නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

18 December 2011

තටු සිඳුනු සමනළී -14 වන කොටස

කතාවෙ ඊළඟ කොටස දානකම් බලන් ඉන්න පිරිසක් ඉන්න එක ගැන සතුටක් නැතුවම නෙවෙයි.. වෙලා ඇති හැටියට ලියලා පළ කරන නිසා, ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනෙ.

ඔන්න එහෙනම් කතාව මතක නැති අයයි,මුල කොටස් කියවපු නැති අයයි, මෙතනින් කියවලා එන්නකො.

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13

අද 14 වන කොටස මෙතැන් සිට......

--------------------------------------------------------------------------------------------------------



පුංචි පුංචි හිත් රිදවීම් මැද,රණ්ඩු, අද දබර මැද, අමාරුවෙන් අපේ ආදරේ ඔහේ ගලාගෙන ගියා. හුස්ම ගන්න අමාරුවෙන් , පණ අදින ලෙඩෙක් වගේ මියැදෙන්න ඔන්න මෙන්න තියන අපේ ආදරේ, කොහොමහරි ජීවත් කරවන්න, ආයෙත් ඉස්සර වගේම ශක්තිමත් කරන්න මම නොගත් උත්සාහයක් නෑ..

ජීවිතේ ලේසියෙන් ලැබෙන දේවල් වල වටිනාකම අඩුයි වගේම, දසුන්ටත් මගේ ආදරේ වටිනාකම අඩුවෙලාදෝ කියන සැකෙන්, බයෙන් මම තැතිගැන්විලා උන්නා.මොන දේ වුනත් දැන් ජීවිතේට මූණ දෙන්න හයියක් ඕනෙ නේද කියලා හිතාගෙන මම හිත තද කරගෙන හැම දේකටම මූණ දෙන්න හිත හදාගත්තා.

දසුන්ගෙ අනාගතේ සතුට තියෙන්නෙ මේ පුංචි ලංකාවෙ, මගේ ඇස් මානයේ නෙවෙයි නම්, මම දසුන් වෙනුවෙන් , දසුන්ගෙ සතුට වෙනුවෙන් හැම දෙයක්ම ඉවසන්න හිත හදාගත්තා.ඔය අතරේ මට ෆෝන් එකක් නැති එක අපි අතරේ ප්‍රශ්න ඇති වෙන්න තවත් ලොකුම ලොකු සාධකයක් වුනා.මම යන එන තැන්, කරන කියන දේවල් ගැන ඒ මොහොතෙම විස්තරයක් දැනගන්න දසුන්ට පුළුවම්කමක් නැති වීම නිසා,දසුන්ගෙ හිතේ ලොකු පීඩනයක් තිබුණා.ඒ පීඩනය නිසාම දසුන්, ඒ තරම් අවංකව ආදරේ කරපු මාව සැක කරන්න පටන්ගත්තා.ඒ සැක කිරීමනම් මගේ හිත හුඟාක්ම රිදවපු කාරණාවක් වුණා.

ජීවිතේ අපි මහා හුඟාක් ආදරේ කරන කෙනෙක්, අපිව කිසිම හේතුවක් නැති , අරමුනක් නැති, සාධාරණ සාක්ෂියක් නැති කාරණා වලට වැරදිකාරයෙක් කළහම , දැනෙන දුක වැඩියි.වරදක් කළානම්, හේතුවක් තියෙනවනම්, ඒ හේතුව සාධාරනනම් එහෙම ලොකු දුකක් දැනෙන්නෙ නැතිවේවි. නමුත් මට දසුන්ගෙ මේ හැසිරීම මහා වදයක් වුනා.

දවසක් දා ඉස්කෝලෙදි , Chemistry මිස් පංතියට ආපු නැති වෙලාවකදි, මම ඩෙස් එක උඩ ඔළුව තියාගෙන ඔහේ කල්පනා කර කර උන්නා.වෙනදාටනම් එහෙම නිදහස් වෙලාවක, කතාකරන්න, කියන්න හුඟාක් දේවල් තිබුණු මට,එදා නම් ඕනෙ වුනේ තනි වෙලා, කල්පනා කරන්න.

"මොකෝ මධූ..මූඩ් ගහලා ඉන්නෙ??"

මම යන්තමට හිනාවක් දෙතොල් අතර රදවගන්න උත්සාහ කරනගමන්ඔළුව උස්සලා බැලුවා.විභාෂිණි මගේ දිහා හිනා වෙවී බලාගෙන හිටියා.ලඟම තිබ්බ පුටුවක් ඇදලා අරගෙන මගේ ළඟටම කරලා වාඩිවුනේ ලොකු කතාවක් කියන්න හිතාගෙන වගෙයි.

"මූඩ් ගහලා නෙවෙයි විභා, කම්මැළියි. ඔළුව රිදෙනවා වගේත්. ඒකයි."

"හා හා, කම්මැළි මොකද? උඹේ කුමාරයාව මතක් වෙලාද?එහෙනම් ඔළුව නෙවෙයිනෙ රිදෙන්න ඕනෙ."

'අහ් අනේ මේ විභෝ...මම කියන්නෙ නෑ කොහෙද රිදෙන්නෙ කියලා උඹට.."

"ඒකනෙවෙයි මධූවෝ.. මම මේ ඇත්තටම කියන්න හිටියෙ, මම දැකලා තියෙනවා උඹයි, උඹේ කුමාරයයි ක්ලාස් යනවා ,රොටරියෙදිත් නිතරම දකිනවා.නියමෙට ගැළපෙනවා උඹලා දෙන්නා, කොල්ලා හැන්ඩියා නේ??"

"අහ්හ්හ්... ගැළපෙනවා? ශුවර්ද උඹට?වෙන්න බෑ..ඔව් විභා, අපි දෙන්නා ඉතින් ක්ලාස් යන්නෙ, ඉන්නෙ එකටනෙ.ඕක දැන් නොදැක්ක කෙනෙක් නැති තරම්. උඹ Bio කරත් රොටරි එනවනම්  අපි දෙන්නාව දැකලා තියෙන්න ඕනෙ."

"අහ්හ් හා..කොහෙද ඉතින් කෙල්ලට අපිව පේන්නෙ නෑනෙ , පාරෙ යද්දි."

'අනේ නෑ විභා, එහෙම නෑ..ඉතින් විභාට නැද්ද කුමාරයෙක්??"

"අපෝ... ඉන්නවා ඉන්නවා..එයා අපිට වඩා වැඩිමල් .අනික...."

"අනික කිව්වෙ?"

"එයා මුස්ලිම්..."

"මුස්ලිම්...???? ඔහ්හ්හ්හ්... ආදරේට ඕවා ප්‍රශ්න නෙවෙයි තමා. ඒත් ගෙදරින් කැමතිවෙයිද?"

"දන්නෙ නෑ මධූ.. එන දේකට මූණ දෙනවා..එයා මට ආදරෙයි. මාත් එයාට ආදරෙයි.එයාට ජිවිතේ ගැන අවබෝධයක් තියෙනවා මට වඩා. ඒ ඇති."

මට විභාෂිණී ගෙ හිත ගැන පුදුම හිතුණා.ආදරේ වෙනුවෙන් කෙල්ලො මොනතරම් අවදානමක් කරට ගන්නවද? මටයි දසුන්ටයි ඒ තරමට ලොකු අවදානමක් නැතත්, අද අපිට වෙලා තියෙන දේ ගැන මම දිගින් දිගටම කල්පනා කලා.

"මොනාද මධූ කල්පනා කරන්නෙ? මොකුත් ප්‍රශ්නයක්ද?"

"ම්ම්.. එහෙම දෙයක් නෑ...නිකන්, ඔයාගෙ හිත හයියයි විභා. ඒක හොදයි.ඔය දෙන්න හම්බෙනවද ඉතින් නිතර?"

"එහෙම නෑ මධූ..හම්බෙන්න වෙන්නෙ නම් නෑ නිතර, ඒත් අපි හැමදාම කතා කරනව ෆෝන් එකෙන්."

"හ්ම්ම්... අපිට නෑනෙ එහෙම වාසනාවක්.. අපේ ගෙදරට එෆයාර් එක අහුවෙලා, මගේ ෆෝන් එක ගත්තානෙ. ෆෝන් එකක් නැති නිසා හරිම ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙන්නෙ."

"අනේ... ඒකනම් එහෙම වෙනවා මධූ...ඔයාට ඕන්නම් මම ෆෝන් එකක් දෙන්නම් . "

"මොකාක්?? අනේ විභා.... ඔය ඇත්තමද? අනේ ඒකනම් ලොකු උදව්වක් කෙල්ලෙ. මම ෆෝන් එකක් ගත්ත ගමන් ආයෙත් දෙන්නම්."

"අහ්හ් ඕක මොකක්ද මධූ.. මගේ පරණ ෆෝන් එක ඒක. හැබැයි ටිකක් ලොකුයි..ලස්සන නම් නෑ..."

" අනේ ලස්සන වැඩක් නෑ කෙල්ලෙ. මට ඕනෙ කතාකරන්න, මැසේජ් යවන්න පුළුවන් ෆෝන් එකක්."

"හරි මධූ..ඔයා අවුලෙන් ඉන්න එපා, ප්‍රශ්න ඇති කරගන්නත් එපා. හොදින් වැඩ ටික කරගෙන ඉන්න. මම ෆෝන් එක ඉරිදාට ක්ලාස් එද්දි ගෙනත් දෙන්නම්."

"තෑන්ක්ස් විභා, ඔයා මට මේ කරන්නෙ ලොකූ උදව්වක්."

"ඕක මොකක්ද කෙල්ලෙ."

මගේ වාසනාවට විභාෂීණී පිහිටට ආවෙ කියලා මම හුඟාක් සතුටු වුණා.ෆෝන් එකක් ටික කාලයකට හරි මට ලැබෙන එක ගැන හුගාක් සතුටිනුයි මම හිටියෙ.එදා හවස ඉක්මණටම ඉස්කෝලෙ ඇරෙනකම් ඉවසිල්ලක් නැතිව උන්නෙ , දසුන්ට කෝල් කරලා ෆෝන් එකක් ලැබෙන එක ගැන කියන්නයි.
---------------------------------------------------------------------------------------------------------

කාලය හරිම ඉක්මණට ගෙවිලා ගියා. විභාෂිණී ගෙ ෆෝන් එක නිසා ආයෙමත් මටයි දසුන්ටයි ළං වෙන්න වාසනාව උදා වුනා. නිතරම දසුන් ගැන හොයලා බලන්න,කතා කරන්න ෆෝන් එක නිසා පුළුවන් වුනත්, ගෙදරට හොරෙන්, අම්මාගෙනුයි තාත්තාගෙනුයි පරිස්සම් වෙලා මේ හැමදෙයක්ම කරන එක ගොඩාක් අමාරු දෙයක් වුණා.විභාෂීණීගේ ෆෝන් එක නිසා අපි මාස කීපයක්ම පුංචි පුංච් රණ්ඩු වෙවී, යාළු වෙවී ගත කළා.

හැබැයි කොයිතරම් හොඳින් සතුටින් ඉන්න උත්සාහ කලත්, දසුන්ට නිතරම මගේ වැරද්දක් පෙනුණා.ඉස්සර මේ ලෝකෙම හිටපු හොඳම කෙල්ල වුනු මාව , කාලය ගත වෙද්දිම දසුන්ට නරක් වෙන්න පටන් ගත්තා.හිත රිදෙන දුක හිතෙන හැම කතාවක්ම අවසානයේ වැරදිකාරී වුනේ මම.ඒත් දසුන්ට තිබුණු ආදරේ නිසාම මම හැම දුකක්ම, හැම වැරද්දක්ම මගේ පිට පටවගෙන,දසුන් කියන දේම පිළිගෙන නිහඬවම උන්නා.කොයිතරම් මට බැන්නත්, දොස් කිව්වත් දසුන් මට මහ ගොඩාක් ආදරේ කළා කියලයි මම හැමදාකම හිතුවෙ.

ඔය අතරේ මගේ 18 වෙනි උපන් දිනේ යෙදුනෙත් ඒ කාලෙදිමයි.මගෙයි දසුන්ගෙයි ආදර කථාවෙ ගතවෙන පළවෙනිම අවුරුද්දෙ ,මගේ පළවෙනිම උපන්දිනේ. දසුන් එදා මාව පුදුම කලේ මට ෆෝන් එකක් තෑගි කරලායි.මුදලින් හුඟාක් වටින එකක් නොවුනත්, දසුන් දුන්නු නිසා මට ඒ ෆෝන් එක හුඟාක් වටින එකක් වුනා.අපේ හමුවීමෙ යෙදුනු මගේ පලවෙනිම උපන්දිනේ දාත්, මගේ නළල ආදරෙන් ඉඹලා,දසුන් දුන්නු පොරොන්දුව වුනේ "මම ඔයාව දාලා කවදාවතම යන්නෙ නෑ මධූ" කියන පොරොන්දුවයි.

මම මගේ උපන්දිනේ දවසේ, අම්මාත් එක්ක ගෙවල් ළඟ පන්සලට ගිහින් බුදුන් වැඳලා ප්‍රර්ථනා කලේ, හැම උපන්දිනයකම මට සුභ පතන්න දසුන්ට මාත් එක්කම ඉන්න ලැබෙන්න කියලයි.ඒත් අම්මාවයි  තාත්තාවයි රවට්ටන, හිතුවක්කාර, මුරණ්ඩු කෙල්ලෙක් දිහා දෙවියෝ, බුදුන් බලයිද කියලා නොහිතුණා නෙවෙයි.

ජීවිතේ කියන්නෙ හරිම දුෂ්කර ගමනක්, කටු පඳුරු, ගල් බොරළු , බාධා මැද, ධෛර්‍යෙන් යන්න ඕනෙ, නොසැලෙන ආත්ම විශ්වාසයෙන් ඉදිරියටම යන්න ඕනෙ ගමනක්.ආදරෙත් එහෙමයි.දසුනුත් මමත් ආදරේ කියන මේ නිර්වචනය කළ නොහැකි , විස්තර කල නොහැකි හැඟීමත් එක්ක , ජීවිත ගමනෙ පුංචි දුරක් ආවා.ජීවිත කාලෙත් එක්ක සසදා බලද්දි ඒක හරිම පුංචි කාලයක්. මම මොහොතකට කල්පනා කලා, මේ ආපු ගමන දිහා, තරාදියකට දාලා කිරලා බැලුවොත් දෙයියනේ..... මේ පුංචි කාලෙදි වැඩියෙන්ම ලැබුවෙ, දුකද, නැත්තම් සතුටද කියලා??? නෑ මනින්න ඕනෙ නෑ.. යථාර්තයට මූණ දෙන්න, ඇත්ත දරාගන්න මගේ හිත මැළි වුනා.

දසුන් අකමැති නිසා ,මට යාළුවොත් එක්ක සමරන්න තිබුණූ හුඟාක් විනෝදජනක අවස්ථා මඟ හැරුණා.යාළුවොන්ගෙ උපන්දින සාද, විනෝද චාරිකා,සාප්පු සවාරි තව හුඟාක් දේවල්.නමුත් කිසිම දවසක මම ඒ ගැන අනවශ්‍ය  විදියට තැවුනේ නෑ..දසුන් අකමැති දේවල් මට හිතා මතා කරන්න ඕනෙ වුනේ නෑ...නමුත් පුංචි දුකක් නොතිබුණාම නෙවෙයි.හුඟාක් දේවල් වලට දසුන්ගෙන් මට තහංචි පැනවුනා.ගමන බිමන්, විනෝද චාරිකා, ඇඳුම් පැළඳුම් වගේ නොයෙකුත් දේවල් වලට දසුන් වාරණ පනවලා තිබුණා. සමහර දේවල් වලට සාධාරන හේතු තිබුණා, නමුත් සමහර දේවල් වලටනම් කිසිම සාධාරන හේතුවක් තිබුණෙ නෑ.. නමුත් මම ආදරේ නාමයෙන් ඉවසුවා.

 දසුන් නැතුව ජීවත් වෙන්න මම හීනෙන්වත් හිතුවෙ නෑ..දසුන් නැති ලෝකයක් මට තිබුණෙ නෑ..මේ හැම දෙයක්ම දසුන් කරන්නෙ කියන්නෙ මට තියන ආදරේට කියලයි මම හැම වෙලේම හිතුවෙ.සමහර වෙලාවට හුඟාක් දුර දිග ගිය ප්‍රශ්න ඇති වුණා.ඒත්, ඒ හැම වෙලාවකම මම දසුන්ට තියන ආදරේ නිසාම , වැරැද්දක් තිබුනත්, නැතත් වැරැද්ද භාරගෙන නිශ්ශබ්ද්ද වුනා.
-------------------------------------------------------------------------------------------------------------

"දසුන්.. විභාගෙ ළගයිනෙ. හසීලා ඔක්කොම ටියුට් ක්ලාස් එහෙකට යන්න හදන්නෙ ,chemistry වලට අපිත් යමු."

"කොහෙද ඒ??"

"රොටරියෙමයි..හොද සර් කෙනෙක්ලු කරන්නෙ. හැබැයි ඉස්කෝලෙ ඇරිලා තමා යන්න වෙන්නෙ. 2.30 ඉඳන් 6.30 වෙනකම් තියෙන්නෙ."

"අම්මෝ... නෑ නෑ ඕනෙ නෑ.. මට බෑ මහන්සියිනෙ අප්පා.. එපා වෙන්නෙ නැද්ද?"

"අනේ... ඉතින් තව අවුරුද්දයිනෙ... මේ කාලෙ මහන්සි වෙන්නෙ නැතුව බෑනෙ..අනේ අපි යමු.."

"පිස්සු කියවන්නෙපා මධූ.. මොලේ අමාරුවද?? මට බෑ... "

"ඔයාට බැරිනම් මම යන්නද??මට chemistry Organic එහෙම අමාරුයි.."

"Organic අමාරුනම් ගෙදරට වෙලා පාඩම් කරන්න. ටියුට් ක්ලාස් ම යන්න ඕනෙ නෑනෙ.අනික මම නැතිව??මහ රෑ ගෙදර යන්නද තමුසෙට ඕනෙ?යුනිෆෝර්ම් පිටින් පාරෙ රස්තියාදු වෙන්න??6.30 ට ඇරිලා ගෙදර යද්දි කීය වෙයිද?"

"එච්ච්ර රෑ වෙන්නෙ නෑනෙ දසුන්.. අනික මම පරිස්සමින් එන්නම්. හසීලා ඉන්නවනෙ.."

"ඔයා ඇයි මම එපා කියන ඒවාම කරන්න යන්නෙ?? මම ආස නෑ.. හසීලා හිටියට මම නෑනෙ.. ඔච්චරටම යන්න දඟලන්නෙ ඔය පංතියට, මොකක්හරි හොරයක් ඇති."

මගේ පපුව පිච්චිලා ගියා.දෙයියනේ ඉගනගන්න පංතියකට යන්න අහලා මේ තරම් , හිත රිදෙන කතා අහගන්න වෙයි කියලා දැනගෙන උන්නානම් , කවදාවත් අහන්නෙ නෑ..දසුන් කොහොමද මෙහෙම හිතන්නෙ.මට එක මොහොතකට මුළු අතීතයම එකම රූපරාමුවක මැවිලා ගියා."මොන දේ වුනත් මම වෙනස් වෙන්නෙ නෑ.. ඔයාගෙ හැම දේකදිම ඔයා ලඟින්ම ඉන්නවා මධූ" කියපු දසුන්ම මට මෙහෙම චෝදනා කරන්නෙ ඇයි කියලා හිතුනා.

"මට ඔහොම කතා කරන්නෙපා දසුන්. හරි මම ගෙදර ඉඳන් පාඩම් කරන්නම්. ඔයා ඔයතරම් නපුරු වෙයි කියලා කවදාවත්ම හිතුවෙ නෑ..ඔයාට මම මොන දෙයක් කළත් වැරදියි. දෙයිය්නේ දසුන් මාත් මනුස්සයෙක්. මටත් පුංචි හරි ආත්මගරුත්වයක් තියෙනවා.ඔයා මට හැම වෙලේම ඔහොම කතා කරන්නෙපා."

"මට කොහොමද එහෙනම් කතා කරන්න කියන්නෙ?? හා?? මට පේනවා දැන් ඔයාට ළඟකදි ඉඳන් මගෙන් ගැලවෙන්න ඕනෙ වෙලා තියෙන්නෙ නේද?"

"මොනාද දසුන් මේ අහන්නෙ?මටද ඔයාටද එහෙම වෙලා තියෙන්නෙ? ඔයායි හැම දේටම මාව වැරදිකාරි කරලා ,දාහක් නීති මට දාලා, මාව කොටුකරලා තියෙන්නෙ.මම ඔයාට කිසිම වරදක් නොකරයි ඔයා මට චෝදනා කරන්නෙ.පුංචි දේටත් මාව දාලා යන්න හදන්නෙ ඔයයි දසුන්... ඔයායි...ඔයයි මාව දාලා ලංකාවෙනුත් යන්න හදන්නෙ.. මම නෙවෙයි.."

හිතේ ආවේගෙට, කේන්තියට, දුකට, කළකිරීමට මේ හැමදේටම මම කටට ආපු වචන එහෙම්ම පිට කළා.

"අහ්හ්. ඔව් ඔව්. මම තමා. මම තමයි වැරදි...තමුසෙට ඕනෙ දෙයක් ඕනෙ විදියට කරගන්නවා...මම යනවා යන්න."

නුගේගොඩ නගරයට ඉර බැහැගෙන යන ,අදූර වැටීගෙන  ගොම්මන් හැන්දෑවෙ , දසුන් මගේ හිත කෑලි කෑලි වලට පොඩි පට්ටම් වෙලා යන වචන ගොන්නක් කියලා, මහ පාර මැද දාලා ඈතට ඈතට ඇවිදගෙන යනකම් මම බලාගෙන උන්නා.මහා ලොකු බිඩිම් මැද, පාට පාට නානාප්‍රකාර වාහන අතරේ, හිස් ලූ ලූ අත කඩිසර ගමනින්, විව්ධ අරමුණු වෙනුවෙන් එහෙ මෙහෙ ඇවිදින සෙනඟ ගොන්න මැද, මම අසරණ වෙලා නේද කියලා දැනුනා.ආදරේ කියන්නෙ මට මේ දැනෙන ආත්මානුකම්පාවටද???මේ අසරණ කමටද?මේ හිස් බවටද?

ඇස් අගින් කඳූළු කැට එකින් එක වේගෙන් ගලාගෙන ගියා.මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහලා අඬන්න ඕනෙ වුනත්, මගේ ආත්ම ගරුත්වය මාව වැළැක්වුවා.දසුන් මාව දාලා ගෙදර යන්නෙ නැති බව දැනගෙන උන්නා. බස් හෝල්ට් එකට වෙලා මම එනකම් බලාගෙන ඇති කියලා හිතාගෙන, මම හිමින් හිමින් ඇවිදගෙන ගියා.

"අද මම තීරණයක් ගන්න ඕනෙ. මේ ආදරේ මෙහෙම ලාභ කරන්න බෑ..දවසින් දවස වටිනාකමින් අඩුවෙන මගේ ආදරේ වෙනුවෙන් මම තීර්ණයක් ගන්න ඕනෙ...."

මම මගේ හිතින් හිතාගෙන කදුළු කැට හිරකරගෙන ,හැඟීමක්, අරමුණක් නැති එකම ආත්මානුකම්පාවක් වෙලා ගත්ත හිතින් එහෙම හිතුවා..

"ඔව් මම තීරණයක් ගන්නවා...."

----------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු පුංචි කෙල්ල මධූ,දසුන්ට පෙර මේ ආදර කථාවට නැවතීමේ තිතක් තබන්න යනවාවත්ද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............




15 වන කොටසට.....

Post Comment

35 comments:

  1. "හා හා, කම්මැළි මොකද? උඹේ කුමාරයාව මතක් වෙලාද?එහෙනම් ඔළුව නෙවෙයිනෙ රිදෙන්න ඕනෙ."
    'අහ් අනේ මේ විභෝ...මම කියන්නෙ නෑ කොහෙද රිදෙන්නෙ කියලා උඹට.."

    meka mata therenne na.
    tube light

    kauru hari pahadili karla denna.

    --Eunl--

    ReplyDelete
  2. heh hee,kellage paththa hama daama hari....

    ReplyDelete
  3. තමුසෙ කියන වචනේ අආදරේදී භාවිතා වෙනවට මම කැමතිම නැහැ, ඔයා මෙයා කියන ඉදලා තමුසේ වෙනවා කාලෙන් කාලෙට ආදරේ අඩු වෙනවා වගෙයි එතකොට.
    කොල්ලෝ ඇයි ඔහොම වෙනස් වෙන්නේ කියලා හිතා ගන්නවත් බහ. නීති දානවට කැමති. එත අපි නොකරන දේවල් වලට බොරුවට සැක කරනෙක සහ බොරු නීති දාන එක මහා අසාදරනයි.
    බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා.

    @ tharindu
    ඇයි දන මෙතන කෙල්ල මොනාද කරපු වරද?

    ReplyDelete
  4. මට නිකන් ඉස්සරහට වෙන්නේ මොනවාද කියලා නිකන් මැවිලා පේනවා...බයි ද වේ හිතු , ඔය කියන ටියුට් ක්ලාස් එකනම් ශ්‍රීනාත් සර්ගේ ක්ලාස් එකම තමා..නැද්ද මං අහන්නේ ?

    ReplyDelete
  5. @වර්ණා ,
    01 මේක බලන අය කොමෙන්ට් කරන්නේ මෙතන ලියන දේ බලල,එත් ලියන එක 100% ක් ම ඇත්තද නැත්තම් වෙන හැංගිච්ච කතාවක් තියෙනවද කියල දන්නේ නැහැ නේ .,??

    02 කෙල්ලෙක් ආශ්‍රය කරද්දී ඒ කෙල්ල තමන්ට හරියන්නේ නැහැ කියල හිතුනොත් කොල්ලෙකුට තීරණයක් ගන්න අය්තියේ තියෙනවා නේ,නිකන් ගැලපෙන්නේ නැති බව පෙනී පෙනී අන්තිමේ කසාද බැදලා අමාරුවේ වැටෙන්න ඕන නැහැ නේ?

    03 මෙතන තමා වැදගත්ම දේ ,ඒ කියන්නේ කෙල්ල ගොඩ යන බව පෙනෙද්දී,තමන්ට වඩා හොඳ අනාගතයක් තියේවි කියල පෙනෙද්දී ,නිකන් තමන්ගේ වලට ඇදල දමන්නේ නැතුව ,පරක්කු වෙලා හරි වෙනස් වෙන එක හුඟක් කොල්ලෝ කරන වැඩක්,එක හරිම සංකීර්ණය්.හරියට තාත්ත කෙනෙක් ගේ ආදරේ වගේ..
    කොල්ලෝ ඔය කෙල්ලෝ වගේ කියව කියව ඉන්නේ නැහැ තීරණ ගන්නවා,ආදරේ ලොකුකරගෙන පෙන්නන්න ඕන නැහැ වගේ හැසිරුනත් උන් ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරාවි.ඉතින් නියම කොල්ලෝ තේරුම් ගන්න අමරුය් හරිද,ඔය සෝබන දාන එවුන් ට අහුවෙන එක ඉතින් කෙල්ලොන්ගේ තියෙන අඩුපාඩුවක්,එකට අවංක කොල්ලෝ මොනවා කරන්නද ....lol,,

    ReplyDelete
  6. @ Tharinduhw
    1 වෙනි කාරණයට මම එකගයි
    2 වෙනි කාරණයේදී , ඔයා කියුව විදියට කෙල්ලෙක් ආශ්‍රය කරලා හරි නැත්තම් අතැරලා දානවා කියුව එක. එකට මම එකග නැහැ. හරි අතැරලා දාන්න හරි නැහැ කියලා හිතන්න හරි ඒ කෙල්ලව එහෙනම් මුලින් යාලුවෙක් හැටියට ආශ්‍රය කරන්න ඕනා. එහෙම ආශ්‍රය කරලත් ඊට පස්සේ යාලු වෙනවා.ඒ යාලුවෙන්නෙත් ඒ කෙල්ල තමන්ට හොදනම් නේද. ඊට පස්සේ අතැරලා දාන එකේ තේරුම මොකක්ද. එකේදී ඒ කෙල්ලගේ තත්වේ? මම කියන්නේ සාදාරන හේතුවක් නැතුව සම්බන්දෙ නතර කරන අයට
    3 වෙනි කාරණේ දී, තමන්ගේ තත්වෙට වඩා කෙල්ල මට්ටමින් උසස් වෙනවානම්, ඒ කෙල්ලට එක කියලා මුලින් එයාගේ තීරණේ දැනගන්නේ නැතුව , එයාව අමතක කරන එක හරිද? කෙල්ල මොන හේතුවකටවත් , මොන සල්ලි බලතල දෙනවා කියුවත් , මොන තරම් තත්වෙන් උසස් රැකියාවක් හම්බුනත් තමාගේ ආදරේ කරන කෙනාව අතාරින්න තුන හිතකින්වත් අසහසක්‌ නැත්තම්, නොදන්නවා ඒ කොල්ලා ඒ කෙල්ලවා අතැරලා දානවානම් ඒ කෙල්ල පිස්සෙක් වෙන්නත් පුළුවන් නේද? අන්තිමේදී කව්රුත් නොහිතන විදියට ඒ කෙල්ලගේ ජිවිතේ විනාශ වෙන්නත් පුළුවන්.
    මෙතන කොල්ලෝ විතරක් හැමවෙලේම හරි වෙන්නේ නැහැ.

    ReplyDelete
  7. හරිම ලස්සනයි..කියල වෙනද කිව්වට අද නම් එහෙම කියන්න හිතෙන්නේ නෑ නංගියෝ..:/ ඔයා ලියපු විදිය නෙවෙයි... වෙලා තියෙන දේවල්....ඔයාගේ ලිවිල්ල නම් උපරිමයි ඉතින්...බලන ඉන්නවා වගේ ලියලා....

    අර තරිඳු අයියගේ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා.. එහෙම උතුම් ආදරයකුත් මේ වගේ පිටට පේන්න පුළුවන්..
    කොහොම වෙයිද මන්ද මේක නම්...

    ඉක්මනට ඉතුරු ටික දාන්නකෝ..:)

    ReplyDelete
  8. කතාවනම් කියවන් යද්දි ගොඩාක් දුක හිතුන ඇත්තටම මේක හරි දුක හිතෙන කතාවක්.මම මේ කතාව මුල ඉඳලම කියවන් යනව​.. ඔයා මේක ලියන් යන විදිහත් හරිම ලස්සනයි යාළු.

    ඒත් දාල තියෙන comments දැක්කම මොනව කියන්නද කියල තේරෙන්නෙ නැහැ.මොකද මමත් කොල්ලෙක් නිසා.

    කියන්න දන්නෙ මෙච්චරයි. ගැහැණු සහ පිරිමි කියල මේ ලෝකෙ කට්ටි දෙකකට වෙන්වෙලා තිබුනත්... අවංකවම මුළු හදවතින්ම තමාගෙ පනටත් වඩා අනිත් කෙනාට මහා ගොඩාක් ආදරය කරන අය වගේම​,අනිත් කෙනා උන්නත් මළත් තමාට වැඩැක් නැහැ කියල හිතන අය ඔය දෙපිරසම අතර ඉන්නව.ඒකට ඒ කෙනා ගැහැණු කෙනෙක්ද​, නැත්නම් එයා පිරිමි කෙනෙක්ද කියන එක එතනදි බලපාන්නෙ නැහැ.මට තේරෙන විදිහට ඒකට හේතුව​..... ඒ කෙනා කාරනයක් දිහා බලන සිතිවිල්ලයි,ඒ කෙනාගෙ හදවත කොච්චර සංවේදීද කියන දේයි.මම සන්වේදී කෙනෙක් කියල කිව්වෙ කෙනෙක් සම්බන්දෙ නතර​ කරන්න හිතුවෙ අනිත් කෙනා එයාට ගැළපෙන්නෙ නැහැ කියලහරි,තමන්ගෙන් අයින් වුනොත් අනිත් කෙනාට මීට වඩා සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් හම්බවෙයි කියල හරි හිතලනම් අදාල පුද්ගලය ඒ ගැන අනිත් කෙනත් එක්ක අවන්කවම කතාකරනව​..,,එත් අනිත් කෙනාගෙ හිත රිද්දන්න හිතාගෙන නෙවෙයි.ඇත්තටම ආදරය කරන කෙනෙක් අනිත් කෙනාගෙ හිත රිද්දනව තියා එහෙම දෙයක් කරන්න හිතන්නෙවත් නැහැ.කාරනයක් තේරුම් කරන්න බනිනවටවඩා අනිත් කෙනාට ඒ ගැන අවංක හදවතකින් තෙරුම් කරන්න පුලුවන්නම්,අනිත් කෙනා ඒ දේ කිව්ව කෙනා ගැන පුංචි තරහක්වත් හිතේ තියාගන්නෙ නැහැ.

    ආදරය කරද්දි හැමදාකම සතුට විතරක් නෙවෙයි දුක කියන දේත් දරාගන්න වෙන අවස්තාවන් අපේ ජීවිතවලට එනව,,ඒ ගැහැණු කෙනෙක් වුනත්,පිරිමි කෙනෙක් වුනත් දෙපිරිසටම ඒ දේ ලබන්න වෙනව,,,

    ආදරය ගැන කතාකරද්දි අපි හැමෝටම ඒ ගැන කියන්න ගොඩාක් දේවල් තියෙනව​. හ්ම්ම්....එහෙම නේද යාළු.මට දැනුනෙ..ආදරයකදි ඇත්තටම ආදරය කරන්නෙ කව්ද කියල අපි නිගමනය කරනවනම් ඒකට බලපාන්නෙ ඒ කෙනා ගැහැනු කෙනෙක්ද ​,පිරිමි කෙනෙක්ද කියන දේ නෙවෙයි.ඒ කෙනා කව්ද කියන එකයි....මම හරිද දන්නෙ නැහැ යාළු.ඒත් මට හිතුනෙ ඔහොමයි....

    ඉඩ ගොඩාක් ගත්තට අනේ යාළු මට සමාවෙන්න.එත් ආදරේ ගැන කතාවක් නිසා කෙටියෙන් ලියන්න බැරි වුනා.....

    සමාවෙන්න යාළු!!!!!!!!!!!!

    ReplyDelete
  9. මහමෙරක් තරම් ආදරේ දෙනකොට ඒක බාල්දු කරනව නම් එයා කාගෙන්වත් ආදරයක් ලබන්න සුදුසු කෙනෙක් නෙවේ.......එහෙම කෙනෙක් ගෙන් ඈත් වෙන එක තමා සුදුසුම දේ.....

    ReplyDelete
  10. ඔය කොල්ලා ඉරිසියා කරන එක, අනවශ්‍ය නීති දාන එක, සැක කරන එක ගැන නම් මටත් අත්දැකීම් තියෙනවා. මොකද මමත් ඒ වගේ අසාධාරණ කම් කරපු කෙනෙක්.

    නමුත් ටික ටික කල් ගත වෙද්දි ජීවිතේ ගැන තේරුම් ගනිද්දි ඒවා ඉබේටම නැති වුණා. අපි ආදරේ කරන කෙනාටත් නිදහස දීම වගේම තේරුම් ගැනීම තමයි වටිනාම දේ කියන එක මම තේරුම් ගත්තා.....

    ප.ලි - හැබැයි කේන්ති ගියාම ඔය තේරුම් ගැනීම්, සාධාරණකම් , නිදහස කැලේ! නමුත් ඒ කේන්ති නිවෙන කල් විතරයි.

    ReplyDelete
  11. අනේ මේ මොකද වෙන්න යන්නේ? :O

    ReplyDelete
  12. apoy kollo ohomamme thama,, eyala mona karath hari,, api harunath eke waraddak thiyenewa,, ane madna keep writing akki,, ikmnate anik post ekath danne,, :)

    ReplyDelete
  13. බය හිතෙන අනාගතයක්!!!
    ඉතුරු ටිකත් ඉක්මණ ට ලියන්නෝ.........

    ReplyDelete
  14. දැන් නම් කතාව දුකයි. මොනව වුනත් තමන් ආදරේ කරන කෙල්ලට නීති දාන්න මමනම් කැමති නෑ. මම කෙල්ලගෙ හිතට දැනෙන්න ආදරේ දෙනවනම්, නීති දාලා බැදලා තියාගන්න ඕන කමක් නෑනේ, මගේ පෞද්ගලික අදාහසට අනුව.

    මොනව වුනත් නීති නොදා තියන් ඉන්න බැරි කෙල්ලොත් මේ සමජෙ නැත්තෙම නෑ. ඒ අයව ඉතින් කොච්චර නීති දැම්මත් තියා ගන්නත් බෑ..

    ReplyDelete
  15. ආදරේ කියන්නේ දෙන්නෙක්ගේ හදවතේ ඇතිවෙන බැදීමක් මිසක් බලෙන් නීති දාලා හිර කරලා තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දෙන්නෙක් ඇත්තටම ආදරේ කරනවා නම් ඔය නීති වලින් වැඩක් නැහැ . එහෙම නීති දාල තියා ගන්න හදනවනම් එකට කියන්නේ ආදරේ නෙවෙයි කෑදරේ කියලා.

    ReplyDelete
  16. තවත් දුක්බර කොටසකින් හමුවෙමු කිවුවම කියන්න අපි කොහොමද හිත හදාගෙන මේ කතාව බලන්නේ.. දැනටමත් මේ කතාව දුක්බරයි..

    ReplyDelete
  17. මුල ඒවා ටික හරියට කියෙව්වෙ නෑ ගෙදර ගිහින් කියවනකං මට කියපන්කො ඇත්ත සිද්ධියක්ද මේ...ලියන්නෙ

    ReplyDelete
  18. @Ano1- ස්තූතියි යාලු..:)

    @Ano2- ඒ දෙබසේ කිසිම යටි අදහසක්, හෝ ඔයා අදහස් කරන ආකාරයේ සැඟවුනූ අර්ථයක් නෑ. පහදා දීමට තරම් කිසිම දෙයක් අන්ථර්ගත වෙලත් නෑ. දෙබස් ලිවීමේදි නිකන්ම යොදාගත් දෙබසක් විතරයි..දෙබස් ගොඩාක් තියන කතාවෙ එක දෙබසක් පිළිබඳව ඔය තරම් හිතන්න එපා.
    ස්තූතියි වද වුනාට..:)


    @Tharinduhw122 - මේක නව කතාවක්. මෙතනදි මම කෙල්ලද, කොල්ලාද හරි, සාධාරණ කියලා ඉස්මතු කරන්න ගියේ නෑ.. හුදෙක් එක කතාවක් විතරක් කොටස් විදියට ලියාගෙන යනවා...

    ReplyDelete
  19. @වර්ණා -ඔව් මමත් පෞද්ගලිකව අකමැතියි ආදරේදි එහෙම වචන පාවිච්චි කරනවට..ඔයා කියන දේ හරි..කාලයත් එක්ක ඉතින් ව්එනස් වෙනවා. මගේ මේ ලියන කතාවෙත් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලමුකො..:)

    මේක නවකතාවක් කියලා අමතක වෙලා වගේ ඔයාලා කතාවට පැටලෙන්නෙ..:p


    @ChammA අයියා- හ්ම්ම්...මැවිලා පෙනේවි රූපේ ද?? ;) හික්ස්ස්.. හෆ්ෆෝයි!! ඔන්න ඔන්න ඉතින් සත්‍ය කථාවක් කියලා රැවටිලා මෙයා..;)

    ReplyDelete
  20. @Tharinduhw122 & වර්ණා -ඔන්න ඔය දෙන්නාගෙ තර්ක විතර්ක මැදට මම පනින්නෙ නෑ...:)

    @ගිනි කුරුල්ලා- ස්තූතියි අයියා...උපරිම හොදට ලියන්න උත්සාහ කළා.
    එහෙම උතුම් ආදරය්ක් වෙනුවෙන් ආදරේ කරන කෙල්ලව අතාරින කොල්ලො ඉන්නවනම් ඒ අතේ ඇඟීළි ගානටත් වඩා අඩුවෙන්.. කවුරු කොහොම මොනා කිව්වත් ආදරේ ආත්මර්ථකාමී...
    බලමුකෝ ඉස්සරහට..:)

    ReplyDelete
  21. @සිහින මතකයන් - ගොඩාක් ඉඩ ගත්තට කමක් නෑ.. ඔයාට හිතිලා තියන විදිය, ඔයා හිතන විදිය ඇත්තටම හරි.. හුඟාක් ඇත්ත...ආදරේ කරන කෙනෙක්, ඒ තරම් අවංකනම්, අනිත් කෙනාගෙ සතුට ගැන හිතන්වනම් එහෙම හිත රිදවන්නෙ නෑ තමා...


    @වින්චැට්කිරිල්ලි.- ඔව් කිරිල්ලි මමත් හිතනවා. අපි ආදරේ කරන්න ඕනෙ අපේ අඅදරේ මහා ගොඩාක් වටින කෙනෙක්ට..:)

    ReplyDelete
  22. @විසිතුරු-හ්ම්ම්... ආදරේදී ඉරිසියාව, ආත්මාර්ථකාමී කම ඔය හැමදෙයක්ම පොදු කාරනා තමා. නමුත් අසාධාරණ විදියට බලපෑම් කරන්න, පාලනය කරනන් හදනවනම් එතන ආදරයක් නෑ කියලයි මම හිතන්නෙ..


    @Ice නගා- අපි බලමු ඉස්සරහට..

    ReplyDelete
  23. @Glimmer Girl -හ්ම්ම්... එහෙම තමා නගෝ.. ඒක එක මිනිස්සු එක එක විදියයි...ආදරේදි කොල්ලො එක විදියක්. කෙල්ලො තව ව්ඉදියක්..:) ස්තූතියි නංගි..


    @මහි -හිහ්.. දැන් මේක ලියන්න මටත් බයයි වගේ.. මොකද කට්ටියට දැන් මේක කතාවක් කියලා හිතෙන්නෙ නෑ වගේ...:(

    ReplyDelete
  24. @සමනල් පැටියා- හ්ම්ම්... නීති දාලා බැඳලා, බලෙන් තියාගන්න ආදරේක අගයක් නෑ කියලා මාත් හිතන්නෙ...අවංකව දෙන්නාට දෙන්නා අඅදරේනම්, විශ්වාසනම් නීති අවශ්‍ය නෑ...


    @රෙප් මහත්තයා-හරියට හරි.. ඒක කෑදරේ තමා..:D

    ReplyDelete
  25. @Dinesh අයියා- දුකයිද??? හ්ම්ම්... තාම දුකට කිට්ටුයි කියලයි අයියේ මම හිතුවෙ...එහෙනම් අයියා කියවන්නෙ නැද්ද මගේ කතාව ඉතිරි ටික..:)


    @නරකයා... - අහ්හ්.. එහෙනම් ඔක්කොමටික කියවලා බලන්නකෝ.. හෆ්ෆෝයි ඔන්න තවත් එක්කෙන්ක්.. ගණන් කලානම් එහෙම ඇහුවෙ කීවෙනි එක්කෙනාද කියලා හුඟාක් කට්ටිය ඉදියි.. ඇත්ත සිද්ධියක්ද නැද්ද කියලා පස්සෙ බලමු...කට්ටිය හිතන්නෙ ඇත්ත එකක් කියලා..

    ReplyDelete
  26. සැක කරනවනම්...ජිවිතේට ලවු කොරන්ඩ බෑ...හොඳම වැඩේ පිනක් දහමක් කොරගෙන පැත්තකට වෙන එක..... ආදරය කියන වචන හතරට පැති ගොඩක් තියෙනවනේ...ඔය පටන්ගන්ඩ හදන්නේ අන්න ඒවයින් වෛරය සහ විරහව කියන පැතිගැන විග්‍රහයක්ද...හිතු..ඔය නුගේගොඩ මටත් බොහොම සමීප තැනක්..ගෙන්දගම් පොලොවේ තියෙන එක සංදිස්ථානයක් නේව...
    කලුගලේ ඔලුව ගහ ගන්නව එහේම නෙවෙයි...

    ReplyDelete
  27. ම්ම්ම්ම්... මොන පැත්කඩකට කතාව හැරෙයිද කියලා බලමු අයියා..:)
    ඔව් සැකය කියන්නෙ බැදීම් දුර්වල කරන හොද සාධකයක්...:)

    නුගේගොඩ නගරය හුඟාක් දෙනෙක්ට සමීප තැනක් මම හිතන්නෙ...

    ReplyDelete
  28. මම මේක ගොඩක් ආසාවෙන් කියවපු කතාවක්... ගොඩක් ආදර කතා මේ වගේ වෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බැහැ. :(

    ReplyDelete
  29. දැන් නම් කතාවේ දුක්බරම හරිය යන්නේ. ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න නංගි.

    ReplyDelete
  30. @ද HUMAN -හ්ම්ම්ම්..... ස්තූතියි ආසවෙන් කියෙව්වට :) එහෙම තමා යාලු ලෝකප්‍රසිද්ධ හුඟාක් ආදර කතා ඉවර වෙලා තියෙන්නෙ දුකින්...


    @මධුරංග අයියා- හ්ම්ම්... අයියා පරක්කු මොකද බැලුවා ;) ඉක්මණට ලියන්නම් අයියා

    ReplyDelete
  31. නියමයි අක්කා.....දිගටම ලියන්න.

    ReplyDelete
  32. ගොඩ කාලයක් මට කතාව කියවන්න බැරි වුණත් අද මම කොටස් 10ක් එක හුස්මට කියෙවුවා.කියවන කෙනා කතාව ඇතුලෙ ජීවත්වෙන විදියට ලියල තියනවා.මටනම් හිතාගන්න බැහැ හිතූ එහෙම ලියන්නෙ කොහොමද කියලා....කතාව කියවනකොට අපි ඒ ලෙවල් කාලෙ රොටරියෙ,සරසවියෙ,නුගේගොඩ හන්දියෙ ගතකරපු කාලෙ ඉබේටම මතක් වෙනවා...ඒ රසබර මතකයන් ආපහු ගොඩදැම්මටත්,හිතට වදින කතාවක් ලියන එකටට් ඔයාට ගොඩාක් ස්තූතියි හිතූ....:)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. මමත් අදයි ඔයාගෙ කමෙන්ට් එකට රිපල්යි දාන්නෙ..තරහ වෙන්න එපා.. කතාවෙ මුල ඉදන් මට උපදෙස් , අවවාද, හොද නරක කිය කිය උදව් කරපු ඔයාට හුඟාක් ස්තූතියි!! ඔයාලගෙ මගහ පෙන්වීමත් මට හයියක් වුනා..:)

      මට දැනෙන විදියට එහෙම්ම ලිව්වා.. මන්දා ඔයාලටත් දැනුනානම් මම සාර්ථකයි!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....