නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

20 October 2011

෴ දේදුනු පාට වලියක්෴

ඔන්න අදත් වෙලාවක් හම්බුන වෙනේ හිතන්න යමක් ලියන්න හිතුනා.හිතුවක්කාරි දන් දැන් ටිකක් දියුණු වෙලානෙ. බලපතල කතා එහෙමත් ඉස්සරහට කියන්නයි ඉන්නෙ..;) කට්ටිය බලන් ඉන්න හොදේ???
මේ කතාව දේදුන්නෙ පාට ගැනයි.පොඩි මනඃකල්පිත කතාවක් වුනත්, ආදර්ශවත් බවක් තිබුන නිසා හිතට ඇල්ලුවා.
-------------------------------------------------------------------------
ඔන්න එකමත් එක කාලෙක ලෝකෙ තියන පාටවල් ටික රණ්ඩු වෙන්න ගත්තා.හැම පාටක්ම කිව්වෙ, තමුන් තමයි තියන  හොදම, ලස්සනම,වැදගත්ම සහ ප්‍රයෝජනවත්ම පාට කියලා.




කොළ පාට කිව්වෙ මෙහෙමයි:


"පැහැදිලිවම මම තමයි වැදගත්ම.මම තමයි ජීවිතේ සහ බලාපොරොත්තුවෙ සංකේතය.ගස් වැල් වලට, තණකොළ වලට මාව තෝරගෙන තියෙන්නෙත් ඒ නිසාමයි.මම නැත්තම්, හැම සත්වයෙක්ම මැරෙනවා.බලන්න මේ මුළු රටේම , මම තමයි ප්‍රධානම."


එතකොට ,
නිල් පාට කිව්වෙ මෙහෙමයි :


"ඔයාලා හැමෝම හිතන්නෙ පොළොව ගැන විතරයි. ඒත් බලන්නකෝ අහස දිහා, මහ මුහුද දිහා.බලන්න ඒ හැම තැනම මුල් වෙලා ඉන්නෙ මම. අහසෙ තියන වළකුළු වලින් වැටෙන්නෙ මහ මුහුදු පතුළෙම තියන ජල බිංදුම තමා. ජීවිතය පවතින්නම ඕනේ ජලය.ජීවය පවතින්න ඕනෙ මාව.මමයි හොඳම."


එතකොට සමච්චලයට වගේ
කහ පාට කිව්වෙ මෙහෙමයි  :


"ඔයාල හැමෝම ගැඹුරින්ම හිතලා.ඒත් මම තමයි මේ ලෝකෙට සතුට ගේන්නෙ, හිනාව ගේන්නෙ,උණුසුම ගෙනත් දීලා,ප්‍රීතියෙන් උද්දාමයට පත් කරන්නෙ.බලන්න ඉර හඳ තරු දිහා. ඒ හැමෝම කහ පාටයි.බලන්න සූරියකාන්ත මලක් දිහා, ඒ බලන මොහොතක මූණට හිනාවක් ගේන්න සතුටක් ගේන්න , එළියක් ගේන්න පුළුවන් වුනා නේද?මම තමයි විශිෂ්ඨම. මම නැත්තම් ලෝකෙ සතුටක් නෑ."


ඊටපස්සෙ 
තැඹිලි පාට මෙහෙම කිව්වා :


සමහර විට මම ඒ තරම් ම කැපිලා පේන්නෙ නැති වෙන්න පුළුවන්,ඒත් මම මිනිස්සුන්ගේ ජීවිත වලට ඕනිම කරන හුගාක් දේවල් ලබාදෙනවා.මම හුගක් වැදගත් විටමින් වර්ග ලබා දෙනවා.හිතල බලන්න, කැරට්, දොඩම්, වට්ටක්කා, අඹ වගේ ඒවා ගැන. ඒ හැම් තැනම ඉන්නෙ මම.නමුත් මම හැඅම වෙලේම පේන්න නැතිවෙන්න පුළුවන්, හැබැයි  ඉර පායද්දි හරි ඉර බැහැගෙන යද්දි හරි බලන්න ඒ සුන්දරත්වය. ඔයලා කිසිම කෙනෙක්ට බෑ එහෙම සුන්දරත්වයක් දෙන්න."


බලාගෙන  ඉන්න බැරි තැන ම,
රතු පාට මෙහෙම බෙරිහන් දෙන්න පටන්ගත්තා :


"මම තමයි ඔයල අහැම කෙනෙක්ගෙම ප්‍රධානියා.මූලිකයා.මම තමයි රුධිරය.මම තමයි භයානකත්වයේ පැහැය.මම නැති වුනොත් මේ පෘථිවියත් හිස් වෙනවා හඳ වගේම.ආදරයේ, රාගයේ, පොපි මලේ,රෝස මලේ සහ පොයින්සෙටියා වල උරුම වර්ණය මම.මම තමයි ප්‍රධානම."


නොඉවසිලිමත් ව නැගී හිටපු 
දම් පාට මෙහෙම කිව්වා :


"මම තමයි රාජකීයත්වයේ සහ ජවයේ පැහැය.රජවරු ආදිපාදිවරු ,රාජ්‍ය ප්‍රධානීන් මාව තෝරගන්නෙ එයාලගෙ සංකේතයන්ට.ඒ වගේම රාජධානි වලට. මිනිස්සු මගෙන් ප්‍රශ්න අහන්නෙ නෑ.. මට ඇහුන්කන් දෙනවා සහ පිළීපදිනවා."


අවසානයේදි ඉන්ඩිගෝ කතා කරා බොහොම නිවිසැනසිල්ලෙ, විනීතව, අනිත් හැම පාටකටම වඩා තැන්පත්ව, වෙනස් විදියකට.

ඉන්ඩිගෝ කිව්වෙ මෙහෙමයි :


"හිතලා බලන්න මම ගැන. මම තමයි නිශ්ශබ්දතාවයේ වර්ණය.මම නැතිව මගේ පසු බිමින් තොරව ඔය කිසිම කෙනෙක් පවතින්නෙ නෑ..මම තමයි සිතුවිල්ලෙ, පසුබිමේ, සැදෑ අඳුරේ, සහ ගැඹුරුම ජලයේ පැහැය.ඔයලාට මාව ඕනෙ වෙනවා, සමබර කරගන්න වර්ණ ආලෝකය. ඉතින් මම තමයි වැදගත්ම."


මේ විදියට දිගින් දිගටම රණ්ඩු වෙන්න, කෑගහන්න , සහ තම තමන්ගෙ ආත්ම වර්ණනාව කියවන්න මේ පාටවල් ටික පටන්ගත්තා.තොරතෝංචියක් නැතිව නොනවත්වා කෑගහන්න පට්නගත්ත මේ පාටවල් වල සද්දෙ එන්න එන්නම වැඩි වුනා.


නමුත් අනපෙක්ෂිත විදියට, එකසැරේම මේ විශාල සද්දෙ මැදිනනමුතු එළියක්, තද ආලොකයක් එක්ක, විදුලි එළි ගොන්නක් මැදින් අහස ගුගුරන්න පටන්ගත්තා.අවාසනාවන්ත විදියට වැස්ස අහසින් වැටෙන්න පටන්ගත්තා. රණ්ඩු වෙවී හිටපු පාටවල් ටික බයෙන් තැති ගත්තා.බයෙන් එකිනෙකාට ළං වුනේ එකිනෙකාගෙ ආරක්ෂාව පහසුව තකායි.


මේ කාලගෝට්ටිය මැද වැස්ස කථා කරන්න පටන් ගත්තා.


"මෝඩ පාටවල් ටික, මේ අහගන්නවා.තම තමන් සටන් කරන්නෙ තමන් එක්කමයි.තමන් හදන්නෙ තමන් මූලික වෙන්න නේද?දන්නෙ නැද්ද මෝඩ පාටවල් ටික ඔයාල හැදිලා තියෙන්නෙ විශේෂ අරමුණක් වෙනුවෙන්, වෙනස් විදියට කියලා? වහාම එකිනෙකාගෙ අත්වැල් බැඳගෙන එන්න මා ළගට."


වැස්ස කිව්ව වගේම, පාටවල් ටික එකට එකතු වුනා. අත් වැල් අල්ලගත්තා.
වැස්ස ආයෙත් කියන්න පටන් ගත්තා.


"මේ දැන් ඉදන්,මේ වැස්ස වහිද්දි, ඔයාල හැම කෙනෙක්ම මේ අහස පුරාම ඇඳෙනවා..වැදගත්ම ගෞරවය වෙන්නෙ මේ හැම පාටකම, සමගියෙන් සමාදානෙන්, එකමුතුව ඉන්න එකයි.දේදුන්න කියන්නෙ හෙට දවස ගැන බලාපොරොත්තුවෙ සංකේතයක්."


වැස්සකින් පස්සෙ අහස පුරා ඇඳෙන දේදුන්නකින් අපිට මතක කරන්නෙ එකිනෙකාට ගරු කිරීමේ, අගය කිරීමෙ වැදගත්කම.


හුගාක් ලස්සන දෙයක්, වැදගත් දෙයක්, වටිනාකමක් ඇති දෙයක් නිර්මාණය කරන්න තනියම මූලික වෙනවට වඩා ,එකමුතු වීම සහ එකිනෙකාට ගෞරව කිරීම, අගය කිරීම ,හෙළා නොදැකීම මගින් සාර්ථක කරගන්න පුළුවන් වගේම තමන් හැම විටම උසස් යැයි සිතීමත්, අනුන් හෙළා දැකීමත් උචිත නොවන බව මතක තබා ගත යුතුයි..හැම කෙනෙකුටම අනන්‍ය වූ සහ ආවේණීක වූ වටිනාකමක් තිබෙන බවත්,තමන් සේම අන් අයටද එවන් හැකියාවක්, අනන්‍යතාවයක් ලැබී ඇති බවද අමතක නොකළ යුතුයි.


----------------------------------------------------------------------------------


ආශ්‍රිත :- lifeofhope.com



Post Comment

13 comments:

  1. එතකොට වැස්සද දින්නේ?

    ReplyDelete
  2. ලස්සන කතා පොඩ්ඩ !!!
    ඔක්කොම එකමුතු වෙලා ඉන්නකොට කොහොමත් ලස්සනයි. ඔන්න ඕකයි දුවේ පුතේ දේදුන්නෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම. එහෙනම් මයේ දුවා පුතාලා රණ්ඩු නොවී සමගියෙන් ඉන්න ඕනා !!!! :)

    ReplyDelete
  3. දේදුන්න හැදුන හැටි අදනේ දැනගත්තේ :)

    ReplyDelete
  4. අපුරු කතා පොඩ්ඩ...

    ReplyDelete
  5. සා මාරම වලියක්නේ .. හොඳයි සෝක් කතාව

    ReplyDelete
  6. පාට පිරුණ ලෝකයක්... අමුතුම ආලෝකයක්!

    ආදර්ශවත් ලිපියක්.. ඉස්සරහට තවත් බරපතල මාතෘකා ගැන ලියන්ඩ

    ReplyDelete
  7. හිතන්න දෙයක් එක්ක ගොඩාක් වටින කථාවක් කියලා තියෙන්නේ ඔයා දන්නවානේ ඉතින් අපි හැමදාමත් මේ පැත්තේ ඉන්නවා කියලා

    ReplyDelete
  8. @මාතරේ -හි හි.. ජය පැරදුමක් නෑ..

    @මධුරංග අයියා-හික්ස්ස්ස්ස්ස්...:D ස්තූථියි අයියට..
    අහ්හ් ඔන්න දැක්කනේ.. මධුරංග අයියා( අන්කල්ද මංදා) කියල තියෙන්නෙ දුවලා පුතාලට ඉන්න ඕනෙ විදිය. එහෙම ඉන්න හොදේ..;)

    ReplyDelete
  9. @සයුරි -හි හි.. ඒකනෙ..;)

    @Dinesh අයියා- හ්ම්.. ස්තූථියි අයියා..:D


    @සඳරු අයියා- හික්ස්ස්ස්... මාරම වලියක් නේන්නම්.. බලන්නකෝ.. ස්තූතියි අයියා..

    ReplyDelete
  10. @විසිතුරු- හි හි හි.... ම්ම්ම්ම්ම්... ස්තූතියි සහෝ..
    අනේ මම ඉතින් එහෙමටම බරපතල ඒව්ව ලියන්නෙ නෑ.. පුළුවන් ව්ඉදියට ලියන්න උත්සාහ කරනවා.. ස්තූථියි

    @දේවා - හ්ම්ම්ම්ම්...දන්නවා. දන්නවා.. ඔයාල හැමෝම මට හයියක්..:) ස්තූතියි අයියා.

    ReplyDelete
  11. ඔන්න මාත් මේ පැත්තෙ ආවා ......
    පාට ටිකකින් ලොකු කතාවක් කියලා තියනවා .....
    ලස්සනයි .......

    ReplyDelete
  12. ස්තූතියි අයියා.. මෙහාට ආවට. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... හුගාක් ස්තූතියි :)

    ReplyDelete
  13. පාට පාට එක්ක ජීවිතේ අළුත් කර ගන්න තවත් විදිහක්...
    ලස්සනයි නංගියෝ....

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....