිල්ලියක් වගේ සංතෝසෙන්
අත් තටු සල සලා ඈතටම.....
හිත හිරි වැටිලා, හීන් කිතියකින් කිති කැවිලා
දැන්නෙන්න නම් මට මහා බරක්
වෙනදාටත් වඩා ලොකු ආදරයක්.....
කාලයක් තිස්සෙම මම පෙරුම් පුරපු ඔය හිතම
මාත් එක්ක හිමි හිමිහිට දොඩමළු වුනු ලස්සන
එක දවසකට හරි මට දුන්නු ඒ සෙනෙහසට
ණයගැතියි මම සසර පුරාම.......
තව තවත් ඔය හිතට ළං වෙන්න,
ප්‍රේමණීය ඔය ඇස් අගින් කිමිදෙන්න
ආයෙමත දවසක මට දෙන්න පුංචි හරි ඉඩක්, එදා වගේම.......
ආසයි තුරුළටම වෙලා, හිත ළගම දැවටිලා
මේ රත්තරං ආදරේ කියන්න, සත්තමයි...
මං ආදරෙයි... මං ආදරෙයි...... මං ආදරෙයි.......

Post Comment

25 comments:

  1. ආයෙමත් දවසක, දවසකට විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙටම එයාගේ තුරුලටම වෙලා, ආදරේ විඳින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගියෝ.. කාලය හැමදේම හොඳම විදියට විසඳාවී.. :)

    ReplyDelete
  2. මල කෙලියයි දවස් දෙක තුනක් එහෙම ඔහොම දොඩමලු උනොත් හිතූ ඉවරයි හි හි හී........;)

    ReplyDelete
  3. @ප්‍රාර්ථනා අක්කි- ම්ම්ම්ම්ම්ම්.. හි හි... නිකමට ලිව්වෙ අක්කි.. වැඩිය බලාපොරොත්තු නෑ...:)ස්තූතියි මගෙ අක්කිට

    @~SwEet TeEn~ -හික්ස්ස්ස්ස්ස්... ඒකනම් ඇත්ත නංගා..:* දන්නවනෙ මං ගැන..

    ReplyDelete
  4. ලව් කරද්දී නිකම් පිස්සු වගේ නේ...?
    අපි කාටත් එහෙමයි..!
    nice...!

    ReplyDelete
  5. හ්ම්ම් මොකෝ නංගො මේ??

    ReplyDelete
  6. @සඳරු අයියා- හ්ම්ම්ම්ම්ම්ම්ම්..:)

    @විසිතුරු- හි හි :D

    @ දමියා- පිස්සු වගේ නෙවෙයි සහෝ.. පිස්සු තමා.:p
    ස්තූතියි :)


    @Gimhani අක්කි- ම්ම්ම්ම්ම්... පුංචි සතුටකට ලොකු සතුටකින් ලිව්ව එකක් අක්කියෝ..:)

    ReplyDelete
  7. ‍ෆිලින්ග්ස් උපරිම වෙලා වගේ........!!
    එල .. නියමට ලියලා තිනවා...

    ReplyDelete
  8. හ්ම් හ්ම්... උපරිම තත්වයට ටිකක් ආසන්න වෙලා වගේ..;) ස්තූථියි සහෝ..:)

    ReplyDelete
  9. මොකෝ නංගි මේ එකපාරටම !!!!
    මෙහෙම හිතන කෙල්ලෝ සිටී ද ? (චූටි නංගි ඇරෙන්න...)

    ReplyDelete
  10. ඇයි අනේ මං ආදරෙයි කියලා තුන් පාරක් ලිව්වෙ?
    මං ආදරෙයි/// කියලා ලිව්වනම් ඉවරනෙ. සෝ සිම්පල්නෙ...

    ReplyDelete
  11. ලස්සනයි .. හොදට ලියලා
    තමන් ආදරෙයි කියලා කොච්චර කිව්වත් ඒක ඇති වෙන්නේ නෑ,,,,,
    ඉදිරියට හොදට ලියන්න මගෙන් සුභ පැතුම්...!

    ReplyDelete
  12. ලස්සන කවියක්.. කවුද මේ වාසනාවන්තයා....

    ReplyDelete
  13. ලෙඩේ උත්සන්න වී ඇත !! :P

    ReplyDelete
  14. හ්ම් හ්ම් හ්ම් ...... ඒකියන්නේ හිතු මෙච්චර දවසක් හෙව්ව(අඩ අඩා) ආදරේ හම්බ වෙලා හොදයි හොදයි අපිටත් සතුටුයි. විහිලුවට එහෙම කිව්වේ ඇත්තටම ඒ පද පේළිටික ලස්සනයි ඇත්තටම මොකද උනේ. එයා ආපහු අව වත්ද ??? එහෙනම් හොදයි ... කතාව වෙනස් කරන්න වෙයිද දන්නේ නැ.....

    ReplyDelete
  15. @මධුරංග අයියා- එකපාරටම පුංචි සතුටු හිතෙන දෙයක් සිද්ධ වුනා. ඒකයි. එත් ඔයාල හිතනවා වගේ දෙයක් නෙවෙයි..;)
    හි හි.කොහොම හිතන අයද අයියා??? :O


    @සීතල අයියා- හික්ස්ස්... එහෙම ඉරි තුනක් ගැහුවම ආදරෙයි කියලා තුන් සැරයක්ම කියන එක තරම් හිතට දැනෙන්නෙ නෑනෙ.. ඒකයි..


    @තවත් එක් සිතක් - හ්ම්ම්..!!! කොච්ච්ර කිව්වත් ලිව්වත් ආදරේ ගැනනම් ඇති ව්එන්නෙ නෑ තමා.:)
    හුගක් ස්තූතියි ඔයාට.:)


    @Dinesh අයියා- ම්ම්ම්.. මට පේන්නෙ අයියාත් හිතන්නෙ මම ආදරේ කරන කෙනා මට හම්බෙලා කියලා නේද?? හි හි.. නෑ අයියා. එහෙම දෙයක් නෑ තවම..:( ස්තූතියි අයියට හුගාක්.


    @ChammA අයියා- හික්ස්ස්ස්ස්.. හ්ම්ම්.. අති උත්සන්න වී ඇත.:)


    @N N K - අන්... නැතෝ... එය ආයෙත් ආවෙවත්, මම හොයපු ආදරේ හම්බුනේවත් නෑ...:( එහෙම වෙන්නෙවත් නෑ...මං හිතන්නෙ නෑ.. නිකන් පුංචි සතුටක් විතරයි මම ඔය ලොකුවට හිතාගෙන අකුරු කලේ..:) හිතූ තවමත් ආදරේ හොයන්වා :)

    ReplyDelete
  16. සුන්දර මතක අතරට..එකම එක කඳුළු බින්දුවක් වත් නොවැටේවා..
    ලස්සනයි යාළුවා

    ReplyDelete
  17. බොහොම කල්පනාවෙන්
    ඉගිලියන් පරිස්සමින්
    විසකුරු තැන් හතර වටින්
    රැකන් ඉඳි නුඹ එනකන්

    ReplyDelete
  18. ස්තූථියි අයියණිඩිය
    නුඹගෙ වදන් රන් මසුරන්
    විසකුරු තැන් ලොව එමටයි
    මං එනතුරු මාන බලන්.....

    ReplyDelete
  19. පට්ටයිනේ..O.o
    ලස්සනයි හිතූ..ඒත් කියල තියෙනවා විදියට නම් ඔයාගේ ආදරේ ඔයාගෙම වුනාද කියලත් හිතෙනවා..
    කොහොම උනත් හරි අපූරු වචන ටිකක්...

    ReplyDelete
  20. හි හි හි...:D
    ස්තූථියි අයියා..;) අනේ නෑ... ඒ අඅදරේ හුගාක් දුරයි අයියා...:( මේක පුංචි බලපොරොත්තුවක් විතරයි...

    ReplyDelete
  21. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....