නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

10 December 2011

තටු සිඳුනු සමනළී -13 වන කොටස

කතාව ඩිංග ඩිංග අවසානයට ලං වෙලා කියලා කට්ටිය දැන් බලන් ඉන්නවා ඇති.. තව තියනවා.. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.. ඔන්න කොටස් පල කරන්න ප්‍රමාදයි කියලා නම් හිතූට බනින්න එහෙම එපා..:(

මුල කොටස් අමතක අය, කියවපු නැති අය කියවලාම එන්නකෝ..

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12

අද 13 වන කොටස මෙතැන් සිට...

----------------------------------------------------------------------------------------------------------

දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ, හදවත් ගැහෙන්න අමුතුම රිද්මයකටලු.පුංචි දේටත් හිත ගැස්සෙනවා වැඩියිලු.අනේ මංදා ඔය අනං මනං කතා අහලා තිබ්බට මොකද ,මට ඔය ඔක්කොම ඇත්ත නේද කියලා තේරුණේ, දසුන් එක්ක කතා කරද්දි මගේ හිත ගැස්සිලා යන අවස්ථා වලදියි.

ඩග් ඩග් ගාලා පපුව ගැහෙද්දි, මම දසුන්ට පෙරැත්ත කර කර ඇහුවෙ මොකක්ද වුන ප්‍රශ්නෙ කියලායි.ඒත් මම කලබල වෙලා උන්නු නිසාදෝ දසුන් උන්නෙත් බයෙන්.

"අනේ දසුන් කියන්නකෝ..මොකක්ද වුනේ?"

"අනේ මධූ ඒක මේ චූටි ප්‍රශ්නයක් කෙල්ලෙ. ඔහොම බය වෙන්න එපා."

"හරි ඉතින්. කියන්නකෝ.. මොකක්ද වුනේ?"

"මේකයි මධූ..අපේ අම්මලාටත් කොහෙන් හරි ආරංචියක් ගිහින් මම කවුරුහරි ගෑණු ළමයෙක් එක්ක යාළුයි කියලා."

"මොනවා? දෙයියනේ!!! දසුන් ඇයි අපිටම මෙහෙම වෙන්නෙ....අනේ...."

මට දසුන් එහෙම කිව්වහම ඇති වුනේ අපරිමිත බයක්.පුංචි දේටත් මහ හුගාක් කලබල වෙන මම, ඒ මොහොතේ පරතෙරටම හිතලා හුගාක් බය වුනා.ඇඬෙන්න ඔන්න මෙන්න වගේ මගේ කටහඬ වෙනස් වෙද්දි, දසුන් ආයෙත් මාව සනසවන්න කතා කළා.

"ඔහොම බය වෙන්න එපා මධූ.. තාම මුකුත් වුනේ නෑ.. අපේ අම්මාලාට කවුරුහරි මාව මෙහෙම පාරෙ යද්දි දැකලා කියලා මං හිතන්නෙ."

"බය නොවී කොහොමද??ඔයාට තේරෙන්නෙ නෑ මට තියන බය. අම්මලා මොකද කිව්වෙ ඉතින්?"

"හ්ම්... බය වෙන්න එපා.අපි එන දේකට මූණ දෙමු මධූ...අම්මා උදේ කිව්වෙ මග දිගට එනකොට අඳුරන ගෑණූ ළමයි එක්ක කථා කරනවා නේද, ඒකටනම් කමක් නෑ.ඒත් සම්බන්ධකම් එහෙම නම් පටන්ගන්න ලෑස්ති වෙන්න එපා කියලා"

"ඒ කියන්නෙ අම්මලාට ආරංචි වෙන්න ඇති මොනා හරි."

"මේකයි මධූ... අපේ අම්මාලා කියන්නෙ මට ඒ ලෙවල් කරලා ඉවර වෙලා..රට යන්න කියලා.ඒ නිසා මට එකසැරේම විභාගෙ පාස් වෙන්නලූ.පිස්සු නටන්න හදන්න එපාලු.පටළැවිලි හදාගෙන පස්සෙ චුරු චුරු ගාන්න එපාලු"

"මොකා....ක්??"

"මොනාද දසුන් මේ කියන්නෙ?? ඒ කියන්නෙ ඔයා...ඔ....ඔයා.. මාව දාලා යනවා.."

පෙරුම් පුරාගෙන ,සංසාරෙ පුරාවටම පතාගෙනම ඇවිත්, යශෝදරා දේවියටයි, සිදුහත් කුමාරයටයිත්, ආත්මෙකදි වෙන්වෙන්න වුනා නම්, මම කවුද? මොහොතකට මට දැනුනේ විශාල ආත්මානුකම්පාවක්. මේ තරම් ආදරේ කරලා අවසානෙදි වෙන්වෙන්න වුනෝතින් හිත හදාගන්නෙ කොහොමද?මහා ගොඩක් හීන බලලා, බලාපොරොත්තු එකතු කරලා අවසානෙදි ඉතිරි වෙන්නෙ කඳුළු විතරක්නම්?? මේ ආදරේ මිරිඟුවක්  නම්, මේ මිරිඟුව පස්සෙ දුවලා හති වැටිලා අතරමං වෙන්න වුනොතින්??

හිත ඇතුළෙන් ප්‍රශ්න ගොඩකට මම උත්තර හෙව්වා.ඒත් එකම ප්‍රශ්නයකටවත් උත්තර හිතාගන්නවත් මට බැරි වුනා.ආදරේ කියන්නෙ මේ තරම් අමාරු ප්‍රශ්න පත්තරයක්ද කියලා හිතුනා.හිත පුරාම මහා ගින්නක් ඇවිලිලා ගියා වගේ දැනුනා.අකුණු සිය දහස් ගණනක් එකවරම පුපුරා ගියා වගේ හිත ඇතුළේ දෝංකාර දුන්නෙ එකම ගිගිරුමක්.

"මධූ........."

දසුන් අසරණ ,අනුකම්පා සහගත ස්වරයකින් මට කතා කළා.

"ම්ම්ම්ම්ම්ම්....."
මම  ඇස් අගට උනපු කදූළු කැටයක් වැටෙන්න නොදී පරිස්සමට කතා කළා.

"මේ බලන්න මධූ....කෝ...ඔය..අනේ බලන්න ඔයාගෙ ඇස් වල කඳූළු... ඇයි මධූ??"

"ඇයි අහන්නෙ දසුන්? ඔයා කියන්නෙ මට හිනා වෙන්න කියලද?මහ පුදුම කතාවක්නෙ..ඔයා මාව දාලා යද්දි ඔයා කියනෙ මට හිනා වෙන්න කියලද?"

මම ඉන්නෙ කොහෙද, මොනාද කියන්නෙ, මොකක්ද වෙන්නෙ, කිසිම දෙයක් අමතක වුනු විදියට, මහා හයියෙන් කියාගෙන කියාගෙන ගියේ හිතේ ඇති වුනු වේදනාවට.හංගගෙන උන්නු කඳූළු කැට පෝළීමක් මටත් නොදැනිම කම්මුල් දිගේ ගලාගෙන ගියේ අනවසරයෙන්මයි.

"මේ අහන්න මධූ .. මම තාම ගියේ නෑ.. මම කිව්වෙ අම්මාලා කියන දේ විතරයි. මගේ තීරණේ මොකක්ද කියලා ඔයා දන්නවද? නෑනෙ.. ඇයි ඔහොම කලබල වෙන්නෙ?දෙයියනේ.... අපරාදේ මම ඔයාට මේවා කියන්න ගියේ.."

"මම දන්නෙ නෑ දසුන්. ඒත් මම නිසා ඔයාට අම්මලාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ නොකර ඉන්න බෑනෙ. එහෙම කළොත් මට පවු පිරෙයි. ඔයා යන්න.කමක් නෑ.."

"දෙයියනේ මධූ... මේ අහනවා. දැන් ඇති හොඳටම. මම යන්නෙ නෑ.. අනික ඕක අද හෙට වෙන්නෙ නෑ.. ඒ ලෙවල් වලට තව අවුරුද්දකට වඩා තියෙනවනෙ."

"ඔයා කොහේ ගියත්, ඔයාගෙ ආදරේ මගේ ලඟ තියෙනවනෙ දසුන්..මේ හිතේ ඔයා පුරවපු ඉඩ පුරවන්න ආයෙත් වෙන කාටවත්ම බෑ...ඒ ඉඩ හැමදාමත් ඔයාට විතරයි අයිති. ඔයා දවසක මට අයිති නැති වුනත්, ඒ ඉඩ එහෙමම තියේවි.මම දන්නෙ එච්චරයි."

"මම දන්නවා මධූ. මාත් එහෙමයි.  මම ඔයාව දාලා යන්නෙ නෑ..යන දිහාක යන්නෙ ඔයාවත් අරගෙන."

"පොරොන්දු දෙන්න ලේසියි දසුන්. හැබැයි හදවතේ තියාගෙන ඉන්න කෙනෙක්ට දුන්නු පොරොන්දුවක් හදවතින්ම රකින එක හරි අමාරු වැඩක්."

"ඒක හරි චූටි.. හැබැයි මේක පොරොන්දුවක් නෙවෙයි, මේක අරමුණක්. ඔයාව දිනාගන්න එක, ලබාගන්න එක, අපි අපේ වෙන එක මට අරමූණක්.මම ඒ අරමුණට කොහොමහරි ළං වෙනවා.ඒක ස්ථීරයි.හොඳ ළමයා වගේ ඔයා පිස්සු විකාර හිතන්නෙ නැතිව හිනා වෙලා සතුටින් ඉන්න ඕනෙ.හරිද?"

"ම්ම්..... අනේ මංදා දසුන්.. මට මහා බයක් දැනෙනවා."

"බය වෙන්න එපා. මම කිව්වනෙ.මම ඉන්නවා ඔයා එක්ක."

"පරක්කු වෙලා නේද අපි යන් ඉක්මණට. මටනම් කීයට ගියත් කමක් නෑ. ඒත් රෑ වෙන්න කලින් ඔයා ගෙදර යන්න ඕනෙ. අන්න බස් එකක් එනවා..යන්.."

වෙනදා බස් එකට නැගලා තොර තෝන්චියක් නැතිව කියවන, සතුටින් ඉපිලිලා, හිනා වෙවී හුරතලේට ඉන්න මට , එදා හිනාවෙන්න අමතක වෙලා තිබුණා.දසුනුත්, මගේ වෙනස හමුවෙ අසරණ වෙලා කියලා මට හිතුණේ ඒ මූණේ තිබුණු බැරෑරුම් කම දැකලයි.

---------------------------------------------------------------------------------------------------------
හිටිහැටියෙම ලස්සනට තිබුණු ජීවිතේට මොනා වෙන්න යනවද කියලා නොතේරුණූ අත දරුවෙක් වගේ , මම අසරණ වුනා.ජීවිතේ මැදින් හමාගෙන යන මේ සුළි කුණාටුව ට බයේ මුළුගැන්විලා බෑ කියලත් නොහිතුනා නෙවෙයි. ඒත් හදවත සතු සියළු වත්කම් රැකගෙන මේ ආපදාවට මූණ දෙන්න තරම් හයියක් මට තියෙනවද කියලා මම හදවතින් සැරෙන් සැරේට අහලා බැලුවා.විශ්වාසය, ආදරය, පරාර්ථකාමීත්වය වගේ මේ ජීවිතය සතු අමිල වත්කම් ටික රැකගන්න අපොහොසත් වුනොත් , ජීවිතේ පාළු මූසල බංකොලොත් ජීවිතයක් නේද කියලා මට මොහොතකට හිතුණා.

මොන දෙයක් සිඳ්ධ වුනත් හොඳට ඉගනීම් වැඩ ටික කරගත්තොත් අම්මාගෙයි තාත්තගෙයි බලාපොරොත්තුවත් ඉෂ්ඨ කරලා හදවතට සැනසීමක් ළං කරගන්න පූළූවන් කියලා මම හිත ධෛර්‍යමත් කරගත්තා.

ඔය අතරේ මට මතක් වුනා, මීට ගොඩාක් කලින්, දවසක දිලූ කියපු කතාව. "ආදරේ කරපන් හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා."  


ඇත්තටම දිලූ එදා කිව්වෙ ඇත්තම ඇත්තක්. ඒත් ආදරේ ජීවිතේම කරගන්නෙ නැතිව ආදරේ කරන අය ඉන්නවද? එහෙම කරන්නෙ කොහොමද කියලා එදා දිලූගෙන් අහගන්න බැරි වුනු එක ගැන මම පුදුම වුනා.


එදා මම ගෙදර ඇවිල්ලත් කල්පනා කලේ දසුන් කියපු දේ ගැනයි.මට මොහොතකටවත් ඒ කාරණවෙන් තොර සිතුවිල්ලකට හිත ගෙනියන්න අමාරු වුනා.මොහොතින් මොහොත, සැරෙන් සැරේ හිතට වද දුන්නා.තාත්තගෙ ෆෝන් එකට ම්හ රෑ නැගිටලා මගේ සිම් එක දාගෙන මම දසුන්ට SMS  යැව්වා.දසුනුත් සැරෙන් සැරේ මගේ හිත හදන්න SMS එව්වා.ඒත් පහුවදා වෙනකම් ඉවසන්න බැරිම තැන මම දිලූට කෝල් එකක් ගන්න හිතුවා.කාටහරි මේක කියලා හිත නිදහස් කරගන්න ඕනෙ වුනා.


"හෙලෝ දිලූ.. ඔයා වැඩක්ද?"


"මොකද මධූ මේ?? කෙල්ලට අපිව මතක් වෙලා මේ මහ රෑ?"


"අනේ නෑ දිලූ මට පොඩ්ඩක් කතා කරනන් ඕනෙ. උඹ වැඩක්ද කියපන් කෙල්ලෙ.මම එහෙමනම් පස්සෙ ගන්නම්."


"අනේ නෑ.. මම ගණන් වගයක් තිබිලා හැදුවා. හෙට උඹ එන්නෙ නැද්ද ? මොකක්හරි ප්‍රශ්නයක්ද?"


"හෙට එනවා මම. ඒත් හෙට වෙනකම් ඉවසන්න බැරි තරම් ප්‍රශ්නයක් කෙල්ලෙ.මගෙ හිතට හරි වදයක්.ඒකයි කතා කලේ."


"හරි හරි. කියන්න . මොකක්ද වුනේ? දසුන් එක්කවත් වලියක් දාගත්තද?"


"හ්ම්ම්ම්ම්......"

"මොකක්ද මධූ..හති අරින්නෙ. හ්ම්ම්ම් හ්ම්ම්.. නොගා කියන්නකෝ..මොකෝ වුනේ?"


"අනේ මංදා දිලූ....දසුන් ඒ ලෙවල් ඉවර වෙලා රට යනවලු."


"මොකක්?? ඉතින්??"


"ඉතින්.... අනේ මංදා.. එයාට ගෙදරින් කියන්නෙ එහෙමලු. එයානම් කැමති නෑ එච්චර. එයා කියන්නෙ යන්නෙ නෑ කියලා. ඒත්... මට බයයි දිලූ.."


"හ්ම්... එයාව උඹට විශ්වාසයි නේද? එයා උඹව දාල යාන් එකක් නෑ.. ගියත් ඉතින් එහෙම උඹව අමතක කරන එකක් නෑනෙ...බය වෙන්න එපා.කලබල වෙලානෙ උඹ."


"කලබල නොවී කොහොමද දිලූ.. මට හරිම බයයි.. මට දරාගන්න බැරි වේවි ...මම මොකද කරන්නෙ? තව දුර ගිහින් මට එයාව නැති වෙන එක මහ දුකක්නෙ.."


"ඉතින් දැන් උඹ මක් කරන්නද? දැන් පුළුවන්ද දසුන්ව අමතක කරන්න?බෑනෙ. නිකන් මුහුද හත් ගව්වක් තියෙහ්ද්දි අමුඩ ගහන්න හදන්න එපා කෙල්ලෙ. ඉවසපන්.හිත හයිය කරගනින්.හැම දෙයක්ම වෙන්නෙ අපේ හොඳට කියලා හිතන්න.ජීවිතේ අපිට දෙයක් අයිතිනම්, අපිට ලැබිය යුත්තක්නම් අනිවාර්යෙන්ම ඒ දේ අපිට ලැබෙනවා මධූ..සමහර දේවල් ලැබෙන්නෙ හුගාක් අගය වැඩි කරලා.දෛවය වුනත් අපිට අවස්ථාවක් දීලා බලනවා, අපිට අයිති දේවල් රැකගන්න, ලබාගන්න අපී සුදුසුද කියලා. දසුන් ව ලබාගන්න, එයාට ආදරේ කරන්න උඹ සුදුසුයි. ඒකෙ කතා දෙකක් නෑ..හැබැයි උඹට ආදරේ කරන්න , උඹව ලබාගන්න දසුන් සුදුසුද කියලා බලලා දෛවය උඹලාව එකතු කරයි.මම හිතනවා උබ තරම් ම දසුනුත් වාසනාවන්ත වෙයි කියලා.කලබල නොවී, ටිකක් සුභවාදීව හිතන්න මධූ.."


"හ්ම්ම්.. උඹ කියන්නෙ ඇත්ත තමා දිලූ.. ඒත් මගේ හිතට දැනෙන ගින්දර උඹට කියන්න ඔනෙ නෑ නේද??"


"ඔව් මධූ මට තේරෙනවා...ඒත් අපි බලමු.. කාලය කරන වෙනස්කම් වලට මූණ දෙන්න උඹ හිත හයිය කරගන්න. ඒකට හොඳම ආයුධය තමයි, ඒ ලෙවල්. උඹට තේරෙනවනෙ මධූ..පිස්සු නටන එක නවත්වලා අපි ජීවිතේ ඇත්තට මූණ දෙන්න හොඳ පාරක් කපමු.මම උඹට මුලක් පෙන්නුවා, පටන්ගනින් එතනින්."


"හ්ම්... ඇත්ත දිලූ..මටත් ඕනෙ ජීවිතේ කඩාගෙන බිදගෙන බ්‍රේක් නැතිව යන්න නෙවෙයි, ඒ වගේම රිවස් කරගන්න බැරිව ලත වෙවී නැවතිලා ඉන්නත් නෙවෙයි.මට ඕනෙ ලස්සනට හිමීට පරිස්සමට,මේ ගමන ඉස්සරහට යන්නයි.උඹ වගේ යාළුවෙක් මට ඉන්න එක ගැන මට මාරම සතුටුයි දිලූ.."


"අන්න හරි... "ආදරේට බ්‍රේක් නෑ...ජීවිතේට රිවස් නෑ''කියලා කට කහනවටද බං කියන්නෙ? ජීවිතේ රිවස් කරන්න බෑ.. ඒ නිසා යන ගමන හරියට හිමීට නිවිසැනසිල්ලේ පාඩුවෙ යන්.. අපි ඉන්නවනෙ උදව්වට.තල්ලු කරන් හරි අරන් යන්නම් දිනුම් කණුව ළගටම."


"හ්ම්ම්.... තෑන්ක්ස් දිලූ...උඹ ගිය ආත්මෙකදි මගේ සහෝදරියක් වෙන්න ඇති. මේ වෙලාවෙ මට බනින්නෙ නැතිව, මගේ හිත හැදුවට උඹට පිං."


"ම්ම්.. පිං ඕනෙ නෑ...උඹ හොදින් ඉන්නවනම් අපිත් සතුටුයි. දැන් විකාර හිතන්නෙ නැතිව , නිදාගන්න, හෙට උදේට අලුත් ලස්සන,බලාපොරොත්තුවක් එක්ක නැගිටින්න එන දේකට මූණ දෙමු. හැමදාම අපි උඹත් එක්ක."


"හරි දිලූ. එහෙනම් හෙට හම්බෙමුකෝ...ගුඩ් නයිට්!! බුදුසරණයි!!"


"ගුඩ් නයිට්!! බුදුසරණයි  මධූ.."


දිලූට කතා කරලා ෆෝන් එක තිබ්බට පස්සෙ මගේ හිතට දැනුනේ හරිම සැහැල්ලුවක්.ජීවිතේට තමන්ගෙම කියල ලේ බැදීම් වගේම, මෙහෙම බැඳීමුත් පිහිටක් වෙනවා නේද කියලා හිතුනා.හුගාක් දුරට හිතලා හිත කලබල කරගන්නෙ නැතිව එන දේකට එන විදියකට මූණ දෙන්න හිතුවා.එහෙම හිතාගෙන මම නින්දට ගියේ එට දවස ගැන අලුත් බලාපොරොත්තුවක් හිතේ අන්තිම පතුලෙ කොනකින් තියාගෙනයි.


--------------------------------------------------------------------------------
පහුවදා ඉස්කෝලෙට ගිහින් සුපුරුදු විදියට වැඩ කටයුතු කරගෙන ගියා. ඔය අතරේ ඊයෙ දවසෙ වුනු සිද්ධිය ගැන කට්ටියටම කියලා, තවත් උපදෙස් අනුශාසනා ගොන්නක්ම අරගෙන හොදටම හිත හයිය කරගත්තා.හසී, නිශා, දිලූ,තමාෂී,හංසී ඔක්කොමලා එකතුවෙලා මගේ හිත ධෛර්‍යමත් කළා.හැමකෙනාම කිව්වෙ දසුන් එහෙම වෙනස් වෙන එකක් නෑ කියලයි.


ජීවිතේ පුංචිම පුංචි දේවල් වලටත් මහ ගොඩාක් හිත රිද්දගන්න අයට ජීවිතේ දිනාගන්න කරන සටන මෙහෙයවන්න හරි අමාරුයි කියලා මම අහලා තිබුණා. මමත් මේ ජීවිතේ දිනාගන්න කරන සටනේ, ලොකු දුරක් යන්න , මගේ වටේ ඉන්න මේ සේනාව එක්ක,මේ හයිය එක්ක, මේ ආදරේ එක්ක පුළුවන් නේද කියලා හිතුනා.ඒ නිසා මේ ජීවිතේ මම දිනලා මිසක් නවතින්නෙ නෑ කියලා හිතාගෙන දිගටම වැඩකටයුතු කළා.


කාලය ගත වුනේ හරිම වේගෙන්.සුපුරුදු ජීවන රටාව එහෙම්ම තිබුණා.ගෙවල් වලින්, එහෙන් මෙහෙන් පුංචි පුංචි බාධා ආවත් අපි අපේ ආදරේ සැළෙන්න නොදී දිගටම පවත්වගත්තා.දවසින් දවස, මොහොතින් මොහොත, තව තවත්, මහ ගොඩාක් මම දසුන්ට ලං වුනා.


දසුන්ගෙ ගෙදර අයත් අපේ සම්බන්ධේ දැනගත්තා. හැම අම්මෙක් තාත්තෙක්ම වගේ, දසුන්ගෙ අම්මායි තාත්තයිත්, ඉස්කෝලෙ යන, ඒ ලෙවල් කරන්න ඉන්න අපි දෙන්නාගෙ සම්බන්ධේ නවත්වන්න කියලා දසුන්ට බලපෑම් කලා.පුංචි දේටත් සැක කරන්න, ප්‍රශ්න කරන්න පටන්ගත්තා. දසුන් පවුලේ බාල දරුවා නිසාත්, අම්මාගෙයි තාත්තගෙයි එකම පුතා වීම නිසාත්, මහා ගොඩාක් ආදරේ  මැද හුරතලේට, දගකාරකමට හැදුනු දසුන්ට මේ පීඩනය ඉවසගන්න අමාරු වුනා.


දසුන්ගෙ තාත්තා පුංචිම කාලෙ ඉඳන් දසුන්ට ඉල්ලන්නත් කළින් හැමදෙයක්ම කිසිම අඩුවක් නැතිව සම්පූර්ණ කරලා තිබුණා.ඉතින්, දසුන් බලාපොරොත්තු වෙන්නත් කළින් එයාට ඕනෙ හැම දේම ලැබිලා තිබුණා. මට සාපේක්ෂව දසුන් ට හුගාක් දේවල් හරිම ලේසියෙන් ලැබිලා තිබුණා.සාමන්‍යෙන් ලේසියෙන් ලබාගන්න දේවල් වල අගයක් නෑ.නමුත් අමාරුවෙන්, දුක් මහන්සියෙන් ලබාගන්න දේවල් වල තමයි අගය වැඩි.වටිනාකමක් තියෙන්නෙ.


දසුන්ගෙ ජීවිතේත් සමහර සමහර පුංචි අවස්ථා වලින්, මම දැකපු දෙයක් තමයි, දසුන්ට සමහර වෙලාවට සමහර දේවල් ගැන කිසිම බරපතල කමක්, අගයක්, තේරුමක් නෑ කියන එක.දසුන් හුගාක් වෙලාවට බරපතල කරුණු ගැන වුනත්, සැහැල්ලුවෙන් බැලුවා. ඒක ඇත්තටම හොදයි, නමුත් ජිවිතේ සැහැල්ලුවට නොගත යුතු සහ ගත යුතු අවස්ථා දෙවර්ගයක් තියෙන බව මතක තියාගන්න ඕනෙ.දසුන්ට එහෙම වුණේ නෑ..


කිසිම කෙනෙක් අංග සම්පූර්න, සර්ව සම්පූර්ණ නෑ.දසුන් වුනත් එහෙමයි. ඒත් දසුන්ගෙ මේ ක්‍රියාපිළිවල නිසා අපි අතරේ විටින් විට ප්‍රශ්න ඇති වුනා.මේ කාලෙට අනුව අපි කළ යුතුම වුන එකම වැදගත් වැඩේ වුනු ,ඒ ලෙවල් ගැන දසුන්ට හැගීමක් තිබුණේ නෑ..පාඩම් කරන්න ඕනෙ, මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ කියලා කොයිතරම් කිව්වත් දසුන්ට ඒ ගැන ලොකු තැකීමත් තිබුණේ නෑ..


දවසක් දා නුගේගොඩ ඩෙවෝන් එකේදී දසුනුත් මමත් මේ ගැන කතා කළා.  


"ඔයා විභාගෙ හොඳට කරගත්තෙ නැත්තම් ඔයාට මාව දාල ලංකාවෙනුත් යන්න වෙයි දසුන්.. ඇයි තේරුම්ගන්නෙ නැත්තෙ?"


"එහෙම වෙන්නෙ නෑ.. මම කරගන්නම්. තව කල් තියනවනෙ.ඔයා පාඩම් කරන්න.ඔයාට කොහොමත් ලොකු මට වඩා වෙන දේවල්නෙ,ඔයාට මාව වටින්නෙ නෑ"


පිහියකින් අනින්න වගේ කියාගෙන ගියපු වචන ටිකට මාව අන්ද මන්ද වුනා.


"ඔහොම කතාකරන්න එපා දසුන්.වටින්නෙ නැති නිසාද මම මෙහෙම කියන්නෙ??මට ඔයාව නැතිකරගන්න බෑ..ඒකයි මෙහෙම කියන්නෙ."


"මට ඇති වෙලා මේ විභාග කෙරිල්ලත්. අම්මලා හැම වෙලේම බනිනවා. ගෙදර එක මොහොතක් නිවිසැනසිල්ලෙ ඉන්න නෑ.. මම කෑවත් වැරදියි බිව්වත් වැරදියි, නිදාගත්තත් වැරදියි,ටී වී එක බැලුවත් එහෙමයි, අඩුගාණේ පාඩම් කරන්න ගත්තත් කියන්නෙ බොරු කරනවලු, රවට්ටන්න එපාලු.මට ඇති වෙලා මධූ..ඔයා එක්ක කතා කළත්, ඔයා කියවන්නෙත් මේ කෙහෙල්මල් විභාගයක් ගැනමයි."


"මම ඔයාට බැන්නෙ නෑනෙ දසුන්. මම කියන්නෙ අපි අම්මලාගෙන් බැනුම් අහන්නෙ නැතිව, අපේ සම්බන්ධෙත් දිගටම තියාගෙන , හොඳින් ඉන්නනම් ඉස්සෙල්ල පොඩ්ඩක් දුක් විඳින්න වෙනවා. ඒකට අපි පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරමු.  එතකොට අම්මටයි තාත්තටයි වුනත් මුකුත් කියන්න බෑනෙ."


"මං දන්නෙ නෑ.. මට එපා වෙලා මේ ඔක්කොම."



"මේ මාවත්?? මම මොන වරදක් කළාටද දෙයියෙනේ?"


"ඔයා ඕනෙ දෙයක් හිතාගන්න මධූ...මම මොකක් කළත්, කිව්වත් දැන් හැම කෙනාටම වැරදියිනෙ.මෙහෙම පුළුවන්ද ජීවත් වෙන්න?"


දසුන් පුටුවෙන් නැගිට්ටෙ තරහින් වගේම කළකිරීමෙන්. මේ තරම් තරහා ගන්න, මාවත් නොසළකා යන්න තරම් වරදක් මගෙන් වුනාද??මම විස්තර කරගත නොහැකි හැගීමක් එක්ක හිතින් හුගාක් අසරණ වුනා.මහා ආත්මානුකම්පාවක් හිතට දැනුණා.


---------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??ආදරේ සුන්දරම පරිච්ඡේදයට අවසාන තිතක් තියන්න දසුන් සූදානම් වෙනවා වත්ද?ආදරේ දිනාගන්න කරන සටනෙදි දසුන්ට හරි පාරක් පෙන්වන්න උත්සාහ කරපු මධූ වැරදිකාරියක්ද?



ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............

Post Comment

34 comments:

  1. මම එක ඔව් එක තමයි.. දැන් යමු කතාව කියවන්ඩ :)))

    ReplyDelete
  2. අම්මෝ...... මොනවද මේ වෙන්නේ?????? :-O

    මධූ වැරදි නෑ. ඒත් මධූ කියපු දේවල්වලින් දසුන් තමන්ගේ පීඩනය පිට කරේ මධූගෙ පිටින් කියලයි මට හිතෙන්නේ......

    ReplyDelete
  3. ඕක කොල්ලන්ගේ හැටියක්. යාලුවෙන්න එනකොටනම් ඕන දෙකට හා, ඕන දෙයක් කරනවා. ලිදකින් පනින්න කියුවත්. යාලු උනාට පස්සේ හෙන ලොකු ගණන්, මගේ යාලුවෙක් හිටියා , එයාගේ පෙම්වතා යාලු වෙන්න කලින් තැනක නොතැනක් නැහැ පස්සෙන් ආව අරයා යන යන තැන , අන්තිමට යාලු උනාට පස්සේ, ඔයා එන්න මම කියන තැනට, අන්න ඔහොමයි කතාව.
    වෙනස් වෙන්නේ නැතුව ආදරේ කරන්න ඕනා, මම කියන්නේ නැහැ කෙල්ලට යටත් වෙලා ඉන්න ඕනා කියලා, එත් ආදරේ මුලින් වගේම අවසානයටත් පොඩ්ඩක්වත් අඩු නැතුව දෙන්න ඕනා, මේකයි මගේ හැගීම.

    ReplyDelete
  4. මේ මක්කද වෙන්න යන්නේ ?

    ReplyDelete
  5. මේ මොකද මේ වෙන්න යන්නේ ? අම්මෝ.
    ඔය නුගේගොඩ ඩෙවෝන් එක ලඟින් යනකොට ආයේ එහෙම ඔය දෙන්නා දැක්කොත් අනිවාර්යෙන්ම මම් කතා කරලා ප්‍රශ්නේ විසදලා දෙන්නම් :)

    අපේ අම්මා එහෙම මට මේ වගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගත්තා නම් අනිවාර්යෙන්ම කෙල්ලගේ ගෙදෙට්ට කතා කරලා කසාදේ ඉක්මන් කරලා දායි. මේ දවස්වල අපේ අම්මගේ හිත දුවන්නෙම ඕම දේවල් වල. ගෙදර ඉන්න නෑ බොලේ !!!!

    ඔය කතාව මැද්දට "දිගු දෑස දුටුවාම..." කියන සිංදුව දැම්මා නම් මරු. :)

    ReplyDelete
  6. ඉස්කොලේ යන කාලේ ලවු ඔය වගේ ත්‍රාසජනක එවා තමා...හෙම්....බලමුකෝ...ඉස්සරහට....

    ReplyDelete
  7. අදයි කතාව කියන්න පටන් ගත්තේ... එක දිගටම කියව්ව, යන්තන් 13 කොටසත් කියවල ඉවරයි.... ඊලග එකත් ඉක්මනට දාන්ටෝ.....

    ReplyDelete
  8. මෙච්චර කාලයක් කියවගෙන ආපු ඔයාගේ කතාව ටික දවසක් තිස්සේ මග අරුනා..:/
    කොහොම හරි ඒ ටිකත් එක්කම අද සේරම ඉතුරු ටික කියෙව්වා..එකෙත් පොඩි ගතියක් තියෙනවා.. ;)

    ආදරේ හරි පුදුමයි තමයි...ඇත්තම කියන්න? ඔයා මේ ලියන්නේ ඔයාගෙම අත්දැකීමක් නේද හිතු? එහෙම නැත්නම් ඔයා දන්නා කෙනෙක්ගේ හරි?
    මාර ලස්සනට මේ කතාව ගලාගෙන යනවා..

    දසුන්ට තරහ ගියපු එක නම්..අනේ මන්ද..ඔහොම තරහ අරන් බෑ ආදරේ කරනකොට..ආදරේ නෙවෙයි මොකක් කරත් කෙනෙක්ගේ වැරැද්දකට තව කෙනෙක්ගේ ඇඟට කඩන පනින එක කොහෙත්ම හරියි කියන්න බෑ.. මටත් ඔහොම වෙලා තියෙනවා..

    කොහොම හරි ඉතුරු ටිකත් දාමුකෝ බලන්න.. :)
    හැමදාමත් ඔයාගේ කතාව ලස්සනයි හිතු..
    කලින් කොටස් වලට කමෙන්ට් කරන්න බැරි උනාට තරහ වෙන්න එපා..:)

    ReplyDelete
  9. සුන්දර අවසානයක් නෙවෙයි වගේ! බලමු අපේ හිතූගෙ ආදර අන්දරය කොහොම ඉවර වේවිද කියලා?

    හමුවීම, වෙන්වීම අපි කාටත් පොදු දේවල්. ආදරයේ වේදනාව ලෝකෙ ඉන්න හැම කෙනාටම දැනිලා ඇති

    ReplyDelete
  10. මම ඔයාගෙ පෝස්ට් මුල ඉඳන් බලාගෙන එනවා වෙලාව තියන තියන විදියට.....ඒ නිසා කොමෙන්ට්ස් දාන්නෙ නැහැ ඒ බලන ඒවට.....ඔයාට ලස්සනට ලියන්න පුලුවන්...

    ReplyDelete
  11. ඉස්කෝලේ කාලේ ආදරේට වෙන තරමක් වෙන්නේ ඔය වගේ වැඩ තමා. ලගදීම මදුගෙන් වෙන් වෙන්න වෙන නිසා දසුන්ටත් ගොඩාක් දුක ඇති. මට නම් හිතෙන්නේ ඒ දුක නිසාම තමයි දසුන්ට කේන්ති යන්නත් ඇත්තේ කියලා. (මම අම්බලම )

    ReplyDelete
  12. @වර්ණා - හික්ස්ස්.. ඔව් ඔව් අද ඔයා එක..:D
    හ්ම්ම්ම් එහෙම තමා හුගාක් ආදර කතා පහු පහු වෙහ්ද්ඩි මොනාද මොනාද වෙනවලු..:) එහෙම නොවෙන්න ආදරේ කරන්න පුලුවන් නම් තමා හොඳ..

    @මහී- වෙන දේවල් ඉස්සරහට බලමු..:)
    හ්ම්ම්.. ඔව් පීඩනය පිට කළා වගේ දෙයක් තමා...

    ReplyDelete
  13. @ChammA අයියා -අනේ මංදා... :D හිතපු විදියෙ අවසානයක් නෙවෙයිද??


    @මධුරංග අයියා- හෆ්ෆා.. මම කලිනුත් කිව්වා. මේක කතාවක් කියලා අමතක කරන්න එපා අයියේ..:p
    හික් හික්.. එහෙනම් අපිටත් ළගකදී කේක් කෑල්ලක් කන්න පුළූවන් ව්එයි.. මධූරංග අයියාගෙ මඟූල ළඟයි;ලූ මෙන්නෝ......:D

    හ්ම්ම්.. දිගු දෑස සිංදුව තාම හොදටම ගැළපෙන්නෙ නෑ මං හිතන්නෙ..

    ReplyDelete
  14. @Raj අයියා- හික් හික්.. අයියාටත් ත්‍රාසජනක අත්දැකීම් තියෙන පාටයි..;) හිහ්.. බලමු බලමු


    @ආතුවා -ගොඩාක් ස්තූතියි කියෙව්වට..:) ඉතිරි ටිකත් ඉක්මණින් දාන්නම්කෝ...:)

    ReplyDelete
  15. @ගිනි කුරුල්ලා- හ්ම්ම්.. කමක් නෑ අයියා.. අද ඔක්කොම කියෙව්වනෙ..:) හි හි..
    ම්ම්.. මේ කතාව ගැන පසු වදනක් මම දානවනෙ. එතකොට ඔය ප්‍රශ්න වලට උත්තර හම්බෙයි..:) එතකන් ඉවසන් ඉමු නේධ අයියා??:D
    දසුන් ටිකක් කුකුල් කේන්තිකාරයෙක්නෙ..
    හුගාක් ස්තූතියි ඔයාට.. අනේ තරහ වෙන්නෙ නෑ.. ඔයා වෙලාව අඑති හැටියට කියවන්න..



    @විසිතුරු -ඔන්න ඔන්න ඉතින් හිතූගේ ආදර අන්දරයලු..:D භයානක ලෙඩක් ඕක..;) හ්ම්ම් හැම කතවකම අවසානය සුන්දර වෙන්නෙ නෑනෙ. කොටින්ම අපේ ජීවිතේ වුනත් හැම මොහොතක්ම සුන්දර නෑනෙ..:)

    ඉදිරියටත් බලමු.. වෙන්නෙ මොකද කියලා

    ReplyDelete
  16. @වින්චැට්කිරිල්ලි -ස්තූතියි කිරිල්ලියේ.. ඔයා කියවන්න. කමෙන්ට් නොදැම්මට කමක් නෑ..:)


    @රෙප් මහත්තයා- :O අම්බලම නම වෙනස් කලේ මොකෝ?? අලුත් නමක්..:)
    කතාවෙ ඉස්සරහට බලමු අපි.. දසුන්ට ඇත්තටම තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා..:)

    ReplyDelete
  17. කියෙවුවෙමි.. අදත් ටිකක් ප්‍රමාදව... මොකද මේ වෙන්නේ?? බලමු ඊළග කොටසින්....

    ReplyDelete
  18. Modernization of G_I_R_L_S

    1970's : Love me, but don't touch me.


    1980's : Touch me, but don't kiss me.


    1990's : Kiss me, but don't do anything more.


    2000's : Do anything, but don't tell anyone.


    Since 2011 : Do everything, otherwise I will tell everyone that you can't do anything.

    :P :P :P :P :P :D :D :D

    ReplyDelete
  19. අනේ ඒ පාර මේ මොකෝ????

    ReplyDelete
  20. හ්ම්ම්ම්ම්......ආදරයේ හිරකාරයෙක් වෙන එක මහා පාප කර්මයක් තමා....

    ReplyDelete
  21. ඔන්න ඔහොමලු පැණිරස ආදරේ තිත්ත වෙන්නේ නේද අක්කි??? :(

    ReplyDelete
  22. කතාව වෙනද වගේම ලස්සනයි... කොහොම උනත් අද කතාවේ සමහර දේවල් මගේ ජිවිතෙතෙට හුගක් සමීපයි කියල හිතෙනවා... කොහොම උනත් අදනම් හිතුයි මධුයි හිතුටත් මාරු වෙලා වගේ.. මම හිතන්නේ එකට වෙන ඇති කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැ කියල. කොහොම උනත් සුබ පැතුම් දිගටම ලියන්න..... ජය

    ReplyDelete
  23. ane me moko wenne yanne??? :( ikmnate anik post ekak daneko akkiyo,,

    ReplyDelete
  24. @Dinesh අයියා- හ්ම්.මොව් ඊළඟ කොටසින් බලමුකෝ අයියා..


    @Sihina -කවුද මේ සිහින??? :D


    @නිසුපා අක්කා- හ්ම්ම්... අනේ මංදා.. මොනා වෙන්න යනවද කියලා...ආදරේ පරන වෙද්දි මෙහෙම නෙවෙයිද?? :O

    ReplyDelete
  25. @කුබුවි - හ්ම්ම්.. සහතික ඇත්ත..:(


    @Ice නගා- ආයෙත් අහලා කෙල්ලෙ.. දැක්ක නේ???;)


    @N N K- ඈ??? :O ඒ මොකො මාරු වෙලා කිව්වෙ?? ඔයාලා ඉතිං කිව්වට අහන්නෙ නෑනෙ...:D මේක කතාවක් කියලා..:)

    ස්තූතියි සහෝ...

    ReplyDelete
  26. @Glimmer Girl - මොකද වෙන්න යන්නෙ කියලා අපි බලමු ඊළඟ කොටස් ටිකෙන්...:)

    ReplyDelete
  27. පැයක් තිස්සෙ ඇස් දෙක මිරික මිරික, පෝස්ට් ටික හොය හොය ඕං දැං තමා ඔක්කොම කියෝලා ඉවර උනේ. ඉපදුන දවසෙ ඉඳන්ම අම්මයි අක්කයි හැර කොල්ලො එක්කම වැඩිච්ච මටත් ජීවිතේ පලවෙනි වතාවටම ඔය වගේම හැඟීමක් ආවෙ ඒ ලෙවල් පටන් ගන්නවත් එක්කම තමා. මගෙ මුලු ජීවිතේටම මං කෙල්ලො 20කට එහා යාළු මිත්‍ර කම් ඇති කරගෙන තිබුන්නෑ. මෙතුවක් කල් මගෙ හිතේ නලිය නලිය හිටියෙ, "කෙල්ලො මහ අහංකාර, කෙල්ලො එක්ක සාමාන්‍ය මිත්‍ර කමක්වත් ඇති කරගන්න බොහොම අමාරු" ජාතියක් කියල. ඒ හේතුව නිසාම කෙල්ලෙක් ඉස්සරහ නිකමටවත් කට ඇරලා කතා කරන්න මට හයියක් තිබුන්නෑ. කෙල්ලොංගෙ හිත් ගැන මට කියල දෙන්න කවෘත් හිටියෙත් නෑ. ෂිහ්, අනේ මට හිතු අක්කිව මීට කලින් මුණ ගැහුනනම්.....මට මගේ ජීවිතෙ එකම, පළවෙනි ආදරේ දිනා ගන්න තිබ්බා. කමක් නෑ මොනවා කරන්නද? ජීවිතේ හැම කොටසක්ම අපිට ඕන විදිහට වෙන්නෙ නැහැනෙ. එහෙනං හිතූ අක්කි මේ කතාව දිගටම ලියන්න....මමත් කතාව එනකන් බලන් ඉන්න අය අතරට ආවා. ඇසට කඳුලක් නංවලා අවසානයේ මුවඟෙ සිනහවක් රැදෙන්න පුළුවන් විදිහෙ විශිෂට කතාවක් ලියන්න මගෙන් අක්කිට සුභ පැතුම්෴

    ReplyDelete
  28. මං මේ ගොන් කතාවක් කියන්නද කොහෙද හදන්නේ.මං කෙටිකථා කියවන්නේ නැහැ ඔයාගේ කවියක් හෝ නිසදැසක් එනකන් බලන් ඉන්නේ .මගේ ඉල්ලීම ඉටු වෙයිනේද

    ReplyDelete
  29. ඒෂියන් -
    මමත් ඔහොම හිතන් හිටියා මචන්! එත් සහජයෙන් ආපු කටකාරකම නිසා ඔය තත්වය නැතිවෙලා ගියා. ගෑනු ළමයිනුත් අපි වගේම තමයි. යාලුකම් වලට ආසයි.

    ගිය දේ ගැන හිතන්න එපා. ඉදිරිය ගැන හිතන්න.

    ReplyDelete
  30. ane me kathave romantic scene eka ikmanata liyanna koooo

    ReplyDelete
  31. @ඒෂියන් - පල්වෙනියටම කියන්න ඕනෙ මල්ලි, ගෑණූ ළමයි කියන්නෙත් මනුස්ස කොට්ඨාශයක්නෙ..හැම කෙන්ක්ම කැමතියි සම්බන්ධකම් වලට, බැඳිම් වලට, යළුකම් වලට.ඉතින් ගෑණූ ළමයි වුනත් එහෙමයි.එක එක විදියේ අය ඉන්න පූලූවන්. නමුත් කිසිම කෙන්ක් කැමතිනෑනෙ තනි වෙන්න..ඉතින් එහෙම හිතන්න එපා. ඔයා අශ්‍රය කරලා බලන්න.ඔයාටම තේරෙයි..
    ගිය දේවල් ගැන පසුතැවෙන්න එපා.ඉදිරියෙදි හොදට හිතලා වැඅඩ කරන්න.ඕනෙ උදව්වක්, පුළුවන් නම් කරන්නම්...
    තූතියි ඔයාට

    ReplyDelete
  32. @ අසරණයා- හ්ම්ම්... කමක් නෑ... මම නිසැඳෙස් ළගකදි ලිව්වෙ නෑ... :) ලියන්නම්කෝ..


    @Ano- හ්ම්ම්ම්ම් romantic කොටස් ද මංදා..ඔයා කතාවෙ මුල කියවලා බලන්නකෝ..:)

    ReplyDelete
  33. ඉදිරිය ගැන හිතන නිසා නේන්නම් මම එළකිරි වගේ ඒ ලෙවල් ගොඩ දාගෙන පොර වගේ ඉන්නේ? හැබැයි ඉතින් මට නම් ඔය වගේ කතාවකට කැම්පස් එකේදිවත් සෙට් වෙන්න විදිහක් නෑ., මොරටුවෙ කෙල්ලෝ අඩුයි නෙ! :D :D :D

    ReplyDelete
  34. අහ්හ් නියමයිනෙ.. මොරටුවෙ කෙල්ලො අඩුවුනාට කමක් නෑ... අයිතිකරි එන්න ඕනෙ වෙලාවට, නියම වෙලාවට එයි...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....