නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

19 November 2011

ඉළංදාරියෙක්ට ඇබෑර්තුවක්!!!!!!!

හිතුවක්කාරී පහු ගිය දවස් 5ක් විතර මූණූ පොතෙන්,බ්ලොග් අවකාශෙන් ඈත් වෙලා හිටියා නොවැ.පුංචි අකරතැබ්බයක් නිසා, මේ පැත්තටවත් එන්න බැරි වුනා.ඉතින් හිතූ ට මක් වුනාද කියලා,මූණු පොතෙන් එහෙම පණිවිඩ එවල හොයලා බලපු හැමෝටම ස්තූතියි!!!පහු ගිය ටිකේ බ්ලොග් එහෙම කියවන්න බැරි වුනා. ඔන්න අද ඉඳන් වෙලා ඇති හැටියට කියවන්නම්කෝ..
-----------------------------------------------------------------------
බ්ලොග් අවකාශේ එහෙ මෙහෙ කැරකෙද්දි කීපවතාවක්  දැක්කා මංගල දැන්වීම් වගේ එව්වා පළ කරලා තිබුණා.ඉතින් හුදෙක් විනෝදය සඳහා පමණක්ම මටත් හිතුනා නිකන් එහෙම ලිපියක් පළ කරන්න.;) මේ තියන සුදුසුකම් සහිත ඉලංදාරියෙකුට,පොඩි චාන්ස් එකක් තියෙනවා :p
සුදුසුකම් තියේනම් දාමුකෝ බලන්න කමෙන්ටුවක්!!!!!!!!
හුගාක් ලස්සන වෙන්න ඕනෙ නෑ...
හැබැයි ටිකක් හුරතල් පාට වෙන්න ඕනෙ.
ඕනාවට වඩා පෙනුමෙන් පිළිවල  වෙන්න ඕනෙ නෑ......
ඒත් ,වැඩක් පිළිවලට කරගන්න පුළුවන් වෙන්න ඕනෙ.
බොරු සෝබන කයිවාරු පොෂ් ගති නම් ඕනෙම නෑ...     
හැබැයි ,තැනට ගැළපෙන්න අඳින්න,පළඳින්න කතා කරන්න ඕනෙ.   
හුගාක්ම තැන්පත් විනීත අහිංසකම වෙන්න ඕනේ නෑ.
ඒත්,චුට්ටක් විතර දගකාර, හිතුවක්කාර,විසේකාර වෙන්න ඕනෙ...
කොණ්ඩෙ ජෙල් කරලා,පවුඩර් ගාලා,පර්ෆියුම් නාලා ඉන්න
පියරු බබෙක්නම් වෙන්න ඕනේ නෑ නෑමයි.....
ඒත්,කොණ්ඩෙ චුට්ටක් අවුල් වෙලා,රැවුල ටිකක් වැවිලා
පුංචි "අපත" පාටක්  තිබුණට ගානක් නෑ......
පිරිමියෙක් ලස්සන වෙන්නෙ චාම්,සරල වෙන තරමට නිසා 
සරල වෙන්න ඕනෙ.......                             
මත් පැනින් දුමෙන් තොරනම් වඩා හොදයි..නැතත් කමක් නෑ..
ඒත්, ඇබ්බැහි වීම සහ සීමා රහිත වීමනම් කොහෙත්ම බෑ....
තොරොම්බල් සුකුරුත්තම් වලින් පිරුණු මනසක්,හිස් හිතක් නම් ඕනෙම නෑ.....
සියල්ල දත් කියලා හිතන,ලෝකෙටම ලොක්කා වෙන්න යන පණ්ඩිතයෙක් ඕනෙ නෑ...
ඒත්, ඉස්සරහට ඉගනගන්න ආස,නිහතමානී,උනන්දුව තියන ධෛර්‍යවන්තයෙක් වෙන්න ඕනෙ...
දුප්පත්කමට ගරහන ,දුකට අපහාස කරන,
සල්ලිකාර චණ්ඩියෙක් නම් වෙන්න බෑ....
මනුස්සකමට ගරු කරන,දුකට හිත උණු වෙන,
සල්ලි කියන්නෙ ජීවිතේම නොවන වග දන්න පිරිමියෙක් වුනාම ඇති.
ආදරේ අඳුරන,ඒ වෙනුවෙන් කැපවීම් කරන්න හැකි,
කෙල්ලෙක්ගෙ කඳුළු වලට හිනා වෙන්නෙ නැති 
ආදරණීයයෙක් වෙන්න ඕනෙ...
තොරතෝන්චියක් නැතිව කියවන,ටිකක් විතර  විසේකාර  කෙල්ලෙක්ගෙ දාංගලේ ඉවසන්න පුළුවන් වෙන්නත් ඕනෙ....
ජීවිතේ ගැන, කලාව ගැන, ආදරේ ගැන ලස්සනට හිතන්න පුළුවන් ලස්සන අදහස් තියන කලාකාමියෙක් වෙන්න ඕනෙ..
ප්‍රශ්න ඉස්සරහා බයේ පැනලා යනන් හදන,කොන්ද පණ ඇතිව ජීවිතේට මූණ දෙන්න බය ,බය ගුල්ලෙක්නම් වෙන්න ඕනේ නෑ....
මේ ඔක්කොම ගුණ අගූණ අඩු වැඩි වශයෙන් තියෙන්න ඕනෙ වගේම අවංක,හිත හොඳ,ආත්මර්ථකාමී නැති,අවු:21 ත්  25ත් අතර  ඉලංදාරියෙක් වෙන්නත් ඕනෙ. :p
දකින දකින කෙල්ලට පැණි හලන,හතර වටේම ඉන්න කෙල්ලො රවට්ටන පැණියෙක්නම් එපා....           


ඉහත සුදුසුකම් අඩු වැඩි වශයෙන් ඔබත් සපුරයි නම්..නොපමාව කමෙන්ට් කරන්න...:p සුදුස්සාට සුදුසු තැන. ;) 






අවවාදයයි:මෙම ලිපිය පළ කරන ලද්දේ අතිශයින්ම විනෝදය සඳහා පමණක් බව සළකන්න.

Post Comment

64 comments:

  1. හිකිස්‌..ඔහොම කෙනෙක් ලැබුනොත් කියන්නකෝ බලන්න :P

    ReplyDelete
  2. මමත් හොයනවා බන් ඔහොම කෙනෙක් .. හිකිස්‌.. ඔයාට දෙන්නෙක් හම්බුනොත් මටත් කියන්නකෝ,.. හැක හැක හැක.. හිතු මරු මරු ..

    ReplyDelete
  3. ඔක්කොම තියෙනවා නෙව... වයස තමයි අවුල... බැරිද සලකල බලන්න... හික් හික්...

    ReplyDelete
  4. දැන් කොහෙද සුදුස්සාට සුදුසු තැන :))

    ReplyDelete
  5. Oya,
    Harima
    Lassana,
    Awanka,
    Nihathamani,
    Wedagath,
    Keekaru,
    Ahinsaka,
    Yahapath,
    Nirahankara,
    Buddimath,
    Seelachara,
    Vineetha,
    Kenek dapu comment Ekak KIYAWALA IWARAI :D :D

    ReplyDelete
  6. අවවාදයයි:මෙම ලිපිය පළ කරන ලද්දේ අතිශයින්ම විනෝදය සඳහා පමණක් බව සළකන්න.

    අපරාදෙ මෙහෙම දැම්මෙ..

    ReplyDelete
  7. @ChammA අයියා-හික්ස්ස්.. ඒකනම් ඇත්ත,බලමුකෝ ඉන්නවද කියලා;)


    @වර්ණා- හි හි..හා හා හම්බුනොත් අනිවා හොයලා දෙන්නම්කො එක්කෙන්ක්ව ඔයාටත් ;)හික්ස්ස්ස්ස්ස්


    @පිස්සා පලාමල්ල -හෑ??? :O ඇත්තට??වයස විතරද අඩු?? මොකද වයස කීයද??;) බලමුකෝ සලකලා ;)

    ReplyDelete
  8. ඔච්චර දේවල් හොයන්න තරම් කෙල්ලට තියෙන සිදුසුකම් 5ක් කියන්න..
    හිකිස්ස්ස්ස්.......:P

    ReplyDelete
  9. හික්ස්ස්..... නියම සුදුසකම් ටික....

    සුදුසුකම් ලද්දෝ හුඟක් හිටියොත් interview එක හැන්ඩ්ල් කරන්න මටත් කතා කරන්නකෝ. මටත් හොයා ගන්න බැරියෑ සුදුස්සෙක්.... :D :D

    ReplyDelete
  10. සියලු සුදුසුකම් එකෙන් ම ඇත. පරහකට ඇත්තේ වයස 19ක් වීම හා සිත සින්නකරව ම ලියා දුන් පෙම්වන්තියක් සිටීම පමනි. (ලොල් හිකි හිකි)

    ReplyDelete
  11. hoda hoda ... hombunot kiyannam ko ...kawadda kohetada enna kiyanna one ...mekata comment karana kiyannam ko..
    gud luck ..lassana blog eka nangiyo

    ReplyDelete
  12. ඔය කියන ඔක්කෝ...ම සුදුසුකම් නම් තියෙනවා. යාන්තන් ඉල්ලන වයස් පරතරේ කොනකම ඉන්නවා. කමක් නෑ ද......

    ReplyDelete
  13. මම ගැනමද කොහෙද ලියලා තියෙන්නෙ.... හිතූ මා ගැනත් සලකා බලන්න...

    ReplyDelete
  14. අනේ හිතු ඔයාට වැඩිපුර ලැබුනොත් මටත් මේල් එකක් දාහන් හොදේ..හෙහේ...

    ReplyDelete
  15. @Hasitha -හික්ස්ස්ස්ස්ස්ස්ස්...බලමුකෝ..මම දෙනවා සුදුසු තැන:D


    @Sihina -හ්ම්ම්ම් කවුද මේ සිහින??අලුතෙන් මගේ බ්ලොග් එක පැත්තෙ ආපු කෙනෙක්. අයියෙක්ද මල්ලියෙක්ද දන්නෙ නෑ..ස්තූතියි සහෝ..:D හික්ස්ස්... බලමු බල්මු


    @Roshan Herath - හි හි.එහෙම නැතිවත් බෑනෙ.මම බොරු කාරි වෙයිනෙ..:)

    ReplyDelete
  16. [මත් පැනින් දුමෙන් තොරනම් වඩා හොදයි..නැතත් කමක් නෑ.]
    කර්ණාකර නැතත් කමක් නෑ යන්න අයින් කරන්න

    අනිත් එ්ව ඔක්කොම මගෙ ඔලුවට තේරෙන විදියට හරි! :)

    ReplyDelete
  17. @කුබුවි- කෙල්ලගේ සුදුසුකම් ඉස්සෙල්ලාම කියලා බෑ..එතකොට කපටි කොල්ලොන්ගෙ කපටිකම ඉස්සර වෙයිනෙ.;)


    @මහි- හික්ස්ස්... ඔය ඔක්කොම සුදුසුකම් තියන කට්ටිය ගොඩක්නම් නැතිවෙයි.ශුවර්!!!සොරිම තමා ඔයාට..:( ඒත් බැරිවෙලාවත් හිටියොත්,අපි බලමුකෝ කෙල්ලේ ;)හික්ස්ස්ස් :D


    @Sanjanamax -පෙම්වතියක් සිටීනම් කොහොමත් අදාළ නෑනෙ..කෙලින්ම කැපෙනවනෙ..:p

    ReplyDelete
  18. @sam -හික්ස්ස්.. හා හා හම්බුනොත් කියන්නකෝ..ස්තූතියි ...මං හිතන්නෙ ඔයා අයියෙක්..ස්තූතියි අයියා.. :D


    @මධුරංග අයියා- හික් හික්....:D අයියාට ශුවර්ද??? ;)


    @විසිතුරු -හ්ම්ම්ම්ම්ම්ම්..විසිතුරුගෙ හිත සින්නක්කරම දැනටමත් කෙනෙක්ට ලියලා දීලා හමාරයි නේද??;) මම දන්න තරමට

    ReplyDelete
  19. @නිම්ශා-හික්ස්ස්ස්ස්ස්ස්.... අනිවා..ශුවර්!! මම දන්නම් මේල් එකක් ඔයාට..:D


    @තනි අලියා-හ්ම්ම්ම්ම්ම්ම්ම් මම ඉස්සරනම් ඔහොම හිතුවා.ඒත් ගානකට අවබෝධයක් ඇතිව ඕනෙම දෙයක් පාවිච්චි කලොත් අවුලක් නෑ...මොකද හිත හොඳ මිනිස්සු,පපුව හොඳ මිනිස්සු හුගාක් ඔය දේ කරනවා.ඉතින්. ඇබ්බැහි නොවුන හොඳ අය ඉන්නවනෙ..:)බලමුකෝ ;)

    ReplyDelete
  20. @ hithuwakkari..Mmmmmmmmm mata nam oyage ilandariyage vacancy eka puravanna bari vei e mokada dannavada mama sihinayak ne..hamotama mava sihinayak vitharai...mava aithi karaganna katavath baaa....

    ReplyDelete
  21. හෆෝයි අයිතිකරගන්න ඇහුවෙ නෑ..මම කමෙන්ට් දාද්දි ගෑණූ ළම්යෙක්ද පිරිමි ළමයෙක්ද,අක්කෙක්ද අයියෙක්ද කියලා දැනගන්නවා.වැඩිමල් අයට නම කියන එක හරි නැති නිසා.ඒකයි ඇහුවෙ.:)

    ReplyDelete
  22. හිතු .. මේ ලංකාවෙන් නම් හොයන්න වෙන්නෙ නෑ.. නරකද ඉතියොපියාව පැත්තෙන් බැලුවොත්..... හි හි.. එල ඈ..

    ReplyDelete
  23. හික්ස්ස්ස්ස්ස්ස්ස්...මොකද කියන්නෙ නංගි..අපි දෙමුද හොද පබ්ලිසිටි පාරක්..මේ වගේ බුවෙක් හොයාගන්න.... :P :P

    ReplyDelete
  24. හෙට ක්ලාස් යන්න කලින් රැවුල කපන්න හිටියේ... දැන් ඕනි නෑ වගේ හිතෙනවා....

    ReplyDelete
  25. මෙහෙම කෙනෙක් ඉන්නවානම් එයා මේ ලෝකෙ කෙනෙක් නම් වෙන්න බෑ....

    ReplyDelete
  26. හිතුවක්කාරි කියපු ඔය ඔක්කොම සුදුසුකම් නම් හිතුමතේට තියනවා....

    සල්ලි කියන්නෙ ජීවිතේම නොවන වග දන්න පිරිමියෙක් වුනාම ඇති.
    මේක ගැන හිතුමතේ කියවපු කෙනෙක් විදිහට ඔයා හොදටම දන්නවා ඇතිනේ...

    ප්‍රශ්නයක් තියනවා මේ කියන කෙනාට දැන් 20ක් විතරද වයස... මොකද නැත්නම් 21-25 අතර හොයන්නේ.. ඔන්න හිතුමතේ මෙච්චර මොනවා උනත් තාම 24ක කොල්ලෙක්...

    හිතුමතේගේ අන්තිමට දාපු කවිය දැකලාවත් මෙහෙම ලියන්න හිතුවක්කාරිට හිතුනද මන්දා

    ReplyDelete
  27. අප්පේ.... දැන් ඔයා මෙතනින් හොයා ගත්තද නංගි.තව පබිලිස් කරමු මේක.කස්ටිය ඒවි පොර කාගෙන.

    ReplyDelete
  28. ඒ කියන්නේ මට ගැලපෙන කෙනා ඔයාමද.ඔය කියපු හැම එකක්ම මං ලග තියෙනවා ඉතිං අපි බඳිමු

    ReplyDelete
  29. දැනට ටික දවසකට කලින් මගේ යාලුවෙකුත් (කොල්ලෙක්) මට කිව්වා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයල දෙන්න කියලා. ඔවා ඉතින් ආවට ගියාට කරන්න පුළුවන් දේවල්යැ කියලා මාත් දැම්ම මුණු පොතේ මංගල දැන්වීමක්. :P පහලින් තියෙන්නේ ඒ දැන්වීම.

    /*මංගල දැන්වීමයි.....
    උගත්, බුද්ධිමත්, ගේ දොර ඉඩකඩම් හිමි, සුරා සූදුවෙන් තොර අවංක හිතැති තරුණ මහත්මයෙක් හට ෆේස්බුක් වලින් වැඩිය කොල්ලන් හා චැට් නොකරන, අවංක හිතැති, අවුරුදු 20ට අඩු , රූමත් තරුණියක් සොයයි.. දෑවැදි අනවශ්‍යයි...... :P :P :P :P *\

    අන්තිමේදී මනුස්සයා මාව මරාගෙන කෑවේ නැති ඒක විතරයි. හික් හික්.. ඉතින් හිතූ අක්කි මේ හොයන්නේ ඔයාටම නම් කමක් නෑ.. වෙනකාටවත් එහෙම නම් පරිස්සමින් හොඳේ.. :P :P :)

    ReplyDelete
  30. හෙහ්..මං මේ කල්පනා කලේ ඔයා හොද වෙලාවට මේක බ්ලොග් එකේ දැම්මේ.. පත්තරේ දැම්මනං සෑහෙන ගානක් ගෙවන්න වෙනවා දැන්වීමට..

    ඔයා අර අන්තිමට විනෝදාස්වාදටයි ලිවුවේ කියලා දාලා තියෙන නිසා මං ඇප්ලයි කරන්නේ නෑ ඔන්න..

    ReplyDelete
  31. ithin name eken therenava ne eken ma Boy kenek kiyala..hithagannako aiyek kiyala k..

    ReplyDelete
  32. @රහස් පරික්ෂකයා -හික්ස්ස්...ඔයාට නෙවෙයි..;) ඉතියෝපියාවෙ අය මගේ බ්ලොග් එක බලයිද??ඊටත් එයාලට සිංහල තේරෙයිද අනෙ..;)


    @~~තරූගේ ලෝකය~~;-හික්ස්ස්.. බලමු බලමු අයියා..මේකෙන් හම්බුනේ නැත්තම් අපි දෙමුකෝ පබිලිසිටි පාරක්..;)



    @Geethika Dilruk-හි හි!!! අර මොකෝ ??? ක්ලාස් එකේ කවුරුහරිත් මෙහෙම එක්කෙන්ක්ව හොයනවද??

    ReplyDelete
  33. @දිල් අක්කා-හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...:( ඒකතමා,මටත් හිතෙනවා දැන් එහෙම...:(


    @හිතුමතේ අයියා- හ්ම්ම්ම්...මම අයියගෙ කවිය දැක්කෙ මේ කමෙන්ට් එකෙන් පස්සෙයි.හැබැයි අනිත් ඒවා කියවලා තියන්වා..:) හ්ම්ම්...හිතුමතේ අයියාට අනිත් ඔක්කොම සුදුසුකම් තියෙනවනම් සලකල බලන්න වෙයි..:D ;) :p හික්ස්ස්....

    හ්ම්ම්ම්..20 යි නෙවෙයි 21යි..:)


    @නිසුපා අක්කි- හ්ම්ම්..තාම නෑ..සුදුසුකම් තියන අය ඉන්නවලු.ඒත් බෑනෙ. ඉන්ටර්විව් එකක් තියලා බලන්න වෙනවා..:D


    @අසරණයා -:O :O හෆ්ෆෝයි!!! එහෙම බෑ...ඉන්ටර්විව් එකක් තියන්න වෙනවා..;) හික්ස්ස්

    ReplyDelete
  34. @Ice නගා- හික් හික්..මරු..20ක එක්කෙනෙක්ට නේද?? හ්ම්ම්ම්...නියමයි...බලමුකෝ....මට හරි ගියොත් එහෙමයි.. නැත්තම් වෙන එක්කෙන්ක්ට හරිගියොත් එහෙමයි..:D


    @Dinesh අයියා- හම්මා..ආයෙත් අහලා.ඔව් ඔව් අයියා.ඒකනෙ මම බ්ලොග් එකේම දැම්මෙ.පත්තරේ නොදා.:D
    අයියා විනෝදාස්වාදයට වුනාට අවුලක් නෑ..අපි සුදුසුකම් චෙක් කරනවා..


    @Sihina- හා හා හරි..අයියෙක් ඔයා.ඕකේ..

    ReplyDelete
  35. හිකිස්... මේ ඔයා එක්කෙනෙක් හොයාගත්තට පස්සේ ඔය ඇබෑර්තු වලින් ඉතිරි වෙන හැබැයි වයස් පරතරේ 23ත් 25ත් අතර වෙන එක්කෙනෙක් ඉන්නවා නම් මටත් හොයලා දෙන්න නංගෝ,.. හී හී

    ReplyDelete
  36. ආ එහෙමද.. එහෙනම් මගේ ඇප්ලිකේශන් එකත් භාර ගන්නකෝ... හැබැයි ඔන්න මමනම් හැමදාම රැවුල කපනවා හොදේ... :)

    ReplyDelete
  37. හිතුවක්කාරියේ මම දෙවෙනියට කමෙන්ට් කරපු එක ඩිලිට් කලාද එහෙමත් නැත්නම් ගුගල්ලා මකලා දාලාද??
    ඔයා මැකුවානම් කමක් නැ.. නැත්නම් අයේ දාන්න වෙනවනේ ඒක කියන්නකෝ

    ReplyDelete
  38. @ප්‍රර්ථනා අක්කි- හික් හික්... හරි අක්කියෝ..හම්බුනොත් ශුවර් එකටම කියන්නම්කෝ...:D


    @Dinesh අයියා- හික්ස්ස්... බෑ එහෙනම් හරියන්නෙ නෑ...රැවුල පොඩ්ඩක් තියෙන්න ඕනෙ..;)


    @හිතුමතේ- අහ්හ්..මම නම් දැක්කෙ නෑ..මම කිසිම කමෙන්ට් එකක් මකන්නෙ නෑ...කවදවත්ම..:O ඇත්තම්යි...

    ReplyDelete
  39. ඔන්න ආයේ එහෙම නම් ඔන්න මම ආයෙමත් කියනවා

    මේ පොස්ට් එක හිතුමතේගේ ගොඩාක් හිතට ඇල්ලුවා.. ගොඩාක් ලොකේ වෙන දේවල් එක්ක මම විදලා තියන දේවල් ගැන හිතනකොට හිතුවක්කාරිට මම මේ හිතන විදිහ ගැන ගොඩාක් ගරු කරනවා...
    සල්ලි පස්සේ දුවන ලෝකේක මේ වගේ හිතන අය ගොඩාක් අඩුයි නංගියේ...

    මෙන්න මේ කරුනු ටිකට මම ගොඩාක් කැමතියි... ඔයා ගොඩාක් වාසනාවන්තයි මෙහෙම හිතන්න තරම් හිත පිරිසිදු වෙලා තියන නිසා

    "පිරිමියෙක් ලස්සන වෙන්නෙ චාම්,සරල වෙන තරමට නිසා
    සරල වෙන්න ඕනෙ.......
    මත් පැනින් දුමෙන් තොරනම් වඩා හොදයි..නැතත් කමක් නෑ..
    ඒත්, ඇබ්බැහි වීම සහ සීමා රහිත වීමනම් කොහෙත්ම බෑ....

    ඉස්සරහට ඉගනගන්න ආස,නිහතමානී,උනන්දුව තියන ධෛර්‍යවන්තයෙක් වෙන්න ඕනෙ...
    දුප්පත්කමට ගරහන ,දුකට අපහාස කරන,
    සල්ලිකාර චණ්ඩියෙක් නම් වෙන්න බෑ....
    මනුස්සකමට ගරු කරන,දුකට හිත උණු වෙන,
    සල්ලි කියන්නෙ ජීවිතේම නොවන වග දන්න පිරිමියෙක් වුනාම ඇති.

    ජීවිතේ ගැන, කලාව ගැන, ආදරේ ගැන ලස්සනට හිතන්න පුළුවන් ලස්සන අදහස් තියන කලාකාමියෙක් වෙන්න ඕනෙ.."

    ඔන්න ඇප්ලිකේශන් කොල් කරනකොට හිතුමතේටත් කියන්න හොදේ....;)

    ReplyDelete
  40. දැනටම මේ එකසිය ගානට ප්‍රතිචාර ඇවිත් තියෙන්නේ..හිකිස්‌ ලේසි වෙන එකක් නෑ වගේ...

    ReplyDelete
  41. මම නම් පරක්කුයි වගේ..... නේද හිතු... මුලික වටේ එහෙම තියලද දැන්

    ReplyDelete
  42. මටනම් පේන විදියට අර වුනයි කියන අකරතැබ්බය පුංචි එක්ක වෙන්න බෑ. ඔලුවට බරපතල විදියට තුවාල වෙලා වගේ. නරකද දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙතක් ගත්තොත්?

    ReplyDelete
  43. අයියෝ නංගි ඔයා පරක්කු වැඩියිනි..........but වයස පරතරය ටිකක් වැඩියෙන් තියාගන්න.අවුරුදු 8 විතර කමක් නැහැ.ඒ මොකද දන්නවද පිරිමින්ට කලින් ගැහැණු ළමයි matured වෙනවා.අනික අපිට වඩා වයසින් ටිකක් බාල උනාම අපි වැඩියෙන් එයා ගැන care කරනවා.එතකොට ආදරේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.......

    මේ මට හිතෙන හැටි (most of things I don't care seriously)

    නියරට වෙලා හිටියොත් ඔයා නාකිවෙයි ඒ හින්ද වැඩිය ඇද කුද හොයන්නතුව boyfriend කෙනෙක් හොයාගන්න...(පස්සේ ඔයාට ඕන විදිහට හදාගන්න.......හි හි හි හි ..)

    ReplyDelete
  44. @හිතුමතේ- හුගාක්ම ස්තූතියි අයියා..:D හික්ස්!!!!! ඇප්ලිකේෂන් කෝල් කරද්දි කියන්නම්කෝ..;)


    @දඩබ්බරී- ඒකනේ අනේ..බලන්නකෝ ඒකෙත් හැට්...;) කට්ටිය දැන් වැඩියි වගේ..තෝරගන්නත් අමාරුවෙයිද මංදා :D


    @දේවා අයියා- හෆ්ෆෝයි නෑ....තාම මොන මූලික වටද අයියා...;) තාම මේ සුදුසුකම් තියන අයට ඉල්ලොම් කරන්න අවස්ථාව දීලා තියෙන්නෙ :D

    ReplyDelete
  45. @සීතල අයියා -හික් හික් :D ඒක මේ මට වුනු හානියක් නෙවෙයි..;) අයියා හිතන විදියෙ අකරතැබ්බයක්නම් නෙවෙයි..:p හික් හික්..


    @think tank -හික්ස්ස්ස්ස්..!!! අම්මෝ..මේක සෑහෙන්න සීරීයස් අරන් වගේ...:p එහෙම බෑ...හොයගන්න එකේ හොඳම කෙනෙක් හොයාගන්න එපැයි..;)
    වයස වැඩි වුනාම හරි නෑ... 7ක් 8ක් නම් හොඳටම වැඩියි..o_O

    ReplyDelete
  46. අක්කේ ඔය සුදුසුකම් තියෙන අය වැඩිපුර හිටියොත් මටත් එක්කෙනෙක් හොයලා තියනවද? හැබැයී ඕන් ඔය මොන සුදුසුකම තිබුණත් තව අවුරැදු 5ක් යනකල් ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒක නැත්නම් වැඩක් නෑ. :D

    ReplyDelete
  47. දැන් කාටද මේ හොයන්නේ..... ඇප්ලිකේෂන් එකක් දාන්න අහනේ....

    ReplyDelete
  48. @බට්ටි- මේ පැත්තට අද නේද ආවෙ?? සාදරෙන් පිළිගන්නවා!!!:) හරි..ශුවර් එකටම හම්බුනොත් හොයල දෙන්නම්...;) හැබැයි බලාපොරොත්තුනම් තියගන්නෙපා හොදේ??කියන්න බෑනෙ.හම්බ වුනේ නැත්තම්:D හික්ස්ස්ස්... අවු.5ක් නම් මොකක්ද??;)

    @NKK- හික්ස්ස්...වෙන කාට්ද?? හිතූ ට මිසක්..;)

    ReplyDelete
  49. කෙල්ලො කියන්නේ ඔහොමම තමා...යාලුවන්ගේ ඉන්න කොල්ලොගේ තියෙන හොදම ගතිගුන ටික හොයලා තමනගේ කොල්ලට එ හැම ගතිගුනයකම තියන්න ඔනෙ...හරිම අසාධරණයි අප්පා මේක නම්....කැතයි හොදේ කෙල්ලොනේ....

    ReplyDelete
  50. නෑ නෑ ඇවිත් තියෙනවා. හැබැයි ඉතිං කමෙන්ට් එකක් නොතියා මගේ හිතත් හිතුවක්කාර වෙලා ගිහින්නේ. හේ හේ.....

    ReplyDelete
  51. @SKB- ම්ම්ම්ම්... කෙල්ලො විතරක් නෙවෙයි!!! කොල්ලො??? :O කොල්ලො කොයිතරම් දේවල් හොයනවද??මේ හොයන්නෙ හොඳම ගති ගුණ නෙවෙයි..කෙල්ලො බහුතරයක්(හැම කෙල්ලම නෙවෙයි) හොඳම ගතු ගුණ කියන්නෙ මේවාට නොවන වග මතක තියාගන්න.

    @බට්ටි- හික්ස්ස්.. හලි හලි..ඔන්න කොහොම හරි කමෙන්ට් දැම්මනෙ..:D

    ReplyDelete
  52. ඔය ඔක්කොම තියනවා නම් ඔයා ගාවට එනවද??????????????

    ReplyDelete
  53. Ano අහන දේ පැහැදිලි මදි :)

    ReplyDelete
  54. "මත් පැනින් දුමෙන් තොරනම් වඩා හොදයි..නැතත් කමක් නෑ.."
    අප්පේ ඒක දැක්කාමනම් හරි සතුටු හිතුනා. සතුටු හිතුනේ මෝඩ විදිහට නොහිතන එක කෙල්ලක් හරි බ්ලොග් ලියනවා දැක්ක එක ගැන!

    ReplyDelete
  55. හික්ස්ස්..... :D හා හා.. එහෙනම් මම බුද්ධිමත් කෙල්ලෙක් හෑ...:D
    <>

    ReplyDelete
  56. හෆොයි මේක දැන් නේ දැක්කේ... දැන් වට කීයක් විතර තියලැයි....

    ReplyDelete
  57. ප්‍රතිචාර වැඩි නිසා, දෝශසහගත තත්වයක් මත සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටෙව්වා ;)

    ReplyDelete
  58. z ස්කෝර් අහන්නෙ නැද්ද?

    ReplyDelete
  59. හිතූ කළුනික හොයනවද මන්දා.....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්... අනේ මංදා මටත් එහෙම හිතුනා...

      Delete
  60. ඔච්චර හොද කොල්ලෙක් "හිතුවක්කාරිට" ගැලපෙන්නේ නැ.... :D

    ReplyDelete
    Replies
    1. හා හා..ඇත්තට?? මේ ඇනෝව මම දන්නවානෙ.. ;) අවුලක් නෑ... හොද අය ගැන හිතුවට එහෙම හොද අය හම්බෙන්නෙ නෑ.. ඇනෝ බය වෙන්නෙපා. කවුරු උනත් හොයාගන්න කෙනා ඔයාට ව්ඩා නම් හොද වෙනවාමයි;)

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....