නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 November 2011

උදාවූ වසන්තය සදා කල් රැඳේවා!!!!!!!!!!

හිතූට තියන බරපතලම චෝදනාවක් තමා, දුකම හිතෙන ඒවා විතරයි නිතරම ලියන්නෙ කියන එක.ඉතිං ඔන්න අද ලියන්නෙ නම් සුභදායී විදියට අවසාන වුන කතාවක් ගැනයි.හුගාක් දෙනෙක් කැමතියිනෙ මේ "හැපී එන්ඩින්ස් " වලට.හැමෝම කැමති ඕනෙම කතාවක් හරිම සතුටු දායක විදියට ඉවර වෙනවා දකින්නයි.නවකතාවක වුනත්, චිත්‍රපටියක වුනත්,කොටින්ම කිව්වොත් අපේ සැබෑ ජීවිතේ සිද්ධ වෙන කතන්දර වලදි වුනත් , අපි කැමති සුභ අන්තයක් දකින්නයි.


මේ කතාව ඇත්තටම මගේ  හොඳ යාළුවෙක් ගැනයි.මීට මාස ගානකට කලින් මට මුණ ගැහුනත්, හම්බුන හොඳ යාළුවො අතරේ ඉන්න හොඳ යාළුවෙක්.කතාවට කලින් මම යාළුවා ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ.


පුද්ගලයා පිරිමි ළමයෙක්.මෙයාට අපේ කට්ටිය කියන්නෙ ආදරේට Family Guy කියලායි.තව සමහරු Tattoo කියලාත් කියනවා.:D එහෙම කියන්නෙනම් කොටාගෙන ඉන්න Tattoo හින්දායි.පොල් ගහක් විතර උස,ජිම් (පංති) ගිහින් කාය වර්ධන ව්‍යායාම එහෙම කරලා බොඩිගාර්ඩ් වගේ ඉන්නෙ.(බොඩි ගාර්ඩ් ෆිල්ම් එක එහෙම බැලුව අය දන්නවා ඇතිනෙ බොඩිගාර්ඩ් ඇවිදින විදිය ;)අන්න  එහෙම තමා මෙයා ඇවිදින්නෙත්.:p ) ඒවගේම හැබැයි ඉතින් කියන්න ඕනෙ,මෙයා හරිම හොඳ යාළුවෙක්.ටිකක් විතර ගණන්කාරයෙක් වුනාට හිත හොඳ,අවංක, ගුණ යහපත් ළමයෙක්. ඔන්න ඔහොම තමා ටැටූ ගෙ විස්තර.


ඔන්න ඉතින් ටැටූ අපිත් එක්ක එයාගේ ආදර කතාව දිග ඇරියා.පැනඩෝල් පෙත්තකින් පටන්ගත්ත ඒ සුන්දර කතාවට මේ වෙද්දි අවුරුදු 5ක් වෙනවා.අපේ ටැටූ ගෙ හිත දිනාගත්ත මේ පුංචි කෙල්ල තමා Pinky


දහම් පාසලෙන් හම්බවුනු මේ දෙන්නගෙ කතාව මෙච්ච්ර කාලයක් ගලාගෙන ගියේ එහෙම සුන්දර ,වටපිටාවක් මැදනම් නෙවෙයි.අතිශය බාධා,කරදර මැදයි.ඒකට හේතුව තමා මේ දෙන්නාගෙ සම්බන්ධෙට පින්කි ගෙ ගෙදරින් එල්ලවුනු බලවත් විරෝධතාව.(හැබැයි ඉතින් ආදරේ වුනත් චුට්ටක් බාධා ඇති වුනාම අමුතු ගතියක් තියන්වලු නේ? ) විරුද්ධ වෙන්න තරමට ප්‍රබල සාධකයක්, හේතුවක් නොතිබුනත්,පින්කි ගෙ ගෙදරින් මේ සම්බන්ධෙට එක හෙළාම විරුද්ධ වුනා.කොහොමත්  ගෑණූ ළමයෙක්ගෙ ගෙදරට එහෙම පලහිලව්වක් අහුවුනාම ඉතින් කෝටියක් ප්‍රශ්න නෙ.හේතු අනවශ්‍යයි.නිදහසට කරුණු අනවශ්‍යයි. නිවාස අඩස්සියෙ තමා.(අත්දැකීමෙන් එහෙම නෙවෙයි ඔන්න කිව්වෙ ;) ). 


හැබැයි ඉතින් ඔය තත්වය හැම තැනකමත් නෑ..ටැටූ ගෙ ගෙදරිනුත් මුලින්ම බර බරේ දැම්මට, පසු කාලීනව සම්බන්ධෙට අනුමැතිය ලැබුනා.ළමයින්ගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතලා බලන්න ඕනෙනෙ කියලා හිතපු,ටැටූ ගෙ අම්මාගෙ ආශිර්වාදය එයාට ලැබුනා.ඒ වගේ ගෙදර හැමෝගෙම ආශිර්වාදය සහයෝගය ලැබුනා.අවසානෙදි පින්කි ටත් හුගාක් ආදරේ වුනා වගේම එයාලගෙම දරුවෙක්ට වගේ, ඒ හා සමානවම සැළකුවා. නමුත් පින්කි ගෙ ගෙදරින් නම් එහෙම අනුමැතියක් ලැබීම , කවදාහරි අවසර ලැබීමත් හීනයක්ම වගේ වුනා.කිසිම බුරුලක් පින්කි ට නම් ලැබුනේ නෑ..කිසිම නිදහසක් දුන්නෙත් නෑ..


ඔහොම ඔහොම කාලෙ ගත වෙලා යද්දි, ටැටූ ත් ඉතින් බොහොම දුක් කම්කටොළු මැද , සියල්ල දරාගෙන, සියළු කටු කාගෙන, බොක්කෙන්ම පින්කි ට ලව් කලා. පින්කි ත් එහෙමයි.ෆෝන් එකක් නැතිව,නිතර දකින්න හම්බෙන්න බැරිව වුනත්, මේ ආදර කතාව දිගින් දිගටම ගලාගෙන ගියා.(හොරාට හොරාට ඉතින් දෙන්න හම්බෙන්න ඇති. තිරයේ පිටුපස කතා වැඩිපුරම හිතූ දන්නෙ නෑ..)මෙව්වා ලියලා ගුටි කන්න වෙයිද මංදා... :D


ටැටූ ගෙ අම්මා කියන විදියටනම් ටැටූගෙයි, පින්කිගෙයි සම්බන්ධෙ නිසා පින්කි ට ගෙදරින් ඇති වුනු ප්‍රශ්න එක්ක,මේ සම්බන්ධෙ නවතින්නෙ නැතිව මේ තරම් කාලයක්,( අවු.5ක් තරම් ලොකු කාලයක්) පවත්වගෙන ආපු එකත් හරිම පුදුමයිලු.ඒ ටිකම ඇති, පින්කි කියන්නෙ ස්ථිර අදහසක්, එක අරමූණක්, අවංක හිතක් තියන හොඳ ගෑණු ළමයෙක් කියලා ඔප්පු වෙන්න.


ඔන්න ඉතින් ටැටූ යි, පින්කි යි කාලයක් තිස්සෙම මවපු හීනයක්නෙ, එයලා දෙන්නාට සදහටම එයාලගෙ වෙන්න ලැබෙන්න කියන එක.ඉතින් මේ හීනෙ ඒ විදියටම හැබෑ වුනා.:D ටැටූ ට පින්කිව අයිති වෙලා ඉවරයි තමා. හැබැයි ඒකට නීතියෙන් ලැබෙන්න ඕනෙ අවසරයත් ඔන්න ළගදි ලැබුනා.ඒ කිව්වෙ ටැටූ ට පින්කිව නීතියෙනුත් අයිති වුනා.


ටැටූ ගෙ දෙමව්පියන්ගෙ අශිර්වාදය මැද, නීතියෙනුත් පින්කිව තමන්ගෙම කරගත්තෙ, අනාගතේදි මොනාහරි දෙයක් නිසා, පින්කිව ඈත් කරගනීවි කියලා බයටයි.නමුත් තවමත්, පින්කි එයාගෙ දෙමව්පියන් ලග පුරුදු විදියට ජීවිතේ ගෙවනවා.ටැටූත් සුපුරුදු විදියට එයාගෙ කටයුතු කරගෙන යනවා.ටැටූ කියන්නෙ කවදා හරි තමන් හොඳ ස්ථාවරයකට ඇවිත්, පින්කිව එයාගෙ ළගටම ගන්න පුළුවන් වෙනකම් පින්කි ත්, ටැටූත් මේ ඉන්න විදියටම ඉන්නවා කියලයි.


කොහොම වුනත්,පුංචි හේතුවකටත්,තමන් ආදරේ කරන ගෑණු ළමයාව අතෑරලා දාන පිරිමි ළමයිත්, පොඩි ප්‍රශ්නෙකටත් තමන් ආදරේ කරපු පිරිමි ළමයව අතෑරලා දාන ගෑණූ ළමයිත් ඉන්න කාලෙක,පිනකි යි ටැටූ යි සැබෑ ආදරේ වෙනුවෙන් හොඳ සංකේත දෙකක් කියන්න පුළුවන්.


අවසානෙදි ආදරේ වෙනුවෙන් සටන් කරලා දිනාගත්ත ඒ අයිතියත්, පින්කිගෙ ලස්සන හිතත්, ඒ ආදරෙත් එක්කම, තියන බාධක ඔක්කොම නැති වෙලා, ලබන අනාගතේ හුගාක් සුන්දර, වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අපේ "සෙට් එක" ( මම බ්ලොග් එකේ ලියලා නැති මේ සෙට් එක) වාසනාවන්ත අනාගතේකට ටැටූ ටත්, පින්කිටත් සුභ ප්‍රර්ථනා කරනවා..!!!!




එක්වුනු අතැඟිලි සැමදා රැඳේවා
සිත පිරි සොම්නස සදාකල් තිබේවා
ආදරේ නාමයෙන් දිවිමගම දිනේවා
මලනුවනි නුඹේ ලොව ඇය සමඟ දිලේවා


ජීවිතේ හරිමඟම සැමදා පෙනේවා
ආදරේ නොනිමි සුව දිවිතුරා රැදේවා
පැතු පැතුම් දුටූ හීන එලෙසෙම ඉටු වේවා
උදාවූ වසන්තය සදා කල් රැඳේවා  ෴.
                 
ප.ලි- වාසනාවන්ත, සුන්දර, ආදරණිය අනාගතේකට පිනකිටත්, ටැටූටත් සුභ පැතුම් පතන්නෙ- ඩයිනෝ,කුක්කා, බස්සී,මැක්සී, ඒප්‍රන් සමග හිතූ :D


ප.ප.ලි- හිතූ හැරුණූකොට ඉහත සදහන් නම් ගම් පිළිබඳව පසු දිනෙක විස්තර සහිතව ලිපියකින් හමුවෙමු!!! ;)

Post Comment

34 comments:

  1. ඔන්න අපිත් ටැටූටයි පිංකිටයි සුබ අනාගතයක් පතනවා. මම නම් හැපි එන්ඩින්, දුක හිතෙන කතා කියලා නෑ.හැම කතාවක්ම කියවනවා.

    ReplyDelete
  2. අද මමයි එක. හුරේ !!!හුරේ !!!!

    ReplyDelete
  3. මමත් එ් දෙන්නට සුභ අනාගතයක් පතනව හොඳේ! :) :) :) :) :) :) :) :) :)

    ReplyDelete
  4. ටැටුටයි පිංකිටයි මාත් සුභ පැතුවා කියන්න..

    ReplyDelete
  5. කිරිල්ලිත් එයාල දෙන්නට සුභ පැතුව කියන්න හොඳේ?

    ReplyDelete
  6. මමත් පෙරුම් පුරලා පුරලා ටැටූ එකක් කොටා ගත්තා අතේ...ගෙදරට කිව්වේ මාස 6 මැකොනවා කියලා...දැං මාස 4 ...තව මාස 2 කින්.............හප්පේ...

    ReplyDelete
  7. ඔන්න මමත් සුබ පතනවා!

    ReplyDelete
  8. මමත් ටැටූටයි පිංකිටයි සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නංගෝ,. :)

    ReplyDelete
  9. ශ්‍රී ශුභ පැතුම් ඉෂ්ඨවේවා

    ReplyDelete
  10. මාල ලව් එකක්නෙ තිබිලා තියෙන්නෙ. එහෙම ලව් අඩුයි මේ කාලෙ. ඩබලට සුබ අනාගතයක් කිව්වා.

    ReplyDelete
  11. ෂා...ජය වේවා... පින්කි,ටැටූ දිගුකල් දිනේවා.....

    ReplyDelete
  12. ශා... අපෙත් ඉන්නවා එකෙක්. මධූ කියල. ඔය වගේම දහම්පාසල් ප්‍රේමයක්.. අවුරුදු 5 යි.... (දෙන්නම කියන්නේ එක්කෙනෙක් ගැන නෙමෙයි වෙන්න ඇති නේ? ;) )
    ඒ ආදරේට උදැල්ල දාන්නේ මධුගේ පැත්තෙන්. ඒ කියන්නේ කොල්ලගේ පැත්තෙන්.. දැන් ඒ ප්‍රශ්නත් අපිට අපේම ප්‍රශ්න වෙලා.. :D :)

    ටැටූටයි , පින්කිටයි මුළු හදවතින්ම සුබ පතනවා. :)

    ReplyDelete
  13. වාසනාවන්ත දෙන්නේක් නෙ බලාගෙන ගියාම...සැබෑ ආදරේ කියන්නෙ ඔන්න ඕවට තමා...ඒ දෙන්නගෙ ජීවිතයට දිල්ගෙන් සුබ පැතුම් ! ජීවිතේ වාසනාවන්ත වේවා !

    ReplyDelete
  14. දෙන්නටම සුබ අනාගතයක්..මතු දවසක වාසනාවන්ද විවාහ දිවියක් ගෙවන්ඩ පුලුවන් වෙවා කියලා පතමි.

    ReplyDelete
  15. tattoo tay pinkytay suba anagathayak kiyala prarthana karanewa :)

    ReplyDelete
  16. අනේ ලස්සනයි. එයාල හරිම වාසනාවන්තයි.

    ReplyDelete
  17. ජයවේව!!! අවුරුදු 5 ක් සත්‍ය ප්‍රේමය ජය ගනී

    ReplyDelete
  18. @මධුරංග අයියා- ම්ම්ම්ම්.... :D එහෙනම් හොදයි. අයියා මගේ හැම කතාවක්ම කියවන්න එනවනෙ හැමදාම..:) ස්තූථියි සුභ පැතුම් වලට.
    හුරේ!!! අද අයියා පළවෙනියා :D


    @තනි අලියා -ස්තූතියි මල්ලී :)



    @Dinesh අයියා- හරි ම්ම කියන්නම් අයියා..:D ස්තූතියි ඔයාටත්

    ReplyDelete
  19. @වින්චැට් කිරිල්ලී. - හරි.. කියන්නම් අනිවාර්‍යෙන්ම..:) ස්තූථියි!!!


    @ඔබ නොදු‍ටු ලොවක්..... - කොහොම හරි ටැටූ එකක් තියනවනෙ දැන්... ඉතින් සතුටු වෙන්න.:)



    @විසිතුරු - ස්තූතියි විසිතුරු..:)

    ReplyDelete
  20. @ප්‍රාර්ථනා අක්කි- හුගාක් ස්තූතියි අක්කි!!!!


    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ -ස්තූථියි අයියේ... අපිත් එහෙම්ම ප්‍රාර්ථනා කලා..


    @සීතල අයියා - ඒක්නෙ.. මාරම ලව් එකක් ඒක..:D ම්ම්.... කලාතුරකින් සැබෑම ප්‍රේමයක්..:) ස්තූථියි අයියාටත්

    ReplyDelete
  21. @නිසුපා අක්කා- හුරේ!!! ජය වේවා!!!! :D



    @Ice නගා- අහ්හ්... නෑ මං හිතන්නෙ අපේ එක්කෙනා දැන් විවාහකයි නොවැ ;) එක්කෙනෙක් වෙන්න බෑ..:D
    අහ්හ්. ඔන්න එහෙනම් හිතූ ප්‍රාර්ථනා කරනවා මධූටත් ඉක්මනටම එයාගෙ අඅදරේ හිමි වෙන්න කියලා, සදාකාලිකවම..
    ස්තූතියි නගෝ


    @දිල් අක්කා- හ්ම්ම්... ඔව් හරිම වාසනාවන්තයි තමයි අක්කෙ.:) ස්තූතියි අක්කාටත්..

    ReplyDelete
  22. @Raj -ස්තූතියි සහෝ :)


    @Glimmer Girl -තෑන්ක්ස් කෙල්ලෙ.:)


    @වර්ණා -හ්ම්ම්.... හුගාක් වාසනාවන්තයි :) තෑන්ක්ස් ඔයාටත් :)


    @අසරණයා -හුරේ!!!! ජය වේවා!!! දින්නා නේන්නම්... ස්තූතියි ඔයටත්

    ReplyDelete
  23. <3 <3 <3 painkiller love..........

    ReplyDelete
  24. හොඳ අවසානයක් ඇති ආදර කතාවක් කාලෙකින් ඇහුවේ
    ටැටු සහ පිංකි දෙපොළට සුභ අනාගතයක්.....!!

    ReplyDelete
  25. ජය මංගලම්!!!! ඒ දෙන්න ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  26. @Ano- :) :)

    @ලොකු පුතා -ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒකනේ..:) ස්තූථියි හුගාක්


    @මහි - බොහොම ස්තූතියි ඔයාටත්

    ReplyDelete
  27. ඒ කිව්වේ තාම කෙල්ලගේ පැත්තෙන් දන්නේ නෑ නේද? කොහොමහරි කමක් නෑ, දැන් ආයෙත් වෙන් කරන්න බෑ නේ ඉතින්. ඒ කෙල්ලයි කොල්ලයි ගැන නම් කියන්න වචන නෑ. හැමෝම ඔය විදියට හැමදාම එක හිතකින් ආදරේ කරනවා නම් කොච්චර හොඳද.

    (හලේ නගෝ මම හිතුවේ මම ඔයාගේ බ්ලොග් එක ෆලෝ කරලයි ඉන්නේ කියලා. අද බ්ලොග් රෝල් එක අප්ඩේට් කරන්න බලනකොටයි දැක්කේ ඔයාව ෆලෝ කරලා නෑ කියල. ඔන්න අද ඉඳල මාත් ඔයාගේ පස්සෙන් පන්නනවා.:))

    ReplyDelete
  28. හ්ම්ම්..... කෙල්ලගෙ පැත්තෙන් දන්නෙ නෑ... කරන්න දෙයක් නෑනෙ අයියේ.. එයාලගෙ පැත්තෙන් තේරුම් ගන්නෙ නෑ..එතන්දි අසරණයිනෙ..අවසානෙදි මෙහෙම තීරණේකට එන්න වුනා. හොරෙන් පැනලා යන්න යනවට වඩා මෙහෙම හොදයිනෙ..:)ඔව්.. වාසනාවන්ත, හොද කපල් එකක්..:)

    (අහ්හ්හ්.. අයියගෙ ලිපිනම් මම පුලුවන් හැම වෙලාවටම කියවනවා.. කමක් නෑ.. අද ඉදන් පස්සෙන් පන්නන්නකො එහෙනම්.. හිහ් හි..:D)

    ReplyDelete
  29. කේක් ඕනේ........... ගොඩ ආ.... එලනේ

    ReplyDelete
  30. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්...:D කේක් අපි කෑවා

    ReplyDelete
  31. දෙන්නටම සුබම සුබ අනාගතයක් වේවා කිව්ව ඕං..............

    ReplyDelete
  32. අපිට කේක් හම්බ උනේ නැනේ..!!ම්ම්ම්...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....