නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

04 December 2011

කේන්දරේ ග්‍රහයෝ ටික ආදරේට හරස් වුනොත්????


ආදරේ කියන්නෙ හරි අමුතුම හැඟීමකට.කිසිම කෙනෙක්ට හරියටම නිර්වචනයක් දිය නොහැකි තරමට සංකීර්ණ,වෙනස්ම හැගීමක් තමයි මේ ආදරේ කියන්නෙ.ලෝකේ බොහෝ ප්‍රේමවන්තයින් ආදරේ වෙනුවෙන් දිවි පරදුවට තබලා සටන් කරලා තියනවා.තවත් පිරිසක් දිවිනසාගෙන තියනවා.තවත් ප්‍රේමවන්තයෝ තම්න්ගෙ ආදරේ, ආදරේ කරපු පෙම්වතිය/පෙම්වතා අහිමි වීමේ වේදනාවට සදාකාලිකවම තනිවම දිවි ගෙවන්න තෝරගන්නවා. එහෙම කරපු පිරිසක් අතීතයේ සිටම පැවතිලා තියනවා.ආදරේ කරද්දි බාධා එමටයිනෙ.ගෙවල්වලින්, ඉස්කෝල වලින්,සමාජෙන්, හැමතැනින්ම එල්ලවෙන්නෙ බාධාමයිනෙ.බොහෝ පෙම්වතුන් මේ බාධා මැඩගෙන ඉදිරියට යන්න උත්සාහ කරනවා.ආදරේ ශක්තිමත්නම්, අවංකනම් එහෙම බාධා මැඩගෙන ඉදිරියටම යන්න අමාරු නෑ කියලයි මම විශ්වාස කරන්නෙ.


දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගත්තහම මුළු ලෝකෙම දිනාගන්න තරම් හිතට හයියක් එනවනෙ..මන්දා, මට එහෙම හිතෙනවා.හිතිලා තියනවා.හුගාක් දෙනෙක් අවංක ආදරයක් හමුවුනාම වෙනස් වෙන්නෙ, හොඳ වෙන්නෙ, පිළිවලකට ජීවත් වෙන්න හිතන්නෙත් ඒ නිසා කියලයි මම හිතන්නෙ.


සැබෑ ආදරේට වයස, ජාති ,ආගම් ,කුල මල, මේ කිසිම දෙයක් බලපාන්නෙ නෑ කියලයි කතාවට කියන්නෙ.කතාවටම නොවුනත් සැබෑවටමත් ,බොහෝදුරට එහෙම වෙනවා.ආදරේ කොයි මොහොතෙ කොහොම කොයිවිදියට ඇති වෙයිද කියලා කියන්න බැරි නිසා,ආදරේට ඒ දේවල් බලපාන්නෙ නැති වෙන්න ඕනෙ.


හැම ආදරයක්ම විවාහයකින්ම කෙළවර වෙන්නෙ නෑනෙ. එහෙම වෙනවනම් ගොඩක් හොදයි.හුගාක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ..අතර මග දාලායන, නැවතෙන ආදර කතා එමටයි.ඉතින් මෙහෙම ආදරයක් අතරමග නවතින්න,  කාලයක් තිස්සෙ පවත්වගෙන ආපු ආදර සම්බන්ධයක් එකසැරේම බිඳිලා යන්න නොයෙක් හේතු තියෙන්න පුළුවන්.සමහර සම්බන්ධතා විවාහය ආසන්නයටම ඇවිත් නැතිවෙලා යනවා.ඒක හරිම ඛේදනීය තත්වයක්.බොහෝ විට මෙන්න මෙහෙම අවස්ථා සඳහා කෙළින්ම බලපාන කාරණාවක් තමයි මේ "කේන්දර බැලීම".


ඉස්සර ඉඳන්ම පැවතගෙන එන්නක් තම්යි මේ විවාහයක් කරන්න කලින්, මනමාලිගෙ සහ මනමාලයාගෙ හඳහන් ගැලපෙනවාද නැද්ද කියලා බලන එක.බොහෝවිට මෙහෙම හදහන් ගලපා කරන්නෙ යෝජිත විවාහයන් වලදි තමයි.එහෙම විවාහ කෙරෙද්දි, මුලින්ම දෙන්නාගෙ හඳහන් ගැලපෙනවද බලලා, ඉන් පසුව තමයි මංගල්ලෙ කෙරෙනවද නැද්ද කියලා තීරණයකට එළඹෙන්නෙ දෙපාර්ශවයෙම කැමැත්ත මත.යෝජිත විවාහයන් නිසා එතන්දී ආදර සම්බන්ධයක තරම් බරපතල කමත් දැනෙන්නෙ නෑ.. හඳහන් ගැළපෙන්නෙ නැත්තම් බොහෝ විට විවාහය සිද්ධ වෙන්නෙ නෑ.


නමුත් හඳහන් ගැළපීම පිළිබඳව එතරම් තැකීමකට ලක් නොකරන පිරිසකුත් ඉන්නවනෙ.එහෙම අය හඳහන් විශ්වාස කරන්නෙ නෑ.. තමන්ගෙ කැමැත්තට විවාහය සිද්ධ කරනවා.එතනදිත් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. හඳහන් ගලපන්නෙත් නෑ.. බලන්නෙත් නෑ.තමන්ට තමන්ගෙ ආදරේ විශ්වාස නම් ඒ විශ්වාසය මත ජීවිතේ ගෙනියනවා.මම හිතන්නෙ එහෙම හිතන්න පුළුවන් නම්, ඔළුව නිදහස් කියලයි. මොකද හඳහන් ගළපන්න ගිහින්, එතනදි මොකක්හරි අසුබ දෙයක් කිව්වොත්, ඒ කාරණාව හිත ඇතුළෙ නිතරම පැසව පැසව තියෙද්දි, මහා මානසික වදයක් වෙනවා.


විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධයක් මගින් විවාහ වෙන්න ඉන්න අය හඳහන් ගැලපෙනවද කියලා බලන්න යන එක හරිම අවදානම් තත්වයක් විදියටයි මම දකින්නෙ.මොකද බැරිවෙලාවත්, ගැලපෙන්නෙ නැත්තම්, විවාහය කෙරෙන්න හොඳ නෑ කියලා කිව්වොත්, මොකද වෙන්නෙ?දෙන්නාම හදහන් විශ්වාස කරන, ගැළපෙන්නෙ නැත්තම් විවාහය කෙරෙන්නෙ නෑ කියලා ප්‍රේමය පැත්තකින් තියලා හඳහනට මූලිකත්වය දෙන විදියේ දෙන්නෙක්නම් ගැටළුවක් වෙන්නෙ නෑ.නමුත් එක්කෙන්ක් හරි එහෙම හඳහන් විශ්වාස කරන්නෙ නැත්තම්, ලොකු ගැටළුවක් ඇති වෙනවා.මොකද එතකොට හඳහනක් නිසා දෙදෙනාම ලොකු අපහසුතාවයකට පත්වෙනවා වගේම අසරණ වෙනවා.කාලයක් තිස්සෙ දාහක් හීන හිතේ පොදි බැඳගෙන පතාගෙන ආපු ආදරේ එක්ක ජිවිත කාලෙම ගෙවන්න හිතාගෙන උන්නත්, ඒ ආදරේට හඳහන් හරස් වුනාම ජීවිතේ ලොකුම ලොකු කඩා වැටීමක් විදියට දකින්න පුළුවන්.


සමහර විට දෙන්නාට දෙන්නා ආදරේ නිසාම හඳහන් නොගැලපුනත් විවාහය කෙරෙනවා, සම්බන්ධෙ දිගටම පවත්වනවා කියලා හිත හදාගත්තත්, දෙමව්පියන්ගෙ ඒ හා එකඟ නොවුනොත් තවත් ලොකු ප්‍රශ්නෙකට මැදි වෙනවා.දෙමව්පියන්ගෙ බලවත් අකමැත්ත, විරුද්ධත්වය මැද , හඳහන් නොගැළපෙද්දිත් විවාහ වෙන්න සමහර විට කෙනෙක් බය වෙන්න පුළුවන්. එතනදි බොහෝ ප්‍රේමවන්තයෝ හුගාක් අසරණ වෙනවා කියලා මම කිව්වෙ ඒකයි.


මම දන්න එක්තරා පුද්ගලයෙක් හිටියා. ඔහු හඳහන් නොගැලපීම නිසා අවුරුදු ගානක් (අවු.6ක් 7ක්)  ආදරේ කරපු ගෑණු ළමයා එක්ක විවාහ වෙන්න තැති ගැනීමකින් හිටියෙ.තීරණයක් ගත නොහැකිව වැනී වනී ඉන්න තත්වයකට පත් වෙලයි උන්නෙ.දෙමව්පිය අකමැත්තක් නොතිබුනත් ඒ සම්බන්ධව ඔහුට ඒ ගැන තිබුනේ දෙගිඩියාවක්. අවසානයේදි ඒ සම්බන්ධයත් නැවතුනා.ඔහු කිව්වෙ නම් ඒක සිද්ධ වුනේ හඳහන පදනම් වුනු හේතුවක් නිසා නෙවෙයි කියලයි.නමුත් ඔහු තදින්ම හඳහන විශ්වාස කළා.


තව මගේ යාළුවෙක් හිටියා.ගෑණු ළමයෙක්. එයාගෙ හඳහනේ හත්වෙනි කොටුවෙ තියන මොකක්ද ග්‍රහයෙක් නිසා, එයාට විවාහයක් කෙරෙද්දි අනිවාර්‍යෙන්ම හදහන ගැළපෙන්න ඕනෙ කියලා හඳහන බලපු කෙනෙක් කියලා තිබුනා.මේ නිසා මීට අවු 2කට විතර කලින් ඇතිකරගත්ත ප්‍රේම සම්බන්ධයක්දි,හඳහන් ගැලපෙනවද කියලා දෙමව්පියන්ගෙ මැදිහත් වීමෙන්ම බැලුවා. ඒ වෙලාවෙදි වාසනාවට දෙන්නාගෙ හඳහන් ගැලපුනා.නමුත් ඊට අවුරුද්දකට විතර පස්සෙ, මේ දෙන්නාගෙ සම්බන්ධෙ නැවතුනා. කිසිම සැළකිය යුතු හේතුවක් නැතිවම.පස්සෙ කාලෙකදි මම ඇගෙන ඇහුවාම ඇය කිව්වෙ ," එයයි මායි ගැළපෙන්නෙ නෑ.. නිතරම ප්‍රශ්න ඇති වුනා. ඉතින් එහෙම දුරදිග ගිහින් අන්තිමට අපි වෙන් වුනා" කියලයි. හඳහන් ගැලපුනත් දෙන්නාට දෙන්නා ගැන අවබෝධයක්, විශ්වාසයක්, සහයෝගයක්, ගෞරව කිරීමක්, අවංක භාවයක් නැත්තම් සම්බන්ධයක් පවතින්නෙ නෑ කියලයි මම නම් තරයේම විශ්වාස කරන්නෙ.


ඒ වගේම තවත් මගේ හොඳම යාළුවො දෙන්නෙක්ට මේ දවස් වල බරපතල ප්‍රශ්නයක් උත්ගත වෙලා තියෙනවා මේ හඳහන් ගැලපීම සම්බන්ධව. ඒකට හේතුව තමා ගෑණූ ළමයගේ අම්මා තදින්ම හඳහන් ගැලපීම විශ්වාස කරන නිසා,එයාගෙ හදහනට ගැලපෙන හඳහනක් නැතිව විවාහයක් කෙරෙන්නෙ නෑ කියන මතයේ සිටීම.මේ නිසා දෙන්නාගෙ සම්බන්ධෙට අම්මාගෙ විරුද්ධත්වය එල්ල වෙලා තියෙන්නෙ. ළගකදි හඳහන් බලපු අවස්ථාවෙ, දෙන්නාගෙ හඳහන් ගැළපෙන්නෙ නෑ කියලා , දැනගැනීමත් එක්ක මේ ගැටළුවට මූණදෙන්න සිද්ධ වුනා.ගෑණූ ළමයනම් කියන්නෙ දැන් කරන්න දෙයක් නෑ.ගැලපුනේ නැතත් සම්බන්ධෙ දිගටම කරගෙන යනවා. අම්මාව පස්සෙ කොහොම හරි කැමති කරගන්නවා කියලයි.පිරිමි ළමයට නම් මෙලෝ ගාණක් නෑ..එයා හඳහන් විශ්වාස කරන්නෙ නෑ..ඉතින් ප්‍රශ්නයක් නෑ..:D


අර මම කලින් කිව්ව අපේ ටැටූ නම් හඳහන් බැලුවෙ නෑ. දෙන්නාට දෙන්නා විශ්වාසයි. ඒ දෙන්නාට ඒ දෙන්නාගෙ ආදරේ තිබ්බාම ඇති කියලා කසාද බඳින්න වුනත් හඳහන් ගැලපෙනවද කියලා බැලුවෙ නෑ..ඒකත් ඇත්තටම හොඳයි නේද කියලා මට පස්සෙ හිතුනා.


ඇත්තටම කාලයක් තිස්සෙ ආදරේ කරලා,ආදරෙන් බැඳිලා ඉඳලා , කේන්දරේ ග්‍රහයෝ ටිකක් නිසා මෙහෙම ප්‍රශ්න ඇති වුනොත්, මොකද කරන්නෙ? ග්‍රහයොන්ට බය වෙලා ආදරේ අමතක කරනවද?? නැත්තම් ආදරේ වෙනුවෙන් ග්‍රහයෝ අමතක කරනවද??


ප්‍රශ්නාර්ථයක්???






ප.ලි - හිතූගෙ හඳහනෙත් ඔන්න මොකක්දෝ මන්දා, ශනි මංගල යෝගයද මොකක්ද කියලා යෝගයක් තියන නිසා හදහන් ගළපලා විවාහයක් කරන්න කියලා හිතූගෙ අම්මාට, උපදෙස් ලැබිලාලු. අනේ මංදා, හිතූ ත් ඩිංගක් හදහන් විශ්වාස කරනවා. හැබැයි ඔන්න මගේ ප්‍රමාදර්ශී, උත්තරීතර, අවංක ආදරේ හම්බවුනු දවසටනම් හිතූ ඔය ග්‍රහයෝ අල්ලලා දානවා හෆ්ෆා.. ග්‍රහයෝ වගේද ආදරේ...;) :D :p හික් හික් හික්!!!!!

Post Comment

45 comments:

  1. අනේ මං දන්නෙ නෑ..සමහර අම්මල තාත්තලත් දරුවන්ගෙ ජීවිත සදාකාලිකවම එයාලගෙ තෝරාගැනීම් වලටම යට වෙන්න ඕන කියල හිතන්නෙ ඇයි කියලා..ඔය කේන්දර බැලිල්ලත් ඒ වගේ එකක් කියලයි මටනං හිතෙන්නෙ... :(( හැබැයි අම්මල තාත්තලගෙ අකමැත්තක් නැතුවත් ඔව්ව කරපිට දාගෙන දුක් විඳින අයටනං කරන්ඩ දෙයක් නැත... :P

    ReplyDelete
  2. අනේ මන්දා...අම්මල තාත්තල ඔය වගේ සම්බන්ධ වලට කොහොමත් විරුද්ද වෙනවා මිසක් කවදාවත් උඩින්ම කැමති වෙන්නේ නෑ මන හිතන විදියට... එකේ එක පැත්තක් තමයි ඔය හඳහන් බැලිල්ලත්.. මං නම විශවාස කරන්නෙත් නෑ.මගේ ආදරේ ඔය දේ නිසා කීයටවත් නැති කරගන්නෙත් නෑ...

    ReplyDelete
  3. මම නම් හිතන්නේ දෙන්නෙක් එකිනෙකාව හොදින් තේරුම් අරගන අවබෝදයෙන් ආදරේ කරනවා නම් ඒ අයගේ හදහනුත් ගැලපෙනවා කියලා. හිතු ටත් ඔය ශනි මංගල යෝගෙට ගැලපෙන උත්තරීතර ආදරයක් තියන කොල්ලෙක්ගේ කරේ එල්ලෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. අද ගොඩක් දෙනෙක් අන්තිමේ මූණ දෙන ප්‍රශ්ණේ තමයි ඕක.. ගොඩක් දෙමවුපියෝ ඔවා ගැන බලනවා.. ඒකට එයාලට දොසක් කියන්න බෑ.. ඔය හදහන් කොහොම නොගැලපුනත් දෙන්නගේ අදහස් ගැලපෙන්න ඕන කියන එකයි මගේ අදහස.. හදහන් 100% ගැලපුන අයත් ටික කාලෙකින් වෙන් වෙනවා අපි දැකලා තියෙනවනේ..

    හිතු එදා මංගල යෝජනාව දැම්මා.. අද හදහනත් පොඩ්ඩක් දාලා.. මේ මොකද වෙන්නේ කියලා අපිටත් පොඩ්ඩක් කියනවද?? :D

    ReplyDelete
  5. හිතූ කසාද බඳින්නවත් යනවද මන්දා ?
    මම නම් නංගි ඔය හඳහන් විශ්වාස කරන්නේ නෑ. හඳහන් ගලපනවට වඩා ගලපවන්න කොයි තරම් නම් දේවල් තියෙනවද. අදහස් වගේ දේවල් තමයි අනිවාර්යෙන්ම ගලපන්න ඕනේ. එහෙම නැතුව ජීවත් වෙන්න බෑනේ.

    උපදිනකොට මැරෙද්දේ නැති කේන්දර ඉන්නකොට මොකටද කියලා මට තාම ප්‍රශ්නයක් !!!

    ReplyDelete
  6. මට නම් ඔවා මෙලො රහක් නෑ.. කෙල්ල හොද නම් එච්චරයි....

    ReplyDelete
  7. දෙන්නේක් ආදරේ කරන්ඩ අරං මහ කාලයක් යන්ඩ කලින් තෙරෙනව ඒ දෙන්නට එකට මේ ගමන යන්ඩ පුලුවන්ද කියල...අන්න එහේම සම්බන්ද තාවය හොඳින් ගොඩ නගාගත් දෙන්නේක් නම් කොහොමත් ඔය කෙන්දර ගැලපෙනව...ආයි වැඩිය කලබල වෙන්ඩ දෙයක් නැ..ඔක ලොක සොබාවේ

    ReplyDelete
  8. @මකුළු පැංචි - හ්ම්ම්ම්.. ඒකතමා අක්කෙ.. අනේ මංදා පදනමක්, හේතුවක් නැතිව කරදර ව්එන එකනම් අපරාදෙ..තමා


    @ගිනි කුරුල්ලා - නියමයි.. එහෙම එක තීරණේක ඉන්න එක ගොඩාක් හොදයි :) ජය වේවා!!!


    @අම්බලම - ඒකෙත් ඇත්තක් තියෙනවා..:)හික්ස්ස් ස්තූතියි හුගාක්... හිතූට එහෙම ගැළපෙන එක්කෙන්ක් හමුවුනොත් නියමයි එල්ලෙන්න..:D

    ReplyDelete
  9. අපේ ජීවිතෙ ගැන තීරණය කරන්න ග්‍රහයොන්ටම ඉඩ දෙන එක වැරදියි . ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියලා කතාවක් තියන නිසා . ඔය මොනාවත් ඕනෑවට වඩා විස්වාස කරන්න හොඳ නෑ .

    මම විස්වාස කරන්නේ අපි ඉපදෙන්නත් කලින් අපේ දෛවය ලියැවිලා තියන නිසා වෙන්න තියන දේ ඔලුවෙං හිටං උන්නත් වෙනවාය කියලයි !

    ReplyDelete
  10. @Dinesh අයියා- ම්ම්.. ඔව් අයියා.. 100%ක් ගැළපුනත් බෑ තමා..:) අදහස් වලින්, එකිනෙකාව තේරුම් අරන් ගැලපෙන්න ඕනෙනෙ..

    හෆ්ෆෝයි මට මේකෙ කිසිම සම්බන්ධයක් නෑ...:) කාලීන මාතෘකාවක් නිසා දැම්මෙ..:)

    @මධුරංග අයියා- හෆ්ෆේ නැතෝ!!!! හිතූ ගෙ හඳහනට අනුවම, හිතූ කසාද බඳින්නෙ අවු.27 දි ලූ..:D තාම 21යි නෙ..;) චුට්ටි කෙල්ල..

    ඔව් අයියා.. අදහස් වුනත් ගළපගන්න ඕනෙනෙ.. මොකද ගැළපෙන අය නෑනෙ..

    ReplyDelete
  11. වැඩේ වෙලා තියෙන්නෙ හදහන් ගැලපෙන්න හලි නොවෙන්න හිලි කෙල්ලෙක් ඉන්න එපැයි..මගුල කෝ..තවම එහෙම කෙනෙක් නෑනේ............:( ;"(

    ReplyDelete
  12. @ රහස් පරීක්ෂකයා- හික්ස්ස්... ඒක හොදයි.. එතකොට කරදර අඩුයි..

    ReplyDelete
  13. @Raj - හ්ම්ම්... ඔව් ඒකතමා සහෝ...(අයියෙක්ද මල්ලියෙක්ද දන්නෙ නැති නිසා එහෙම කියන්නෙ..) එහෙම වෙන්න ඇති..ඒකෙත් ඇත්තක් ඇති...:)


    @සඳරු අයියා- ඔව් ඇත්ත අයියේ.. ඕනෙම දෙයක් ඕනාවට වඩා ඕනෙම නෑ තමා. එහෙම විශ්වාස කරන්න ගියාම වැඩියෙන් ප්‍රශ්න ගොඩයිනෙ..

    දෛවය අනුව හැමදේම වෙනවා කියලා මාත් හිතන්වා..


    තරූගේ ලෝකය- හික්ස්ස්.... හිඳීවි කොතැනක හෝ..හිමිකාරඉයක් උපන් නුඹේ නමින්....
    ඉවසන්න අයියා.. ඉවසන්න... ඉවසීමෙන් සැනසීම ලැබෙනවලුනෙ...

    ReplyDelete
  14. හඳහන් ගැන නම් කතා කරන්නත් මම අකමැතියි. මගේ යාලුවෙක්ගෙ අවුරුදු 6ක ආදරේ නැති වුණේ ඔය හඳහන් බැලිල්ල නිසා. ගැලපුනේ නැති වුණාම කෙල්ලගේ ගෙදරින් එපා කිව්වා.

    දෙදෙනා අඳුරනවා නම් මානසික වශයෙන් ගැලපෙනවා නම් හඳහන් බලන්න ඕනා නෑ. ඔන්න ජීවිතේට දැකලා නැති කෙනෙක් බඳින්න යනවා නම් තව කමක් නෑ.

    ReplyDelete
  15. මටත් හිතෙන්නේ යෝජිත විවාහයකදි හඳහන් බැලුවට කමක් නෑ. යාලුවෙනවා කියන්නේ දෙන්නාගේ මොන යම් හරි ගැලපීමක් හින්දානේ. ඉතින් මොන කේන්දරද?

    පොඩ්ඩි නම් ඉතින් අල්ලගන්න ග්‍රහයට තමා වැඩියෙන් ආදරේ කරන්නේ. ඒ හන්දා අනෙක් ග්‍රහයෝ දිහා නිකමටවත් බලන්ට නම් ලෑස්ති නෑ.:D

    ReplyDelete
  16. 1981 ට පස්සේ ලොව දුටුවනම් මම අයියා කෙනේක්...1981 ට කලින් ලොව දුටුවනම් මම මල්ලියේක්....කොකද හරි......

    ReplyDelete
  17. " දෙයක් කරන්න තියෙන හොදම වෙලාව තමයි , ඒක කරන්න සුදුසුම වෙලාව..එහෙම නැතිව කොහෙවත් තියෙන තරු / ග්‍රහයොන් ට ඒක තීරණය කරන්න බැහැ.. "

    පාලි ගාථාව නම් මතක නැහැ..ඒ උනාට ධම්මපදයේ ඔය වගේ අදහසක් දෙන ගාථාවක් තියෙනවා..ඒකම තමයි ඉතින් දෙන්න තියෙන අදහස..

    දෙන්නගේ අදහස් ගැලපෙනවානම් අහක ඉන්න ග්‍රහයෝ මොනව කර්නන්ද..

    ප.ලි : අදහස් ගැලපෙනවද නැද්ද කියන එක හොයන එක තම තමන්ගේ වැඩක්.. ;) , කොහොමත් 100% ගලපන්න නම් බැහැ..

    ReplyDelete
  18. ඔය කෙප්පකතා අැත්ත උනානං ඔ්ව දන්න මිනිස්සු අද ලෝකෙ ඉන්න ඉහලම මිනිස්සු වෙන්න ඔ්න!

    ReplyDelete
  19. mangulakne akke.. man aadaraya karana kenek innava..ane davasaka oya prashne mathu vevida...
    meka kiyavala mata baya hithuna.

    ReplyDelete
  20. හික්.... ඔය ශනි මංගල යෝගෙට නම් බය වෙන්න එපා නංගියේ...ඕවගෙත් වයිවාරන දේවල් තියෙනවාලු..:)))

    ReplyDelete
  21. @නිසූ අක්කට උඩ අැනෝ

    පැනල උත්තර දුන්නට සොරි,
    ග්‍රහයංගෙන් නං කිසිම අපල උපද්‍රවයක් වෙන්නෙ නෑ ඔයාට. හැබැයි අාදරෙං නං සෑහෙන්න අපල උපද්‍රව වෙයි. එ්ව වලක්වගන්න පහත පූජාව කරන්න ඔ්න! එ්ව නොකර වෙන මොක කලත් වැඩක් නෑ.

    1. සහකරුවව තමන් හා සමප්‍රමුඛ කෙනෙක් ලෙස හිතා ගන්න ඔ්න. සහකරුව තමන්ට වඩා මට්ටමක් ඉහලයි හෝ පහලයි කියල හිතාගත්තොත් තාප්පෙට තමා කෙළවෙන්නෙ

    2. ඔබ පිරිමියෙක් නං, බැන්දට පස්සෙ මවුපියො එක්ක ජීවත් වෙන්න එපා. නමුත් මම කියන්නෙ නෑ අමතක කරල දාන්න කියල, අනිවාර්යෙන් දෙමාපියන්ට සලකන්න. නමුත් දෙමවුපියන්ට සහ වෙනත් අයට පවුල් ජීවිතේට අැඟිලි ගහන්න ඉඩදෙන්න එපා

    3. විවාහයට පෙර ඔබ හා සහකරු, ලිංගිකව සම්ප්‍රේශණය වන රෝග, ජානමය ගැටලු නිසා අැති වන රෝග අාදිය සම්බන්ධව පරීක්ෂා කරවාගන්න.

    4. කන්‍යාභවය, කන්‍යාපටලය අාදිය අමතක කර දමන්න. එ්වා පට්ටපල් බොරුය

    5. සහයෝගයෙන් ජීවත් වන්න. නිතර අනෙකාට උදව් කරන්න.

    ReplyDelete
  22. @තනි අලියා:
    පුහ් මෙයා දන්න දේවල්... :P (හැට්ස් ඕෆ් ෆො දැට් ස්ටේට්මන්ට් හොදේ... :D )

    ReplyDelete
  23. @විසිතුරු -ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඒකතමා.. හඳහන් නිසා හුගාක් වෙලාවට ලස්සන ආදර කතා අතරමග නැවතෙනවා..:(

    ඔව් ඇත්ත. දෙන්නට දෙන්න දන්නවනම් ඕනෙ නෑ..


    @Podi Kumarihami අක්කා- හ්ම්ම්.. ඔව්. මාත් එහෙම හිතන්වා. දෙන්නාගෙ මොකක්හරි ගැළපීමක් නිසානෙ එහෙම බැඳෙන්නෙ..

    හික්ස්ස්.. නියමයි පොඩ්ඩි අක්කෙ... එහෙම තමා ඉන්න ඕනෙ.. අල්ල ගත්ත ග්‍රහයා බොහොම බලගතුයි වගේ මට පේන හැටියටනම්...;)


    @Raj -අහ්හ්හ්.. හරි ඔයා අයියා කෙනෙක්.. එහෙනම් Raj අයියා කියන්නම්..:D

    ReplyDelete
  24. @ChammA - ඔව් අය්යා. ඕකනම් අහලා තියනවා මමත්..:) හරි!!! දෙන්නා අදහස් වලින්, ආදරෙන් ශක්තිමත් නම්, ග්‍රහයොත් පරාදයි...:)


    @තනි අලියා -ම්ම්ම්ම්ම්ම්ම් ඒකත් හරි මල්ලි...:D හැබැයි සමහර බලවත් උදවිය එහෙම තැනකට එන්න හඳහනුත් බලගතු වෙලා තිබිලා කියලා කතාවට කියනවනෙ..;)


    @Ano- ආදරේ විශ්වාසනම්, තමන්ගෙ හිත විශ්වාසනම්, බය වෙන්න එපා..මූණ දෙන්න බය නැතිව..:)

    ReplyDelete
  25. @නිසූපා අක්කි- ම්ම්ම්ම්ම්.. මම බය නෑ අක්කි.. මොකද මට හම්බෙන්නෙ ඔව්ව ඔක්කොමටම බය නැති ග්‍රහයෙක්නෙ..;) හික්ස්ස්

    ReplyDelete
  26. අනේ මන්දා හදහන් ගැලපුනත් නොගැලපුනත් අම්මා කැමති කෙනෙක් තමයි මම කවද හරි බදින්නේ

    ReplyDelete
  27. මාර සිද්දිය,, මටම ලියපු ලිපියක් වගේ,, ඔන්න ඉතින් වර්ණා ටත් ඔහොම දෙයක් උනා,, එක වර්නාගේ හොදටද නොහොදටද දන්නේ නැහැ, ඒ උනත් වර්ණා මෙලෝ හසරක් නැති කව්රුත් කියන දෙයක් නාහන, පිස්සියෙක් උනේ අන්න ඒ සිදුවීම නිසයි, මම කතෝලික උණු නිසාවෙන් අපි නම් හදහන් බලන්නෙත් නැහැ හදහන් විශ්වාස කරන්නෙත් නැහැ, කොටින්ම කියුවොත් වර්නාට උපන් වෙලාවකුත් නැහැ, එත වර්ණා ගේ ආදරවන්තයාගේ ගෙදරින් නම් හදහන් තදබල ලෙස විශ්වාස කරනවා,අවූරුදු 3 ක ප්‍රේමය ඔන්න හදහනක්‌ නිසා නැවතුනා, මගේ ප්රෙමවන්තයට අම්මා ගේ පිටින් යන්න බැරි උනා, මොකද එතුමිය මැරෙනවා කියුවනේ හෆ්ෆා.. ඉතින් පුතෙක් කොහොමද අම්මා ව මරාගෙන කසාදයක් කොරගන්නෙ, ඉතින් ඔන්න දෙන්නා වෙන උනාය කියමුකෝ. දැන් ඉතින් මගේ ආදරවන්තයා ඔන්න ලගදි දවසක කසාද බදින්නලු යන්නේ, එයාගෙම නෑනව. මන ඉතින් ඇහුවා හදහන් ගැලපුනාද කියලා, මම දන්නේ නැහැයි කියුවා හිකිස්‌, තරහක් නම මෙලෝ හිතක නැහැ, මොකද අපි දෙන්නා ආදරේ කලේ බොරුවට නෙමෙයිනේ, එත ඉතින් මම පිස්සෙක් උනා, එච්චරයි උනේ,, අනේ කමක් නැහැ මම පිස්සෙක් වෙලා හරි එතුමා හොදින් ජීවත් වෙනවා නම්, හ්ම්ම්ම්ම්.

    ReplyDelete
  28. ප.ලි.- අපේ හදහන ගලපන්න වර්ණා , ඉපදුන රෝහලට ගිහින් වෙලාවත් අරගත්තා, එත ඉතින් ගැලපුනේ නැහැ නොවැ. දැන් ඉතින් වර්නාට එයාගේ කේන්දරේ බලාගන්න ඕනා වෙලා.. දන්නා කියන කෙනෙක් ඉන්නවනම් මට උදව කරන්න හොදේ,, ටටා

    ReplyDelete
  29. විස්වාස කරන නොකරන එක ඉතින් එක එක මිනිස්සුන්ගේ කැමැත්තනේ
    හැබැයි මේවා නිසා ආදරයක් බිඳිලා යන එකනම් අපරාදයක්
    එහෙම වෙනවා කියන්නේ ඒ ආදරයේ කොහේ හරි අඩුවක් තිබිල තියෙනවා කියල මට හිතෙනවා
    ඒ කියන්නේ එක පාර්ශවයක් හෝ අවංක නැහැ කියන එක
    නමුත් දෙමව්පියෝ කරන බලපෑම් නිසා ආදරයක් බිඳිලා යන එකනම් ලොකු අපරාධයක්
    දෙන්නට දෙන්න ඇත්තටම ආදරේ කලානම් දෙමව්පිය ප්‍රශ්න විසඳ ගන්න එකත මහලොකු දෙයක් නෙමෙයි කියල මට හිතෙනවා

    @ වර්ණා
    හරි දුකයි නගේ ඔයාගේ සිද්ධියට

    කේන්දර බලාගන්න මාරතුමා අමතන්න

    ReplyDelete
  30. ජෝතීෂ්‍ය ශ්‍රාත්‍රය වැරදී කියලා මම කියන්නෙ නැහැ.. හැබැයි මම කේන්දරනම් විශ්වාස කරන්නෙ නැහැ.. නංගියෝ.. ආදරයෙදි කෙනෙක්ගෙ හිත හයියනම්.., කෙලින් තීරණ ගන්නවනම්.. ග්‍රහයො කොයි අතට කැරකුණත් ඒ ග්‍රහයන්ට අපි අසුභ ග්‍රහයෙක් වෙන්න පුළුවන්වෙන්න ඕනි..

    ශිහාන්ගෙ "හතර කේන්දරේ" සිංදුව මතක් වුණා මේ පෝස්ට් එක දැකලා..

    {හිතූ මේ දවස් වල කේන්දර ස්ටඩි කරනවා වගෙයි.. අපිට කේක්වත් දෙන්න හිතිලද නංගියෝ.. :මම මුකුත් කිව්වෙ නෑ ඕන් :D :

    ReplyDelete
  31. ජෝ්‍යතීෂ බොරු කියන්නමත් බෑ. ඒත් මමත් හිතන්නේ ආදරය, විශ්වාසය ඊට වඩා ගොඩක් බලවත් කියලා. ග්‍රහයින් ට කරන්න බැරි ගොඩක් දේවල් මිනිස් සිත ට උත්සහයෙන් ළඟා කරගන්න පුළුවන්........

    ReplyDelete
  32. මොනා කරන්නද ලොකු අයියා.. අර නළලේ කොටලා තියන කෙනා එනකම් මම බලාන ඉන්නවා.. එපමණයි ඉතින් .

    ReplyDelete
  33. ඔය මාතෘකාව හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ.... ඕව විශ්වාස කරන අයට ඕව හරිය කියන්න උදාහරණ ඕනේ තරම් තියෙනවා. ඒ වගේම විශ්වාස නොකරන අයටත් ඕනේ තරම් උදාහරණ තියෙනවා. මන්ද.. මගේනම් ඒ හැටි පැහැදීමක් නෑ ඔය ගැන.. (ඇත්තටම හිතු අක්කි මොකෝ මේ ආ???? :P :))

    ReplyDelete
  34. @බට්ටි- හ්ම්ම්ම්.... හොඳ ළමයා.. දෙමව්පියන්ගෙ හිත රිද්දලා නම් සතුටින් ඉන්න අමාරුයි තමා..:(


    @වර්ණා - හරිම දුකයි..:( ඔහොම ලස්සනට ආදරේ කරන් ආපු හුගාක් ආදරවන්තයන්ට මේ හඳහනේ ග්‍රහ්යොන්ට බයේ වෙන් වෙන්න වෙලා තියන්වා..:( දුකයි ඒක. මොනා වුනත් ඒ අම්මාත් අසාධාරන වැඩියි..:( දරුවන්ගෙ සතුට ළග ඔයිට වඩා සංවේදී වෙන්න තිබුණා.
    කොහොමත් අම්මෙක්ගෙ හිතට ගින්නක් දෙන්න, අම්මා කෙන්ක්ගෙ ජීවිතේක වටිනාකමට සමාන කරන්න බෑනෙ වෙන කිසි දේකට..
    ඔයා දුක් වෙන්න එපා. හොඳම අය ජීවිතේට එන්නෙ ටිකක් පරක්කු වෙලාලු..බලන් ඉමු.
    හඳහන හදාගන්න නම් බුකියෙ මරු ඇප්ලිකේෂන් එකක් තිබුනා. ඒක හරියට හරි..බුකියෙන් වෙලාවක එවන්නම්..

    ReplyDelete
  35. @ ලොකු පුතා- ම්ඔයාගෙ කතාව හරියට හරි.. මොන ප්‍රශ්නෙ ආවත් ආදරේ අවංකයි, ශක්තිමත්නම්, හැමදේම ජය ගෙන, හැමෝගෙම ආශ්‍ර්වාද මැද වුනත් එකතුවෙන්න බැරි නෑ...


    @නන්දු අක්කි-හ්ම්ම්... ඇත්ත අක්කෙ.. ඔයා කියන දේ හරි..ආදරේ හැම ග්‍රහයෙක්ටම වඩා බලවත් වෙන්න ඕනෙ..:D අහ්හ්..
    ශිහාන් මගේ ආසම ගායකයෙක්නෙ..හැන්ඩි කොල්ලා <3 සිංදුවත් මරු..;)
    හෆ්ෆෝයි!!! මොන කේක්ද අක්කියෝ...හිතූ තාමත් තනිකඩ කෙලි පොඩ්ඩ..:D

    ReplyDelete
  36. @මහි - හරියට හරි!!! එකගයි..හිත ඇත්නම් මොනාද කරන්න බැරි?? නේද??:)

    @Ice නගා- ඔව් නගා, ඒකත් ඇත්තනෙ. කොයි දේත් එහෙමයි හැබැයි..තමන්ට හොදනම් හොදයි. නැත්තම් නෑ... :D

    අනේ මම මේ මේ දව්ස්වල කතා බහ කෙරුනු දෙයක් නිසා ලිව්වෙ, තාම හිතූට ඔහොම ගැටළුවක් නෑ.. මොකද හිතූට තාම සිකුරා ලැබුවෙ නෑනෙ..:D

    ReplyDelete
  37. මගේ යාළුවෙක්ගේ විවාහෙටත් මේ හඳහන් සීන් එකක් ඇවිල්ලා නවතින්න ගියේ..පස්සෙ අපි දෙන්නා හඳහන් දෙක ගැලපෙන විදියට වෙනස් කරා ඒවා කරන තැනකට කියලා..අම්මලගේ හිත් සතු‍ටුයි..දැන් ඉන්නව එළට..දරු මල්ලො එක්ක...

    ReplyDelete
  38. සෙනසුරා ගැන හැමෝම කතා කරපු පසුගිය කාලය හමාරය. ඒ කලේ බලපු රෑපවාහිනී වැඩසටහනක් සෑමාට මතකය. නාසා ආයතනයේ සේවය කරන ලාංකීව තාරකා විද්‍යාඥයෙක් කීවේ චන්ද්‍රයාගෙන් පෘථිවියට බලපෑම 1/10000 බවයි. ඔහුගේ තර්කය වුයේ චන්ද්‍රයාට වඩා ඉතා දුර සිටින සෙනසුරාගේ බලපෑම කොපමනද කියාය..

    ReplyDelete
  39. @ඔබ නොදු‍ටු ලොවක්..... -හික්ස්ස්... හොර වැඩක් වුනත් කවුරු කවුරුත් සතුටින් ඉන්න කරපු දෙයක්නම් හොදයිනෙ..:D සත්ටුයි!!! ජය වේවා!!


    @sAm (සෑම්)-ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඔව් සහෝ ඕවායෙ බලපෑමක් නැතුවත් ඇති..

    ReplyDelete
  40. හඳහන බලනවට වඩා ගොඩාක් හොඳයි දෙන්නගෙම බ්ලඩ් ටෙස්ට් එකක් කර ගන්න එක දරුවො ගැනත් හිතල.......

    ReplyDelete
  41. හතර කේන්දරේ පාලුයි කියලා නුබ ලගදී
    දැනුනේ නෑ මට නම් පාළු
    ග්‍රහයෝ නැතුවාලු නුබගේ නිසි පරිදි
    මටන0 නෑ ඔබේ අඩුපාඩු

    මේ දුරු ගමනේ මගේ දෑතේ වේලිලා
    භවයේ සැරිසරා එක්වෙලා
    පෙම් දිවි සටනේ නොයමි පැරදිලා
    මා නුබ ගත්තෙමි දිවුරා

    දුර අහසේ තාරකා ඇයිදෝ නුබව තනි කරලා//
    මල් වැල් ගොතා ඔබෙ දෙවුරේ හොවා
    ‍රැක ගන්නේ මගේ ප්‍රානයෙන්
    ග්‍රහදොස් මකා මා ප්‍රෙමයෙන් දොවා
    නුබ එන්නේ සදා මා ලගින්

    හතර කෙන්දරෙ...

    පින්පෙත් පුරනා සදනා ලෝකයක්
    දැක්කා නුබගේ දෑසේ මා
    එක්වි ගෙවන හැම මොහොතක් පාසා
    නුබගේ තුරුලේ හිදිමී මා..

    ReplyDelete
  42. @වින්චැට්කිරිල්ලි. -ඒකනම් ඇත්ත තමා..:)

    @sihina -:D මම ආසයි ඒ සිංදුවට

    ReplyDelete
  43. lassanata wede karala tiyenawa....good luck yalu...

    ReplyDelete
  44. මම නම් කියන්නේ ආදරය කරලා බඳින්න යනවා නම් කේන්දර නොබලා බඳින්න එක හොඳයි. මොකද අවාසනාවකට කේන්දර නොගැලපුනා කියලා අවුරුදු ගානක් ආදරය කරපු කෙනාව නොබැඳ ඉන්නත් බැනේ.

    ReplyDelete
  45. මගේ කේන්දරේ අඟහරු 7.මං යාලු වෙලා ඉන්න අයියගෙ කේන්දරේ එහෙම නෑලු.අයිය නම් කියනවා කේන්දර නොගැලපුනත් බඳිමුලු.ඒ වුනාට මං හින්ද එයාට කරදරයක් වුනොත්.නොගැලපුනා කියලා අපිට වෙන් වෙන්නත් බෑ.අනේ මට උදවු කරන්න.ඇත්තටම මේ කියන දේවල් වෙනවද.එහෙම වෙච්ච අය ඉන්නවද.මං ගොඩක් විදවනවා මේක නිසා.කේන්දර බලවන්නත් හිතෙන්නෙ නෑ.නොගැලපෙයි කියලා.plz help me

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....