නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

22 November 2011

෴ අරලියා හෙවණ යට ෴



මතකද ඉස්සර දවස්?? ඒ සුන්දරම සුන්දර අතීතෙ..මම මහා ගොඩාක් ආදරෙයි ඒ අතීතෙට.හැම මොහොතකම අපේ හිත් තිබුනේ සතුටින් පිරිලා ඉතිරිලා.ඒ සුදු පාට අරලියා මල් පිපුනු  ගස් යටින් අපි   අත්වැල් පටලගෙන ඇවිද්දෙ පුදුම සැහැල්ලුවකින්.ජීවිතේ මොන දුකක් කරදරයක් ආවත් ,හිනා වෙලා ඉන්න හයිය දුන්නෙ ඒ යාළුකම.මම මහ ගොඩාරියක් ආදරෙයි ඒ යාළුකමට. අපි හිනා වුනා,සමහර වෙලාවකට ඇඬුවා.මේ බාලිකාව යට අපේ හිනා හඬ තාමත් ඇහෙනවා,ඒ හිනා හඬ හැමදාමත් ඇහේවී.අපි නැතත් ඒ මතක හඬ රැව්දේවී....


 එකම බත් එක බෙදාගෙන කාලා,එකම පෝළීමක ඩෙස් පුටු තියාගෙන අපි ඉගනගත්තෙ ගණන්,සිංහල,ඉංග්‍රීසි විතරක් නෙවෙයි.ජීවිතේ....ඔව්!!! අපි ඉගනගත්තා ජීවිතේ ගැන.සාමාන්‍ය පෙළින් උසස් පෙළට, එතනින් සමාජෙට, පියවරින් පියවර ජීවිතේ දිනන්න උදව් කලේ ඒ පින්බර භූමිය.අපි අකුරු කරපු ඒ බාලිකාව....ඒත් අද..ඇස් වලට කදූළු එද්දි,මේ පින් බිම දාලා යන්න බැරි තරමට කකුල් පණ නැති වුනත්,හිතට දිරි අරන් ඒ සියළු මතක අතීතෙටම පවරලා සමු අරන් යායුතුමයි.හමුවීමක් ඇත්නම් වෙන්වීමකුත් තියෙන්න ඕනෙ.මේ වෙන්වීමත් එක් හමුවීමක අවසානයක් විතරයි....


ඇසළ සඳ හෙටත් පායාවී..හරි අපූරූවට පායාවී. අපි හමු වුනත්, වෙන්වුනත් මේ ස්ව්භාදහම මේ ලෙසම පවතිවී.ස්ව්භාදහම දන්නෙ නෑ අපේ දුක.දැනුනොතින් නම් සත්තයි ස්ව්භාදහමත් කම්පා වේවී.මේ ජීවන ගමන් මගේ ‍යා යුතු තව දුර බොහෝයි.මේ ජීවන ගීයේ ගයන්නට තවත් ඉතිරි වෙලා තියනවා.ඒත් මේ වෙන්වීම දුරස් වීම හමුවේ හිත් ඉකිගසන තරමක්... අපිට අපි විතරක් නෙවෙයි..මේ නැණ නුවණ දල්වපු තක්සලාව,මේ සුන්දර මතක පිරි බාලිකාව,පින් සුවඳ ගලන පුණ්‍ය භූමියත් අහිමි වෙලා....


ඒ පංති කාමර ඇතුළේ අපේ හිනා හඬ,ඉකිබිඳුම් මේ හැම හැගීමක්ම ගලාගෙන ගියපු අතීතේ ,ඒ මල් මල් සමය,සත්තකින්ම හීනයක්ද කියලත් හිතෙනවා.ජීවිතේ ඒ තරම් සුන්දර සැහැල්ලු කාලයක්  අපිට තිබුණාද කියලත් හිතෙනවා.ඒ අතීතෙට හිත ලෝභ වෙන තරමටම මහා දුකකින් හිත මිරිකිලා යනවා...ඇස් වලට කදූළු උනන ඒ අතීතෙට ආදරේ වෙන තරමටම හිතට මහ ගොඩාක් දුකයි තමයි..ඒත්....


හඳ ඉල්ලලා අඬන පුංචි නොදරුවෝ නෙවෙයි අපි..මේ වෙන්වීම දරාගන්න ඕනෙ.හිත හයිය කරගන්න ඕනෙ.ධෛර්‍යමත් වෙන්න ඕනෙ.අතීතෙ සුන්දර තැන්, අසුන්දර තැන්, දුක සතුට,ජය පරාජය, මේ හැම දෙයක්ම අනාගතේට පන්නරයක් කරගෙන මේ මොහොතට මූණ දෙන්න ඕනෙමයි.අතීතෙ දිහා බලලා සතුටින් සිනා වෙලා,ඒ හැම දෙයක්ම අතීතෙටම පවරලා,සුන්දර අනාගතයක් වෙනුවෙන්, මේ පින්බිමෙන්,මේ සුන්දර බාලිකාවෙන් අපි සමුගනිමු!!!!! ඒත්,...හැමදාටම මේ ලෙංගතුකම් හිතේ ඉතුරුකරගෙන......


සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා......

ඇසළ සඳ දිය නොවුණු ඈත වැව් තල කොනෙක
ගයා නිමවූ කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා.....

සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමයි සිහිනෙකි
සඳට ඉකි බිඳ හඬන නොදරුවන් නොවේ අප
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්....





ගායනය-කරුණාරත්න දිවුල්ගනේ

Post Comment

20 comments:

  1. ඔන්න මම නම් හිතුවේ ඇත්තටම හිතු කලින් පොස්ට් එක ගැන මොනවාවත් මේ පොස්ට් එකෙන් කියාවි කියලා.. හිකිස් ජිවිතේ සතුට පිරුනු සැහැල්ලුවෙන් ගෙවෙන සුන්දර කාලෙක අවසානේ......

    අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
    සියළු දේ අතීතෙට පවරලා......

    ReplyDelete
  2. මම කතාවේ ඉතුරු කොටස බලාපොරොත්තුවෙන් හිට්යේ..
    ඉස්ස්කෝලේ අන්තිම දවස ජීවිතේට අමතක කරන්න පුළුවන් දවසක් නෙමෙයි නංගී..

    ReplyDelete
  3. හ්ම්ම්ම.. පාසැල් ජීවිතයේ අන්තිම දවස.. වචන නෑ හිතූ.. :(

    අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
    සියළු දේ අතීතෙට පවරලා..

    ReplyDelete
  4. කවමදාවත්ම අමතක කරන්න බැරි අපේ ඉස්කොලේ.....

    ReplyDelete
  5. හ්ම් හ්ම්..නිදහසෙත් අන්තිම දවස වුනා එදා මගේ..:(

    ReplyDelete
  6. පාසල් ජීවිතය තරම් ලස්සන කාලයක් කාගේවත් ජීවිතෙක නැතුව ඇති.. කිසිම බරක් නැතුව සමනල්ලු වගේ පියබ පියබා කොච්චර සතුටින් හිටියද? දැන් තියෙන දහසකුත් රාජකාරි එක්ක කාලය ගෙවද්දී පාසල් යන ළමයි දිහා දකිද්දීත් ලොබ හිතෙනවා. අනේ ආපහු කාලය පස්සට යනවනම් කියල හිතෙනවා.

    ReplyDelete
  7. පාසල් කාලේ තමයි ජීවිතේ ලස්සනම කාලේ...

    ReplyDelete
  8. ඔය කියන දේනම් ඇත්තම ඇත්ත. මොකද මිට අවුරුදු 3 කට කලින් මම ඔය ඇත දැකීමට මුණ දුන්න. අතටම ඒ දවස මතක් වෙන කොටත් ඇස වලට කදු එනවා. ජිවිතේ ස්කොලේ එක්ක කොච්චර බැදිලා තිබුනද කියල එතකොටයි දැනේනේ. මට අතීතය මතක් උනා.....

    ReplyDelete
  9. අපි ආසම දේවල් තියෙන්නේ ටික කාලයයි එකයි අපි ඒවාට එච්චර ආසා

    ReplyDelete
  10. අමිහිරි අනිවාර්ය අත්දැකීමක්! පාසලෙන් වෙන් වීම :(

    ReplyDelete
  11. @දේවා අයියා- හික්ස්ස්..කලින් පෝස්ට් එක ගැන නම් කියන්න දේවල් ඇත්තටම තව පෝස්ට් එහෙක ලියන්න තිබ්බා..:D බලමුකෝ පසුවට..ම්ම්ම්..ජීවිතේ සුන්දරම කාලයක්නෙ..

    @Dinesh අයියා- කතාව ලියනගනම්න්....ඉක්මණින් දාන්නම්කෝ අයියා..ඔව් අයියා හැම කෙනෙක්ටම එහෙමයි..අමතක කරන්න බෑ...


    @නන්දු -ඔව් නන්දු.. හැම කෙනෙක්ටම තියෙන්නෙ පපුව පුරවලා එන දුකක්...:(

    ReplyDelete
  12. @සීතල අයියා - හික්ස්ස්... නිදහසේ?? හ්ම්ම්.. ඒකත් ඇත්ත.නිදහස් ලස්සන ජිවිතේට තිතක් තියන්න වෙනවනෙ...:)


    @වර්ණා - ඔව් යාලූ..ඒක හරි..ආයෙත් ඒ කාලෙට යන්න තිබුනානම්....ආසයි..ඒක හරිම සැහැල්ලු..සුන්දර ලෝකයක් කියලා හිතෙන්නෙ දැන් තමයි..


    @පිස්සා පලාමල්ල -ඔව් අයියා..හැමෝගෙම සුන්දරම කාලෙ..

    ReplyDelete
  13. @NKK- හ්ම්ම්.. මාත් මීට අවුරුදු 3කට කලින් තමා ඒ අත්දැකීමට මූණ දුන්නෙ..ඒ අතීතෙ දිහා හැරිලා බලද්දි මතක් කරන්න ගොඩාක් දේවල් තියෙනවා...


    @අසරණයා -නියම කතාව සහෝ...ඒක නම් ඇත්තම ඇත්ත.තාපි අඅස කරන්නෙම නොලැබෙන,ඉක්මණින් අතෑරිලා යන දේවල් වලටමයි..


    @තනි අලියා -ඔව්!!! ඇත්තටම අමිහිරියි!!!

    ReplyDelete
  14. හැම හමුවීමකටම වෙන්වීමක් තියෙනවා නංගි. හමුවීම සුන්දරයි. වෙන්වීම දුක් බරයි. ඒක තමා මේ ලෝක ස්බාවය.
    මටත් අපේ ඉස්කෝලේ, කැම්පස් එක දාලා එනකොට දුක හිතුනා.

    ReplyDelete
  15. ජීවිතේ අන්තිමට ආපසු හැරිලා බැලුවම ඉතුරු වෙලා තියෙන්නේ මිහිරි හා අමිහිරි මතකයන් සමුදායක් තමා!ඒ මතක සයුරේ සෑහෙන්න ගැඹූරු තැනක් තමා පාසල් මතකයන් කියන්නේ!

    ReplyDelete
  16. අනේ ඇයි මන් මේ පොස්ට් එක දැක්කේ නැත්තේ?? :O

    මං හිතන්නේ ලංකාවේ ගොඩක් ඉස්කෝල වල අරලිය ගස් තියෙනවා.. අපේ ඉස්කෝලෙත් ලොකු අරලිය ගස් පේලියක් තියෙනවා.. :) :)
    ඉස්සර දවස් මතක් වෙනකොට ලොකු සතුටක් වගේම, දුකකුත් දැනෙනවා. අයෙත් ආසයි ඒ කාලෙට යන්න... :)

    ReplyDelete
  17. මගේ ජීවිතෙත් ලස්සන ම කාලේ තමයි, ඉස්කෝලේ කාලේ. කැම්පස් ජීවිතේ අසුන්දරයි කියනවා නෙවෙයි. ඒත්, කිසිම බරක් පතලක් නැතුව, වගකීම් අවම වුණු ඒ කාලේ තිබුණු සැහැල්ලුව ට මං හැමදාම ආසයි.............

    සුළඟේ ලෙලෙනා
    මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ......
    යාළුවො අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැවු, වෙනසක අරුමේ..............

    ReplyDelete
  18. @මධුරංග අයියා- ම්ම්ම් ඔව් අයියා වෙන්වීම කොහොමටත් දුකක්නෙ..:(


    @Sabith -ඇත්ත සහෝ..මතක අතරේ ගැඹුරින්ම තියන සුන්දර මතක පොදියක් තමා ඉස්කෝලේ කාලෙ..



    @Ice නගා- හ්ම්.... ඔය දැකලා තියෙන්නෙ :D

    අහ්හ් නගාගෙ ඉස්කෝලෙ කොළඹ එකක්ද???;) ම්ම්..... ඔව් නංගෝ අතීතෙට මතකය ඇදන් යනවා සමහරක් දේවල් එක්ක..


    @මහි -කැමප්ස් ජීවිතයක් ඉතින් හිතුවක්කාරිටනම් නෑනෙ..හැබැයි අහ්ලා තියන්නෙ හුගාක් සුන්දරයි කියලා.
    ම්ම්ම්.... ඔව් ඉස්කෝලෙ කාලෙ තරම් සැහැල්ලුවක් වෙන කිසිම කාලෙකදි ජීවිතේට එන්නෙ නෑ...

    ReplyDelete
  19. පාසල් ජීවිතයේ අවසාන දවස කියල මටනම් කිසිම වෙනසක් තේරුනේ නැහැ
    ඔහේ ගිහින් ආපහු ආවා, අඩු ගානේ හිතේ දුකක්වත් නැතුව

    ඒත් ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 13 කට පස්සෙ, මේ අවුරුද්දේ මම එක දවසක් ඉස්කෝලේ ළඟ පොඩ්ඩක් වෙලා වාහනේ නතර කරගෙන ටිකක් වෙලා බලාගෙන හිටියා.
    අන්න ඒ වෙලාවෙනම් මට අපේ අතීතය මතක වෙලා පොඩි කණගාටුවක් ඇති උනා. ඉස්කෝලේ අලුත් වෙලා, කැත වෙලා. අපේ මතකයන් ගලාගෙන ගිය විශේෂ ස්ථාන දකින්නත් නැහැ දැන්.
    මට දුක හිතුනා ඒ වෙනස ගැන.
    ඒ ඉස්කෝලේ දැන් අපිට අයිති නැහැ කියන සිතුවිල්ලත් එක්ක මම ආපහු මගේ ගමන යන්න ගියා.

    ReplyDelete
  20. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......ගොඩාක් ලස්සනයි....මාවත් අතීතෙට අරං ගියා...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....