නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

28 November 2011

~ පැණි රස ආදරේ තිත්ත වෙන හැටි ~

මේ ලෝකෙ මට
ලස්සනම ඔයාව.....
ඔයා නැතිව මොහොතක්වත්
ඉන්න බෑ මට....
මහා ගොඩාරියක් 
ආදරෙයි මං......
කොච්ච්රද කියලා කියන්න
බැරි තරමටම.....
ඔය ඇස් වල කඳුළක් දකින්න 
ඕනෙ නෑ මට......
මම දකින්න ආසම
ඔය හිනාව විතරමයි........

දන්නවාද?? එයා එහෙම කිව්වෙ ඉස්සර ලු......

තමුසේ මහ වදයක්                             
නවත්තගන්නවා ඔය කරච්චලේ....
හැටි විතරක් බුම්මගෙන,
දෙන්න හිතෙන්නෙ හොම්බටම දෙකක්....
මට නම් තමුසෙව පේන්න බෑ...
අඬනවා..අඬනවා..
ඇති වෙනකම් අඬනවා
අඬලම මැරිලා යනවා.....
මොන මගුලකට 
මා එක්ක ඉන්නවද මංදා.....
මට තමුසෙව එපා.........

ඉස්සර අරම කියපු එයාම
දැන් කියන්නෙ මෙහෙමලූ............

Post Comment

35 comments:

  1. හ්ම් හ්ම්.... එක නම් ඇත්තම ඇත්ත ලු... :( :( :) :)

    ReplyDelete
  2. එහෙම කියන වෙලාවට දෙනෝදාහක් සෙනග මැද්දෙ කණ කීං ගාන්න දුන්නම හරියනවලු! විහිලු නෙවෙයි අැත්තමයි!

    ReplyDelete
  3. එහෙම කියන උන්දැලා ට මේලොවේදී නැතත් එලොවේදී ඕවට වන්දි ගෙවන්ඩ වෙයි. ඔව.

    ReplyDelete
  4. ඇත්තටම එහෙම කියන්නෙ ඇයි......?

    සෑහෙන්න බොන්න ඕනෙ පුස්නයක්.....

    X-Porter

    ReplyDelete
  5. @Ice නගා- හ්ම්ම්.... :)


    @තනි අලියා- හික්ස්ස්.... මරු කතා තමා ඔයත් කියන්නෙ...


    @වර්ණා -හ්ම්ම්ම්.....තමන් හොදනම් අවංකනම් පොඩඩක් කරදර ආවත්, දවසක හැමදේම හරි යනවා...:) වැරදිකරන අයට දඬුවන් ලැබෙනවා..

    ReplyDelete
  6. X-Porter- අනේ මංදා ඉතින්... පිරිමි පාර්ෂවයම තමා වැඩිපුර ඔහොම කියන්නෙ..:)

    ReplyDelete
  7. එහෙම කියන එයාට කවදා හරි ඒ කඳුළු වල වටිනාකම තේරුන දාට, එයා පරක්කු වැඩියිලු,..

    ReplyDelete
  8. එහෙම කියන එයාට කවදා හරි ඒ කඳුළු වල වටිනාකම තේරුන දාට, එයා පරක්කු වැඩියිලු....

    ඇත්තටම අපිට එහෙම ආදරයක පුජනීය ස්නෙහේ හගුම තේරෙන්නෙ එයා ඈත් වෙලා අයේ ලන් වෙන්න බැරි තරමට ගියාම තාම.....ඇත්තම ස්නෙහසක් තියා ගන්න බැරි උනු මගේ එ නපුරු මුරන්ඩු හිතට මන් දැන් ගොඩක් වෙර කරනවා...මොක්කද එහෙම ස්නෙහසක් නැති කර ගත්තේ මගේම මේ නපුරැ හිත හින්දා.....

    ReplyDelete
  9. පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නේ ආර්පිකෝ මෙට්ට විතරයි කියලා මම් මෙච්චර කල් හිතන් හිටියේ. බලාගෙන ගියාම ආදරේටත් ඒකම අදාල වෙනවා. මම් කිව්වේ හැම ආදර කතාවක්ම නෙමෙයි. සමහර එවුවා.

    ReplyDelete
  10. ඔය පස්සේ ලියපු හැගීම විවාහයෙන් පස්සේ වෙන්න ඇති මං හිතන්නේ??

    ReplyDelete
  11. හැම ආදර කතාවක්ම එහෙම වෙන්නේ නෑ නේද හිතු???
    අනේ මන්දා..:/

    ReplyDelete
  12. මේකනම් ඇත්ත තමයි. ඒත් මෙහෙම වෙන්න හේතුත් තියෙනවා. මෙච්චර දුරට නොගියත් අත්දැකිමක් මටත් තියෙනවා මෙහෙම දෙයක් ගැන. ලස්සනට ලියලා තියෙනවා. හොඳාාාාාාායි.... 100% යි.

    ReplyDelete
  13. හරියට තේරුම් ගත්තේ නැත්තම් එහෙම තමා.ඔතන එක පැත්තකට වැරදි කියන්න බැහැ.එත් පැනල යන කට්ටිය නම් ඉතින් ඕනෑම නැහැ නේද??

    ReplyDelete
  14. අපිට දෙයක් ගොඩාක් වටින්නෙ ඒක අපි ලඟ නැති නම්,ලබා ගන්න තුරු, අපිට ලැබුනට පස්සෙ දවසින් දවස මොහොතින් මොහොත ඒ අගය,ආශාව අඩුවෙවී යනවා....මේ ලෝකෙ හැම දෙයක්ම එහෙමයි...ඒත් එහෙම නොවෙන දෙයක් තියනව...අම්මල දරුවො...!!

    ReplyDelete
  15. ආදරේට පොඩ්ඩක් බැන්නට මොකටද ඔච්චර තරහ ගන්නේ ?

    ReplyDelete
  16. ජිවිත අත්දැකිම් වගේ දිගටම ලියන්නෙ ?? හික්ස්

    ReplyDelete
  17. ane ow muladi man iray haday hari genathi dey passe thama okkome enne :( me pirimi okkome eke wage da appa me loke???

    ReplyDelete
  18. ආදරේ එක එක සොරුප තියෙනවනේ...මම කියන්නැ හැමොම කියල..නමුත් මුල්කාලේ ආදරේ කොරන කොට සමහර කස්ටිය තමන්ගේ නියම ස්වරුපෙන් ආදරෙ කරන්නැනේ...ටික කාලයක් යනව නියම ස්වරුපය එලියට එන්න ...අන්න එතකොට පරක්කු වැඩ්වෙන්ට පුලුවං ඔය ආදරේ කෙරිල්ල..මේ ඉරනම කොල්ලන්ට කෙල්ලන්ට දෙපැත්තටම උරුමයි...
    තත්වේ ඔකයි කියල තෙරුනහම වත් හොඳම වැඩේ පිනක් දහමක් කොරගෙන පැත්ත්කට වෙන එක..හැබැ ඉතින් දීගෙක ගියාට පස්සේ ඔහොම උනොත් එක එච්චර හොඳ දෙයක් වෙන එකක් නම් නෑ කාට කාටත්...
    ඔය ඉතින් සොබාව ධර්මේ හැටිනොවැ...ලවු කොරන්ට කලින් ..කාල බලන්ටැ නේද...අනිච්චේ දුක්කේ...

    ReplyDelete
  19. එක අතින් අත්පුඩි ගහන්න බෑ කියල කතාවක් තියෙනවා නේද..
    පිරිමින්ගෙන් හුඟක්ම ඔය විදිහට අහන්නෙ යාලුවෙන්න කලින්ම ඉදල තමන්ගෙ තියෙන නියම ගතිගුන හංගාගෙන බොරු ආටෝප මතුකරගෙන හිටපු කට්ටියට තමයි...පස්සෙ ටික ටික ඇතුලෙ ඉන්න නියම සතා මතුවෙන්න පටන් ගන්නවනෙ...පිරිමින්ටත් ඒ ටිකම තමයි. දෙපැත්තටම එක සමානයි

    ReplyDelete
  20. @ප්‍රාර්ථනා අක්කි- හ්ම්ම්ම්.... සමහර විට... එයා පැරදිලා ඉවරයි වෙන්න පූළුවන්....


    @SKB -ම්ම්ම්... පසුතැවිල්ලක් විතරයි හුගාක් ආදර කතා වල අවසානයට ඉතිරිවෙන්නෙ..ඒකට හුගාක් හේතු තියෙන්න පූලුවන්.. දෛවය, කාලය අපිව ආදරේ දි අසරණ කරන්න පුළුවන්...

    ඒ අතරේ හිතා මතාම ආදරේ කණපිට හරවන අය ඉන්නත් පුළූවන්...දුක් වෙන්න එපා සහෝ... වැරදී වුනා කියලා තමන්ටම වැටහෙනවනම් ඒකත් ලොකු දෙයක්.

    ReplyDelete
  21. @මධුරංග අයියා- හික්ස්ස්... :D දැන් දැනගත්තා නේද අයියණ්ඩි??? :) මෙට්ට විතරක් නෙවෙයි.. කොයි දේත් කාලයක් යද්දි කොහු කොහු වෙනවා.. වැඩේ කියන්නෙ ආදරේත් එහෙම වෙන එකනෙ...:(


    @Dinesh අයියා- හෆ්ෆෝයි!!! විවාහයෙන් පස්සෙත් බහුතරය්ක් ඔහොම වෙනවාලුනෙ. ඒක සාම්ප්‍රදායිකයිනෙ..හැබැයි ඊට කලින්මත් ඔහොම වෙලා කට්ට කන්න වෙන අවස්ඨාත් හරි සුලභයි ලූ දැන්..;)



    @ගිනි කුරුල්ලා- හැම කතාවක්ම නෑ... එහෙම නොවන කතා හුගාක් ඇති.. ඒත් සුලභව දකින්න අහන්න පුලුවන් කතා තියෙනවා ඔය වගෙ...

    ReplyDelete
  22. @Chinthaka - ම්ම්ම්...... හුගාක් ස්තූතියි.. හෆ්ෆෝයි මෙහෙම අත්දැකීම් කාටවත් නොවෙනවනම් මම නම් කැමතියි සහෝ..:)


    @දිල් අක්කා- අනේ මංදා අක්කි. ඒත් වෙන්නෙ ඕකමයි නේද?? හුගාක් ආදර කතාවල..


    @Tharinduhw122 - පැත්තනම් අනේ මංදා... කොහොම වුනත් අවසානයේදි ඔහොම වෙනවනම්, පණ ඇරගෙන ආදරේ කරලා විඳවන්නෙ ඇයි???

    පැනලා යෑම පිළීබඳවනම්... අනේ මංදා.. ඒකෙත් එහෙම කියන්න පුළුවන්.. බැරිකමක් නෑ... විශේශයෙන්ම පිරිමින්ට, වෙනස් වෙන්න හේතු ඕනෙ නෑ.....

    ReplyDelete
  23. @වින්චැට් කිරිල්ලී -සහතික ඇත්ත කිරිල්ලියෝ.... ඇත්තම කතාව.. අම්මාගෙ තාත්තාගෙ ආදරේ හැරුනුකොට අනිත් හැම බැදීමක්ම, කාලය එක්ක වටිනාකම අඩුවෙනවා....


    @සඳරු අයියා- හෆ්ෆෝයි!!!! ඔහොම බැන්නහම හරිද??? :/


    @ශ්‍රි ලංකා Online -හික්ස්ස්... මීට කලින් මම ලියපුවා කියවලා තියනවා වගේනෙ කියන්නෙ :p මේ පැත්තට අලුතෙන් නෙ..සාදරෙන් පිළීගන්නවා!!!! මේවා සාමාජීය අත්දැකීම් නෙ..

    ReplyDelete
  24. @Glimmer Girl -ම්ම්ම්.. හැම පිරිමියම එක වගේ නෑ (ලූ) .
    හැබැයි හුගාක් කතා වල අවසානය ඔහොම වෙනවලු.. දුක ඒකයි!!! :(


    @Raj - සහෝගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා. වැරදිනෑ...සැබෑ ස්වෲපය හංගගෙන ලව් කලොත් මතු වුන දවසට ප්‍රශ්න ඇති වෙනවා..ඉස්ථීරවම. හැබැයි එහෙම නොවීත්, ඔය විදියට අවසාන වෙන දුක්බර කතා තියෙනවා..

    ඇත්ත,දෙපැත්තටම පොදුවෙන්න පුළුවන්.මම ඉස්මතු කලේ මෙතන එක පැතිකඩක් විතරයි...

    ReplyDelete
  25. @Desertfrog -ම්ම්ම්ම්ම්ම්ම්ම්.... වෙන්න පුළුවන්.. ඇත්තක් තියනවා.. මම මෙතන මතු කලේ එක පැත්තක් ව්ඉතරයි... හුගාක් දෙනෙක් කරන්නෙ ඉතින් සිංහ හමක් පොරවගෙන සිංහය වගේ රගපාන එක තමා...:D

    ReplyDelete
  26. Mama me mage hadavathata awankawai kiyanne..kagevath hitha dingannavath balaporotthuvakin nemei meka kiyanne mecchara kalakata man kellek ge athakin alla la na..kellek ekka thaniyama katha karala na..eka gana mata thiyenne sathutak nam nemei dukak...mamath kamathi awanka,nihathamani,ahinsaka,lassana kellek ta maha merak vage marenakan adaraya karanna eyage lagin inna eth mage karumekata mage daivaya ekata ida denne na... :( :(

    ReplyDelete
  27. ඔරලෝසුව කරන හරියක්...නේද නංගියෝ...

    ReplyDelete
  28. සහතික ඇත්ත.ඔයා නැත්නම් මැරෙනවා කියන අයම තමයී අත ඇරපු ගමන්ම වෙන එකක් හොයා ගෙන කලින් එහෙම කෙනෙක් හිටියද කියලා වගක් නැතුව ඉන්නේ.

    ReplyDelete
  29. ඇත්තටම එහෙම කියනවා නම් වැරදියි. එත් එහෙම කියන්නත් හේතුවක් තියන්න පුළුවන්. සමහර වෙලාවට girls ලා කවුරු හරි එක්ක යාලු උනාම හරි marry කරට පස්සේ තමන් ගැන හිතන්නේ නැතිකම නිසා වෙනස් වෙනවා මම කිව්වේ රුපෙන්. ඉතින් එහෙම උනාම එපාවෙන වෙලාවල් තියෙන්න පුළුවන්. මොකද කවුරුත් කැමතියි තමන්ගේ පෙම්වතිය නැත්නම් බිරිද ලස්සනට තමන්ට ආදරෙන් ඉන්නවා දකින්න .... කොහොමත් හැමතිස්සෙම නහයෙන් අඩන කාටවත් කවුරුත් කමතිවෙන්නේ නැ ...

    ReplyDelete
  30. @Sihina - කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න යාලූ... වෙලාව ආවම ඔයාගෙ දෛවයේ ලියවුනු ඉරණම්කාරී හොයාගෙන එයි..එතකන් හිත හදාගෙන බලන් ඉන්න :)


    @~තරූගේ ලෝකය~ - ඒකනෙ අයියා... බලන්නකෝ.. කාලය කරන වෙනසක හැටි..:(

    ReplyDelete
  31. @බට්ටි -හ්ම්ම්ම් ඒකනෙ බට්ටියෝ... ඔව්වා හරිම ලාබ වැඩ නේ?? අද හුගාක් වෙන්නෙ ඔහොම කතා තමයි..


    @N K K - හෆ්ෆෝයී!!! රූපෙට ආදරේ කරන කොල්ලො, එතකොට ඔය ව්එන අරමුණු වලින් ආදරේ කියලා හිතාගෙන කියන කොල්ලො තමා අන්තිමට ඔහොම කියන්නෙ.
    හිහ්හ් ඕකෙන්ම පේන්නෙ.. ඉතින් බැරිවෙලාවත් කෙල්ලට මොකක් හරි දරුණු ලෙඩක් හැදුනොත්, නැත්තම් අනතුරක් ව්උනොත් එහෙම කොල්ලා, කෙල්ලගෙ පෙනුම හොඳ නෑ කියලා එපා කියලා දාලා යයි.. හෆ්ෆෝයි ඒ වගේ අවස්ථාවාදී විදියට හිතන පිරිමි ඕනෙ නෑ...සැබෑ වටම ආදරේ කොල්ලෙක්නම්, තම්න්ගෙ කෙල්ල කොහොම වුනත්, හිත ලස්සනයිනම්, සුවඳනම්, ආදරේ වෙන්නෙ ඒ හිතටයි මනුස්සකමටයි, එහෙම ආදරේ බෝධිසත්ව කුලේ පිරිමිත් එහෙන් මෙහෙන් ඉන්නවා.. බහුතරයක් හැබැයි ඔහොම අවස්ථාවාදී ව්දියට හිතන අය තමා ඉන්නෙ..

    ReplyDelete
  32. පොදු තියරියනේ........................ඔහොම තමයි

    ReplyDelete
  33. පිළිතුරක් .........
    N N K said...
    ඇත්තටම එහෙම කියනවා නම් වැරදියි. එත් එහෙම කියන්නත් හේතුවක් තියන්න පුළුවන්. සමහර වෙලාවට girls ලා කවුරු හරි එක්ක යාලු උනාම හරි marry කරට පස්සේ තමන් ගැන හිතන්නේ නැතිකම නිසා වෙනස් වෙනවා මම කිව්වේ රුපෙන්. ඉතින් එහෙම උනාම එපාවෙන වෙලාවල් තියෙන්න පුළුවන්. මොකද කවුරුත් කැමතියි තමන්ගේ පෙම්වතිය නැත්නම් බිරිද ලස්සනට තමන්ට ආදරෙන් ඉන්නවා දකින්න .... කොහොමත් හැමතිස්සෙම නහයෙන් අඩන කාටවත් කවුරුත් කමතිවෙන්නේ නැ ...

    ඉහතින් දැක්වෙන්නේ මම එක්තරා බ්ලොග් අඩවියක පළවුණු ලිපියක් වෙනුවෙන් දක්වනු ලැබූ අදහසක්. එම ලිපියේ අන්තර්ගතය සැකෙවින් නම් පෙර තමාට ආදරෙන් ආමන්ත්‍රණය කොට පසුව එපාවුණු ආකාරයෙන් වදයක් යයි ආමන්ත්‍රණය කිරීමයි. මගේ අදහසට එම බ්ලොග් අඩවියෙන් ලැබුණු පිළිතුර පහත දැක් වේ. ( මෙසේ දැක් වීම හුදෙක් තේරුම් කිරීම පිණිස මිස අපහසු තත්වයකට පත්කිරීමේ අදහසින් නොවන බව සලකන්න....)

    @N K K - හෆ්ෆෝයී!!! රූපෙට ආදරේ කරන කොල්ලො, එතකොට ඔය ව්එන අරමුණු වලින් ආදරේ කියලා හිතාගෙන කියන කොල්ලො තමා අන්තිමට ඔහොම කියන්නෙ.
    හිහ්හ් ඕකෙන්ම පේන්නෙ.. ඉතින් බැරිවෙලාවත් කෙල්ලට මොකක් හරි දරුණු ලෙඩක් හැදුනොත්, නැත්තම් අනතුරක් ව්උනොත් එහෙම කොල්ලා, කෙල්ලගෙ පෙනුම හොඳ නෑ කියලා එපා කියලා දාලා යයි.. හෆ්ෆෝයි ඒ වගේ අවස්ථාවාදී විදියට හිතන පිරිමි ඕනෙ නෑ...සැබෑ වටම ආදරේ කොල්ලෙක්නම්, තම්න්ගෙ කෙල්ල කොහොම වුනත්, හිත ලස්සනයිනම්, සුවඳනම්, ආදරේ වෙන්නෙ ඒ හිතටයි මනුස්සකමටයි, එහෙම ආදරේ බෝධිසත්ව කුලේ පිරිමිත් එහෙන් මෙහෙන් ඉන්නවා.. බහුතරයක් හැබැයි ඔහොම අවස්ථාවාදී ව්දියට හිතන අය තමා ඉන්නෙ.

    පළමුවෙන්ම ඔබ සදහන් කරන පිළිතුර නිවැරදිය. ඒ ඇය අවලස්සන වී ඇත්තේ ලෙඩක් හෝ කුමන හෝ අනතුරක් සිදුවීම නිසානම්.. එහෙත් මා මෙහි අදහස් දක්වා ඇත්තේ සාමාන්‍ය ජිත්යක් පාදක කොට ගෙනය. මම මෙසේ ඔබෙන් අසන්නම්.. ඔබට පිරිසිදු කමක් නොමැති අයෙකුට ආදරය කල හැකිද ?? නැත්නම් ඔබ ආදරය කරන පුද්ගලයා හදිසියේම ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු ( මුණ සේදීම , රැවුල කැපීම ,කොන්ඩේ කැපීම, පිරිසිදු වස්ත්‍ර ඇදීම, ස්නානය ) නොකරනවා නම් ඔබට ඔහුට ආදරය කල හැකිද ?? ඔහුගේ හිතටවත් ..! සහෝදරිය එසේ කාටවත් කල නොහැකිය. විවාහක අයගේ පවුල් ජීවිතය විනාස වීමට ප්‍රධාන හේතුවක් බවට මෙය පත්ව ඇති මනෝ වෛද්‍ය වරු හා වෙනත් වෛද්‍ය වරු පිළිගෙන ඇති කතාවකි..
    ඔබ පවසන අන්දමට ලේදවිමක් නිසා හෝ යම්කිසි අනතුරක් සිදුවීම නිසා අවලස්සන වුනු විට හැර දමායමක් සිදුවෙනවානම් එය වැරදි දෙයකි. විටක එවන් අවස්තවක ඔවුන් අතර ඇති ආදරයද වැඩිවිය හැකි බව මට හැගෙයි..
    මෙගැනත් සිතන්න
    ආදරයක් ඇතිවීමට මුලිකවම බලපාන හේතු සාදකය රුපයයි. ඔබ දැනට කාටහෝ ආදරය කරනවානම් ඔහුගෙන් අසන්න ඔහු ඔබට ආදරය කිරීමට පෙලබුනේ කුමක් නිසාද කියා. නැත්නම් ඔබ ඔබෙන් අසන්න ඔබ ඔහු ගැන සිතීමට පෙලබුනේ කුමක් නිසාද කියල. එය රූපයත් සමග යන ඔහුගේ විශේෂ ගුණක් වෙන්නට පුළුවන්. නිසැකවම අදහස් නම් වෙන්නට නොපුළුවන. සමහර වෙලාවට අදහස් වලට ආදර කරන්නට ගිහින් ආමරුවේ වැටෙන්නා වූ ගැහැනුලමුන් අපට හොයාගැනීමට අපට පුළුවනි... අනික යෝජිත විවාහයකදී වුවද මුලින්ම බලන්නා වුකරනවා රුපය බව මතක තබාගන්න.. සැමවිටම සත්‍යට මුහුණ දෙන්න..
    අදහස් වලට පමණක් ආදරය කරමින් පෙමනිය ජිවිත ගතකල වුන් ගැන මම නම් ආස නැත විටක එය මාගේ නොදැනුවත් කම විය හැකිය...
    ඔබද කොල්ලෙකු දිහා බලන්නේ ඔහු ලස්සන නිසාබව මතකයේ තබා ගන්න
    මෙය හුදෙක් තේරුම් කිරීම පිණිස ලියන ලද්දක් බව නැවත නැවතත් සිහිපත් කරමි.. ඔබට අපහසුතාවයක් සිදුවුනිනම් කනගාටුව ප්‍රකාශ කරමි...

    ReplyDelete
  34. @N K K-එක එක්කෙනා හිතන විදිය වෙනස්නෙ.. මොනා වුනත් ස්තූතියි ඔයාගෙ දීර්ඝ අදහස් ටිකට...:)

    @රහස් පරීක්ෂකයා- ම්ම්ම්ම්ම්ම්....:)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....