නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

26 November 2011

තටු සිඳුනු සමනළී -12 වන කොටස

ඔන්න අදනම් මම කතාව ලියන්න හොඳටම ප්‍රමාදයි කියලා දන්නවා.සමවෙන්න ඕනෙ ඒකට.පහු ගිය ටිකේ තිබුනු පුංචි පුංචි වැඩත් එක්ක ටිකක් ප්‍රමාද වුනා ඉතිරි කොටස ලියන එක.ඔන්න අද කොහොමෙන් හරි 12 වෙනි කොටස දැම්මා. ටිකක් වැඩිපුරත් ලියවිලාද මංදා.කියවලා අඩු පාඩු,හොඳ නරක ඔක්කොම කියන්න හොදේ?? ගල් මුල් මල් වෙනදා වගේම සාදරෙන් පිළිගන්නවා.

මුල කොටස් කියවපු නැති අය, මුල කොටස් අමතක අය කියවලම එන්නකෝ...

තටු සිඳූනු සමනළී 1
තටු සිඳූනු සමනළී 2
තටු සිඳූනු සමනළී 3
තටු සිඳූනු සමනළී 4
තටු සිඳූනු සමනළී 5
තටු සිඳූනු සමනළී 6
තටු සිඳූනු සමනළී 7
තටු සිඳූනු සමනළී 8
තටු සිඳූනු සමනළී 9
තටු සිඳූනු සමනළී 10
තටු සිඳූනු සමනළී 11

අද 12 වෙනි කොටස මෙතැන් සිට........

--------------------------------------------------------------------------------------------------------

සමහර වසන්ත කාලවලදිත් කලාතුරකින් වගේ අහස කළු කරලා,තද හුළං හමලා,ගස් වැල් ඇඹරිලා කුණාටුවක පෙරනිමිති පෙන්වනවා වගේ,දසුන්ගෙයි මගෙයි සුන්දර ප්‍රේම කතාවට අසුන්දර පරිච්ඡේදයක් එළඹෙනවද කියලා පුංචි සැකයක් පහළ වුනා.අපේ ආදර කතාව  ඇරඹෙන්න,දසුන් මටත්, මම දසුන්ටත් මේ තරම් ලං වෙන්න,මහා හුගාක් උදව් කරපු මගේ ෆෝන් එක අතුරුදහන් වීම, මේ සුන්දර ආදර කතාවට අසුභ  පෙරනිමිත්තක හෙවණැල්ලක් වුනා කියලා හිතුනා.

"තවත් නම් බලන් ඉඳලා බෑ...අම්මාගෙන් අහලා බලනවා.වෙන කරනන් දෙයක් නෑනෙ.."

මම එහෙම හිතාගෙනම කාමරෙන් එළියට ඇවිත් කුස්සිය පැත්තට ගියේ,අම්මාගෙන් ෆෝන් එක ගැන ඇහුවාම , මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා හිතන ගමනුයි.ඒත් කොහොමහරි ෆෝන් එක හොයාගන්න ඕනෙ නිසා හිතට ධෛර්‍ය අරගෙන උගුර පාදලා අම්මාට කතා කළා.

"අම්මා.........."

"ඇයි දුව??මොකද මේ තාම ඇඳුම් මාරු කරලත් නෑ..නාගන්නෙ එහෙම නැද්ද අද?"

"නෑ නෑ මේ...අම්..මා...මේ...මේ.."

"මොකක්ද ළම්යෝ තෙපරබාන්නෙ නැතිව කියන්න."

"මේ..මගේ ෆෝන් එක දැක්කද??ඒක නෑනෙ.මම උදේ ඕෆ් කරලා ලාච්චුවෙ දාලයි ගියේ..."

"ආ..... දැන් මේ ෆෝන් එක තමා ආව ගමන් තියන ලොකුම රාජකාරිය??නේ? මේ හෙට අනිද්දා විභාග ගන්න ඉන්න ළමයි...හරි අපූරුයි.."

හිතේ තිබුනු නොඉවසිලිමත් බවත් එක්ක අම්මාගෙ කතා ඇහුවාම මට ආවෙ තරහක්.

"අම්මා..මම අහන්නෙ අම්මා මගේ ෆෝන් එක දැක්කද??මොකක් වුනාද මන්දා...හොරු අරන් ගියා වෙන්න බෑනෙ."

"මම දන්නෙ නෑ ඕවා..හවසට තාත්තා ආවම අහගන්න එකයි ඇත්තෙ.තාත්තා එක්කම බේරගන්න.කොහොමත් A/L ඉවර වෙනකම් ෆෝන් ඕනෙ නෑ...ඉගනගන්න ෆෝන් එකක් ඕනෙ නෑනෙ."

"මොකක්ද අම්මා...??ඇයි එහෙම කරන්නෙ.??මට ෆෝන් එක ඕනේ.අනික තාත්තා ඇයි මගේ ෆෝන් එක ගන්නෙ?"

කඳුළු කැට පනින්න ඔන්නමෙන්න තියෙද්දි මම වෙවුලන හඩීන් හයියෙන් ඇහුවෙ හිතට ආපු ආවේගෙට වගේම දුකටයි.හිත පුරා දහසක් සිතුවිලි පොර බදද්දි ,කර කියාගන්න දෙයක් නැතිවම, අම්මා ඉස්සරහ අසරණ වුනු මට සිද්ධ වුනේ අන්තිමට කරබාගන්නයි.

"ඒත් දසුන්??තාත්තා ෆෝන් එක ගත්තෙ ඇයි??ඇත්තටම ෆෝන් එක අම්මා ලගද ඇත්තෙ?අම්මා මට බොරු කියනවද වත්ද?අම්මාටයි තාත්තටයි දසුන්ගෙයි මගෙයි සම්බන්ධෙ ගැන ආරංචි වෙලාවත්ද?"

දාහක් ප්‍රශ්න මගේ ඔළුවෙ හොල්මන් කලා.

"මොනාද දැන් ඔය හැටි කල්පනා කරන්නෙ??මේ බත් කාලා ඉන්න ළම්යෝ....නාලා කාලා පොතක් පතක් බලාගන්න..ෆෝන් එක තිබ්බහම බඩ පිරෙන්නෙ නෑනෙ."

අම්මා ආයෙමත් මම කල්පනා කරනවා දැකලා කෑගහන්න පටන් ගත්තා.එන ඕනෙම දේකට මූණ දෙන්න හිත හදාගෙන මමත් සද්ද නැතිව නාන කාමරේට ගිහින් නාගෙන ඉවර වෙලා ,අම්මාගෙන් බේරෙන්න ඕනෙ කමට බත් කටක් දෙකක් උඩින් පල්ලෙන් කාලා කාමරේට ගියේ දසුන්ට පණිවිඩයක් දෙන්නෙ කොහොමද කියලා හිතමිනුයි.

ඔය අතරෙම අම්මා හවසට චුට්ටක් නින්දක් දාන අතරේ මට ගෙදර ෆෝන් එකෙන් ,දසුන්ට කතා කරල සිද්ධ වෙලා තියන දේ කියන්න පුළුවන් නේද කියලා මතක් වුනා.අම්මා කාමරේට ගිහින් නිදාගන්න කම්,මම හිමින් හිමින් හොර ගල් ඇහුලුවා.ඔය අතරේ මගේ පැතුම් ඉෂ්ඨ වුනා.අම්මා කාමරේට ගියේ පොඩි නින්දක් දාන්නයි.ඔය අතරේ හොරෙන්ම ගෙදර ෆෝන් එක ළගට කිට්ටු වුනු මම දසුන්ගෙ නොම්මරේ එබුවෙ විදුලි වේගෙන්.

"ට්‍රීං....ට්‍රීං.........ට්‍රීං......."

දසුන්ගෙ ෆෝන් එකේ රින්ග්ස් යනවා..ඒ තරමටම මගේ හිතත් ගැහෙනවා.ඒ අතරෙම අම්මා එයිද කියලා වට පිට බල බල කැරකෙනවා.

"හෙලෝ..."

දසුන්ගෙ හඬ එහා පැත්තෙන් ඇහුනා.

"හෙලෝ දසුන්..මේ මම..මධූ..."

"ඔව් මධූ..මොකෝ වුනේ චූටි?මම බය වෙලා උන්නෙ හොදටම.මොකද වුනේ ඔයාට??කොහෙද ඉන්නෙ??ගෙදර නේද??ඔයා හොදින් නේද මධූ?"

දසුන්ගෙන් ප්‍රශ්න පත්තරයක්...එක දිගට දසුන් අහගෙන අහගෙන ගියා ප්‍රශ්න ගොන්නක්ම.

"අනේ දසුන්....මට වැඩිවෙලා කතාකරන්න බෑ...මට පොඩි ප්‍රශ්නයක් වෙලා.මගේ ෆෝන් එක තාත්තා අරගෙන දසුන්.සමහරවිට ආයෙත් හම්බෙන එකක් නෑ.."

"ඒ මොකද චූටි??ගෙදරට අපි දෙන්නා ගැන ආරන්චි වෙලාවත්ද??"

"ඒකනම් දන්නෙ නෑ දසුන්. ඒත් මොකක්ම හරි වෙලා තියනවා.ඔයා  මට මැසේජ් එවන්න්න එපා.මම ඔයාට ෆෝන් එක හම්බුනොත් කෝල් කරන්නම්. එහෙම බැරි වුනොත් ඉස්කෝලෙ ඇරිලා එන ගමන් මම ඔයාට හංදියෙන් කෝල් කරන්නම්..හරිද?"

"අනේ..හරි මධූ..ඔයාට මං හින්දා වුනේ මාර වැඩක් නේද චූටි?"

"නෑ නෑ...කමක් නෑ.අපි බලමුකෝ...එහෙනම් මම තියන්නම් දසුන්.. අම්මා එයි දැන්.. ඔයා පරිස්සමට ඉන්න.බුදුසරණයි.."

"ඔයත් පරිස්සමට ඉන්න.බුදුසරණයි.."

දසුන්ට කතා කරලා ඉක්මණින් ෆෝන් එක තිබ්බ මම එහෙම්ම කාමරේට ගියේ,හිතේ ඇතිවුනු පුංචි දුකකුත් එක්ක.දසුන් ගෙ අසරණ අහිංසක හඬ ළග මගේ හිත තැවුනා.මම කාමරේ ඇඳ උඩට වෙලා, ඔහේ කල්පනා කර කර හිටියේ දසුනුයි මායි ගැන අම්මායි,තාත්තයි දැනගෙන නම් ,ඒකට මූණ දෙන්නෙ කොහොමද කියලායි.

-------------------------------------------------------------------------------------------------------

"මොකද දුව මේ නිදි? පාඩම් කරන්නෙ එහෙම නැද්ද?"

යාන්තමින් නින්දත් නොනින්දත් අතරේ මට අම්මාගෙ කටහඩ ඇහුනා.

"කරන්න ඕනෙ අම්මා .මට නින්ද ගියා."

 මට ඒ වචන ටික කියවුනේ ටිකක් සැරෙන් වගේම,තරහින්.

"හ්ම්ම්...හ්ම්...විභාගෙ ගනන් ඉන්න ළම්යි ඔහොම නිදාගෙන බෑනෙ ..තාත්තත් ඇවිත් අන්න."

ක්ෂණිකවම මට ඇඳෙන් නැගිට්ටුනා.තාත්තා ඇවිල්ලා කියන්නෙ,ෆෝන් එක ගැන තොරතුරක් හරියටම දැනගන්න පුළුවන්. ඒත් හිත බයෙන් ඇවිළුනා.මම කාමරෙන් එළියට නොයන්න හිතාගෙන ඇඳටම වෙලා ගොඩාක් වෙලා හිටියා.

ඊට පැයකට දෙකකට විතර පස්සෙ , ආයෙමත් අම්මා ඇවිත් ළගින් වාඩිවෙලා මගේ ඔළුව අතගෑවෙ හුගාක් ආදරෙන්.

"දැන් මේ අපිත් එක්ක තරහ වෙලා මොකද දුව??මොකද දැන් අපි ඔයාට කළේ??අපි ඔයාට නරකක් වෙනවට කැමති නෑනෙ...මොකක්ද මේ ඉගනගන්න කාලෙ නාස්ති කරගන්න හදන්නෙ දුව?"

"මොකක්ද අම්මා? මම දන්නෙ නෑ.."

"ඔයාගෙ පිරිමි ළම්යෙක් එක්ක සම්බන්ධයක් තියෙනවනෙ.අපිට හංගන්නෙපා.මම ඔයාගෙ අම්මා.මුරණ්ඩු වෙන්න හදන්නෙපා දුව.කවුද ඔය පිරිමි ලමයා?කොහෙ කෙනෙක්ද??පංති වලට එන ළමයෙක්නෙ?අපිට එහෙන් මෙහෙන් ආරංචි එද්දි අපි ගණන් ගත්තෙ නෑ..ඒ ඔයාව විශ්වාස කරලා.ඒත් දැන්..."

"මම දන්නෙ නෑ අම්මා..එහෙම දෙයක් නෑ.."

"අපිට බොරු කරන්නෙපා.ඇත්තම කියන්න.කොහොමටත් ඔය ෆෝන් ඕනෙ නෑ ආයෙත්.විභාගෙ ඉවර වුනාම අරන් දෙන්නම්කෝ හොඳම එකක්.මිනිස්සු බලන් ඉන්නෙ වරදිනකම්. අනික ගෑණූ ළමයෙක්ට වරදින්න මහ වෙලාවක් යන්නෙ නෑ. කාගෙන්වත් කතාවක් අහගන්නෙ නැතිව මෙච්ච්ර කාලෙකට ලස්සනට හිටියනෙ ඔයා.ඉස්සරහටත් එහෙම ඉන්න ඕනෙ දුව.එතකොටයි වටිනාකමක් තියෙන්නෙ.හොඳ ළමයනෙ."

"මම දන්නවා අම්මා.මම අම්මලට නරකක් අහන්න තියන්නෙ නෑ.. මම දන්නවා හොඳ නරක. දසුන් කියන්නෙ  මගේ යාළුවෙක් විතරයි.එයා මට හුගාක් උදව් කරන හොද යාලූවෙක්. එයා එක්ක මම පංති ඇරිලා එනවා.එච්චරයි."

මම ජීවිතේ පළවෙනිම වතාවට අම්මා ඉස්සරහා ලොකුම ලොකු බොරුවක් ඇඟට පතට නොදැනීම කියලා දැම්මා. ඒත් මම හදවතින් ඒ ගැන හුගාක් කම්පා වුනා.

"යාළුවෙක් ආශ්‍රය කරන විදිය වෙනස්නෙ ළමයෝ... අපිත් ඔය වයස පහු කරලයි ආවෙ. ඔයා හැරෙද්දි මේ අම්මා දන්නවා.කොහොම වුනත් කමක් නෑ..එහෙම දෙයක් තියනවනම් ඕවා නවත්වලා දාලා විභාගෙ හොඳට කරගන්න ලෑස්ති වෙන්න.ඊට පස්සෙ අපෙන් ඕවට තහනමක් නෑ..තාත්තා වුනත් මෙච්ච්ර කාලෙකට ඉපදුනු දවසෙ ඉඳන් අද වෙනකම් අතක් උස්සලවත් නෑනෙ. ඉතින් හොඳ දුව වගේ..හිතුවක්කාර නොවී ඉන්න."

"හරි අම්මා.මම හොදීන් ඉන්නම්.."

අම්මා දසුනුයි මමයි ගැන දැනගෙන තියන බව හොදටම පැහැදිලි වුනා.ඒත් මම අම්මාගෙන් ඒ ගැන හාර අවුස්සලා අහන්න ගියෙත් නෑ..ෆෝන් එක ඉල්ලුවෙත් නෑ..මෙච්ච්ර කාලෙකට අම්මායි තාත්තයි මා ගැන තියන් තිබුනු විශ්වාසය පළුදු වුන එක ගැන හිතට දුකක් නැතුවමත් නෙවෙයි,ඒත් මගේ ආදරේ ලගදි මට මේ ලෝකෙම පෙනුනෙ හරි පුංචියට. සමහර විට මම ආදරෙන් අන්ධ වෙලා වෙන්න ඇති.

"ම්ම්.. මම කෑම බෙදාගෙන එන්නම්කෝ කවන්න .දැන් ඕවා අමතක කරලා ඉන්නකෝ..හොඳ දුවනෙ මගේ."

අම්මා හුගාක් ආදරෙන් මගේ ඔළුව අතගාලා යන්න ගියා.මට අම්මායි තාත්තායි ගැන ලොකු දුකක් හිතට ආවා.මේ වගේ දේකදි වුනත් මගේ අම්මායි තාත්තයි හැසිරුනු විදිය කොයිතරම් අහිංසකද කියලා හිතුනා.මෙච්ච්ර කාලයක් මාව ජීවත් කරපු ඒ ආදරේ මට සුළුවට හිතන්න බෑ..''මම කොහොම හරි මගේ අරමුණට ගිහින්, අම්මලාව සතුටු කරනවා" මම තදින්ම හිතින් හිතා ගත්තා.

------------------------------------------------------------------------------------------------------------
කාලය ගත වුනා.දවස්,සති,මාස, ඔහේ ගෙවිලා ගියා.ෆෝන් එකක් නැති වුනත් මම හැමදාකම හංදියෙන් බැහැලා ,හංදියේ කොමිනිකේෂන් එකෙන් දසුන්ට කෝල් කලා.පංති තියන දවසට අපි හම්බුනා.වෙනදට වඩා ටිකක් පරිස්සමට ,කතා බහ කලා.ඒ රටාවට අන්තිමේදී මාත් දසුනුත් පුරුදු වුනා.මොන බාධක ආවත් අපේ ආදරේ ගලාගෙන ගියා.ගඟක් වුනත් ලස්සන බාධක අතරින්, ගලාගෙන යනකොටලුනෙ.ආදරේත් එහෙමයි.

එහෙම කාලෙ ගත වෙද්දි, පංති නැති වුනු දවස් කීපයක අපි,කැලණි පන්සලට, දෙහිවල සත්තු වත්ත බලන්න ගියා.දසුන් ළග ගත වෙන හැම තත්පරයකටම මම පුදුම විදියට ලෝභ වුනා.ආදරේ කියන්නෙ කැපවීමක්,පරිත්‍යාගයක් බව ඇත්ත. අම්මා තාත්තට වුනත් බොරුවක් කරන්න පුළුවන් වෙන්න තරම්, බලගතු හැගීමක්ද කියලා හිතුනා.ජීවිතේ කවදාම හරි දවසක මට ඒ නිසා දඬුවම් ලැබේවිදෝ කියලත් නොහිතුනා නෙවෙයි.හැම සිතුවිල්ලක්ම අතරේ මම දසුන්ගෙ ආදරේට තව තවත් ලෝභ වුනා.

අපි  එකම පහනකට එකම තිරයක් දාලා,එකම ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන කැළණී පන්සලේ පත්තු කරපු පොල්තෙල් පහනට අපේ ජීවිත එළිය කරන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කලා.ජීවිතේ පළවෙනි වතාවට ,තවත් එක අහිංසක ප්‍රාර්ථනාවක් වෙනුවෙන්,මුරණ්ඩුකම් කරපු පුංචි කෙල්ලෙක්ට සමාවදෙන්න තරම් දෙවියෝ කාරුණික වෙයි කියලා හිතුවා.දෛවය මට මොන දේ උරුම කලත්, ඒ දේ භාරගන්න ලෑස්ති වෙලා ඉන්න එක නුවණ ට හුරු නිසා, මම කාලයට ඉඩ දීලා බලාගෙන උන්නා.

එක ඉරිදා දවසක මාත්,දසුනුත් පංති ඇරිලා නුගේගොඩ ඉදන් ඇවිදගෙන ආවා.

"ඔයා කලබල වෙයි කියලා මම එද්දි නොකිව්වෙ මධූ...."

"ඇයි ඇයි මොකක්ද දසුන්? මොකද වෙලා තියෙන්නෙ? මුකුත් ප්‍රශ්නයක්ද?"

"ඔය ඔය ඉතින්... දැක්කනෙ.. ඔයා කියන්නත් කළින් කලබල වෙනවනෙ ළමයෝ.. ඒකයි මම කියන්නෙ නැතිව ඉන්න හැදුවෙත්."

"අනේ එහෙම බෑනෙ..කියන්න දසුන්...මොකද වෙලා තියෙන්නෙ?"

"මේකයි මධූ....ප්‍රශ්නයක් නම් තමයි.. මට හිතාගන්න බෑ....මොකක්ද කරන්නෙ කියලා."

"දෙයියනේ!!!! දසුන් මොකක්ද මේ කියනන් හදන්නෙ.." මගේ හිත බයෙන් පිරුනා.

----------------------------------------------------------------------------------------------------------
දසුන් මධූට කුමක් කියාවිද? දසුන්ට ඇති වෙලා තියන ප්‍රශ්නය මොකක් වෙන්න ඇත්ද??තවත් එක ආදර කතාවක අවසානයවත්ද??? කුතුහලය, ආදරය,සහෝදරත්වය,පිරි තවත් කොටසකින් හමුවෙමු.......


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............



Post Comment

34 comments:

  1. හ්ම්ම්... ඒ පාර මොකද වෙන්නේ.. අනේ මේ දෙන්නව වෙන් කරන්න නම් එපා නංගෝ මොන දේ වුනත්,.

    ReplyDelete
  2. මම එක,,,. හුරේ,..
    මොන දේ වුනත් දසුනුයි මධුයි වෙන් කරන්න නම් එපා. එහෙම වුනොත් නම් ඇත්තමයි මම තරහයි ඔයා එක්ක,. :)

    ReplyDelete
  3. අද මම පළවෙනිය;;; :)) හ්ම්ම්ම් මොනා ද අනේ කුතුහලය ,, හොදම හරියේදී කතාව නවත්තලානේ... :((... මටත් මගේ අතීතය මතක උනා. හිහි.. හරිම ලස්සනයි හිතු.. ඉතිරියත් ඉක්මනට දාන්න,..

    ReplyDelete
  4. මේ කෙල්ල පළවෙනියා වෙලා නේද :/ :/ :/ .. දෙන්නට ගුටි අහ්හ්

    ReplyDelete
  5. අපොයි නරකයි කතාව හොඳම හරියෙන් නවත්තලා

    ReplyDelete
  6. "....මම ජීවිතේ පළවෙනිම වතාවට අම්මා ඉස්සරහා ලොකුම ලොකු බොරුවක් ඇඟට පතට නොදැනීම කියලා දැම්මා. ඒත් මම හදවතින් ඒ ගැන හුගාක් කම්පා වුනා... "

    මේ දිනවල ඔය අත්දැකීමම මට ඇත :( :(
    ඒක හින්දා ඔය හැගීම ගැන මට හුගක් කතාකරන්න පුළුවන්...හොදම දේ තමා ඒ ගැන කතා නොකර ඉන්න එක හිතු..

    ඇත්තටම මේ මොකද්ද වෙන්න යන්නේ :O හැබැයි ඔන්න දෙන්නා වෙන්කරනවා එහෙම නෙවෙයි හරිද..

    ReplyDelete
  7. අඩේ දැන් නේ ම්ටර් උනේ , උඩ කමෙන්ට්ස්වල පොඩ් වලියකුත් ගිහින් නේ :P :P කමෝන් ප්‍රාර්ථනා..කමෝන් වර්ණා.. :P

    ReplyDelete
  8. අම්මෝ ෆෝන් එකක් නැතුව මේ ළමයා විදින දුකක් !!!
    මටත් කාලයල් තිබුනා ෆෝන් එක ඇඟේ අලවගෙන වගේ හිටපු. දැන් නම් ඒක ටිකක් අඩු වෙලා. ෆෝන් එක නැති උනාට ගානක් නෑ.

    ඒක නෙමෙයි.
    ආයෙම කැළණි විහාරේ ආපු දාක අපේ දිහාටත් ගොඩ වෙලා යන්න එන්න. අපි ඕ දෙන්නට කෑම හදා දෙන්නම්. :)

    ප.ලි. - මං නැති කොට ලොකු නංගි පලවෙනියා වෙලා. හුරේ !!!!

    ReplyDelete
  9. කට්ටිය අතරේ පළවෙනි කමෙන්ට් එක දාන්න පුදුම තරගයක් නේ තියෙන්නේ...? යාලුවෙක්ගේ බ්ලොග් එකක එහම තරගයක් තියනවා දැක්කම ලොකු සතුටක් දැනෙනවා... :) ඔයාගේ අදහස්වලට කට්ටිය මොනතරම් ආසද..ආදරේද කියන්න තවත් මොන සාක්ෂිද ? කතාව නම් නියමයි හිතූ... වෙනදා වගේම මම ඉල්ලන්නේ මේ දෙන්නාව නම් වෙන් කරන්න එපා කියලයි. " අපි එකම පහනකට එකම තිරයක් දාලා,එකම ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන කැළණී පන්සලේ පත්තු කරපු පොල්තෙල් පහනට අපේ ජීවිත එළිය කරන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කලා." මෙන්න මේ අහිංසක ප්‍රාර්ථනාව හැබෑවක් කරන්න.

    ReplyDelete
  10. @ප්‍රාර්ථනා අක්කි- හයියෝ... හැමෝම ඉල්ලන්නෙ ඒ දේ... වෙන් කරන්න එපා කියලා.මොකද හැමෝම කැමති හැපී එන්ඩින්ග්ස් වලටමනෙ.. :) බලමුකෝ අක්කියෝ... අනේ ඔන්න කතාවක් හින්දා මගේ අක්කි මාත් එක්ක තරහා වෙන්නෙ නෑනෙ...:) :*
    හුරේ අක්කියා පළවෙනියා :D


    @වර්ණා -හෆ්ෆෝයි!!!! රණ්ඩුවෙන්නෙපෝ....:D ඊළග දවසේ ඔයා පළවෙනියා වෙන්නකෝ...
    ම්ම්ම්... එහෙම තමා කුතුහලය තිබ්බහම ජොලිනෙ..ඕගොල්ලෝ කට ඇරගෙන බලන් ඉද්දි මට ජොලි.. හික් හික් හික්



    @ශානු -හි හි....:D හොද හොද ඒවා තව ඉස්සරහටනෙ.. බලමුකෝ..:)

    ReplyDelete
  11. @ChammA අයියා- හ්ම්ම්ම්..... දුක හිතෙන, පසු තැවෙන දේවල් කතා නොකර ඉන්නවනම් කමක් නෑ අයියා...:) කාලය හැම දෙයක්ම විසඳයි.හොඳට හෝ නරකට..බලාගෙන ඉමු...

    හෆ්ෆෝයි!!!! වෙන් කරන්න එපා කියලා මට තර්ජනය කරනවනෙ දැන් කට්ටිය...:(

    හික්ස්ස්... ඔව් ඔව්. ඒක මේ සුහද සංග්‍රාමයක්..:D



    @මධුරංග අයියා- හික්ස්ස්... දැන් අයියට ලෙඩේ හොදනම් ගානක් නෑ..;) මටත් එහෙම ලෙඩක් නෑ...:/ කතාවෙ ඉන්න මධූටනම් තියෙනවා..:)

    :O මේ මොකෝ හෆ්ෆා..ඕ දෙන්න කියන්නෙපා. මේක මේ කතාවක්නෙ..මධූ යි දසුනුයි තමා පන්සල් ගියේ...

    ප.ලි- මම චූටිම් කාලෙන් පස්සෙ කැළණි විහාරෙට ගිහින් ම නෑ... :D

    ReplyDelete
  12. අම්මෝ..... මොකද්ද මේ වෙන්න යන්නේ????

    ඉතුරු ටික ඉක්මණ ට ලියන්න හිතූ............ කුතුහලය ඇවිස්සෙන සුළුයි....

    ReplyDelete
  13. @ද HUMAN - හුගාක් ස්තූතියි..එහෙම සතුටු වෙන්න පුළුවන් හොද හදවතක් තියන,ඊර්ෂ්‍යා නැති අවංක කෙනෙක්ටයි..සතුටුයි ඔයා ගැනත්.:)
    ම්ම්... හැමෝගෙම එකම ඉල්ලීම ඕක.බලමු අපි ඉස්සරහට වෙන දේ... හ්ම්ම්... හුගාක් ප්‍රර්ථනා ඉෂ්ඨ වෙන්නෙ හරි අඩුවෙන් සහෝ... අපි බලමුකෝ...


    @මහී- හ්ම්ම්... ඊළග සතියෙ බලමුකෝ.....ස්තූතියි මහී...ඉක්මණින් ලියන්නම්...

    ReplyDelete
  14. අපේ අම්මෝ ... මේ කරදර අස්සේ දසුන් මොනවද කියන්න යන්නේ? බලමුකෝ නේද... :P :) :) :)

    ReplyDelete
  15. ලස්‌සනයි. සුබපැතුම් මගෙන් හිතුවක්‌කාරිට...

    ReplyDelete
  16. ane harima lassanat liyanewa akki oya kathawe,, digateme liyane man eke usamte mulu kotas okkome kiyawwa ade ,,.. puluwan tharam ikmante anik kotesath danne hode,, dasun tay madutay karadarayak wenne nam epa kiyala prarthana karanewa :)

    ReplyDelete
  17. කතන්දරේ අවසානය නම් හිතාගන්නවත් අමාරුයි වගේ. කුතුහලය උපරිම කරලා නවත්තලා. ඒක නියමයි.

    ෆෝන් එකක් නැතුව හිටපු කාලයක් මටත් තිබුණා. හොරෙන් හොරෙන් ගෙදරින්, ෆෝන් බොක්ස් වලින්, කමියුනිකේෂන් වලින් කතා කර කර කාපු කට්ට තවම මතකයි!

    ReplyDelete
  18. මමත් ඇවිත් කියවල ගියා....

    ReplyDelete
  19. මම මේ කතාවේ අවසානය කොයො වගේ වෙයිද කියලා හිතුවා.. මටනම් ලස්සන අවසානයක් හිතේ මැවුනා.. ඒත් හිතුවක්කාරි කොහොම අවසානයක් දෙයිද දන්නේ නෑනේ..

    මේ අපේ නංගිලා දෙන්නා පළවෙනියා වෙන්න දෙන තරගේ දැකලම මං පහු වෙලා ආවා... :)

    ReplyDelete
  20. @Ice නගා- හික්ස්ස්.. ඔව් ඔව් බලමුකෝ..:)


    @hithuwakkaraya -අහ්හ්හ්.. හිතුවක්කාරයෙකුත් ඇවිල්ලානෙ..:D
    ස්තූතියි ඔයාටත්..


    @Glimmer Girl -හුගාක් ස්තූතියි නංගෝ...:) කියවලා රසවිඳින්න පුළුවන් වුනානම් සංතෝසයි....හුගාක් ස්තූතියි!!!

    ReplyDelete
  21. @විසිතුරු - ම්ම්ම්.... අවසානෙ කොහොම වෙයිද කියලා බලමු...හැමෝම ඉල්ලන්නෙ හැපී එන්ඩින්ග් එකක් නෙ..:D කොහොම වෙයිද දන්නෙ නෑ...o_O


    අහ්හ්හ්..විසිතුරුත් එහෙනම් මධූ වගේ කටු කාලා ;)


    @ලොකු පුතා -ස්තූතියි සහෝ...



    @Dinesh අයියා- :)හැමෝම කැමති සුන්දර අවසානයකටනෙ..:) අපි බලමුකෝ....

    හික්ස්ස්.. ඔව් ඔව් පළවෙනියා වෙන්න පොරකන පෝලීම වැඩිවෙයි නැත්තම්..:)

    ReplyDelete
  22. කථාවේ කුතුහලයට මම ගොඩාක් කැමතියි.. මේ කථාව ගලාගෙන අපු විදිහට හිතුට එක පාර මෙහෙම කථාව ඉවරයි කියන්න බෑ කියලා දන්න නිසා ඔන්න අනිත් අය වගේ මම තර්ජන නම් කරන්නේ නැ..

    එක පහනකට එකම තිරයක එකම දැල්ලක් වගේ අපේ ආදරේ ලියවුනාවේ....

    ReplyDelete
  23. හපොයි,, මම දැන්නේ දැක්කේ ,. හී හී,,, හුරේ,.. වර්ණා නංගත් ඔන්න දැන් පළවෙනියා වීමේ තරඟෙට ඇවිත්,. මධුරංග අයියටත් ජය වේවා,..

    ReplyDelete
  24. හිතුවක්කාරිගේ ආදර කථාවද මේ..... එතකොට අර ඇප්ලිකේශන් කොල් කලේ කාටද??

    මොනවා උනත් ගොඩාක් ලස්සනට ගලාගෙන යනවා කියලා දැනෙනවා...

    හිතුමතේ ගෙන් හිතුවක්කාරිට සුභ පැතුම්

    ReplyDelete
  25. @දේවා අයියා- කතාව තවම ඉවර නෑ,,, ම්ම්... ස්තූතියි අයියා..කුතුහලය අවුස්සලා බලන් ඉද්දි ඒක හරි ශෝයි :D

    ම්ම්ම්..... බලමු මධූගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරන්න..:)


    @ප්‍රර්ථනා අක්කි- හිකිස්ස්ස්ස්ස්ස්... :D

    @Ano - thanQ :)

    ReplyDelete
  26. ලස්සනයි.. ඉක්මනට ඉතුරු කොටස ඕනේ හරිද?.. :)

    ReplyDelete
  27. ඔබ හැරදා ගියත්
    මේ නොහික්මුණු ආදරය
    මේ නොහික්මුණු ආදරය
    හැරදා නොයයි ඔබ...

    ReplyDelete
  28. මඟහැරුණු කොටස් ටිකත් එක්කම ඕන් අද කියෙව්වා..

    හෆොයි න‍ගේ.. මේ භයානක ප්‍රශ්නෙ මොකද්ද හැබෑටම.. :( දසුන් විහිළුවක් කරලා ෆෝන් එකක් හෙම දෙන්න ද හදන්නෙ.. නැතිනම් ඇත්තටම කතාව භයානකද..

    ඉතිරි කොටස එනකල් මඟබලාන.. :)

    ReplyDelete
  29. @නොහික්මුණු ආදරය -හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්


    @නන්දු අක්කි- ම්ම්ම්... ස්තූතියි අක්කියා මහන්සි වෙලා කියෙව්වට..:) හා හා ඊළග කොටසින් බලමු නේද මොකෝ වෙන්නෙ කියලා???

    ReplyDelete
  30. අනේ මන්ද කතාවනම් වෙනද වගේම අදත් ගොඩක්ම ලස්සනයි. අනේ මන්ද කිවේ අම්මල තාත්තගේ ආදරේ ගැන එක පුදුමයි ගොඩක් වෙලාවට අපිට වරදින්න ඉස්සර වෙලා ඒ ගොල්ලන්ට එක පේනවා. එත් එක අපි තේරුම් ගන්නේ නැ. කවදත් මට උනේ එහෙමයි. එත් ඒගොල්ලෝ කවදාවත් අපිව දල යන්නේ නැ. දසුන් මොනවා කියයිද.. බලමු .. ජය

    ReplyDelete
  31. ස්තූතියි සහෝ..:) ඇත්ත කතාව. අම්මාලා තාත්තලා දෙයක් කිව්වොත් ඒ අපේ හොඳටම තමා

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....