නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

18 October 2011

කුමක් කරන්නද මං.... ඔබට ආදරෙයි නම්...

ගතවෙන දවසක් දවසක් ගානෙ             
මම හොයන ඔය ඇස් දෙක
නොහිතන වෙලාවලදි , 
හදිස්සියෙම මගේ ඇස් හමුවුණාම
දෙයියනේ,
මගෙ හුස්ම නැවතෙනවා....
හිනාවෙන්නද, නොවෙන්නද,
ඔය ඇස් දිහා බලාගෙනම ඉන්නද,එපාද
මම කොහේදෝ ලෝකෙක
අතරමං වෙලා වගේ ......
හිත හදාගෙන හිමින් හිමින්
පියවි ලෝකෙට ඇවිදින්
හිනාවෙන්න හොයද්දි ඔය ඇස් දෙක,
අනේ.............
ඔයා යන්න ගිහින්............

Post Comment

21 comments:

  1. හුරේ මමයි අද පළවෙනියා !!!!

    දැන් එහෙනම් පෝස්ට් එක කියවන්න යමු. :)

    ReplyDelete
  2. ගොඩක් වෙලාවට අපි ගොඩාක් මහන්සීන් හොය හොය ඉන්න ඒවා එකපාරටම අපේ ඉස්සරහට ආවම කතා කරගන්න බැරුව යනවා. ඒක සමාන්‍ය දෙයක්. එතකොට අසීමිත සතුටක් දැනෙනවා.

    එයා ආයේ නොයෙන්නම ගිහින් ද ? එහෙම නම් දුකයි නේ නංගි

    ReplyDelete
  3. මධුරංග හරි...අපි ගොඩක් ආස කරන,ආදරේ කරන කෙනෙක් එකපාරටම අපි ඉස්සරහාට ආවහාම...මුලු ලෝකේම තියන අනිත් හැමදේම එක මොහතකට අපෙන් ඈතට යනවා වගේ දැනෙනවා.එක මොහතකට අපේ හිත සතුටින් පිරිලා යනවා...පාට පාට හීන ලෝකෙට යන්න ඒ තත්පර ගානත් ඇති..ඒත් ඒක හීනයක්ම විතරයි කියලා ඊලග මොහොතේ දැනුනහාම...අපිට ඉතුරු වෙන්නේ හදවතේ ගැඹුරින්ම පිටවෙන..හීල්ලෙන.. හුස්මපොද විතරයි.. :(

    ReplyDelete
  4. @මධුරංග අයියා- හි හි.. හුරේ..!!! අයියට තියන සංතෝසයක්..ම්ම්ම්ම්ම්හරියට හරි අයියා.ඒක හරි.. එහෙම වුනාම එකසැරේම හිතට දැනෙන හැගීම විස්තර කරන්න බෑ..:(

    නෑ යන්නම් ගියේ නෑ.. ඒථ් ක්වදාවත් ඉන්නෙත් නෑ..:(

    @ද HUMAN -ම්ම්ම්ම්ම්ම්ම්... ඔව් සහතික ඇත්ත සහෝ...මාත් ඉන්නෙ දැන් හූල්ල හූල්ල..

    ReplyDelete
  5. සියල්ල අනියත ලොකේ බලාපොරොත්තුවත් ඒ වගෙ තමා

    ReplyDelete
  6. හ්ම්.... අනේ මන්දා ඉක්මනට ආයෙත් ඒ ඇස් දෙක හොයාගන්න ලැබේවා නංගි...

    ReplyDelete
  7. @ලොකු ජෝන්- ම්ම්ම්ම්ම්... ඔව් ..ඇත්ත..:(


    @නිසූපා අක්කි- ඒ ඇස් ආයෙත් මුණ ගැහුනත් ඉතින්... ආයෙමත් මේකම වුනොත් තමා..:(

    ReplyDelete
  8. හනේ,,, මධුරංග අයියා එකට ඇවිත්.. හරි කමක් නෑ,, විභාගේ ඉවර වුනාම අයියා එක වුනොත් මම දෙක වෙන්නම්, මම එක වුනොත් අයියා දෙක වෙන්න,, හී හී...

    හරිම ලස්සනයි නංගෝ පද පේලිය.. ඒත් අනේ මන්දා.. හිනා වෙන්නද අඬන්නද? ඇත්ත, අපි ගොඩාක් ආදරේ කරන ඒත් හිමි නොවෙන බව දන්න කෙනෙක් අපේ ලඟම ඉඳ්දි එයා දකින් නිසා, අපි එයාට ආදරේ නිසා හිනා වෙන්නද, නැත්නම් එයා අපේ නොවෙන නිසා අඬන්නද කියලා තේරුම් ගන්න බෑ තමයි..

    ReplyDelete
  9. ලස්සනයි නංගී කවි පෙල.. ඒත් මම මොනවා කියන්නද.. මමත් මේ ඔය වගේ මතකයකට සමු දුන්න විතරයි...

    ReplyDelete
  10. "හිත හදාගෙන හිමින් හිමින්
    පියවි ලෝකෙට ඇවිදින්
    හිනාවෙන්න හොයද්දි ඔය ඇස් දෙක,
    අනේ.............
    ඔයා යන්න ගිහින්............"

    ලස්සනයි.... මටත් වෙලාවකට මෙහෙම හිතෙනවා. හදවතටම දැනෙනවා යාලුවේ. අදමයි මේ පැත්තෙ ආවෙ.

    ReplyDelete
  11. ජීවිතේට මෙහෙම දේවල් අනන්තවත් වෙනවා හිතු ගණන් ගන්න එපා අපහු දවසක ඒ ඇස්දෙක ඔයාට මුණ ගැහෙයි ඇතිතරම් කතාකරන්න. ජිවිතේ මේදවස් වල
    මම විස්වාස කරන දෙයක් තමයි පහුවෙන්න පහුවෙන්න හොද දේවල් හම්බ වෙනවා කියන එක. බලන්න මැණික් හොයන්න මිනිස්සු කොච්චර මහන්සි වෙනවද කියල ටිකක් යටට යද්දී මැණිකක් හම්බ උනා කියල ඒ පතල වහල දන්නේ නැනේ. තව යටට යනවා. වෙලාවට ඊට වඩා වටිනා හොද මැණික් ගලක් හම්බ වෙයි. නිකම් අදහසක් කිව්වේ

    ReplyDelete
  12. සැප දුක නිති පෙරළේ! අපි ආසාවෙන් බලාපොරොත්තු වෙන දේ හැම වෙලේම ඉටු වෙන්නෙ නෑ.

    ReplyDelete
  13. "මේ ඉර හඳ යට හමු වී..ආදරයෙන්...කතා කරපු අය සෙනේ වැදපු අය ..
    ලඟ පාතකවත් නෑ.........."
    එහෙමයි ඔය කියල තිබුනේ..:) ඇත්ත තමයි හිතූ,,අපි ආදරේ කරන කෙනෙක් ලඟ නැත්නම් වෙන කොච්චර හොඳ අය හිටියත් දැනෙන්නේ තනිවෙලා වගේ...
    ඔයාගේ ප්‍රාර්තනාවත් ඉක්මනට ඔයාගෙම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා හදවතින්ම..:)

    කවිය ගැන කියන්න බැරි උනානේ...මාර ලස්සනයි..
    මට ඔහොම ලස්සනට කවි ලියන්න බැරි නිසා ඔයාල ලියන ඒවායේ ලස්සන බල බල ඉන්නවා..:)

    ReplyDelete
  14. කප්පරක් සුවදින් පැයුවත් සිත ලඟින්
    නෙතු පියන ඇසිල්ලේ නුඹව සැඟවී ගොසින්
    පැයු ඒ සොඳුරු රුව කිසිදාක නොමියෙමින්
    ළඟ රැඳෙ සොයනෙමින් ලොවට රහසේම මන්
    ඔහොම හොයද්දි ඒ දැකපු ඇස් 2 අයෙමත් දකින්න පුළුවන් වෙන්න කියල පාර්ථනා කරනවා. ලස්සනය් ඔයාගේ කවිය.

    ReplyDelete
  15. @ප්‍රාර්ථනා අක්කි-ම්ම්ම් හි හි.. ඒකනෙ අක්ක්යි මධුරංග අයියායි තරගෙට එක වෙන්න හද්නව නොවැ..;)
    ඔව් අක්කියෝ.. හිමි නොවන බව දැනිලත් වෙන්වීමක් නම් නෑ...හිතාගන්න බැරි ප්‍රශ්න ලෝකයක්...ස්තූථියි අක්කියාට.


    @Dinesh අයියා- ස්තූතියි අයියා. දුකයි..!! කාටවත් එහෙම දුකක් නම් දැනෙන්න එපා.:(

    ReplyDelete
  16. @හංසි - ස්තූතියි මේ පැත්තට ආවට යාලු..:) හුගාක් ස්තූතියි..!!! දැනුනානම් දෙයක් ඒක මට සතුටක්..:)


    @N N K - හ්ම්ම්ම්.. ඇත්ත සහෝ.. හරියටම හරි. ඒක ලොකු ඇත්තක්.. පහුවෙන්න පඩුවෙන්න තමා හොද දේවල් වෙන්නෙ. අර කතාවට කියන්නෙ, "ජීවිතේ හොදම හොද අය එන්න ටිකක් පරක්කු වෙනවා" කියලා. අනේ මංදා, ඒ වගේම හොද දේවල් වෙන්නෙ ටිකක් පරක්කු වෙලා වෙන්න ඇති.

    ReplyDelete
  17. @විසිතුරු - හ්ම්ම්ම් ඔව් ඒකත් ඇත්ත. බලාපොරොත්තු හැම එකම එහෙම ඉටු වෙන්නෙ නෑනෙ..


    @ගිනි කුරුල්ලා -ම්ම්.. ඒකතමයි.. ඒ ප්‍රාථනාව නම් ඉෂ්ඨ වෙයිද දන්නෙ නෑ.. ඒත් ස්තූතියි හුගාක්. අයියා..
    අහ්හ් තැන්කූ ඔයත් කවි ලියන්න උත්සාහ කරන්න. බැරි ව්එනෙකක් නෑ..:)


    esh - ස්තූථියි හුගාක්. ඔයාගෙ සිතුවිල්ලත් හරි හැඩයි.. යාලු..හුගාක් ස්තූථියි

    ReplyDelete
  18. ඕකතමා බුදු හාමුදුරුවොත් කිව්වෙ "අප්පමාදෝ අමතපදං" කියලා ...

    ReplyDelete
  19. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... එඑකනෙ අයියා.. ඒක හරි.. ප්‍රමාදය පසුතැවිල්ලය හේතුවෙ කියන්නෙ නිකන් ඈ..:(

    ReplyDelete
  20. දන්නවද එක පාරටම මට හිතුනෙ මොකද්ද කියලා..
    මටත් ඉස්සර ඔහොම්මම වෙලා තියනවා...අලේ මංදා ආදරේ හැටිය කියනවනේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ආදරේ සමහර අත්දැකීම් කාටත් පොදුයි නේද අයියෙ??

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....