නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

22 October 2011

ජීවිතේ හඬයි නුඹ ඉල්ලා......


මේ මුළු අහස කොයි තරම් ද කියලා මනින්න පුලුවන්ද?  කියන්න පුළුවන්ද? ඉමක් කොනක් තරමක් අවසානයක් නොපෙනෙන මේ අහස, බැලු බැලු අත, හැම මොහොතකම පෙනෙන මේ අහස, කිසිම දවසක, කිසිම මොහොතක දාලා යන්නෙ නැති, යන යන තැන සෙවණක් වෙන මේ අහස් තලය, හරියටම මගේ ආදරේ වගේම අපරිමිතයි. අනන්තයි.අප්‍රමාණයි.අසීමිතයි.මගේ ආදරේ ඒ තරම්.......

ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුද මොන තරම් ගැඹුරුද? කවදාවත් නොසිඳෙන මහ මුහුද වෙලාවකට චණ්ඩයි, රළුයි, සැරයි.ඇත්ත. ඒත් ඒ මුහුද ම තවත් වෙලාවකට හරිම නිසලයි,නිහඬයි. සන්සුන්.මගේ ආදරේ ඒ මහ මුහුද තරම්..සත්තයි!! ඒ තරම්  ම ගැඹුරුයි...අපරිමිතයි...කිසිදාක නොසිඳෙන ඒ මහ මුහුද මගේ ආදරේ තරම්.......

මගේ ආදරේ කොයි තරම්ද මට මනින්න බෑ.. කියන්න තේරෙන්නෙ නෑ.ඒථ් ඔය මූණ දැක්ක දවසෙ ඉඳන්, ඔය හිතේ ලස්සන අඳූනගත්ත දා පටන්, මේ හිතේ පොදි ගැහුනු ආදර කන්ද, දවසින් දවස වැඩි වෙනවා විතරයි..කොච්චරක්ද කියන්න බැරි, මනින්න බැරි මගේ ආදරේ ඔය හිතට දැනුනෙ නැත්තම්, සත්තයි ඒක පුදුමයක්...

ඔය හිනාවට මහ ගොඩක් ලෝභකම් කරන, ඔය අහිංසක ඇස් වලින් හිත කියවන, මොහොතක් මොහොතක් ගානෙ ඔය හිතත් එක්ක ආදරෙන් බැඳෙන මට ,ඔයා නම් හීනයක්.....

කට්ට කළුවර මේ අඳුරු කුටියට වෙලා මම දකින දකින හීනයක් ගානෙ, මගේ අඳුරු ලෝකෙට එළියක් ගේන්න පුළුවන් ඔයාට විතරයි..උදා කිරණක් වගේ ඇවිත් මගේ ලෝකෙ එළිය කරන්න අනේ ඔයාට පුළුවන් නම්.......මේ ජීවිතේ හඬා වැළපෙනවා.. මොහොතක් මොහොතක් ගානෙ.ඔයාව ඉල්ලලා.. ඔය ආදරේ ඉල්ලා...ඒත් ඔය ආදරේ නොලැබෙන බවක් හිත පිළිගන්නෙ නෑ දෙයියනේ.....
කොහොම වුනත් මම මහ ගොඩාක් ආදරෙයි ඔයාට... ඔව්. හුගාක් ආදරෙයි..

මේ මුළු ජීවිතේම අඳුරු වෙලා..අමාවක අහසක් වගේ මගේ ජීවිතේ..ම් කට්ට කළුවර අහස එළිය කරන්න පායන්න පුළුවන් මගේ සඳ ඔයා..මේ කාෂ්ඨක ජිවිතේ පුරා දෝරේ ගලන්න හැකි සිසිල් දිය දහරාව ඔයා...අනේ... දුරස් වෙන්න හිතන්නෙපා... දුරස් වෙන්න එපා.....


අහස නුඹ මෙතරම්
සයුර නුඹ මෙතරම්
ආදරේ මෙතරම්
සිහිනයකි නුඹනම්.....

සිහින දකිනා අඳුරු කුටියේ
උදා කිරණයි නුඹ මගේ
ජීවිතේ හඬයි නුඹ ඉල්ලා
නුඹට මා ආදරේ.. නුඹට මා ආදරේ...

අවපසයි මේ ජීවිතය මට
සිසිල් දිය නුඹ නොනැවතේ
මධුර ගී නුඹමයි සරා සඳ
දුරස් වන්නට එපා දැන්.. දුරස් වන්නට එපා දැන්..




ගායනය :- රොමේෂ් \ලක්ෂාන්

Post Comment

16 comments:

  1. ඔයා නම් හීනයක්.....
    ඇත්ත.. රෑ පුරාම ඇස් වලට කඳුළු ගේන, රෑ පුරාවටම ලඟින් ඉන්න.. ඒත්....
    ඒත්, ඇහැරුනාම නොපෙනී යන ඔයා හීනයක්..
    ඒත්... මම හැමදාමත් හිතන්නේ,
    "අනේ, ඔයා මගේ වුනා නම්, මම ඔයාගේ වුනා නම් කියල.."
    :) ලස්සනයි නංගියෝ.. මේ සින්දුවටත් මම ගොඩාක් ආසයි..

    ReplyDelete
  2. ලස්සනයි හිතූ..ඔය ආදරේ හැමදාමත් ඔයාගේ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..මොකද ඔයා තරම් ලස්සන හිතක් එයාට තවත් ලැබෙන එකක් නෑ....

    ReplyDelete
  3. ලස්සනයි නංගි.හැම ආදරවන්තයෙක්ගෙම හීනයක් ඕක.

    ReplyDelete
  4. අපි පතන්නම් එයාව ඔයාගෙම වෙන්න කියලා.
    සමහරු ආදරය හන්දා දුක් වෙන අතරෙම සමහරු ආදරේ හන්දා සතුටු වෙනවා. ආදරයක් මැවුව වෙනසක් !!

    ReplyDelete
  5. ලස්සන හදවතක් තියන කෙනෙක්ට විතරයි මේ වගේ ලස්සනට ලියන්න පුලුවන් වෙන්නේ...ඒ හදවතේ වටිනාකම තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම්...එයා කවමදාකවත් ඔයාගෙන් ඈත් වෙන එකක් නැහැ...!

    ReplyDelete
  6. සිහින තමයි අපිව නිදිකරවන්නෙ ඒ වගෙම අවදි කරවන්නෙත්...

    ReplyDelete
  7. ඉඳීවි කොතැනක හෝ හිමි කාරයා ඔබේ නමින් ..

    ReplyDelete
  8. කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ..හැමදාම වගේ අදත් හිතූ ලස්සනට ලියලා තියනවා..මේ වගේ ලස්සන හිතක් තියන කෙනෙකුට කවදාවත් කිසිම කරදරයක් වෙන්න එපා,ඔයාගේ ආදරේ ඔයාටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගී..

    ReplyDelete
  9. @ප්‍රාර්ථනා අක්කි- හුගාක් ස්තූතියි අක්කියෝ..

    @ගිනි කුරුල්ලා - එයා මගේ වෙන්නෙ නෑ කවදාවත්ම... :'( ඒකතමා තිත්ත වුනත් ඇත්ත..

    ReplyDelete
  10. @නිසුපා අක්කි- හ්ම්ම්... ස්තූතියි අක්කා.. හීනයක්ම තමා ඒක..

    @මධුරංග අයියා- පතන්න පතන්න අයියා. පලක් ව්එයිද මංදා.:(


    @ද HUMAN - අනේ මංදා සහෝ.. හදවතේ ලස්සන කැත මම දන්නෙ නෑ.. හැබැයි ආදරේ නම් දන්නවා.. තේරුම් ගත්තත් සමහර දේවල් ව්එනස් වෙන්නෙ නෑ ..:(

    ReplyDelete
  11. @ලොකු ඡෝන් -හරියට හරි කතාව...


    @සඳරු අයියා- ඔව් ඔව් ඕක තමා මගේ එකම ජීවන ගීතය.:D


    @විශ්ව අයියා- අනේ.. කොහොම හරි ආවනෙ ඔයා..:) හුගාක් ස්තූතියි අයියා.. වුනත් නොවුනත් ඔයාගෙ පැතුම මට වටිනවා...

    ReplyDelete
  12. අවුරුදු ගානක් ඉන්ටනෙට් එක පාවිච්චි කලත් කවදාවත් සින්හල බ්ලොග් එකක් කියවල තිබුනෙ නෑ මම. සමහරවිට ඔයාල විශ්වාස කරන එකකුත් නෑ. සින්හල සයිට් කියල බලුවෙ නිවුස් විතරයි. අහම්බෙන් වගේ සත් සමුදුර බ්ලොග් එකට ඈවිත් එතනින් කෙලවරක් නෑතිව බ්ලොග් වලට ගියා. ඈත්තටම ගොඩක් ලස්සනට ලියන්න පුලුවන් කොච්චර අය ඉන්නවද කියල හිතුනා. ඔයාගෙ හෑම ලිපියක්ම වගේ ලස්සනයි, හොදයි. ආයිමත් එන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  13. ම්ම්ම්ම්ම්ම්ම්ම්.. හුගාක් ස්තූතියි මෙහාට ආවට.. හුගාක්ම ස්තූතියි..:) කමෙන්ට්ස් දැම්මෙ නැතත් කියවලා රසවිඳින්න පුළූවන් උනානම් සතුටක්..:) ආයෙත් එන්න. ඔයාලගෙ අදහස් හුගාක් වටිනවා.

    ReplyDelete
  14. තාම ගෙවුනෙ පුංචිම පුංචි කාලයයි..
    බලාපොරොත්තු බිදෙන බදුන් වගේලු..
    කොයි වෙලේ බිදෙයිද දන්නෑලු..
    ඒ ඒකෙන් කියන්නේ ඔක්කොම බලාපොරොත්තු අත් ඇර ගන්න නෙවෙයි..
    තියන බලාපොරොත්තු බොහොම පරෙස්සමෙන් රැක බලා ගන්න..
    වරදින්නෑ ඔයාට..

    ReplyDelete
  15. Hadawatha illana adare senehasa labun na kiya....

    kadulak vatenna oneda e gana palak na sitha..

    adarayai..kadulai athare amuthu pemak atha mage..mithure....

    sathuta kadulata dekatama mula me adarayai lowa pura

    dana dana kadulata ek vi thavi thavi hadannata epa..

    jeewitheta mage adare na one sinsenna heta aye..

    mithurudamak misa adarayak soyamin ai oya dura yanne...

    hadanna thavenna susuman helanna mokatada oya wehesenne..

    sihineka dawati innata bari vi..kadulu sala duk vi..

    ReplyDelete
  16. @~~තරූගේ ලෝකය~ -ස්තූතියි අයියා :)හයියයි ඒ වචන ටික :)

    @Ano-ම්ම්ම්ම්ම්ම්...:)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....