නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

11 November 2011

තටු සිඳුනු සමනළී - 11 වන කොටස

අද කතාවෙ ඊළග කොටස ලිව්වා ටිකක් කලින්ම ඔන්න. කට්ටිය හැමදාමත් අහනකම් ඉන්නෙ නැතිව අද ඉක්මණටම ලිව්වා. ;) ;) හුරේ..... හික් හික්... හිතුවක්කාරිට පිස්සු හැදිලා කියලා හිතාවිද මංදා...:)

ඔන්න එහෙනම් මුල කොටස් කියවපු නැති අයයි, මුල කොටස් අමතක අයයි, මුල ටික කියවලා එන්නකෝ....

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10

අද 11 වන කොටස........

----------------------------------------------------------------------------------------------------------------



පාට බිංදු බිංදු එකතු වෙලා හැදෙන  ලස්සනම ලස්සන සිත්තමක් වගේ අපේ ආදරේ සායම් කරපු අපූරුව මොහොතකට හිතද්දි දැනුනෙ හරිම ප්‍රේමණීය හැගීමක්.දෙනෝදාහක් ඇස් අස්සෙ, මගේම කියලා දැනුනු ඒ ඇස් දෙක එක්ක දොඩමළු වුන පළවෙනි දවසෙ, හිතුනෙ නම් නෑ මට ඒ පුංචි කතාව මේතරම් දුර එන්න පුළුවන් වෙන කතාන්දරයක් වේවි කියලා.


දෙන්නාගෙම හිත් වල එක සැරේම ඇති වුනු මේ ආදරේ, හරිම අහම්බයක්.මගේ හදවත පතුළටම එබුනු ඒ ප්‍රේමණීය හිත ,මට සත්තකින්ම හයියක් වුනා.ගිරවියෙක් වගේ තොරතෝංචියක් නැතිව කියවන මගේ කතා අහන් ඉන්න තරම්, දසුන්ගෙ හිත හරිම ඉවසිලිවන්ත වුනා.කරුණාවන්ත වුනා.අවසානෙදී දෛවය මට මම හොයපු ආදරේ දුන්නා.දසුන්ව මගේම වුනා.ඒත් දෛවය විසින්ම තමන් ලබා දීපු දේවල්, ආයෙත් උදුරගන්න බව දැනගෙන උන්න  නිසාම , මගේ හිත ඇතුළෙන් පුංචි බයක් නොතිබුණා නොවෙයි.


ඈත අතීතයේ ඉඳන්ම අහලා තියන කියවලා තියන ,ප්‍රේම කථා නම් හුගාක්ම ඉවර වෙලා තිබුණෙ ශෝකාන්තයකින්. ඒත් ආදරේ අවසානය කියන්නෙ දුකක්ම නෙවෙයි කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකත් ලෝකෙ ඕනි තරම් තියෙන නිසා, වැඩි වැල් වටාරම්, බහු භූත නොහිතා මම අපේ ආදර කථාව ගලන් යන්න ඉඩ දෙන්න හිතුවා.මොකද ඕනිම දෙයක් ඕනාවට වඩා ඕනේම නෑ කියලා අපේ අත්තම්මාත් නිතරම කියන නිසා.


මගෙයි දසුන්ගෙයි  ආදර පළහිලව්ව ගැන මුලින්ම දැනගත්ත  මගේ යාළුවො සෙට් එකට තිබුණ සංතෝසෙනම් කියලා නිම කරන්න බැරි තරම්.හැමෝම පුදුම සංතෝසෙකින් හිටියෙ එයාලගේ අනාවැකි හරි ගියා කියලයි.දසුන්ව මට මූණ ගැහුණු දා ඉඳන් ම , මටයි දසුන්ටයි විහිළු තහළු කර කර උන්නු හසී, කෞෂී, නිශා, දිලූ, තමාෂී, හංසී මේ හැමෝම ,අපි දෙන්නාගෙ සම්බන්ධෙ ගැන හරියටම දැනගත්තට පස්සෙ උන්නෙත් පුදුම උද්දාමෙකින්.


අපේ ආදරේ පටන්ගත්තෙ ඉස්කෝලෙ නිවාඩු කාලෙ නිසා, මේ ගැන යාළුවො කට්ටියම දැනගෙන උන්නත්, ඒ ගැන කතා කරන්න ඔක්කොමලා හම්බුනේ ඉස්කෝලෙ පටන්ගත්තට පස්සෙයි.


"අහ්.. ඔන්න බලාපල්ලකෝ අන්තිමට බළලා මල්ලෙන් එළියට පැන්නා..."


නිශා සුපුරුදු කටකාරකම ඉස්සර කරගෙන මටයි දසුන්ටයි මඩ ගහන්න පටන්ගත්තා.


"මොකාද දැන් බළලා?? එතකොට මල්ල මොකක්ද?"


හසී ත් කතාව පටන්ගත්තෙ, මගේ දිහාවට ඇස් ඉගී මර මර හිනාවකුත් රඳවගෙනමයි.


"අහ්හ්හ්....දැන් හැමෝම දන්නවනෙ,මෙච්ච්ර කල් හැංගි හැංගි නටපු උන් දැන් එළිපිටම නටන්නෙ..."


"කවුද දැන් නටන්නෙ?? කියපිය බලන්න??"


"ආදරෙයි කැස්සයි හංගන්න බෑනෙ බං...ඒකයි ඇත්ත."


"අනේ... මොකක්ද බං මේ හරස් පද ප්‍රෙහේළිකා,උපමා, විශේෂන පද, ප්‍රස්තා පිරුළු ,ආප්තෝපදේශ නවත්තලා කියන මගුලක් තේරෙන සිංහලෙන් කියාපල්ලකෝ..."


එහෙන් මෙහෙන් ඇහෙන එක එක කතා ගොන්න මැද දිලූ කෑගැහුවා.මම සද්දයක් නැතිවම හිනා වෙවී බලාගෙන උන්නෙ ඊළගට මොකද වෙන්නෙ කියලායි.


"ඇයි සුදූ... දන්නෙ නැද්ද අළුත්ම නිව්ස් එක??අර දසුන් කියන අහිංසකයා,මධූ කියන මායාකාරිගෙ මායා දැලට අහුවෙලාලු..කොච්ච්රද කියනවනම් බෙල්ල තද වෙන්නම."


හසීගේ ඒ කතාව ඇහුණු බස් එකේ උන්නු විස්තරේ නොදන්න ළමයිනුත් අපි දිහා බලලා හිනා වුනා.ලැජ්ජාවටද මංදා මගේ කම්මුල් හැකිලිලා යන ගතියක් දැනුණා.


"අහ් ඕකද?? ඕක ඉතින් අපි කළින්ම දැනගෙන උන්නු කතාන්දරයක්නෙ බං."


"හ්ම්ම්.. ඒකනෙ.. ඒක නෙවෙයි මධූ..උඹ මේ හොර පූසී වගේ ඉන්නෙ මුකුත් නොදන්න ගානට,කෝ අපිට පාර්ටියක්??"


"හයියෝ...හයියෝ... මම හොරා වගේ හිටියේ නෑ...පාර්ටියක්නම් ඉතින් දෙන්න බැරියෑ..."


මම අවස්ථානුකූලව හිනාවක් දාලා බේරුනා.ඔය අතරෙදි දිලූ මගේ දිහාවට ළං වුනේ බොහොම සීරියස් බවක් මූණට අරගෙනයි.


"මධූ මේ අහපන්...උඹ ඔය තීරණේ ගත්තෙ හොඳටම හිතලා නේද කෙල්ලෙ?පණ්ඩිතකමට, හුරතලේට, තියන දාංගලේට අපිත් උඹව උසී ගැන්නුවට මොකද ,දැන් නිකන් හිතට මොකක්ද වගේ "


"අනේ..ඇයි දිලූ ඒ?? එහෙම දෙයක් නෑ..උඹලා මට වැරැද්දක් කලෙ නෑනෙ.මේක මම ගත්ත තීරනයක්. හුගාක් හිතලා.මම දසුන්ට ආදරෙයි.එයා හොඳ කෙනෙක් දිලූ.."


"ඔව්.මධූ.. ඒක ඇත්ත. දසුන් හොදයි තමා.උඹට හොදයිනම්, අපිටත් එච්චරයි.හැබැයි කෙල්ලෙ මේ ටිකත් මතක තියගන්න.මේ ලෝකෙ හැමදෙයක්ම දවසක වෙනස් වෙනවා ,විශේෂයෙන්ම මිනිස්සු.මිනිස්සුන්ට වෙනස් වෙන්න හේතු ඕනෙම නෑ බං.ඒ නිසා ආදරේ කරපන්..හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා.මොකද ආදරේ දවසක නැති වුනත්,ජීවත් වෙන්න උඹට ජීවිතයක් තියෙන්න ඕනෙ කෙල්ලෙ.මම මේ කියන්නෙ උඹට එහෙම වෙන්න කියලා නෙවෙයි.උඹට තියන ආදරේට.ඕනෙම දේකට මූණ දෙන්න ධෛර්‍ය ඇති කරගෙන, ඉගනගන්න එක හරියට කරපං.උඹට වරදින්නෙ නෑ..ෂුවර්..."


"මට තේරෙනවා දිලූ.. උඹ කියන්නෙ ඇත්ත. මං දන්නවා උඹලා මට ආදරෙයි.මේ ඉස්කෝලෙට ආපු දා ඉඳන් මම උඹව දන්නෙ.මගේ ජීවිතේ දසුන්ට වඩා කාලයක් මම ගෙව්වෙ උඹලා එක්ක "
"මම දන්නවා දිලූ..අවසානෙදි මොන දේ වුනත්, මාත් එක්ක උඹලා ඉන්නවනෙ.. මම මේක ගින්නක් බව දැන දැන තමා මේ ගින්නට පැන්නෙ."


"හ්ම්ම්.. මතක්නෙ කෙල්ලෙ මට වුනු දේවල්? ඔයාටත් කලින් මම ඔය ආදරේ කියන අකුරු හතරට රැවටුනේ..ඒත් මට අවසානෙකට යන්න බැරි වුනා.උඹ දන්නවා සිද්ධ වුනු දේවල්..ජීවිතේට අරගනින් ඒ දේවල්..මොන දේ වුනත් හිත හයිය කරගෙන ජීවිතේට මූණ දෙන්න ඉගනගන්න.මොනා වුනත් මම උඹත් එක්ක හැම දාටම ඉන්නවා."


දිලූ අන්තිම වචන ටික කිව්වෙ හුගාක් හැගීම්බරව මගේ අත තදින්ම මිරිකගෙන සහෝදරකම උතුරලා යද්දියි.මෙච්චර කාලෙකට මට මොනවත් නැති වුනත්, මම මේ එකතුකරගෙන තියන මනුස්සකම්, ඒ බැඳීම් ටික හුගාක් වටිනවා නේද කියලා මට දැනුනේ ඒ මොහොතෙයි.හොඳ යාළුවො ලබන්න පිං කරන්න ඕනෙ කියලායි බණ පොතෙත් තියෙන්නෙ.ඒ අතින් මම පිංවනතයි නේද කියලා හිතුණා.


"හම්මෝ...උඹලා දෙන්නගෙ කුමණ්ත්‍රණය ඉවරද?? කාටද උගුල් ඇටෙව්වෙ ඔච්ච්ර සීරියස් විදියට?බහින්න කල්පනාවක් නැද්ද අද?"


"අපි අටවපු උගුලක් නෑ නේද දිලූ??"


"හරි හරි..මොකක් හරි..අපි හිතුවා දෙන්නගෙ කතාවෙ හැටියට අද බහින්නෙ නැතිව,ඩිපෝවටම යයි කියලා ඩ්‍රයිවර් අංකල්ගෙයි, කොන්දා අයියගෙයි තනිය මකන්න."


"අනේ අපිට වැඩේමයිනෙ..."


අපි කියව කියවා, කෑ ගගහා බස් එකෙන් බැහැගෙන හිනා වුනේ හරිම සැහැල්ලුවෙන්.ඉස්කෝලෙ කාලෙ තරම් සුන්දර කාලයක් ජීවිත වලට තවත් එන එකක් නෑ කියලා මට නිතරම හිතෙන්නෙ මෙහෙම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න වෙලාවට.


---------------------------------------------------------------------------------------
එදා හංදියෙන් බැහැලා ගෙදර යන ඩිංගටත් මම කල්පනා කලේ දිලූ කියපු දේවල් ගැනයි.සත්තකින්ම ඒ හැම දෙයක්ම ඇත්ත නේද කියලා හිතුනා." ආදරේ කරපන්..හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා." දිලූගෙ ඒ වචන ටික මට දෝංකාර දුන්නා.දැනටමත් මම පරක්කු වැඩියි නේද කියලා මම මගේ හිතින්ම ප්‍රශ්න කළා."මම දැනටමත් දසුන්ව මගේ ජීවිතේ කරගෙනද??"


විගහට විගහට බස් එකෙන් බැහැලා ගෙදරට දුවගෙන ගියේ ගෙදර ගිය ගමන් "මම ගෙදර ආවා පැට්ටෝ" කියලා දසුන්ට SMS එකක් යවන්න ඕනෙ නිසායි.වෙනදාට ගේට්ටුවෙන් ඇතුළට යනකොටම දොරකඩ ළග ඉඳගෙන "ආ මගේ කෙල්ල ආවද?" කියලා අහන අම්මා  දොරකඩ පේන්න හිටියෙ නෑ.ටිකක් පුදුම හිතුනත් , "අම්මා මොකක් හරි වැඩක් ඇති " කියලා මම මටම කියාගෙන ගේ ඇතුළට ගියා.


සාලේ පුටුවක් උඩට වෙලා අම්මා පත්තරයක් බලනවා.සද්දයකටවත් අම්මා බැලුවෙ නෑ.පත්තර බලන ගමන් අම්මාට නින්ද යන නිසා ඉතිං මම හිතුවෙ අම්මා පත්තරේ තියාගෙන පුටුව උඩ හොඳට නිදි ඇති කියලයි.ඉතින් මම එහෙමම කාමරේට ගියේ අම්මාට පස්සෙ කතා කරන්න හිතාගෙනයි.


"අහ් දැන් ගෑණූ ලමයට අම්මා උන්නද නැද්ද ගානක් නෑ නේද? ආවා රිංගගත්තා කාමරේට...ඕක අස්සෙමයි..අම්මා තාත්තා ඉන්නව නේද , කතා කරන්න ඕනෙ නේද කිසිම වගක් නෑ..."


"මේ මොකද අම්මා මේ?? ගෙට ගොඩ වුනා විතරයි කෑගහන්නේ? මම හිතුවෙ අම්මාට නින්ද ගිහින් ඇති කියලා පුටුව උඩම."


"ඔව් ඔව්.. උඹලා හිතන්නෙ අම්මාලා තාත්තලා දවාලක් රැයක් නැතිව ඇස් කන් පියාගෙන ඉන්නෙ කියලා, ඒ නිසා උඹලා මොනාද කරන්නෙ කියලා අපිට පේන්නෙ නෑ.. ඇහෙන්නෙ නෑ කියලා තමා හිතන්නෙ නේද?"


හත්දෙයියනේ....!!! අම්මා මෙහෙම කතාකරන්නෙ මොකාක් හරි ලොකු දෙයක් වෙලා තියෙන්න ඕනෙ..නැත්තම් මෙහෙම කළකිරීමෙන්, දුකෙන්, තරහෙන් අම්මා කවදාවත් කතා කරන්නෙ නෑ..මොකක් නමුත් මගේ හිත පුරාම මහා බයකින් ඇවිලිලා ගියා.


"මොකද අම්මා වුනේ??ඇයි මේ??"


"ඇයි කියලා පස්සෙ කතා කරමුකෝ..දැන් ගිහින් ඇඳුම් මරු කරලා,නාගෙන කරගෙන  කෑම කන්න එන්න."


හරි.. දැන් නම් හොඳටම පැහැදිලියි.. මොකක්හරි දෙයක් වෙලා.ෂුවර් එකටම එක්කො, ලොකු අම්මා ගින්නක් දීලා, නැත්තම් වෙන කවුරුහරි මොකක්හරි කියලා තමා.


"හරි අම්මා මම එන්නම්..."


කියාගෙන මම කාමරේට ගිහින් දසුන්ට SMS එක යවන්න ෆෝන් එක ගන්න ,පොත් මේසේ තියන ලාච්චුව ඇරියා.


"අහ්හ්හ්හ්...!!!! දෙයියනේ...කෝ ෆෝන් එක?"


මම ඉස්කෝලෙ යද්දි ෆෝන් එක ඕෆ් කරලා ලාච්චුවෙ දාලයි හැමදාම යන්නෙ,ඒත් මම කාමරේ හැමතැනම බැලුවත් ෆෝන් එක නෑ.මගේ ඇස් වල කඳූළු බිංදු නලියද්දි මම කාමරේ පුරාමත්, හැම අස්සක් මුල්ලක් නෑරම ෆෝන් එක හෙව්වා.ඒත් හම්බුනේ නෑ...


"අනේ... මගේ ෆෝන් එකට මොකද වුනේ.. කවුද ඒක ගන්න ඇත්තෙ?අම්මාවත් ගත්තද??"




----------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??මධූ ගේ ෆෝන් එකට මොකක් වෙන්න ඇත්ද??කුතුහලය, ආදරය,සහෝදරත්වය,පිරි තවත් කොටසකින් හමුවෙමු.......


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............



Post Comment

28 comments:

  1. apoi... mara wedak thama wela thiyenne..
    ammata mattu wela wage..
    lassanai hithu.. :)

    ReplyDelete
  2. ආදරේ කරහං..
    ආදරේ ජීවිතේම කර ගන්නේ නැතුව...එළස් මේ කතාව..
    මේක කියවන ඔක්කොටම මේවා පාඩම්.............
    පෝන් එක අම්මා අරං ..දැන් මළ කෙලියයි වෙන්නේ...
    කෙල්ලට මල කෙලියක් වෙනකං දත කට මැදං මං බලාන ඉන්නේ හූ කියන්ට ඕං..
    හැකස්...:ඩී ඩී ඩී

    ReplyDelete
  3. හපොයි දෙවියෙනේ මේ මොනවද මේ වෙන්නේ ? :O

    ReplyDelete
  4. ඔහෝ! අම්මාටත් මාට්‍ටු එහෙනම්! කතන්දරය දැන් ටික ටික වෙනස් පැත්තකට යන්න වගේද හදන්නේ? අවසානය මොන වගේ වේවිද? කුතුහලය නම් උපරිමයි. ඉක්මනට ඉතුරු කොටස ඕනා........

    ReplyDelete
  5. "ආදරේ කරපන්..හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා" ඔය කතාව ඇත්ත හිතූ, මගේ යාලුවොත් මට කියල තියෙනව. ඒත් ආදරේ තමා මගේ මුලු ජිවිතේම දැන්...........
    කතාව නම් මරු හිතු . සොරි වෙන්න ඕන ඉස්සල්ල එකට comment කරන්න බැරි උනාට..... මේක නම් තරු පහෙන් පහයි....දිගටම ලියන්න. අනිවාර්යෙන් අම්ම ෆෝන් එක අරගෙන.......... :)

    ReplyDelete
  6. 'දුව මවගෙන් සඟවන ප්‍රථම රහස , ප්‍රථම ආදරය වේ' කියල කවුදෝ කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි නේ.. :P ;)

    /* අර දසුන් කියන අහිංසකයා,මධූ කියන මායාකාරිගෙ මායා දැලට අහුවෙලාලු..කොච්ච්රද කියනවනම් බෙල්ල තද වෙන්නම... *\
    දැන් බලාගෙන ගියාම බෙල්ල ලඟින් අහුවෙලා තියෙන්නේ දසුන් නෙමෙයි නේ... මායාකාරී නේ.. හි හි.. හැමදාමත් වගේ අදත් ලස්සනයි හිතූ අක්කි.. :) :)

    ReplyDelete
  7. කෝ ෆොන් එක? මාර සීන් එකනේ.. කුතුහලය උපරිමයි. ලස්සනයි යාලු.. ආදරේ ජීවිතේම කර ගැනීම මරණය ඉක්මනින් ලගා කරගත්තා හා සමානය. ඉතුරු කොටසත් ඉක්මනින්ම දාන්න..

    ReplyDelete
  8. කුතුහලයෙන් කතාවක් ඉවර උනාම ඒක කියවන කෙනාට කොහොමද දැනෙන්නේ කියලා දැං තමයි තේරෙන්නේ.. හොද නංගියා වගේ අද කොටස ඉක්මනට දැම්ම වගේ අනිත් කොටසත් ඉක්මනින් දාන්න..

    ReplyDelete
  9. අයියෝ සංසාරේ.. දැන් ඉතින් විභාගේ කරන ඒක පැත්තකින් තියලා බදින්න තමයි වෙන්නේ...

    ReplyDelete
  10. මෙච්චර කල් මේ කතාව කියෙව්වට කොමෙන්ට් දාලා නෑ. අද පලමු එක. ලස්සනට ලියනවා. ටිකක් අතිතෙත් මතක් උනා >
    :D :D ජය වේව....

    ReplyDelete
  11. හෑ.... එතකොට කෝ ඔයාගේ ෆෝන් එක ? ඒකට මොකෑ උනේ.
    අම්මගෙන් අහලා බලන්න. ගොඩක් එලාවට අම්මා ගාව ඇති. මල කෙලියයි !!!! අම්මා ඔයාගේ ෆෝන් එකේ මැසේජස් බැලුවොත් ???

    ReplyDelete
  12. මාර තැනකින්නේ හිතූ ඔයා අද කතාව නවත්තලා තියෙන්නේ...හරියට ඇක්ෂන් ෆිල්ම් එකක හොදම හරිය බලනකොට කරන්ට් එක ගියා වගේ :( ...දැන් කෝ ඒ phone එක...? , කතාව ලස්සනට ගලාගෙන යනවා...ඉක්මනට ඊලග කොටසත් ලියලා පෝස්ට් කරන්න. ජය වේවා :)

    ReplyDelete
  13. අපොයි!! ලස්සන ආදර අන්දරය ට හෙනහුරා කඩා පාත් වෙලා වගේ....
    ඉතුරු ටික ඉක්මණට ලියන්නෝ...... මොකද වුණේ කියලා දැන ගන්නකම් ඉවසිල්ලක් නෑ වගේ.......... :D :D

    ReplyDelete
  14. හපොයි,.. කෝ ෆෝන් එක,.. අම්මා අරගෙනද? අනේ අම්මෝ,. මටත් ඉස්සර කාලේ වුන දෙයක් මතක් වුනා,.. ආදරයක් නිසා වුන දයක් නෙවෙයි,. ඒත් අපේ අම්මත් ඔහොම සැක හිතලා මගේ ෆෝන් එක අරගෙන තියෙනවා ඉස්කෝල කාලේදි,. :P

    ReplyDelete
  15. එකත් ඉතින් එහෙනම් සුභ මංගලම් කිව්වා.. එත් කියන්න ඕන දිලූ කියපු එක තමයි හරිම දේ. ආදරේ කරට කවදාවත් එක ජිවිතේ කරගන්න හොද නැ මොකද වෙන්වෙන්න උනොත් විදගන්න අමාරු වෙන නිසා.. පටන් ගත්ත ගමන්ම ගෙදරින් අවුලක් වගේ නේ.. මොකද කරන්නේ ......... කතාව හොදයි කිව්වට මදි විශිෂ්ටයි ජය... අවසානේ මොනවා වෙයිද ????....

    ReplyDelete
  16. හිතුගේ ආදර කථාව හැමදාම වගේ ලස්සනයි කියන එක අදත් නොකියම බැ.. ඒත් අද ටිකක් ස්පෙශල්.. ආදරේ කරන ඕන කෙනෙක්ට වටින කථාවක්... ඒත් ආදරේ කරන කවුරුවත් නොකරන දෙයක්.. මේ ලියන මටත් බැ...

    කොහොමද ආදරේ කරන හිතක ජිවිතේම නොකර ගන්නේ...

    අම්මා ෆෝන් එක ගත්තත්.. දන්නවා මේ කෙල්ලට වරදින්නේ නැ කියලා ඉතුරු කොටස එනකන් නොයිවසිල්ලෙන්

    ReplyDelete
  17. කොච්චර හයිය හිතක් තියෙන කෙනෙක් උනත් ආදරේ කරද්දි ඒක ජීවිතේම වෙනවා. ඒත් ඒ ජීවිතේට බුද්ධිමත්ව මූණ දෙන එකයි වැදගත්... අද පොඩ්ඩයිද මන්දා ලියලා තියෙන්නේ... ඒත් උපරිමයි...

    ReplyDelete
  18. ලස්සනයි!

    ReplyDelete
  19. @Red Riding Hood-හි හි.. ඒකනෙ බලන්නකෝ.. ස්තූතියි යාලු :)


    @ගලයා- අයියෝ ගලය නරකයිනෙ...කෙල්ලට හූ කියන්න ඉන්නෙ.. පවුනෙ

    ReplyDelete
  20. @ChammA අයියා- බලන් ඉන්නකෝ..මොනා වෙන්න යනවද මන්දා :(


    @විසිතුරු-ම්ම්ම්ම්ම්... වෙනසක් ව්එයි ව්අගේ... බලමුකෝ අපි..ඉක්මණට ලියන්නම්:) ස්තූතියි ආවට ..මේ පැත්තෙ

    ReplyDelete
  21. As dekata nodakapu oyava..kan dekata nasunu oyava..hithin mavagena me kathava kiyevvama dan liyala thiyana vidihata wada lassanai..

    ReplyDelete
  22. @සුදු පොඩ්ඩ -හික්ස්...හ්ම්ම් හ්ම්ම්...හුගාක් අය ජීවිතේ කරගන්නවා පොඩ්ඩො.:)බලමු ඊළග කොටසින්...ස්තූතියි හුගාක්

    @Ice නංගි- ඔව් ඔව් නෙ. ඇත්ත කතාව.:) :D හික්ස්ස්... මධූ බෙල්ලෙන්ම අහුවුනා.:( බලමු ඉස්සරහට.... තැන්කූ නංගෝ..:*


    @වර්ණා- හ්ම්ම්ම්ම්...මරණය තරම් වේදනාකාරී වෙන්න පුළුවන්...බලමු ඊලග කොටසින්..මොකද වෙන්නෙ කියලා.ස්තූතියි යාලු

    ReplyDelete
  23. @Dinesh අයියා- හික්ස්ස්... හරි අයියා..මේ නංගියා හරිම හොදයිනෙ. ඉක්මනටම දාන්න බලන්නම්..:)


    @MaRLaN- තාම එච්ච්ර හදිස්සි නෑ වගේ..බලමුකෝ ;)


    @෴෴෴෴෴සිහින කොදෙව්ව෴෴෴෴෴ -ම්ම්ම්ම්...ස්තූතියි කමෙන්ට් එක දැම්මාට..:)ශක්තියක් ඒක. අතීතය මතක් වෙන්න තරම් මගේ කතාව ප්‍රබලයි එහෙනම්??;)සංතෝසයි

    ReplyDelete
  24. @මධුරංග අයියා- හෆ්ෆෝයි!!! ඔයා නෙවෙයි..මධූ කියන්න :p හික් හික්..බලමු කතාවෙ ඉතිරිය..


    @ද HUMAN- ම්ම්ම්ම්ම්ම්ම්ම්...හික්ස්ස්.... එහෙමද?? හරිම සතුටුයි!!! එහෙනම් ඊලග කොටසින් අපි බලමුකෝ ඉතිරිය..:D ස්තූටියි සහෝ


    @මහි -හැමෝටම ඉවසිල්ලක් නැති පාටයි..හි හි..ම්... බලමුකෝ අපි මධූ මොනා කරාවිද දන්නෙ නෑ...ස්තූතියි යාලු

    ReplyDelete
  25. @ප්‍රාර්ථනා අක්කි-ඊළග කොටස එනකම් ඉන්න වෙයි අක්කියෝ..:) අහ්හ්හ් හික්ස්ස්... අක්කිටත් එහෙනම් එහෙම දෙයක් වෙලා නේ??;)


    @N N K-ඉස්සරහට බලමු..මධූ මේවට කොහොම මූණ දෙයිද කියලා..ස්තූතියි සහෝ...හුගාක් ස්තූතියි


    @දේවා අයියා- හ්ම්ම්ම්...ස්තූතියි අයියා.:D ඇත්ත හුගාක් දෙනෙක් ආදරේ ජීවිතේ කරගන්නවා.මධූ වගේම..බලමු අයියා ඊළග කොටසින් හම්බෙමු...

    ReplyDelete
  26. @මන්තරකාරි අක්කා- ඔව් පොඩ්ඩයිද මංදා..මටත් හිතුනා..:D හ්ම්ම් ඇත්ත අක්කියෝ..ඒක එහෙමයි..බුද්ධිමත්කමට හැර විකල්පයක් නැත.ස්තූතියි අක්කිට..


    @Ano-ස්තූතියි!!!


    @Sihina -කමෙන්ට් එක මට ටිකක් තේරෙනවා මදි වගේ..කොහොම වුනත් හුගාක් ස්තූතියි!!!

    ReplyDelete
  27. @ hithu..man kiwwe kathave madhu ge charithe hithin mavagena kiyavaddi kathava marama lassanaiiiiii

    ReplyDelete
  28. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...:D ස්තූතියි!!!!

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....