නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

10 November 2011

හුරේ.!!!!!!!!!!!! 50 යි..!!!!!!!

අද හිතුවක්කාරිගෙ හිතට හරිම වැදගත් දවසක්. ඒ වගේම වැදගත් අවස්ථාවක්. ඒකට හේතුව තමා අද මේ හිතුවක්කාරි බ්ලොග් එකට ලියන 50 වන ලිපියයි.  :D  ( 50ක්ම ලිව්වා එහෙනම් නේ? හික්ස්ස්...)


මේ බ්ලොග් එක හදන්න හේතුවක් තිබ්බා. ඒ තමා මූණූ පොතේ මම,හිතුවක්කාර කෙල්ල විදියට , එක එක නිසැඳෙස් ලියද්දි, නිර්මාණ දමද්දි, හුගාක් දෙනෙක් නිතර නිතර ඇහුවා "හිතූ බ්ලොග් එකක් ලියන්නෙ එහෙම නැද්ද ?" කියලා. ඉතිං මම ලියන්නෙ නෑ  කිව්වහම ,ලියන්න ලියන්න  කියලා හුග දෙනෙක් මාව දිරිගැන්නුවා.ඉතින් මටත් හිතුනා මගේ හිතේ තියන අදහස් කෙලින්ම කියාගන්න, මගේ ආත්ම තෘප්තියට  ලියන එක හුගාක් හොද දෙයක් වෙයි කියලා.මම හුගාක් බ්ලොග් කියවලා තිබ්බා.ලස්සනට ලියන අයගෙ බ්ලොග් මම කියවලා තිබ්බා.කොහොමටත් මම ලියන්න ඒ තරම්ම දක්ෂ කෙනෙක් නෙවෙයි.මට එහෙම සුවිශේෂී හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ...සත්තකින්ම මම මෙහෙම ලියන්නෙ මගේ ආත්ම තෘප්තිය සඳහායි.කොහොමහරි ඔන්න බ්ලොග් ලිවීමේ කලාව ගැන මෙලෝ හසරක් නොදැන මම බ්ලොග් අවකාශයට පය තිබ්බා.:D


මම මේ බ්ලොග් එක හැදුවෙ 2011,ඒ කියන්නෙ මේ අවුරුද්දෙ මැයි මාසෙ.හැබැයි මම ඉස් ඉස්සෙල්ලාම , පෝස්ට් එකක් දැම්මෙ ජුනි මාසෙ.ඒත් පෝස්ට් දෙකක්ම එක සැරේ දැම්මා.ඒ කාලය කොතරම් නපුරුද? සහ මට මා පවා අද නැතිවී ගිහින් කියන පෝස්ට් දෙකයි.නමුත් ඒවට කමෙන්ට්ස් එහෙම වැටිලා තිබුණෙ නෑ.. මම සින්ඩි ගැනවත්, බ්ලොග් එකක් කරන් යන්නෙ කොහොමද කියන එක ගැනවත් ඒ තරම් දැනගෙන උන්නෙ නෑ.. හැබැයි මම කියවලා ටික ටික ඉගනගත්තා. ඔය අතරේ ජුලී මාසෙ මම තවත් පෝස්ට් කීපයක්ම එකසැරේම දැම්මා.කලින් ලියලා තිබුණු ටිකක් ඔහේ බ්ලොග් එකට දැම්මා.


ඔන්න මම ඒ මාසෙ දවසක් බ්ලොග් එකට ලොග් වෙද්දි, අරුම පුදුම දෙයක් වෙලා තිබුණා.:D ඒ තමා මම ඒ වෙනකම් ලියලා තිබුණු හැම ලිපියකටම වගේ එක්කෙනෙක් කමෙන්ට්ස්  දාලා තිබුණා. ඒ තමා මගේ බ්ලොග් එකේ පළවෙනිම පාඨකයා, පළවෙනිම Follower ,මධූරංග අයියා . :D ඔන්න ඉතින් මටත් පුදුමයි. සතුටුයි. හිතාගන්නත් බෑ.මධුරංග අයියා තමයි මට බ්ලොග් එක සින්ඩි වලට දාන්න කියලා ඒවායෙ ලින්ක්  එවලා, මූණු පොතේ බ්ලොග් ලියන අයගේ ගෲප් එකට එකතුවෙන්න කියලා, හුගාක් මග පෙන්වීම් කලා.


ඉතින් මධුරංග අයියට මම මේ වෙලාවෙ හුගාක් ස්තූතිවන්ත වෙනවා.එදා ඒ දුන්නු තල්ලුවෙන් මම අද සෑහෙන  දුරක් ඇවිත් තියනවා.ඕං අද වෙද්දි මධුරංග අයියගෙ චූටි නංගි වෙලා ඉන්නෙත් හිතූ ලූ ;) ( ඔන්න මඩ ගහන්න එහෙම එපා හිතූගෙ ලොකු අයියට හරිද? :p )ඒ වගේම මූණූ පොතේ, බ්ලොග් අවකාශෙ ,මම බලාපොරොත්තු නොවුනු, කිසිම දවසක හිතුවෙවත් නැති ආදරයක් ලැබිලා තියනවා.මේ ලියන අකුරු වලට ආදරේ කරන,හිතූට ආදරේ කරන පිරිසක්,මම කවදාවත් දැකලා නැති, හැබැහින් හමුවෙලා නැති,අඳුරන්නෙ නැති, සහෲදයෝ පිරිසක් අද මගේ වටේ ඉන්නවා.


මම මුලින්ම මගේ බ්ලොග් එකට නම දාලා තිබුනේ ෴කතා කරන කඳුළු ෴ කියලයි.ඒත් එකදවසක් මම දාපු ,අලුත් ජීවිතයක් ගැන හීනයක්   කියන ලිපියෙන් පස්සෙ,ඒකට  ලැබුණු කමෙන්ට් එකක් එක්ක මම මගේ බ්ලොග් එකේ නම වෙනස් කළා.ඒ තමා පිස්සු පූසා අයියාගෙ කමෙන්ට් එක.මේ වෙලාවෙ ඒ අයියවත් ආදරෙන් මතක් කරනවා. මොකද බ්ලොග් එකේ නමේම තියෙන්නෙ කඳුළු නිසා, වෙනස් වෙන්න බ්ලොග් එකෙන්ම පටන්ගන්න කියලා ඒ අයියා බොහොම ආදරෙන් මතක් කරලා දුන්නා.ඉතින් ඊටපස්සෙ මගේ බ්ලොග් එක ෴හිතුවක්කාරීගේ හිත෴ වුනා.


නමුත් මම නිතරම ලිව්වෙ කඳුළු ගැන, දුක ගැන, ආදරේ වේදනාව ගැන, අහිමි වීම් ගැන.ඒකට හේතුව සමහර විට හිතුවක්කාරිගෙ හිතේ තියෙන්නෙ දුක කියන එක විතරක්ම වෙන්නත් පුළුවන්.නමුත් මම එහෙන් මෙහෙන්, ඉස්සර කාලෙ,අමතක නොවන අත්දැකීම් කීපයක් ගැන,හිතන්න යම් යම් දේවල් ගැනත් ලිව්වා.මගේ දුක ළගදි ,මම කවදාවත්ම ඇත්තට අඳුරන්නෙ නැති, මුණගැහිලා නැති,හුගාක් හිත් බොහොම ලෙංගතුකමින් මගේ දුක බෙදාගන්න හිටියා.ඒ ලෙංගතුකමට මම ණයගැතියි.


ඒ එක්කම බ්ලොග් එක කියවන්න එන්න අය වැඩිවුනේ මම ලියන්න පටන්ගත්ත , කොටස් වශයෙන් පළකරන නවකතාව "තටු සිඳුනු සමනළී " නිසායි.ඇත්තටම මම ඒ කතාව ලියන්න හේතුවක් තියනවා.ඒක ලියන්න පටන්ගත්තෙ අරමුණක් ඇතිවයි.ඒ ගැන පසුවට, කතාවෙ අවසානයේදී කියන්නමමේත් කතාව ලියාගෙන යද්දි,ලැබුණු ප්‍රතිචාරත් එක්ක මම පුදුමෙනුත් පුදුම වුනා.:O :O මටම හිතාගන්න බැරි වුනා.මොකද ඒ තරමටම ඒ කතාව , මම ලියන කතාව කියවන්න හුගාක් පිරිසක් රොක් වෙලා හිටියා.මූණූ පොතට ගියත්, "කවදද කතාවෙ ඊළග කොටස දාන්නෙ?" ,"මොකක්ද ඊළගට වෙන්නෙ?" "ඇත්ත කියන්න මේ ඔයාගෙ කතාව නේද?" ආදී වශයෙන් හුගාක් ප්‍රතිචාර ලැබුනා,හුගාක් පිරිසක් දැනටමත් හිතාගෙන ඉවරයි ඒ මගේ ආදර කතාව කියලා.ඒ වගේම කමෙන්ට්ස් නොදා, මගේ බ්ලොග් එක කියවලා ඒ ගැන අදහස් දක්වන, මාව දිරිමත් කරන, අඩුපාඩු කියන පිරිසකුත් මගේ වටේ ඉන්නවා.ඒ හැම කෙනෙක්ටම මගේ අවංක හද බැති ගෞරව ප්‍රණාමය පුද කරනවා.


බ්ලොග් එක පටන් අරන් අද වෙද්දි මාස 5ක් වෙනවා.මේ මම ලියන 50වෙනි ලිපිය. මේ වෙද්දි Followers ලා 105ක් එක්ක ,හිට්ස් 9300 ක් පහු කරලා තියනවා.ඉතින් පුංචි කෙල්ලෙක් විදියට මේ බ්ලොග් කලාව තුළ මම මේ හිමින් හිම්න් ආපු ගමන ගැන හුගාක් සතුටුයි.මේ බ්ලොග් අවකාශයේ මට හුගාක් හොඳම හොඳ යාළුවො ගොඩාක් හම්බුනා, සහෝදරකම ට අයියා, අක්කා, මල්ලි, නංගි කියන්නත්, ආදරණීය යාළුවෙක් විදියට හිතූ කියලා කට පුරා මට කතා කරන්නත් හුගාක් හොඳ යාළුවො ගොඩාක් හම්බුනා.


ඒ අතරින් මට හුගාක්ම සමීප වුනු, මං  වගේම මගේම අක්කා වගේ හුගාක් ආදරණිය,සිත් අහසේ  ප්‍රාර්ථනා අක්කිව මතක් කරන්නම් ඕනෙ.මට හුගාක්ම ලං වුන මගේ හොඳම හොඳ යාළුවෙක් වුනු, මගේ අක්කා මට හුගාක් උදව් කළා.මගේ බ්ලොග් එකට මධුරංග අයියා වගේම මුල් කාලෙම එකතු වුනු තවත් සමාජිකයෙක්, මගේ සහෝදරයෙක් තමා විසිතුරු ලියන  විසිතුරු යාලූවා.හැම ලිපියක්ටම අද වෙනකම් අදහස් කියන්න එකතු වෙලා ඉන්න මගේ සමීපතමයෙක් විදියට විසිතුරුටත් ගොඩාක් ස්තූතියි.ඒ වගේම මානස විලේ හංසයා( දිනේෂ් අයියා) හුගාක් ආදරෙන් මතක් කරනවා. මම බ්ලොග් කියවන්න පටන්ගත්තෙ එතනින්.හංසයාටත් හුගාක් ස්තූතියි.ඒ වගේම මට මේ බ්ලොග් අවකාශයේ හුගාක්ම ලෙංගතු තවත් මතක් කළ යුතුම පිරිසක් ඉන්නවා.හිරු එළියෙ දග අයියා,ChammA 's බ්ලොග් එකේ, ChammA අයියා ,උඩු සුළගේ ගිනි කුරුල්ලා ,තරූගේ ලෝකයේ මගේ ආදරණීය තරූ අයියා,ලට්ට ලොට්ට ලියන පොඩි මෑන් මගේ නව කතාවට ගුරු හරුකම් දුන්න මගේ හිතවතා,නිහඬවම මගේ ලිපි වල ගුණ අගුණ විචාරන සදාදරණිය මිත්‍රයා වවුලාගේ කතිකාවෙ වවුලා,හැම පෝස්ට් එකක්ම කියවන්න ඇවිත් මොනාම හරි හිත හැදෙන්න කියලා යන නිසූගේ කතා ලියන නිසූපා අක්කි,මගේ බ්ලොග් එකේ තාක්ෂණික ගැටළුවලට ක්ෂණිකවම පිළිතුරු ලබාදෙන BlogShan අයියා,සිහිනයක මියැදුණූ සිතක්  ඇති ආදරණිය යාළුවා,කම්මැළියා,මහී,ඒ වගේම හුගාක් ප්‍රශ්න වලදි අවංකවම දිගු කමෙන්ට්ස් වලින් ,අකුරු අමුණලා මගේ හිත සනසන්න උත්සාහ කරන ආදරණිය මිත්‍රයා NKK ,වර්ණ  ලියන දිනේශ් අයියා, අම්බලම නමින් ලියන සහෝදරයා,දේව්දාස්, මන්තරකාරී අක්කා,කසුන් අයියා, දඩබ්බරයා,මිහිරි අමිහිරි ඛේදවාචක ලියන රහස් පරීක්ෂකයා,දේවා ගේ අඩවියේ දේවා අයියා,හිස් අහසේ සඳරු අයියා, මගේ බ්ලොග් අවකාශයේ ගමන් මග තුළ මට හුගාක් අත හිත දුන්නු පිරිස අතරේ මේ වෙද්දි ඉහළින්ම ඉන්නවා.ඒ හැම කෙනෙක්ටම මම හුගාක් ගරු කරනවා. ඒ වගේම ස්තූතිවන්ත වෙනවා.මාත් එක්ක හිටියට.


මීට අමතරව බ්ලොග් නොලියන, සහ බ්ලොග් ලියන නම් නොකී බොහෝ පිරිසක් මට මේ තාක් දුර එන්න උපකාර කරලා තියනවා.ඒ හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි.!!!


බ්ලොග් වලට අමතරව මූණූ පොතෙන් මගේ බ්ලොග් එක කියවලා මට අදහස් දක්වන,දිරිමත් කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ට මත් මගේ අවංක ස්තූතිය මේ වෙලාවෙ මම පුද කරනවා.ඒ වගේම අත හිත දෙන සින්ඩි වලටත් ගොඩාක්ම ස්තූතියි.


ඒ වගේම මගේ දුක විවේචනය කරන, මේක ශෝකාන්තයක්, ශෝක විලාපයක්ම විතරයි කියලා හිතන,මගේ බොළඳ කමට හිනා වෙන,හැම කෙනෙක්ටමත් මම ස්තූතිවන්ත වෙනවා.මොකද ඒ අයගෙ අදහසුත් මාව තවත් දිරිමත් කළා.


මගේ බ්ලොග් එක කියවන මාව (හිතුවක්කාරීව නෙවෙයි, සැබෑ මාව) අදූරන කීපදෙනෙක් ඉන්නවා.එයාලා බ්ලොග් නොලිව්වත්, ලිව්වත් මම ලියන අකුරක් ගානෙ කියවලා, කරන දිරිමත් කිරීම් වලට, සහ විශේෂයෙන්ම විවේචන සහ උපහාසාත්මක අදහස් වලට වුනත්, ගොඩාක් ස්තූතියි.මොකද ඕනම දෙයක් කරද්දි,  හොද විතරක් නෙවෙයි, වැරදි අඩු පාඩු හුගාක්ම වැදගත් නිසා. :)


කොහොම හරි හිතුවක්කාරි මේ තරම් දුරක් ආවා.මගේ දුක සතුට කියන්න, බෙදාගන්න මේ බ්ලොග් එක මට ආදරණීය යාළුවෙක් වුනා.ඉස්සරහටත් මගේ දුක සතුට, හැමදේම මම ලියනවා.මෙච්ච්ර කාලයක් මාත් එක්ක හිටපු ඒ ලෙංගතුම යාළුවො  ඉස්සරහටත් ඉදීවී කියලා හිතෙනවා.:) මට පුළුවන් කාලයක් හිතුවක්කාරි විදියට මේ හිතේ ලියනවා.හිතුන දවසක නොලියා ඉන්නවා.


අද ඉඳන් තවත් වටිනාකමක් තියන හොඳ දේවල් ලියන්න උත්සාහ කරන්නම්.මේ තාක් කාලයක් මා සමග සිටි ඔබ සැමටම මාගෙ ගෞරව ප්‍රණාමය පුද කරනවා.!!!


ආ මග බොහෝ කෙටි බවනම්
දනිමි මම....
යා යුතුව ඇත තව බොහෝ දුර 
මට ඒ තරම...
එදා මෙදා තුර මා ළග රැඳී උන්
ඔබ සැමටම.....
පුදනෙමි මගේ හද බැති පෙම්
තුති කුසුම.....


ඔයාලා හැමෝටම හුගාක් ස්තූතියි!!!! ජය වේවා..!!!!




ප.ලි - ඔන්න දැන් හිතූ ට උණ හොදයි වගේ. ඒත් තවමත් ඒ තරමට ෆිට් එකක් නෑ.. හිතූ වෙනුවෙන් ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි...

Post Comment

50 comments:

  1. සුභ පැතුම් නගෝ...ඤ ඉක්මනටම ශතකය ගහන්නත් වාසනාව උදා වේව කියල ප්‍රාර්ථනා කරනවා. දිගටම කරගෙන යන්න. සුභ පැතුම් ඔයාට. කවදාකවත්ම වරදින්නෙ නෑ. කොච්චර කම්කොටලු ආවත් කිසි ගානකට ගන්නෙ නැතිව ඉස්සරහටම යන්න....

    ReplyDelete
  2. :) :)
    හිතුවක්කාර හිතට ජයවේවා! :)

    ReplyDelete
  3. ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම් !!
    පලවෙනි දවසේ බ්ලොග් එකට ආවම බ්ලොග් ලියන්න අලුත් කෙනෙක් කියලා හිතුනා. ඉතින් ලිපි ටික සේරම කියවලා කමෙන්ට් කලා. ඒක දිරිගැන්වීමක් වෙලා දිගටම ලියන්න උනන්දු උනා කියලා කිව්ව එකට ගොඩක් සතුටුයි. ඒ නිසා දිගටම අලුත් අයගේ බ්ලොග් වලට ගිහින් කියවන්න ඕනා.

    ඒක නෙමේ 100වෙනි පෝස්ට් එක ලියනකොට ඔය දාපු ලින්ක් දෙගුන තෙගුන වෙලා පෝස්ට් එක පිරෙන්නම ලින්ක් දකින්න ලැබෙන්න කියලා පතනවා. හික්ස් :)

    ඒ වගේම දිගටම හිට්ස් කමෙන්ට් ලැබෙන්න කියලත් පතනවා.

    ReplyDelete
  4. හිතු මුලින්ම සමාව ඉල්ලනවා මට ඉතින් ඔයාගේ හැම පොස්ට් එකක්ම කතාවක්ම කියවන්න බැරි වෙනවා.. ඔයා දන්වනේ ඉතින් කොච්චර වැඩ කියලා කරන්න තියේද කියලා මට.. මම වෙලාවක් තිවිලා ආවොත් ඉතින් ලියපු එක පේළියකට හරි ලයික් එකක් දාලා යනවනේ :D ඇත්තටම මට අද ගොඩක් සතුටුයි ඔයාගේ 50 පොස්ට් එක දැක්කම මම එදා කිව්වා වගේම තමයි ඔයාට අදත් කියන්න තියෙන්නේ අපි හිතන්නේ අපි ලියන එවා හරි පිස්සු විකාර කියලා එත් ඒවා කියවන බලන අය කොච්චර ඉන්නවද කියලා අද ඔයාට තේරෙනවා ඇතිනේ.... මට ගොඩක්ම සතුටුයි හිතු ඔයාට තව ඉස්සරහටත් ලියන්න ශක්තිය දෛර්‍යය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා - තෙරුවන් සරණයි!

    ReplyDelete
  5. ජයවේවා හිතූ දිගටම ලියන්න.. 50 ලියල සතුටු වෙනව වගේම හිතාගන්න නවත්තන්නෙ නැතුව බ්ලොග් එක ලියනව කියල.. 100ක් නෙවෙයි ඊටත් වඩා ලියන්න සුබ පැතුම්!!!

    ReplyDelete
  6. ගොඩාක් දුර ගමනක් යන්න දිරිය ශක්තිය ලැබේවා කිව්වා එහෙනම්. එක නෙවෙයි නගෝ දැන් අර ලෙඩ ටික හොද ඇති නේද?

    ReplyDelete
  7. ගොඩ දවසකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ වැඩ නිසා..මේ ආව වගේම ලොකු දුරක් යන්න මම ඔයාට සුභ පතනවා නංගී..කරදර,දුක සතුට හැමදේම එන්නේ මිනිස්සුන්ට..ඒ හැමදෙයක්ම මැද ජීවත් වෙන එක තමයි ජීවිතය කියන්නේ..හැම වෙලාවකම සතුටින් ඉන්න.. :-)

    ReplyDelete
  8. @BlogShan අයියා- ස්තූතියි අයියා... හුගාක්ම ස්තූතියි.පුළුවන් තරමක් දුර යනවා :)හැමදම මාත් එක්ක ඉන්නවට හුගාක් ස්තූතියි :)


    @තනි අලියා -ස්තූතියි මල්ලියා... ළගකදි මුණ ගැහුනු හොදම යාළුවෙක් විදියට මට දෙන දිරිය ශක්තියට හුගාක් පිං.:)


    @Red Riding Hood -ගොඩාක් ස්තූතියි යාලු

    ReplyDelete
  9. @මධුරංග අයියා - හ්ම්ම්ම් එදා ඉදන් මේ වෙනකම් මට දුන්නු ඒ ශක්තියට, හුගාක් ස්තූතියි අයියාට..:) එදා ලැබුණු ඒ කමෙන්ට්ස් නිසා මේ තරම් දුරක් ආව මට අයියාව අමතක වෙන්නෙ නෑ කවදාවත්ම..:)


    @දිනේෂ් අයියා- අහ් අනේ.... අයියා කියෙව්වත් නැතත්, මම පටන්ගත්තෙ අයියගෙ බ්ලොග් එක කියවලා, හුගාක්ම ඉස්සර.:)පුළුවන් ව්එලාවට ඇවිත් එහාටත් කමෙන්ට් එකක් දාලා යනවා.:) හුගාක් ස්තූතියි අයියා...හුගාක්ම ස්තූතියි...:)


    @කම්මැලියා - ගොඩාක්ම ස්තූතියි යාලු...ඔය දෙන හයියට හුගාක් පිං.:)

    ReplyDelete
  10. මගේ උණුසුම් සුබ පැතුම් සහෝදරිය. වටිනා දේවල් රැසක් ලියන්න ඉදිරියටත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ලියන අතක් තමයි ලියන දේක වටිනාකම බොහොම හොඳින් දන්නේ.

    ReplyDelete
  11. @අම්බලම - ඔව් අයියා දැන් නම් හුගාක් ගුණයි..:) ස්තූතියි අයියට...


    @විශ්ව අයියා- ඉදලා හිටලා හරි ඇවිත් ලියලා යන එක අකුරක් වුනත්, මේ ගමනට ලොකු හයියක් වුනා අයියා. ඉතිං හුගාක් ස්තූතියි ඒකට.:)

    ReplyDelete
  12. @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර අයියා- හුගාක්ම ස්තූතියි අයියා. ඇත්ත ලියන අතක් තමා දන්නෙ ඒකේ වටිනාකම්..:) හුගාක් ස්තූතියි

    ReplyDelete
  13. මගෙනුත් උණුසුම් සුභ පැතුම් නංගී... අපි බ්ලොග් ලියන හැමෝටම තියෙන එකම ශක්තිය තමයි අපේ යාළුවෝ.. ඉතින් ඔයා දිගටම ලියන්න.. මධුරංග අයියා කිවුවත් වගේ 100 පෝස්ට් එක දාද්දී මීට වඩා මතක් කරන්න කට්ටිය ඉදීවි කියලා මං හිතනවා.. දුර ගමනක් යන්න මං ඔයාට සුභ පතනවා නංගී..

    ReplyDelete
  14. ෂා...... මරේ මරු.. හිතුවක්කාර වුණත් ආදරණීය ඔය හිතට ජය වේවා!!!! Cheers.. :) :)

    ReplyDelete
  15. ලොවෙත් නෑ මෙන්න 50 ගහලා...

    ReplyDelete
  16. සුභ පැතුම් ඔන්න....

    ReplyDelete
  17. මමත් ඉස් ඉස්සෙල්ලම හිතුවක්කාරිව බලන්න ඇවිත් තියෙන්නේ අපුරු දවසකනේ
    මගේ උණුසුම් සුභ පැතුම් ඔයාගේ බ්ලොග් ජීවිතයට
    අද ඉඳං මමත් හැමදාම ඔයාගේ බ්ලොග් එක බලන්න එනවා
    ජය වේවා....!!

    ReplyDelete
  18. අම්මේ 50යි නේද ජය වේවා...තව තවත් ඉදිරියට ලිවීමේ ශක්තිය ලැබේවා.... අපි පාර්ටියක් දාමුද???

    ReplyDelete
  19. මගේ සුදු නංගියට ජය වේවා,. මධුරංග අයියා ගැන නම් නොකියම බෑ.. මගෙත් බ්ලොග් එකේ හැම පෝස්ට් එකකටම එකක් නෑර කමෙන්ට් දාපු කෙනෙක් තමයි මධුරංග අයියා,. ඉතින් මගේ නංගියෝ ඔයාට තවත් හොඳට ලියන්න දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරනවා මම,. ජය වේවා,..

    ReplyDelete
  20. උණුසුම් සුබ පැතුම් මගෙ හිතුවක්කාර සහෝදරියට.... ලියන අකුරු අතරින් මතුවුණ සුන්දර මිතුදම් 50 වැනි ලිපියෙන් මතක් කරපු එක හරිම වටින වැඩක්..

    ආදරය, වෙන්වීම දුක සතුට මේ හැම දේම ඔයා වදන් වලට පෙරළපු හැටි හරිම අපූරුයි!

    අදහස් වලින් ශක්තියක් වෙන්න ලැබීම ගැන ගොඩක් සතු‍ටුයි! ජය!

    ReplyDelete
  21. ජය වෙවා.....!!!! සුභම සුභ පැතුම්.......
    ආදරය ගැනත් ලිව්වා වගෙම තව දෙයක් ගැනත් ලියන්න...

    ReplyDelete
  22. සුභ පැතුම් නංගි... ඔයාට ගොඩක් ලස්සනට ලියන්න පුළුවන්. මං හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක්, මොකද කෙල්ලෙක්ගෙ හිතේ ඇදෙන සිතිවිලි හරිම ලස්සනට මේකෙ තියෙනවා...

    අද මටත් ගොඩක් වැදගත් දවසක්, මේ මං ගැන වෙන කෙනෙක්ගෙ පෝස්ට් එකක ලිව්වමයි... :)

    ReplyDelete
  23. තාක්ෂණික දේ තියන බ්ලොග් හැරුනාම මම ගොඩාක් ආසාවෙන් කියවන එකම බ්ලොග් එක තමා හිතූගෙදුක.ඉදිරියටත් මේ වගේම ලස්සනට..හරවත් දේ දිගටම ලියාගෙන යන්න.මේ බ්ලොග් එක හරහා ඔයාට ලොකු වෙනසක් කරන්න පුලුවන්.හදවතින්ම සුබපතනවා හිතූයාලු. ඔබට ජය..! :)

    ReplyDelete
  24. @Dinesh අයියා- හුගාක් ස්තූතියි අයියා.:) ඔව්.. යාළුවොන්ගෙ හයිය මේ බ්ලොග් කලාවට හුගාක්ම වටිනවා..:)100 ලියද්දිත් අයියා මාත් එක්ක ඉදීවි කියලා හිතනවා..:)



    @Ice නගා- ම්ම්ම්ම්... හුගාක් ස්තූතියි නංගෝ...:)



    @MaRLaN - හික්ස්ස්ස්.... ලොවෙත් නෑ... තමා.. ඔව් අර්ධ ශතකයක් ගහගත්තා..:) ස්තූතියි ඔයාටත්..

    ReplyDelete
  25. @ලොකු පුතා -හුගාක් ස්තූතියි ඔයා මෙහාට මාව බලන්න ආවට.:) ඔව් අද විශේෂම දවසක්.:) හුගාක් ස්තූතියි සහෝ...


    @නිසුපා අක්කි- හි හි පාර්ටියක් දාන්න වටිනවා..:)තැන්කූ අක්කිට..:)


    @ප්‍රාර්ථනා අක්කි- මගේ සුදු අක්කියා මගේ හයිය.:) හුගාක් ස්තූතියි අක්කියෝ....මධුරංග අයියායි ඔයයි මට හුගාක් උදව් කලා. ඒවාට හුගාක් ස්තූතියි :*

    ReplyDelete
  26. @විසිතුරු - හුගාක් ස්තූතියි සහෝ..:)ඉස්සරහටත් මේ වගේම ශක්තියක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා..:)ජය!!


    @රහස් පරික්ෂකයා -ම්ම් ස්තූතියි ඔයාටත් යාලු.. ඔව්. ආදරය ගැන අමතරව මම ලියපුවා තියනවා. ඉස්සරහටත් ලියනවා.ජය වේවා..!!



    @මන්තරකාරි අක්කි- ම්ම්...ස්තූතියි අක්කේ..:) අක්කා නිතරම වගේ මගේ කතාව ලිපි කියවලා මාව දිරිමත් කරපු නිසා මට හයියක් වුනා ඒ අකුරු:) ඉතින් අක්කියවත් මට මේ ගමනෙදි වැදගත් වුනා.:)ස්තූතියි හුගාක්ම අක්කියාට :)


    @ද HUMAN -අනේ.. අහන්න හුගාක් සතුටුයි යාලු.:) හරිම සංතෝසයි.. මේ ලියන අකුරු, වචන වලට ආදරේ කරන පුංචි පිරිසක් හරි මගේ වටේ ඉන්න එක ගැන මම පුංචියට හරි ආඩම්බර වෙනවා..:) ස්තූතියි යාලු..

    ReplyDelete
  27. හ්ම් හ්ම් හ්ම් ඔන්න එහෙනම් මාත් සුභ පතනවා ඔයාට මුළු හදවතින්ම තව පොස්ට් සිය දහස් ගණන් ලියන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියල. ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි ඔයාගේ පොස්ට් එකේ මට ඉඩ දුන්නට. එත් කවදාවත් මම එක බලාපොරත්තු උනේ නැ මොකද මම උත්සහ ගත්තේ ජිවිතේ වැටෙන්න යන කෙනෙකුට වරුවක් වෙන්න විතරයි. ඇත්තටම මම ඔය කවුද කියල දන්නේ නැ නමුත් වචනෙකින්වත් කෙනෙක්ට ශක්තියක් වෙන්න පුළුවන් නම් කියල මට හිතුන. මොකද මම වැටුන වෙලාවේ එක මට හොදට තේරුණා. ඒ වෙලාවේ මට කියන්න කවුරුත් හිටියේ නැ එත් මම නැගිට්ට. එත් එවෙලාවේ මට වචනෙකින් හරි උදව්වක් ලැබුණානම් කියල හිතුනු මොහොතවල් අනන්තයි. එනිසයි මම වැටෙන්න යන අයට වචනෙකින් හරි උදව්වක් කරන්න යන්නේ. ඔබට ස්තුතියි සදා ජය ...

    ReplyDelete
  28. මගෙනුත් සුබ පැතුම් නංගො....තව ඉදිරියට මීටත් වඩා හොඳ නිර්මාණ අපට කියවන්න ලැබේවී කියලා මම හිතනවා..

    ජය වේවා!

    ReplyDelete
  29. 100 නෙමෙයි නංගී ඔයා 1000 ලියනකනුත් මං ඉන්නවා.. හැබැයි ජීවත්ව හිටියොත් හොදේ.. :)

    ReplyDelete
  30. හාෆ් සෙන්චරියත් ගහලා නේ?....හි හි....හරිම සතුටුයි හිතූ....පෝස්ට් ගැන පොඩි පොඩි උපදෙස් ටිකක් නොදුන්නාමත් නෙවෙයි...ඒත් ඒ ඔක්කොම අදහස්,නිර්මාණ ඔයාගෙ....තවත් ඉදිරියට ලස්සන පෝස්ට් එක්ක අපිත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනගමන්ම මම හද පත්ලෙන්ම ඔයාට සුබ පතනවා....ජය!!!.....:)

    ReplyDelete
  31. ඔන්න මගේ සුබ පැතුම්...!
    මම නම් ආවේ ළඟදී,....ඒත් කියවනවා දිගටම ඉඩ පාඩු තියෙන වෙලාවට....
    කමෙන්ට්ස් තෙගුණ වේවා.....
    ෆලෝවරස් දෙගුණ වේවා...!(ඊළඟ හුරේ දාන දවසට..)
    ජය වේවා...!

    ReplyDelete
  32. ගලයා 1991/4/28
    දැන් ලේසියි නේ අයියාද මල්ලිද කියන්න..
    හී හී....මල් වෙඩි ලස්සනයි තමා...

    ReplyDelete
  33. @N N K -හුගාක් ස්තූතියි සහෝ..:)ඒ දුන්නු ශක්තියට හුගාක් ස්තූතියි :) ඉස්සර්හටත් මෙහෙමම ඉන්න..:)


    @දිල් අක්කා -ස්තූතියි අක්කා..හුගාක් ස්තූතියි :) ඔයා වගේ ධෛර්‍ය වන්ත කෙන්ක්ගෙ වචනයක් වුනත් වටිනවා හුගාක් :)



    @Dinesh අයියා- හෆ්ෆෝයි!!! මම 1000ක් ලියයිද දන්නෙ නෑ.. මම ජීවත් ව්එලා හිටියොත් බලමු..:)ස්තූතියි අයියා..දීර්ඝායූ වේවා..!!!

    ReplyDelete
  34. @වවුලා -හික්ස්ස්... එන්නෙත් ඉඳලා හිටලා නේ...අද කමෙන්ට් එකකුත් දාලා ;) ස්තූතියි සහෝ...මේ බොක්කෙන්ම එන යාලු ෆිට් එක හැමදාම තියේවි...ජය වේවා!!!


    @ගලයා- අහ්හ්හ්හ්හ්හ්.. මල්ලියෙක් තමා..:)හුගාක් ස්තූතියි මල්ලියෝ..අලුත් වුනත්, ඇවිල්ලා මට දෙන ශක්තියට මම හුගාක් ණයගැතියි..:) ඔයාටත් ජය වේවා..!!!

    ReplyDelete
  35. මගෙනුත් සුබ පැතුම් හිතුවක් කාරි . පනහක් ලීවා වාගෙම සීයක් ලියලා සතුටු වෙන්න බලන්න ..

    මම මුලින් ලියාපු ලිපි පනහට මම පොඩ්ඩක්වත් කැමති නෑ ..මොකද මම ලිවීමක් ගැන හරිහමං විදිහට දැනං නොහිටි කාලේ ලියාපු ඒ ලියවිලි වල අඩුපාඩු ගොඩයි ..

    තව ඉස්සරහට යද්දී මම තව අඩුපාඩු දකීවි ..

    ඔයත් මේ ලීව ලිපි පනහේදී වෙච්ච අඩුපාඩු මග ඇරගෙන ඊලඟ ලිපි පනහා මීටත් වඩා හොඳින් ලියන්න උත්සහ කරන්න ..

    මම කොහොමත් ඔබ ලියන ලිපි වලට කැමතියි නගේ

    ReplyDelete
  36. හප්ප.. පරක්කු වෙලා ආව මේ පැත්තට.. හැම පෝස්ට් එකක්ම කියවන්න බැරු උනාට ගොඩක් ඒව කියවනව ... කමෙට් එක නොදා ගියාට...

    පනහට ජයවේවා...
    සීයට වෙර ලැබේවා...


    බුදු අම්මේ මේකෙ තියෙන්න ලින්ක් ගොඩ....

    ReplyDelete
  37. ඕං මගෙනුත් සුභ පැතුම් !!!!!

    ReplyDelete
  38. ජයග්‍රාහී අර්ධ ශතකයක්!!!! :D :D

    දිගට ම ලියන්න හිතූ. අපි දිගට ම එනවා කියවන්න.

    ඉදිරියට ම යන්න. ඔබ ට ජය!!!

    ReplyDelete
  39. @සඳරු අයියා- හ්ම්ම් අයියා වගේ බ්ලොග් අවකාශයේ ජනප්‍රිය චරිතයක් මගේ බ්ලො ග්එකේ ලිපි කියවලා කමෙන්ට් එකක් දාල යන එක මට ලොකු හයියක්කේ වගේම ආඩම්බරයක්.:)හුගාක් ස්තූතියි අයියා.
    අයියා කිව්ව දේ හරි.ඉස්සරහට හොදට ලියන්න උත්සාහ කරනවා..



    @පොඩි මෑන් - මෙහාට නාවට වචනෙකින් හරි මන් ව්එනුවෙන් කාලය කැප කරපු හැටි මට වටිනවා..:) ඒ වගේම දුන්නු තල්ලුවට හුගාක් ස්තූතියි..තටු සිඳුනු සමනළි ලියද්දි දුන්නු උපදෙස් වලට තෑන්ක්ස්:) ජය වේවා ඔයාටත්..:D එච්ච්ර ලින්ක් නැත ;)


    @ඔබ නොදු‍ටු ලොවක් -ස්තූතියි ඔයාටත්..:)

    ReplyDelete
  40. @මහි - හුගාක් ස්තූතියි යාලු.. ඔයාලගෙ හයියට, ආශිර්වදයට හුගාක් ණය ගැතියි.. ඔයාලගෙ ආදරේ නිසා, ශක්තිය නිසා මෙච්ච්ර දුරක් ආව මට ඉස්සරහට යන්නත් ඔය ආදරේ, ශක්තිය නොඅඩුවම ලැබෙයි කියලා හිතනවා. ස්තූතියි!!! ජයම වේවා!!

    ReplyDelete
  41. ගොඩක් ස්තුති මතක් කරාට. ගොඩක් බ්ලොග් කියවන්න දැන් වෙලාව අඩුයි. පුලුවන් වෙලාවකට බලනවා. ඉතින් එක නිසා මගේ කමෙන්ට් නම් අඩු ඇති. මේ අවෙත් ගොඩ දවසකින් බුකියේ දැකපු මැසෙජ් එකට. ඉතින් නංගියො ඔයාට සුබ පතනවා ඔයාගේ අනාගතේට. බ්ලොග් අනාගතේට විතරක් නෙමේ, ඔයාගේ හැමදෙකටම. ජිවිතේ ජය ගන්න. ආත්මගරුත්වය රැක ගන්න. කෙල්ලෙකුට ඒක වටිනවා. අපිට ඔන විදිහකට ජිවත් වෙන්න පුලුවන්. එත් අපි ජිවත් වෙන්නේ හැම වෙලෙම අපිට හිනාවෙන්න බලාගෙන ඉන්න මිනිස්සු පිරිසක් එක්ක. (බහුතරය) මම ඔයාවත් ඔයා මාවවත් දන්නේ නැ. එත් අපි මිනිස්සු. අපි අපිට උදව් කරගන්න ඔනේ. ඒ නිසයි ඔයගේ දැකපු වෙනස් කරගත යුතු යැයි හිතුන දෙයක් පෙන්නුවේ. හිතනවා ඒ දෙයින් ඔයාට යහපතක් උනා කියලා. ආයෙත් ඔයගේ ජිවිතේට සුබ පතනවා!

    ReplyDelete
  42. මගේ බ්ලොග් එකේ දෙවෙනි කමෙන්ටුව... හිතූව කොහොම අමතක වෙන්නද.. :)
    බාධක, වැටකඩොළු මැද දිරිමත් වෙමින් තව තවත් නිර්මාණ බිහිකරමින් ජීවිතයේ අරුත් ලොවට දීමට එක සිතින් සුබ පැතුම් සොයුරියේ...ඉදිරියටම යන්න.. :)

    ReplyDelete
  43. තව තවත් හිතුවක්කර වෙන්න දිරි !

    ReplyDelete
  44. හම්මේ...දවස් ගානකින් මේ පැත්තට ඇවිල්ල දාන්න බැරි වුණු ඔක්කොම පෝස්ට් වලට කමෙන්ට් කලා ඕං..ඔයා දන්නවනෙ ඉතින් මේ ටිකේ මාත් හිටිය හැටි..ඔයාගෙ විතරක් නෙවෙයි කාගෙවත් බ්ලොග් බැලුවෙ නෑ..මම නෙට් ආවෙත් අඩුවෙන්නෙ..
    දැං බලයි මම ඔක්කොම පෝස්ට් වලට කමෙන්ට් කලා කිව්වට ඔයාගෙ කතාවට කවදාවත්ම මොනුත් කිව්වෙ නෑ කියලා..ඒකනම් ඇත්ත තමයි..මම ඒකට නම් කවදාවත් කමෙන්ට් කලේ නෑ..හැබැයි ඔක්කොම කියෙව්වා..ඒ කියවලා හිතට ආපු හැමදේම දවසක ඔයාට කියන්නම්කෝ..හොදේ...
    එහෙනම් පිලිගන්න මාගේ උණුසුම් සුබ පැතුම් විජයක්ග්‍රාහී 50වෙනි පෝස්ටුවට...හුරේ...යා...!!!
    ඇත්තටම නංගියෝ මගේ තරූගේ ලෝකය ලියන්න පටන් ගත්තේ ඔයා කිව්වට පස්සේ..ඔයාගෙ මේ බ්ලොග් එක දැක්කට පස්සෙ..මටත් ආස හිතුනා ඔයා වගේ මට හිතෙන දෙවලුත් ලියන්න..මීට මාස කීපයකට කලින් පටන් අරන් ඔයා අද මෙහෙම ඉන්නකොට ඇත්තටම මටත් ගොඩාක් සතුටු හිතෙනවා..
    ඉතින් ඔය හිතේ දුක නිවිලා...ඉස්සරහට තව තවත් මේ බ්ලොග් එකට ලස්සන ලස්සන අදහස දාන්න...හිතන්න දෙවල් දාන්න..පුළුවන් වෙච්ච වෙලාවට ආවහම බලන්න වෙනදා වගේම ලස්සන දේවල් තියෙන්න බ්ලොග් ජීවිතේ විතරක් නෙවෙයි..අනිත් හැමදේකින්ම ඔයාගේ ජීවිතේ ජය ලන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා..හදවතින්ම....

    ReplyDelete
  45. @පිස්සු පුසා -අයියාගෙන් ලැබුනු උපදෙස් අවවාද වලට හුගාක් ස්තූතියි අයියා :) හැමදාම නාවත් සහයෝගය දුන්නාට වචනයකින් හරි, හුගාක් ස්තූතියි:)

    @නන්දු -ස්තූතියි නන්දු:) මම අලුත් අයට,ලියන්න ආස අයට,ලස්සනට ලියන අයට පුළුවන් ව්ඉදියට සහයෝගය දෙනවා.මොකද මමත් අලුත්, තවමත් මේ බ්ලොග් කලාව ගැන ඉගනගන්න කෙනෙක් නිසා.හුගාක් ස්තූතියි ඔයාට:)


    @~~තරූගේ ලෝකය~~ -කාලෙකින් හරි මෙහෙම ඇවිත්, මට හයියක් වෙනවට හුගාක් ස්තූතියි අයියා:) ඔයා එදා ඉදන්ම මට ඒ හයිය දුන්නා.ඒකට හුගාක් පින්

    ReplyDelete
  46. @ලොකු ඡෝන් -ස්තූතියි සහෝ

    ReplyDelete
  47. අනේ ඔන්‍න‍ පරක්කුවෙලා හරි මම මේකට කමෙන්ට් එකක් දානවා..සමාවෙන්න ඕන හිතු ඔයාගේ 50 පොස්ට් එක මට මිස් උනාට...මම මේ තාමත් බලන්නේ මේක කොහොමද මිස් උනේ කියලා..

    කොහොමින් හරි , ඔයා ලියන කථාව මම හැමදාම කියවනවානේ හිතු..මතකනේ මම ඒ දවස්වල කිව්වා ඒක ටිකක් මට සමීපයි කියලා..( දැන් නම එහෙම නැහැ...මගේ මුණපොතේ ඉන්නවනේ..ඒක හින්දා මොකද කියලා වැඩේ මීටර් ඇති ;) )..මොනාව උනත් ඔයා ඒ ලියන විදියට මම එදත් ආස කරා..අනිවා ඉතින් හෙටත් ආස කරනවා..

    ඉතින් 50 වෙච්ච එක.තව ටික කලකින් 100 වෙයි..ඔයාගේ බ්ලොග් එක බලන අයත් වැඩිවෙයි හිතු..සුභපැතුම් නංගා..මේ බ්ලොග් ලෝකයේ ලොකු ගමනක් ඔයාට යන්න පුළුවන් වේවා...

    ReplyDelete
  48. සුභ පැතුම්............. 100 ට හුරේ දාන්න කලින්ම එන්නම් :))

    ReplyDelete
  49. @ChammA අයියා- අහ්හ්හ්.හේකට කමක් නෑ..අයියට හුගාක් ස්තූතියි.!! මගේ එකම පෝස්ට් එකක්වත් මිස් නොකර හැමදාම කියවන්න එන කෙනෙක් තමා අයියා.අයියාගෙ දිරියට ස්තූතියි!!!:)ගොඩාක්ම ස්තූතියි අයියා

    @Hasitha-ම්ම්ම්ම්ම්... ඔයාටත් හුගාක් ස්තූතියි සහෝ..:)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....