නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

02 November 2011

~ මියැදුණු මගේ හිත ~


මහා හයියෙන් මේ වහින වැස්සට                         
ගස් වැල් වල තියන මල්,
බිම හැලිලා තැලිලා පොඩිවෙලා යනවා.........
හැබැයි ඒවා දකිද්දි
ඉස්සර වගේ මගේ හිත
අනේ.... දැන් නම් රිදෙන්නෙ නෑ...............
අහක බලාගෙන ගියත්
කතා නොකර ම ගියත් ,
හිනා නොවී ගියත් අද ඔයා
අනේ..... දැන් මට කමක් නෑ..........
ඉස්සර වගේ,
ඔයා අහක බැලුවට
ඔයා හිනා නොවුනට,
කතා නොකලට
අනේ....දැන් මට රිදෙන්නෙ නෑ........
ඔයා ගැනම හිත හිත 
ඔයා ගැනම හොය හොය
තැවෙන්න වැළපෙන්න රිදවගන්න
අනේ.. දැන් මට හිතක් නෑ.................

Post Comment

29 comments:

  1. අනේ දෙවියනේ,.හිතක් නැති වුනා නම් කොච්චර හොඳද,.. ඊටත් වඩා කම්පියුටරේ ෆෝමැට් කරනවා වගේ අපේ හිතත ෆෝමැට් කරන්න තිබුනා නම් කියලා මට හිතෙනවා,. දන්න හැමෝම නොදන්න විදියට ඉන්න පුළුවන් නම් කියලා. ඒත් මතකය ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නෑ,.

    ReplyDelete
  2. වෙලාවට මං අද මේ පොස්ට් එක දැක්කේ අක්කියෝ.. නැත්තන් මාත් කලින් ලිව්ව නිසදැසක් දාන්නයි හිටියේ හෙට. ඒකෙ නමත් 'මියැදුණු මගේ හිත'. දැක්කම හරි පුදුම හිතුණා.. තව පොඩ්ඩෙන් මං මේ පොස්ට් එකට අසාධාරණයක් කරනවා.
    මගේ නිසදැසට වඩා මේක ගොඩාක් ලස්සනයි. :D :D

    ReplyDelete
  3. ප්‍රාර්ථනා අක්කි- හ්ම්ම් ඇත්ත අක්කි. හිත නැති එකම්යි හොද..:දැහෙම ෆෝමැට් කරන්න තිබ්බනම් මාත් ෆෝමැට් කරලා දාලා අලුතෙන්ම ඔක්කොම මට ඕනෙ හොදම දේවල් විතරක් ඉන්ස්ටෝල් කරනවා. ෆට්ට වයිරස් ගාඩ් එකක් එක්කම..:D


    @MaRLaN - තැන්කූ ;)

    ReplyDelete
  4. හිතක් තියෙන එකත් වෙලාවකට වදයක්..කරදරයක්...අපිට මොලේ විතරක්ම දුන්නා නම් දුකක් නැ ජිවිතේ.

    ReplyDelete
  5. @Ice (අයේෂා කුලතුංග) - අනේ.. එහෙම අසාධාරණයක් නෑ... ඔයා ඔයාගෙ නිසැඳෙස දාන්න. මම මේක දැම්මෙ ඉතින් හදිස්සියෙ. හරි පුදුමයි නම එකම වුනු එක...සමාවෙන්න නංගෝ...ඔයාගෙ පෝස්ට් එකෙ නමම වුනාට..:(

    ReplyDelete
  6. @නිම්ශා - ම්ම්ම්ම්ම්ම්... ඇත්ත අනේ කතාව.. මොලේ විතරක් තිබ්බනම් හොදයි...:( එහෙම හිතන එක සාධාරණයි..

    හුග කාලෙකින් ඔයා...:)

    ReplyDelete
  7. මටනං ඇත්තටම හිතක් නෑ

    ReplyDelete
  8. "තැවෙන්න වැළපෙන්න රිදවගන්න
    අනේ.. දැන් මට හිතක් නෑ......"

    හ්ම්ම්.. මටත් දැන් ඒ වගේ වගේ.. :)

    ලස්සන සිතුවිල්ලක් හිතූ..

    ReplyDelete
  9. මගෙ හිතත් දැං යන්න ගිහින්

    ReplyDelete
  10. කියන්න වචන නෑ.. ඇත්තටම අපූරු කවියක්..

    ReplyDelete
  11. මේ කවිය කියෙව්වම මට මතක් උනේ ඔපරේශන් වලදි හිරිවැටෙන්න ඉන්ජෙක්ශන් ගහන්නේ. අන්න එහෙම ඉන්ජෙක්ශන් ගැහුවට පස්සේ කිසිම රිදිල්ලක් දැනෙන්නේ නෑ. ඒ පලාතම හිරි වැටෙනවා. ඒ වගේ වැඩක් තමයි එහෙනම් ඔයගේ හිතට වෙලා තියෙන්නේ. රිදුම් වලින් හිත හිරිවැටිලා.

    ReplyDelete
  12. හ්ම්ම්ම් දැන් මටත් හිතක් නෑ.......

    ReplyDelete
  13. නියම ලස්සන අදහසක් හිතුවක්කාරි .

    ReplyDelete
  14. කී දෙනෙක්ගේ හිත් දැන් නැති වෙලාද නංගෝ බලාගෙන යද්දි,. ඒත් ඒ හිත් හොරාගත්ත අය නම්,.. තාමත් නිහඬයි,. ඇත්තමයි ඔය වෛරස් ගාඩ් එකක් නම් මටත් ඕනෙමයි,. :) ;)

    ReplyDelete
  15. තැවුනත් වැලපුනත් රිදුනත් හිත
    නුඹට වෙනසක් පෙනුන්නෑ
    දැන්නම් ඉතින් රිදෙන්නට හිතක් නෑ

    ReplyDelete
  16. හිතක් නැත්නම් කොච්චර හොදද අප්පා... නිදහසේ ඉන්න පුලුවන්.

    ReplyDelete
  17. @BlogShan - හෆ්ෆා.. අයියගෙ හිතටත් මැරිලාද?? නැතිවෙලාද??


    @නන්දු -ම්ම්....ස්තූතියි නන්දු..:) ඔයාටත් හිතක් නැද්ද?? :)


    @කම්මැලියා -හැමෝගෙම හිත නැතිවෙලානෙ දැන් බලද්දි...:(

    ReplyDelete
  18. @Dinesh අයියා- ස්තූතියි හුගාක් අයියාට :)


    @මධුරංග අයියා- හ්ම්ම්ම්... අයියාටත් නියමෙටම තේරුනා. ඇත්ත අයියා. රිදිලා රිදිලා දැන් හිත නෑ... :'(


    @දඩබ්බරී - හ්ම්ම්ම්ම්ම්ම්ම්... හිතක් නැති තවත් කෙනෙක්...
    ඔයා දඩබ්බරී... මම හිතුවක්කාරී... මරු...:D

    ReplyDelete
  19. @සඳරු අයියා - ම්ම්ම්.. ස්තූතියි අයියා...:)


    @ප්‍රාර්ථනා අක්කි- ඒකනෙ අක්කියෝ බලන්නකෝ... හැමෝගෙම හිත් නැතිවෙලා..:( හ්ම්ම්.... මටත් ඕනි අක්කි වයිරස් ගාර්ඩ් එකක්...


    @මන්තරකාරි - හ්ම්ම්ම් ඇත්ත අක්කි.. හිත කුඩු පට්ටම් වෙලා, කෑලි කෑලි සුන්න්නධූලි වෙලා ගියත් .... එයාට පේන්නෙ නෑ...
    ලස්සනයි අක්කිගෙ අදහස..:)


    @නිසුපා අක්කි- අනේ ඔව්.. ඒත් එහෙම නිදහසක් නෑනෙ..:(

    ReplyDelete
  20. හ්ම්ම්...එක දිගට විඳවලා ටිකක් කල් ගියාම ඒ වේදනාව අපිට හුරු වෙනවා..ඊට පස්සේ තවදුරටත් ඒක දැනෙන්න තරම් දෙයක් නෙවෙයි..
    ඕනෑම හැඟීමකට,දැනිමකට අදාල සත්‍යක් ඒක..
    කොහොම වුනත් මටත් හොඳට පුරුදු ඔය වේදනාව ඔයාගේ හිතෙන් ඉක්මනට අයින් වෙලා ගිහින් ඔයාගේ හිත ලස්සන වෙන්න කියල ප්‍රර්ථනා කරනවා නංගියෝ..:)

    ReplyDelete
  21. සිතක් නෑ රිදවන්න මා තුල
    සිහිණයක මියැදුණු නිසා
    සිතක් ගෙන දුර යන්නෙ කොහොමද
    සිත මගෙ මිහිදන් වෙලා.

    ඔයාගෙ සංකල්පනාව ලස්සනයි හිතු...හිතුවට වඩා හිතුට හිතන්න පුළුවන් කියලා හිතුනා. :P

    ReplyDelete
  22. @ගිනි කුරුල්ලා - ම්ම්ම්ම්ම්.. ඔව් ඇත්ත. අයියා...හුගාක් ස්තූතියි ඔයාට...ඔය වචන ටික හිතට හයියක්..:)


    @සිහිනයක මියැදුණ සිතක් -හුගක් කාලෙකින්...:) හ්ම්ම්.. ලස්සනයි සිතුවිල්ල.
    අහ්හ්හ් හිතූ ලස්සනට හිතනවා කොහොමත්..:) ස්තූතියි...

    ReplyDelete
  23. ජීවිතේ කාලයක් තියෙනවා
    හිරි පොද සුන්දර වැස්ස හමා එන
    තවත් කාලයක් තියෙනවා
    මහා කුණා‍ටු වැහි එන
    කොයික වෙතත්
    අපි අපේ ජීවිතය ට උපේක්ෂාවෙන්
    මුහුණ දෙන්න ඕන.....
    අතීතයෙන් ගත් යුත්තක් නැතිම නම්
    අමතක කරන්නත් ඕන...

    ReplyDelete
  24. ම්ම්ම්.. ලස්සනම ලස්සන ආදර්ශවත් කියමනක් මල්ලියෝ.. හරියටම හරි. මටත් නොතේරෙනවා නෙවෙයි..:(
    හිත පිළිගනෙ නෑනෙ ඇත්ත..:( ඒකයි අවුල

    ReplyDelete
  25. අනේ මටත් ඔහොම වෙන්න පුළුවන් උනානම්....................................

    ReplyDelete
  26. waradata waira karanna..namuth waradi karannata adaraya karanna ( Mahathma Gandhi)

    ReplyDelete
  27. Manushyatvaya pilibada wishwasaya nathi kara noganna..manda yath Manushyatvaya namathi sagarayata apirisidu diya bindu kihipayak ekathu wuvada ehi parishudyathvayata kisidu haniyak kala nohaki bavini

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....